Chapter 26: xxvi ♡

LOVE HATE 🖇️ (Sinhala Bl )Words: 26184

" තේමිය ගිහින් wash එකක් දාන් එන්න.

අභිශේක් බාතෲම් එකෙන් එනවත් එක්කම මෙච්චර වෙලා  තමන් හිටිය දුරකතන ඇමතුම විසන්ධි කරා.

" කාත් එක්කද ඔච්චර වෙලා කතාකරේ

" ආහ් ?

" ඇයි බබා දැන් ඔයාගෙ කන් ඇහෙන්නෙත් නැද්ද ?

" නැහැ මේ චනුලි එක්ක.

" චනුලි එක්ක ? එයත් එක්ක මොනාද ?

" හෙට.. මේ හතර දෙනාම meet වෙමුද අහනවා. චනුලි හදන්නේ ශාලිකාට ඔයාව සෙට් කරන්න.

" අහ් හොදයිනෙ

" ආ ඇත්තද හොදයිද

තමන්ගෙ දුරකතනය ඇද උඩට විසිකරන ගමන් තේමිය අඩියෙන් අඩිය අභිශේක් ලගට ආවේ එයාව මරන් කන්න වගේ.

" මේ වැඩ ටික ඉවර වෙනකම් ඉන්නවකො ඊට පස්සේ මගෙ පදේට නලවලා ගන්නම්. හිතාගෙන ඇති තව නැට්ටිච්චියෙක්ව දාගන්න.

" එහෙනම් ඒ පදේට මම ආසාවෙන් නටනවා.

තේමියගෙ බෙල්ලේ රතු වෙලා තියන පාරවල් දැනෙන නොදැනෙන ගානට අතගානගමන් අභිශේක්ගෙ මූනට හිනාවක් ගත්තේ තමන්ගෙම බෙල්ලෙ තියන පාරවල් ගැන තේමියට තාම නිච්චියක් නැති නිසා වගේම තේමිය මේකට කොහොම ප්‍රතිචාර දක්වයිද හිතලා.

" මොකද හිනාවෙන්නේ ?

" මුකුත් නෑ

තේමිය අභිශේක්ගෙ අතට ගහගෙන බාතෲම් එකට ගියත් හරි බාතෲම් එකෙ කන්නාඩිය ඉස්සරහා හොල්මනක් දැකලා වගේ බය වෙලා හිටියේ එයාගෙ බෙල්ල පුරා තියන පාරවල් දැකලා

" හහ් ! මම ඉවරයි. දැන් කොහොමද එලියට යන්නේ.

අර මෝඩයා ඒක තමයි මගෙ බෙල්ල අල්ල අල්ල හිනා වුනේ.

මුලින් කලබලේට බොරු තරහක් මවාගත්තත් ඒ එක්කම හැංගිලා තියන සතුට දැන් එයාටම එයාගෙ මූනෙන් පේනවා.

" මේ මනුස්සයා මට කෙරුව හරියක් .

මගෙ අලි ඔලුවා.

තේමිය තෙත කොන්ඩෙත් පිහ පිහ බාතෲම් එකෙන් එලියට එද්දි අදාල පාර්ශවය තාමත් ඉවර නොවුන අපරාධ නඩුවක හිරවෙලා.

" අභී ?? ඔය මොකද ?

" මේ රවීගෙ case එක..

" හ්ම්ම් රවීගෙ case එක් විසදන්න කලින් නියුමෝනියාවට hospital නවත්තන්න වෙයි. බලන්න ලමයො ඔයාගෙ කොන්ඩෙ තාම වතුර.

තේමිය කියලා වැඩක් නෑ වගේ අභිශේක්ගෙ කර වටේ තිබුන තුවාය අරන් එයාගෙ කොන්ඩෙ පිහන්න ගත්තත් අභිශේක් තේමිය දිහා බලන් හිටියේ පොඩි දරුවෙක් තමන්ගෙ අම්මා දිහා බලන් ඉන්නවා වගේ බැල්මක් . තේමියට දැන් කරන්න ආව දේත් අමතකයි. මොකද ඒ වගේ අහිංසක බැල්මක් තේමිය අභිශේක්ගෙන් දැක්කේ පලවෙනි වතාවට. ඉතින් ආදරේ කරද්දී තමන්ගෙ අනිත් පාර්ශවය පොඩි දරුවෙක් විදිහට දකින එක සාමාන්‍ය ද ? තේමිය තමන්ගෙන්ම ඇහුවේ ඒ දේ.

