Chapter 25: xxv ♡

LOVE HATE 🖇️ (Sinhala Bl )Words: 34554

" office එකේ වැඩ කරන ගෑනු අයගෙන් ප්‍රශ්න කරන්න වෙනවා. තව මොනා miss කරලද දන්නෑ.

" ඒකනම් හරි ආසාවෙන් කරයි.

තේමිය ඇස් කොනෙන් රවද්දී අභිශේක් තේමියගෙ කම්මුලත් මිරිකලා එතනින් දුවලා ගියේ තේමියගෙන් හම්බෙන්න ආසන්නව තිබ්බ ගුටි පූජාවෙන් බේරෙන්න.

අභිශේක් එයාලට හම්බුන නියපොත්ත විද්‍යාගාරයට යවලා  ආවේ ඒ කාර්‍යාලයේ පහල ප්‍රශ්න කිරීම් වල නිතර වෙලා හිටිය පොලිස් නිළධාරීන් ගාවට. ඒ අතර තේමිය එතන හිටිය හැම කෙනෙක්ගෙම ඇගිලි දිහා පරීක්ශාකාරිව බැලුවා.

" මිහිරාන්

" ඕඕඕ බොසා

" මේ office එකේ ඔක්කොම ගෑනු අය කී දෙනෙක් වැඩ කරනවද ?

" 12 දෙනෙක්.

" මට ඒ ඔක්කොගෙන්ම ප්‍රශ්න කරන්න ඕනා.

" හරි මචං මම ඒක බලන්නම්.

තේමිය උබ හෙව්ව secretary ත් ඒ අතර ඉන්නවා.

" මොකටද secretary ව හෙව්වේ ?

" රවීගෙ private secretary.

" අහ්

" ඇයි උබ මොකක්ද හිතුවේ.

" මුකුත් නෑ එයාලව එහා පැත්තට අරන් වරෙන් .

අභිශේක් ඒ කියාගෙන යන ප්‍රශ්න කිරීම් වලට අනිත් පැත්තෙන්ම තව ප්‍රශ්න කිරීමක් ආරම්භ කරේ තේමියත් ඒ දිහාවට ඇදිලා යද්දී. අභිශේක් මුලින්ම ප්‍රශ්න කිරීමට තෝරගත්තේ රවීගෙ මලසිරුර මුලින්ම දැක්ක කාර්‍යාලයේ තේ හදන ගෑනුකෙනා සෝමා.

" මට කියන්න සෝමා කීයට විතර වගේද රවීගෙ body එක දැක්කේ. මට ඒ ගැන විස්තරයක් දෙන්න.

" මම රවී මහත්තයගෙ කාමරේ අස් කරන්න ගිය වෙලාවේ මහත්තයො. එවෙලෙ 8.00 ට විතර ඇති. මුලු ඔෆිස් කාමරේම ලේ. මම බයවෙලා රවී මහත්තයා ඇතුලෙ ඉන්නවද බැලුවම රවී මහත්තයා ලේ පෙරාගෙන අර වොශෲම් එක ඇතුලේ වැටිලා හිටියා.

" සෝමා ට අමතරව තව කවුද හිටියෙ.

" එවෙලෙ මම විතරයි හිටියෙ මහත්තයො.

" එතකොට සාමාන්‍යයෙන් office එකට මුලින්ම එන්නේ කවුද ?

" මට එහෙම මතකයක් නෑ මහත්තයො. මම අස්පස් කරලා ඉවර වෙද්දි මේකෙ වැඩකරන ලමයි ඔක්කොම වගේ ඇවිත්.

" එතකොට වැඩ පටන් ගන්නේ කීයටද ?

" 9.00 ට මහත්තයො.

" යසෝමා body එක දැක්කට පස්සේ මොකද කරේ.

" මම හේශිකා මැඩම්ට කිව්වා.

" අහ් මට අමතක උනානේ. ඒ එක්කම වගේ හේශිකා මැඩමුත් office එකට ආවා එයා ලව්වා තමා පොලීසියට කෝල් එකක් දුන්නේ.

" හේශිකා ?

