Chapter 14: xiv ♡

LOVE HATE 🖇️ (Sinhala Bl )Words: 32875

ගෙදර කෝලම් සේරම ඉවර උනාට පස්සේ අන්තිමට දෙන්නම තේමියගෙ ගෙදර ආවා. තේමිය අභිශේක් එක්ක ගෙදර ඇතුලට එනගමන් ගේ පුරාම ඇස් යැව්වේ අවුරුදු ගානක් තිස්සේ දකින්න ආසාවෙන් හිටිය  තමන්ගෙ වැඩිමල් සහෝදරයව බලාපොරොත්තුවෙන්.

සාලෙන් ඇහුන කටහඩත් එක්ක තේමිය අභිශේක්වත් ඇදගෙන ඒ පැත්තට ගියා. ඒ යද්දී එයා හෙව්ව කෙනා එතන අවුරුදු 2 ක් උන එයාගෙ පුතාවත් ඔඩොක්කුවේ තියාගෙන අම්මයි තාත්තයි එක්ක බර කතාවක.

ඒ අවුරුදු 35 ක් උන තේමියගෙ අයියා යොහාන්.  ඇත්තටම නර්මදාට එච්චර ලොකු පුතෙක් ඉන්නවා කියලා හිතාගන්න බැරි තරම්. මොකද නර්මදාටයි  අසේලටයි  තිබුනේ තාමත් තරුන පෙනුමක්. ඉතින් ඒ පවුලෙ ලමයි අම්මටයි තාත්තටයි අම්මා තාත්තා කියලා කතා නොකලනම් මිනිස්සු එයාලා සහෝදර සහෝදරියො කියලා හිතන එකේ කිසිම සැකයක් තිබුනෙ නැහැ. පෙනුමෙන් වගේම එයාලගෙ බැදීමත් ඒ විදිහමයි. අම්මා තාත්තා උනත් ඒ එයාලා හැමෝම එකට ආශ්‍රය කරේ හොදම යාලුවො වගේ.

" චූටි...

තේමියව දැක්කත් හරි යොහාන් බබාව අම්මට දීලා දුවගෙන ඇවිත් තේමියව වැලදගත්තා.

" චූටි චූටි තමා.. දැන්ද මාව මතක් උනේ.

" මට ඉතින් මගෙ කොල්ලව මතක් උනා. ඒ උනාට මම වැඩ වලට හිර වෙලානෙ හිටියේ.

තේමියගෙන් ඈත් උන යොහාන් තේමියගෙ කම්මුලක් මිරිකලා කියද්දී එයාගෙ ඇස් යාවුනේ අභිශේක් ලගට.

" අහ් චූටි මෙයාද ඔයාගෙ අභිශේක් .

" ඔව් එයා තමා . අභිශේක් මේ මගෙ ලොකු අයියා යොහාන්.

" ම්ම් හායි.

" හායි හායි සාදරෙන් පිලිගන්නවා අපේ පිස්සු පවුලට.

යොහාන් ඒ කියලා අභිශේක් ව වැලදගත්තේ අවුරුදු ගානක ඉදන් අදුරන යාලුවො වගේ.

" අහ් මෙයාද අපේ පුතන්ඩියගෙ අති ජාත මිත්‍රයා. ගෙදර අපිට කනක් ඇහිලා ඉන්න නෑ කොයිවෙලෙත් තේමියගෙ කටේ තියෙන්නේ අභිශේක් පුතා ගැන.

"අනෙ තාත්තේ !!!...........

මෙන්න වැන්දා ඔයාලගෙ බයිට්  එකට වෙන කාව හරි හොයාගන්න මම ඔය බයිට් සංගමෙන් ඉල්ලා අස් වෙනවා.

තේමිය ගෞරවාන්විතව අත් දෙක එකතු කරලා වැදලා ගියේ එයාගෙ පවුලේ චූටි සාමාජිකයා ගාවට. යොහානුත් අභිශේක් එක්ක ඇවිත් ඒ ඉස්සරහින් තිබුන සෝෆා එකෙන් වාඩි උනා. තේමිය බබාව ඔඩොක්කුවට අරන් ඒ පිරිලා තියන චූටි කම්මුල් අතගාන්න ගත්තේ මූනෙ ඇදුන ලස්සන හිනාවක් එක්ක. ඉතින් දැන් අභිශේක් ට වටේ පිටේ සේරම අමතකයි. එයා හිටියේ ඒ හිනාවට වශී වෙලා.

