Chapter 24: xxiv ♡

LOVE HATE 🖇️ (Sinhala Bl )Words: 27030

අකමැත්තෙන් උනත් තේමිය අභිශේක් ට යන්න දීලා තේජාන්ගෙ වැඩේට උදව් කරන්න ආව ඒත් දැන් ඒ මූනෙ හිනාව අහලකවත් නැහැ.

" මොකද mood ගහලා. Boyfriend ගිය එකට දුකයිද ?

" තමුසෙ මොනවද කියවන්නේ ?

" ඇයි ඒ ඔයාගෙ boyfriend නෙවේද ? මම හිතුවෙ man කිව්ව විදිහට ඔයා එයාගෙ boyfriend කියලා .

" mr. තේජාන් මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද මේ case එකට ඒක සම්බන්ධ වෙන්න කොහොමද කියලා.

" ඒක case එකට ප්‍රශ්නයක් නෙවේ. ඇයි ඔයා ඔයාගෙ personal දේවල් අනිත් අය දැනගනී කියලා ඔච්චරටම බයයිද .

" personal දේවල් තියෙන්නේ personal විදිහට තියාගන්න මිසක් තැන තැන කිය කිය යන්න නෙවේ. දැන් මට කියනවද ඔයාට මොනාද දැනගන්න තියෙන්නේ ?

" ok ok.

ඔයාලා විල්ලා එකේ සෝදිසි කිරීම්වලට යද්දී මොකක් හරි අසාමාන්‍ය දෙයක් උනාද ?

" අසාමාන්‍ය දෙයක් ?

තේජාන්ගෙ ප්‍රශ්නෙ එක්ක තේමියට එදා විල්ලා එකේදි උන සිදුවීම මතක් උනා. ඒත් ඒ ගැන තේජාන් දැනගත්තෙ කොහොමද ?

" මොනවද කල්පනා කරන්නේ ?

" අසාමාන්‍ය දෙයක් කියන්නේ එතන පොඩි පොඩි දේවල් වගයක් උනා ඒත් මේ cases වලට හො..ල්මනක් සම්බන්ද වෙන්න පුළුවන් ද ?

" ඒක වෙන්න බැරි කමකුත් නෑ එතන වෙලා තියෙන දේවල් එක්ක. තව දෙයක්

" මොකක්ද ?

" මට පේන්නේ ඔයාගෙ යාලුවත් මේවට සම්බන්ධයි මට ඔයාගෙ යාලුවා ගැනත් දැන් සැකයි

" යාලුවා ? මොන යාලුවද ?

" ඔයාගෙ අර partner

" ඉතින් ? අභිශේක් ගැන මොනාද ?

" මේ මැරුච්ච දෙන්න ගැනම හොයද්දි මට හම්බුනේ ඒ දෙන්නටම විරුද්ධව file කරලා තිබ්බ cases. ඒත් ඒවා ඔප්පු කරන්න තරම් සාක්ශි නොතිබ්බ නිසා ඒ cases එහෙම්මම වහලා දාලා. එතකොට අවුරුදු 14 කට කලින් මුලින්ම මේ දේවල් ගැන හොයලා cases file කරලා තියෙන්නේ officer දේශාන් සිංහවංශ. ඒත් ඒකාලෙම officer දේශාන් සිංහවංශ එයාගෙ පවුලෙ අයත් එක්කම හදිසි අනතුරකින් නැති වෙනවා.

ඒත් .

" ඒත් ?

" ඒත් දැන් ආයෙමත් මේ cases ගැන කෙනෙක් හොයන්න පටන් අරන්. ඒ අභිශේක්

" අභිශේක් ? ඔයා මොනවද මේ කියවන්නේ ?

" මොකද ඔයා මෙච්චර කලබල වෙලා. ඔය දෙන්නම අපෙන් මොනවා හරි හංගනවද ?

" හංගන්න ? මොනා හංගන්නද ? ඔයා මොකටද ඔච්චර බය වෙන්නේ අභිශේක් ආයෙ ඒ cases ගැන හොයන එකට. කොහොමත් ඒ files cid එකට භාරදීලා තියෙන්නේ කඩල ඔතන්න නෙවේනේ.

