Chapter 19: xix ♡

LOVE HATE 🖇️ (Sinhala Bl )Words: 27452

" මේ ticket කපලා අපේ ගෙදර යමු. බෑ කියන්න එපා.

ටිකට් කපන්න පැයකට විතර තියෙද්දී තේමිය එයාගෙ යෝජනාව අභිශේක් ට ඉදිරිපත් කරේ එයාට දැන් කොහොමවත් අභිශේක් ව මේ තත්ත්වෙ පිට තනියම තියන්න බැරි නිසා.

" ඒක හරියන වැඩක් නෙවේ තේමිය. අනිත් මම ගෙදර යන්නම ඕනා.

" ඇයි හරියන වැඩක් නෙවේ කියන්නේ ?. ඔච්චර ගෙදර යන්න තියන හදිස්සිය මොකක්ද ?. දැන් ගෙදර ගිහින් තනියම ඉදලා හදිස්සියේ අමාරුවක් උනොත් මොකද කරන්නේ ? එක්කො ටානියව හරි අර කොල්ලාව හරි ගේ අස්සේ දාන් ඉන්නවද ?

" ඔයා හිතුවද පාරෙ ඉන්න හැම එකාවම ගේ අස්සට ගන්න මට පිස්සු කියලා . මට පොඩි දෙයක් ගන්න තියනවා. ඒක තියෙන්නේ ගෙදර.

" ඒ මොකක්ද ?

" පොඩි දෙයක්.

" හරි ඒක අරන් අපේ ගෙදර යං. හරිනෙ.

ටිකට් කැපුවට පස්සේ ඒ දෙන්නම අභිශේක් ගෙ ගෙදරට ආවේ අභිශේක් ට ගන්න තිබ්බ දේ නිසා. ඒ අතරතුර තේමිය කරේ ඒ ගේ ඇතුලේ කැරකි කැරකි හිටිය එක. ඒත් එක්කම එයාගෙ අවධානය ගියේ ඒ ගෙදර තිබුන වහලා දැම්ම කාමරයක් ගාවට.

" තේමිය.

" ම්ම්ම්. මේ ..room එකේ මොනාද තියෙන්නේ.

පුරුද්දට එන ඒ හිනාවත් එක්ක අභිශේක් තේමියව ඒ දොරට හේත්තු කරගත්තා.

" මේ කාමරේ ?

" ම්ම්ම් ඒකෙ මොනාද තියෙන්නේ ?

" ඒ කාමරේ ඇතුලේ ඉන්නෙ මගෙ ලොකුම target එක. අවුරුදු හතරකට කලින් කෙනෙක් මගෙ දෙයක් හොරකම් කරා. ඉතින් එදයින් පස්සේ මම ඒ කෙනා යන යන තැනට පස්සෙන් ගිහින් ඔත්තු බැලුවා.

තේමිය ඇස් හීනි කරලා අභිශේක් දිහා බැලුවේ මේ කියන කිසි දෙයක් එයාට නොතේරෙන නිසා.

" target එක කිව්වේ මේක ඇතුලෙ මනුස්සයෙක් ඉන්නවද ?.

" නැහැ.

" එහෙනම් ?.

" ඒ හොරාගෙ photos විතරයි තියෙන්නේ.

" ඈහ් ? අනේ මහලොකු CID කාරයා හොරා යන යන තැනට පස්සෙනුත් ගියානම් අවුරුදු හතරක් තිස්සේ ඌව අල්ලගන්නැතුව මොන මගුලක්ද කරේ ?

තේමිය බැරෑරුම්ව කිව්ව කතාවට අභිශේක් හිනා උනේ එයා දැන් මේ කරේ ලෝකෙ ලොකුම විහිලුව වගේ.

" බබා ඒ හොරාව ලේසියෙන් අල්ලගන්න පුළුවන් උනානම් මම මෙහෙම බලන් ඉදීද ?

" මොනා කියවනවද මන්දා මට මේ කාමරේ ඇතුලට යන්න ඕනා.

" Sure ද ?

" ඔව්

" ම්ම් හරි එහෙනම් පොඩ්ඩක් ඉන්න.

