Chapter 28: xxviii ♡

LOVE HATE 🖇️ (Sinhala Bl )Words: 24504

" කොහොමද මෙහෙම දෙයක් උනේ.

" මේ මොකක්ද මේ කරගෙන තියෙන්නේ.

මිහිරාන් ඔලුවටත් අත ගහගෙන කිව්වේ සිවිලිම් ෆෑන් එකේ එල්ලිලා තියන හේශිකාගෙ මලසිරුර දිහා බලාගෙන.

" මම පොලීසියට inform කරන්නම්.

" තේමිය වරෙන් එලියට mask එකක්වත් නැතුව මැරෙයි ඕක අස්සේ.

හේශිකාගෙ මිනිය දිහා ගල් වෙලා වගේ බලන් හිටිය තේමියට බැන බැන මිහිරාන් තේමියව එලියට බැල්කනියට ඇදගෙන ගියා. ඒ ආවත් වගේ තේමිය ඉක්මනින් කරේ ඇමතුමක් ගත්ත එක.

" අභී.. හේශිකා suicide කරගෙන.

" .....

" location එවන්නම්.

" .....

" නැහැ මිහිරාන් එක්ක.

" .....

" හරි ඉක්මන්ට එන්න. පරිස්සමෙන්.

තේමිය ඇමතුම විසන්ධි කරලා ආයෙත් හැරුනේ මිහිරාන් දිහාවට.

" මෙතන මොකක් හරි වැරැද්දක් තියෙනවා බං.

" මටත් ඒක හිතෙනවා. ඒත් පොලීසියට අහුවෙයි කියලා suicide කරගත්තා වෙන්න බැරිද ?

" එහෙනම් මොන එහෙකටද ඒ video එක මට එව්වේ. ඒකෙන් කොහොමත් පොලීසියට අහුවෙනවා කියලා දන්නවනෙ.

" ඔව් මේ

" ඇයි ?

" උබේ බෙල්ලට මොකද උනේ

තේමිය ඉක්මනට තමන්ගෙ බෙල්ල ආවරනය කරගත්තේ ඊටත් හපන් මිහිරාන්ගෙ පරික්ශාශීලී බැල්ම.

" මදුරුවෙක් කාලා.

" ඔව් ඔව් කෑව මදුරුවට උබත් එක්ක මාර ඇරියස් එකක් තිබිලා. පේන්නැතෑ කාලා නෙවේ උලාකාලා.

" මාව උලාකෑව මදුරුවෙක් නෑ බූරුවො.

" මම පොලීසියට inform කරා. පොලීසිය දැන් එයි. තේමිය ඔයාට අවුලක් නෑනේ.

" හ්ම්ම්.

" වරෙන් අපි ගේ ඇතුල search පාරක් දාලා බලමු. රවීගෙ phone එක track වෙන්නේ මේ ලග තමා.

ඒ තුන් දෙනා හේශිකාගේ මලසිරුර පහු කරගෙන ඒ කාමරෙන් ගේ ඇතුලට ආවත් වගේ විනාඩි දහයකට පස්සේ පොලීසිය වගේම අභිශේක් ඒ ගෙදරට ආවා.

" රෝන්දෙ ගහලා දැන්ද එන්න මතක් උනේ මහත්තයා.

එයාල ලගට ආව ගමන්ම මිහිරාන් නක්කලේට වගේ අභිශ්ක්ට කියද්දී තේමියත් මුකුත් නොකිය අභිශේක් දිහා බැලුවේ එයාවත් ඒ ගැන නොදන්න නිසා.

" ඔව් මගෙ අන්තප්පුරෙ බලන්න ගියා.

අභිශේක් තේමිය දිහා බලන් ඒ කිව්වත් තේමිය ඇහෙන්නෑ වගේ තේජාන් එක්ක ගෙදරින් එලියට ගියේ දැන් එතන ඊලගට වෙන වැඩ කටයුතු ගැන තේජාන් පොලීසිය එක්ක හිටියේ සාකච්චාවක.

