Chapter 17: xvii ♡

LOVE HATE 🖇️ (Sinhala Bl )Words: 37293

මම හිතුවේ නැහැ මම කතා කෙරුව ගමන්ම ඔයා එන්න කැමති වෙයි කියලා.

" ඇයි ඒ ? මම අකමැති වෙන්නේ.

හවස චනුලිගෙන් ලැබුන දුරකථන ඇමතුමක් නිසා තේමිය චනුලිව මුන ගැහෙන්න මුහුද වෙරලට ගියා.

" මට නිකම් හිතුනා. හරි ඒක අමතක කරමුකො. ඔයා job එකක් එහෙම කරනවද දැන් .

" ඔව් ඉතින් හැමදාම අම්මටයි තාත්තටයි බරක් වෙන්න බැහැනෙ.

" ඔව් ඒක ඇත්ත .

" එතකොට ඔයා ?

" මම bank එකක වැඩ කරන්නේ.

" ම්ම් හොදයි

" තේමිය

" කියන්න.

චනුලි තේමියගෙ අතක් එයාගෙ අත් දෙකෙන්ම අල්ලන් අහිංසක විදිහට තේමිය දිහා බලද්දී තේමිය කුතුහලයක් එක්ක එයාලගෙ අත් දිහා බැලුවා. චනුලි ඊලගට කියන්න යන දේ ගැන් එයාගෙ හිතේ අදහස් නොතිබුනාමත් නෙවේ.

" මට ඕනා අපි ආයෙත් එකට ඉන්නවා දකින්න. කලින් පාර මොන වැරදි තිබ්බත් මම ඒවා හදාගන්නම්. මම දන්නෑ ඔයා මොකක්ද මගෙන් දැක්ක අඩුව කියලා ඒත් please මට තව එක අවස්ථාවක් දෙන්න .

චනුලි කතාකරන දේවල් එයාට ඇහුනත් එයා එතනම ගල් උනේ ඉස්සරහින් දැක්ක ඇස් රතු කරන දර්ශනය නිසා. ඒ අභිශේක් වෙන පිරිමි ලමයෙක් එක්ක බීච් එකේ ඉන්නවා. අභිශේක් ඒ කෙනා එක්ක හිටියේ සතුටින්ද නැද්ද කියලා එයා දැක්කේ නැහැ ඒත් එයා ආදරේ කරන හිනාව ඒ මූනෙ ඇදිලා තිබ්බා. එයා ආදරේ කරන ඇස් දැන් වෙන කෙනෙක් දිහා බලනවා. තරහත් දුකත් මිශ්‍ර උන හැගීමකින් තේමිය එක එල්ලේම ඒ දිහා බලන් හිටියේ ලොකු වේදනාවකින්. ඒත් තව විනාඩියක් නාස්ති නොකර ඒ ඇසුත් තමන්ගෙ ඇස් එක්ක යා වෙද්දී ඒ ඇස් ගැස්සෙන හැටි තේමිය දැක්කා.

" තේමිය ඔයා මන් කියන දේවල් අහගෙන ද ඉන්නේ ? ඔයා කොහෙද බලන් ඉන්නේ ?.

" හ්ම්ම්.

" හ්ම්ම් ? ඔයා හ්ම්ම් කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද ?. ඔයා මට තව අවස්ථාවක් දෙනවද ?.

තේමිය අභිශේක් දිහාම බලාගෙන ඒ ප්‍රශ්නෙටත් හ්ම්ම් කියන උත්තරේම දුන්නා.

චනුලි තමන්ගෙ සතුට පිටදාන්න තේමියව බදාගත්‍තම තමන්ගෙ ඇස් එක්ක යා වෙලා තියන ඇස් ඉරිසියාවෙන් පිරෙද්දී එයාගෙ මූනේ ඇදුනේ දුක හැංගුනු හිනාවක්.

" thankyou තේමිය . Thankyou soo much. I promise you, I will be the best girlfriend in the world.

" ok. අපි වෙන කොහෙට හරි යමු.

තේමිය චනුලිගෙ අතින් අල්ලගෙන එතනින් ගියාම අභිශේක් ඒ දිහා බලන් හිටියේ ගිරයකට අහුවෙලා වගේ. එයාට කරගන්න කිසිම දෙයක් තිබුනෙ නැහැ. ඒ වරද කාරී හැගීම , තේමියව එයාට නැති වෙයි කියන බය එයාව මනසින් වට්ටන්න පුළුවන් උපරිමේටම වැට්ටුවා.