තේමියගෙන් ඈත් උන අභිශේක් එයාගෙ කාමරේට ගිහින් යතුරක් අරන් ඇවිත් ඒ කාමරෙ දොර ඇරිලා තේමියට ඇතුලට යන්න ඉඩ දුන්නා.තේමිය දොරේ ලොක් එකට අත තියාගෙන අභිශේක් දිහා බැලුවේ අභිශේක් ට අල්ලගන්න බැරි උන හොරා මොන වගේ කෙනෙක් වෙන්න ඇතිද හිත හිත. කාමරේ ඇතුලට ආවත් එතන එයාට දකින්න තිබුනේ එයා කීයටවත් නොහිතුව , බලාපොරොත්තු නොවුන දෙයක්. මුලු කාමරේ පුරාම තිබුනේ ගනන් කරන්නවත් බැරි තරම් ජායාරූප .ඒ හැම ජායාරූපයක් පුරාම නිදහසේ ඇස් යවයව හිටිය තේමියව පිටිපස්සෙන් ඇවිත් තුරුල් කරගත්ත අභිශේක් හිමීට මුමුනන්න ගත්තා.

" දන්නවද මේ කවුද කියලා ම්ම්ම්. මේ ඉන්නේ මගෙ ජීවිතේ ආදරනීයම target එක. මෙයා තමා අවුරුදු හතරකට කලින් මගෙ හදවත හොරකම් කෙරුවේ. එයාව එච්චර ඉක්මනට අල්ලගන්න පුළුවන්නම් මම මෙච්චර කල් ඉවසන්නෙ නෑනේ. ඒත් ඉතින් වැරැද්දක් කියන්නේ කොහොමද අඩුම තරමෙ හොරකම් කෙරුව කෙනාවත් එයා හොරකමක් කරා කියලා දන්නෙ නැතුව අනිත් එක එයා හොරකම් කරෙත් එයාට ලියවිලා තියන දෙයක්.

" ඒත් ? ඒත් මේ මමනෙ.

" ඔව් ඒ ඔයා තමා මැනික.

අභිශේක් අතරත් අභිශේක් ගෙ ආදරේ අතරත් හිරවෙලා හිටිය තේමියට එයාගෙ හැගීම් පිටකරන්න ඕන වචන එයාවත් දැනන් හිටියෙ නැහැ. අභිශේක් ගෙ ඇස් දිහා බැලුවත් එයාට ඒ හැගීම වචන වලට පෙරලගන්න බැහැ. හරියටම බැලුවොත් එයා හිරවෙලා . එයා සීයට සීයක්ම අභිශේක් ව විශ්වාස කරනවා කිව්වොත් ඒක බොරුවක් . අභිශේක් එයාට විතරමද ආදරේ කරන්නේ කියලා එයාට සැකයි. එයා අභිශේක් ට ආදරේයි වගේම එයාට එයාගෙ හදවත බිදෙයි කියලත් බයයි.

" මට.. මට තේරෙන්නෙ නැහැ මොනා කියන්නද කියලා.

" ඔයා මුකුත් කියන්නෙ ඕනෙ නැහැ මැනික. ඔය ඇස් වලින්, ඔයාට වචන කරගන්න බැරි හැම හැගීමක්ම මට පෙන්නනවා. මට ටික කාලයක් දෙන්න ඊට පස්සේ මේ හැමදෙයක් ගැනම මම ඔයාට පැහැදිලි කරන්නම්.

විනාඩි ගානක් යනක්ම මේ දෙන්නා අතර හුවමාරු උන ඇස් කතාව බිදලා දැම්ම තේමිය අභිශේක් ට එයාලා දැන් ගෙදර යන්න ඕනා කියලා මතක් කරා.

" ඇදට වෙල ඉන්න් මම අනිත් bag එක අරන් එන්නම්

" තේමිය ඔයා ඇත්තටම මං නිසා බොරුවට කරදර වෙනවා.

" මොකක්ද කරදරෙ කියන්නේ ? මම අද පනපිටින් ඉන්නෙත් ඔයා නිසා. ඒ නිසා ඔය විකාර හිතන්න එපා. මට ඔයාව කරදරයක් නෙවේ.

" thankyou

" ඔයා මට thank කරන්න ඕනෙ නැහැ.

" මම thank කරේ ඒකට නෙවේ.

" එහෙනම් ?.

" thankyou මට මටම ආදරේ කරන්න හේතුවක් දුන්නට.

" ඔයාට ඔයාටම ආදරේ කරන්න හේතුවක් දුන්නට ?