" මම ඒක දන්නවා. මට මෙතන තියන ප්‍රශ්නෙ තමා ඒ files වල ඉන්න එකා එකා කොහොමද එකපාරට මැරෙන්නෙයි අතුරුදහන් වෙන්නෙයි කියලා. මගෙ සැකේ හරිනම් ඊලග අවධානම තියෙන්නේ රංජිත්ට.

" උබ කොහොමද ඒක සැක කරන්නේ ?

" මේ file  එකේ ඉන්න අන්තිම සැකකාරයා රංජිත්. එතකොට ඊලග target එක රංජිත්.

" ඉතින් ඒක උබ හොයාගනින්. අහක යන කුනුගොඩවල් වලටත් අභිශේක්ව පටලවන්නෙ නැතුව.

" උන්ට දඩුවම් දෙන්න තමා නීතිය තියෙන්නේ.

" මම ඒක දන්නවා. දැන් ඔයාට මොනාද දැනගන්න ඕනා.

" මට දැනගන්න ඕනා භානුකගෙ case එකට අනිරා සම්බන්ධ උනේ කොහොමද කියලා.

" ඒ ආයුධ වල fingerprint තිබ්බ නිසා. ඇයි උබ භානුකගෙ file එක බැලුවෙ නැද්ද ?

තේජාන් ඒ එක්කම තේමියට දුන්නේ නක්කල් හිනාවක්. මේකෙන් තේමියගෙ තරහ ඇවිස්සුනත් එයාගෙ එක වචනයක් ඇති මේ හැමදේම අවුල් වෙලා යන්න නිසා තේමිය කලබල නොවී හිටියා.

" උබ හිතනවද තනි ගෑනු කෙනෙක්ට එච්චර දෙයක් කරන්න පුළුවන් කියලා.

" චමින්දගෙනුත් මේකට උදව් ලැබෙන්න ඇති.

" ලැබෙන්න ඇති විතරයි ? එහෙමනෙ ?

ලැබුනද නැද්ද කියලා හරියටම දන්නවද ?

" ලැබුනද නැද්ද කියලා උබත් හරියටම දන්නෑනේ . උබ අනිරගෙන් ප්‍රශ්න කරාද ?

" දැනට නැහැ

" එතකොට අර බිලි පූජා වලට පාවිච්චි කෙරුව ලමයින්ගෙ case එකත් ඒ එක්කම බලන්න ඇතිනෙ ? එතකොට චමින්දගෙ ගබඩාවෙන් හම්බුන drugs , ඒවා කොහෙන්ද එතනට ආවෙ කියලාත් හොයලා බලන්න ඇතිනෙ ?

තේජාන් උත්තර නොදී තේමිය දිහා බලන් හිටියේ තේජාන්ගෙ නිහැඩියාවම තේමියට උත්තර සපයද්දී

" නෑනේ ?

" දැනට නැහැ

" හහ් දැනට නැහැ ? පොඩ්ඩක් ඒ ගැනත් බලපං. අනිරලා භානුකලා චමින්දලා කෙරුව පව් කොහොමත් ගෙවන්න එපෑ. ඒ අතරෙ උන් නිසා අකටයුතුකම් වෙච්ච අහිංසක මිනිස්සුත් ඕන තරම් ඇතිනෙ. ඒවා ගැනත් පොඩ්ඩක් බලපං ඒවා හෙව්වා කියලා උබේ මොලේ ගෙවෙන්නෑ.

" කවුරු මොන වැරැද්ද කරත් උන්ව මරන්න අයිතියක් දුන්නේ කවුද ? උන්ට දඩුවම් දෙන්න තමා නීතිය තියෙන්නේ.

" කවුද උන්ව මරන්න ගියේ ? උන්ව මරපු උන්ව හොයන්නත් එක්ක තමා නීතිය තියෙන්නේ. ......

" තේමිය , තේජාන් ඔතන කාකොටා ගන්නෙ නැතුව වරෙන් දැන් යන්න ඕනා. උබලෑ හැදියාවනම් අන්තිමයි

තේමිය තමන් ලගට එනකම් මෙච්චර වෙලා office එක වටේම ඔලුව කරකව කරකව අභිශේක්ව හෙව්ව මිහිරාන් ,

" කෝ උබේ අනිත් එකා.

" මොකාද

" දන්නෙම නෑ බබා .අභිශේක් බං.