" ඔව් මහත්තයො හේශිකා මැඩම් රවී මහත්තයා එක්කමයි ඉන්නේ.

" ඊට පස්සේ මොකද උනේ ?

" හේශිකා මැඩම් පොලීසියට කෝල් කරලා රවී මහත්තයගෙ මරනෙ ගැන කිව්වා.

" ඊට පස්සේ

" හේශිකා මැඩම් කිව්වා පොලීසියේ මහත්තුරු එන්න කලින් ඉස්සරහා office එක අස් කරලා දාන්න කියලා.

ඒ තප්පරේම  තේමියගෙයි අභිශේක්ගෙයි මූනු වෙනස් වුනේ ඇහුන දේ එක්ක.

"  එකපාරටම ?

" මම දන්නෑ මහත්තයො හේශිකා මැඩම් කිව්ව නිසා මම ඒ ඔෆිස් එක අස්කරලා දැම්මා.

" ඊට පස්සේ මොකද උනේ

" ඊට පස්සේ පොලීසියෙ මහත්තුරු ඇවිත් රවී මහත්තයගෙ මිනිය අරන් ගියා.

" හරි සෝමාට යන්න පුළුවන් .

" පොලීසිය එන්න කලින් office එක අස් කරන්න කිව්වේ මොකටද ? අපරාධයක් උන තැනක පොලීසිය එන්න කලින් කිසිම දෙයක් කරන්න බැහැ ඒක ඕන කෙනෙක් දන්නවා. මේ වයසක මනුස්සයට ඒක ගැන හරි අවබෝධයක් නොතිබ්බත් හේශිකා වගේ කෙනෙක් ඒ ගැන නොදැනුවත් වෙන්න බැහැ.

" mrs. හේශිකා. Mr.රවීගේ private secretary . Right ?

" ඔව් . ඒත් මම miss මම තාම marry කරලා නැහැ.

" හොදයි

අභිශේක් ඇස් උඩින් බැල්මක් එක්ක  කිව්වත් වගේ ඒ පමාවට මේසෙ යටින් තමන්ට තේමියගෙන් ලැබුන පයින් පාර නිසා එයාගෙ හිනාව පාලනය කරගන්න එතන නටන්න පුලුවන් දහ අට වන්නමම නැටුවා.

" හොදයි ?

" හරි හරි

miss හේශිකා රවීගේ body එක දකිද්දි වෙලාව කීයට විතර ඇතිද ?

" ඒ වෙලාවේ .. මම office එකට ආව ගමන්ම වගේ sir.

" මම ඇහුවෙ වෙලාව

" වෙලාව 8.00 ට විතර වගේ sir

එතකොටම අපේ cafeteria එකේ වැඩ කරන සෝමා ඇවිත් මට කතා කරා. මම mr.රවීගෙ office එක ඇතුලට යද්දී office එක සම්පූර්නෙන්ම කනපිට හැරිලා. මම රවී sir ව හොයන්න ගිය වෙලාවෙ තමයි දැක්කේ sir washroom එකෙ ලේ පෙරාගෙන ඉන්නවා. මම එවෙලෙම පොලීසියට කෝල් කරා.

" miss හේශිකාට මේකට කවුරු හරි සැකයිද ? Private secretary විදිහය රවීගෙ private දේවල් නොදැන ඉන්න විදිහක් නෑනේ.

" සති දෙකක ඉදන් වගේ රවී sir මොනාහරි දේකට බය වෙලා හිටියේ. Office එකෙත් අමුතු අමුතු දේවල් වෙන්න පටන් ගත්තා.

" අමුතු දේවල් ?

" ඔව් office එකේ දෙතුන් දෙනෙක්ම ඒක දැකලා තිබ්බා.

" මොන වගේ දෙයක්ද ?

" හෙවනැල්ලක්

" හෙවනැල්ලක් ?