" Post mortem එක එන්න වෙනවා අනිත් දේවල් ගැන බලන්න කලින්.

" phone එක.

" මේ බලන්න මේක පෙන්නන්නේ මීටර් තුනක් ඈතින්.

" ගේ ඇතුලේ නෙවේ එහෙනම් එලියෙ ඇත්තේ. සමහරවිට වලලලා.

" බලමු ගිහින්.

" බලපන් මේකෙ track වෙන්නේ මෙතන. Phone එක වලලලා ?

" හාරලා බලමු.

" අල්ලන්න එපා fingerprint එක වදී.

අඩියක් විතර හෑරුව වල ඇතුලේ රතු පාට රෙදි කෑල්ලකින් ඔතලා තිබුන phone එක දිහා බලාගෙනම තේමිය කිව්වේ,

" මේකෙ මොකක් හරි දෙයක් තියෙන්න ඕනා.

" මටත් හිතෙනවා.

.

.

.

.

.

.

.

" ඇයි මේ.

" මොනාද ?

" තරහද මාත් එක්ක.

" තරහා වෙලා වැඩක් තියන මිනිස්සුත් එක්ක ඕනනෙ තරහ වෙන්න .

" එතකොට දැන් මාව වැඩක් නැද්ද ? ම්ම්ම් ?

" කවුද දන්නේ.

" ඔයාම තමා ඒක දන්නේ.

" වෙන්න ඇති.

අභිශේක් තේමියගෙ අත අල්ලගත්තත් තේමිය කරේ ඒ අත ගසලා දාලා වාහනේ ජනේලෙන් එලිය බලාගත්ත එක.

" date එකකට යමු.

" මට බැහැ.

" එහෙනම් ?

" සැරෙන් සැරේ කොහෙද අතුරුදන් වෙන්නේ.

" port එකට drugs වගයක් ඇවිත් මම ඒකගැන බලන්න ගියේ. චමින්ද ගැන විස්තර හොයාගන්නත් එක්ක.

" චමින්ද පන පිටින්ද ?

" ඔයා හිතනවද මිනිහා පන පිටින් ඉදී කියලා.

" ඔව් ඒකනම් වෙන්න විදිහක් නෑ.

" ඇයි මෙතන නැවැත්තුවෙ.

" ice cream කන්න යමු.

" ඔයා පොඩි ලමයින්ට වගේ පගාව දීලා මාව යාලු කරගන්නද හදන්නේ.

" ඔව් මටනම් ඔයාව තාම පොඩි එකෙක්.

අභිශේක් වාහනෙන් බැහැලා ඇවිත් තේමියට දොර ඇරලා දුන්නම තේමිය හිනාව තද කරන් වාහනෙන් එලියට බැස්සේ එයට අභිශේක් එක්ක තරහා වෙල ඉන්න ඕන උනත් අභිශේක් කරන වැඩ නිසා තරහා වෙලා ඉන්න බැරි වෙද්දී.

" ඔයා ආස මොන flavors වලටද

" strawberry and chocolate

" vanila ?

" vanila වලට ආස නෑ.

" සිරාවට ? බබා ඒක මගෙ ආසම ice cream flavor එක.

" ඒ වුනාට මං ආස නෑ.

" මං ආස කරවලා ගන්නම්කො වාඩිවෙලා ඉන්න මම order එක දාලා එන්නම්.

තේමියට ඇනවුම කෙසේ වෙතත් අභිශේක් ඇනවුම් දෙන අතර තුර එතන කැශියර් එකේ හිටිය ගෑනුලමයා ඇබරි ඇබරි අභිශේක් දිහා බලන් හිටිය එකට සපත්තුව ගලවලා ගහන්න හිතුන එක වෙනම කතාවක්. ඒත් අභිශේකුත් ඒ ගෑනුලමයට අනිත් පැත්තට විහිලුවක් කරලා තේමිය ලගට එද්දී  තේමියට ලග තිබුන මල් පෝච්චියෙන් අභිශේක්ට ගහන්න තිබුන උවමනාව සීයට අනූවකටත් වඩා වැඩී.