තේමිය චනුලි එක්ක බීච් එකෙන් එනවත් එක්කම එයාට ඇමතුමක් ආවා.

" කියන්න.

" .......

" ම්ම්ම්.

" ...........

" ok . මම බලන්නම්.

" i'm sorry චනුලි මට දැන් යන්න වෙනවා. පොඩි වැඩක් වැටිලා.

" මේ හදිස්සියේ ?.

" ම්ම් ඔව් අපි වෙන දවසක date එකකට යමු.

" ok තේමිය.

තේමිය එයාගෙ බයික් එක ලගට ගියත් චනුලි දුවගෙන එයා ලගට ආවා.

" මට hug එකක්වත් දෙන්නේ නැතුවද යන්නේ

" අහ්.

මේ සිද්ධියෙන් පස්සේ අභිශේක් තේමියට කොච්චර calls ගත්තත් අභිශේක්ට ඒවට පිලිතුරු ලැබුනේ නැහැ. අඩුම තරමේ තේමිය ඉන්න තැනක්වත් එයාට හොයාගන්න පුළුවන් උනේ නැහැ. බැරිම තැන අභිශේක් තේමියගෙ ගෙදර ගියේ තේමිය ගෙදර ගිහින් ඇති කියලා හිතලා.

" අම්මා.

" පුතා ඇයි මේ කලබලෙන් ?. කෝ තේමිය.

" අහ් නැහැ භාතිය sir call කරා.මම හිතන්නේ තේමිය දැනටමත් headquarters යන්න ඇති

" ඒත් පුතේ මේ වෙලාවේ ?.

" ඔව් අම්මේ මේ භාතිය sir කතා කෙරුව නිසා එයා office එකට යන්න ඇති.

" මම යන්නම් අම්මේ.

" හරි පුතේ පරිස්සමින්.

" හරි අම්මේ.

අභිශේක් නර්මදාට බොරු කිව්වේ තේමිය ගිය තැනක් ගැන දන්නෙ නෑ කියලා දැනගත්තොත් නර්මදා කලබල වෙන නිසා. ඒත් අභිශේක් දැන් හිටියෙත් හොදටම කලබල වෙලා. එයා තේමිය ඉන්න තැනක් දන්නෙ නැහැ. අඩුම තරමෙ එයාගෙ එක ඇමතුමකටවත් තේමියගෙන් පිලිතුරු ලැබුනෙ නැහැ.

තේමිය ඔයා කොහෙද ඉන්නේ. ආශ් !! යන තැනක කියලා යන්නෑනේ බක පණ්ඩිත කම. අඩුම තරමෙ call එකක්වත් answer කරන්නෙ නැහැ . පුදුම මුරන්ඩු කමක් තියෙන්නේ . අහුවුනොත්නම් අත පය ගැටගහලා ගෙට දාලා දොරවහනවා ආයෙ එලියට එන්න බැරි වෙන්න.

වාහනේට නැග්ග අභිශේක් ඔලුව ගිනි අරන් කල්පනා කර කර ඉද්දී ඒ එක්කම නාදුනන අංකයකින් එයාට ඇමතුමක් ආවා.

" hello ?

අභිශේක් ඇමතුම ගත්තත් එයාට ඇහුනේ හිනාවෙන හඩක්. ඒ එක්කම එයාට ඒ කවුද කියලා අදුර ගන්න වැඩි වෙලාවක් ගියෙ නැහැ.

" චමින්ද තමුසෙ ?.

" උබට එහෙනම් මගෙ කටහඩ අමතක නෑ.

උබේ මේ මහලොකු යාලුවා දැන් මං ගාව ඉන්නේ. මිනිහට උබට කතාකරන්න කිව්වත් ඌ කට හොල්ලන්නෑ. ඌ දැන් ගුටි කාලම මැරෙනවා.

" චමින්ද !!!!! මම තෝව කෑලි කරනවා දැන ගනින් තිරිසනා. තොගෙයි මගෙයි ප්‍රශ්න වලට ඒ කොල්ලව මේවට ගාව ගන්න එපා.