" ඔව් sir . කලු පාට ජායාවක් වගේ. එක දවසකුත් mr.රවීගේ office එක ඔය විදිහටම ඇවිස්සිලා තිබ්බා. අපි මුලින්ම හිතුවේ හොරු පැනලා කියලා. ඒත් cctv වල එහෙම දෙයක් තිබ්බෙ නැහැ. Mr.රවීගේ office එකේ තිබ්බ cctv එකත් සැරෙන් සැරේට වැඩ කරන්නෙ නැතුව ගියා.

" එතකොට ඒක ගැන බැලුවෙ නැද්ද ?

" හදන්න කෙනෙක්ව ගෙන්නුවත් ඒ කෙනා check කරලා කිව්වේ cctv වල කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා.

" රවී එදා රෑ office එකේ නවතින්න විශේශ හේතුවක් තිබුනද ?

" ඉන්න

කවුද cctv check කරන්න ආවේ.

ඒ ප්‍රශ්නය ආවෙ තේමියගෙන්

" *** company එකෙන්. එයාලගෙන් තමයි cctv අලුතෙන් හයි කරේ. ප්‍රශ්නයක් ඇති උනාම එයාලා එයාලගෙ කාව හරි එවනව repair කරන්න.

" කවද්ද එතකොට repair එකට ආවෙ.

" ගිය අගහරුවාදා.

" office එකේ හවසට ඉන්න security  එදා හවස ඉදලා නැහැ. ඒකට හේතුව ?

" sir එයාට හදිසියේම accident එකක් වෙලා.

" accident එකක් ? ඒ ගැන දැනුවත් කරාද ?

" ඔව් sir.

" මට ඉන්න securitiesලා දෙන්නා ගැනම details හවස් වෙන්න කලින් ඕනා.

" Ok sir.

" රවීගෙ murder එක උනේ කවද්ද ?

තේමියගෙ ඒ ප්‍රශ්නෙත් එක්ක අභිශේක් පුදුම උනේ එයා ඇයි ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවෙ වගේ.

" sir ?

" මම ඇහුවෙ දවස.

" බ්‍රහස්පතින්දා රෑ

" බ්‍රහස්පතින්දා රෑ ? Sure ද ?

" ම..මම දන්නෑ sir.

" රවී ඇයි එදා රෑ office එකේ නැවතුනේ ?

" ඒක.. මම හරියට දන්නෙ නැහැ sir.

" දන්නෙ නැහැ ? තමුන් එයාගෙ private secretary නේද ?

" රවී sir සමහර දවස් වලට මේ එයාගෙ යාලුවොත් එක්ක රෑට office එකේ drinks ගන්නවා. එදත් එහෙම වෙන්න ඇති.

" එතකොට රවීගෙ යාලුවන්ව හේශිකා දන්නවද ?

" ලො.ලොකුවට නැහැ sir.

" එහෙමද . රවීගෙ murder එක උන දවසෙ හේශිකා හිටියෙ කොහෙද ?

" ගෙදර .

" ගෙදර ? ගෙවල් කොහෙද ?

" පෑලියගොඩ

" එතකොට miss හේශිකා රවී මැරෙන්න කලින් දවස් දෙකේම office ඇවිත් නැහැ.

" ඔව් sir.

" හේතුව

" මම අසනීප වෙලා හිටියෙ.

" අසනීපෙට බෙහෙත් ගත්තද ?

" නැහැ sir rest කරාම අඩු උනා.

" private secretary හැටියට මේ office එකේ වෙන හැමදෙයක් ගැනම දන්නවා ඇතිනෙ.

" ඔව් sir.

" එතකොට මේ ගැනත් දන්නවා ?

" sir ?

තේමිය එයාලට දවල් හම්බුන බෑග් එක පෙන්නනවත් එක්කම හේශිකා බිම බලාගත්තේ කට උත්තර නැතුව.

" you can go

එතනින් එහාට දිගටම තිබුන ප්‍රශ්න කිරීම් වලට පස්සේ ඒ දෙන්නටම හුස්මක් ගන්න ලැබුනේ හවස 7.00 ට විතර.

" දැන් මේ office එකේ වැඩ කරන මිනිස්සු හිතන් ඉන්නේ මේ murder එක කරලා තියෙන්නේ භානුකගෙ හොල්මන කියලද ?

