Chapter 22: xxii ♡

LOVE HATE 🖇️ (Sinhala Bl )Words: 23939

" කෝ මං ලගට එන්න.

" මට බයයි ඔයාගෙ තුවාල පෑරුනොත්.

වොශ් එකක් දාන් ඇදට ආව  තේමියගෙන් අභිශේක් ප්‍රශ්න කරේ

තප්පරේකටවත් ඈත් වෙන්න බැරි ලෝභ කමකින්. ඒත් ඒ මුරන්ඩුකම කියලා හිතුනත් අනිත් අතට තමන්ගෙ ආදරවන්තයා තමන්ට ලෝබකම් කරද්දී තේමියගෙ හිතට දැනුනෙ කියාගන්න බැරි තරම් සතුටක්.

" එහෙම වෙන්නෑ.

" හරි එහෙනම් ඔයා එන්න මං ලගට.

තේමිය ඒ කියලා අත් දෙකෙන්ම තමන් ලගට එන්න කියලා අභිශේක් ට ආරාධනා කරද්දී අභිශේක් පොඩි ලමයෙක් වගේ තේමියගෙ ලගට ඇවිත් එයාගෙ පපුවෙන් ඔලුව තියාගත්තේ මූනෙ ඇදුන හිනාවක් එක්ක බර හුස්මක් පහලට දාන ගමන්.

" මට හැමදාම මෙහෙම  ඉන්න තියෙනවනම් ඔයාට තුරුල් වෙලා.

" ඉතින් කවුද ඔයාට එපා කිව්වේ.

" ඇත්ත. කාටද පුලුවන් මගෙ දේකට තහංචි දාන්න.

" හ්ම්ම්.

" මේක තමා මම ඇහුව ලස්සනම සද්දේ

" ලස්සනම සද්දෙ ?

" ම්ම්ම්. ඔයා හුස්ම ගන්න සද්දේ.

ඒ කතාවට තේමිය තමන්ගෙ පිරුනු හිනාවත් එක්ක අභිශේක් දිහා ආදරෙන් බලන් හිටියේ තමන්ගෙ ඇගිලි තුඩු ඒ කොන්ඩ ගස් අතර  සියුම්ව පිරිමදින ගමන්.

" තේමිය

" ම්ම්ම්

" මොන දේ උනත් මාව විශ්වාස කරනවද ?.

" මම.. මම  උත්සහ කරන්නම්.

" පොරොන්දු වෙනවද මට කවදාවත් වෛර කරන්නෙ නැහැ කියලා. මම මේ ලෝකේ ආදරේ කරන එකම මනුස්සයා ඔයා ඉතින් ඔයා මට වෛර කරන එක මට දරාගන්න බැහැ.

" මම ඔයාට වෛර කරන්නෙ නැහැ. ඇයි ඔයා එකපාරටම ඒ වගේ දෙයක් කිව්වේ ? . කෝ මං දිහා බලන්න. ඔයා මගෙන් මොනාහරි හංගනවද ? මට ඇත්ත කියන්න.

" මුකුත් නැහැ. මගෙ හිතේ තිබුන දේ මම ඔයාට කිව්වේ.

අභිශේක් තේමියගෙන් මූන හංගගෙන මේ දේවල් කියද්දී තේමියගෙ හිතට බරයි. එයා දන්නවා හදිස්සියේ යොමුවුන ඒ ප්‍රශ්න ඇතුලේ එයා නොදන්න  දෙයක් හැංගිලා තියෙන බව. ඒත් ප්‍රශ්න කිරීම හිත් රිදීමකින් කෙලවර උනොත් ?. තවත් තමන්ට දේවල් හංගන්න ඕනෙ නෑ කියන එකත් තමන්ව එයාට සම්පූර්නෙන් විශ්වාස කරන්න පුළුවන් කියන දේත් පැහැදිලි නොකර , තේමිය තමන්ගෙ හිතේ පැන නගින දාහක් ප්‍රශ්න වලට උත්තර කාලය විසින්ම ලබා දෙයි කියලා විශ්වාස කරා.

" ඔය හිතේ තියන හැම දෙයක්ම දැනගන්න මට තව කොච්චර කාලයක් යයිද ? ඔයා තරම්ම ඔයාගැන දැනගන්න මට තව කොච්චර කාලයක් යයිද ?

" ඔයාගේ හිතේ මං වෙනුවෙන් තියන හැගීම ඔයාගෙ වචන වලින්ම දැනගන්න මට තව කොච්චර කාලයක් යයිද ?.

" මම දන්නෑ.

