Chapter 15: xv ♡

LOVE HATE 🖇️ (Sinhala Bl )Words: 22820

හවස හැමෝම එයාලගෙ සංගීත සාජ්ජය පවත්වන්න සාලෙට එකතු උනා.

යොහාන්ගෙ ගීත දෙකකට පස්සේ ගිටාර් එක ලැබුනේ අභිශේක් ගෙ අතට.

" අභිශේක් ඔන්න ඔයාගෙ වාරේ.

" මම ? හැබැයි ඉතින් මට අයියා තරම් හොදට sing කරන්න බැහැ.

" පුළුවන් පුළුවන් මොකෝ බැරි.

යොහාන් ඇහැක් ගහලා කිව්වම අභිශේක් හිනා වෙවී කෝඩ්ස් වගයක් ප්ලේ කරන ගමන් කල්පනා කරේ මොකක්ද කියන සිංදුව කියලා. ඉතින් අදාල කෙනාගෙ ඇස් තමන්ගෙ ඇස් එක්ක යාවුනාම කියන්න ඕන සිංදුව එයාට ඉබේම මතක් උනා.

එබිකම් කරාලා ඔබ රහසින් මා දිහා

ඉඟියෙන් කියූ පෙම් කතා...

රැකගන්නවා මා මේ දෑස මෙන් සෑම දා..

මගෙ ජීවිතේ ඇති තුරා...

පෙර අත් බවේ ආදරෙන් එකට අපි ඉන්නැතී

ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී...

ගිටාර් කෝඩ්ස් එක්ක අභිශේක් ගෙ කටහඩ සාලය පුරාම පැතිරිලා යද්දී

තේමිය හිටියේ මේ වෙන දේ අදහාගන්න බැරුව. මොකද ඒ කටහඩ ඇග හිරිවට්ටන තරමටම ලස්සනයි. ගිටාර් එක ප්ලේ කරන අභිශේක් ව තුවක්කුවක් අතේ තියන් ඉන්න අභිශේක් ට වඩා එයාට කඩවසම්ව පෙනුනා. ඉතින් එයා මේ ලෝකෙන් අතුරුදහන් උන එක අහන්නත් දෙයක් නෙවේ. ඊටත් ඒ හැම වචනයක්ම තමන්ගෙ ඇස් දිහා බලන් කියවෙද්දි එයාගෙ මූනෙ අර කාටවත් නොදෙන පිරුනු හිනාව ලස්සනට ඇදිලා තිබුනා. ඉරේ ආලෝක පරිවර්තනයෙන් හද දිලිසෙනවා වගේ අභිශේක් ගෙ දුඹුරු පාට ඇස් නිසා තේමියගෙ ඇස් දිලිසෙනවා.

ආයෙමත් ඉපදුනා වාගෙ හිත කියනවා

ඔය දෑත ලැබුනොත් මෙමා

හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා

වචනෙන් නොකීවත් සදා.....

ආදරෙ මගේ පැවසූ මුල් දිනේ

ඔබෙ සුදු මුහුණ රතු පැහැකරන් කලබලේ

හීසර වගේ හිත පාරනු ඔබේ

වදනින් පසුබහින්නෑ ළඳේ කිසිදිනේ...

පෙර අත් බවේ ආදරෙන් එකට අපි ඉන්නැතී

ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී...

ආයෙමත් ඉපදුනා වාගෙ හිත කියනවා

ඔය දෑත ලැබුනොත් මෙමා

හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා

වචනෙන් නොකීවත් සදා.....

ඒ හිනාව , කටහඩ , සිංදුවේ වචන වලට නොදෙවනිව හැගීම් පිටදාන ඇස්, තේමියගෙ හිතට කරේ සුලු පටු බලපෑමක් නෙවේ.

ඉතින් එයාටම හිතුනා එයා කොහොමද මේ රූපෙට ලෝබකම් නොකරන්නේ කියලා. එයා කොහොමද ඒ කෙනා වෙන කෙනෙක්ගෙ වෙනවා දකින්නේ. තේමියගෙ ඉරිසියාව සාධාරනයි.

