Chapter 12: xii ♡

LOVE HATE 🖇️ (Sinhala Bl )Words: 21438

සතියක් ගෙවිලා ගියා. ඒත් ඒ කාලය පුරාවටම එයාලට ඒ නැති උන ගෑනු ලමයා මනීශා ගැන කිසිදෙයක් හොයාගන්න බැරි උනා. ඒත් ඒ කාලය ඇතුලත තේමියට එයා කීයටවත් නොහිතපු දෙයක් හොයාගන්න පුළුවන් උනා.

රෑ 12.00 ට විතර තේමිය කෙලින්ම ආවේ වහලා දාලා තිබුන භාතියගෙ කාර්‍යාලය ඇතුලට. ඒ ඇවිත් එයා අභිශේක් ට දුරකථන ඇමතුමක් දුන්නා.

" hello අභිශේක් ඔයා කොහෙද ඉන්නේ.

" මම ගෙදර ඉන්නේ.

" හෙට උදේ වැඩ මුකුත් දාගන්න එපා මාත් එක්ක අර භානුකගෙ වහලා දාලා තියන office එක search කරන්න එන්න. මට භානුකගෙ murder එක ගැන කෙනෙක් ඔත්තුවක් හම්බුනා.

" භානුකගෙ වහලා දාලා තියන office එක ? ඔයා තාම මේක ගැන හොයනවද ? දැන් ඒ කේස් එක close කරලා ඉවරයිනේ අනිත් එක අනිරා මිනීමරුවා කියලා අහුවුනානේ.

" ඒ වුනාට දැන් මට වෙන සැක කාරයෙක් ඉන්නවා. හෙට උදේ ලෑස්ති වෙලා ඉන්න එහෙනම් මම තියනවා. බායි.

" ok බායි.

දුරකථන ඇමතුම විසන්ධි කෙරුව තේමිය ඒ කලුවර කාමරේ කබඩ් එකක් පිටිපස්සේ හැංගිලා කෙනෙක් එනකම් බලාපොරොත්තුවෙන් හිටියා. ඒ වෙන කවුරුවත් නෙවේ එයාගෙ සැකේ නැවතුන කෙනා. හැංගිලා හිටිය තේමියට එලියෙන් ඇහුනේ යතුරුපැදියක් නතර කරන සද්දයක්. තේමිය හැල හොල්මනක් නැතුව ඒ කෙනා එනකම් බලන් හිටියා. දොරක් ඇරෙන සද්දයක් එක්කම තේමියගෙ ඇස් යාවුනේ ඒ කාර්‍යාලය ඉදිරිපිට තිබුන ලී දොර ගාවට. කලුවරේ තනි කලු ඇදුමින් සැරසිලා තමන්ගෙ මූනත් ආවරණය කරගෙන හිටිය ඒ අමුත්තා ටෝච් එලියෙන් කාර්‍යාලය පුරාම කලබලෙන් දෙයක් හොය හොය සැරිසරන විදිහ තේමිය කබඩ් එක පිටිපස්සේ හැංගිලා බලන් හිටියා. හරි වෙලාව ආව ගමන් තේමිය ඒ කාර්‍යාලගේ ලයිට් පත්තු කරලා තමන්ගෙ තුවක්කුවත් ඒ කෙනාගෙ පැත්තට දික් කරන් ඒ කෙනාගෙ ලගට ආවා.

" මොනා හරි හොයනවද ?

ඒ කටහඩ ඇහුනත් එක්කම මෙච්චර වෙලා පිටිපස්ස හැරිලා හිටිය ඒ අමුත්තා තමන්ගෙ තුවක්කුවත් අතට අරන් තේමිය දිහාවට හැරිලා එක එල්ලේම එයාටත් තුවක්කුව දික් කරා. විනාඩි ගානක් කිසිම හැගීමක් නැතුව දෙන්නට දෙන්නා තුවක්කු එල්ල කරන් හිටියත් තේමිය කට කොනින් ඇදුන හිනාවක් එක්ක එයාගෙ තුවක්කුව පහත දැම්මා. ඒත් ප්‍රතිවාදියගෙ තුවක්කුව තාමත් තමන් දිහාට එල්ල වෙලා තිබුනේ. ඒත් ඒකෙන් තේමියට දශමෙක්වත් බයක් දැනුනෙ නැහැ.