'' බබානම් ආදිත්‍යා අක්කා වගේමයි.

මෙයා හුරතල් අනේ මට මිරිකන්න හිතෙනවා.

" අනේ බන් මගෙ කොලු පැටියා පව්.

"අයියේ බබාගෙ නම මොකක්ද ?.

" ඒක ඇහුවොත් ඔයා පුදුම වෙයි.

" ඈ ඒ ඇයි නාකි සුද්දෙක්ගෙ නමක්ද දැම්මේ.

" නෑ එයාගෙ බාප්පගෙ නම.

" ඈහ් ? මොකක්ද නම ?

" මෙසත් තේමිය.

" සිරාවට ???? ඇයි ඒ නම දැම්මේ.

" මට පුතාව හම්බෙලා මුලින්ම අතට ගත්ත වෙලාවේ hospital එකේදි ඔයාව හම්බෙලා තාත්තා මුලින්ම ඔයාව මගෙ අතට දුන්න විදිහ මතක් උනා. ඒ හින්දා මාත් බබාට තේමිය කියලා නම දැම්මා.

" ඊට පස්සේ පිය සෙනෙහසටයි සහෝදර සෙනෙහසටයි දෙකටම එකපාර ඇඩුවා පැය ගානක්.

පඩිපෙල බැහැගෙන පහලට එන ගමන් කතාව මැද්දෙන් ඒ එකතු උන ගෑනු කටහඩේ අයිතිකාරිය යොහාන්ගෙ බිරිද ආදිත්‍යා. බෙල්ල ලගට කපලා තිබුන කොට කොණ්ඩය එක්ක ආදිත්‍යාට තිබුනෙ tomboy  පෙනුමක්.

" අහ් මේ එන්නේ මගෙ ආදරණීය නෑනන්ඩි. ආව ගමන් බටකොල ආච්චී එක්ක කෝප්පයක් හෝදන්න ගියා නේ.

" නැතුව නැතුව ඉතින්.

" ඔයාලා කීයට විතරද ආවේ.

" අපි පාන්දර ආවේ . ආවට පස්සෙනෙ දැනගත්තේ පොඩි මෑන් පදිංචිය වෙනස් කරලා කියලා.

" නෑ ආදිත්‍යා අක්කේ මේ ඊයේ පොඩි වැඩක් තිබ්බා ඉවර වෙද්දී රෑ උනා.

තේමිය අභිශේක් දිහා හොරෙන් බලන ගමන් කිව්වා.

ඒ එක්කම නතාශත් උඩ ඉදන් සාලෙට ආවා. ගිය දවස් ටිකේම එයාගෙ මූනෙ තිබුන කලුව දැන් නැති වෙලා ගිහින් එලියවැටිලා.නතාශත් ඇවිත් ආදිත්‍යා ගාවින් වාඩි උනාම මෙච්චර වෙලා යොහාන් ලග වාඩි වෙලා හිටිය අභිශේක් බබාව බලන්න යන මාර්ගෙන් තේමිය ලගට ආවා. ඒක තේරුන තේමිය අභිශේක් දිහා හොරෙන් බලලා දුන්නේ මනමාල හිනාවක්. කොච්චර බර සාකච්ඡාවක හිටියත් නතාශගෙ උකුසු ඇස්  තේමිය , අභිශේක් දෙන්නා දිහාවට යොමු වෙලා තිබුනේ සජීවීව නරඹන්න තියෙන bl series එකේ එක කොටසක්වත්  මග ඇරගන්න එක  හොද නැති නිසා.

" අපේ බබත් මේ වගේ ලස්සනට ඉදී නේ.

" ඈහ් ?

අභිශේක් තේමියගෙ කනට ලං වෙලා ඒ කියද්දී තේමිය බය වෙලා කටටත් අත තියාගෙන අභිශේක් දිහා බලාගෙන හිටියේ ඇගට පතට නොදැනී මේ කියන කතා නිසා.

" බබා ඔච්චර බය වෙන්න දෙයක් කිව්වේ නෑ.

" පිස්සු හැදීගෙනවත් එනවද ?.

" මට කොහොමත් පිස්සුනෙ.

තේමිය වැලමිටෙන් හිමීට  පාරක් අභිශේක් ට ගහලා දැම්ම මනමාල හිනාව එයාගෙ ඉස්සරහා හිටිය යොහානුත් දැක්කා.