" ම්ම්ම් . ඔව් මට දැන් මටම ආදරෙ කරන්න හේතුවක් තියෙනවා මොකද මම මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන මනුස්සයගෙ ලේ දැන් මගෙ ඇගේ දුවනවා. මම දන්නෑ මම ඒකට ඔයාට කොහොම ස්තූති කරන්න ඕනද කියලා.

" ඔ..ඔයා කොහොමද ඒක දැනගත්තේ ?

" ඔයා කොහොමද හිතන්නේ මම ඒක නොදැන ඉදී කියලා ?.

" හරි ඒක..ඔයා ඉක්මනට සනීප වෙන්න.

ඊට පස්සේ අපි දෙන්නටම ඇදගෙන නාන්න case එකක් තියෙනවා.

සංවාදේ වෙන පැත්තකට හැරෙව්ව තේමිය හිනා වෙවී ඒ කියද්දී අභිශේක් එයාට යොමුකරේ කුතුහල සහගත බැල්මක්.

" ඒ මොකක්ද ඒ ?

" චමින්ද . මිනිහව මැරුවෙ අපි කියලා මේ පොලීසිය මේ වෙද්දිත් දන්නවා ඇති. එදා එතන උන දෙයින් පස්සේ පොලීසිය එතන වටලලා චමින්දගෙ මිනිස්සුන්ව අත් අඩංගුවට අරන්. ඔයා දන්නවනෙ චමින්ද මොන වගේ මිනිහෙක්ද කියලා.

" මම නිසා ඔයත් මේ දේවල් වලට පැටලෙනවා.

" එහෙම දෙයක් නෙවේ මෙතනින් පස්සේ අපි පරිස්සම් වෙන්න ඕනා. විශේෂයෙන් මිනිහට contacts තිබ්බ අනිත් mafia කාරයන්ගෙනුයි ඇමතිලගෙනුයි. පොලීසියෙන් මේකට අවුලක් වෙන්නෙ නැහැ කොහොමත් චමින්ද කියෙන්නේ පොලීසියේ target එකක් නිසා.

" තේමිය අහන්න මම මේ දේවල් ගැන බලාගන්නම්. ඔයා මේකෙන් ඈත් වෙලා ඉන්න.

" ඔයා මොනවද කියවන්නේ ?. මේකට අපි දෙන්නම සම්බන්ධයි . අනිත් එක මම නිසයි ඔයා මේවල පැටලුනේ.

" ඔයා මේකට සම්බන්ධ නෑ තේමිය. මමයි චමින්දව මැරුවේ. ඒ ඇරත් මම තනි මනුස්සයෙක්. මට තව නැති කරගන්න දේවල් නැහැ. මට ඉන්නේ ඔයා විතරයි . ඉතින් මට ඔයාගෙවත් ඔයාගෙ පවුලෙ අයගෙ ජීවිතවත් අපායක් කරන්න ඕනෙ නැහැ.

" කිසි දෙයක් වෙන්නෑ. ඔය කට පොඩ්ඩක් වහගෙන ඉන්නකෝ. අහලා නැද්ද වෙඩි වැදුනම කතා කරන්න හොද නැහැ.

" අහ් එහෙමත් එකක්ද ? කවුද දන්නැ එහෙම එකක් ඉගැන්නුවේ.

" training period එකේදි කියලා දුන්නේ. වැඩක් නෑ ඉතින් තමුසෙ අහන් ඉදලා නෑනේ කොල්ලන්ට ලයින් දදා ඉදලනෙ.

අභිශේක් ගෙන් ඒකට ප්‍රතිචාරයක් ලැබෙන්න කලින් තේමිය එයාට දිව දික් කරලා පහලට දුවන් ආවත් පඩිපෙලේ සක්මන් භාවනාව කර කර හිටිය යොහාන් ගෙ ඇගේ හැප්පිලා පශ්චාත් භාගය ඇනගත්තා.

" මල්ලී !

" මල්ලි තමා... ලයිට් කනුවක් වගේ පාර මැද හිටන් ඉන්නවා!! මගෙ පස්සත් ඇනුනා !!

" ඉතින් කොහෙද බං අස්ස කුලප්පුව හැදිලා වගෙ දුවන්නේ.

කෝ නැගිටින්න දැන්.