" තමුන් මාව මරනවද ? නිර්වාන් සිංහවංශ නැත්තම් මම මෙහෙම කිව්වොත් ... අභිශේක් විජේරත්න.

ඒ දේ ඇහුනත් එක්කම තේමිය දිහාවට දික් වෙලා තිබුන තුවක්කුව පහතට හෙලුනේ ඒ ඇහුන දෙයින් ඒ කෙනා මානසිකව කඩන් වැටුන නිසා. තේමිය ඒ දේ දැක්කා. ඒ වරදකාරී ඇස් වලට දැන් තේමිය දිහා බලන්නවත් පුළුවන් කමක් තිබුනෙ නැහැ.

" කොහොමද දැන ගත්තේ ?.

අභිශේක් තේමිය දිහා නොබලා එයාගෙ මාස්ක් එක ගලවන ගමන් ඇහුවා.

" මම කොහෙන්ද පටන් ගන්න ඕනා ?.

භානුකගෙ මිනී මරුවව හොයන්න ගිහින් කියලද ? නැත්තම් අවුරුදු 12 කට කලින් අතුරුදහන් උන දේශාන් සිංහවංශගෙ එකම පුතාව හොයන්න ගිහින් කියලද ?.

මම කිව්වනෙ මේක අනිරා කරා කියලා මට විශ්වාස කරන්න බැහැ. මොකද murder එකක් එච්චර perfect විදිහට කරන්න අනිරා වගේ කෙනෙක්ට බැහැ. මේ murder එකේ තිබුන සැකසහිතම දේ තමා කිසිම සාක්ශියක් නොතිබ්බ එක. ඒත් එකපාරටම murder එකට පාවිච්චි කෙරුව ආයුධ වගයක් හම්බෙනවා ?. අනිරව arrest කරාට පස්සේ මම මුලින්ම හොයන්න පටන් ගත්තේ භානුකගෙ family එක ගැන. භානුකට අයියා කෙනෙක් ඉදලා තියනවා. දේශාන් සිංහවංශ. දේශාන් සිංහවංශ කියන්නේ කලින් හිටිය best ම cid officer කෙනෙක්. මම officer දේශාන් සිංහවංශගෙ cases review කරලා බලද්දී ඒ සමහර cases වල භානුක සිංහවංශ කියන නමත් ගෑවිලා තිබ්බා. ඒත් අවුරුදු 12 කට කලින් භානුකගෙ අයියා ඒ කියන්නේ දේශාන් සිංහවංශයි එයාගෙ wife මිනෝලි විජේරත්න දෙන්නම හදිසි අනතුරක් නිසා නැතිවෙලා තියෙනවා . ඒ වගේම ඒ අනතුරෙන් පස්සේ එයාලගෙ අවුරුදු 14 ක් උන පුතා නිර්වාන් සිංහවංශ අතුරුදන් වෙනවා. මම ඊට පස්සේ ගියේ දේශාන් සිංහවංශගෙ වහලා දාලා තිබුන ගෙදරට. මට ඒ ගෙදර තිබිලා දේශාන්ගෙයි මිනෝලිගෙයි එයාලගෙ එකම පුතාගෙයි photo එකක් හම්බුනා. මට එවෙලෙ හිතුනා නිර්වාන් , අභිශේක් දෙන්නා එක්කෙනෙක් වෙන්න පුළුවන් කියලා. මොකද නම වෙනස් කරාට පෙනුම වෙනස් වෙන්නෙ නෑනේ. මම ඒක තහවුරු කරගන්න ඔයාගෙයි භානුකගෙයි dna test එකක් කරා. ඒ dna යම්තාක් දුරට ගැලපෙනවා. එතකොට මගෙ සැකේ නැවතුනේ නිර්වාන් සිංහවංශ ලග. මම හිතනවා කතාව ඉතුරු ටික ඔයාට සම්පූර්ණ කරන්න පුළුවන් කියලා.