හීනෙන් වගේ සතුටින් හිත මගෙ

ගැයු ගී මියැසියට සම වෙලා තුන් පැයේ

ජීවිතේ ඔබේ මට හිමී වෙන දිනේ

වැඩි ඈතක නොවෙයි කියලා දැණුනා ඉබේ...

පෙර අත් බවේ ආදරෙන් එකට අපි ඉන්නැතී...

ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී...

ආයෙමත් ඉපදුනා වාගෙ හිත කියනවා

ඔය දෑත ලැබුනොත් මෙමා

හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා

වචනෙන් නොකීවත් සදා.....

සිංදුව ඉවර හැමෝම අභිශේක් ගෙ ගායනා හැකියාව ගැන ගුණ වයද්දී තේමිය තාමත් හිටියේ ඔලුවත් ඇලකරගෙන ඒ දිලිසෙන ඇස් වලින් අභිශේක් දිහා බලාගෙන වෙනම ලෝකෙක. නතාශගෙන් දායාද උන ගුටියකට මේ සිහියට ආව තේමියට අභිශේක් ඇහිබැම උස්සලා දුන්න හිනාවට එයා එයාගෙ ලැජ්ජාශීලී හිනාවෙන් පිළිතුරු දුන්නා. ඒත් අනිත් අතට තේමියගෙ ආදරනීය අක්කන්ඩි මේ සිදුවීම දැකලා පනු අමාරුව හැදිලා වගේ නටනවා.

" ඒයි මල්ලි මේ උබ අභිශේක් ට ලව් නේහ්.

" ඈහ් ? පි..පිස්සුද අක්කේ ??

" මම දැක්කනෙ අභිශේක් දිහා මල් හිනාවකුත් දාන් බලන් හිටිය විදිහ.

දෙයියනේ මගෙ මලයා ආදරෙන් අන්ධ වෙලා. අභිශේකුත් අම්මෝ ඒ ටික උබ දිහාම බලාගෙන කිව්ව ලස්සන. මම මාරුවෙන් මාරුවට දෙන්නා දිහා බලාගෙන තමා හිටියේ.

" මොලේ හොද නැද්ද ම..ම එයාට..කැමති නෑ. මම කොල්ලෙක්නෙ.

" බලමුකො බලමුකො ඔහොම කියන අයම තමා පස්සේ ඇලීගෙන වෙලීගෙන බදාගෙන ඉන්නේ.

" අනේ මේ මොනා බලන්නද ? මම කාත් එක්කවත් ඇලීගෙන වෙලීගෙන යන්නෑ.

කොහොමින් කොහොමින් හරි සංගීත සාජ්ජය යන අතරතුරේ දෙව්න්දර තුඩුවෙයි පේදුරු තුඩුවෙයි හිටිය ජෝඩුව එකතැනකට ආවා. දැන් අභිශේකුත් සතුටින් එයාලගෙ කපිතාන් නතාශත් සතුටින් ඒත් තේමිය පුතා බයෙන් මොකද ඉතින් චූටි පුතාගෙ හිත හයියනෑනේ ඕවට. අභිශේක් දිහා හොරෙන් බලනවා තනියම හිනාවෙනවා අභිශේක් බැලුව ගමන් කෙල්ලෙක් වගේ මූන රතු කරගන්නවා. අභිශේකුත් එයාගෙ කෝලම දිහා හිනා වෙවී ආදරෙන් බලන් හිටියා. ඉතින් මේ වෙනස පවුලෙ හැමෝටම නොතේරුනා නෙවේ මොකද තේමිය කියන්නේ හැගීම් දැනීම් ලේසියෙන් පෙන්නන ඒවා ගැන ගනන් ගන්නවා කියලා පෙන්නන කෙනෙක් නෙවේනේ. ඒත් අභිශේක් ඉස්සරහා ඒ හැමදේම කනපිට ගැහිලා.

සංගීත සාජ්ජයට සංග්‍රහ සපයන වගකීම බාරගත්තේ ආදිත්‍යායි නතාශායි නිසා නර්මදාත් අද එයාගෙ ගායනා හැකියාව ඉදිරිපත් කරා.

