Chapter 2: ii ♡

LOVE HATE 🖇️ (Sinhala Bl )Words: 27922

පහුවදා උදේ තේමිය ඇහැරුනේ 4.00 ට තියලා තිබුන එලාම් එකේ සද්දෙට. තේමිය මූන සෝදන් ඇවිත් අල්මරියෙන් සුදු පාට pant එකකට කලු t shirt එකයි එයාගෙ ආසම සුදු පාට jacket එකත් දාගෙන කණ්ණාඩිය ඉස්සරහට ඇවිත් යම්තාක් දුරට දිගට වැවිලා තියන තමන්ගෙ කොන්ඩේ අතින්ම හදාගත්ත.

" අතින් හදන කොන්ඩෙ මොන පනාවෙන් පීරලවත් ගන්න බෑ. මේ ඉන්නේ කොල්ලා හැන්ඩියා වගේ ලස්සනට.

තේමිය ලෑස්ති වෙලා එයාගෙ bag එකත් අරන් පහලට ආවා. තේමිය යන නිසා ගෙදර හැමෝම ඇහැරලා හිටියේ. තේමිය ගිහින් අම්මටයි තාත්තටයි දණ ගහලා වැන්දා.

" පරිස්සමෙන් පුතේ. ගිහින් කෝල් එකක් දෙන්න.

" හරි අම්මා. ඔයාලත් පරිස්සමෙන්.

ඒයි සුදූ මේ මම යනවා.

" හා හා ගිහින් පරිස්සමෙන් එන්නකො.

ඒ මල්ලි මේ සිරාවට යන්නේ කේස් එකක් බලන්නද මනමාලියෙක් බලන්නද.

" ඈ බං අක්කේ මේ මහ පාන්දර මනමාලියො බලන්න යන්න මට පිස්සු කියලා හිතුවද. අනිත් එක කොල්ලා කෝමත් හැන්ඩියනෙ.

" ඔව් ඔව් හැන්ඩියා

හැන්ඩියා උනේ අක්කගෙ ක්‍රීම් ගාලා වෙන්න ඇති.

" ඉරිසියාවට කියන කතා

අපි සැලෙයි ඕවට.

හරි මේ මම යනවා.

" හරි පුතේ බුදු සරණයි

" බුදු සරණයි

තේමිය ගෙදරින් එලියට බහිනවත් එක්කම එයාට ඇහුනේ කාර් එකක හෝන් සද්දයක්. ඒ කාර් එක නවත්තලා තිබුනේ තේමියගෙ ගෙදර ගේට්ටුව ඉස්සරහම නිසා තේමිය ඒ කවුද කියලා බලන්න ගේට්ටුව ලගට ආවා.

" තමුසෙ ?

තමුසෙ මොන එහෙකටද මෙහෙට ආවේ. අනිත් එක භාතිය sir

" භාතිය sir මට තමුසෙගෙ address එක දුන්නා. කියව කියව කාලෙ කන්නෙ නැතුව ඇවිත් නගිනවා වාහනේට.

" මට බෑ තමුසෙත් එක්ක එන්න.

" එහෙනම් කේස් එකේ ෆයිල් එක මට දීලා උබ ඕන මගුලක් නටාගනින්.

" shit !!

තේමිය තමන්ගෙ අත මිටිමොලවගෙන කාර් එකෙ පිටිපස්සේ දොර ඇරලා එයාගෙ බෑග් එක දාලා ඉස්සරහ ශීට් එකෙන් ඇවිත් වාඩි උනා. ඒ ආවත් තේමිය කරේ ජනේලෙන් එලිය බලාගෙන අභිශේක්ට බැන්න එක.

" Shit මේ මොට්ට පාල අලි ඔලුවත් එක්කම වැඩ කරන්න උනානේ. ඇත්තමයි මට එන තරහයට මුගෙ බෙල්ල ගලවලා අතට දෙන්න හිතෙනවා. පාපිසි තලගොයා.

" තමුසෙ මොනාද කුටු කුටු ගාන්නේ.

" තමුසෙට අදාල නෑනේ.

තේමිය ආයෙත් අභිශේක් ට රවලා ජනේලේ පැත්තට හැරුනා.

