Chapter 20: xx ♡

LOVE HATE 🖇️ (Sinhala Bl )Words: 25162

" ඔප්පු කරන්න ?

අභිශේක් ගෙ උත්තරයට කලින් තේමියගෙ දුරකතනය ඒ මැදට හරස් උනේ චනුලිගෙන් ආව දුරකථන ඇමතුමත් එක්ක. ඒකෙන් අභිශේකගෙ මූන වෙනස් වෙද්දි තේමිය ඒ ඇමතුම විසන්ධි කරන්න හැදුවත් එයාට අභිශේක් ගෙන් ලැබුනේ තර්ජනාත්මක බැල්මක්.

" ඒක answer කරන්න.

" ඒත් ?

" මම කිව්වනෙ speaker on කරන්න

" අභිශේක් ? මට බැහැ !

" අත ඉක්මන් කරන්න බබා නැත්තම් ඔය call එක cut වෙයි.

අභිශේක් ගෙ වචන වලට යටත් උන තේමිය ගැලවීමක් නැති තැන ඒ ඇමතුමට ප්‍රතිචාර දැක්වුවා.

" hello චනුලි.

" බබා මම ඊයෙ ඉදන් ඔයාට calls කීයක් ගත්තද ? ඇයි ඔයා ඒ එකකටවත් respond කරේ නැත්තේ.

" මම ඊයේ මේ..ආහ්.

බොරුවක් කියන්න තියා ඒ ගැන හිතන්නවත් නොදී ඉරිසිවෙන් අන්ධ වෙලා ඉන්න අභිශේක් ගෙ අතක් මේ වෙදිත් තිබුනේ තේමියගෙ ටී ශර්ට් එක යට. තේමිය තොල් එකට තද කරගෙන අභිශේක් ව නවත්තන්න හැදුවත් ඒ අත අභිශේක් ගෙ අනිත් අතත් එක්කම බිත්තියට තද උනේ තේමියට කරගන්න දෙයක් නැති කරලා.

" තේමිය ඔයා මම කියන දේ අහගෙනද ඉන්නේ .. ඇයි උත්තර දෙන්නෙ නැත්තේ.

" මේ.. නැ..හැ ච..නුලි..

" බලන්නකො මගෙ චන්ඩියට මගෙ කටහඩ ඇහුවමත් ගොත ගැහෙනවනෙ.

චනුලිගෙ මේ කතාව ඇහුනම තේමියගෙ ඇස් ඒ සැනෙන්ම යාවුනේ කට කොනෙන් ඇදුන හිනාවත් එක්ක තමන් දිහා බලන් ඉන්න අභිශේක් දිහා. ඉතින් ඒ හිනාවෙන් පස්සේ තමන්ට වෙන්න යන්නේ එච්චර හොද දෙයක් නෙවෙයි කියලා තේමිය නොදැනුවත් උනේ නැහැ.

" චනුලි මම ඔයාට පස්සේ ගන්නද මම ලොකු වැඩක ඉන්නේ.

" අනේ තේමිය please මට තව විනාඩි දහයක් දෙන්නකො. අපි ආයෙ meet වෙන්නේ කවද්ද . මට ඔයාව දකිනකම් ඉවසිල්ලක් නැහැ. ඔයා එදා ගියා ගියාමයි මාව මතකවත් නෑනේද ?.

" ම..මට ම්හ්.

තමන්ගෙ ඇග පුරා යන ස්පර්ශයන්ගෙන් හැගීම් ඇවිස්සෙද්දී බෙල්ල පුරා යන අභිශේක් ගෙ තොල් නිසා තේමිය හිටියේ එයත් එක්කම ලොකු යුද්ධෙක. තේමිය තමන්ගෙ වචන පාලනයක් ඇතුව එලියට දාන්න හැදුවත් අභිශේක් කරේ එයාට ඒ දේ තව අමාරු කරන එක.

" ම..ම මේ දවස් වල ටිකක් busy චනුලි.