මෙච්චර වෙලා තේමියගෙ කතාව අහගෙන හිටිය අභිශේක් එයාගෙ රතු උන ඇස් එක්ක තේමිය දිහා බැලුවා.

" භානුකගෙ මිනීමරුවා , ඔව් ඔයාගෙ සැකේ හරි ඒ අනිරා නෙවේ ඒ මම. අවුරුදු 12 කට කලින් බල්ලො බලලු වගේ පාරෙ මැරිලා ගිය දේශාන් සිංහවංශගෙයි මිනෝලි විජේරත්න ගෙයි පුතා. අවුරුදු 14 න් මාව කාත් කවුරුවත් නැති අනාතයෙක් කෙරුව මිනිහගෙ මිනීමරුවා. එදා උනේ හදිසි අනතුරක් නෙවේ ඒක කරේ භානුකයි චමින්දයි. තාත්තා චමින්දගෙ ජාවාරම් අල්ලන්න චමින්දගෙ පස්සේ පන්න පන්න හිටියේ. එයා දැනන් හිටියේ නැහැ භානුකත් මේ දේවල් වලට සම්බන්දයි කියලා. අන්තිමට උන් දෙන්නම එකතු වෙලා අපි ගිය වාහනේ accident කෙරෙව්වා. accident එක උනාට පස්සේ උන් පන ඇද ඇද හිටිය මගෙ අම්මවයි තාත්තවයි මගෙ ඉස්සරහම මරලා දැම්මා. උන් දැනන් හිටියේ නැහැ ඒ වාහනේ ඇතුලෙ ඉදගෙනම මම ඒ හැමදෙයක්ම බලන් හිටියා කියලා. මට ආයෙ සිහිය එද්දි මම හිටියෙ hospital එකේ. ඒ උන හැමදෙයක්ම නරක හීනයක් වගේ. ඒත් ඒ නරක හීනේ මගෙ යථාර්ථය. කරන්න ඕනෙ මොකක්ද නැත්තෙ මොකක්ද කියලා මට තේරුනේ නෑ. මම කරේ hospital එකෙන් පැනලා ගිය එක. මම ඊට පස්සෙ ලොකු වෙනකම්ම හැදුනෙ පල්ලියේ. ඒ වෛර , තරහා , පලිගැනිම , වේදනාව මේ හැමදේම පිටකරන්න මම කාලය එනකම් බලන් හිටියා. මගෙ ජීවිතේ තිබුනෙ එකම එක අරමුනයි ඒ භානුකවයි චමින්දවයි මගෙ අත් දෙකෙන්ම මරලා දාන්න. දැන් එකෙක් ඉවරයි. අනිත් එකාවත් මම ලගදිම අපායට යවනවා.මම උන් එකෙක්ටවත් යහතින් ඉන්න දෙන්නෑ.

අභිශේක් පුපුරු ගහන කේන්තියෙන් අත මිටිමොලගත්තා.

" දැන් ප්‍රශ්නෙ ඇවිත් තියෙන්නේ ඔයාට මිසක් උන්ට නෙවේ අභිශේක්. ඒ murder ඔයා කරානම් අනිරාගෙ fingerprint කොහොමද ඒ ආයුධ වල තිබුනෙ.

