Chapter 1: i ♡

LOVE HATE 🖇️ (Sinhala Bl )Words: 23524

"ආදරය යනු පරිපූර්ණ අවස්ථා නොව,

අසම්පූර්ණය තුළ පරිපූර්ණ බව

සොයාගෙන, බිඳී යන සුළඟේ පවා

රැඳී සිටීමයි."

♡

-----------------------------------------------------------

හෝන් සද්ද වලින් නිමක් නැති වාහන තද බදය අතරින් වේගයෙන් ඇදුන යතුරුපැදියේ ගමනාන්තය උනේ කොලඹ පොලිස් මූලස්ථානය.

පොලිස් මූලස්ථානය ඉදිරිපිට නැවැත්තුව යතුරුපැදියේ ඉදගෙනම තමන්ගේ හිස් ආවරණය ගලවූ අවුරුදු 25 ක් වෙන ඒ අහංකාර කඩවසම් චරිතය පොලිස් මූලස්ථානයේ හිටිය කිසිම කෙනෙක්ට ආගන්තුක චරිතයක් නෙවේ.

නොවරදවාම කටේ තියන ලොලිපොප් එකයි ඇස් දෙකේ තිබුන අව්කණ්ණාඩියයි එක්ක තේමියට තිබුනේ වෙන් කරන්න බැරි බැදීමක්. detective කෙනෙක් උන තේමියට පොලීසිය ඇතුලෙ වගේම DIG භාතියගෙනුත් පිලිගැනීමක් තිබුනේ තේමියට තිබුන දක්ශතාවය නිසාමයි. අනිත් Detectives ලට නැති තියුනු ඇසක් වගේම හොද පරිකල්පන ශක්තියක් තේමියට තිබුනා. හිස් ආවරණයට අවුල් වුන කොන්ඩය අතින් හද හද DIG කාර්‍යාලයට යන්න හැදුව තේමිය නැවතුනේ තමන්ගේ අති ජාත මිත්‍රයෙක් වෙන මිහිරාන් ලග.

" හායිම් බොසා.

" අඩෝ තේමිය උබව දැක්ක කල්.

" පලයං පලයං අපි ගිය සතියෙත් හම්බුනේ.

" හම්බුනා හම්බුනා. අන්න උබට තව කේස් එකක් වැටෙන්න යන්නේ.

" ඒ මොකෝ.

" උබ එදා ඇත්ත වමාරවන්න කියලා උන්ට ගැහුවා ගැහුවමයි උන් තාමත් hospital .

" දැන් ඒකටද ලොක්කා එන්න කිව්වේ.

" ඒකනම් පුතෝ මම දන්නෑ. ගිහිල්ලම බලහන්

ලොක්කා මේ දවස් ටිකේම හිටියෙ ඔලුව ගිනි අරන්.

" හරි මචං මේ මං ගියා.

" අඩෝ ඔය සූප්පුව විසිකරලා යමන් කීපාරක්නම් කියන්නද.

" ආ ඩාම් උනා

තේමිය හිමීට කටේ තිබුන ලොලි පොප් එක එතන කුනුකූඩයට දාලා DIG කාර්‍යාලයට ඇවිදගෙන ගියා.

ඇත්තටම මේ යකා මට එන්න කිව්වේ ඒ සීන් එකටද. එහෙනම් පුතෝ මේ පාරක් කන් පිරෙන්න දේශන අහගන්න පුළුවන්.

තේමිය DIG කාර්‍යාලයට ගියාම මුලින්ම දැක්කේ මීතොටමුල්ල කුනුකන්ද වගේ කඩාගෙන වැටෙන්න ඔන්න මෙන්න තියන ෆයිල් කන්දකින් පිරුන DIG භාතියගෙ කාර්‍යාල මේසය.

" තේමිය

තේමිය DIG භාතියට ආචාර කරලා ඒ මේසෙ ලගට ඇවිදගෙන ආවා.

" භාතිය sir

" අහ් තේමිය හොද වෙලාවට ඉක්මනට ආවෙ. මේ අලුත් කේස් එක නිසා මගෙ ඔලුව ගිනි අරන් ඉන්නේ.

" අලුත් කේස් එක ?

" භානුක සිංහවංශ

පෙරේදා උදේ මිනිහගෙ dead body එක මිනිහගෙ නුවරඑළිය විල්ලා එකේදි හම්බෙලා තියෙනවා.