අත් වල රැදිලා තිබුන් තුවාය ඇද උඩට වැටෙද්දී තේමියගෙ සීතල අත් ඒ උනුසුම් වත පුරා රටා මැව්වේ වීදුරුවක් බිදෙන් නොදී අල්ලනවා තරම් පරිස්සමෙන්.

" ඔයා මට ලමයා කිව්වා.

" හහ් ?

" ඔච්චර පරිස්සම් වෙන්න එපා මට රිදෙන්නෑ.

" ඒ උනාට මට බයයි.

තමන්ගෙ කම්මුල් උඩ තිබුන තේමියගෙ අත් පිරිමදින ගමන් ඒවට හාදු තිබ්බේ මෙහෙමයි කියන්න බැරි තරම් ආදරේකින්.

" මේ අත් වලින් මට රිදෙන්නෑ තේමිය. ඔයා ඇහුවා නේද මගෙන් ඇයි මම ඔයාට වෛර කරේ නැත්තෙ කියලා.

දන්නවද ඔයාගෙන් ලැබෙන රිදවීමකට උනත් මම හරි ආදරෙයි. බනින්න බනින්න පස්සෙන් ආවෙත් ඔය ලැබෙන බැනුමක් උනත් මට හරි‍යට වටිනවා. ආදරේ කරන්න බැරිනම රන්ඩු වෙන්න හරි මට ඔයාව ඕන කරේ ඒකයි. ඊටත් සතුටුයි මගෙ රෝස මල මට මෙහෙම ලෝබකම් කරද්දී. තේමිය හැමදාම මගෙ ජීවිතේ වෙලා ඉදී. මගෙ ජීවිතේට ආව මේ පන්ඩිත කොල්ලට මං හරි ආදරෙයි තේමිය. රිද්ද රිද්ද හරි මං එක්ක ඉන්න මගෙන් ඈත් වෙන්න ඕනා කියන්න එපා. මගෙ සම්පූර්ණ ආදරේම මට ඔයාට දෙන්න ඕන. මගෙ කියලා දෙයක් මං ලගවත් ඉතුරු නොවෙන්න මට මාව ඔයාට දෙන්න ඕන. මට නවතින්න ඕන ඔයාලග. එතනින් එහාට ජීවිතේ කෙලවරක් තියෙනකම් මට දකින්න , අහන්න , විදින්න ඕනා ඔයාව .

ඉතින් මේ පිස්සව භාරගන්නවද ?

" කොහොමත් මගේනේ.  මට දැන් මේ පිස්සා නිසා ජීවත් වෙනවා කියලා දැනෙනවා.

දැන් හිතට වෙන සතුටක් නැති තරම්. ඇත්තටම ආදරේ එච්චර ලස්සනද ? වචන වචනම කිව්වත් ඒ හැගීම ඒ ඇස් වල තිබුන ආදරේ ,

" එහෙනම් මේ පිස්සා වාසනාවන්තයි

" හ්ම්ම් හ්ම්ම්

ඔ..ඔයාගෙ බෙල්ල සීරිලා.

" ඒකට වගකියන්න ඕනා කවුද ?

අභිශේක් ඇහිබමි උස්සලා තේමියගෙන්ම ආපිට ප්‍රශ්න කරද්දී තේමිය කාමරේ පුරාම නොපෙනෙන අත්භූත ජීවියෙක්ව හොයනවා.

" කවුද දන්නේ

එතකොට මේකට වගකියන්න ඕනා කවුද ?

තේමිය තාරාවෙක් වගේ කටත් හදාගෙන අභිශේක් අතින් එයාට වෙච්ච ආදරනීය අපරාධය ගැන පැමිනිලි කරත්,

" ඒකෙ වගකීම මට තමා බබා. ඔයත් ඒකට කැමතීනේ.