" වාහ් තේමිය මම දන්නෑනේ ඔයාට ඔච්චර ලස්ස්නට හිනාවෙන්න පුළුවන් කියලා. කොල්ලව ඔහොම හිනස්සන්න තරම් අභිශේක් මොනාද කිව්වේ.

" අහ් නෑ අයියේ මේ එයත් ඉක්මනට එයාගෙ girl friend එක්ක බබෙක් හදනවලු.

" අභිශේක් ට කෙල්ලෙක් ඉන්නවද ?.

බලාපොරොත්තු සුන් වෙච්ච ආකාරයෙන් ඒ ප්‍රශ්නය යොමූනේ නතාශගෙන්.

" ඔව් අක්කේ මෙයාට ඉන්නවනෙ මාත් මේ ලගදි දැනගත්තේ.

" අයියෝ.

" ඇයි දැන් ඔයා ඔච්චර නටන්න හදන්නේ අභිශේක් ට කෙල්ලක් ඉන්නවා කිව්වම.

ආදිත්‍යා  නතාශගෙ කකුලට තට්ටුවක්  දාලා අහද්දී නතාශා කටත් ඇද කරන් කම්මුල අත තියාගත්තා.

'' මම හිතන් හිටියේ කානුවෙන් ඇහිදන් ආව වදුරු පැටියව අභිශේක් ට හදාගන්න දෙන්නනෙ.

" මට girl friend කෙනෙක් නැහැ ඔයාලගෙ මල්ලිගෙ බොරු මේ.

" ඒක හරියන්නෑ නංගි තේමියව අභිශේක් ට දුන්නම හිමාශාට මොකද වෙන්නේ.

ඒ කතාව ඇහුවත් හරි අභිශේක් ගෙ මූන වෙනස් වෙන්න ගියේ එක තප්පරයයි. ඉතින් දැන් ලෝක අපරාදයක් කරලා වගේ  අභිශේක් ගෙන් ඇස් හැංගුව තේමිය ගැස්සිලා අභිශේක් දිහා බලුවේ අභිශේක් ගෙ අතින් තමන්ගෙ කකුල තද වෙද්දී. මෙසත් තේමියගෙ ඔඩොක්කුවේ හිටිය නිසා අභිශේක් ගෙ අත කාටවත් පෙනුනේ නැහැ .  සත්තයි දැන් නම් තේමියට ඔක්සිජනුත් විස වෙලා වගේ. හුස්ම ගන්නත් අමතකයි. තමන්ව මරන් කන්න වගේ ඉරිසියාවකින් ඒ ඇස් පිරිලා යද්දී තේමියට හිත යටින් සතුටක් නොදැනුනාමත් නෙවේ.

" අපෝ ඒ ගෑනිව තේමියට හරියන්නෑ අනේ මල හෝන්තුවක්නෙ. මටනම් පෙන්නන්නම් බෑ.

නතාශා කටත් ඇද කර කර නෝක්කාඩු කියන්න ගත්තේ තමන්ගෙ නැව ගිලෙයි කියන බයට.

" ඒ උනාට අක්කේ හිමාශත් අවුලක් නෑ.

ඒ වචන ටිකෙන් තේමියගෙ කකුල තව දත වෙද්දී තේමිය එයාගෙ අතින් අභිශේක් ගෙ අත තද කරලා අල්ලගෙන තොල් තද කරගත්තේ  එයාගෙ හිනාව නවත්තගන්න.

" ඈ මල්ලි උබ ගංජා ගහලද කුඩු ගහලද ?.

" අනේ අනේ කෙල්ලෙක් කතා කරන ලස්සන.

ආදිත්‍යා තරවටු බැල්මක් එක්ක ඒ කියද්දී නතාශා දත් සෙට් එකම පෙන්නලා ආදිත්‍යා ට හිනාවක් දුන්නා.

" ඉතින් ඇත්තනෙ ඇයි අනේ.. මම ඒ කෙල්ලට කැමති නැහැ.

" ඒ උනාට දැන් පොඩි මෑන් කැමතීලුනෙ.

" හා හා මේ මගෙ කොල්ලා තාම පොඩි එකා ඒ හින්දා දැන්ම ඕවා ඕනෙ නෑ. මම යනවා උයන්න නැත්තම් දවල්ට බඩගින්නේ තමා ඉන්න වෙන්නේ හැමෝටම.