" එලියට ගියා.

" අහ් ඒක තමා සද බොද වෙලා

" බොද වෙලානම් කණ්ණාඩි දාගනින් මගුලක් කියවන්නැතුව .

කාර්‍යාලය ඇතුලට අඩිය තිබ්බ එයාලට දකින්න් ලැබුනේ සුලි කුනාටුවකට අහුවෙලා වගේ විනාස වෙලා ගියෙ ඒ කාර්‍යාල කාමරය. කාර්‍යාලයේ තිබුන හැම බඩුවක් ගානෙම කැඩිලා බිදිලා තිබුන අතර ඒ බිත්ති වල පවා ලේ පැල්ලම් එයාලට දකින්න ලැබුනා. ඒ එක්කම තේමියගෙ ඇස ගැටුනේ කාර්‍යාලගේ ඉදන් ඒ ලගම තිබුන වොශ් රූම් එක ඇතුලට වෙනකම් ඇදිලා තිබුන ලේ පැල්ලම දිහා.

" ආව කෙනා රවීට office එක ඇතුලෙ attack කරලා තිබ්බත් රවී මැරිලා තියෙන්නේ washroom එක ඇතුලෙ.

" ඔව් මිනිහා බේරෙන්න washroom එක ඇතුලට ගියා වෙන්න පුළුවන් . මේ ලේ පැල්ලම ඒක හරියට බඩගාගෙන ගිය එකක් වගේ.

" මිනිහගෙ body එක කවුද මුලින්ම දැකලා තියෙන්නේ ?

" Office එකේ තේ හදන ගෑනුකෙනා.

" අහ් තේ ඇන්ටිද

මට මිනිහගෙ private secretary ගෙන් ප්‍රශ්න කරන්න ඕනා.

රවී වගේ මිනිහෙක්ව මරන්න හේතුව මොකක් වෙන්න ඇතිද මේකෙ office එකේ අයගෙන් ප්‍රශ්න කරාද ?

" දැනටමත් පොලීසිය කට උත්තර ගන්න ගමන් ඉන්නේ.

" මේ office එකේ ඔක්කොම කී දෙනෙක් වැඩ කරනවද ?

" ඔක්කොම තිස් දෙනෙක් වැඩ කරනවා. ඒත් මේ murder එක වෙලා තියෙන්නේ පාන්දර. හවස 6.00වෙද්දි හැමෝම off වෙලා යනවා. ඒවා මේ cctv වල record වෙලා තියෙනවා.

" 6.00 වෙද්දි හැමෝම office එකෙන් යනවනම් රවී විතරක් මොකටද පාන්දර වෙනකම් office එකේ හිටියේ.

" රවීගෙ family එකේ අය කියන විදිහට මිනිහා දවස් ගානක් මොනාහරි දේකට බය වෙලා ඉදලා තියෙනවා. මිනිහා නින්ද යන්න sleeping tablets පවා අරගෙන තියෙනවා.

" බය වෙලා ? ඒත් මොනවගේ දේකටද ?

" රවී එයාගෙ ගෙදර අයට කියලා තියෙනවා කෙනෙක් එයාව මරන්න එයාගෙ පස්සෙන් එනවා කියලා . පස්සේ රවී psychiatrist කෙනෙක් හම්බෙන්න ගිහින් තියෙනවා.

" ඒ ගැනත් හොයලා බලන්න වෙනවා. එදා දවස් ඇතුලත office එකේ අය ගියාට පස්සේ රවීව හම්බවෙන්න ඇවිත් තියෙන්නෙ කවුද ?

" හිටහන් මම cctv footage ඉල්ලුවා.

12.00 න් පස්සේ cctv off වෙලා.

" off වෙලා ?

" ඔව් එතනින් එහාට වෙන කිසි දෙයක් record වෙලා නෑ. දැන් මේ camera එකක්වත් වැඩ කරන්නෙ නැහැ. වැඩේ කියන්නේ office එකේ සම්පූර්ණ security system එක තිබිලා තියෙන්නේ රවීගෙ අතේ.

" රවී cctv off කරා කියලද කියන්නේ.

එහෙනම් ආව කෙනා කවුරු උනත් රවී දැනන් ඉදලා තියනවා ඒ කෙනා එනවා කියලා. ඒත් ඒ කෙනා කවුරු වෙන්න පුලුවන්ද ?

