Chapter 18: xviii ♡

LOVE HATE 🖇️ (Sinhala Bl )Words: 17701

අභිශේක් ව දකින්න ඕන නිසාම ගෙදර ගිහින් ආවත් එයාට ඒ වෝඩ් ඇතුලට යන්න බයයි. එයා පොලීස් නිලධාරියෙක් විදිහය මෙ වගේ දෙවල් ඕන තරම් දැකලා තිබුනත් ඒත් දැන් ඒ තත්ත්වෙ වෙනස්. දොරත් ඇරන් වෝඩ් එක ඇතුලට ආව තේමිය හිමීට අභිශේක් ලගට ලං වෙලා එයාගෙ ඔලුව අතගානගමන් ඒ නලලට හාදුවක් දුන්නා. මේ සිද්ද උන දේවල් එක්ක එයාට තවත් එයාගෙ ආදරේ අභිශේක්ගෙන් හංගන එක කරන්න බැහැ. දොරගුලු දාලා ඒ හැගීම හිරකරන්න හැදුවත් ඒ දොරගුලු කඩාගෙන එයාගෙ ආදරේ එලියට එනවා.

" ඉක්මනට සනීප වෙන්න. මගෙ මෝඩයා.

තමන්ගෙ අත් අභිශේක් ගෙ අතක් එක්ක පටල ගත්ත තේමිය ඒ ලගම වාඩි වෙලා අභිශේක් දිහා බලාගෙන හිටියා. තමන්ගෙ අත් අතර පැටලිලා තියන ඒ අතට හාදු දෙනගමන් තේමිය නොඉවසිල්ලෙන් බලන් හිටියේ අභිශේක්ට ඉක්මනට සිහිය එනකම්.

පාන්දර පහට විතර ඒ ඇදට ඔලුව ගහගෙන හිටිය තේමිය ඔලුව උස්සලා බැලුවේ එයාගෙ ඔලුවට දැනුන ස්පර්ශය නිසා. ඒත් එක්කම තේමිය නැගිටලා doctor ව හොයන්න එලියට ගියත් අභිශේක් එයාගෙ අතින් අල්ලගත්තා.

" කොහෙද යන්නේ ?.

'' doctor ට හම්බෙන්න. ඔයාට කොහොමද දැන් ?

" මම දැන් මැරෙන්න වැටිලා ඉන්නේ බබා. ඔයාට විතරයි මාව බේරගන්න පුළුවන්.

මූනෙ ඇදුන හිනාවත් එක්ක අභිශේක් ඒ කිව්වේ මොනා උනත් එයාගෙ ප්‍රථම රාජකාරිය තේමියව අවුස්සන එක නිසා. ඒක ඉතින් ඉස්පිරිතාලෙ උනත් භානුකගෙ හොල්මන් මන්දිරේ උනත් එයාට අදාල උනේ නෑ.

" ඇත්තට ? එහෙනම් මම ඔය ලෙඩාව බේරගන්න මොකක්ද කරන්න ඕනා.

" දැන් ඔයාගෙ ආදරෙන් විතරයි මාව බේරගන්න වෙන්නේ. Please ඉක්මනට ඇවිත් මාව hug කරගන්න.

" බැහැ එහෙම උනොත් ඔයාගෙ තුවාල එක්ක ඔයාට රිදෙයි.

" ඔයා මගෙන් ඈත් වෙනවා තරම් වේදනාවක් වෙන කොහෙවත් නෑ තේමිය.

ඒ කතාවත් එක්ක කියන්න ඕනෙ මොකක්ද නැත්තෙ මොකක්ද කියලා නොතේරුන තේමිය අභිශේක් ලගට ඇවිත් එයාව තුරුල් කරගත්තා.

" අහ් සොරි ඔයාලා සිප වැලදගෙන ඉවර වෙලා මට කතා කරන්නකො. බායි...

ඒ ආදරනීය දර්ශනය අතරතුර අහස කඩන් වැටෙනවා වගෙ කලබලෙන් දොරත් ඇරගෙන ආව නතාශා ඒ ටික කියලා හැරෙන පරක්කුවට ආයෙ එලියට ගියේ තුන් වෙනි රෝද කරගහන්න ආසාවක් එයාගෙ තුන් හිතකවත් නොතිබ්බ නිසා . නතාශගෙ මේ වැඩට මේ දෙන්නටත් හිනා.