" හරි පොඩි

නර්මදා වටමේස සාකච්ඡාවෙන් නැගිටලා යද්දී ආදිත්‍යාත් නර්මදා එක්ක කුස්සියට යන්න නැගිට්ටම නතාශත් තේමියට විරිත්තලා ඒ පස්සෙන් ගියා. දැන් සාලේ ඉතුරු උනේ පිරිමි පාර්ශවය විතරයි.

" තේමිය

" මොකෝ ?

" මට ඔයත් එක්ක කත කරන්න ඕනා.

" ඇයි දැන් ඔයාට අපි මොනා කරනවා වගේද පේන්නේ ?.

" මම කිව්වේ තනියම.

" හරි මගෙ room එකට යමු.

අසේල එක්ක ආගිය තොරතුරු කතා කර කර හිටිය යොහාන් ගෙ අතට මෙසත්ව දීලා තේමිය අභිශේක් එක්ක එයාගෙ කාමරේට ආවා. ඒ ආවත් තේමිය වචනයක් කියන්න කලින් එයාව අභිශේක් අතරත් කාමරේ දොර අතරත්  හිරවුනා.

" කවුද හිමාශා කියන්නේ.

" ඔයාට ඒක දැනගන්නම ඕනද ?

තේමිය එයාගෙ අත් අභිශේක් ගෙ බෙල්ල වටේ යවන ගමන් දුන්නේ අභියෝගාත්මක බැල්මක්. ඒත් අනිත් පාර්ශවෙන් ලැබුන හිනාවත් එක්ක තේමියගෙ t shirt එක යටින් දැනුන අභිශේක් ගෙ අත්වල ස්පර්ශය නිසා තේමිය සම්පූර්නෙන්ම අඩපන වෙලා ගියා.

" ඔයාට මට challenge කරන්න බැහැ බබා.

අභිශේක් තේමියගෙ කනට කොදුරලා එයාගෙ බෙල්ල පුරා තොල් යවද්දී තේමිය තොල් හපාගත්තා. හොදටම ඇවිස්සිලා හිටිය තේමියගෙ මූනට බර උන අභිශේක් ඇගිලි වලින් ඒ මූන උඩට ඉස්සුවේ තේමියගෙ ඇස් දිහයි තොල් දිහයි මාරුවෙන් මාරුවට බලන ගමන්.

" බබා ඔයා ආයෙ ඔය විදිහට තොල් හපාගත්තොත් ඊලග පාර ඒක කරන්නේ මම.

හුස්ම හිරකරන බැල්මකින් ඒ කියද්දී තේමිගෙ ඇස් ආයෙමත් ගැස්සෙනවා.

" අභී..

" මම ඇහුව ප්‍රශ්නෙට උත්තරයක් ඕනේ

අභිශේක් ස්පර්ශය ඇග පුරා යද්දී තේමියගෙ මත් උන ඇස් සැරෙන් සැරේ පියවුනා.

" අ..අභිශේක් ඕ.ක නවත්තන්න..

" මට උත්තර දෙන්න කවුද ඒ.

" හි.මාශා කියන්නේ මගෙ කවුරුවත් නෙවේ. මම ඔයාව අවුස්සන්න එහෙම කිව්වේ.

" එහෙම හිතුව එකත් ලොකු වැරැද්දක් තේමිය. වැරැද්දක් කරානම් අනිවාරෙන් එකට දඩුවම් ලැබෙන්න ඕනනෙ.

අභිශේක් එයාගෙ මූන තේමියගෙ මූනේ ගාවන ගමන් කොදුරද්දී තේමියගෙ අතින් අභිශේක් ගෙ t shirt එක පොඩි වෙලා ගියා. අසරන කරන්න  පුළුවන් උපරිමේටම තේමියව අසරන කරලා  අභිශේක් එයාගෙන් ඈත් වෙලා  මුකුත් නොවුන ගානට  එලියට ගියේ තේමියව ඒ කාමරේ තනි කරලා. තේමිය ඇද උඩ ඉදගෙන පපුවත් අල්ලන් හුස්ම ගත්තේ වතුරෙන් ගොඩ ගත්ත මාලුවෙක් වගේ.