" අනේ මේ.

හහ් ! අභී

" ඇයි මේ

" අතන කවුරුහරි ඉන්නවා.

තේමිය කලබලෙන් බැල්කනිය පැත්තට යන්න ගියත් අභිශේක් එයාව නතර කරගත්තා.

"  එතන කවුරුවත් නැහැ.

" අභී එතන කවුරුහරි හිටියා. එයා අපි දිහා බලන් හිටියෙ.

" ඔයා ඔහොම ඉන්න මම බලලා එන්නම්

" එපා.

" එපා ? බබා ඔයා හවස මිහිරාන්ව බයකරා වගේ මාවත් බය කරන්නද  යන්නේ ? ම්ම්ම්.

" අභී මම ඇත්තටමයි කියන්නේ.

" මහන්සියට ඔයාට එක එක විකාර පේනවද කොහෙද . එන්න පහලට යමු. අම්මලා බලන් ඇති.

" ඒත් ?

" ඒත් මේත් නෙවේ යමු.

" බෑනේ

දෙන්නත් එක්කම යන්න ගිය ගමන තේමිය මග නැවතිලා ආයෙමත් කාමරේට ගියේ බෙල්ල වැහෙන ඇදුමක් දාන් එන්න.

" shit ! මේ මගුලෙ අල්මාරියේ ඕන වෙලාවට ඇදුමක් නැති හැටි. Jacket දාන්න ඈ ගෙදර මිනිස්සු හිතයි පිස්සු කියලා . මේ shirt එක අදිනවා.

අතට අහුවුන කලු පාට ශර්ට් එක ඇදගෙන කාමරෙත් එලියට එද්දි අභිශේක් තාම මග රැකගෙන.

" දැන් යමු.

" උබටනම් පිස්සු බබා.

" පිස්සු කියන්නේ මේක හරියට රතිඤ්ඤා ගොඩක් මැදට ගිනිකූරක් ගහනවා වගේ වැඩක්. දන්නවනෙ අපේ අක්කගෙ හැටි. කාගෙන් බේරුනත් එයාගෙන්නම් විසුමක් නෑ.

" දන්නවා දන්නවා.

" ඇතියන්තම් cid  පෙම් යුවලට වඩින්න මතක් උනා. මම මේ බුලත් දීලා කැන්දන් එන්න හිටියෙ නැත්තම් එකා එකා මෙතන බඩගින්නේ මැරෙනවා .

" අනේ අයියේ ඔයා ගාව නිර්වින්දන බෙහෙතක්වත් නැද්ද අක්කගෙ කටට ගහන්න.

" පුහ් මගෙ කට වහන්න හිතුවා මදි පුතෝ. ඔය cid කාරයන්ටත් වඩා හොද උකුසු ඇස් දෙකකුයි කන් දෙකකුයි මට තියෙන්නේ.

" මම කිව්වයි කියලා හිතාගන්න.

කෑම මේසෙට ගියත් හරි තේමියට තවත් අභිශේක්ව එයාගෙ කරගන්නනම් බැරි උනා. මොකද දැන් අභිශේක් හිටියේ යොහාන් එක්ක පතරංග ජාතකයක් දිග ඇරගෙන. ඒකට තේමියගෙ තාත්තත් හවුල්. පලවෙනි ලෝක යුද්ධෙ ඉදන් දෙවනි ලෝක යුද්ධය දක්වා යන ඉතිහාස කතාව අතරේ අභිශේක්ට තමන්ව මග ඇරෙනවා කියලා හිතෙන වාරයක් ගානේ කටත් ඇද කරන් ඒ මග ඇරෙන්න යන අවධානෙ ගන්න හැදුවත් ,

" මොකෝ තමුසෙට ජෙලස් ද ?

" ඈ ?

" කවුද හිතුවෙ මස්සිනා අඩි දෙකතුනක්ම ඉස්සරහට පනී කියලා නේහ්.