යොහාන් අත දීලා නාකි සීයෙක් වගේ බිම වැටිල හිටිය තේමියව නැගිට්ටුවම තේමිය පස්සත් අත ගගා වෙච්ච සිදුවීම කියන්න ගත්තා.

" නෑ මං අර මෝඩයට ඕන්නැති .. නෑ මම මේ අභිශේක් ගෙ bag එක අරන් යන්න ආවේ.

" මොකක්ද මොකක්ද මුලින් කියන්න ගියේ ?.

" මුකුත් නෑ මේ මම එයාගෙ bag එක ගන්න ආවේ.

" හරි. මට අභිශේක් එක්ක දෙයක් තනියම කතා කරන්න ඕනා.

ඒ කතාවට තේමියව සීතල වෙලා ගියෙ එයා කෙරුව ලොකුම වැරැද්ද අහුවෙන්න යනවා වගේ.

" ඒ මොකක්ද ?

" පොඩි දෙයක්

යොහාන් ඒ කියලා පඩිපෙල දිගේ උඩට යන්න ගියා.

" අයියේ

" කියන්න

" මුකුත් නැහැ ඔයා යන්න.

යොහාන් යනකම් ඉදලා තේමිය දුවලා ගියේ නතාශගෙ කාමරේට. ඒත් නතාශා කාමරේ පේන්න හිටියෙ නැති නිසා එයා ආයෙ එලියට එන්න ආවත් එයාට බැල්කනියෙන් නතාශගෙ කටහඩ ඇහුනා නිසා ඒ දිහාවට යන්න ගියත් එයාව එතනම ගල් උනේ ඒ ඇහුන දේට.

" බය වෙන්න එපා. කවුරු මගෙ ජීවිතේට ආවත් ඔයා තමයි මගෙ පලවෙනි ආදරේ. ඒ දේ කවදාවත් වෙනස් වෙන්නෙ නැහැනේ. මම ඒ කාටවත් ඔයාට තරම් ආදරේ කරන්නෙත් නැහැ.

" මට සමාවෙන්න .

" මොකක් ? මේ අක්කයි ආදිත්‍යා අක්කයි නේද ?. ඒත්.

තමන්ටම කියාගත්ත තේමිය ආයෙත් කන් දුන්නේ එයාගෙ වචනෙන් කිව්වොත් මේක එයාට හතරබීරි කතාවක්. ආදිත්‍යා කියන්නේ එයාගෙ අයියගෙ නෝනා එහෙම තියෙද්දී එයාගෙයි නතාශගෙයි අතර තියන සම්බන්දය ?

" ඔයා සමාව ඉල්ලන්න ඕනෙ නැහැ අක්කේ.

" ඒත් මම මගෙ කෙල්ලගෙ හිත බිදලනෙ.

" මට දුකයි ඒත් ආදරේ කරන්න අයිති වෙන්නම ඕනෙ නැහැනෙ. අනිත් එක මම ඔයාට ආදරෙයි කියලා ඔයා දැනන් හිටියෙත් නැහැ මම ඔයාට ඒ ගැන කිව්වෙත් නැහැ. ඉතින් ඒකට ඔයා දුක් වෙන්න එපා. මට වඩා මගෙ අයියා වාසනාවන්තයි . ඒකනෙ මේ ලෝකෙ ඉන්න ආදරනීයම මනුස්සයව එයාට හම්බුනේ.

" නැහැ මගෙ කෙල්ලට මං වගේ ආත්මාර්තකාමීයෙක්ට වඩා හොද කෙනෙක් හම්බෙන්න ඕනා.

" ඔයා එහෙම හිතනවනම් ඔයා වැරදි අක්කේ . ඔයා තරම් මාව තේරුම් ගත්ත වෙන කෙනෙක් නැහැ අක්කේ. මට මොන ප්‍රශ්නෙ ආවත් මම මුලින්ම කිව්වෙ ඔයාට . ඔයාට මතකද ඉස්සර exam එකක ලකුනු අඩු උනාම අම්මටත් වඩා ඒ ගැන වද උනේ ඔයා. මම තාම ඒ කාලෙට ආදරෙයි. මම හොදට පාඩම් කෙරුවම ඔයා මගෙ ඔලුව අතගෑව හැටි. මට දේවල් කියලා දුන්න හැටි. මම ආස කෑමක් කිව්වොත් පහුවදාම ඒක හදලා දුන්න හැටී මාත් එක්ක එකට films බැලුව හැටි