දෙවියනේ ......... මේ මිනිහා හින්දා කොයිවෙලේ හරි මාව මැරෙනවා. පිස්සා අහුවුනොත් එහෙම හොද වැඩක් කරනවා. දෙවියනේ මගෙ පපුව කොයිවෙලේහරි මූ හින්දා මට පපුවෙ අමාරුවත් හැදෙනවා. අම්මා දන්නවනම් අම්මගෙ චූටි පුතාට මේ යකා කොරන හරියක් මූට හැදිමිටෙන් ගුටි කන්න වෙන්නේ. මේ මනුස්සයා මාව එකපාරක් ඇල්ලුවමත් මෙහෙමනම් හදිස්සියේවත්....... shit ! Shit ! shit ! ඔයා මොනාද මේ හිතන්නේ තේමිය. නැහැ කවදාවත් එහෙම දෙයක් වෙන්නේ නෑහැ .  අනිත් එක මම අභිශේක් ට කැමතිත් නෑ එයාට ආදරේ කරන්නෙත් නැහැ මේක නිකම් attraction එකක් විතරයි. අඩුපාඩු තියන මනුස්සයෙක්ව හදාගෙන ආදරේ කරන්න පුළුවන් එත් මම කොහොමද වටේ දුවන හිතක් මගෙ ලග නතර කරගන්නේ. එයා තාමත් කලින් වගේම තමා. මම එයාට වෛර කෙරුව එක සාධාරනයිද කියලත් හිතෙනවා. මම දන්නෑ අන්තිමට මේ මනුස්සයා නිසා මට පිස්සු හැදෙනවා.

අභිශේක්ට නොමනා බැනුම් බැන බැන හිටිය තේමිය ආයෙත් ගැස්සිලා ගියේ දොරට තට්ටු කරන සද්දෙ නිසා

" මල්ලී

" ඔව් අයියේ.

තේමිය කණ්ණාඩිය ගාවට දුවලා ගිහින් එයාගෙ කම්මුල් වලට අත් දෙකෙන්ම තට්ටු කරගෙන සාමාන්‍ය විදිහට ගිහින් දොර ඇරියා.

" ඇයි අයියේ ?

" ඔයා මොකද මේකෙ අස්සේ කරන්නේ ?.

" අහ් නැහැ මේ මම මූන හෝදගන්න ආවේ.

" අභිශේක් කිව්වේ ඔයාට උණ ගැනෙන්න වගේ කියලා.

" ඈහ් ?. අහ් ඔව්.. මේ... ම.ගෙ ඔලුව ටිකක් රිදෙන්න ගත්තා.

" ඉන්න මම බලන්න. ඕනවට වඩා ඔලුව වෙහෙසන්නත් හොද නෑ දරුවො. ටිකක් rest  කරන්න.

" මට දැන් අවුලක් නෑ අයියේ. අපි පහලට යමු.

තේමිය අයියවත් ඇදගෙන පහලට ආවේ අභිශේක් ගෙ ආච්චිව මතක් කර කර.

Shit ! මේ මොට්ටය නම් . උණ ගැනුනොත් ගැනෙන්නේ මේ යකා හින්දා තමා. ඒ මදිවට තඩි පචේකුත් කියලා අයියට.

තේමියගෙ බැනිල්ලටමදෝ කොහෙද අභිශේක් මේ වෙද්දිත් හිටියෙ කිබුහුම් ඇර ඇර. දැන් තේමියට උඩ පැන පැන නටන්න හිතයි.

" අභිශේක් මල්ලිත් මොකද මේ කිබුහුම් අරින්න. තේමියටත් ඔලුව රිදෙනවලු. දෙන්නම ඇදකට දාලා ගැට ගහලා rest කෙරෙව්වනම් හරි.

" මමනම් කොහොමත් rest එකෙ තමා හිටියෙ අයියේ. මට පේන්නේ කවුරුහරි මගෙ පරම්පරාවම  මතක් කරනවා.

අභිශේක් තේමිය දිහා බලන් ඒ කියද්දී තේමිය වහලෙ උලු ගනිනවා.

" ඕන්නැති වැඩ කරන්න යනවට හොද වැඩේ.

අයියගෙ පිටිපස්සේ හිටිය තේමිය අභිශේක්ට රවලා කුස්සියට ගියේ කාන්තා සමිතියට සහභාගී වෙන්න. ඒ යද්දිත් තුන් කට්ටුවම කැකිරි පලනවා.

" අහ් පොඩි මෑන්.

තේමිය කුස්සියේ ස්ලැබ් එක උඩ වාඩි වෙලා ලොලි පොප් එකකුත් කටේ ගහගත්තේ සමිතියට සහභාගී වීමේ නිමිත්තෙන්.