" ඌම තමා මගෙ වැයික්කියට ඇවිත් මටම පාට් දාන්න ආවේ. මූව ආයෙ දකින්න ආසාවක් තියෙනවනම් තනියම වරෙන් වරාය ලග තියන මගෙ ගබඩාවට. එතකොට උබලා දෙන්නවම එක පාර පොලවට පස් කරතහැකි. මතක් කරලා ඉක්මනට වරෙන් නැත්තම් මුගෙ මල කද තමා උබට දකින්න වෙන්නේ.

රත් උන ලේ නහර උලුප්පගෙන ඇග පුරා දුවද්දී වෙව්ලන අත් දෙකෙන් වාහනය පන ගැන්වුව අභිශේක් විදුලි වේගෙන් වාහනය පැදෙව්වේ චමින්දගෙ වරාය ලග තියන ගබඩාවට. දැන් ඒ ඇස් වලින් මිනිහෙක් පුච්චලා අලු කරලා දාන්න පුළුවන් තරම් වෛරයෙන් පිරිලා.

විනාඩි පහෙන් ගබඩාව ලගට ආව අභිශේක් වාහනේ දොර ගැලවෙන තරම් හයියෙන් වහලා දාලා කෙලින්ම ගියේ ගබඩාව ඇතුලට. ඒ යද්දී එතන චමින්දගෙ මැරයෝ වැහි වැහැලා.

" ආවද officer අභිශේක් ? මං උබ එනකම් තමා මෙච්චර වෙලා බලන් හිටියේ.

" කොහෙද තේමිය.

" අරන් එනවා ඔය අනිත් එකාව.

චමින්දගෙ මැරයෝ දෙන්නෙක් අත් ගැටගහලා තිබ්බ තේමියව ඇදගෙන ඇවිත් බිමට ඇදලා දැම්මා. තේමිය හිටියේ හොදටම තුවාල වෙලා . මේ දර්ශනය අභිශේක් ගෙ පපුවට පිහියෙන් අනිනවා වගේ. අභිශේක් බිම හිටිය තේමිය ලගට යන්න හැදුවත් චමින්දගෙ මිනිස්සු අභිශේක් ව අල්ලගත්තා. ඒත් උන්ට අභිශේක් එක්ක හැරෙන්නවත් පුළුවන් කමක් තිබ්බේ නැහැ. අභිශේක් අතට අහුවෙන අහුවෙන මිනිහට නැගිට ගන්න බැරි වෙනකම් ගැහුවා.

" අභිශේක් !! මුගෙ ඔලු කට්ට කුඩුවෙන්න වෙඩි තියන්න කලින් ඕක නවත්තපං. මූව පනපිටින් ඉන්නවා දකින්න ආසනම් ඔතනම දණගහපන්. උබලා අද මැරෙන විදිහට පොලීසියේ උන් චමින්ද කියන නම ඇහුවත් කකුල් වෙව්ලන තැනට වැඩ සිද්ද වෙයි.

එතන මැරයො දෙන්නෙක් අභිශේක් ව දණ ගස්සලා එයාගෙ ඔලුවට තුවක්කුවක් තිබ්බා.

" අභිශේක් මෙහෙන් යනවා. මුන් තමුසෙව මරයි.

" තේමිය.. මට සමාවෙන්න.

" උබලා හිතුවද මගෙ වැයික්කියට ඇවිත් පන පිටින් යන්න ?. උබලා දෙන්නගෙම කතාව අද මම මෙතනදි ඉවරයක් කරනවා.

" චමින්ද කරුනාකර එයාව අත අරින්න. උබට තරහා තියෙන්නෙ මාත් එක්ක. ඒ දේවල් මාත් එක්ක බලාගනින්. මම උබෙන් වැදලා ඉල්ලන්නේ.