" ඔයා මේ cafe එකට කැමතිද ? වැඩි විච්චූරන වලට ඔයා ආස නෑනේ මේකට කැමති වෙයි කියලා හිතුනා.

" ඇත්තද මම හිතුවේ ඔයා මෙහෙ ඉන්න කෙල්ලො බලන්න ආවා කියලා.

තේමිය ඉදගෙන හිටිය පුටුවට බරවෙලා අභිශේක් තේමියගෙ කනට කරලා මිමිනුවේ තමන්ගෙ මූන තේමියගෙ උරහිසේ තියාගන්න ගමන්.

" තාමත් එහෙම හිතෙනවද ?

" අ.අභී කවුරුහරි දකී"

" දැකපුදෙන්

" මෙහෙට කැමතිද ?

අභිශේක් තේමියගෙ මූනටබර වෙලා ඇහිබැම උස්සලා ඇහුවම තේමිය එවෙලේ ආව සබකෝලෙට අහක බලාගත්තා.

" එතකොට මේ මහත්තයා මම කැමති ඒවත් දන්නවා.

" මම දැනගන්න ඕනනෙ.

" හ්ම්ම් හ්ම්ම්. මම මෙතනට කැමතියි.

දැන් ගිහින් වාඩි වෙන්නෙ.

" මේ ඒක නෙවෙයි ඉස්සරහට මොනාද කරන්න ඉන්නේ.

" ඉස්සරහට කිව්වේ ?

Cafe එකේ waiter කෙනෙක් ඇවිත් මේසෙ උඩින් තිබ්බ ice cream දෙක දිහා බලාගෙන තේමිය කිව්වේ ,

" ඔයා ඉස්සරහට මොනාද කරන්න ඉන්නේ මම අහන්නේ job එක ගැන නෙවේ ඔයාගෙ personal life එක.

" ඉස්සරහට ඉතින්.. ඉක්මනට marry කරලා බබෙක් හදනවා.

අභිශේක් තේමියට තේමියගෙ ice cream එක ලං කරලා එයාගෙ ice cream එක තේමිය දිහා බලාගෙනම තොල ගාන ගමන් කියද්දී  තේමිය එයාට දුන්නේ ඇස් උඩින් බැල්මක් එක්ක කට කොනෙන් හිනාවක් .

" අහ් ඒක හොදයි. එතකොට මට වදේකුත් නෑනේ. marry කරන්න කෙනෙක් ඉන්නවද දැන් .

" නැතුව. මට ඉන්නවා ලස්සන හුරතල් පන්...ඩිත ගිනි බෝම්බයක්.

'' ආ එහෙමත් එකක්ද ? නම මොකක්ද දන්නෑ .

" තේමිය ආශිශ් ජයවීර.

" ආශිශ් කෑල්ල කොහොමද හොයාගත්තේ ?

" බබා මම ඒක දන්නෙ අද ඊයෙ නෙවේනෙ. ඒ දවස් වල ඔයාගෙ සම්පූර්ණ නම් දැනගත්ට පස්සේ ආයෙ ඉතින් මට හදට ගියාවගේ තමා. කොල කෑල්ලක් අහුවුනත් ඇති ලියවෙන්නේ ඒ නම.

" ඔය කියන්නේ training period එකේදිද ? මට කියන්න එපා දැන් ඒ දවස්වල හැම තැනම මගෙ නම ලිය ලිය ගිහින් තිබුන psycho ඩයල් එක ඔයා කියලා.

ඉතින් ඒ ප්‍රශ්නෙට උත්තරේ අභිශේක්ගෙ කපටි හිනාවෙන්ම ලැබෙද්දි තේමිය ඔලුවට අත ගහගත්තා.