මම ඒ හැමදේටම ආදරෙයි. මම තාමත් ඒ මතක එක්ක ජීවත් වෙනවා. ඔයා දන්නවද කවුරුහරි මගෙන් ඇහුවම ඔයා කාටද වැඩියෙන්ම ආදරේ කරන්නේ මට මුලින්ම මතක් වෙන්නේ ඔයාව. ඒ දේ තාමත් එහෙම්මමයි. ඉස්සරහටත් ඒක වෙනස් වෙන්නෙ නැහැ. දැන් ඒ ගැන හිතන්න එපා ඉතින්. හැමදේම වෙන්නේ හොදට කියනවනෙ.

" මට සමාවෙන්න නතාශා. මම දැනන් හිටියේ නැහැ මගෙ ආදරේ නිසාම මම ඔයාට රිද්දුවා කියලා.

" මම දන්නවා ඔයා කවදාවත් මට හිතලා රිද්දන්නෑ කියලා. දැන් ඔහොම පොඩි එකෙක් වගේ මූන හදන් ඉන්න එපා. කෝ එන්න අපි යමු පහලට අම්මලා බලනවා ඇති කෝ කියලා.

මෙච්චර වෙලා ඒ සංවාදේ හොරෙන් අහන් හිටිය තේමිය නතාශායි ආදිත්‍යායි කාමරේට එන්න කලින් එලියට ගියා. දැන් එයාගෙ ඔලුවෙ තව ප්‍රශ්නයක්. නතාශා තේමියට එයාගෙ ආදරේ ගැන කියලා තිබ්බත් එයා කවදාවත් ඒ ආදිත්‍යා කියලා එයාට කියලා තිබ්බේ නැහැ. තේමිය පහලට යන්න හදලත් එයාගෙ කාමරෙන් ඇහුන හිනාවෙන සද්දෙ නිසා එයා කාමරේට ගියේ යොහාන්ගෙයි අභිශේක් ගෙයි අතර තියෙන්න ඇත්තේ මොන වගේ සංවාදයක්ද හිත හිත.

" පොඩි මෑන් මොකද හිටන් ඉන්නේ එන්න මෙහෙට.

" ඔයාලා මොනාද ඔච්චර කියෙව්වේ ?.

" ඔයා පඩිපෙලේ වැටිලා පස්ස ඇන ගත්ත හැටි

අභිශේක් හිනාව තද කරගෙන ඉද්දි තේමිය යක්ශාරූඪ වෙලා යොහාන් දිහා බැලුවේ අභිශේක් ඉස්සරහා එයාලගෙ පවුලම එයාගෙ නම්බුව බල්ලෙක් ගානට දාලා එයාට කරන අලාභ හානියට.

" ඈහ් ? ඒකත් කිව්වද ? හිනාවෙනවා හිනාවෙනවා ඉතින්. නැත්තම් ඔය හිනාව තද කරන් ඉදලා පුපුරලා මැරෙයි.

" මම මැරෙන්න ගියාම බේරගන්න ඔයා ඉන්නවනෙ.

අභිශේක් යොහාන්ට හොරෙන් තේමියට ඇහැක් ගහලා කියද්දි තේමිය ඉක්මනට බැලුවෙ යොහාන් දිහා. මොකද තේමියගෙ පොතට අනුවනම් ඔය වගේ වැඩ එයාගෙ පවුලෙ අය ඉස්සරහා කරනවා කියන්නේ පොලීසිය ලග තියාගෙන කුඩු විකුනනවා වගේ වැඩක්.

" අනේ මමනම් බේරගන්නෑ. ඔය ඉන්නේ මහලොකු දොස්තර මහත්තයා හොරෙන් කුටු කුටු ගානවා වගේ මැරෙන්න ආවමත් එයාටම කියන එකයි ඇත්තේ.

" අම්මෝ අම්මෝ චූටි උබේ ඉරිසියාව. අභිශේක් මල්ලි ඔයාටනම් තේමිය එක්ක ලේසි වෙන එකක් නෑ. මෙහෙම හිටියට පුදුම ඉරිසියාකාරයෙක්.

" අනේ මට වැඩේමනෙ. මේ ඔය ලෙඩාට rest කරන්න දීලා ඔයා දැන් යන්න.