" මේ කතා එකකට එකක් සම්බන්දයි තේමිය. මනීශා , භානුක මනීශව සල්ලි පෙන්නලා අල්ලගත්තේ ඒ මිනිහගෙ වැඩ වලට පාවිච්චි කරන්න. මේවට අනිරත් සම්බන්දයි. අර විල්ලා එකේ තිබුල හම්බුන dead bodies , ඒ භානුක නිධන් ගන්න බිලිපූජා වලට පාවිච්චි කෙරුව ගෑනුලමයින්ගෙ dead bodies . මනීශා කියන්නෙත් ඒ වගේ බිලිපූජාවකට පාවිච්චි කරන්න භානුක අල්ලගත්ත කෙල්ලෙක්. උන් මනීශව kidnapp කරන්න එදා club එකට ඇවිත් හිටියේ. අනිරා එන්නේ kidnapp කෙරුව කෙල්ලන්ව බිලිපූජාව කරන තැනට අරන් යන්න. Club එකේදි මනීශව kidnapp කරන්න හිටිය දවසෙම මම භානුකව kidnapp කරා එතකොට අනිරගෙන්  භානුක අතුරුදන් උන දවස ගැන ඇහුවොත් කියන්න කට උත්තර නැතුව යන නිසා. මොකද අනිරා බිලිපූජාවට රත්නපුරේ ගිහින් ආයෙ ආවේ මම භානුකව kidnapp කරාට පස්සේ දවසෙ. ඒ අගෝස්තු දොලහා. ඒ වගේම භානුක අගෝස්තු දොලහා thailand යන්න හිටියේ මිනිහගෙ buisness meeting එකකට. එතකොට මම අගෝස්තු එකොළහ මිනිහව kidnapp කරත් උගෙ හැමෝම හිතන් හිටියේ මිනිහා buisness meeting එකට thailand ගියා කියලා. නුවරඑළිය විල්ලා එකේදි මම මිනිහව ඉවරයක් කරාට පස්සේ මම කෙලින්ම කොළඹ ආවා.එතකොට ඒ ආයුධ, ඒ ආයුධ ඇත්තටම මිනිහව මරන්න පාවිච්චි කෙරුව ඒවා නෙවේ. මම කොළඹ ආවට පස්සේ බඩු විකුනන මනුස්සයෙක් වගෙ වෙස් වලාගෙන අනිරාගෙ ගෙදරට ගියා. මම එවෙලෙයි අනිරාගෙ fingerprint ගත්තේ. භානුකගෙ ලේ ඒ ආයුධ වල තවරලා උන්ගෙ ගෙදර storeroom එකට ගිහින් දැම්මෙත් මමම තමයි.

" දැන් මනීශා ජීවතුන් අතර නැද්ද ?.

" එයා ඉන්නවා. මම එයාව kidnapp කරාට පස්සේ උන්ගෙන් බේරගත්තා. මනීශා දැන් ඉන්නේ එයාගෙ ගමේ.

" එතකොට අනිරායි චමින්දයි ඔයා නිර්වාන් කියලා දන්නවද ?.

" උන් ඒ මම කියලා දන්නෑ. මම උන්ගෙ family එක අවුරුදු ගානක් ලගින් ආශ්‍රය කරා උන්ගෙ ජාවාරම් ගැන හොයන්න. උන් දැනන් හිටියෙ නැහැ මම cid එකේ කියලා. මම නිර්වාන් සිංහවංශ කියලා දන්නේ මේ ලෝකේ එකම එක්කෙනයි. ඒ ඔයා විතරයි. මම ඒක හංගන්න හැදුවත් දැන් ඔයා මගෙ හැම ඇත්තක්ම දැනගත්තා. ඔයා දැන් ඊලගට මොනාද කරන්නේ. මාව පොලීසියට අහුකරලා දෙනවද ?.

" මම මොකටද එහෙම කරන්නේ ? .

මම ඔයාව පොලීසියට අහුකරන්නෙත් නෑ ඔයාව අහුවෙන්න ඉඩ තියන්නෙත් නෑ. අදින් පස්සේ මගෙන් කිසි දෙයක් හංගන්න එපා. ඔයාට පුළුවන් මාව විශ්වාස කරන්න. මට ඇත්ත විතරක් කියන්න. මොකද මම ලස්සන බොරු වලට වඩා තිත්ත ඇත්‍තට කැමතී. මතක තියාගන්න කලින් උන දේවල් වලට ඔයා තනියම මූහුන දුන්නත් අදින් පස්සේ මොන දේ උනත් ඔයාගෙ හැමදේකටම මමත් ඔයත් එක්ක ඉන්නවා.