" මේක try කරන්න.

අභිශේක් තමන්ගෙ පැත්තට දික් කෙරුව ice cream කට ඇයි බැයි මුකුත් නැතුව තේමිය රහ බැලුවම ,

" ඔය කෑවේ අපූරුවට

" අනේ යනවා යන්න

ඒත් මම බැලුවා මොකාද මගෙ නම මේ හැම තැනම ලිය ලිය යන්නෙ කියලා. ඒකත් තේමිය කියලා විතරක් ඈ තේමිය ආශිශ් ජයවීර කියලම.

" sorry බබා. වරදක් කලත් සිතකින් නොවේ.

" සිතකින් නෙවේනම් බඩෙන් වෙන්න ඇති.

" ඒකනෙ ඒකනෙ.

" ඔව් ඒක ගිලිලා කියලා පේනවා. එතකොට ඔයාගෙ සම්පූර්ණ නම ?

" ඒකනම් කවුරුවත් දන්නෑ

" ඒ වුනාට මම දන්නවා.

" seriously ? ඔයා කොහොමද ඒක දන්නේ ?

" නිර්වාන් සශ්මිර

තේමිය ඒ නම මුමුනන ගමන් අභිශේක් ට යොමු කෙරුව බැල්ම , ඒ බැල්ම තේමියගෙ ඇස් වල ඉපදිලාම තිබුනේ අභිශේක්ගෙ හැගීම් අවුස්සන්නමද කියාලා අභිශේක්ට සැකයි. ඇස් අගින් වැටෙන බැල්ම , ලැජ්ජාවෙන් හපාගන්න තොල් , අභිශේක් ඒ දිහා බලන් හිටියේ ඇස් පිල්ලමක්වත් නොගහා.

තමන්ගෙ සගවාගත්ත අනන්‍යතාව . මොනදේ උනත් මනුස්සයෙක් ආදරේ කරන්නේ තමන්ගෙ ඇත්තම නමට. දැන් ඒ නම තමන් මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන කෙනාගෙ කටින් කියවෙද්දී, ඒ ඇරත් එයා එයාට එයාගෙ සම්පූර්න නම ඇහෙන්නේ සෑහෙන කාලෙකින්.

" ම්ම්ම්.

" ඒ නම ලස්සනයි.

තේමිය අභිශේක් ගෙ අතක් එක්ක තමන්ගෙ අත් පටල ගන්න ගමන් ඒ කිව්වත් ඒ පාර්ශවය තාමත් ඇස් පිල්ලමක්වත් නොගලා තේමිය දිහා බලාගෙන වෙනම ලෝකෙක.ඉතින් ඒ බැල්මෙන් කරේ තේමියගෙ මූනේ ලැජ්ජාවත් මුසු උන හිනාවක් ඇන්දුව එක.

" අභී....

ඔයා ආයෙ මං දිහා බලන් ඉන්නවා.

" මට හරි ලෝබයි තේමිය.

" ලෝබයි ?

" ම්ම්ම්. ඔයා ගොඩක් ලස්සනයි . මට ඔයාව මගෙ ඇස් දෙකට විතරක් පේන්න තියාගන්න පුලුවන්නම්.

" එහෙම කියද්දි ලග ඉන්නත් බයයි වගේ නිකම් කවුද දන්නේ kidnap කරන් ගියොත්.

" ඔයා බය වෙන්න ඒත් මගෙ ලග ඉන්න බය වෙන්න එපා.

" හ්ම්ම් මම බය නෑ.

ඒත්

" ඒත් ?

" මු..මුකුත් නැහැ.

" මොකක්ද කියන්න ගියේ ?

" මුකුත් නැහැ මට දැන් ඒක කියලා ඔයාගෙ mood එක අවුල් කරන්න ඕනෙ නැහැ.

" මං දන්නවා මොකක්ද කියලා.

" මොකක්ද ?

" මම ඔයාගෙන් හංගන්න හදන දේනේ.