මම ඔයාට පස්සේ කතා කරන්නම්.

අභිශේක් ව තමන්ගෙ ඇගට තද වෙන තද වෙන වාරයක් ගානේ පිටවෙන්න හදන කෙදිරිලි තොල් තද කරන් පාලනේ කරගත්තේ ඔලුවට ආව වචන ටික චනුලිට එක සැරේම කියලා දාලා අනිත් පැත්තෙන් ප්‍රතිචාරයක් එන්නත් කලින් ඒ ඇමතුම විසන්ධි කරලා.

" අභිශේක් ඕක නවත්තන්න ඔයාට පිස්සු හැදිලද ?

වේගෙන් ඉහල පහල යන හුස්මත් එක්ක තේමිය හිටියෙ හොදටම රතු වෙලා. ඒ ඇරත් අභිශේක් ගෙ ස්පර්ශය තාමත් එයාගෙ ඇග පුරාම දිව්වේ එයාගෙ ඇස් සැරෙන් සැරේ පියවන ගමන්.

" ඔව් මට පිස්සු. මගෙ පිස්සුව වැඩි කරන්නේ ඔයයි තේමිය. මම දන්නවා මගෙ දේවල් මගෙම කර නොගන්න තාක්කල් ඒවට වෙන බැල්මවල් වැටෙනවා කියලා. ඒ දවස ඉක්මනට එනවා තේමිය එදාට ඔයාටම හිතෙයි තවත් ඔයාට ඔයාගෙ වෙලා ඉන්න ඕනෙ නැහැ කියලා. ඒකත් ඔයා මගෙන් ඔයාගෙ ජීවිතේ ඉල්ලද්දි. වෙන කෙනෙක්ට ආයෙ ඔයාව අයිති නොවෙන විදිහට මම ඔයාව මගෙ කරගන්නවා. මගෙම විතරක්. ඔයාට තවත් මගෙන් ගැලවෙන්න වෙන්නෙ නැහැ.

අභිශේක් ගෙ ඇගිලි තුඩු තේමියගෙ කම්මුල් උඩ රටා මවද්දී කෙරුව අභියෝගෙට ලැබුන ප්‍රතිචාරයෙන් කරේ එයාව තවත් අඩපණ කෙරුව එක. මොන තත්ත්වෙන් කොහොම හිටියත් අභිශේක් තේමියට කරේ සුලුපටු බලපෑමක් නෙවේ. ඉතින් ඉතුරු වෙලා තිබ්බ පුරුෂ ධෛර්යයත් අභිශේක් ඉස්සරහා බිංදුවටම දාලා තේමිය එයාගෙන් ඈත් වෙලා බාතෲම් එකට දුවලා ගියා.

Shit !! shit ! Shit !! මේ මනුස්සය මොනාද මට මේ කරන්නේ ? මොනාද මේ කියවන්නේ ? ජීවිතේ ඉල්ලන්න ? මම ? මේ යකා !!! මේ යකා හින්දා කොයිවෙලේ හරි මගෙ සර්වාංගෙම දියවෙලා බිමට වැටෙනවා. ඒත් ඉතින් උබමනෙ ඔප්පු කරන්න ඔප්පු කරන්න ගගා !!! උබ මොනාද සිරාවටම ඔප්පු කරන්න කිව්වේ කියහන්කො. මම යන්නෑ අද මේක අස්සෙන් එලියට. හොදටම පිස්සුද කොහෙද !! මේ මනුස්සයව බලාගන්න කියලා ගෙදර එක්කන් ආවම මේ යකා මාව බඩ කරන්න හදනවනෙ. තෙමිය පුතාගෙ මොලේ පෑදේවා තේමිය පුතාගෙ මොලේ පෑදේවා. කතරගම ගිහින් බාරයක්වත් වෙන්න ඕනා නැත්තම් හරියන්නෑ. නැත්තම් අම්මට ගිහින් කිව්වොත් අම්මේ මට අභිශේක් ව බදින්න ඕනා කියලා. අම්මෝ... අභිශේක් වගේ මනුස්සයෙක්ට අහුවුනොත් අම්මගෙ චූටි පුතා පව්. අනේහ් අම්මේ !!!! මම මූට කැමති නෑ... නෑනෙ මම මූට කැමතිද කොහෙද . මහ බූරුවෙක් ඇත්තමයි. මෙලහලටත් අර ටානියවත් බඩ... හහ් දෙයියනේ... ඒකත් කියන්න බෑ. මහ පැනියෙක්. අනේ ඉතින් ඒ යකාට බැන්නට ඒ යකා ඉස්සරහම ගෑනියෙක් වගේ මාත් රතු වෙනවනෙ. මොන මගුලක්ද ?? හැටි විතරක්. අපායට ගැහුව පත්තරේ වගේ. උබව හොදයි බහිරව රූපයක් විදිහට තියන්න.

ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ !!!!

තේමිය කණ්ණාඩිය දිහා බලාගෙන එයාගෙ රතු වෙලා කම්මුල් අත් දෙකෙන්ම තද කරගෙන එයාටම නෝක්කාඩු කියාගත්තා.

දවසම මේක අස්සේ ඉන්න බෑනේ අරූ අයේ අහයි මම ගෙට වෙලාද කියලා ගෙම්බා.

තේමිය අභිශේක් ට බැන බැන බාතෲම් එකෙන් එලියට ආවත් අභිශේක් කාමරේ පේන්න හිටියෙ නැහැ.

ඒ ගමන කොහෙ ගිහින්ද. අනේ එකතැනක ඉන්න බැරි හැටියක්. කකුල් වලට රෝද හයිකරලද කොහෙද.

කකුල් වලට රෝද හයි කරගත්ත ඈයව හොය හොය පහලට එද්දී අභිශේක් හිටියේ මෙසත් එක්ක ඉදගෙන සෙල්ලම් කර කර.

" rest කරන්න කිව්වම පොඩි එකෙක් වගේ මෙතනට ඇවිත් සෙල්ලම් කර කර ඉන්නේ ?. මුල් ලමාවිය සංවර්ධනය වෙලා නැද්ද.

" සංවර්ධනය වෙන්න ඕන ඒවනම් සංවර්ධනය වෙලා තියෙන්නේ බබා. ඔයා මාත් එක්ක සෙල්ලම් කරන්න ආවෙ නෑනේ ඒ හින්දා මම මේ බබා එක්ක සෙල්ලම් කරන්න ආවා.

" අනේ මේ ... එයාගෙ නම බබා නෙවේ මෙසත්.

" අහ් sorry මැනික. ඔයානෙ බබා.

තේමිය ඔරවලා ඒ ලගින්ම වාඩි උනාම අභිශේක් තේමියගෙ කම්මුකට හාදුවක් දුන්නේ මේ මෙලෝ සසරක් නොදන්න මෙසත් සූප්පුවත් හප හප ඒ දෙන්නා දිහා බලන් ඉද්දි.

" පිස්සුද ? කවුරුහරි දැක්කොත් !! ගෙදර මිනිස්සු ඔහෙත් එක්කම යවයි මාව.

" ඉතින් කොච්චර හොදයිද ? මම කොහොමත් මගෙ නමට ලියාගන්නනෙ ඉන්නේ.

" ලියලා දෙනවා ඔහෙට මගෙ නැට්ට.

" බබා ඔයාට නැට්ටකුත් තියනවද ? කෝ බලන්න. අක්කා කිව්ව කතාව වැරදි නෑ වගේ.

අභිශේක් ගෙ අත කාන්දම වගේ තේමියගෙ ප්ශ්චාත් භාගය වෙත ඇදිලා එද්දී තේමිය ඒ සැනින් නැගිටලා වෙන තැනකින් වාඩි උනේ තමන්ගෙ නැට්ටට වෙන්න ගිය අතවරේ වලක්වගන්න.