තේමිය් මේසෙ උඩ තිබුන පිගානෙන් මුරුක්කුවක් අරන් කටේ දාගෙන හොරෙන් බැලුවේ අභිශේක් දිහා ඉතින් එයා තව කෑල්ලක් අරන් අභිශේක් ට දුන්නා. අභිශේක් ඒක අතට ගනී කියලා හිතුවත් එයා තේමියගෙ අතින්ම ඒක කෑවා. ඉතින් තේමිය වෙසක් වගේ අභිශේක් ගෙ තොල් වැදුන එයාගෙ ඇගිලි දෙක දිහා බලාගෙන හිටියා. ඒ වෙලාවෙම වගේ අභිශේක් ට ආව ඇමතුමක් නිසා එයා එලියට ගියේ තේමිය සද්ද නැතුව අභිශේක් යන දිහා බලන් ඉද්දී. එයාට දැන් ඉරිසියයි.

ඔච්චර private call එකක්ද ? ඒත් කාගෙන්ද ?. උදේ හිමාශා කියන නම ඇහිලත් මාව මරන් කන්න හැදුවා. ඒත් දැන් එයා ?. මම අහනවා කවුද ඒ කියලා ඒත් එයා මට කියයිද ? ඇත්තටම මම ඇයි එහෙම කරන්නේ ?. එයාට මගෙ දේවල් ප්‍රශ්න කරන්න පුළුවන්නම් ඇයි මට බැරි ?

ටික වෙලාවක් කල්පනා කරලා තේමියත් නැගිටලා ගෙදර ඉස්සරහා දොර ගාවට ගියා. පිටිපස්ස හැරිලා හිටිය අභිශේක් ට එයා දිහා බලන් ඉන්න තේමියව පෙනුනේ නැහැ ඒත් හොදකට හෝ නරකට තේමියට අභිශේක් කතා කරන දේවල් ඇහුනා.

" නැහැ පැටියෝ මම පොඩි ගමනක් ආවා. අපි අද රෑ meet වෙමු. වෙනදා meet වෙන තැනටම එන්න.

".....

" ඔයාට පොඩි surprise එකක් තියනවා. මම ආවම පෙන්නන්නම්.

" .....

" බබා ඒක කිව්වොත් surprise එකක් වෙන්නෙ නෑනේ. මම ඉක්මනට එන්නම්. ම්ම්ම්. බායි.

ඇමතුමේ හිටිය කෙනාට ලැබෙන පුදුම කිරීම මොකක් උනත් ඇමතුම විසන්ධි කෙරුව අභිශේක්ට නම් පිටිපස්ස හැරෙද්දී හොද පුදුම කිරීමක් තිබුනා.

අභිශේක් ට එක වචනයක් කියන්න නොදී තේමිය ගේ ඇතුලට ගියේ එයාගෙ මේ තරහා එයා දැන් පිටකරොත් එයාට මොන මොන දේවල් කියවෙයිද කියලා එයාවත් නොදන්න නිසා. තේමිය මුකුත් නොවුන ගානට කලින් එයා ඉදන් හිටිය තැනට ගිහින් වාඩි උනාම අභිශේකුත් සාලෙට ආවා.

" මේ මට දැන් යන්න වෙනවා. අපි පස්සේ හම්බෙමු.

" අපෝ අභිශේක් ඔයා යනවද ? අපි හිතුවේ ඔයා අද ඉදී කියලා. ඒ චූටි ඔයාගෙ යාලුවට කියන්නකො ඉන්න කියලා.

" නැහැ අයියේ මට පොඩි වැඩක් වැටිලා.

" එයාට යන්න ඕනෙනම් ගියදෙන්.

තේමිය නැගිටලා එයාගෙ කාමරේට යනගමන් එයාගෙ දුරකථනේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඒ කියද්දී අනිත් අයට හිතාගන්න බැරි උනා එකපාරටම තේමියට මොනා වෙලාද කියලා.

" ඔයාලා දෙන්නා ඒ ටිකට වලියක් දාගත්තද ?.

නතාශා ඒ අහද්දී අභිශේක් ට දැනුන වරදකාරී හැගීම එක්ක එයා මුකුත් නොකිය තොල් තද කරලා ලාවට හිනාවුනා.