ඒ කියලා ඉවර වෙනවත් එක්කම අභිශේක් පිස්සෙක් වගේ හිනාවෙන්න ගත්තා. ඒ වෛරයෙන් කැකෑරෙන් ඇස් එක්ක අභිශේක් චමින්ද දිහා බලගෙන හිනාවෙද්දී චමින්දගෙ මූන ටිකෙන් ටික බයකින් වෙලිලා ගියා. කේන්තියේ උපරිම අවධියේ හිටිය අභිශේක්ගෙ නහයෙන් එක දිගටම ලේ එන්න ගද්දී තේමිය මේ හැමදෙයක්ම දිහාම බිම ඉදන් බලන් හිටියේ තුශ්නිම්බූත වෙලා. මේ දේවල් වලින් එයාට දැනුනේ ලොකු බයක්. එතන දැන් හිටියේ එයාගෙ අභිශේක් නෙවේ කියන්න එයාට දිවුරන්න පුළුවන්. තේමිය ඒ අභිශේක් ගෙ කේන්තිය දැක්ක පලවෙනිවතාව. ඒක එයාට එනවා වගේ ක්ශනික කේන්තියක් නෙවේ ඒක හරියට අකුනු ගහන කුනාටුවක් වගේ. එයා ආදරේ කරන ඇස් දැන් රතු වෙලා වෛරයෙන් ගිනි දැල් පුපුරනවා.

" උබ ? උබ මොකද හිනාවෙන්නේ. මාරයගෙ කට ලගට ඇවිල්ලවත් උබට බය හිතෙන්නෙ නැද්ද.?.

" මාරයා ?. උබේ මාරයා මම වෙද්දී මම මොකටද යකෝ බයවෙන්නේ. උබ හිතුවද මම උබෙන් බැගෑපත් වෙයි කියලා. උබ අත තිබ්බේ මගෙ දේකට. මට හිනා ගියේ උබේ මිනිය උබේ අම්මටවත් හොයාගන්න බැරි උනාටපස්සේ උබ අනාත මිනියක් විදිහට වැලලිලා යන විදිහ මතක් වෙලා. අදින් පස්සේ උබේ නම ඇහුවම පොලීසිය නෙවේ මගේ නම ඇහුවම පාතාලේ උන්ගෙ කකුල් වෙවුලයි.

" උබට ඔච්චර හයියක් !!!

අභිශේක්ගෙයි චමින්දගෙයි සාප කර ගැනීම් මැද්දේ තමන්ගෙ අත් ගැටගහලා තිබුන ලනුව ලෙහාගත්ත තේමිය චමින්දට පයින් ගහලා ඒ තුවක්කුව උදුරලා අරන් චමින්දට දික් කරා. ඒ තප්පරෙන්ම අභිශේක් තමන්ගෙ දෙපැත්තේ හිටිය මැරයෝ දෙන්නට පහර දීලා ඒ තුවක්කු උදුරලා අරන් වටේ හිටිය මැරයන්ට වෙඩි තියන්න ගත්තා. තේමිය චමින්දගෙ කකුලට වෙඩි තියලා අභිශේක් ගෙ උදව්වට ගියා. අන්තිමට ඒ දෙන්නා විතරක් ඉතුරු වෙන්න අනිත් මැරයෝ සේරම බිම වැටිලා පන ඇද ඇද හිටියා.

" තේමිය !!!

අභිශේක් තේමියගෙ නම කෑ ගහනවත් එක්කම චමින්ද එතන තිබුන තුවක්කුවකින් තේමියට වෙඩි තිබ්බා. ඇස් තද කරලා පියාගත්ත තේමියට දැනුනේ තද වැලද ගැනීමක් එක්ක එයාව බිමට ඇදන් වැටෙනවා විතරයි. තේමිය ඇස් ඇරලා බැලුවත් එයාට කිසිම වේදනාවක් දැනුනෙ නැහැ. ඒ එක්කම අභිශේක් වටේ එතිලා තිබුන තමන්ගෙ අතට දැනුනේ උනුසුම් දියරයක්. ඒකෙන් ඇස් ලොකු උන තේමිය එයාගෙ අත දිහා බලද්දී ඒ මුලු අතම දැන් රතු පාටයි. ඒ එක්කම චමින්ද කොර ගගහා එයාලා ලගට ඇවිත් ආයෙමත් අභිශේක් ට වෙඩි තිබ්බා. ඒ නිසා තේමිය අභිශේක්ගෙ අතේ තිබුන තුවක්කුවක් අරගෙන චමින්දට වෙඩි තියාගෙන තියාගෙන ගියා.

තේමියගෙ අත් වෙවිලනවා. දැන් හරියට කවුරුහරි එයාගෙ පන එයාගෙන් ඇදගෙන යනවා වගේ එයා හිටියේ හොදටම බය වෙලා.

" අ..භි.අභිශේක්.