" ඔය කියන්නේ.

අපිනම් දැක්කේ නෑ හැබැයි. සමහර විට මගෙ බබාට බයේ වෙන්න ඇති.

අභිශේක් ඒ කියන ගමන් බෙල්ල දෙපැත්තට වන වන බෙල්ලේ හිරි ඇරගන්න ගමන් පුටුවෙන් නැගිට්ටේ තේමිය මූනත් ඇද කරන් එයා දිහා බලන් ඉද්දී.

" මේ උන දේට office එකේ කෙනෙක් ගෙත් මොකක් හරිම සම්බන්ධයක් තියෙනවා.

අභිශේක් තේමිය ඉදන් හිටිය පුටුවට අත් තියලා තේමියගෙ මූනට බර උනේ තේමියව කල්පනා ලෝකේන් මුදවලා.

" එහෙනම් දැනටමත් සැක කාරයෙක් ඉන්නවා.

තේමියත් එයාලා අතර සෙන්ටිමීටර් දෙක තුනක ඉඩක් ඉතිරි කරලා ඒ මූනට ලං වෙලා මාරුවෙන් මාරුවට ඒ ඇස් දිහා බැලුවේ දවසක් පුරා විවේකයක් නොතිබ්බ තේමියට දැන් මහන්සියක් කියලා දෙයක් නොදැනෙන තරම්. මොකද ඒ ඇස් වල තිබුන මායාවෙන් කරේ බාහිර හැමදෙයක්ම මොහොතකට අමතක කරවලා අභිශේක්ගෙ හැගීමෙන් විතරක් එයාව පිරෙව්ව එක. ඔව් තේමියගෙ ඒක  වචනෙන් අභිශේක්ගෙ හැගීම. මොකද ඒ හැගීම ආදරය විතරක් නෙවේ. ඒ හැගීම මොන තරම් මායාකාරීද කියනවනම් ඒ හැගීම ඉස්සරහා තේමියට තවත් එයාව හංගගන්න බැහැ. එතකොට අර කාටවත් නොපෙන්වන හැගීම් අභිශේක් ඉස්සරහා දිග ඇරුනේ තේමියගෙන් අනුදැනුම නැතුව.

" කවදා ඉදන්ද මගෙ හිත කියවන්න ගත්තේ.

" ඔය හිත මගෙ කරගන්න ඕන උන දවසෙ ඉදන්.

" ඇත්තට..

" බයද ඔය හිතේ තියන දේවල් මම දැනගනී කියලා . ම්ම්ම්

ඉක්මනට යමු. මට ඔයාව ඕනා.

අභිශේක්ගෙ උනුසුම් කටහඩ තේමියගෙ කන්පෙති සිපගද්දී ඉහලට ඇදෙන බර හුස්ම එක්ක හදවත් ගැස්ම වැඩි වෙන වේගෙට පනගැහුන සමනල් රෑන යටිබඩ පුරා ඇදුනේ ඒ වේගෙට නොදෙවෙනිව ඇග පුරා වේගෙන් දුවන ලේ කම්මුල් පුරා විසිරිලා රතු වෙද්දි.

" අහ් ?

" ඔය ඇස් ආයෙත් ගැස්සෙනවා. කාටවත් ඔයාව මේ විදිහට දකින්න තියන්න එපා තේමිය ඔයාව මේ විදිහට දකින්න ඕනා මමම විතරයි. මට දැන් ..

" enquiry එක මතු සම්බන්ධයි වරෙල්ලා ගෙදර යන්න. ඈහ් ? තොපිලා ලව් කරනවද ඔතන.

" නෑ ඉලව්.

" හහ් මට තේරුනා ගොනා හැරෙද්දි. මූත් මේ ඉන්නේ තක්කාලි ගෙඩිය වගේ රතුවෙලා.

" පයිත්තියන්ද යකෝ මගෙ ඇහැට රොඩ්ඩක් ගියා.

" ඔව් ඔව් මට පයිත්තියන්. තව ඒවත් තියෙනවා ඒවා නගිනවා උබලව දැක්කම.