" මම දන්නෙත් නෑ. හැබැයි මට දෙයක් විශ්වාසයි

" විශ්වාසයි ?.

" ම්ම්ම්. ඔයා තමයි මගෙ මිනිත්තු හත.

" මිනිත්තු හත ?

" ම්ම්ම්. මනුස්සයෙක් මැරුනට පස්සේ ඒ මනුස්සයගෙ හොදම මතක replay කරන්න මොලේ විනාඩි හතක් ජීවත් වෙනවලු. ඉතින් මම දන්නවා මගේ ඒ විනාඩි හතේම ඉන්නේ ඔයා කියලා.

" විනාඩි හතක් නෙවේ ආත්ම හතක් හරි  කමක් නෑ ඔහේ මාත් එක්ක පන පිටින් ඉන්නවකො..

" එහෙනම් බබා අර indian film වල වගේ අපි දෙන්නත් වට හතක් යං. එතකොට ආත්ම හතක් කොහොමත් එකට.

" අහ් ඊටපස්සේ තැල්ලක් බැදලා සින්දූරුත් ගානවද ?

" නැතුව. ඊටත් පස්සේ honeymoon  එක.

"  නෑ නෑ මම honeymoon  යන්නේ තිහෙන් පස්සේ . ඔයාට honeymoon  යන්න වෙන්නේ ටානියා එක්ක.

" ආයෙ ඔය කතාව කිව්වොත් ඔයාගෙ honeymoon  එක දැන්මම කරගන්න වෙයි තේමිය .

"  හිතේ ඇති

" හිතේ තියන නිසා තමා කිව්වෙ . ඔයා මේ මාලෙ තාම දානවද ?

" ඇයි ඔයාමනෙ කිව්වේ ඕක ගලවන්න එපා කියලා. අයේ ඉල්ලන්නනම් එපා දෙන්න බෑ ඒක දැන් මගෙ.

" ඔය මාලෙ වෙනුවට බැරිද මාව ඔයාගෙ කරගන්න.

" ඔයා කොහොමත් ම..

" මොකක්ද මොකක්ද ඇයි ඒක කියන්නෙ නැත්තේ.

" බෑනේ ඉතින් ජනසතුයිනෙ.

" කාවද ?

" වෙන කාවද ඔයාව තමා.

" ජනසතුයි මම ? .  මමනම් මීට කලින් මගෙ අයිතිය කාටවත් දීලා බෑ බබා.

" ආ එහෙමද එතකොට දැන් කාටද දීලා තියෙන්නේ.

" වෙන කාටද මගෙ වදුරු පැටියට තමා .

" ඇත්තමයි ඔහේට තුවාල වෙලා තිබ්බේ නැත්තම් අනිවාරෙන් ඇදෙන් බිමට දානවා.

" එහෙනම් මම කැමති හැමදාම තුවාල වෙන්න. එහෙනම් මම හැමදාම මෙහෙම තුවාල කරගන්නම්. එතකොට ඔය මාව බලාගන්නවනෙ.

" ඔයාට ආයේ තුවාල කරගන්න බැහැ. ඔයා අමතක කරන්න එපා ඔයාට දෙයක් උනාම ඔයාට රිදෙනවා වගේම ඔයාට ආදරේ කරන අයටත් රිදෙනවා.

" මට ආදරේ කරන අයටද ? නැත්තම් ඔයාටද ? ඇයි කෙලින්ම කියන්නැත්තේ ඔයාට රිදෙන්නෙ කියලා. මට ආදරේ කරන අය කියලා කට්ටියක්නම් මට නැහැ තේමිය.

" ඔව් . ඔව් මට රිදෙනවා. ඔයාගෙ  තුවාල දකින වාරයක් ගානෙ මට රිදෙනවා. ඒක නිසා පරිස්සම් වෙන්න. ඔයා වෙනුවෙන් නෙවේ මම වෙනුවෙන්. මං වෙනුවෙන් පරිස්සම් වෙන්න.

" මගෙ පරිස්සම කොහොම උනත් මම පොරොන්දු වෙනවා මම ඉන්නකම් ඔයාව ආරක්ශා කරනවා. ඔයා මට පොරොන්දු වෙන්න ආයෙ කොහෙ ගියත් මට නොකිය යන්නෑ කියලා.

" ඇයි ඒ ?  මම කියන්නෑ. ඔයාට තියෙන්නේ මම යන යන තැනට මාව හොයාගෙන එන්න.

" අහ් ඇත්තද ? මම කොහොමත් ඔයාව හොයන් එනවා තේමිය ඒත් මට බයයි හදිසියෙවත් මම පරක්කු උනොත් ?