නතාශා ඒ කියාගෙන බෙල්ල අත ගාද්දී තේමිය ඉක්මනට ශර්ට් එකේ කොලර් එක හදාගත්තත් දැන් දකින්න ඕන දේවල් නතාශා දැකලා ඉවරයි. ඒ ඇරත් දැන් එයා දන්නවා අඩි දෙක තුනක් ඉස්සරහට තිබීමේ කතාව ගැන සම්පූර්න විස්තරයක් අක්කට නොදී ගැලවෙන්න බැහැ.

" ඔල්මාදෙද ?

" ඔල්මාදෙ ගැන හිතාගන්න පුළුවන් පැයගනන් කාමරේට වෙලා...

කිස් කරනවා වගේ කටත් හදාගෙන නතාශා එතන තේමියට විතරක් පේන්නෙ රග පාලා වෙන්නුවේ මොනා උනත් ඒක සතර කන් මන්ත්‍රනයක්.

" පිස්සුද ඕයි. එයයි මායි යාලුවො විතරයි.

" two best friends in a room... they might kiss...

" මාව කාහන්.

" හා හා දැන් ගිහින් මිනිහත් එක්ක බූලාකදියගනින්.

" මොන බූලෙක් ...

නතාශා තෙමියට රහසින් කියලා නක්කලේ දාලා එතනින් ගියත් තේමිය පුපුර පුපුර හිටියේ එයාට නතාශට හානි නොවී පහර දෙන්න පුළුවන් ආයුධයක් එවෙලේ අතට අහු නොදවුන නිසා. තේමියත් ඒ එක්කම නැගිටලා කුස්සියට ගියේ එයා මෙච්චර වෙලා බලන් ඉදලත් තාම එයාගෙ මනුස්සයගෙ කතාව ඉවර නෑ. ඒ වගේම දැන් එයාට නතාශා එක්ක දෙයක් තනියම කතා කරන්න ඕනා.

" අක්කේ

" ඕඕඕ

" තුන් වෙනි කාන්ඩයේ ප්‍රශ්නයක්.

තේමියගෙයි නතාශගෙයි අතර තිබුනෙ කාන්ඩ වර්ග තුනක ප්‍රශ්න. ඒවා කාන්ඩ වෙලා තිබුනේ ප්‍රශ්නෙ බරපතල කමත් එක්ක.

" අප්පටසිරි ඒ මොකක්ද ? මස්සිනා කේස්ද ?

" මේක මං ගැන නෙවේ ඔයා ගැන.

" මං ගැන ?

" හ්ම්ම්. room එකට යමුකො.

" මට ඇත්ත කියන්න හොදේ. අපි දෙන්නා අතර රහස් නෑනේ.

" අහන්න ඉතින්.

" ඔයා ආදිත්‍යා අක්කට ආදරෙයිද ?

" මොකක් ? මල්ලි ඔයාට පිස්සුද එයා අයියගෙ wife.

" ඔයාලා කතා කෙරුව දේවල් මට ඇහුනා. මට බොරු කියන්න එපා. ඇයි ඔයා ඒක මගෙන් හැංගුවෙ.

" කිව්වා කියලත් මොනා කරන්නද ?

" ඇයි ඔයාට මෙච්චර කල් මාත් එක්ක කතාකෙරුව එකෙන් සහනයක් ලැබුනෙ නැද්ද ?

" මල්ලි ඒවයි මේකයි දෙකක්. මේවා ගෙදර අයටනම් දැනගන්න තියන්න එපා.

" මම මේවා ගෙදර අයට දැනගන්න තියන්නෑ කියලා ඔයා හොදටම දන්නවා.

ඔයා මේ නිසාද marry කරන්නෑ කියන්නේ.

" මම කොහොමද හිතහදාගෙන marrage එකකට කැමති වෙන්නේ මල්ලි. ඇත්ත මම එයාට ආදරෙයි. මගෙ හිත වෙන තැනක නතර වෙලා තියෙද්දී මම කොහොමද තව මනුස්සයෙක් එක්ක ඉන්නෙ. ඒක ඒ මනුස්සයටත් කරන අසාධාරනයක්.

නතාශා ඇස් වල කදුලු පුරවන් කතාකරද්දී තේමියට දැනුනේ පුදුමාකාර වේදනාවක්.