වේදනාව කාගෙන තේමියගෙ ඇග උඩින් අයින් උන අභිශේක් තේමිය දිහා බලලා හිනා උනා.

" ඔහොම බය වෙන්න එපා මැනික. මම අද මේක ඉවරයක් කරනවා.

වෙඩි පාරවල් වලින් ඇගෙන් ලේ වැගිරෙද්දිත් අභිශේක් එතන වැටිලා හිටිය මැරයෙක්ගෙ අතේ තිබුන කඩුවක් අරගෙන චමින්ද ගාවට ගියා. චමින්ද තාමත් හිටියේ පන ඇද ඇද. අභිශේක් පිස්සෙක් වගේ හිනා වෙවී චමින්ද ලගට එද්දී චමින්ද බිම බඩ ගගා පස්සෙන් පස්සනට ගියා.

" මැරෙන්න කලින් මේකත් දැනගෙන මැරියන්. මම නිර්වාන් සිංහවංශ. දේශාන් සිංහවංශගෙයි මිනෝලි විජේරත්නගෙයි එකම පුතා..

උබ අත තියන්නෙම මගෙ දේවල් වලට. මම කිව්වනෙ. උබේ මිනියටවත් සැනසීමක් ලැබෙන්නෙ නෑ. උබේ ගෙදර උන් පව් උන්ට අඩුම තරමෙ උබේ මිනියවත් බලාගන්න වෙන්නෑ.

තේමිය ඔයා මෙතනින් යන්න !.

" ඔයා මොකක්ද කරන්න යන්නේ.

" බබා මේ දේවල් ඔයා දකින්න ඕනෙ නැහැ.

" ඔ.. ඔයා..ඕ..න දෙයක් කරන්න මට බලන්න ඕනෙ නැහැ.

අනිත් පැත්ත හැරිලා ඇස් වහගත්ත තේමියට ඇහුනේ චමින්ද වේදනාවෙන් කෑ ගහන සද්දෙයි ඉවරයක් නැති කඩු පාරවල් වල සද්දෙයි.

" අභිශේක් දැන් ඇති.....

තේමිය ඒ කෑලිවෙලා තිබුන චමින්දගෙ මිනිය දිහා නොබලා අභිශේක් ව එයාගෙ පැත්තට හරව ගත්තා.

" අභිශේක් ඔහොම හැසිරෙන්න එපා මට බය හිතෙනවා.

තේමිය කදුලු පිරුනු ඇස් වලින් තොල් හපාගෙන එයාගේ සීතල වෙලා තියන අත් වලින් අභිශේක් ගෙ නහයෙක් එන ලේ පිහදැම්මා.

" මගෙ තේමියට මං නිසා බය හිතුනද ?. ඌටත් හිතන්න තිබ්බා මගෙ දේකට අත තියන්න කලින්.

අර වෛරයෙන් කැකෑරුන ඇස් තමන් දිහාවට හැරවෙද්දී ආදරෙන් පිරෙන හැටි තේමිය ඇස් පනාපිටම දැක්කා.

එයාලට තවත් මෙතන රැදෙන්න වෙලාවක් ඉතුරු නොකර චමින්දගෙ අනිත් මැරයෝ ගබඩාව ඉස්සරහින් මතු උනා. මේ වෙද්දිත් චමින්දගෙ මිනිස්සු ගබඩාව වට කරලා තිබුන නිසා එයාලට මෙතනින් පැනගන්න එක ලේසි උනේ නැහැ.

" අභිශේක් !! අර යක්සයෝ ටික එන්න කලින් මෙහෙ එන්න අපි ඉක්මනට hospital එකකට යන්න ඕනා.

" මගෙ doctor මෙතන ඉද්දී මම මොකටද hospital වලට යන්නේ.

" ඔයාට දැනුත් විහිලුකරන්න ඕනද ? අභිශේක් මට පිස්සු හදවන්න එපා.

" මෙහෙන් එන්න. මම මෙතනින් එලියට යන්න විදිහක් දන්නවා.

ගබඩාවේ ඉස්සරහින් චමින්දගෙ මිනිස්සු පනහක් විතර ආයුධත් එක්ක එද්දී අභිශේක් අමාරුවෙන් තේමිය එක්ක ඒ ගබඩාවේ පිටිපස්සෙම තිබුන දොර ගාවට ගියා.