" හ්ම්ම් . දැන් ඒක ඇති.

ආ මේ චනුලි කතා කරානේ.

" ඉතින් ?

" එයා අහනවා හවස meet වෙමුද කියලා ඔයාවත් එක්කන් එන්නලු. අර අනිත් හෝන්තුවට ජෝඩු කරන්න වෙන්න ඇති.

ඔයාගෙන් ඇහුවොත් කියන්න ඔයාට girl friend කෙනෙක් ඉන්නවා කියන්න හරිද.

" ඒත් බබා මට girl friend කෙනෙක්නම් නැහැ boyfriend කෙනෙක්නෙ ඉන්නේ. මම කියන්නම් මම ඔයාගෙ husband කියලා.

" husband ? හොදට තියෙයි.

" දැන් කොහෙද meet වෙමු කියන්නේ.

" *** cafe එකේ.

" beach එක ලග තියෙන ?

" ඔව්.

" ඔයා කවද්ද ශනුලිගෙන් breakup වෙන්නේ ?

" ඉක්මනටම. අක්කත් කිව්වා ඉක්මනට එයාට ඒ ගැන කියන්න කියලා .

ඔය කියනකොටම ගන්නේ.

තේමිය තමන්ගෙ නාද වෙන දුරකථයන දිහා බලාගෙන කියන ගමන් ඒ ඇමතුමට ප්‍රතිචාර දැක්වුවා.

" hello චනුලි.

"...

" ok

" ....

" හ්ම්ම්.

" ....

" මාත් එක්ක.

" ...

" ඒ මොකටද ?

" ....

" හේතුව ?

" .....

" මම කපුකම් කරන්නෑ.

" .....

" හා.

" ....

" මම තියනවා. Bye

ඇමතුම විසන්ධි කෙරුව තේමිය තමන්ගෙ දුරකථනය මේසෙ උඩට විසිකරේ හංගගත්ත තරහකින්.

" ඇයි මේ ?

" ඔයාගෙ number එක ඉල්ලනවා.

" මගෙ කොච්චි කරල රතු වෙලා.

" මේක දැන් ඕනවට වඩා වැඩි. මොන මගුලක්ද .

" බබා තරහා ගිහින් ප්‍රශ්න විසදන්න බැහැ. ඔයා ඔයාගෙ emotions පාලනය කරගත්තෙ නැත්තම් විශේශයෙන් මම කියන්නේ කේන්තිය පාලනේ කරගත්තෙ නැත්තම් ඒක ඔයාගෙ weakness එකක් විදිහට පාවිච්චි කරලා අනිත් අය ඔයාව manipulate කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා හැමදේටම කලින් මනස නිරවුල්ව තියාගන්න. එහෙම නැති උනොත් ඔයාට සමහර පේන දේවලුත් නොපෙනෙන්න ඉඩ තියෙනවා.

" හ්ම්ම්

ඇහෙන වචන වලට බධා නොකර තේමිය ඒවා වලට සාවදානව ඇහුම් කන් දුන්නේ ඒ වචන වල වැරැද්දක් නොදැක්ක එක වගේම තමන්ට තමන්ගෙ කේන්තිය පාලනය කරගන්න බැරි නිසා එයා දන්න නිසා.

" හිනාවෙලා ඉන්න. මම ආස නෑ ඔයා ඔහොම බුම්මන් ඉන්නවට. මිහිරාන් කියන්නේ ඇත්ත දැන් දැක්කොත් නම් මහසෝනත් බය වෙනවා.

" අනේ මේ. මිහිරාන් තමා. මගෙන් අහනවා මොකාද උලා කෑවෙ කියලා.

" ඌ ඒක දැකලද ?

" ඔව්ව් !!

" කමක් නෑ එතකොට අනිත් අය දැනගනීනෙ ඔයා මගෙ කියලා .

