Chapter 31: xxxi ♡

LOVE HATE 🖇️ (Sinhala Bl )Words: 20949

" ඇති අනේ... මට නැගිටින්න දෙන්නකො.

" බැහැ මට මදි

උදේ ඇස් ඇරෙන පමාවෙ ඉදන් ඉවරයක් නැති හාදු වැස්සකට තෙමි තෙමි හිටිය තේමිය හාදු දෙන කෙනාගෙන් ඈත් වෙන්න හැදුවත් ඒ අත් වලින් ගැලවීමක් ගැන හිතන්නවත් තේමියට බැරි උනා.

" ඔයා ඉඹලම මාව ගෙවෙනවා නිර්වාන්

" ගෙවුනත් මොකෝ මගෙනෙ. ගෙවෙන්න ගෙවෙන්න තව පුරවන්නත් මම දන්නවා

ඔයා දැන් ගෙවිලනම් තව round එකක් යමු මම ඔයාව පුරවන්නම් .

තේමියගෙ කොන්ද අතගාන ගමන් අභිශේක්ගෙන් යෝජනා උන අලුත් යෝජනාවට තේමිය අභිශේක්ගෙ පපුවට ගහලා කට ඇද කරගත්තා.

" මෝඩයා !! මගෙ කොන්ද කඩලා තව round එකක් යන්න කතාව.

" බබා ඔයා අඩ අඩ එහෙම ඉල්ලද්දි .

" කට කට කට ! මට අහන්න ඕන්නෑ.

තේමිය කන් දෙකත් වහගෙන අභිශේක්ගෙ පපුවේ මූන හංගගත්තේ පුපුරන්න තරම් ලැජ්ජාවෙන්.

" කෝ ඉතින් මගෙ පූස් පැටියට ලැජ්ජ හිතිලනෙ.

අභිශේක් තේමියගෙ උරහිසට හාද්දක් දීලා තේමියව එයාගෙ ඇග උඩට අරන් තේමියගෙ කොන්ද අත් දෙකෙන්ම මසාජ් කරන්න ගත්තම සමනය වෙන වේදනාවට තේමිය ඇස් දෙක පියාගත්තා.

" නිර්වාන්..

" ම්ම්ම්

" මට ඔයාව මගෙ කියලා කියන්න බැරි දවසකටත් මම ඔයාට ආදරේ කරොත් ඔයා මගෙ ආදරේ එපා කියනවද ? "

" දිගටම ඒ ගැන හිත හිත ඉන්න මොකද ඔයා හිතනවා වගෙ දවසක් එන්නෙ නෑ.

" ඔයා..ඔයා මාත් එක්ක අනාගතයක් දකිනවද ?

" නැහැ

" නැහැ ?

" හ්ම්ම්

ඔයා නැති අනාගතයක් මට නෑ. එන්නකො අපි දැන් wash එකක් දාගන්න යමු. මම breakfast හදන්නම්. ඇදෙන් නැගිටින්න එපා ඔහොම ඉන්න.

අභිශේක් ඇදෙන් බැහැලා තේමිය ඉන්න පැත්තට ඇවිත් තේමියව එයාගෙ අත් උඩට ගත්තම තේමිය වේගෙන් ඇස් පිල්ලම් ගගහා අභිශේක් දිහා බලන් හිටියා.

" නිර්වාන්...

" දැන් යමු

බාතෘම් එකට යන ගමන්ම තේමිය අභිශේක්ගෙ කම්මුලකට හාදුවත් දීලා ආයෙත් මූන හංගගත්තා.

" මගෙ පිස්සු කෝලම

.

.

" කෝ ආ කියන්න

තේමිය අභිශේක්ගෙ අතේ තිබුන් දුන් දාන නූඩ්ල්ස් එක දිහා බලාගෙන කට උල් කරගත්තා.

" උනුයිනේ

" මේ කට උනු නෑ මේ නිවිලා තියෙන්නේ. කෝ එන්න.