මොකද දැන් උබලා දෙන්නා මූනට මූන බලාගෙනද  මුගෙ ඇහැට ගිය රොඩ්ඩ අයින් කරේ.

අභිශේක් තේමියගෙන් ඈත් වෙලා මිහිරාන් ලගට ආවම තේමියත් ඉදන් හිටිය පුටුවෙන් නැගිටලා ආවා.

" උබට මගෙ ඇහේ රොඩ්ඩ අදාල නෑනේ උබේ ඇහේ තියන පොල් පරාලෙ බලාගනින්.

" ඒක මාර රොඩු යැවිල්ලක්. කෝ මා පුතා උබේ රොඩ්ඩ දැන් ගියාද ? උබටත් හිනාවෙන්න එහෙම මතක් වෙන්නේ මූ ඉද්දි තමා. නැත්තම් ඉන්නවා දැක්කම මහසෝනත් බය වෙනවා.

මිහිරාන් ඒ කිව්වත් හරි තේමිය රහසක් කියන්න වගේ මිහිරාන්ට ලං උනා ඒ අතරේ අභිශේකුත් මේ වෙන්න යන දේ දිහා සාවදානව අත් දෙකත් බැදන් බලන් ඉන්නවා.

" මෙහෙමයි මචං උබ දැන් හිතන් ඉන්නේ මෙතන ඉන්නේ අපි තුන් දෙනා කියලා විතරයිනෙ. මෙතන තව එක්කෙනෙක් ඉන්නවා එයාව කාටවත් පේන්නෙ නෑ හැබැයි මට පේනවා. එයා අපි දිහා බලාගෙන ඉන්නේ විශේශයෙන් උබ දිහා.සමහරවිට උබත් එක්ක උබේ ගෙදර යන්නත් එයි.

" උබ හොලමන් කතා..

" ශ්... කෑගහන්න එපා අනිත් අයට ඇහෙයි. පව්නෙ එයාට දුක හිතෙයි හොල්මන කිව්වම. පරිස්සමෙන් ගෙදර යමන් හොදේ. එයා උබේ පස්සෙන් එන්න බැරි නෑ. උබත් තාම තනිකඩ එකේ....

" ඔහෙ පල උබෙ ඔය කතා වලට මගෙ බල්ලවත් බය වෙන්නෑ.

තේමිය ඇස් දෙකත් ලොකු කරලා කිව්ව හතරබීරි කතාවට මිහිරාන් බය වෙලා වටපිට බැලුවත් දැන් තේමිය හිනාව තද කරගන්න වෙහෙසෙන විදිහ දැක්කම මිහිරාන්ගෙ කට ඇදවෙලා ගියා.

" සිරාවට රවී මැරිලා හිටියෙ නැත්තම් ඊලගට මම file එකක් open කරන්නේ උබලා දෙන්නට.

" ඔය ගමන්ම ඒකත් කරහන්. මම දෙන්නම් details.

" අහ් මේ ඒක නෙවෙයි රවීගෙ phone එක ගැන තොරතුරක් හම්බුනේ නැද්ද ?

" ඒ ටික හෙට උදේට තමා බං බලන්න වෙන්නේ. මුන් නිකම් උල්පත් වගේ. හාරන්න හාරන්න එක එක කේස්.

ආ මතක් කරලා මේ homework ටිකත් අරන් පලයං.

" කාපං තෝ මේ ටික.

මිහිරාන්ගෙ අතට ගහන ගමන් අභිශේක් මිහිරාන් ගෙ අතේ තිබුන files ටික අරන් එන්න ආවත් මගදි නැවතුනේ ඒ එක්කම වගේ එයාලගෙ ඉස්සරහට තේජාන් එද්දි.

" මොකක්ද මේ හොල්මන් සීන් එක. ගංජා හම්බුනාද office එක ඇතුලෙ තිබිලත්.

" ආ ඒ උබේ මැරිච්ච ආච්චි. දැන් ඇති යකෝ හොල්මනුයි භානුකයි රවියි ගංජයි කුඩුයි රෑට හීනෙන් පේන්නෙත් දැන් ඕවා.