කලුවර වැටිලා තිබුන පරිසර ටික ටික එලිය වැටෙන්න ගත්තත් ඉදලා හිටලා වැටුන වැහි පොත කාර් එකේ ස්ක්‍රීන් එක බොද කරා. ඒ සී එකේ සීතලයි අඩු සද්දෙන් කාර් එකේ දාලා තියන සිංදුවයි මේ පාන්දර නිස්කලංක පරිසරයත් එක්ක තේමියට නොදැනිම එයාගෙ ඇස් පියවුනා.

පැයකට විතර පස්සේ තේමියට ඇහැරුනේ එලියෙන් ඇහෙන වාහනවල හෝන් සද්ද නිසා. ඉන්නේ කොහෙද කියලා හරි නිච්චියක් තොතිබ්බ නිසා තේමිය ඉක්මනට එයාගෙ ඇස් ඇරලා ජනේලෙන් එලිය බැලුවා. තේමිය ආයෙත් ශීට් එකට හේත්තු උනත් එයාට තේරුනා කලින්ට වඩා ඒ ශීට් එක දැන් පාත් වෙලා තියෙන්නේ කියලා.

" මේක කොහොමද මෙච්චර පාත් උනේ. කලින් කෙලින්නේ තිබ්බේ. මගෙ බරවත් වැඩි වෙලාද. ඇත්තටම මේ වාහනේ කාගෙද , මේ කොතල හිඹුටු පාපිසි තලගොයාගෙද ?.

තේමිය ශීට් එක ආයෙමත් හදාගෙන ආයේ ශීට් එකට බර උනේ ඇත්තටම ශීට් එක කැඩිලද කියලා බලන්න. ඒත් එයා කොච්චර ශීට් එක උඩ නැටුවත් ශීට් එක හෙල්ලුනේවත් නෑ. මේ දිහා ඇස් කොනෙන් බලාගෙන හිටිය අභිශේක්ට තනියම හිනා ගියා. අව්කණ්ණාඩි දාගෙන හිටිය අභිශේක්ගෙ ඇස් තමන්ට නොපෙනෙන නිසා තේමිය හිතුවේ අභිශේක් ඉන්නේ පාරට අවධානය දීගෙන කියලා. ඒ නිසා විනාඩියකට වාහනය පදවන් යන අභිශේක් දිහාවට තමන්ගෙ ඇස් යැව්ව තේමිය ආයෙමත් ඉක්මනට ජනේලේ පැත්තට හැරුනේ අභිශේක් දකින්න කලින්.

ඒ වෙද්දී එයාලා හිටියේ අවිස්සාවෙල්ල නගරයේ. වෙලාව හතට කිට්ටු කරලා තියෙද්දී පාරවල් පුරා දකින්නට ලැබුනේ සුදු නිල ඇදුම් වලිස් සැරසිලා හිටිය පාසල් ලමයි වගේම උදේම රැකියා වලට යන මිනිස්සු.

තේමිය එයාගෙ private bag එකෙන් එයාගෙ ෆයිල් එක අරගෙන ආයෙමත් ඒක මුල ඉදන් study කරන්න පටන් ගත්තා.

පැය දෙකකට විතර පස්සේ තේමියගෙ අවධානය ෆයිල් එකෙන් මිදුනේ එයාගෙ බඩේ ඉන්න හිගන්නාට දැන් බඩගිනිවෙලා. ඒත් ඉතින් අභිශේක් එක්ක තියෙන තරහට එයාට ඒක කටක් ඇරලා කියන්න බැරි නිසා නොමනා බැනුම් බැන බැන තේමිය කරේ පහුවෙන පහුවෙන කඩයක් දිහා හූල්ල හූල්ල බලන් හිටිය එක.

" මූ යනවා යනවා ඉවරයක් නෑනේ. දැන්නම් බඩත්ගිනී. මූ කගවේනා වගේ කෙලගෙන යනවා බූරුවා. කඩවල් කීයක් පහූනාද.

අභිශේක් එකපාරටම වාහනය හරවලා නතර කරේ perera and sons එක ගාව. තේමිය පුදුමෙන් වගේ අභිශේක් දිහා බැලුවේ මේ යකාට මොනා වෙලාද කියලා හිත හිත.

" ඇයි වාහනේ නැවැත්තුවේ.

" ඇයි තමුසෙට බඩගිනි නැද්ද 9.00 යි වෙලාව.

" මට බඩගිනි නෑ.