" තේමිය මෙතනින් කෙලින්ම ගියාම මගෙ වාහනේ හම්බෙනවා ඉක්මනට මෙතනින් යන්න.

අභිශේක් වාහනේ යතුර තේමිය අතට උන්නම තේමිය හිටියේ අභිශේක් මේ කිව්වේ දේ තේරුම් ගන්න බැරුව.

" එතකොට ඔයා ?

" මම මුං ගැන බලාගන්නම් කිව්වම ඉක්මනට යන්න.

" අභිශේක් තමුසෙ මොන කුනුහරපක්ද මේ කියවන්නේ ?

" උන්ට ඕනා මාව. මං නිසා ඔයාව අනතුරේ දන්න බැහැ ඉක්මනට යන්න තේමිය please .

තේමිය ඇස් වල කදුලු පුරවගෙන දත් මිටිකකා අභිශේක් ගෙ ඇදුමෙන් ඇදලා එයා ලගට ගත්තා.

" තමුසෙ හොද සිහියෙන්ද ඉන්නේ. මේ අහපං අභිශේක් උබ මගෙන් මැරුම් කන්න එපා. උබ යන ඕන අපායකට මාත් උබත් එක්ක යන්න එනවා. ඒක උබටවත් නවත්තන්න බෑ. උබ කොහොමද මට කියන්නේ උබව දාලා යන්න කියලා. උබ කොහොමද ඒ වගේ දෙයක් කටක් ඇරලා කියන්නේ. ආහ් ? මට උත්තර දෙනවා.

තේමිය අභිශේක් ට බැන්නේ එයාට තිබුන දුකටයි කේන්තියටයි. කලින් මොන දේවල් දැක්කත් දැන් තමන් වෙනුවෙන් පන උනත් දෙන්න ලෑස්ති මනුස්සයව එයාට කීයටවත් දාලා යන්න බැහැ. ඒ ඇරත් දැන් ඒ කෙනා ගැන එයාට මේ දැනෙන හැගීමත් එක්ක එයාට ආපස්සට හැරෙන්න බැරි බව තේමිය හොදාකාරව දැනන් හිටියා වගේම එයාටත් ඒ දෙයින් පැනලා යන්න ඕන උනේ නැහැ.

" උබ මට කියන්නේ මන් නිසා උබේ ජීවිතෙනුත් උබට වන්දි ගෙවන්න සලස්සන්න කියලද ?

" තමුසෙට අමතක උනාද මමත් පොලිස් කාරයෙක් කියලා.

" උබ ලෝකෙට පොලිස් කාරයෙක් උනාට උබ තමයි මගෙ මුලු ලෝකෙම. මම උබට මෙච්චර ආදරේ කරන්නේ මගෙ ඇස් ඉස්සරහම මැරිලා යන්න නෙවේ තේමිය. උන් තිරිසන්න්නු වගේ මගෙ තේමියට මොනාහරි උනොත් මට සැනසීමේ මැරෙන්නවත් බැරි වෙයි.

" උබ නැතුව මෙතනින් ගිහින් විදවනවට වඩා මට මැරෙන එක සැපයි අභිශේක්. පුළුවන් දෙයක් කරපං උබට මාව නවත්තන්න බෑ. උබ නැතුව එක අඩියක් මම මේ අපායෙන් එලියට තියන්නෑ.

ආවේගයත් එක්ක දෙන්නගෙම හිත්වල තිබුන දේවල් එලියට පැන්නේ එයාලටවත් ඒ ගැන හරි අවබෝධයක් නැතුව. මොකද මැරයන්ට අහුනොවී ජීවිතේ බේරගන්න තියන වෙලාව තමන්ගෙ හැගීම් පාපොච්චාරනය කරන්න හොද වෙලාවක් නෙවේ කියලා ඒ දෙන්නම දන්නවා.

කොච්චර හංගන්න හැදුවත් දෙන්නට දෙන්නා ආදරෙයි. දහ අතේ අභිශේක් ට ආදරේ කරන්නෑ කියලා කටින් විතරක් දිවුරන තේමියගෙ හිතත් ඒක පිලිගත්තා.

" තේමිය මාව පිස්සු වට්ටන්නැතුව මෙතනින් යමන් මම උබේ කකුල් දෙක අල්ලලා වැදලා කියන්නම්.