" මම අනාතයෙක් උන එකට ඔයා මට අනුකම්පා කරන්න ඕනෙ නැහැ තේමිය.

" ඔයා අනාතයෙක් වෙන්න මම තාම මැරුනෙ නෑනේ අභිශේක්. මම ඉන්නකම් ඔයා තනිවෙලා නෑ.

තේමිය එයාගෙ අත් දෙකෙන්ම අභිශේක් ගෙ මූන එයා ලගට හරවගෙන ඒ රතු වෙලා තියන ඇස් දිහාම බලාගෙන මෙහෙම කියද්දී අභිශේක් ට තවත් එයාගෙ කදුලු හිරකරගෙන ඉන්න බැරි උනා. එයා තේමියව බදාගෙන ඒ උරහිසට ඔලුව තියාගෙන මෙච්චර කල් හිතේ හිරකරන් හිටිය හැම වේදනාවක්ම පිටකරා. තේමිය ඒ හැම ඉකි ගැස්මක්ම තොල් තද කරගෙන අහන් ඉන්න ගමන් අභිශේක් ගෙ ඔලුව අතගෑවා. අනිත් අතින් එයාගෙ හිතට වද දුන්නේ මෙච්චර දුක් වින්ද කෙනාගෙ හිත නේද එයා මෙච්චර කල් තවත් රිද්දුවෙ කියලා. තේමිය අභිශේක් ව තවත් එයාට ලංකරගත්තේ ඇස් බොද කරන් එන එයාගෙම කදුලු වලටත් පාලනයක් නැති නිසා. තප්පර විනාඩි ගෙවිලා ගියා. ඒ දෙන්නම දැනන් හිටියෙ නැහැ ඒ දෙන්න කොච්චර වෙලා මෙහෙම හිටියද කියලා.

" ආයෙ ඔයා තනියම අඩන්න ඕනෙ නැහැ ඔයාගෙ support එකට මාත් ඉන්නවා.

" thankyou

" මොකටද ?

" මගෙ ජීවිතේට ආවට. මගෙ අදුරට එලියක් උනාට.

" අහ් බයවෙන්න එපා ඔයාගෙ පැලේ අදුර නසන්න මම ඕන වෙලාවක එනවා. ඒ ඇරත්..... මට පුලුවන්නෙ පිටිපස්සේ ලයිට් එකක් හයි කරන් ඔයාගෙ වටේ කැරකි කැරකි ඉන්න. කණාමැදිරියෙක් වගේ.

තේමිට ගට්ස් පිට ඒ කිව්වේ දෙන්නගෙම මූනු වලට හිනාව ගේන ගමන්.

'' කණාමැදිරියෙක් වෙලා හරි කමක් නෑ හැමදාම මගෙ වටේ මෙහෙම කැරකි කැරකි ඉන්නවනම්.

තේමියගෙන් ඈත් උන අභිශේක් ඒ දිලිසෙන ඇස් වලින් මූනෙ ඇදුන හිනාවත් එක්ක තේමිය දිහා බලන් ඉද්දී අද අභිශේක් ට කලින් තේමිය ඉස්සර උනා. තේමිය අභිශේක් ගෙ නලලටයි ඒ රතු උන ඇස් වලටයි හාදු තිබ්බේ එයාගෙ හදවත ඇතුලෙන් අභිශේක් වෙනුවෙන්ම මේ එන සෙනෙහසත් එක්ක. දැන් අභිශේක් ට වෙන සතුටක් නැති තරම්. ඒ එයාට තේමියගෙන් ලැබුන පලවෙනි හාදුව. එයා තව තප්පරයක්වත් නාස්ති නොකර තේමියව එයාගෙ තුරුලට ගත්තා.