" අඩන්න එපා ඕයි. මටත් ඇඩෙනවා.

" අපෝ එහෙනම් තමුසෙගෙ daddy ට එන්න කියන්නම් කිරි ටිකක් දීලා නලවන්න.

" නලවයි මම කියන්නෑ. අර ඉන්නේ පහල කතානායක වගේ කියව කියව.

" තමුසෙට ජෙලස් නේ අභිශේක් වෙන අයට අවධානය දෙද්දි.

" මට ?

" නැත්තම් මට ඈ ? මට කියනවකො දැන් කවුද අර ආව කෙල්ල කියලා .

"  මම එයාට කැමති නැහැ.

" කැමති නැහැ කියන්නේ ? එයත් එක්ක සම්බන්ධයක් නැත්තම් දැන්මම ඒක කියලා ඒ කෙල්ලව නිදහස් කරනවා. පව් නෙ ඕයි කෙල්ලෙක්නෙ. බොරු බලාපොරොත්තු දෙන්න එපා.

" මම දන්නවා. මම ඉක්මනට මේක එයාට කියනවා. අම්මලා මොනා හිතනවද දන්නෑ . මම අභිශේක්ට කැමති කියලා

අම්මලා දැනගත්තොත් අවුල් යයිද ? මට එක අතකට බයයි වගේ.

" අපෝ මහලොකු cid කාරයා.

" එහෙම බයක් නෙවේ අම්මලගෙ හිත රිදුනොත්.

" ඔයා අම්මගෙයි තාත්තගෙයි හැටි දන්නවනෙ. එයාලා දෙන්නට අපේ සතුට වෙනුවෙන් ඕන දෙයක්. විශ්වාසෙන් ඉන්න බලාපොරොත්තු නැති කරගන්න එපා.

" ම්ම්ම්. අහ් මේ එයා අද මට පොඩි බඩුවක් දුන්නා.

" බඩුවක් කෝ කොහෙද ? මම දැක්කෙ නෑනේ. කොහෙන්ද එක්කන් ආවේ.

" ඒ බඩුවක් නෙවේ බං අක්කේ ඒක ලස්සන අලි පැටියෙක්.

" අනා අලි බබාව නලවන්න daddy සෙල්ලම් බඩුත් ගෙනල්ලා දුන්නද.

" daddy daddy ගාන්න එපා ඕයි. හෙලුවෙන් පාරෙ දුවනවා වගේ.

" හෙලුවෙන් දුවන කාලෙත් ඔච්චර ලැජ්ජාවක්නම් ඔයාට තිබ්බේ නෑ මල්ලි.

අර හුනුබිජ්ජත් එලියෙ දාගෙන.

" ආයෙ ප්..

තේමිය කියන්නෙ ගිය දේ අතරමග නතර උනේ ඒ එක්කම් ආව ඇමතුම නිසා.

" පිස්සුද ගෙදර ඉදන්ම මට call කරන්නේ.

තේමිය තමන්ගෙ දුරකතනය දිහා බලන් තමන්ටම මුමුන ගද්දී නතාශා පනින්න ආව හිනාවත් තද කරගෙන තේමිය දිහා බැලුවා.

" නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී වගේනේ. මං ඉන්න නිසා ලැජ්ජ ඇති ඇවිත් කතා කරන්න. දැන් කියයි බබා..... අපි දොයියගන්න යමුකෝ...... උයා දන්නවනෙ බබා.. මට උයා නැතුව දොයියන්න බෑනේ........

" ඉව්හ්.... හැටි විතරක්.

ඉන්නවකො බලන්න ඇයි මේ කියලා.

" hello  ඇයි මේ  ?

" .....

" අනේ මේ.

" .....

" මම අද අක්කගෙ room එකේ නිදාගන්නේ. ඔයා ඔය room එකේ තනියම ඉන්න.

" .....

" නෑ වෙන හොල්මන් නෑ අපි තමා ගෙදර ඉන්න හොල්මන්.

" ......

" ආ හරි බලාගමු.

".......

" ඉන්නවකො.