" මොකෝ මේ පැත්තට ආවේ ? අර පුරුශයො තුන් දෙනා අතවරයක්වත් කරන්න හැදුවද ?.

ආව ගමන්ම ඒ වැදගත් පැනය නතාශගෙන්.

තුන් දෙනෙක් මොකටද ඔය එකෙක් ඉන්නේ දහයකට හරියන්න.

" මම මේ ඔයාලගෙ කෝප්පෙට ඇඩ් එකක් දාන්න ආවේ.

" අක්කා shoot එක දවසෙ හොද අඩව්වක් අල්ලලලු නේ.

" ඔව් ඔව් ආදිත්‍යා අක්කේ බටකොල ආච්චි කැමරමන් වත් පෙරලගෙන වැටිලා.අම්මෝ ශාරුක්ඛාන් කාජල් වගේ. මරු වැඩේ කියන්නේ ඒක ලස්සනට වීඩියෝ වෙලා.

" අපි ඉතින් professional නේ. වැටුනත් ලස්සනට වැටෙනවා.

නතාශා කොන්ඩෙත් ගසලා කියද්දී තේමිය  කටත් ඇද කරන් බලන් හිටියේ ආදිත්‍යා මේ දෙන්නම දිහා බල බල හිනාවෙද්දී.

" ආ මේ ආදිත්‍යා අක්කේ කෝ ඔයා මට මොනාද ගෙනාවේ. අපේ අයියව ශුවර් නැතත් මම ඔයාව විශ්වාස කරා හොදේ.

" ගෙනාවා ගෙනාවා බඩු අස් කරද්දි දෙන්නම්.

" එතකොට මට මොනාද ගෙනාවේ.

නතාශා කටත් උල් කරන් අහද්දී ආදිත්‍යා ට හිනා.

" හහ් මට ඔයාව අමතක උනානේ මැනික.

" අපෝ ඔයා හරි නරකයි. කමක් නෑ ඔයා ආවනෙ . ඔයානෙ මගෙ ලොකුම තෑග්ග.

නතාශා ඒ කියාගෙන ඇවිත් ආදිත්‍යගෙ ඇගේ එල්ලුනේ පොඩි එකෙක් වගේ.

" අනේ පිස්සි. මට ඔයාව අමතක වෙනවද අනේ.

" අපෝ අක්කේ මේ ආදිත්‍යා අක්කගෙ පවුල කඩන්න එපා ඔහොම හුරතල් වෙලා.

" අනේ මේ මම පවුල් කඩන්නෑ. අනිත් එක ඔහේට මොකෝ ඔයයි අභිශේකුයි ලව් කරද්දි මම පනින්නෑනෙ.

" ඈහ් ?

නර්මදත් අන්දුන් කුන්දුන් වෙලා වගේ තේමිය දිහා බැලුවම තේමියට වචනත් හිරවුනා.

" මොකක්ද චූටි දූ ඒකෙ තේරුම.

" ඔය බොරු අම්මා. මේ අක්කගෙ මොලේ විකෘති වෙලා. අභිශේක් මේ නිකම් යාලුවෙක් විතරයි. අනිත් එක.. මේ .... එයාට කෙල්ලෙක් ඉන්නවා. මමත් මේ හෙට අනිද්දම බදින්න කියලා හිතන් ඉන්නේ හිමාශාව හරි කමක් නෑ

" අනේ මල්ලි මේ ඔයා හිමාශාව බැන්දොත් සත්තයි මම මොඩ්ලින් කරන එකත් නවත්තලා මට ලයින් දාන අර ශුගර් ඩැඩීව බදිනවා.

" අම්මෝ අම්මෝ...

" ශුගර් ඩැඩී ? ඒ කවුද ඒ ? ඔයා මට එහෙම එකක් ගැන කියලා නෑනේ ?.

" නැහැ ආදිත්‍යා අක්කේ මේ අර පිස්සු මනුස්සයෙක්. ඒක මේ එච්චර ලොකු එකක් නෙවේ.

" ඔව් ශුගර් ඩැඩී..

තේමිය කියන්න ගිය එකත් නතර කරේ සාලෙන් ඇහුන ගිටාර් සද්දේ නිසා.

" අන්න පැදුරු සාජ්ජය පටන් ගත්තා.

" අද ඕක non stop . හෙට එලිවෙනකනුත් යයි.