අභිශේක් තේමියට රටේ නැති කතා කිය කිය පොඩි ලමයෙක්ව වගේ නූඩ්ල්ස් එක කැව්වේ තේමියත් කුස්සියේ පැන්ට්‍රියේ ඉදගෙන කකුල් දෙකත් වන වන අහන් හිටියා.

" බබා ඔයත් කන්න නැත්තම් ඔහොම ඉදලා ඔයා හාමත් වෙයි.

" මමනම් ඊයෙ රෑ ඉදන් කෑවේ හැබැයි තාම කාලා ඉවර කරගන්න බැරි උනා.

" අනේ මේ

මාව බිමින් තියන්න අනේ ඔයා දවසම මාව වඩාගෙන ඉන්නද කල්පනාව.

තේමියව සෝෆා එකෙන් අත ඇරලා හුස්මක්වත් ගන්න නොදී අභිශේක් තේමියව පෙරලගෙන ඉඹින්න ගත්තම තේමිය ගෙදර දෙවනත් වෙන්න කෑ ගැහුවා.

" නි..නිර්වාන්. එපා අනේ කිචී....

" අහ් කිචිද ඕවා යවන්න ඕනා එහෙනම්..

" අනේ.... මම ඔයාට ගහනවා හරිද !! එපා අනේ.....

අභිශේක් හිනාවෙලාම රතුවෙලා ඉන්න තේමිය දිහා ඇහි පිල්ලමක්වත් නොගහා බලන් ඉද්දී ඒ බැල්ම එක්ක දැනුන ලැජ්ජාවට තමන්ගෙ යටි බඩ පුරාම දැනෙන කිතිය නිසා තේමිය අත් දෙකෙන් මූන හංගගත්තා.

" මාව පිස්සු වට්ටලා දැන් හැංගෙනවද ම්ම්ම්..

" ඔහොම බලන් ඉන්න එපා අනේ මගෙ හුස්මත් හිරවෙනවා.

" ආ.. කෘතිම ශ්වසන දුන්නම හරියනවා.

බලෙන්ම තේමියගෙ මූනෙන් ඒ අත් අයින් කරලා සිපගෙනම රතු උන තොල් වලට අයෙමත් බර උනා.

" මේක හොදයි..

" අනේ ඒක එපා... ඒකෙ හොල්මන් නෑ..

" මේක හොද නැද්ද ?

" ම්ම්ම් නෑ ඒකත් එපා .... අපි මේ horror movie එක බලමු.

" අනේ බබා....

පැයක විතර ඉදන් අභිශේක් තේමිය දෙන්නම බලන්න ඕන movie එකකට රන්ඩු කරගත්තේ නාලිකා දෙකක යන කාර්ටූන් දෙකක් බලන්න රන්ඩුවෙන් පොඩිලමයි දෙන්නෙක් වගෙ.

" බබා ඔයාට මෙච්චර ලස්සන boyfriend කෙනෙක් ඉද්දි හොල්මන් බලන්නද ඕනා.

" ඇයි හොද නැද්ද මම හොල්මනට බය වෙලා හරි ඔහේව බදාගන්න එක.

අභිශේක් තේමියට හිනාවක් දීලා tv screen එකේ තිබුන movie එක පෙන්නුවා.

" මේ movie එක හොදයි.

" ඒකෙ හොල්මන් ඉන්නවද ?

" හොල්මන් නෑ බං ඒක romantic movie එකක්.

අභිශේක් තේමියගෙ නහය ලාවට මිරිකලා කිව්වම තේමිය කට ඇද කරගත්තා.

" අනේ.... ඒක straight movie එකක් නෙ.

අපි එහෙනම් action එකක් බලමු.

" හරි එහෙනම්.

" මොකෝ මේකෙ ඉන්න actress ට ඔහේ හොරෙන් ලව් ද

" පිස්සුද බබා ඔයා එක්ක බලද්දි නිලියො කැලේ.

" ආ බලමුකො කට ඇරගෙන බලන් හිටියොත් ඔබනවා මෝල්ගහක්.