" අර jewellery shop එකේ අයිතිකාරයා නේද.

ඒත් මේ ගැන news වලට ගියේ නෑනෙ ?

" මෑන්ගෙ වයිෆ් මේක පිටට යනවට කැමති නැහැ. ඒ නිසා සල්ලි වලින් කොහොමහරි නිව්ස් එක පිටට යන එක යටගහලා. මේ තියෙන්නේ මෑන්ගෙ ෆයිල් එක.

භාතිය තමන්ගෙ මේසෙ උඩ තිබුන නිල්පාට ලොකු ෆයිල් එක තේමියගෙ අතට දෙන ගමන් කිව්වා.

" තේමිය

" ඔව් sir

" ඔයාට තමා මේක handle කරන්න වෙන්නේ.

" හරි sir මම හෙටම නුවරඑළියේ යන්නම්

" පොඩ්ඩක් ඉන්න මම තාම කියලා ඉවර නැහැ. මේකට තේමියට partner කෙනෙක් හම්බෙනවා. මිනිහත් තේමිය වගේ නියම් බුලට් එකක්.

අහ් ඔය කියනකොටම එන්නේ.

ඒ කියද්දී තේමියගෙ ඇස් යාවුනේ කාර්‍යාලයේ දොර ලගට. තනි කලු ඇදුමින් සැරසිලා හිටිය ඒ කඩවසම් රූපයට තේමියට නොදෙවනි අහංකාර පෙනුමක් තිබුනා. ඒ මූන තේමිය දැක්ක ගමන් අදුරගත්තේ පුහුනුවීම් කාලයේ ඉදන්ම තමන්ට ඒ කෙනෙත් එක්ක තිබුන නයි වෛරය නිසා.

" අභිශේක් විජේරත්න

" sir

අභිශේක් DIG භාතියට ආචාර කරලා ඊලගට තමන්ගෙ අවධානය යොමු කරේ තමන්ව භූතයෙක් ගානට සලකලා අර ෆයිල් එක දිහා බලන් ඉන්න තේමිය දිහාවට. තප්පරයක් යන්නත් කලින් අභිශේක් ඒ කෙනාව අදුරගත්තම අභිශේක්ට කටකොනෙන් හිනාවක් ඇදුනා.

" තේමිය මේ අභිශේක්. මේ කේස් එක ඉවර වෙනකම් ඔයාලා partners ලා.

" sir ? මේ කේස් එක මට තනියන handle කරන්න පුළුවන්.

තේමිය ඒ ප්‍රශ්නය භාතියට ඉදිරිපත් කරේ එයාට කොහෙත්ම අභිශේක් එක්ක එකට වැඩ කරන්න ඕනෙ නැති නිසා.

" මේක තනිකෙනෙක්ට handle කරන්න ලේසි නැහැ තේමිය. අනිත් එක මේ ගැන එක වචනයක් පොලිසියෙන් පිට එලියට යන්න බැහැ. මේකට හරියන්නෙම ඔය දෙන්නා.

" ok sir.

" අභිශේක් මේ තියෙන්නේ මේ කේස් එකේ අනිත් ෆයිල් එක .

" sir ඇයි මේක ෆයිල් දෙකකට කඩලා තියෙන්නේ.

" ඒක එහෙම වෙන්න ඕන නිසා. දැන් දෙන්නටම යන්න පුළුවන්. හෙට පාන්දර පහ වෙද්දී දෙන්නම office එක ලගට එන්න. ඔයාලා හෙට උදේ 10.00 වෙද්දී නුවරඑළිය පොලීසියට වාර්තා කරන්න ඕනා.

භාතිය මේක ෆයිල් දෙකකට වෙන් කරලා ඒ දෙන්නා අතට දුන්නේ තේමිය ගැනත් තේමියගෙ මුරන්ඩුකම ගැනත් හොදටම දන්න නිසා.

" ok sir.

තේමිය , අභිශේක් දෙන්නම DIG භාතියට ආචාර කරලා DIG කාර්‍යාලයෙන් එලියට ආවත් දෙන්නට දෙන්නා මූනවත් බැලුවෙ නැහැ. සාක්කුවේ තිබුන තමන්ගේ යතුරුපැදියේ යතුරත් තමන්ගෙ අතට අරන් එහාපැත්තෙන් එන අභිශේක්ට එක තප්පරයකටවත් අවධානය නොදී එලියට ආව තේමිය තමන්ගේ යතුරුපැදිය පන ගන්වන් විදුලි වේගයෙන් පොලිස් මූලස්ථනයෙන් එලියට ගියේ අභිශේක් පොලිස් මූලස්ථානයේ රැදෙද්දිමයි.