" ඔයා cctv footage දැක්කද ?

" තේමිය ඒවා හෙට බලමු. දැන් යමු.

අනිත් පැත්තට තේමියගෙන් උත්තරයක් ලැබෙන්නත් කලින් අභිශේක් තේමියව එක්කන් එලියට ආවේ , ගෙදර යන්න තියන උවමනාවටත් වඩා තේජාන් එක්ක තේමිය කතා කරනවට තිබ්බ අකමැත්ත.

වාහනේට නැග්ගත් හරි උදේ ඉදන් තේමියගෙ ඔලුවෙ වැඩ කෙරුව ප්‍රශ්නය එයා අභිශේක්ගෙන් ඇහුවේ එයාට දැන් මේකෙ ඇත්ත නැත්ත දැනගන්න ඕනා.

" ඔයා ඔයාගෙ තාත්තගෙ cases ආයෙ පටන් ගත්තද ?

" ඔයා කොහොමද ඒක දැනගත්තේ ?

" මටත් කලින් ඒක කොහොමද තේජාන් දැනගත්තේ ?

" තේජාන් ?

" ඔව් මට ඒ ගැන කිව්වේ තේජාන්. එයා කොහොමද ඔයා කරන දේවල් දැනගත්තේ. මිනිහා අපි ගැන හෙවිල්ලෙන් ඉන්නේ.

" හෙවිල්ලෙන් ? හේතුව ?

"  හොයාගන්න එකයි ඇත්තේ මගෙන් අහන්න එපා කරන හැමදේම මට කිය කිය කරන්නෑනේ.

තේමිය අත් දෙක බැදගෙන ජනේලෙන් එලිය බලාගත්තම අභිශේක් තේමිය දිහා බල බල හිනාවෙනවා.

" ගෑනි වගේ හැම එකටම රවනවා.

" මෝඩයා.

අභිශේක් පිටිපස්සේ ශීට් එකේ තිබුන බෑග් එක අරන් රව රව ජනේලෙන් එලිය දිහා බලන් ඉන්න තේමියගෙ පැත්තට දික් කරා.

" ආ

" මේ මොකක්ද ?

" ඔයාම බලන්න.

අභිශේක් දිහා නොබලා තේමිය ඒ බෑග් අතට අරන් ඒක ඇතුලෙ තියන දේ දැක්කම තේමියගෙ මුන ආයෙත් හිනාවෙන් පිරුනා.

" අලි පැටියෙක් ?

තේමිය බෑග් එක ඇතුලෙ හිටිය අලු පාට ලොකු මූනක් තියන අලි පැටියව එලියට අරගෙන ඒකෙන් මූන වහන් හිනාවුනේ මොකද එයා දන්නවා මේකේ තේරුම.

" නෑ අලි ඔලුවෙක්. දැන් ඕක දැක්කම මාව මතක් වෙයිනෙ.

" ඔයාට වඩානම් මේ අලි පැටියා ලස්සනයි .

" ඇත්තද බබා හොදට බලන්න මට වඩා ලස්සනද කියලා

ඒ කියලා අභිශේක් තේමියට ලං උනාම තේමිය ඒ අලි පැටියවත් තුරුල් කරගෙනම අභිශේක් ගෙ නලලෙන් හාදුවක් තිබ්බා. ඒත් දැන් එයාට ලැජ්ජයි. මොකද දැන් අභිශේක් තමන්ට දිහාවට මේ එල්ල කරන බැල්මයි ඒ හිනාවයිත් එක්ක එයාට දැන් මෙතනින් පැනලා යන්න ඕනා. පැනලා යන්න ඕනා කියලා හිතුනත් ඒ හිනාවත් එක්ක රැලි වෙන ඇස් දිහා තේමිය බලන් හිටියේ වශීවෙලා. එයාටම හිතුනේ අභිශේක් කොච්චර ලස්සනයිද කියලා.

" thankyou

" welcome

මම ඔය අලි පැටියට වඩා ලස්සනයි ද ?

" හ්ම්ම්

" හ්ම්ම් ?

" හ්ම්ම්...  ඔහොම බලන්න එපා.