" පිස්සු අනේ එයාට.

" මල්ලිගෙම අක්කනෙ.

" ආහ් එතකොට මටත් පිස්සුද ?.

" පිස්සු විතරක්නම් බැරි ඈ.

" ඇයි තව මොනාද ?.

" ඇයි තියන පණ්ඩිත කමයි මුරන්ඩු කමයි.

" අනේ මේ... කෝ දැන් මාව අතාරින්න. ඔයාගෙ තුවාල රිදෙන්න ගනී.

" නැහැ මට රිදෙන්නෑ. මට මෙහෙම ඉන්න ඕනා. දැන්නම් මැරුනත් කමක් නෑ.

ඒ ඇහුනත් හරි තේමිය ඇස් වල කදුලු පුරවන් අභිශේක් දිහා බැලුවා.

" ඇයි ඒ ?.

" මැනික ඇයි මේ.

අභිශේක් තේමියගෙ කම්මුල් අතගාන ගමන් ඇහුවේ තේමියගෙ ඇස් වල කදුලු පිරෙන්න තරම් එයා මොකක්ද කිව්වේ කියලා හිතන ගමන්.

" ඔයාට ඔච්චරටම මාව දාලා යන්න ඕනද ?. ඇයි තවත් මැරෙන කතා කියන්නේ ? දන්නවද මම කොච්චර බය උනාද කියලා ? . ඔව් ඉතින් ඔයාට නම් මොකද ? මම කොච්චර ගින්දරෙන්ද හිටියෙ කියලා මමනෙ..

තේමියව ඒ මොහොතෙම ගොලු කරලා අභිශේක් ඒ තොල් එයාගෙ කරගත්තේ ඒ ඇස් වල මෙච්චර වෙලා දිලිසි දිලිසි තිබුන කදුලු කම්මුල් දිගේ ගලාගෙන යද්දී. විනාඩි ගානකට පස්සේ තේමියගෙ තොල් වලින් ඈත් උන අභිශේක් ඒ කම්මුල් දිගේ ගලන කදුලු පිහදාලා ආදරනීය හිනාවක් එක්ක ඒ ඇස් දිහා බලාගෙන හිටියා.

" මම ප්‍රාර්ථනා කරනවා මටත් ඔයාගෙ කදුලක් වෙන්න පුළුවන් උනානම්, එතකොට මට ඔය ඇස් වලම ඉපදිලා ඔය කම්මුල්ම දිගේ පහලට ගලාගෙන ඇවිත් ඔය තොල් උඩම මැරෙන්නෙ පුළුවන්.

තප්පර විනාඩිගත වෙනවා ඒත් මුලු ලෝකෙ නැවතිලා වගේ වචන කරන්න බැරි හැගීම් දාහක් ඇස් වලින් පිටදාද්දී ඒ දෙන්නම දෙන්නට දෙන්නගෙම ඇස් අතර අතරමං වෙලා.

" මල්ලි අම්මා එනවා !!.

එ දෙන්නම අතුරුදන් උන ලෝක වලින් මිදුනේ නතාශගෙ හදිසි අනතුරු ඇගවීමත් එක්ක. ඉතින් තේමිය ඉක්මනට අභිශේක් ලගින් ඈත් වුනා.

" අම්මා.

" පුතාට කොහොමද දැන්. මම පුතාට සුප් එකක් හදන් ආවා.

" මට දැන් හොදයි අම්මා. අම්මා බොරුවට කරදර වෙලා.

" කරදරයක් වෙන්නේ කොහොමද දරුවෝ. ඔයත් මට තේමිය වගේම තමා.

නර්මදා අභිශේක් එක්ක කතා කර කර ඉද්දී නතාශා තේමියව ඇදගෙන එලියට ගියා

" ඇයි මේ.

" මම හිතන්නේ අපි මාට්ටු.

" මොනාද මාට්ටු ?