" ඒකට කොහෙ හිටියත් පුළුවන් තරම් ඉක්මනට මාව හොයාගෙන එන්න. මම බලන් ඉන්නවා ඔයා එනකම්. දැන් නිදාගන්න අලි බබා. මම හෙට උදේ office එකට යන්න ඕනා. ඔයා ගෙදරට වෙලා rest කරන්න.

" මට බැහැ මාත් එනවා. මට දැන් හොදයි.

" හරි ඒක හෙට උදේට බලාගමුකො දැන් නිදාගන්න.

මූනෙ ඇදුන හිනාවත් එක්ක තේමිය කියද්දී අභිශේක් තේමියගෙ පපුවේ මූන හංගගත්තේ තේමිය කටින් නොකියන ආදරේ දැන් එයාට තේමියගෙන් දැනෙනවා . එයා ඒ හැගීමට ලෝබයි වගේම තේමිය කියන්නේ එයාගෙ ජීවිතේ වටිනම වස්තුව .

උදේට වදින එලාම් එක වගේ තේමිය , අභිශේක් දෙන්නම ඇහැරුනේ තේමියගෙ කාමරේ දොර කඩන්න හදන කෙනා නිසා. ඉතින් තේමියත් නිදිමරගාතේ දොර ඇරියත් දොර කඩන්න ආව කෙනා කාමරේ ඇතුලට කඩාපාත් උනේ තේමියට උන් හිටි තැනුත් අමතක කරවන කතාවක් කියාගෙන.

" කවුද බං අර කෙල්ල.

" මොන කෙල්ලද ?  අක්කේ ඔයා මොනාද මේ කියවන්නේ. ?.

" කවුද යකෝ චනුලි කියන්නේ ? අන්න උබව හොයන් ඇවිත් නැන්දම්මගෙ ගෙදරට.

" ඈහ් ? කවුද ? චනුලි ?.

" නෑ මෝහිනී.

" විහිලු කරන්න එපා ඕයි උදේ පාන්දර.

" අනේ හරි පාන්දර. 7.30 යි වෙලාවත්. මට කියහන් උබ කවද්ද කෙල්ලෙක් එක්ක යාලු උනේ කියලා ?

" සිරාවටම චනුලි මෙහෙ ඇවිත්ද ?

තේමිය නලලත් තද කරගෙන නතාශගෙන් ඒ අහලා හැරුනේ අභිශේක් දිහාවට. මොකද දැන් එයාට දැනුනේ වරදක් කරලා ප්‍රින්සිපල් ට අහුවුනා වගේ හැගීමක්. ඒත් ඒ මූනෙ තියන හැගීම තේමියට තේරුම් ගන්න බෑ.

" මල්ලි කටවහන් ඉන්නෙ නැතුව උත්තර දෙනවා ඕයි කවුද ඒ. හොද වෙලාවට අයියයි අක්කයි තාත්තයි ගෙදර නැත්තේ  නැත්තම් මෙලහකට කසාදෙත් තීන්දු කරලා තියෙයි.

" එයා තනියමද ඇවිත් ඉන්නෙ ?

" නැහැ තව කෙල්ලෙක් එක්ක.

" තව කෙල්ලෙක් එක්ක ?

" ඔව් පහලට ඇවිත් ඔයාම බලාගන්න ඔන්න.

" ආ..අනේ අක්කේ !!!! අයියෝ !! මාව කාපං.

නතාශා කාමරේ දොර වහලා එලියට ගියාම තේමිය එයාගෙ කොන්ඩෙ ගලවගන්න වගේ ඇදගත්තේ  මොනා කරන්නද කියලා හිතාගන්න බැරුව ඒ ඇරත් නතාශා ඇරෙන්න එයාගෙ පවුලෙ අය මේ ගැන මොනා හිතනවද කියලා.

" මෙතන ඉදලා ඔලුව ගලවගන්න හදලා වැඩක් නෑනේ තේමිය දැන් ලෑස්ති වෙලා පහලට යන්න.

එ ස්වරය වෙනස් , තේමිය බලාපොරොත්තු නොවුන දෙයක්. මොකද මීට කලින් කවදාවත් අභිශේක් එයාට ඒ වගේ තද විදිහට කතා කරලා නැහැ.

" ආහ් ?

" මෙතන පැලවෙවී ඉන්නෙ නැතුව යන්න.

අභිශේක් තමන්ගෙ මූනවත් නොබලා මෙහෙම කියදී එයාගෙ හිත රිදුනා. ඒත් තේමියට කරන්න ඕන දේ හිතාගන්න බැහැ.