" අනේ පුතේ මේ අංකල්ව ආශ්‍රය කරන්න එපා. ඔයත් නරක් වෙයි.

" අනේ අලි බබාලා. සූප්පු දෙකකුත් දෙන්නද ?

නතාශා ආදිත්‍යා එක්ක ඒ කියාගෙන සාලෙට එද්දී නොදැනුවත්ව උනත් කලින් තේමියට ඇහුන දේවල් නිසා එයාගෙ මූන වෙනස් උනා.

" අභිශේක් මල්ලි ඔයාට කොහොමද දැන්.

" මට දැන් හොදයි අක්කේ. මට වඩා ඔයාගෙ මල්ලි බය වෙලානෙ ඉතින්.

අභිශේක් තේමිය දිහා බලන් කියද්දී තේමිය අතේ තිබුන ලෙගෝ කෑලි දෙක දිහා බලාගෙන හිටියා.

" බය නොවී කොහොමද ඔයා ඉතින් තේමියගෙ

" අක්කේ !!

" මම කිව්වේ ඔයා තේමියගෙ මැන්ගො ෆ්‍රෙන්ඩ් නේ

" මැන්ගො ෆ්‍රෙන්ඩ් නෙවේ අක්කේ මම එයාගේ

" අනේ මේ මෙයා මගෙ කවුරුවත් නෙවේ.!!!!

" හා හා අපි එහෙම කියමුකො.

මේ සංවාදය අතරතුර නර්මදා සාලෙට ආවේ තේමියටයි අභිශේක්ටයි එයා ලගට එන්න කියාගෙන.

" තේමිය අභිශේක් කෝ ඔය දෙන්නම ඇවිත් වාඩි වෙන්නකො.

" ඇයි ඒ ?

" එන්නකො.

ඒ දෙන්නම නර්මදා ලගින් වාඩි උනාම නර්මදා එයාගෙ අතේ තිබුන බුලත් කොලේ දිග ඇරලා ඒකෙ ඇතුලෙ තිබුන පිරිත් නූල් දෙක එලියට ගත්තා.

" මේ ඇයි ?

" හැමදේටම ඇයි ඇයි තමා. මම අද උදේ පන්සලට ගියා. ඒ වෙලාවේ ලොකු හාමුදුරුවන්ට කියල ඉල්ලගත්තෙ. ඔයාලා ඔය පොලීසියේ රස්සාවට යන එක ගැන මම ඉන්න හිතේ ගින්දර දන්නේ මම විතරයි. අභිශේක් කෝ පුතේ ඔයාගෙ අත දෙන්න. ඕක ඉතින් ඔයාගෙ පැහිච්ච කමට තෝරගත්ත රස්සාවනෙ. අපිට මුකුත් කියන්නත් බැහැ.

තේමියට මේ දේවල් වලට කියන්න දෙයක් නැහැ එයා කට වහන් අහන් ඉන්නවා. එයා දන්නවා පිටට අම්මා එයා CID එකේ වැඩ කරනවට විරුද්ධත්වයක් නොදැක්කුවට අම්මා වගේම එයාගෙ පවුලෙ කවුරුවත් එයා CID එකේ වැඩ කරනවට කැමති නැහැ කියලා.

" ඔව් අම්මේ මල්ලිගෙ බක පන්ඩිතකමනෙ.

" හයියූ ඔයා බොරුවට හිතනවා අනෙ. මම මේ රස්සාව නොකර මේ අක්කා වගෙ එහාටයි මෙහාටයි ඇඹරි ඇඹරි photos ගන්නද ? අනිත් එක ඔහොම වැඩිය හිතන්න හොද නෑලු ඉක්මනට කොන්ඩේ ඉදෙනවලු.

" ඇඹරි ඇඹරි photos ගහන්න මම ගැඩවිලෙක් කියලා හිතුවද ??

" මගෙ කොන්ඩෙ තව ඉදෙන්න දෙයක් නෑ ඉදිලා තමා තියෙන්නේ. කෝ දෙන්න ඔයාගෙ අතත් මෙහෙට.