" හරි හරි අපි ගියා එහෙනම්.

යොහාන් තේමියගෙ පස්සට පාරකුත් ගහගෙන කාමරෙන් එලියට යද්දී අභිශේක් බලන් හිටියේ එයාගෙ අවස්තාව එනකම් . යොහාන් ගියත් හරි ඇදෙන් බැහැලා තේමිය ලගට ආව අභිශේක් එයාව තමන්ට කොටු කරගත්තේ ඒ ඇස් තමන් ඉස්සරහා ගැස්සෙද්දී.

" මට සතුටුයි.

" අහ් ඔයාට අපේ අයියත් එක්ක කියෙව්වම ඔච්චර සතුටු හිතෙනවද ?.

තේමිය ඉරිසියාකාර බැල්මකින් ඒ ප්‍රශ්නෙ ඉදිරිපත් කරත් එයාට ඒකට පිලිතුරු ලැබුනේ තෘප්තිමත් හිනාවකින්.

" නැහැ. ඔය ඉරිසියාව එලියට එද්දී මට සතුටුයි. මිනිස්සුන්ට ඉරිසියා හිතෙන්නෙ තමන්ගෙ වටින දේවල් වෙන කෙනෙක්ගෙ වෙනවා දකිද්දි. මට සතුටුයි දැන් ඔය හිතේ මන් වෙනුවෙන් හැගීමක් තියන එකට.

" ඉරිසියයි ? ඔව් මම ඉරිසියා කරනවා. මොකද මම මගෙ දේවල් වලට තව කෙනෙක්ගෙ හෙවනැල්ලක්වත් වැටෙනවට කැමති කෙනෙක් නෙවේ. ඒ වගේම මගෙ හිතේ ඔයා වෙනුවෙන් තියන හැගීම , ඒ හැගීම නොමරා ජීවත් කරවන එක ඔයාගෙ වැඩක්. මොකද මම කවදාවත් මගෙ හිත රිද්දගන්න කැමති කෙනෙක් නෙවේ. ඒ නිසා මම ඒක දෙන්නේ ඒක පරිස්සම් කරන්න පුළුවන් කෙනෙක්ට මිසක් ඒකත් එක්ක සෙල්ලම් කරන කෙනෙක්ට නෙවේ.

තේමියගෙ වචන වල අවසානයේ එයාට දැනුනේ තමන්ගෙ පපුවට තද උන අභිශේක් ගෙ අත.

" මම ඒ වගකීම ස්වකැමැත්තෙන්ම ගන්නම් තේමිය. ඒත් මට පොඩි කාලයක් ඕනා. එතකම් ඔය හිත මගෙ වටේම දුව දුව ඉන්න ඕනා. මම කැමති නෑ ඔය හිත එක මොහොතකටවත් වෙන කෙනෙක් ගැන හිතනවා දකින්න. ඉරිසියාව නම් , ඔයාට මං තරම් ඉරිසියාකාරයෙක් මේ ලෝකේ තව දකින්න නොලැබෙයි. ආදරේ කියන වචනෙටත් මම ලෝබයි. ඒත් ඒ ආදරේ කියන හැගීමත් එක්කම මගෙ තේමියත් පැටලිලා මං ගාවට ආවම. ඔයාටත් හිතන්න තිබ්බා සීමා බිදගෙන මගෙ ජීවිතෙට එන්න කලින් මොකද මගෙ හැගීම් අවුස්සන ඔය බැල්මක්වත් වෙන කෙනෙක් දිහාවට යොමු වෙනවට මම කැමති නැහැ.

වචන වලට පෙරලන්න ඕන උනේ ආදරේ උනත් ඒ වචන වලින් අභිශේක් තමන්ට කරේ තර්ජනය කිරීමක් කියලා තේමිය දන්නවා. ඒත් එයාගෙ නොඉවසුමට ඕන කරේ අභිශේක් ගෙ ඉවසීම නැති කරලා දාන්න.

" එහෙනම් ඇයි ඔයා ඒක ඔප්පු කරන්නෙ නැත්තේ. කවුද දන්නේ.. මෙහෙම බලන් ඉදලම... මගෙ හිතේ.. ඔයා ගැන තියන හැගීම... වෙන කෙනෙක් වෙනුවෙන් ඇති උනොත්.

" ඔප්පු කරන්න ?