Chapter 10: x ♡

LOVE HATE 🖇️ (Sinhala Bl )Words: 23892

ඔලුවෙන් දැනෙන පුපුරන්න තරම් වේදනාවත් එක්ක තේමිය උදේ ඇස් ඇරියේ එයා දැන් මේ ඉන්නේ කොහෙද කියලවත් නිච්චියක් නැතුව. ඒ එක්කම කාමරේ දොර ඇරත් ඇරන් වීදුරුවකුත් අතේ තියාගෙන එන කෙනා දැකලා තේමිය ඔලුවත් අල්ලන් ඇදේ වාඩි උනා.

" ආ

" මොනාද මේ.

" දෙහි.

" shit ! මගෙ ඔලුව රිදෙනවා හොදටම.

තේමිය අභිශේක් ගෙ තේ තිබුන දෙහි එක අතට අරන් එක හුස්මට බීගෙන බීගෙන ගිහින්  මූන ඇබුල් කරගත්තා.

" හොද වැඩේ කනමදයා වගේ බොනවට

" ම.. මම බිව්වේ කොහෙද . ඒක....

" ඒක ?.

" කොහොමද එහෙම වෙන්නේ.

තේමිය් ඇගිල්ලකුත් හප හප කල්පනා කරේ කොහොමද වීදුරු දෙක මාරු උනේ කියලා.

" බබා වීදුරු දෙක කොහොමද මාරු උනේ කොහොමද කියලද කල්පනා කරන්නේ.

" මොන වීදුරුද ? මම කොහෙද මේ ඉන්නේ.

" මගෙ ගෙදර

" හහ් ? ඔයාගෙ ගෙදර ? ඔයාගෙ අම්මයි තාත්තයිත් ඉන්නවද ? එයාලා මොනා හිතුවද දන්නෑ. දැන් මම කොහොමද එයාලගෙ ඉස්සරහට යන්නේ.

" එයාලා නැහැ .

" ඇයි එයාලා එලියට ගියාද ?.

" එයාලා.. එයාලා මෙහෙ නෙවේ ඉන්නේ.

" එහෙනම් ?

" එයාලා ලංකාවෙ නැහැ.

" එතකොට ඔයා මෙහෙ ඉන්නේ තනියමද ?.

" නැහැ මගෙ wife එක්ක. ?

" ඇහ් එතකොට.... එතකොට ම..ම.. නෑ... මේ... ඊයෙ හම්බුන.. කෙ...කෙල්ල කවුද ? S..shit ! තමුසෙ wife ට බොරු කරලා වෙන කෙල්ලෝ එක්ක ඉන්නවද ? මෝඩයා ... තමුසෙනම් මහම මහ බොරු කාරයෙක්. මම යනවා ගෙදර ..

අභිශේක් wife එක්ක ඉන්නවා කිව්වම තේමිය මෙතන පරල වෙලා වගේ නටන නැටුම දිහා එයා අත් දෙකත් බැදගෙන හිනාවෙවී බලන් හිටියා.

" කොහෙද යන්නෙ පිස්සුද ?.

තේමිය පිස්සු හැදිලා වගේ කාමරෙන් එලියට යන්න හැදුවත් අභිශේක් එයාව ඇදලා අරන්  බිත්තියට හිර කරගත්තා.

" මාව අත අරිනවා තමුසෙගෙ wife දැක්කොත් මොනාහරි හිතයි.

" නැහැ එයා මුකුත් හිතන්නෙ නැ අනිත් එක දැනටමත් එයා දැකලා ඉවරයි.

" ඈහ් කෝ කොහෙද ?

" මගෙ ඉස්සරහා.

" ම.ම ? උබේ ඔලුව කොහෙද හැප්පුනාද ?.

" මගෙන් ඈතට දුවන්න හදන්න එපා මැනික අනිත් එක දැන් මේ ගෙදර ඉන්නේ අපි දෙන්නා විතරයි . ඉතින්...

අභිශේක් එයාගෙ අතක් තේමියගෙ ඉන වටේ යවන ගමන් එයාගෙ ඇස් දිහයි තොල් දිහයි මාරුවෙන් මාරුවට බලන්න ගත්තෙ එයාගෙ හුස්ම ටිකෙන් ටික හිරකරන ගමන්. දැන් ඒ ඇස් ආයෙත් ගැස්සෙනවා. තොරතෝංචියක් නැතුව පිස්සුවෙන් වගේ හැගෙන හදවත , තේමියට හිතුනා ඒ හද ගැස්ම අභිශේක් ටත් ඇහෙන්න ඇති කියලා.