" ඔයා අරයට කැමතී කියලා. දැන් කියන්න එපා පුතෝ එයාට කැමති නෑ කියලා මම මගෙ ඇස් දෙකෙන්ම දැක්කනෙ.

" හරි හරි ඉතින්. ඇයි දැන් මාට්ටු කියන්නේ ?.

" අයියා මගෙන් ඇහුවනෙ.

" මොනාද ?.

" අභිශේක් ඔයාගෙ යාලුවෙක් විතරද කියලා ?.

" ඔයා මොනාද කිව්වේ ?.

" මම කිව්වා මේ එයාලා හොද............ම යාලුවො කියලා.

" ඉතින් එයා විශ්වාස කරාද ?.

" අපි එහෙම හිතමු.

" පස්සේ ඒ ගැන බලමු. ඔයාගෙ ප්‍රේම වන්තයා ඔයා එනකම් ඇත්තේ.

" හා හා.

තේමිය ඔලුවත් කස කස ආයෙත් වෝඩ් ඇතුලට එද්දී නර්මදා අත දරුවෙක්ට කෑම කවනවා වගේ අභිශේක්ට සුප් පොවනවා.

" අම්මා ඕක මම පොවන්නද ?.

" හ්ම්ම් හ්ම්ම් අභිශේක් ලමිස්සිගෙ තමා. අපි ඕවට නෑ.

" අනේ අම්මා.....

නර්මදා ඒ කියාගෙන එලියට යද්දී දැන් තේමියට ලැජ්ජයි. ඊටත් හපන් තමන්ගෙ ඉස්සරහින් ඉන්න මනුස්සයත් තමන් දිහා කන්න වගේ බලන් ඉද්දී තේමිය ඒ කෙනා දිහා ඇරෙන්න අනිත් හැමදෙයක් දිහාම බැලුවා.

" බබා මම දන්නෑනෙ ඔයා මට ඔච්චර ආදරෙයි කියලා.

" අනේ මේ මම ඔයාට ආදරේ නෑ. මේක බොන්න දැන්.

" ඒත් බබා ඕක හෙන උනු පාටයි. පව් නෙ මගෙ කට පිච්චුනොත්. ඒ නිසා ඔයාට ඕක නිවලා පොවන්න වෙන්නේ.

" ඇත්තද ? කෙලින් කටින් හිටියනම් මෙලහකට මම මේක ඔයාට ගිල්ලලා.

තේමිය අභිශේක් ට බොරුවට රවලා සුප් එක හිමීට නිව නිව එයාට පෙව්වා.

ටිකකින් දොස්තර ඇවිත් අභිශේක් ව පරීක්ශා කරාට පස්සේ එයාව හෙට ටිකට් කපන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් තේමිය ස්ව කැමැත්තෙන් අභිශේක් ලග නතර වුනා. වෝඩ් එකේ ඒ දෙන්නා විතරක් ඉතුරු වෙන්න අනිත් හැමෝම ගියාට පස්සේ අභිශේක් ගෙ CID කාරයා එලියට පැන්නා.

" ඊයෙ මොන එහෙකටද තනියම චමින්දගෙ ගබඩාවට ගියේ ?.

" තනියම යන්නැතුව පෙරහැරක් එක්ක යන්නද කියන්නේ.

'' ඇයි අඩුම තරමෙ මටවත් කතා කරේ නැත්තේ. මොනා හරි උනානම් එහෙම.

" මම මොකටද ඔයාට කතා කරන්නේ ? . අනිත් එක ඔයත් හරි busy නේ boyfriend එක්ක.

තේමිය අභිශේක් ව මරන් කන්න වගේ බලන් ඉදලා අහක බලාගත්තා.

" මට ඇති boyfriend කෙනෙක් නෑ. ඔයා මොනාද ඊයේ කෙල්ලෙක් එක්ක කරේ.

" හහ් !!

තේමියට ඒ අහනවත් එක්කමයි මතක් උනේ එයා එවෙලෙ තිබ්බ තරහට චනුලිට හා කිව්වා කියලා. තේමිය ඔලුව අතගහන් කල්පනා කරේ කොහොමද දැන් ඒක වෙනස් කරන්නේ කියලා.