" ඒ චමින්ද වෙන්න බැරිද ?

" චමින්දව කොහොමද එතනට ගෑවෙන්නේ ?

" රවීගෙයි චමින්දගෙයි contacts තියෙනවා.

" මම හිතන්නෑ

මිනිහට ආව calls messages check කරාද ?

" මිනිහගෙ murder එකෙන් පස්සේ මිනිහගෙ phone එකත් අතුරුදහන්.

" sir . Sir මේ ඉල්ලුව cctv footage.

" මෙතන ඔක්කොම තියෙනවද ?

" ඔව් sir .

ඉන්ස්පෙක්ට ගෙනත් දුන්න ලැප්ටොප් පරිගනකට අතට ගත්ත තේමිය ඒ දර්ශන වල අන්තිම හරිය ප්ලේ කරා.

"  ඇත්ත රෑ 12.00 න් පස්සේ office එකේ cameras off වෙනවා.

office එකේ security system එක තියෙන්නේ මිනිහගෙ අතේනම්. මෙතන අපි හිතනවට වඩා දෙයක් තියනවා . මේක off කරලා තියෙන්නේ රවී නෙවේ

මට හිතෙන්නේ system hack වෙලා.

" එහෙනම් murderer ව හොයාගන්න තව අමාරු වෙනවා. බොන ගමන් විසදන්න ඕන case එකක්.

" Office එක අවට තියන cctv check කරලා බලන්න. Murderer office එකට යන එන ඒවා ඒවල caught වෙලා ඇති. සමහරවිට රවී මේ කෙනාව බලාපොරොත්තුවෙන් වෙන්න ඇති එදා රෑ office එකේ නැවතුනේ.

video එකේ මුල් ටික play කරන්න..

එදා දවස ඇතුලත රවීගෙ හැසිරීමෙ මොකක් හරි වෙනසක් පේනවද ?

" මිනිහා ඊලගට කාගෙ බිස්නස් එකද කඩාගන්නෙ කියලා කල්පනා කරන ගමන් ඉන්නේ පේන්නැද්ද ?

" පේනවා පේනවා.

cctv දර්ශනය දිහා එක දිගට බලන් හිටිය තේමිය ගැස්සිලා ගියේ ඒ එක්කම දැක්ක අත්භූත දේ නිසා.

" හහ් පොඩ්ඩක් හිටහන්.

තේමිය ආයෙත් ඒ වීඩියෝ එක ආපස්සට කරලා මිහිරාන්ට තමන් එතන දැක්ක දේ පෙන්නුවා.

" මේ බලපං . ඒක...

" ඒ .. අඩෝ .. මොකක්ද ඒ .. ඇස් දෙකක් ? එතන කවුරුහරි ඉන්නවා.

" මේ කබඩ් එකෙයි බිත්තිය අතරයි තියෙන්නේ සෙන්ටිමීටර් ගානක දුරක්. උබ හිතනවද මනුස්සයෙක්ට ඕක අස්සේ හැංගිලා ඉන්න පුළුවන් කියලා

" උබ කියන්නේ මේ හො.ල්.ම.න.ක් ?

චකිතයක් එක්කම මූනට මූන බලාගෙන හිටිය තේමිය වගේම මිහිරාන් ගැස්සුනේ පිටිපසෙන් ආව කටහඩ එක්ක.

" කවුද හොල්මන !

" අභී ?!!

" මොකද බං උබලා දෙන්නා යකෙක් දැකලා වගේ බය වෙලා.

" යකෙක් තමා යකෝ මේ බලපං.

අභිශේක්ගෙ මූනෙ තිබ්බ හිනාව නැති වෙලා නලල රැලි උනේ මිහිරාන් එයාලා දැක්ක දේ අභිශේක් ට පෙන්නුව ,

" හෙවනැල්ලක් ?

" නෑ බං හොල්මනක්.

" ඔව් ඔව් හොල්මනක්. දැන් උබලා දෙන්නා දිහත් හිනා වෙවී බලන් ඇති මේ ලගටම වෙලා.

" බය කරන්න එපා යකෝ. මම කකුල් දෙකේ හොල්මන් වලට බය නැති උනාට කකුල් නැති හොල්මන් වලට බයයි.