අභිශේක් තේමිය ඉස්සරහම දණ හැහුවේ මේ අසරන කම එයාව දැනටමත් යට කරලා ඉවර නිසා.

" අභීශේක්....

තේමියත් අභිශේක් ලග දණ ගහගෙන ඒ මූන එයාගෙ අත් දෙකෙන්ම අල්ල ගත්තා.

" මම..මැරෙන්නෙ නෑ. මට මුකුත් වෙන්නේ නෑ . ඔයා නැතුව අද මම මෙතනින් ගියොත් මට හැම තප්පරේකම මැරි මැරයි ජීවත් වෙන්න වෙන්නේ. Please අභීශේක් මට මෙච්චර ගින්දරක් උහුලන්න බැහැ. Please මාත් එක්ක එන්න.

" ඒත් මට ඔයාගෙ ජීවිතේ අනතුරේ දාන්න බැහැ තේමිය.

චමින්දගෙ මැරයෝ ගබඩාව පුරාම ඒ දෙන්නව මරන්න හොයද්දී ඒ දෙන්නම උන්ට අහුනොවී අනූ නවයෙන් එතනින් පැනලා ගියා. ඒත් අභිශේක් ගෙ ජීවිතේ තිබුනෙ ලොකු අනතුරක. වැදුන වෙඩි පාරවල් නිසා එයාගෙ ඇග සම්පූර්නෙන්ම ලේ වලින් තෙත් වෙලා.

" අභිශේක් please ඇස් වහන්න එපා. මං දිහා බලන්න.

" ඔය මූන දිහා බලන් මැරෙන එකත් මට සැපක් තේමිය.

" තමුසෙට මාව දාලා යන්න බැහැ.

" මට සමාවෙන්න.

" මොකටද සමාව ඉල්ලන්නේ.

" අද මට ඔයාව දාලා යන්න උනොත් මට ඒකට සමාවෙන්න. ඒත් ඊට කලින් ඔයා දෙයක් දැනගන්න ඕනා. මම තවත් මගේ හැඟීම් ඔයාගෙන් හංගන්නෙ නෑ මොකද අද මට මැරෙන්න උනොත් මම ඒකට පසුතැවිලි වෙයි. මම ඔයාට ආදරෙයි තේමිය , මම ඔයාට ගොඩක් ආදරෙයි. මම දන්නවා දැක්ක දේවල් නිසා ඔයා මාව විශ්වාස කරන්නෙ නැහැ කියලා ඒත් මේක තමා මගෙ ජීවිතේ එකම ඇත්ත.

අභිශේක් සැරෙන් සැරේ පියවෙන ඇස් වලින් එයාගෙ ආදරේ තේමියට ප්‍රකාශ කරද්දී තේමිය හිටියේ පපුව පැලෙන්න තරම් වේදනාවකින්.

" please තව ටිකක් ඉවසලා ඉන්න මාව දාලා යන්න එපා.

තේමිය ඉවරයක් නැතුව එයාගෙ ඇස් වලින් ගලන කදුලු පිහදදා ඒ ලගම තිබුන hospital එකට අභිශේක් ව අරන් ගියා.

අභිශේක් ව ICU එකට ගත්ත ටපස්සේ තේමියත් ඒ බිම වැටිලා ඉදගත්තේ එයාට දැන් හිටගෙන ඉන්නවත් පන නැති නිසා. අභිශේක් ලේ වලින් නෑ විලා ඉන්නවා දකින දකින වාරයක් පාසා තේමිය මැරි මැරි ඉපදුනා. තමන් ආදරෙ කරන මනුස්සයා මෙහෙම ඉන්න එක ඒ හිතට කොහෙත්ම දරාගන්න බැහැ. අභිශේක් ගෙ අන්තිම වචන ටික ඉවරයක් නැතුව තමන්ගෙ ඔලුවේ දෝංකාර දෙද්දී තේමිය, අභිශේක් ගෙ ලේ වලින් රතු වෙලා තිබුන තමන්ගෙ අත් පපුවට තුරුල් කරගෙන අඩන්න ගත්තා. ඒ එක්කම තේමියට ඇමතුමක් ආවේ එයාගෙ අම්මගෙන්. මොකද දැනටමත් රෑ 12.00 පහුවෙලා නිසා.

" පුතේ ඔයා අදත් අභිශේක්ගෙ ගෙදරද ?