ඉන වටේ තිබුන අත ඉනෙන් මිදිලා පපුව ලගට එද්දී තේමීය හිටියේ සිංහයෙක්ට බයේ ගැස්සෙන මුව පැටියෙක් වගේ. ඒ තරමටම අභිශේක් එයාව අසරන කරා.

" අ.. අභිශේක්. මාව අත අරින්න.

" ඔයා මගෙන් කොච්චර ඈත් වෙන්න හැදුවත් මේ හදවත හැමදාම මං ඉස්සරහා ඔයාව පාවලා දෙනවා තේමිය. ඔය ගැස්සෙන ඇස් , ඔය අහිංසක බැල්ම මට මාවම අමතක කරවනවා.

" ඔයා මොකක්ද මට මේ කරන්නෙ ? ඇයි මෙහෙම කරන්නේ ? මම මගෙ ජීවිත කාලෙටම කෙනෙක් ඉස්සරහා මෙච්චර අසරණ වෙලා නැහැ  කිසිම කෙනෙක්ට මගෙ හැගීම් එක්ක සෙල්ලම් කරන්න මම ඉඩ දුන්නෙත් නැහැ. ඒත් ඔයා ? ඔයා ඇයි මගෙ හදවතත් එක්ක සෙල්ලම් කරන්නේ.

මෙච්චර වෙලා තමන්ගෙ ඇස් අභිශේක් ගෙන් හංගන් හිටිය තේමිය ඒ ඇස් දිහා බැලුවේ තමන්ගෙ ඇස් වල කදුලු පුරවන්.අභිශේක් ඒ රතු උන කම්මුල් එයාගෙ අත් දෙකටම අරන් පිරිමදින්න ගත්තේ පිටදාන්න බැරි හැගීම් දාහක් රහසේ කොදුරන ගමන්.

" මට ඔයාගෙ හදවත එක්ක සෙල්ලම් කරන්න බැහැ ලමයෝ. ඔයා හිතනවද මට ඒ වගේ දෙයක් කරන්න පුළුවන් කියලා. මම කවදාවත් ඒ වගේ දෙයක් ගැන හිතන්නෙවත් නැහැ. ඒත් මම හිතනවා මේ දේවල් ගැන කතා කරන්න තාම කල් වැඩී කියලා.

සන්සුන් හිනාවක් දුන්න අභිශේක් තේමියව තමන්ට තුරුල් කරගත්තේ තේමියත් එයාගෙ අත් අභිශේක් ගෙ වටේ යවලා තවත් එයාගෙ උනුහුම ඇතුලේ ගුලිවෙද්දී. ඒ වැලද ගැනීම ඇතුලේ තිබුන ආදරය උනුසුම  ආරක්ශාව තේමියට මීට කලින් දැනිලා තිබුනේ එයාගෙ  අම්මගෙනුයි තාත්තගෙනුයි විතරයි. ඒත් අද ඒ උනුසුම එයාට ලැබුනේ අවුරුදු ගානක් ඉදන් තමන්ගෙ ලොකුම හතුරා විදිහට සැලකුව කෙනාගෙන් . දැන් තමන්ගෙ හිතේ  ඒ කෙනා ගැන දලුලාගෙන එන හැගීම එක්ක එයා කිසිම පැකිලීමක් නැතුව ඒ තුරුලට නතු උනා.

" training period එකේදි මෙහෙම හුරතල් වෙන්න ආවනම් ඇත්තමයි මම ඔයාව කෝටුමස් කරලා.

තේමිය කටත් උල් කරන් රව රව ඒ කියද්දී  අභිශේක් ගෙ ලාවට ඇදුන හිනාවත් එක්ක තේමිය දිහා බලන් හිටියා.

" මම දන්නවා මගෙ නපුරු පූස් පැටියා.

" ඒක නෙවේ ඔයා ඇයි මෙහෙ තනියම ඉන්නෙ ?

" මොකද ඉතින් මට කවුරුවත් නැති නිසා.

" ඔයාට සහෝදර සහෝදරියො කවුරුවත් නැද්ද ?

" නැහැ මම විතරයි.

" අපේ අක්කව දෙන්නද හදාගන්න. අයිය නම් දැන් ලංකාවෙත් නෑ.

" මට... ඒ අක්කගෙ මල්ලිව හදාගන්න දෙන්න බැරි වෙයිද ?.

" පුළුවන් පුළුවන් .

එතකොට ඔයාගෙ අම්මයි තාත්තයි ආයෙ කවද්ද එන්නේ.

" ආයෙත් cid කාරයව ආරූඪ උනාද ?