ඒ කියද්දිම තේමියගෙ බඩ කෑගහන්න ගත්තේ තේමියගෙ රැස් අභිශේක් ඉස්සරහම බස්සලා.

" කට බොරු කිව්වත් බඩ බොරු කියන්නෑ කියන්නේ ඕකට තමා.

" තමුසෙට වැඩක් නෑනේ මම කෑවත් නැතත්.

" මට වැඩක් නෑ ඒත් ඊට පස්සේ ගැස්ට්‍රික් හදාගෙන මේ කේස් එක අස්සේ මට බෑ තමුසෙව බෙහෙත් ගේන්න එක්කන් යන්න.

" අනේ ගැස්ට්‍රික් නෙවේ මැරෙන්න ආවත් තමුසෙට කියන්නෑ බයවෙන්න එපා.

" ඕන දෙයක් කරගනින්.

අභිශේක් කාර් එකෙන් බැහැලා එලියට ගියා.

" shit

මට බඩත්ගිනියි මූට සෙකන්ඩ් වෙන්නත් බෑ. ඒත් යකූ මූට මම බැන්න එක ඇහුනවත්ද. ඒත් මම හිතින්නේ බැන්නේ. මූට හිත් කියවන්න පුළුවන් ද දන්නෑ අර හිමතුහිනෙ සෝහා වගේ . ඕන මගුලක් !!!!.

තේමිය තමන්ටම කියාගෙන කාර් එකෙන් බැහැලා අභිශේක් ගෙ පිටිපස්සෙන් ගියා.

තමන්ගෙ පිටිපස්සෙන් එන තේමියව දැකලා අභිශේක් ට කට කොනෙන් හිනාවක් ගියා.

" තමුසෙ මොනාද කන්නේ.

" මට ඕන එකක් මම ගන්නම් තමුසෙට ඕන දෙයක් අරන් යනවකො.

තේමියගෙ මේ මුරන්ඩු කමට අභිශේක්ට තරහ ගියත් එයා මුකුත් නොකිය එයාගෙ ඕඩර් එක අරන් එතන තිබුන මේසයක් ලගට ගියා.

" sir මොනවද ගන්නේ.

" මට..... chocolate doughnut එකයි..ම්ම්ම්ම්..  ඔයාලා ගාව hot milo තියෙනවද.

" ඔව් sir.

" hot milo එකයි.

තේමිය එයාගෙ doughnut එකයි milo එකයි අරන් ඒකට සල්ලි ගෙවලා අභිශේක්ගෙ මේසෙට හැතැක්මයක් විතර දුරින් තිබුන මේසෙකින් වාඩි උනා.

අභිශේක් කාලා ඉවර වෙලා එයාගෙ මේසෙන් නැගිටලා එලියට යනවා දැක්ක තේමිය ඉක්මනට එයාගෙ doughnut එකේ අන්තිම කෑල්ලත් කටේ දාගෙන වතුර බෝතලයකුයි ලොලිපොප් පැකට් එකකුයි අරගෙන කාර් එකට ආවා.

තලවකැලේ ඉදන් නුවරඑළියට තිබුනේ තව මිනිත්තු 45 ක වගේ දුරක්. ලාවට මීදුමෙන් වැහිලා තිබුන පාර, ඒ පාර දෙපැත්තෙම තිබුන කොල පාට රූස්ස ගස් , කදු වහගෙන යායට වැවුන තේ ගස්, නිල් පාටින් පේන මහවැලි ගග වගේම වලාකුලු වලින් මුදුන් ස්පර්ශකෙරූ කදු යායට පේන්න තිබුනා.

ඒ කොලපාටින් වැහිලා තිබුන පරිසරය නිස්කලංකයි , ලස්සනයි.

මේ දිහා බලන් හිටිය තේමියගෙ මූනේ ලස්සන හිනාවක් ඇදුනේ එයා ඒ තරම්ම මේ පරිසරයට ගොඩක් ආදරේ කරන නිසා.