" එහෙනම් මම කොහොමද බලන්න ඕනා ම්ම්ම් ?

බලන්න ඕන කොහොමද ? දන්නෑ දැන් උත්තරයක් දෙන්න බෑ බලන්න එපා කියන්නද කොච්චර චන්ඩි පාට් දැම්මත් කාහෙ ඉස්සරහා කොහොම සීතල පෙනුමක් ගත්තත් අභිශේක් ටයි එයාටයි විතරක් තනිවෙන ලෝකෙදි තේමිය කියන්නේ පොඩි රස්නෙටත් දිය වෙන අයිස් කැටයක්. එතකොට ඒ රස්නිය නම් අභිශේක් . දැන් තේමියගෙ කට ආයෙත් ගොලුයි. දැනෙන වචන හැගීම් කරගන්න බැහැ . ඊටත් එයා ඒ බැල්මටම එයා යටත් ඒක ආදරය එක්ක තව හැගීම් ගොඩක් මිශ්‍ර උන බැල්මක්. ඒ අතරම හිත ඇතුලෙ වද දෙන තව ප්‍රශ්නයක්.

" මම දෙයක් අහන්නම්.

" අහන්නකො.

" ඇත්තටම මගෙ විතරද ?

මම විතරද ? ඇත්තටම ඔයාගෙ ආදරේ ඔක්කොම මගෙ විතරද ?

කිසිම හැගීමක් දැනීමක් නැතුව හිටිය තේමියට එයා දැන් මේ අහන ප්‍රශ්න ගැනම එයාට හිතාගන්නත් බැහැ. ඒත් හිතේ තියන ප්‍රශ්නෙ එලියට දාන්නත් ඕනා ඒත් ඕන වෙලාවට අතුරුදන් වෙන වචන එයාට දැන් හොයාගන්න වෙලාවක් නෑ.

" මම මෙහෙම කියන්නම්කො. මම time pass කරන්න , වෙන වෙන හේතු නිසා ඕන තරම් මිනිස්සුන්ව ආශ්‍රය කරලා ඇති ඒත් මොන ජාතියේ මනුස්සයෙක් උනත් ජීවිතේ එක පාරක් හරි කෙනෙක්ට පිස්සුවෙන් ආදරේ කරනවා. ඒක මං වගේ බොරු කාරයෙක්ට උනත් පොදු දෙයක් . ඉතින් මේ බොරු කාරයා දැන් ඔයාට පිස්සුවෙන් වගේ ආදරේයි. මම ඒක ඔයාට එදත් කිව්වා අදත් කියනවා. මගෙ බොරු ලෝකේ එකම ඇත්ත ඔයා. මට ජීවත් වෙන්න තියන අරමුනත් ඔයා. මට ජීවත් වෙන්න ඕනත් ඔයා නිසා.

" අභී

දැන් තේමිය අභිශේක් ලගදි විතරක් අහිංසක කමෙන් පිරෙන ඒ ඇස් වලින් සීමාවක් නැතුව ඒ රූපෙ දිහාබලන් ඉන්නවා. ඒ ඇරත් අභිශේක් තමන්ගෙ හැගීම් ප්‍රකාශ කරන්න මෙහෙම වචන ගලපගන්න එකත් එයාට පුදුමයක්. හැගීම් වචකරන එක ගැන හිතන එක මොහොතකට හිතින් අත ඇරලා අභිශේක් ට තුරුල් උනේ එයාට ඒ පපුව නිවනටත් වඩා සැනසීමක් ගෙනවා.

" මම ඔයාට ආදරෙයි

" මමත් ඔයාට ආදරෙයි තේමිය .

ගෙදර ආවත් වගේ දැන් සාලේ ඔක්කොම රැස් වෙලා වට මේස සාකච්ඡාවක .

" ආහ් ඩබල ආවද ? මතක් කරා විතරයි.

" දෙන්නම වොශ් එකක් දාන් එන්නකො කැම කන්න. මහන්සිත් ඇතිනේ.

" හරි අම්මා.