" නෑ ඉතින් මේ.. මම ඔයාගැන කිසිදෙයක් දන්නෙ නැහැනෙ...

ඒක නෙවේ.

" එහෙනම් කෝකද ?

" අද අපේ ගෙදර යමු ?

" මම ?

" ඔව්ව්ව්ව් බෑ කියන්න එපා.

" තේමිය..

" අනේ මොකක්ද අනේ.

" පොඩි එකෙක් වගේ නහයෙන් අඩන්න එපා බන්.

" එහෙනම් හා කියන්න.

" හා මම ගෙදර ගිහින් ඔයාව ඇරලවන්නම්. ගිහින් වොශ්  එකක් දාගෙන එන්න.

අභිශේක් ඒ කියලා තේමියගෙන් ඈත් උනේ තේමිය කටත් උල් කරන් එයාට රව රව ඉද්දී.

" අනේ මට උබව අල්ලලා මිරිකන්න හිතෙනවා.

" මෝඩයා.

තේමිය ගිහින් වොශ් එකක් දාන් ආවම ඒ දෙන්නම වාහනේට නැග්ගා. අභිශේක් ගෙ ගෙදර ඉදන් තේමියගෙ ගෙදරට තිබුනෙ පැය භාගෙක දුරක්. තේමියගෙ ගෙදර ගාව නැවැත්තුවත් තේමිය අභිශේක් දිහා බලාගෙන කල්පනා කරේ කොහොමද දැන් මේ යකාව ගෙදර එක්කන් යන්න කැමති කරවගන්නෙ කියලා.

" ඔයා ගෙදර යන්නෙ නැද්ද ? . මෙතන ඉදන් මං දිහා බලන් ඉන්නවද ?

" අනේ එනවකෝ. ආවොත් බඩුවක් දෙනවා.

" මම ඉල්ලන දේ දුන්නොත් එන්නම්.

" ඒ මොකක්ද ඒ.

ශීට් බෙල්ට් එක ගැලෙව්ව අභිශේක් තේමියට ලං උනේ අභිශේක් එයාගෙන් මොනා ඉල්ලයිද කියලා හිත හිත ඉද්දී.

" මට ඔයාව දෙනවද ?.

"ඈහ් ම..ම..මේ..

තේමියගෙ කම්මුලට හාදුවක් දුන්න අභිශේක් ආයෙමත් තමන්ගෙ  ශීට් එකට බර උනේ තේමිය ඉවරයක් නැතුව ඇස් පිල්ලම් ගගහා එයා දිහා බලන් ඉද්දී.

" මම එන්නම්.

" හ..හරි මේ වාහනෙ ඇතුලෙන් park කරමු.

" තේමිය ඉක්මනට වාහනෙන් බැහැලා දුවලා ගිහින් ගෙදර ගේට්ටුව ඇරියා. අභිශේක් වාහනේ ගෙදර වත්තෙන් දැම්මට පස්සේ ඒ දෙන්නම ගේ ඇතුලට ආවා.

" අම්මා...

තේමියගෙ කටහඩට ඉස්සරහට දුවන් ආව තේමියගෙ අම්මා පුතාව අවුරුද්දකින් දැකලා නෑ වගේ එයාව තුරුල් කරගත්තා.

" චූටි පුතා මේ දරුවා කවුද ?

අම්මගෙන් ඈත් උන තේමිය අභිශේක් ගෙ අතින් අල්ලලා එයා ගාවට ගන්න ගමන් එයාගෙ අම්මට අභිශේක් ව අදුන්නලා දුන්නා.

" අම්මා මේ අභිශේක්. මගෙ....මගෙ  යාලුවෙක්.

" අහ් තේමිය ඔය යාලුවෙක්ව ගෙදරට එක්කන් ආවමද කොහෙද. කොහොමද පුතා ඉතින්.

" හොදයි නැන්දේ. නැන්දලට කොහොමද හැමෝම සනීපෙන්ද ?.

" ඔව් පුතේ. එන්න ඇවිත් වාඩි වෙන්න මම බොන්න මොනාහරි අරන් එන්නම්.

" අහ් ලලනාව ගෙ.. අහ් මේ කවුද ?

තේමියගෙ සද්දෙට කාමරෙ ඉදන් සාලෙට ආව නතාශා තේමියට නෝන්ඩියක් දාන්න ගියත් ඇවිල්ල හිටියා නාදුනන කෙනාව දැකලා කට වහගත්තේ දෙන්නගෙම කාඩ් කුඩු කරගන්න බැරි නිසා.  අනිත් පැත්තෙන් සාලෙ ඉදන් හිටිය තේමිය බයේ හිටියේ එයාගෙ කැරැට්ටුව ගැන අක්කා මෙතන දිග ඇරියොත් එයාගෙ චරිතෙට වෙන අලාභ හානිය ගැන හිතලා.