" අම්මා ..

" තේමිය පුතේ ඇයි මේ ? ඇයි ඔයා මේ අඩන්නේ ? මොකද උනේ ?.

" අම්මා මගෙ අභිශේක්

" ඇයි පුතේ අභිශේක් ට මොකද ? ඔයාල දැන් කොහෙද ඉන්නේ.

" hospital එකේ.

" ඇයි පුතේ අභිශේක් ට මොකද ?.

තේමිය අඩන්නෙ නැතුව කතා කරන්නකො. ඔහොම ඉන්න මම අයියත් එක්ක දැන්මම එන්නම්.

" හ්ම්ම්.

තේමිය අඩ අඩම ඒ ඇමතුම විසන්ධි කරලා බිත්තියට ඔලුව හේත්තුකරගත්තා.

පැය කාලකට විතර පස්සේ තේමිය දැක්කේ එයා ගාවට දුවගෙන එන නර්මදයි යොහානුයි නතාශායි.

නතාශා බිම වැටිලා හිටිය තේමිය ගාවට ගිහින් එයාව තුරුල් කරගත්තා.

" චූටී ඇයි මේ ඔයාගෙ ඇග හැමතැනම ලේ.

" පුතෙ අභිශේක් ට මොකද උනේ ? ඔයාට කරදරයක් නෑනේද ?.

" එයා ඉද්දී මට මොනා වෙන්නද අම්මා. මාව බේරගන්න ගිහිනුයි එයාට මෙහෙම උනේ.

" අඩන්න එපා දරුවෝ. අභිශේක් ට මුකුත් වෙන්නෙ නෑ. බය වෙන්න එපා.

" අම්මා එයා මාව දාලා යන්නේ නෑනේද ?.

" පිස්සුද දරුවො අභිශේක් ට කිසි දෙයක් වෙන්නෙ නැහැ.

" මල්ලි මම doctors ලා එක්ක කතා කරලා බලන්නම්.

ඒ එක්කම අභිශේක් ගෙ room එකේ හිටිය doctor කෙනෙක් කලබල වෙලා එලියට.

" doctor patient ට කොහොමද ?

" patient ගෙ condition එක ගොඩක් serious. වෙඩි වැදීම් දෙකක් නිසා ගොඩක් ලේ ගිහින් තියනවා අපිට දැන් ලේ දෙන්න වෙනවා. ඒත් hospital blood bank එකේ O positive blood ඉවර වෙලා.

ඒ ඇහුනත් හරි තේමිය ඉක්මනට නැගිටලා doctor ගාවට ආවා.

" O positive ? මගෙ blood group එකත් O positive. මම ලේ දෙන්නම්. Please මොනවහරි කරලා මගෙ අභිශේක් ව බේරලා දෙන්න.

" ok ඉක්මනට එන්න.

Doctor තේමියව ඉක්මනට blood bank එකට එක්කන් ගියා. තේමිය ලේ දුන්නට පස්සේ එයාලා surgery එක සාර්ථකව ඉවර උනාම එයාලා හැමෝම බලන් හිටියේ අභිශේක් ට සිහිය එනකම්. තේමිය තාමත් අම්මගෙ ඔඩොක්කුවට ඔලුව තියන් බලාගත්තු අතේ බලන් ඉන්නවා.

" චූටි දැන් ඇති ඔය ඇඩුවා.

මේ ඔයා දැන් ගෙදර ගිහින් change කරන් එන්න. ඔයාට වැදි පැටියෙක් වගේ අභිශේක් ව බලන්න යන්න දෙන්නෙ නැහැ. මමයි අම්මයි මෙතන ඉන්නම්. ඔයා අක්කා එක්ක ගිහින් එන්න.

" ඔව් චූටි පුතා. අයියයි මමයි ඉන්නම්. ඔයා ගෙදර ගිහින් එන්න අක්කත් එක්ක.

" මල්ලි එන්න අපි ගිහින් ඉක්මනට එමු. ම්ම්ම්.

" අම්මගෙ ඔඩොක්කුවෙන් ඔලුව ඉස්සුව තේමිය එයාලා දිහා ටිකක් වෙලා බලන් ඉදලා ඒ අදහසට කැමති උනේ නැත්තම් එයාට අභිශේක් ව මෙහෙම බලන්න යන්න බැරි නිසා.