දවල් 1.30 ට ගිනි අව්වේ වාහන තද බදය ඇතුලෙන් උනත් තමන්ගෙ බයික් එක වේගෙන් අරන් ගියේ පුහුණු කාලයේ තමන්ට උන ලැජ්ජ සහගත සිදුවීම් එකින් එක මතක් උන එකෙන් පන ගැන්වුන තමන්ගෙ ආවේගය නිසා.

විනාඩි 15 කට පස්සේ තේමිය තමන්ගේ ගෙදරට ආවේ අව්වට හෙම්බත් වෙලා. ඒත් එක්කම තේමියගෙ අම්මා ගෙදරින් එලියට ආවේ තේමියගේ යතුරුපැදියේ හෝන් හඩටයි. ගේට්ටුව ඇරලා තේමියට ඇතුලට එන්න ඉඩ දුන්න තේමියගෙ අම්මා සැරසුනේ ප්‍රශ්න පත්තරයකටම මුල පුරන්න.

" චූටි පුතා.

" අම්මා.

" කොහෙද දරුවො කියන්නෙවත් නැතුව ගියේ.

" headquarters අම්මා. මට හෙට නුවරඑළියෙ යන්න වෙනවා.

" දෙවියනේ මේ හදිස්සියේ.

" ඔව් අම්මා. මේ ඔයා උයලා ඉවරද ? දැන්නම් යකෙක් කන්න බඩගිනී අනේ.

" ඔව් ඔව් ගිහින් ඇග පත හෝදන් එන්න. මම බත් බෙදලා තියන්නම්.

තේමියගෙ අම්මා ආයෙත් ගේ ඇතුලට යද්දී තේමිය එයාගෙ හෙල්මට් එකයි ෆයිල් එකයි අරන් ගේ ඇතුලට ආවා.

තමන්ගෙ කාමරේට ගිය තේමිය මෙච්චර වෙලා හිර කරන් හිටිය ඇදුම් සේරම ගලවලා නානකමරේට ගියේ ශවර් එකේ සරන පතාගෙන.

නාලා ඉවර වෙලා ගෙදරට අදින ශෝටයි ටී ශර්ට් එකයි ඇදගෙන තමන්ගෙ අක්කා උන නතාශගෙ කාමරේට ගියා.

" අද මොකටද විදින්නේ...

මේකි දවසින් දවස ක්‍රීම් මාරු කරනවනෙ යකූ.. ගිනි ගනන් දීලා මේවා ගාන අක්කට වඩා හොරෙන් උස්සලා ගාන මම ඉන්නවනෙ ලස්සනට.

තේමිය තමන්ටම කියාගන්න ගමන් එතන තිබුන body lotion එකෙන් ටිකක් අරගෙන අත් දෙකේ ගාගෙන ඒ ලගම තිබුන කහ පාට face cream එක අතට ගත්තා.

" මේක ගෑවම සුදුවෙයිද දන්නෑනේ.

"අම්මේ.

" අප්පටසිරි අර යස්සනී ඇවිත්. මම මේවා ගානවා අහුවුනොත් මාව හමගහයි.

තේමිය ඉක්මනට ඒ cream එකෙනුත් තලියක් අරන් මූනේ උලාගෙන මුකුත් දන්නැති ගානට පහලට ආවා.

" අම්මේ කෝ මගෙ බත් එක..

" ආ මෙන්න. ඈ මේ මොකද.

තේමියගෙ අක්කා තේමිය දිහා බල බල බඩත් අල්ලන් හොදටම හිනාවෙන්න ගත්තා.

" අනේ බූරු පැටියා.

" මොකද යකූ හිනාවෙන්නේ අමු කැවිලද.

" අම්මේ මේ ඔයාගෙ චූටි පුතා.

තේමියගෙ අක්කා හිනාවෙවී කෑ ගහන සද්දෙට තේමියගෙ අම්මත් කුස්සියේ ඉදන් එලියට ආවා

" මොකද දරුවො මේ කෑ ගහන්නේ.

" අම්මගෙ චූටි පුතා චන්දනාලේප ගාලා.

" චූටි පුතා ඔය මූනට මොකද උනේ.

" ඈ ඇයි.