" ගැඩවිලා තමුසෙට වඩා ලස්සනයි.

තේමිය නතාශාට දිව දික් කරලා

අම්මට අත දෙන ගමන් හොර හිනාවක් එක්ක බලන් හිටියේ අම්මව ඇවිස්සීමේ අරමුනින්.

" මොකද හිනාවෙන්නේ ?

" අපෝ මගෙ girlfriend රවද්දි කාලි අම්මා වගේ.

" පෙනේද මේ කොල්ලා අම්මට කතා කරන හැටි.

" අම්මගෙම පුතානේ. පුතාත් රවද්දි ඔහොම තමා.

තේමියගෙ රැවිලි එරවිලි ගැන හොදට බැට කාපු ඇත්තෙක් විදිහට එයාට දැන් ඒවලින් උපාධියකුත් ගන්න බැරි නෑ. ඉතින් තරහා ගියාම විතරක් නෙවේ කතා කරන විදිහෙන් , ඇස් යා කරන විදිහෙන් පවා අභිශේක් ට නර්මදාගෙයි තේමියගෙයි ලොකු වෙනසක් දකින්න පුළුවන් උනේ නැත්තේ තේමිය කියන්නේ එයාගෙ අම්මගෙම අච්චුව නිසා.

" ඒකෙනෙ අම්මේ. දැක්කනෙ මම ඔයා වගේ ගිහින් තියෙන්නේ.

" මං වගේ උනාට මට හිතාගන්න බැරි ඔය පන්ඩිතකම කොහෙන් ආවද කියලා. පුතේ ඔයාටත් තේමිය එක්ක වැඩ කරන්න ලේසි නැතුව ඇති නේද.

" ඔයාගෙ කැරපොත්තගෙන් ආවේ.

" කැරපොත්තෙක්ව ගෙනල්ලා දානවා මම දැන් කලිසම අස්සට.

" ඔව් අම්මේ ලේසි නෑ. මම දැන් free වෙලාවට discovery channel බලනවා වදුරු පැටවු ගැන ඉගෙන ගන්න.

" උබ වදුරා කිව්වේ මටද චිම්පන්සියො...

" පුතාට මම දෙන්නම්කො හොද training එකක් වදුරු පැටව් බලාගන්න විදිහ ගැන.

නර්මදා ඒ කිව්වේ තේමියගෙ කනකුත් ලාවට මිරිකන ගමන්.

" ආව් අනේ. මොකද හිනාවෙන්නේ චිම්පන්සියා.

" මුකුත් නෑ . වදුරු පැටියා.

" ගෝරිල්ලා !

" රිලවා.

" දෙන්නත් එක්ක සත්තුන්ගෙ නම් පාඩම් කරනවද ? උබල දෙන්නත් අර එක වසරෙ පොඩි උන් වගේ.

" මම නෙවේ මේ චිම්පන්සියා තමා පටන් ගත්තේ.

" අයියේ ඔයා දන්නෑනේ අභිශේක් discovery channel බලනවලු තේමිය ගැන ඉගෙන ගන්න.

" අනේ අයියේ ඔයා ලග පිස්සන්ට විදින මොකක් හරි බෙහෙතක් නැද්ද මේ දෙන්නට විදලා දාන්න.

" දෙකක් මදිනෙ චූටි තුනක් ඕනා ඔයාටත් එක්ක.

" තුනක් මදි තේමියගෙ අයියටත් එකක් ඕනා.

" එහෙනම් තේමියගෙ නෑනටත් විදගන්න වෙයි.

" නැහැ දොස්තරවයි පිස්සො ටිකයි ඔක්කොම ගිහින් නවත්තනවා අංගොඩ.

" යං යං චූටි. ඔයාව අරන් ආවෙත් එහෙන්නේ. ඔයාගෙ යාලුවො බලන් ඇති.

" අපෝ ඔයත් මේ පිස්සො දෙන්නා වගේම තමා.