අභිශේක් එයාගෙ පුපුරන්න ගිය බෝම්බෙත් නිශ්ක්‍රීය කරගෙන හවස චනුලිවයි ශාලිකාවයි හම්බෙන්න ආවේ තේමියටත් එන්න කලින් උපදෙස් මාලාවක්ම දීලා.

" බබා ඔයාලා වෙලවටම ඇවිත්.

" හ්ම්ම්.

" ඔය ඉතින් බස්සා වගේ හ්ම්ම් හ්ම්ම් තමා.

" මම washroom එකට ගිහින් එන්නම්.

" අහ් මටත් යන්න ඕනා.

ඉතින් ඒ ඇහුනත් වගේ අභිශේක් ගැන දන්න තේමියට නිකම්ම හිනාවක් ආවා.

මුලින්ම තේමියට යන්න ඕන උනත් අභිශේකුත් වොශෲම් යන මාර්ගෙන් තේමියගෙ පස්සෙන් ගියේ යටි හිතේ වෙන අරමුනක් එක්ක.

ඉතින් වොශෲම් එක ඇතුලට යන තප්පරේ විතරයි තේමියට අභිශේක් අතර හිරවෙන්න ගියේ. හුස්මක් ගන්නත් කලින් එ පමාවට දෙන්නට දෙන්නා තොල් පටල ගද්දී ඒ දෙන්නට දැන් මේ ඉන්න තැනත් අමතකයි. ඒ ඇරත් අභිශේක්ගෙ අසංවර ස්පර්ශයන් තෙමියගෙ ඇග පුරාම යද්දී තේමිය අභිශේක්ගෙන් ඈත් වෙලා එයාව ඇදගෙන ගියේ වොශෲම් එකක් ඇතුලට.

" දෙන්නා මුල් ඇද්දද washroom එකේ.

" ඔව් ඇදපු මුල් ගලවගන්න වෙලා ගියා.

තේමිය අභිශේක් දිහා බැලුවේ අභිශේක්ගෙ කන් මේ වෙද්දි හොදටම රතුවෙලා. ඒ බෙල්ල පුරා ඇදුනු නහර තාමත් හොදට කැපිලා පේනවා.

අභිශේක්ගෙ අතට පාරක් ගහන් ඇවිත් වාඩි උනත් තේමියගෙ ඔලුවේ ඉවරයක් නැතුව දර්ශනය වුනේ මීට ටිකකට කලින් එයාලා අතර උන දේ. ඒ හීන් කෙදිරිලි තාමත් තේමියගෙ කන් පුරා දෝංකාර දෙද්දී තේමිය අභිශේක් දිහා බලාහෙන යටි තොල හපාගත්තා.

.

" මේ lemonade එකට ඇසිඩ් වැටිලා වගේ.

" කවුද දන්නේ ඒක lemonade එකේ අවුලක්ද නැත්තම් ඔයාගේ

අභිශේක් උගුර පාදලා එයාගෙ අතේ තිබුන mojito එක මූන ඇබුල් කරන් ඉන්න තේමියට දුන්නේ තේමිය ආයෙත් ලැජ්ජාවෙන් රතු වෙලා යද්දී.

" මේක try කරන්න.

" ඒක රහයි.

" එහෙනම් මේක ගන්න.

" එපා ඔයා පව් නේ.

" තේමිය අපි දෙන්නත් juice දෙක share කරගමුකො.

තේමිය වචනයක් නොකිය චනුලි දිහා බලන් හිටියේ තේමියගෙ මූනෙ තිබුන අකමැත්ත වනුලිට පැහැදිලිවම පේනවා.

" ඔ..ඔයා අකමැතිනම් ඕනෙ නැහැ.

මුලින් එපා කිව්වත් අන්තිමට අභිශේක්ගෙ mojito එකේ භාගෙකටත් වඩා වගකිව්වේ තේමිය වෙද්දී අර ඇසිඩ් වැටුනා කිව්ව lemonade එක උරුම උනේ අභිශේක්ට.