තේමිය රව රව ඇමතුම විසන්ධි කරලා අත් දෙක බැදගත්තේ අනිත් පැත්තෙන් නතාශාගෙ කුතුහලේ එයාලා අතර උන සංවාදය ගැන.

" මගෙන් මරුම් කන්න තමා ලෑස්ති වෙන්නේ

" මොකද මේ හැටට හැටේ රවන්නේ.

" මම අර මෝඩයට හොද වැඩක් කරලා එන්නම්. Good night.

" නෑ නෑ  එන්න එපා මස්සිනා එක්කම ඉන්න. Good night

කාමරෙන් යන්න ගිය තේමියට නතාශා ඒ කිව්වේ ඇහැකුත් ගහන ගමන්. තේමියත් නතාශට දිව දික් කරලා විනාඩියක් යන්න කලින් ආවෙ තමන්ගෙ කාමරේට. ඒ යද්දිත් හොද වැඩක් කරන්න ඕන පුද්ගලයා ඇද උඩ.

" ආ බබා ඔයා ආවද ? මම ටානියට කතා කරන්න හැදුවා විතරයි.

" ආ එහෙමත් එකක්ද ?

තේමිය කාමරේ දොර ලොක් කරලා ඇද උඩට ආවේ අභිශේක්ව තමන්ට යට කරගන්න ගමන්.

" මේක අහගන්නවා මාත් එක්ක සෙල්ලම් කරන්න හැදුවොත් ඔයාට ලේසි වෙන්නෑ. මගෙ උනානම් මගෙ වෙලා ඉන්නවා වෙන උන් ගැන නොහිත.

" කවදා ඉදන්ද ඔච්චර possessive වුනේ.

" මගෙ කියලා දැනුන දවසෙ ඉදන්. තමුසෙ මේ අල්ලගත්තෙ කොටි වලිගයක්. තමුසෙට දැන් මේක අත අරින්න බෑ. අතාරින්න දෙන්නෙත් නෑ. තමුසෙට මම මගෙ කියන ලේබල් එකගහලා ඉවරයි.

" ඔයා කොටියෙක් උනාට මම සිංහයෙක් බබා.

නක්කල් හිනාවක් ඈදගත්ත අභිශේක් තේමියගෙ තොල් එක්ක පැටලුනේ මොහොතකට පැතිරුන තේමියගෙ ආධිපත්‍යය තමන්ගෙ ආධිපත්‍යට යට කරගන්න ගමන්.

තප්පර ගානක් ඇතුලත, අර අහස උසට නැග්ග ආවේගය අභිශේක්ගෙ එක ක්‍රියාවකින් අඩපන වෙලා  ගියේ තේමියට එයාවම අමතක කරවලා. පන රැකගන්න හුස්ම අදිනවා වගේ තේමිය පිස්සුවෙන් වගේ හෙව්වේ ඒ තොල්වල පහස. ඒකෙන් තවත් තේමියගෙ අත් වලට නිදහසේ ඉන්න බැරි උනා. තේමියගෙ අත් ඒ ගිනිකන්දක් තරම් උනුසුම් ශරීරය පුරා නිදහසේ රටා මැව්වේ ඒ උනුසුමේම දියවෙවී. දැන් ඒ හිස් මනසට තමන් කරන දේවල් ගැනවත් අවබෝධයක් නැති තරම්.

අභිශේක්ම තේමියගෙ තොල් වලින් ඈත් වෙනවත් වගේ තේමිය ආයෙත් ඒ තොල් වල පැටලෙන්න හැදුවත් අභිශේක් ගෙන් එයාට ලැබුන තහංචියක්.

" හුස්ම හිරවෙයි.

කාවද එකපාරට වැහුනෙ

" ටානියගෙ ආච්චිව.

" තියන ඉරිසියාව.

" ඉරිසියයි තමා තමුසෙ දැනගන්න ඕනා මගෙ උනානම් මගෙ විතරක් වෙලා ඉන්නේ.

" උබේ ඔය ඉරිසියාවයි මුරන්ඩුකමයි එක්ක මට උබ ගැන පුදුම ආදරයක් ඇති වෙන්නේ.