තේමිය කාර් එකෙ ජනේලෙ ඇරලා ඒ සීතලනැවුම් වාතයෙන් එයාගෙ පෙනහලු පුරවගත්තා. හුලගට ඇවිස්සෙන තමන්ගෙ කොන්ඩේ අතරින් තමන්ගෙ අතේ ඇගිලි යවන ගමන් ජනේලෙට ඔලුව හේත්තු කරගත්තේ මේ සෞම්‍ය පරිසරය නිදහසේ විදින ගමන්. කාර් එකේ රේඩියෝ එකෙන් ඇහෙන්න දෑතින් අල්ලන් සිංදුව තේමියගෙ හැගීම් තවත් ඇවිස්සුවේ කලාතුරකින් දකින්න ලැබෙන තේමියගෙ පිරුනු හිනාව ලස්සනට ඒ මූනේ ඇදෙද්දී.

9.50 ට වගේ විතර වෙද්දී එයාලා නුවරඑලිය පොලීසියට ආවේ මෙච්චර වෙලා හීන ලෝකෙක අතරමං වෙලා හිටිය තේමියව පියවිසිහියට ගේන ගමන්.

නැවැත්තුව වාහනෙන් දෙන්නම එලියට බහින්න ගියත් තේමිය නැවතුනේ අභිශේක් කතා කරුව නිසා.

" ඔය කොන්ඩේ හදාගන්නවා . හෙන ගහලා වගේ.

" ඈහ් ?? මො..

තේමියට තව මුකුත් කියන්න නොදී අභිශේක් වාහනෙන් බැහැලා ගියේ තේමිය අභිශේක්ට හොදවයින් දෙකක් කියන්න කට හදාගද්දිමයි.

තේමිය ඇගිලි වලින් ඉක්මනට කොන්ඩේ හදාගෙන වාහනෙන් බැහැලා පොලීසිය ඇතුලට ගියා. පොලීසිය ඇතුලට ආව මේ තරුන රහස්පරීක්ශකයො දෙන්නා දිහා එතන හිටිය නිළධාරින්ගෙන් ලැබුනේ කුතුහලසහගත බැල්මක්.

" අපිට OIC මහත්තයව හම්බෙන්න පුළුවන් ද.

" ඔය මහත්තුරූ..

" අපිව එව්වේ DIG භාතිය.

" OIC මහත්තයගෙ office එක මේ පැත්තේ.

කොස්තාපල් වරයා එතන තිබුන කාර්‍යාලය දිහාවට අත දික් කරාම තේමිය , අභිශේක් දෙන්නම ඒ පැත්තට ඇවිදගෙන ගියා.

දුරකථන ඇමතුමක හිටිය OIC ලලිත් ඒ ඇමතුම විසන්ධි කරේ තමන්ගේ කාර්‍යාලය ඉදිරිපිට ඉන්න රහස්පරීක්ශක වරු දෙන්නව තමන්ගෙ ඇස් වලින් ස්කෑන් කරන ගමන්. දෙන්නම OIC ලලිත් ට ආචාර කරාම OIC ලලිත් ඒ දෙන්නට ඇවිත් වාඩි වෙන්න කිව්වා.

" ඔය මහත්තුරු කොළඹ ඉදන්ද ආවේ.

" ඔව් sir අපිව එව්වේ DIG භාතිය.

" අහ් පොඩි කොල්ලෙ දෙන්නෙක්නෙ.

පොලීසියට ආවත් හරි කතාකරේ අභිශේක් විතරයි. තේමිය නෙවේ කටක් හෙල්ලුවේ.

" sir අපිට අදම විල්ලා එක බලන්න යන්න පුළුවන් ද.

" පුළුවන් .. දැනටමත් අපේ පොලීසියේ කට්ටියෙ ඒ විල්ලා එක අවට සෝදිසි කරන ගමන් ඉන්නේ. ඔය මහත්තුරුන්ට දැන් එතනට යන්න පුළුවන්

" ok sir.

" ජයපාල

OIC කාර්‍යාලයේ දොරත් ඇරගෙන ආව ඒ කොස්තාපල් වරයා OIC ලලිත්ට ආචාර කරා.

" sir

" ජයපාල ජිප් එක ලෑස්ති කරන්න.

" ජීප් එකක් ඕනෙ නැහැ sir. මගෙ car එක තියෙනවා.

" ඒත් කොල්ලෝ මේ දවස් වල වැස්සටත් එක්ක පාර මඩ වෙලා තියෙන්නේ.

" ඒ උනාට යන්න පුලුවන් sir. මම කිව්වේ පුළුවන් වෙයි sir. අපි ගිහින් බලන්න.

ජයපාලට පුළුවන් නම් අපිත් එක්ක ඇවිත් අපිට පාර පෙන්නන්න.. ඒ ඇති.