චෝදනා ස්වරයෙන් යොහාන්ට කියන ගමන් තමන්ගෙ දුරකථනය අතට ගත්තේ යොහානුත් අභිශේක් ලගින් වාඩිවෙද්දී. තේමිය තමන්ගෙ දුරකථනේ සිහියෙන් හිටියා මිසක් එයාලා කතා කරන දේවල් ගැන අහන් හිටියේ නැහැ. ඉතින් තමන්ගෙ එහා පැත්තෙම හිටිය අභිශේක් තමන්ගෙ දුරකතනෙන් මෙසත් එක්ක කාටූන් බල බල ඉන්න අතරේ අභිශේක් හැමවෙලේම තමන්ට කතා කරන නම ඇහෙද්දී තේමියගෙ සම්පූර්ණ අවධානෙ තාමත් තමන්ගෙ දුරකථනයේ රැදිලා තිබුන නිසා එයා වැඩි සැලකිල්ලක් නැතුවම අනිත් පැත්තට ප්‍රතිචාර දැක්වුවා.

" බබා.

" ම්ම්

" බබා මේ බලන්න.

" මොකක්ද ?.

තේමිය දුරකතනෙන් ඇස් එලියට අරන් අභිශේක් දිහා බැලුවත් එයා දැනන් හිටියෙ නෑ මේ වෙද්දිත් සාලෙ හිටිය හැමෝගෙම ඇස් ලේසර් කිරන වගේ තමන්ට යොමු වෙලා තියන විත්තිය. තමන්ගෙ හිනාව පුලුවන් උපරිම ආකාරයෙන් මැඩගෙන ඉන්න අභිශේක් දිහා තුශ්නිම්බූත වෙලා වගේ බලන් හිටිය තේමියට පවුලම ඉස්සරහා තමන්ගෙ කට වරද්ද ගත්ත එකේ බරපතලකම තේරෙද්දී දැන් තමන් ප්‍රමාද වැඩීදෝ මන්දා කියලත් හිතුනා .

" බබා ?

" ඇයි මං දිහා ඔහොම බලන් ඉන්නේ. අභිශේක් බබා කිව්වේ මෙසත්ට. මම මේ අභිශේක් මොකක්ද එයාට පෙන්නන්න යන්නේ කියලා බැලුවේ. මේ අභිශේක් ඕන්නැති ඒවත් බලනවා. මේ පොඩි එකාවත් නරක් කරොත් එහෙම.

තේමියගෙ ඇගේ හිටිය CID කාරයව ආරූඪ කරගත්ත යොහාන් ඒ අහද්දී තේමිය දිවට ගෑවී නොගෑවී බොරුවක් කියලා දැම්මේ අභිශේක් වත් ඒ බොරුවෙ පටලවලා.

" අහ් එහෙමත් එකක්ද ? ඇත්තද අභිශේක් මේ කියන්නේ ?.

" මම කතා කරේ මෙසත්ට අයියේ නැත්තම් මේ අලි බබ්බුන්ව හුරතල් කරන්න මට පිස්සු ඈ.

තේමිය ඒ කතාවට පුපුරන දෑසින් අභිශේක් දිහා බලන් හිටියේ මීට වඩා හොදයි ඇත්තටම මම ඒ කතා කරේ තේමියට කියලා අභිශේක් කිව්වනම් වගේ.

" අනේ මන්දා උබලා දෙන්නත් ගෑනී මිනිහයි වගේ බං. මේ පේන්නැද්ද මේකා දාගෙන රවනවා.

" ඒ ඔයාලට පේන හැටි.. මම හිනා වෙවී ඉන්නේ මේහ්හ්...

තේමිය තමන්ගෙ දත් තිස්දෙකම දර්ශනය වන හිනාවක් යොහාන්ටයි පවුලේ හැමෝටමයි දීලා ආයෙත් දුරකථනයට ඇස් යොමු කරගත්තේ නොමනා බැනුම් තමන්ගෙ හිතින් තමන්ටම බැනගෙන.