කාමරෙට ආව තේමිය තමන්ගෙ දුරකථනය ඇද උඩට විසි කරලා එහෙම්මම ඇදේ පෙරලුනා. එය කිසිම හැගීමක් නැතුව සිවිලිම් දිහා බලන් හිටියේ එයාට දැන් මේ දැනෙන දුකට දවසක් හරි අඩන්න පුළුවන් නිසා.

Shit !! තේමිය තමුසෙට මොකක්ද වෙලා තියෙන්නේ. විකාර හිතන්නැතුව ඉන්නවා. තමුසෙට අනිත් මිනිස්සු ගැන හිතනවා ඇරෙන්න වෙන වැඩ තියෙනවා කරන්න.

හිත ඇතුලෙන් පනින්න හදන දුක ගනන් නොගෙන ශවර් එක යටට ගිය තේමිය එයාගෙ ඔලුව බිත්තියට හේත්තු කරගෙන ඇස් පියාගත්තා. ඒ එක්කම එයාට මතක් උනේ එයාගෙ කරේ තිබුන අභිශේක් ගෙ මාලෙ. තේමිය ඒ පෙන්ඩන්ට් එක දිගේ ඇගිලි යවන ගමන් ඒ දිහා ඔහේ බලන් හිටියා.

ඔලුවට සහනයක් දැනෙනකම්ම ශවර් එක යටට වෙලා හිටිය තේමිය කාමරේට ආවත් හරි එයාට ආව ඇමතුම දැකලා දැන් එයාගෙ හිත කලුගලක් බැදන් ඉන්නවා වගේ බරයි. තෙත බේරෙන කොන්ඩෙ පිටින්ම ඇදේ ඉදගත්ත තේමිය ඒ ඇමතුම විසන්දි වෙලා යනකම් ඒ දිහා බලන් හිටියා.

" මල්ලී..

" ඇයි අක්කේ.

" මේ ඔයා වැඩක්ද ?.

" නැහැ ඇයි

" මම ඇතුලට එන්නද ?.

" එන්න.

" මොකද බන් ඔය කොන්ඩෙන් වතුරත් බේරෙනවා. අසනීපයක්වත් හැදෙයි.

නතාශා තරවටු බැල්මක් එක්ක ඒ කියන ගමන් තේමියගෙ කර වටේ තිබුන ටවල් එක අරන් එයාගෙ කොන්ඩෙ පිහන්න ගත්තා.

" මල්ලී.

" ම්ම්ම්.

" ඇයි බන් ඔහොම ගෑනි මැරිලා වගේ ඉන්නේ.

" මේ වෙන දේවල් එක්ක මම නොමැරි හිටියොත් තමා.

" ඔයා අවුලෙන්නම් ඉන්නේ ඒ දේ මට කියන්න. ඔයා දන්නවනෙ අපි දෙන්නා අතර රහස් නෑ කියලා. මගෙ හැමදේම ඔයා දන්නවා වගේ ඔයාගෙ හැමදෙයක්ම මාත් දැනගන්න ඕනා. හැමදේම හිතේ හිර කරන් ඉන්න එපා.

තේමිය එයාගෙ රතු උන ඇස් වලින් එයාගෙ අක්ක දිහා බලලා ලාවට ඇදුන හිනාවක් එක්ක සැනසුම් සුසුමක් හෙලුවා.

" හැමදේම වෙන්නේ හොදට කියනවනෙ.

" ඒක ඇත්ත. මම දෙයක් අහන්නද ?.

හැබැයි මට ඒකට හරියට උත්තරයක් ඕනා.

" මොකක්ද ?.

" ඔයයි අභිශේක් අතරයි මොනාහරි දෙයක් තියෙනවද ?.

" හ්ම්ම් මම මෙහෙම කිව්වොත්.. මම එයාට කැමතිත් නැහැ අකමැතිත් නැහැ. මම එයාට ආදරේ කරන්නෙත් නැහැ මට එයා ගැන වෛරෙකුත් නැහැ. මට එයාව මගෙ කරගන්න ඕනෙත් නැහැ එයා වෙන කෙනෙක්ගෙ වෙනවා බලන් ඉන්නත් බෑ. මම එයාව විශ්වාස කරන්නෙත් නැහැ නොකරන්නෙත් නැහැ. මම දැන් හරියට ප්‍රෙහේලිකාවක හිරවෙලා වගේ. එයා ගැන තියෙන හැගීම් සැරෙන් සැරේ වෙනස් වෙනවා.