" ඒත් ඔයා ?

" ඔයා මං ගැන හිතුවනම් මෙහෙම දෙයක් වෙන්නෑනේ.

" අභිශේක් මට සමාවෙන්න.

" කිව්වම දැන් යන්න ගිහින් ඔයාගෙ girlfriend ව හම්බෙන්න.

" එයා මගෙ girlfriend නෙවේ. ඔයා ඒක දන්නවා. !!

" මම දන්නෑ. දැන් යන්න.

" ඔයා මාත් එක්ක තරහයිද ?

අභිශේක් ?

Shit !!!

තමන්ට උත්තරයක් නොලැබෙන තැන තේමිය බාතෲම් එකට ගිහින් මූන හෝදන් ලෑස්ති වෙලා පහලට ආවේ ඔලුව කම්මලක් වෙලා තියෙද්දී.

" තේමිය..

" චූටි මේ දරුවා ඔයාව හම්බෙන්න ඇවිත් ඉන්නේ.

" චනුලි පොඩ්ඩක් එලියට එනවද ?

තමන් දිහා බලන් හිටිය චනුලිට හිස් බැල්මක් දෙන ගමන් තේමියට ගියේ හිතේ තිබුන තරහා එක්ක.

" ඔයා මොන එකකටද අපේ ගෙදර ආවෙ. අනිත් එක ඔයා කොහෙන්ද මගෙ address එක හොයාගත්තේ.

" තේමිය ඔයාට අමතක උනාද මීට කලිනුත් අපි යාලුවෙලා හිටියෙ. ඔයා හිතනවට වඩා දේවල් මම ඔයා ගැන දන්නවා . ඇයි ඔයා මට ඔහොම කතා කරන්නේ ?. ඔයාට සතුටු නැද්ද මම ආව එකට ? ඇයි ඔයා අපේ සම්බන්දෙ ගෙදර අයගෙන් හංගන්නේ ?. ඔයා මගෙ calls answer කරන්නෙත්නෑ messages වලට reply කරන්නෙත් නෑ. ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ ?. තේමිය ඇයි ඔයා සද්ද නැතුව ඉන්නේ ? මට උත්තර දෙන්න.

" මේක හරියන්නෑ

" හරියන්නෑ ? මොකක්ද ඔයා හරියන්නෑ කියන්නේ.

" මම busy . මට වැඩත් එක්ක ඔයා එක්ක ඉන්න වෙලා නැහැ.

" මගෙ call එකක් answer කරන්න බැරි තරම්ම ඔයා busy ද ?

" අපි මේ ගැන පස්සේ කතා කරමු මට දැන් එලියට යන්න වෙනවා.

" ඔයා කොහෙද යන්නේ ? මම ඔයාව බලන්න අද ආවේ.

" ඔයා දැන් මාව දැක්කනෙ. දැන් ඔයාගෙ යාලුවත් එක්ක යන්න. මට දැන් යන්න වෙනවා.

" නැහැ මම යන්නෑ. ඇයි ඔයා මට මෙහෙම කරන්නේ ? ඔයා මට ආදරේ කරන්නෙ නැද්ද ? ඔයා දන්නවද ඔයා ආයෙ affair එක පටන් ගන්න කැමති උනාම  මම කොච්චර සතුටු උනාද කියලා.

" please චනුලි ඔයා දැන් මෙහෙන් යන්න. ඔය දේවල් මගෙ ගෙදර අයට කියලා බොරුවට ප්‍රශ්න ඇති කරන්න එපා. අපි වෙන තැනක meet වෙලා මේ ගැන කතා කරමු.

" promise වෙනවද ?

" promise.

තේමිය චනුලි එක්ක ආයෙත් ගෙදර ඇතුලට ආවම තමන්ට අදාල පාර්ශවය මේ වෙද්දිත් හිටියේ සාලේ හිටිය අනිත් ගෑනු ලමයා එක්ක වෙන සංවාදෙක. තේමිය හොර බැල්මෙන් ඒ කෙනා දිහා බැලුවත් ඒ ලේසර් කිරන වගේ ඇස් යොමු වෙලා තිබුනේ තමන්ගෙ පිටිපස්සේ හිටිය චනුලි දිහාවට.  තේමිය මුකුත් නොකිය අභිශේක් ලගින් වාඩි උනේ ඒ ලගින්ම චනුලිත් වාඩි වෙද්දී.

" sorry aunty උදෙන්ම ඇවිල්ලා ඔයාලට කරදර කරානම්. මට තේමියව බලන්න ඕන උනේ.