" ඇයි මොකද ? කවුද ඒ ?.

" මගෙ girlfriend. ඇයි අවුල්ද ? ඔහේ ඊයේ කොල්ලෙක් එක්ක ඉන්නවා දැක්ක නිසා මම හා කිව්වා.

තේමිය අභිශේක් විරිත්තලා කියද්දී අභිශේක් එයා ලග තිබ්බ කොට්ටෙන් තේමියට දමලා ගැහුවා.

" මොකද ?????

" තමුසෙ කාගෙන් අහලද හා කිව්වේ ආ ??.

'' තමුසෙ කාගෙන් අහලද කොල්ලොත් එක්ක ඇවිදින්න ගියෙ.

" තමුසෙට ඒවාවලින් වැඩක් නෑ මගෙන් ගුටි නොකා මාත් එක්ක ඉන්නවා.

" අනී....... මාත්තියා කියන්කම් හිටියේ. හුම් මම අද එයාව meet වෙන්න යනවා.

" අහ් ඇත්තද යනවකො. ගියාට පස්සෙ මම අර කොල්ලව මෙහෙට ගෙන්න ගන්නවා.

අභිශේක් ඒ කියල ඉවර වෙනවත් එක්කම් තේමිය අතේ තිබ්බ කොට්ටෙන් අභිශේක් ට දමලා ඇරලා දාගෙන රවනවා.

" බබා උබේ ඇස් දෙක ගැලවිලා වැටෙනවා දැන්.

" බබා ව මම කියන්නෑ. මම යනවා !! අරූව ගෙන්නන් හැ*** හැ*** හිටහන්.

" බෑනේ මට හැ*** හිතෙන්නෙ උබත් එක්ක විතරනෙ බබා.

'' ඈහ් ? ඒවා හදෙ තමා.

" අහ් බබා ආස හනිමූන් එකට හදට යන්නද ?. මම බබාව හදට යවන්නම්.

" මට ඕවා කියන්න එපා. මට ඕවා ඇහෙන්නෑ.

අභිශේක් ගෙ කතා වලට මූනත් රතු කරන් තේමිය කන් දෙක වහගත්තේ දැනෙන ලැජ්ජාවට වලක් කපන් වැලලෙන්න හිතිලා.

" අනේ මගෙ ලමිස්සි මට උබේ කම්මුල් මිරිකලා ඉබින්න හිතෙනවා.

" මට පේන්නේ ඔහේට දොස්තර බෙහෙත් මාරු කරලා දීලද කොහෙද ?.

" මේ

" මොකද ?.

" මෙතනට එන්න

" මට බැහැ දොස්තර ආවොත් මගෙ පස්සටත් ඉන්ජෙක්ශන් එකක් ගහයි ඔතන ඉදලා.

" නෑ නෑ මම ඉන්නකම් ඒවට අත තියන්න දෙන්නෑ. ඒවට ගහන්නේ මමනෙ.

" අනේ මෝඩයෝ කට වහගන්නවකො........

" මොකෝ මගෙ බබාට ලැජ්ජ හිතුනද ?.

කෝ එන්නකො මගෙ ලගට.

" බෑ ඇයි එන්න කියන්නේ ?.

" අතවර කරන්නෑ මෙහෙ එනවා.

තේමිය අභිශේක් ලගට ඇවිත් එයා ලගින් හිටගත්තා .

" මොකෝ..

තේමිය මේ හැසිරෙන විදිහ දැක්කම අභිශේක් ගෙ මූනේ නිකම්ම හිනාවක් ඇදුනා. අභිශේක් තේමියගෙ අතින් ඇදලා එයා ලගට ගන්න ගමන් එයාගෙ කම්මුලට දිග හාදුවක් දුන්නා.

" අභි..

" මං ආදරෙයි මගෙ රෝස මල.

------------------------------------------------------------

ඔයාලට මන් ගානෙ ලොලි පොප් ගෙනාවා 🤭 ( මං ගානෙ කිව්වට තේමිය මලයගෙන් ඉස්සුව ඒවා. දැන් මාව මරන්න එයිද දන්නෑ 👀)

🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