ඒ අතරෙම ආයෙත් තේමියගෙ දුරකථනය නාද වෙනවා. ඒත් තේමිය ඒ දිහා බලලා අහක බලාගත්තා.

" ඔයාට එයත් එක්ක කතා කරන්න ඕනෙ නැද්ද ?.

" ඕනෙ නැහැ.

" ඔයාලා අතර උන දේ මම දන්නෙ නැහැ ඒත් එයා ඔයා ගැන වද වෙන්නෙ නැත්තම් මෙහෙම කෝල් කරන්නෙත් නැහැනෙ.

" හ්ම්ම් ඒත් එයාට වෙන කෙනෙක් ඉන්නවා.

" ඔයා කොහොමද ඒක දැනගත්තේ.

" මට එයාගෙ කෝල් එක ඇහුනා.

" මල්ලි සමහර විට මේක වැරදි වැටහීමක් වෙන්න ඇති.

" වැරදි වැටහීමක් ?. නැහැ අක්කේ ඔයාට වඩා දෙයක් මම එයා ගැන දන්නවා. මම එයාව දන්නේ අවුරුදු හතරකට කලින් ඉදන්. එයා අනිත් අයව ආශ්‍රය කරන හැටි ඒ අය එක්ක කතා කරන හැටි මම දැකලා තියෙනවා. ඒ හිත එක තැනක නවතින හිතක් නෙවේ අක්කේ.

එලියට එන්න හදන කදුලු හිරකරගෙන තේමිය මෙහෙම කියද්දී නතාශාටත් දුකයි. පවුල ඇතුලෙ වැඩියෙන්ම රණ්ඩු වෙන්නෙත් ඒ දෙන්න උනාට වැඩියෙන්ම ආදරෙත් ඒ දෙන්නා. නතාශා ඇද උඩ ඉදගෙන තේමියට එයාගෙ ඔලුව එයාගෙ ඔඩොක්කුවේ තියාගන්න කියලා හිමීට අතගෑවා.

" හදිස්සි වෙලා දේවල් තීරනය කරන්න එපා මල්ලි. ඒක මට වඩා හොදට ඔයා දන්නවනෙ.

" හ්ම්ම්.

ඉවරයක් නැති ඇමතුම් නිසා කනක් ඇහිලා ඉන්න බැරි තැන තේමිය අන්තිමට ඒ ඇමතුමට ප්‍රතිචාර දුන්නා.

" තේමිය.

" කියන්න.

" මට ඔයත් එක්ක කතා කරන්න ඕනා.

" මොනා ගැනද ?.

" අපි ගැන ?

ඒක ඇහුනත් එක්කම තේමියට ගියේ නක්කල් හිනාවක්.

" අපි ගැන ? අපි ගැන මොනාද ?

" අහන්න හවස වෙච්ච දේ ඒක ඔයා

" ඉස්සෙල්ලා ඔයා අහගන්න අපි යාලුවො විතරයි. නිකම් work partners ලා. ඉතින් ඔයාගෙ personal දේවල් මට කියන්න එපා. ඔයා මගෙ personal දේවල් හොයන්නත් එපා. මම මගෙ සීමාවේ ඉන්නවා වගේ මම හිතනවා ඔයත් ඔයාගෙ සීමාවේ ඉදී කියලා. එච්චරයි. තව මොනාද ඔයාට කියන්න තියෙන්නේ.

" ...... මුකුත් නැහැ.

" මුකුත් නැහැනෙ එහෙනම් මම තියනවා.

අනිත් පැත්තෙන් එන පිලිතුර නොසලකා තේමිය ඒ ඇමතුම විසන්දි කරා.

" අඩෝ ඒක පොල්ලෙන් ගැහුවා වගේනේ.

" මම වැරදි නෑ.

" හරි හරි ඔයා දැන් නිදාගන්න. මටත් නිදිමතයි.  හෙට shoot එකක් තියෙනවා.

" හා හා Good night

" Good night good night

------------------------------------------------------------

හායි ළමයි... 🥰❤️

ඔන්න අභිශේක්ව ලමිස්සිගේ අතටම අහුවුනා 👀