" මගෙ යාලුවෙක්.

" ඔයත් තේමියගෙ වයසෙද ?

" නැහැ අක්කේ මම එයාට වඩා අවුරුද්දක් වැඩිමල්.

තේමිය ඇස් ලොකුකරන් අභිශේක් දිහා බැලුවේ එයා මෙච්චර කල් හිතන් හිටියේ එයාලා එක වයසෙ කියලා නිසා.

" අහ් එහෙනම් මටත් මල්ලි තමා තේමිය මට වඩා අවුරුදු තුනක් බාලයි.

" ඔයාලා කතා කරකර ඉන්න මගෙ phone එකට බඩගිනි වෙලා. මම මෙයාට කන්න දීලා එන්න.

" අනේ උබේ phone එකත් උබ වගේම තමා දවසම කන එකනෙ වැඩේ.

" මගෙ කාඩ් කුඩු කරන්න එපා බං.

තේමිය නතාශාට විරිත්තලා එයාගෙ කාමරේට ගියා.

" පුදුමයි අපේ මල්ලි යාලුවෙක්ව ගෙදර එක්කන් ආවා කියන්නේ. මිනිහා සාමාන්‍යයෙන් මලාට කාවවත් වැඩිය ආශ්‍රය කරන්නෑ.

" එහෙමද

" ඔයත් අපේ මල්ලි වගේ තුන්සිය හැටපස් දවසෙම කාගෙ හරි පස්සෙන් එලවනවද ?

" ඔව් අක්කේ මාත් cid එකේ වැඩ කරන්නේ .

" මරු ජෝඩුව හැබැයි.

ඒ තේමිය මේ ඔයාලා දෙන්නම එකට වැඩ කරානම් හංකුචු භාතිය වගේ දෙන්නවම famous වෙයි.

සාලෙ පැත්තට ඇවිදගෙන ආව තේමියට ඇහැක් ගහලා නතාශා කියද්දී තේමිය sofa එකේ තිබුන කොට්ටෙකින් නතාශට දමලා ගැහුවා.

" උබ පුතේ අද අභිශේක් හිටියෙ නැත්තම් හොදට කනවා මගෙන්.

" අක්කා කොහොමද මගෙ නම දන්නේ.

" ගෑනුන්ට හතර වටේම කන් තියෙනවා කියලා කියන්නේ බොරුද හහ්.

අභිශේකුත් අක්කා මලෝ වලියට මැදි වෙලා හිනා වෙවී හිටියා.

සමූහ සාකච්ඡාවේ හිටිය අභිශේක් ගෙ ඇස් ගැටුනේ එතන බිත්තියේ එල්ලලා තිබුන ගවුම් දෙකක් ඇදන් ඉන්න පොඩි ගෑනු ලමයි දෙන්නා ගාවට.

" තේමිය ඔයාට අක්කලා දෙන්නෙක් ඉන්නවද ?.

" ඈ කෝ ? තේමිය සිරාවට මම විතරයි නේද අක්කා කෙනෙක්ට ඉන්නේ.

" ඇයි එහෙම ඇහුවේ.

" නැහැ අර photo එක.

අභිශේක් ඒ ජායාරූපය පෙන්නනවත් හරි තේමියගෙ අක්කා බඩ අල්ලන් හිනා වෙන්න ගත්තේ එයාට එයාගෙ මල්ලිව නෝන්ඩි කිරීමට ලැබුන අවස්ථාව නිසා. දැන් ඉතින් පනින රිලවට ඉනිමං තිබ්බා වගේ. අභිශේක් තුශ්නිම්බූත වෙලා නතාශා දිහා බලන් ඉද්දී තේමිය ඔලුවට අහගත්තා.

" අභිශේක් මල්ලි දන්නෑනේ ඔය අනිත් පැත්තෙන් ඉන්න කෙල්ල වෙන කවුරුවත් නෙවේ තේමියම තමා. පොඩි කාලෙ ඉදන් පුදුම ආසාවක් තිබ්බේ මගෙ ගවුම් ඇද ඇද photo ගහන්න. දැන් කියලා වෙනසකුත් නෑ මගෙ ක්‍රීම් වලින් සීයට පනහකටත් වඩා වගකියන්නේ තේමිය.