තේමිය ඒ කියාගෙන අභිශේක් එක්ක කාමරේ ඇතුලට යන ටික විතරයි එයාව ඒ කාමරේ දොරටම තද වෙන්න මොකද අභිශේක්ගෙ තොල් ඒ පමාවට එයාගෙ තොල් අල්ලගෙන .

" අභී.

අභිශේක්ගෙ අත්වලින් ගැලවුන ජැකට් එක පුටුව උඩට වැටිලා අයෙත් ඒ අත් තමන් වටේ එතෙද්දී  තේමියට දැන් එතන දැනෙන පීඩනෙට වාශ්ප වෙන්න තරම්. ඒ හැගීම තේමියගෙ හුස්ම හිරකරත් එයා පැතුවෙත්, එයාට ඕන කරෙත් ඒ හැගීමමයි. තොල් වලින් පටන් ගත්ත සිපගැනීම් බෙල්ල පුරා යද්දී තේමිය ඒ පහසට යටත් උනේ වේගෙන් ඉහල පහල ඇදෙන හුස්මත් , සැරෙන් සැරේ පියවෙන ඇත් එක්ක පිටවෙන්න හදන  කෙදිරිලි තොල් තද කරන් නවත්තන්. මේ  උත්තේජනය එයාලව පෙලඹවෙව්වේ වෙනාඩි දෙක තුනක සිප ගැනීමකට පමනක් නෙවේ. දොරගුලු කඩාගෙන රාගික හැගීම් පිටපැන්නත් , පිටදාන්නත් බැරි සගවන් ඉන්නත් බැරි මං හරස් කරන නිහඩ හේතුවක් ඉස්සරහා අභිශේක් හිතින් කඩන් වැටුනා.

" මට බැහැ ! මට මාව හිරකරන් ඉදල පිස්සු වගේ.

සිප ගැනීම අතරමග මොහොතක නලලට නලල තියාගෙන උනුසුම් කටහඩින් අභිශේක් මිමිනුවේ තේමියගෙ කම්මුල් පුරා ඇගිලි තුඩු වලින් රටා මවන ගමන්. වේගයෙන් ගැහෙන අභිශේක්ගෙ හද ගැස්ම තේමියට ලග ලගම දැනෙනවා.

" ම..ම ඉද්දි ඇයි තවත් ඔයා ඔයාව හිරකරගෙන ඉන්නෙ.

" මට බයයි.

" බයයි ?

" හ්ම්ම්

හ්ම්ම් කියන උත්තරයත් එක්ක අභිශේක් තේමියගෙ උරහිසෙන් ඔලුව තියාගෙන එයාව තදින් තුරුල් කරගත්තා. ඒත් මේ හදිසි වෙනස් වීම තේමියගෙ හිතට බරයි.

අභිශේක් වගේ කෙනෙක් මොකටද බය වෙන්නේ ? මොන වගේ දේකටද ? ඒක තමන් ගැනද ? එයාලගෙ පවුලෙ අය දැන ගනී කියලද ? නැත්තම් ඒකට හේතුව අභිශේක් එයාගෙන් හංගන්න උත්සහ කරන අභිශේක්ගෙම ජීවිතේද ?

" ඒත් ඔයා මොනවටද බය ?

" මට සමාවෙන්න.

" සමාවෙන්න ?

" ම..මම ඔයාට බොරු කිව්වා. මේ හැමදේකටම වැරදි මම. මට බයයි මට ඔයාව නැති වෙයි කියලා.

" අභී කෝ මං දිහා බලන්න. මට කියන්න ඔයා මොකක්ද මට කිව්ව බොරුව. ඔයා මොනවද මගෙන් හංගන්නනේ. මොකක්ද ඔයා කෙරුව වැරැද්ද. මම ඔයාට මගෙ හිතේ තියන හැගීම කිව්වා. එහෙම වෙලත් ඇයි තවත් ඔයා ඔයාගෙ හිතේ තියන දේවල් මගෙන් හංගන්නේ.

" මට දැන් ඒ ගැන කතා කරන්න ඕනෙ නැහැ මට ටිකක් මෙහෙම ඉන්න දෙන්න.