" හරි ඔයාලා කැමති විදිහකට කරන්න.

තේමිය , අභිශේක් දෙන්නම කොස්තාපල් ජයපාල එක්ක පොලීසියෙන් එලියට ආවේ භානුක සිංහවංශගේ විල්ලා එකට යන්න.

" ජයපාල , මෙතන ඉදන් විල්ලා එකට ගොඩක් දුරයිද.

මෙච්චර වෙලා සද්දයක් නැතුව හිටිය තේමිය කට ඇරියේ ඒ වෙලාවේ.

" ටිකක් දුරයි sir.

" කිලෝමීටර් කීයක් වගේ ?

" කිලෝමීටර් හයක් වගේ sir. ඔය බංගලාව තියෙන්නේ මනුස්ස පූටක් නැති මහ මූසල කැලයක් මැද. ඔය බංගලාවෙ හොල්මනුත් ඉන්නවා කියලා කටකතාවක් තියෙනවා. තව ඔය බංගලාව පැත්තට ගිය ගෑනුලමයි දෙතුන් දෙනෙක්ම අතුරු දහන් වෙලා තියෙනවා. ඒ ලමයින්ගෙ කොන්ඩගහක දෙයක් හොයාගන්න බැරි උනා මේතාක් වෙනකම්.

" හොල්මන් ?

තේමිය නලල රැලි කරන් එයාටම කියාගත්තත් අභිශේක්ගෙ මූනේ ඇදුනේ නක්කල් හිනාවක්.

" ඇයි හොල්මන් වලට බයයිද.

" අනේ මේ..

ජයපාල කිව්ව දේත් එක්ක තේමියගෙ ඔලුවට තව ප්‍රශ්නයක් වැටුනේ අර අතුරුදන් උනා කිව්ව ගෑනුලමයි ගැන.

තේමිය කල්පනාවෙන් මිදුනේ අභිශේක් වාහනේ ඒ ලොකු විල්ලා එක ඉස්සරහා නතර කෙරුවම.

අමුතුම මූසල අත්භූත පාටකින් පිරුන ඒ විල්ලා එක අවට ඇත්තටම කිසිම මනුස්ස පූටක් තිබුනෙ නැහැ. ඝන කැලෑව මැද්දෙන් වැටිලා තිබුන පාරේ ගමනාන්තය උනේ මේ විල්ලා එක. දවල් 12.00 උනත් ඒ විල්ල එක අවට වැහිලා තිබුනේ අදුරු වලාවකින්. තුන් දෙනාම වාහනෙන් බැහැලා විල්ල එක දිහාවට එද්දී එයාලට හම්බුනේ සෝදිසි කිරීම් වල නිරත වෙලා ඉන්න අනිත් පොලිස් නිළධාරින්ව.

අභිශේක් හිටියේ විල්ලා එක අවට සෝදිසි කිරීම් වල හිටිය නිළධාරියෙක් එක්ක බර සාකච්ඡාවක.

තේමිය එතන හිටිය පොලිස් නිළධාරියෙක්ගෙන් ඇහුවා එයාලට විල්ලා එක ඇතුලට යන්න පුළුවන් ද කියලා. තේමියට විල්ලා එක ඇතුලට යන එකට කිසිම තහංචියක් නොලැබුන නිසා එයා ඇතුලට යන්න පලවෙනි අඩිය තියන්න ගියත් එයා නැවතුනේ කවුරුහරි එයාගෙ පිටිපස්සෙන් ඉන්නවා එයාට දැනුන නිසා. තේමිය පිටිපස්ස හැරිලා බැලුවම ඒ දැක්ක කෙනා නිසා බය වෙනුවට එයා තරහ වෙසක් අරගෙන විල්ලා එක ඇතුලට ගියා. ඒ විල්ලා එක පුරාම පැතිරිලා තිබුනේ භයංකාර අදුරක්. ඒ දිගට ඇවිදගෙන ගිය තේමියට දකින්න ලැබුනේ ලේ තැවරුන අත් පාරවල්.

තේමිය එයාගෙ අතේ තිබුන ෆයිල් එක දිග ඇරලා ඒ ෆයිල් එකේ තිබුන ඒ ලේ අත් පාරවල් දිහා බැලුවා.

" murder එක වෙලා තියෙන්නේ කීයටද.