" අහ් එහෙනම් නුවරඑළියෙ අරන් ආව body lotion එකත් අක්කගෙ වෙන්න ඇති.

" නැතුව නැතුව ඒකත් මගෙ . එදා රෑ බටර් පාරක් ගාලා මගෙන් ඉල්ලන් ගියේ.

" අනේ අක්කේ මගෙ කාඩ් කුඩු නොකර යමන්කො. අම්මා මේ අක්කා ඕන්නැති ඒවා කියවනවා.

" අහ් මල්ලි දන්නෑනේ තව මරු සීන් එකක් උනා.

" ඒ මොකක්ද ?

" අපේ ගමේ අවුරුදු උත්සවය තිබ්බනෙ එතකොට තේමිය එකවසරෙ හරි දෙක වසරෙ හරි . මේකා අවුරුදු කුමාරිට යන්න දුන්නෙ නෑ කියලා එලියෙ බිම ඉදගෙන අඩලා අඩලා කකුල් දෙකෙන් වලකුත් හෑරුවා බිං ඌරෙක් වගේ.

අන්තිමට මගෙ රෙද්දකුයි හැට්ටෙකුයි අන්දලා ගෙදර අවුරුදු උත්සවයක් තියන්න උනා.

තමන්ගෙ සායම හෝදලා පණ යනකම් හිනාවෙන නතාශටයි අභිශේක්ටයි රවලා  තේමිය නහයෙන් අඩ අඩ කුස්සියට ගියේ තමන්ට වෙච්ච අසාදාරන ගැන අම්මට පැමිනිලි කරන්න.

" බලන්න අම්මා අර රිලවි මගෙ නම්බුව ලෙෆ්ට් කරනවා.

ඉතින් තේමියගෙ විනිසුරුවරිය බීම තිබුන ට්‍රේ එකත් අරන් සාලෙට ආවේ තමන්ගෙ පස්සෙන් නහයෙන් අඩ අඩ එන  පැමිනිලිකරුගෙ පැමිනිලිත් අහ අහ.

" අනේ අනේ මගෙ කොල්ලව නෝන්ඩි කරනවා නේද

" අනේ අම්මගෙ චූටි පුතා මේ ලගදි දවසක කහ නාලත් ආවේ.

අයියා හිටියනම් තව හොද හොද ඒවා මතක් කරයි පොඩි මෑන්ගෙ වැඩ. අපේ පරම්පරාවමටම කවුරුවත් ඔහොම ආතල් දීලා නෑ.

" අනේ ඔය පරම්පරාවෙ හැමෝටම වඩා මම ලස්සනට ඉපදුන එකට ඉරිසියාවෙනෙ ඔය.

" අනේ ඔව් අම්මගෙ තොත්ත බබා තාම සූප්පුව උරනවා.

" මම කොහෙද යකෝ සූප්පු උරන්නේ.

" ඇයි කොයිවෙලේ බැලුවත් ලොලිපොප් එක කටේනේ. බලහන්කො අවුරුදු හතලිහ වෙන්න කලින් දත් සෙට් එකම පනුවො කාලා හැලිලා ඉදී නාකි සීයෙක් වගේ.

" ඔහේගෙ තමා දත් ටික හැලෙන්නෙ බටකොළ ආච්චී වගේ කියවලා. අර වට්ටි අම්මලා ටිකත් මෙහෙ ආව දවසට අපිට කනක් ඇහිලා ඉන්න නෑ.

තේමිය ආයෙත් ඇවිත් අභිශේක් ලගින් වාඩි වෙද්දී එයාලගෙ අම්මා කුස්සියට ගියේ ඔය වලිය විනාඩියෙන් දෙකෙන් ඉවර වෙන එකක් නෙවේ නිසා.

" ඔහේටත් හරියට හිනා නේද ?

තේමිය කටත් උල් කරන් අභිශේක් ගෙ අතට පාරක් ගහද්දී නතාශා කටත් ඇරන් බලන් හිටියේ එයාගෙ මල්ලිගෙ මේ වෙනස දිහා. මොකද තේමිය ගොඩක් වෙලාවට එයාගේ personal space එක ඇතුලෙ ඉන්න කෙනෙක්. ඉතින් නතාශා ඉක්මනට එයාගෙ ඇස් අහකට අරන් හොරෙන් හිනා උනේ bl series එකක couple එකක් දැක්කා වගේ. නොපෙන්නුවට මොකද නතාශා ඒ වෙද්දිත් ඒ දෙන්නව ජෝඩු කරලා ටොප් බොටමුත් හොයලා ඒ දෙන්නට දෙන්න හොද නැවකුත් හද හද හිටියේ.