තේමිය ඉක්මනට තමන්ගෙ දුරකතනයේ කැමරාවෙන් තමන්ගෙ මූන බැලුවම එයාට දකින්න හම්බුනේ අපායට ගැහුව කැලැන්ඩරේ වගෙ තියන තමන්ගෙම කහපාට මූන. හැරෙන තැපෑලෙන් උඩට දිව්ව තේමිය නැවතුනේ නානකාමරේ සින්ක් එක ගාව.

ඒත් තේමියගෙ අක්කා බඩත් අල්ලන් පහලට වෙලා හිනාවෙන සද්දේ තේමියට තාමත් ඇහුනා.

" shit !!!!! හොද වැඩේ නොදන්න මගුල් ගාන්න යනවට. ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ.

මූනත් හෝදන් පහලට ආව තේමිය කෑම මේසෙට ගියත් එයාගෙ අක්කා තාමත් හිනාවෙනවා.

" අහ් ලලනාව ආවද කහවතුරෙන් නාලා.

කෝ බලන්න සුදු වෙලාද කියලා.

" අනෙ මේ.

" පුහුල් හොරා කරෙන් දැනේ කියන්නේ ඕකට තමා. මම ඒත් බැලුවා මම ගේන ගේන cream එක කොහොමද මෙච්චර ඉක්මනට ඉවර වෙන්නේ කියලා .

" හැව් හැව් තමා බලනවකො ඔහේට වඩා මම ඉන්නවනෙ ලස්සනට.

" ලමයි දැන් කන්න. චූටි පුතානම් ගෙදර ආවෙම බඩගිනී ගාගෙන.

තේමියගෙ අම්මා ව්‍යංජන බෙදුව භාජන කෑම මේසෙන් තියන ගමන් කිව්වා.

" ඔව් ඉතින් මේකගෙ බඩේ හිගන්නෙක්ගෙ.

" ඔව් ඉතින් අපිට ඔය වතුර බිව්වත් කිලෝ ගනන් වැඩි වෙන සීන් එකක් නෑනේ.

" මම කියන්නෑ බූරු පැටියා.

එයාලා හැමෝම කෑම කකා ඉද්දී තේමියගෙ අම්මා නුවරඑලිය ගමන ගැන මතක් කරා.

" පුතා හෙට කීයටද යන්නේ.

" භාතිය sir පාන්දර 5.00 වෙද්දි headquarters එන්න කිව්වා.

" ඒ මොකද මල්ලි එක පාරට නුවරඑළියෙ යන්නෙ.

" පොඩි කේස් එකක් අක්කේ.

" ඔව් ඉතින් ඕවා කොහොමත් අපිට කියන්නේ නෑනේ.

" පුතා කවද්ද එන්නේ.

" එන දවසක් කියන්න බෑ අම්මා.

" මල්ලි තමුසෙ විතරද යන්නේ.

තේමියට ඒ කියද්දි මතක් උනේ දවල් එයාට හම්බුන අභිශේක් ව.

" නෑ.

" මොකද බං නිකම් දාහට අරන් සීයට දීලා වගේ.

" මුකුත් නෑ මම යනවා ඇදුම් පැක් කරන්නත් ඕනා.

" ඒ මල්ලි කාලා ඉවරද.

මොනාවෙලාද ඒ ගමන.

නතාශට උත්තරයක් නොදී තේමිය අත් හෝදන් එයාගෙ කාමරේට ආවේ එයාට කොහෙත්ම ඒ ගැන දැන් කත කරන්න උවමනාවක් නැහැ. මේසෙ උඩ තිබුන ෆයිල් එකත් අරන් ඇද උඩට ආව තේමිය මුල ඉදන් ඒ ෆයිල් එක study කරන්න ගත්තා.

තප්පරෙන් තප්පරේ වෙලාව ගෙවෙද්දී තේමියට නොදැනිම වෙලාව 9.00 වෙලා තිබුනා. ඒත් තේමිය තාමත් හිටියේ ඒ ෆයිල් එක ඇතුලෙ ඔලුව ඔබාගෙන.

" චූටි පුතා ඔයා ඇදුම් අස් කරගත්තද.

" තාම නෑ අම්මා, වෙලාව !!

9.00 ද වෙලාව.

" ඔව් චූටි පුතා. බෑග් එක අස් කරලා පහලට එන්න කෑම කන්න. තාත්තත් ආවා.

" හරි අම්මා.