" ලමයි මේ පැදුරු සාජ්ජ දාන්න කලින් කාලා ඉන්න. නැත්තම් මට බත් බෙදාගෙන බලන් ඉන්නවෙයි අර අප්පලා පුතාලගෙ ශෝ එක ඉවර වෙනකම්.

" අපි ගිහින් බෙල්ල දාලා අනතුරු අගවලා එමු.

ආදිත්‍යා නතාශවත් ඇදගෙන සාලෙට ගියාම තේමියත් කටේ තිබුන ලොලි පොප් එක කරකව කරකව ඒ පැත්තට ගියා.

" ගුත්තිල දැන්මම වැඩ පටන් ගත්තද ? ඈහ් මේ මූසිලනෙ. ගුත්තිල පෙන්ශන් ගිහින්ද ?  අන්න අම්මා කන්න එන්නලු.

ගිටාර් එක ප්ලේ කරන්නේ යොහාන් කියලා හිතුවත් ඇත්තටම ගිටාර් එක තිබුනේ අභිශේක් ගෙ අතේ. ඉතින් ආදිත්‍යා ඒ වගේ ප්‍රශ්නයක් යොමුකෙරුව එක සාධාරනයි. ඉතින් තේමියටත් මේකට කට කැඩිච්ච කතාවක් නොකිය බෑ.

" ගුත්තිලයි මූසිලයි වගේ ඒ උනාට මේ පාර ගුත්තිල වෙනුවට මූසිල තත් කඩයි වගේ. ඕක තුවක්කුවක් නෙවේ.

" ඇයි මට බැහැ කියලා හිතුවද ?.

" යොහාන් ,  පුතා කොහෙද ?.

" පුතා නිදි මම ගිහින් කාමරෙන් තිබ්බා.

" බඩගිනිද දන්නෑ පව් මගෙ කොල්ලා මහන්සිත් ඇති.

ආදිත්‍යා මෙසත්ව බලන්න උඩට ගියාම නතාශත් නැට්ට වගේ ඒ පස්සෙන් ඇදිලා ගියා.

" ඇයි ඔයා අපිට කලින් කිව්වේ නැත්තේ ඔයාගෙ යාලුවට ලස්සනට guitar play කරන්නයි sing කරන්නයි පුළුවන් නේ.

" ඔයාලට කියන්නත් මම දැනන් ඉන්න එපෑ.

" අභිශේක් දන්නෑනේ තේමියට පුළුවන් හොදට නලාගහන්න හැබැයි නහයෙන්.

" අනේ මේ ඔය බජව්ව පටන් ගන්න කලින් අම්මා කන්න එන්න කිව්වා.

තේමිය ඒ කියල යොහාන්ටයි අභිශේක්ටයි ගසාගෙන ආයෙ කුස්සියට ගියේ ඒ දෙන්නට දෙන්නා මූනට මූන බලන් හිනා වෙද්දී.

යකූ මේ යකා මෙච්චර ඉක්මනට අපේ අයියවත් අල්ලගත්තද ? . ඉස්සර වගේම තමා මෝඩයා. වචනෙන් දෙකෙන් මිනිස්සුන්ව දැලේ දාගන්නවා.

තේමිය තනියම කියව කියව කුස්සියට ගියේ නර්මදාට  කෑම මේසට දීසි තියන්න උදව් කරන්න.

" මොකද චූටි පුතා තනියම කියවන්නේ.

" මුකුත් නෑ අනේ. අර පිස්සො දෙන්නා මාව බයිට් කරනවා.

හැමෝම කෑම මේසෙට ආවම තේමිය හිටියේ අභිශේක් ගෙන් හැතැම්මක් විතර දුරින් මොකද උදේ වෙච්ච සිදුවීමත් එක්ක තේමියට අභිශේක් ලග ඉන්න බයයි. ඉතින් ආත්මාරක්ෂාව උදෙසා එයා අමතක නොකර අභිශේක් ගෙන් මීටරයක් දුරින් හිටියා . ඊටත් වඩා දැන් එයාගෙ පවුලෙ අය අභිශේක් ගැන හරියට නොදැන උනත්  එයාව එයාලගෙ පවුලෙ කෙනෙක් විදිහට සලකනවා දැක්කම තේමියට සතුටු හිතුනා. ඉතින් මීටරයක් දුරින් හිටියත් අභිශේක් දිහා සැරෙන් සැරේ හොරෙන් බලන්න තේමිය අමතක කරේ නෑ.