" ඔහෙ පල පොඩි එකා කලිසමත් තෙමාගන්නැතුව.

" යක්කු ගහන්නේ වයස බලලද යකෝ. හෙටම යනවා නූලක් බැදන් එන්න. මේ උබලා දෙන්නා හෙල්ලෙන්නෑ මං ලගින් එක අඩියක් හොදේ. මට සියලු දෙවි දේවතාවුන්ගෙම පිහිටයි

" රකී දෙවියො උබව.

උබේ තනි රකින්න ඇයි අපිට වෙන වැඩ නෑ කියලා හිතුවද ? උබලට අන්දකයිප්පු කැවිලා ඒක නිකම් හෙවනැල්ලක් වෙන්න ඇති. නැත්තන් ඕක අස්සේ මොකෙක් රිංගන්නද.

යමං අර office එකෙ වැඩ කරන උන්ගෙන් කට උත්තර ගන්න ඕනා.

අභිශේක් ඒ කියන ගමන් මිහිරාන් එක්ක එතනින් යන්න ගියත් තේමිය තාම ඒ කාර්‍යාලය දිහා බලාගෙන කල්පනා කරා.

" මොනාද කල්පනා කරන්නේ

" මේක රවීගෙ ලගම ඉන්න කෙනෙක් කරලා තියෙන්නේ.

" කොහොමද ඒක හරියටම කියන්නේ ?

" ආව කෙනා හරියටම දැනන් ඉදලා තියෙනවා රවී ඒ වෙලාවේ office එකේ ඉන්නවා කියලා වගේම රවී තනියම ඉන්නෙ කියලත්. පලවෙනි වතාවට office එකට ආවනම් රවීගෙ office එක හොයාගන්නම වෙනම කාලයක් යනවා. ඒකත් මේ වගේ office එකක සැලකිය යුතු කාලයක් යනවා. ඒත් මේ සේරම වෙලා තියෙන්නේ 12.00 ත් 2.00 ත් අතර. රවීගේ Post mortem එකේ තියන විදිහට මිනිහ නැති වෙලා තියෙන්නේ පාන්දර 1.45 ට. එතකොට cctv off වෙලා තියෙන්නේ 12.00 ට.  මට හිතෙන්නේ security system එක කවුරුහරි hack කරලා. ආව කෙනාව රවී බලාපොරොත්තුවෙන් ඉදලා තියෙනවා වෙන්න පුළුවන් නැත්තම් රවී ඇයි මෙච්චර පාන්දර වෙනකම් office එකේ ඉන්නෙ. රවීගෙ phone එකත් පොලීසියට හොයාගන්න ලැබිලා නෑ. ඒක අතුරුදහන් කියන්නේ මේ murder එකට සම්බන්ධ මොකක් හරි ලොකු සාක්ශියක් එතන තියෙන්න ඕනා .

" ම්ම්ම් . අපි බලමුකො.

" අභී මට මෙතන මහ අමුත්තක් තේරෙනවා.

" අමුත්තක් තෙරෙනවා ?

" හරියට අර විල්ලා එකේදි වගේ. මම හොල්මන්, අත්භූත දේවල් විශ්වාස නොකෙරුවත් ඒ විල්ලා එක ඇතුලෙ උන දේවල් නිසා ගැස්මක් තියෙනවා. මට..

තේමියගෙ වචන වලට විරාමයක් දීලා අභිශේක් එයාව පිටිපස්සෙන් තුරුල් කරගෙන අත් එක්ක පටලව ගත්තා. දැන් අභිශේක්ගෙ බර හුස්ම තමන්ට දැනෙන දැනෙන වාරයක් ගානේ තේමියගෙ මුලු ඇගේම හිරිගඩු පිපෙනවා.

"අභී කවුරුහරි දකී.

" දැන් මෙතන කවුරුවත් නෑනේ.

" ඒ වුනාට කවුරුහරි ආවොත් අපි දෙන්නම ගස්. මෙතන cctv

" ඒවා වැඩ කරන්නෙ නැහැ.

" හරි ඒත් ..

" ඇයි මගෙන් ඈත් වෙන්න හදන්නේ.

" මොන හතරබීරි කතාවක්ද ඒ. මම කොයිවෙලේද ඔයාගෙන් ඈත් වෙන්න හැදුවේ.