තේමිය බෑග් එකට එයාගෙ ඇදුම් වගේකුයි අවශ්‍ය කරන අනිත් දේවලුයි දාගෙන එයාගෙ private bag එකට එයාගෙ guns , bullets වගේම කේස් එකේ ෆයිල් එකත් දාගත්තා.

තේමිය ඔක්කොම ලෑස්ති කරලා ආවේ එයාගෙ අක්කගෙ කාමරේට ගියා.

" ඒ සුදූ මේ.

" මොකෝ

" මේ මට ඔයාගෙ ඉවතදාන body lotion එකක් දෙන්න බැරිද. නැත්තම් මගෙ මේ සුසිනිදු හම අර නුවර එලියෙ සීතලට වේලෙයි.

" අහ් ලලනාවට body lotion ඕන වෙලාද.

" දෙනවකො එකක්.

" ආ මේක ගන්නවා.

නතාශා එයාගෙ කන්නාඩි මේසෙ උඩ තිබුන vaseline body lotion එක තේමියගෙ අතට දුන්නම තේමිය දත් සෙට් එකම පෙන්නලා ඒක අතට ගත්තා.

" ආ මේකත්

" මේ මොකක්ද.

" lip balm එකක්.

" තෑම්ස් අනේ මැරිලත් පැයක් ආදරෙයි.

" හා හා මේ පරිස්සමට ගිහින් එනවකො. තමුසෙ ගෙදර එනකම් අපේ බඩවල්වල බිත්තර තැම්බෙනවා.

" හා හා මං එන්කම් ඔය තම්බපු බිත්තර ටිකත් තියන් ඉන්නකො. මම යනවා මේ ටික දාගන්න.

තේමිය බෑග් එකට අක්කගෙන් ගත්ත body lotion එකයි lip balmඑකයි දාගෙන අක්කත් එක්ක පහලට ආවා. නතාශා කුස්සියට ගියාම තේමිය සාලෙ tv එක දාගෙන හිටිය තාත්තා ලගින් වාඩි උනා.

" අහ් ඉලන්දාරියා හෙට CID එකේ කට්ටිය එකතු වෙලා trip එකක්වත් යනවද.

" trip නම් බැරිඈ තාත්තේ. මේ වෙන කේස් එකක්නෙ.

" පුතා කවද්ද ආයෙ එන්නේ.

" දවසක් කියන්න බෑ තාත්තේ ටිකක් විතර දිගට ඇදෙයි වගේ.

තාත්තෙ මේ

" කියන්න චූටි පුතා.

" තාත්තා භානුක සිංහවංශ ව දන්නවද.

" භානුක සිංහවංශ ...

අහ් මම මොකෝ නොදන්නේ.

මිනිහා ලේසි පහසු කෙනෙක් නෙවේ. හැමෝම මිනිහට තියෙන්නේ jewellery shop එකක් විතරයි කියලා හිතුවට මිනිහා bar තුන හතරකම අයිතිකාරයෙක්. තව මිනිහට buisness වගේකුත් තියෙනවා. මං දන්න තරමෙන් මිනිහට mafia එකත් එක්කත් connection තියෙනවා.

" තාත්තා භානුක සිංහවංශව අදුරනවද.

" එහෙම නෑ පුතා. ඒත් අපි අපේ industry එකේ ඉන්න අනිත් අය ගැන දැනගන්න එපැයි.

තේමියගෙ තාත්තා පරම්පරාගත රත්තරන් බඩු සාප්පුවක අයිතිකරුවෙක් වගේම හාල් මෝල් හිමිකරුවෙක්.

" ම්ම්

" ඇයි පුතා එක පාරටම භානුක සිංහවංශ ගැන ඇහුවේ.

" නෑ තාත්තා මේ නිකම්.

" තාත්තයි පුතයි දෙන්නම දැන් ඔය සංගමේ වහලා එන්න කෑම කන්න.

" හරි අම්මා.

" යමු යමු නැත්තම් දෙන්නටම ගුටි තමා කන්න වෙන්නෙ රෑට අම්මගෙන්.

තේමිය තාත්තත් එක්ක හිනා වෙවී කෑමමේසෙට ගියා.

රෑ කෑම අරන් කාමරේට ආව තේමිය 11.00 ට විතර නින්දට වැටුනේ හෙට ඉදන් එයාට පැවරිලා තියන රාජකාරිය ගැන හිතන ගමන්.

First Chapter
ContentsNext
Previous
ContentsNext