මෙච්චර වෙලා ඒ අත් පාර දිහා බලාගෙන හිටිය තේමිය අභිශේක් දිහා බැලුවා.

" Post mortem report එකේ තියෙන විදිහට මිනිහා නැති වෙලා තියෙන්නේ සදුදා පාන්දර. මිනිහගෙ body එක හම්බෙලා තියෙන්නේ සිකුරාදා උදේ. මිනිහගෙ ඔලුවටත් ගොඩක් damage වෙලා තියෙනවා. wrist එකේ වගේම ඇගේ තැන් තැන් වල ඇති උන කැපුම් නිසා ගොඩක් ලේ ගිහින් තියෙනවා. මිනිහට වෙඩි පාරවලුත් වැදිලා තියෙනවා ඒත් ඒ බුලට්ස් ජාති දෙකකින්.

" oops මිනිහා එහෙනම් හෙනට විදවලා මැරෙන්න කලින්.

" හ්ම්ම්

මේක එක්කෙනෙක් කෙරුව එකක් වෙන්නත් පුළුවන් ඒත් මේ මඩ සපත්තු පරවල් දැක්කම මටනම් හිතෙන්නේ මේක කට්ටියක් එකතු වෙලා කෙරුව එකක් වගේ. ඇත්තටම මිනිහව මරන්න ඇත්තෙ කවුද.

" මේ වගේ මිනිහෙක්ට හතුරො නැති වෙන්න පුළුවන් ද ?

" ඇත්ත.

ඊලගට තේමියගෙ අවධානය ගියේ එතන කැඩිලා තියන පුටු මේස දිහාවට. ඒකෙන් හොදාකාරවම පේන්න ගත්තේ මෙතන ලොකු රණ්ඩුවක් වෙලා තියන බව. ඒ දිහා පරික්ශාකාරිව බැලුව තේමියගෙ ඇස ගැටුනේ ඒ තැන් තැන් වල තිබුන ලේ පැල්ලම් දිහාවට. ඒ වෙද්දී අභිශේක්ගෙ අවධානය රැදිලා තිබුනේ ඒ බිත්ති වල ගිලා බැහැලා තිබුන වෙඩි පාරවල් දිහාවට නිසා තේමිය ෆයිල් එකේ තිබුන හිස් කොල කෑල්ලක් ඉරලා අරගෙන ඒ ලේ පැල්ලමක් උඩ තියලා තද කරලා ඒක අරන් ෆයිල් එක ඇතුලට දාගත්තා. ඒ දාගෙන අනිත් පැත්තට නැගිටින්න හැදුවත් එයා දැක්කේ පොලවේ කැඩිලා තියන ලී කෑල්ලක්. එහෙම බැලුවොත් මේ විල්ලා එකේ යට තව තට්ටුවක් තියෙනවා.

" අභිශේක් !!

" මොකද හොල්මනල්වත් දැක්කද.

" මොන හොල්මන්ද මනුස්සයෝ මේ බලනවා මේ ..

තේමිය පෙන්නුව තැනට අභිශේක් කිට්ටු වෙලා බලද්දී එයාටත් හිතුනේ මේකෙ යට තව මොනවහරි ඇති කියලා.

" මේකේ down floor එකක් තියෙනවා වගේ.

" කඩලා බලමු .

තේමියගෙ ඒ යෝජනාවට අනිත් පැත්තට අභිශේක්ගෙන් ලැබුනේ අර කටකොනෙන් දෙන අහංකාර හිනාව.

" පෞද්ගලික දේපල වලට හානිකරා කියලා භානුකගෙ වයිෆ් නඩු දැම්මම හිරේ ලගින්නත් වෙයි.

" මගුලක් කියනවා. අර පොලිස් කාරයො ටික මේක දැකලා නැද්ද.

" කවුද දන්නේ.

අභිශේක් ඒ ලගම තිබුන යකඩ පොල්ලක් අරගෙන ඒ කැඩිච්ච ලෑල්ල ගලවලා දැම්මා. ඒත් ඒ කලුවරට කිසිම දෙයක් පෙනුනෙ නැහැ. අභිශේක් එයාගෙ phone එකේ ටෝච් එක ඒ පැත්තට ගැහුවත් එයාට පැහැදිලිව කිසිදෙයක් බලාගන්න බැරි උනා.