" එහෙම දෙයක් නෑ දුව. මේ තේ බීලා හිටියනම් නිවෙන්න කලින්.

" thankyou aunty.

" දුව කොහෙද ?

" මම නුගේගොඩ aunty.

" අහ්. තේමිය ඉතින් අපිට දුව ගැන කියලා නෑනේ.

" ඒකනෙ aunty මේ තේමිය හරි නරකයි.

" මෙයාද ඔයාගෙ අයියා. ඔයා මට ඉස්සර කිව්වේ.

" අහ් ?

" නැහැ මම අභිශේක්. එයාගෙ හොද..ම යාලුවා.

"  අහ් මම ඔයාලට introduce කරලා දුන්නෑනේ මේ  ශාලිකා. මෙයා තමයි මගෙ හොදම යාලුවා.

" hi.

" hi ශාලිකා.

" මොකද කියන්නේ දවසක අපි හතර දෙනාම meet වෙමුද ?.

" අනිවාරෙන්. මොකද බැරි.

" අභිශේක් නම් කැමති උනා තේමිය ඔයා මොකද කියන්නේ ?

" බලමු

" බලමු කියන්නේ ඇයි. ඔයාගෙ යාලුවත් කැමති උනානේ.

" හරි හරි.

" හරි එහෙනම් අපි දැන් යන්නම්. ඔයාටත් ගමනක් යන්න තියෙනවා කිව්වනෙ තේමිය.

" හ්ම්ම්.

" හැම එකටම බස්සා වගේ හ්ම්ම් හ්ම්ම් කිය කිය ඉන්න ඔයා.

චනුලි තේමියගෙ කම්මුලත් මිරිකලා සෝෆා එකෙන් නැගිට්ටම තේමිය කම්මුලත් අල්ලන් බොරුවට හිනාවුනා.

" අක්කා කොහෙද ?

" එයා එයාගෙ room එකේ ඇත්තේ.

" දුව දැන්ම යනවද ?

" ඔව් aunty මම ගිහින් එන්නම්.

" හරි දුව එහෙනම්.

" bye තේමිය. Bye අභිශේක්.

" bye.

චනුලියි ශාලිකයි යනකම් බලන් හිටිය තේමිය කෙලින්ම හැරුනේ අභිශේක් දිහාවට .

" අභි..

" office එකට යන්නැද්ද ?

" ම..ම drive කරන්නම්.

" කටවහගෙන ගිහින් වාහනේට නගින්න. මම කරගන්නම්.

අභිශේක් තේමිය දිහා නොබලා රියදුරු අසුනට ගියාම තේමියත් මූන දෙක කරන් වාහනේට නැග්ගා.

" අභිශේක්

අභිශේක්  ඔයාට මාත් එක්ක කතා කරන්න බැරිද ?  ඔයාට මම කතා කරනවා ඇහෙන්නැද්ද ? . ඔය වාහනේ නවත්තන්න.

" මොකද ?

" ඇයි මේ ?

" ඇයි මේ ? ඔයා මගෙන්ද අහන්නෙ ඇයි මේ කියලා.

" ඔයාට ඔ‍ය විදිහට හැසිරෙන්න තරම් මම වැරැද්දක් කරලා නැහැ. අනිත් එක ඔයාගෙ දේවල් වලටත් මම කටවහන් ඉන්නවනෙ.

" හ්ම්ම් ඒක තමා මමත් කරන්නේ. කට වහන් ඉන්න එක.

" ඔයා මොනා හිතුවත් ඔයා දන්නවා මම චනුලිට ආදරේ කරන්නෙ නැහැ කියලා. එහෙම දැනගෙනත් ඔයා ඇයි මේ විදිහට හැසිරෙන්නේ.

" මම කොහොමද දැන් හැසිරෙන්න ඕනා ?. කවුද දන්නේ ඔයා මට ඇත්තටම ආදරේද නැද්ද කියලා ? . ඔයා මට ඒක කියලා නෑනේ.

" මම ඔයාට ආදරෙයි ! මම ඔයාට ගොඩක් ආදරෙයි.

හහ් !

තේමිය ඒත් එක්කම එයාගෙ අතින් කට වහගත්තේ තමන්ගෙ ආවේගයත් එක්කම එයා අභිශේක්ට එයාගෙ ආදරේ ප්‍රකාශ කෙරුව නිසා. දැන් අනිත් පාර්ශවෙත් තමන්ගෙ හිනාව තද කරගෙන තමන් දිහා බලන් ඉන්නවා.

"  මමත් ඔයාට ගොඩක් ආදරෙයි මැනික.

" මෝඩයා !!!!