" මේ දැන්. මෙතන

තේමිය අභිශේක්ගෙන් අයින් වෙන්න හැදුවත් ඒකෙන් උනේ තවත් ඒ අත් තමන්ගෙ ඉන වටේ තද වෙන එක.

" අභී මට ඔයාගෙන් ඈත්වෙන්න ඕනෙනෑ ඒත් දැන් මාව අත අරින්නකො. කෝ. දැන් මාව අතාරින්න.

" බැහැ.

" ඔයානම් හරි මුරන්ඩුයි.

" ඔව් ඔයා වගේ.

" මම මුරන්ඩු නෑ.

" ඔයා මුරන්ඩුයි. හරි මුරන්ඩුයි. ඒකනෙ මං ආදරේ.

" ඔයත් එක්ක කතා කරලා දිනන්න බෑ.

තේමිය එයාගෙ හිනාව ලෝභ නැතුව අභිශේක්ට පුදකරන් ඒ දිහාවට හැරුනත් ඒ තප්පරේම අභිශේක් එයාව ඒ මේසෙ අතරත් තමන් අතරත් හිරකරගත්තේ,

" අභී..

" මට පිස්සු වගේ.

" ඔව් මට පේන්නෙ පිස්සු පෙත්ත ගහන්න අමතක වෙලා වගේ.

" ඒක බිව්වත් වැඩක් වෙන්නෑ ඔයාව දැක්කම පිස්සුව නගිනවා.

" නගින්නේ පිස්සුව විතරද

" නෑ තව

" කවුරුහරි එනවා.

තේමිය අභිශේක් එක්ක රවීගෙ කාර්‍යාලයෙන් එලියට ආවේ පොලීසියේ කවුරුහරි එනවා හිතලා උනත් එතන හිටියේ එයාලගෙම වයසෙ වගෙ තව ගෑනුලමයෙක්. එතන මේසයක් ලග කලබලෙන් දෙයක් හොය හොය හිටිය ඒ ගෑනුලමයා මේ දෙන්නව දැක්කත් හරි බයවුනේ එතනට කඩා පාත් උන හොරෙක් වගේ.

" office එකේ වැඩ කරන කෙනෙක්ද ? මේ හරියට වෙන අයට එන්න තහනම්.

" නැහැ officer මේ ම..ම.. මගෙ පෑන වැටුනා ඒක ගන්න ආවේ.

ඒ ආව ගෑනු ලමයනම් ඒ කියාගෙන ඉක්මනට එතනින් ගියත් ඒ දෙන්නටම ඒ ගැන සැකයි.

" ඔය ආවෙ පෑනක් හොයන්න නෙවේ. මෙතන මොනාහරි ඇති.

ඒ දෙන්නම ඒ ගෑනු ලමයා කැරකි කැරකි හිටිය මේසෙ යට පරීක්ශා කරේ ඇති වුන සැකය නිසා.

" අභී..

" මොකක්ද ඒ

තේමිය මේසෙ ඇතුලේ හංගලා වගේ තිබුන ඒ බෑග් එක අතට අරන් කුතුහලයෙන් ඒක ඇරියත් හරි ඒ දෙන්නගෙම මූනවල් වල ඇදුනෙ නක්කල් හිනාවක්.

" ඇට පිටින් ගහලා.

" මේක හොයන් තමා එන්න ඇත්තේ.

තේමිය ඒ කියන් නැගිට්ටත් ඒ එක්කම වගේ එයාගෙ ඇස් ගැටුනෙ තවත් දෙයක්.

" නියපොත්තක් ?

" නියපොත්තක් ?

අහුවුන නියපොත්ත පරිස්සමට කොල කෑල්ලක් උඩට ගන්න ගමන් තේමිය ඒක අභිශේක්ට පෙන්නුවේ ,

" මේකේ ලේ තියනවා. කොහොමද මේක miss උනේ.

" ගෑනුන්ට යක්ශනියො කියන්නෙ නිකම් ඈ පේනවනෙ නියපොත්තෙ සයිස් එක. කාවහරි මරන් කන්න ඇති.

" ඔව් ඔව් අර මරන් කෑව එකාව තමා washroom එක ඇතුලෙදි මැරිලා ඉදලා හම්බුනේ. මේක lab එකට යවමු.