හහ් !

" ඇයි ?

" චනුලි call කරනවා. මම answer නොකර ඉන්නම්.

" හ්ම්ම්. තේමිය.

" කියන්න.

" මට අද හවසට පොඩි ගමනක් යන්න තියෙනවා. මම හවසට ඔයාව ගෙදර ගිහින් ඇරලවන්නම්. ඔයා කොහෙවත් යන්නෙ නැතුව ගෙදරට වෙලා ඉන්න.

තේමිය ටික වෙලාවක් අභිශේක් දිහා බලන් ඉදලා හූමිටි තියලා ආයෙත් අභිශේක්ගෙ පපුවෙන් ඔලුව තියාගෙන tv එකේ යන movie එක දිහා බලාගෙන හිටියා. ඒත් අනිත් පාර්ශවයෙන් වෙන අතවරයන් එක්ක තේමියට සැනසීමේ ඒක බලන්න බැරි උන එකේ වාඩුව තේමිය පිරිමැහුවේ අභිශේක්ගෙ අතේ තැනින් තැන හපාකාලා.

" බලපිය බල්ලෙක් වගේ මාව කාලා..

" මට පාඩුවේ movie එක බලන්න දුන්නනම් තමුසෙට ඔහොම වෙන්නෑනේ මහත්තයෝ..

" මදෑ ලව් කරන්න එකෙක් හොයාගත්තා දැන් යමන්කො ජලභීතිකාවට බෙහෙත් විදින්නත්..

" මෝඩයා !!

" බල්ලා අපිව කෑවට අපි බල්ලව කන්නෑ කිව්වට මමනම් එහෙම නොකර ඉන්නෑ බබා..

" මො..මොකක්ද කරන්න යන්නේ..

අභිශේක් සීතල වෙලා යන හිනාවක් දාගෙන තේමියගෙ ඇදුම යටින් තමන්ගෙ අත් යවන පරක්කුවට තේමිය සෝෆා එකෙන් පැනලා මේසෙ උඩ තිබුන වාස් එක තමන්ගෙ ආත්මාරක්ශාවට අතට ගත්තා.

" අහ් ඔයාට සෙල්ලම් කරන්නනෙ ඕනා බබා අපි සෙල්ලම් කරමු එහෙනම්.

" ලගට එන්න එපා ගහනවා මේ vas එකෙන්....

අභිශේක් අත්වල හිරිකඩලා කටකොනට ගත්ත හිනාවත් එක්ක අඩියෙන් අඩිය තේමියට ලං වෙන්න ගද්දී තේමිය අතේ තිබුන වාස් එකත් අරගෙන ගේ පුරාම දුවන්න ගත්තා. ඒත් ඒ බේරුමට ආයුෂ තිබුනේ විනාඩි ගානකට වෙද්දී තේමියව අල්ලලා කරට ගත්ත අභිශේක් තේමියව කාමරේට අරන් ගිහින් ඇද උඩට තල්ලු කරලා දොර අගුලු දැම්මා.

හවස තේමිය ගෙදර ආවත් දැන් ගෙදර තිබුන පිරුන ගතිය අඩු වෙලා මොකද යොහාන් ආධිත්‍යායි බබයි එක්ක ආයෙමත් ඕස්ට්‍රේලියාවට ගිහින්. අසේලත් වැඩ වලට එලියට ගිහින් හිටිය නිසා ගෙදර හිටියේ නර්මදයි නතාශායි විතරයි. තමන්ගෙ කාමරේට යන්න අඩියක් තියනවත් වගේ නතාශා ඇවිත් තේමියව අල්ලගත්තේ

" ඊයෙ කොහෙද හිටියේ..

" අරයා එක්ක..

" අර කෙල්ලෙත් එක්ක breakup උනාද ?

" නැහැ තාම..

" කරන දෙයක් ඉක්මනට කරන්න මල්ලි.. ආ ඒක නෙවෙයි... දෙන්නත් එක්ක හොද අඩව්වක් අල්ලලා වගේ....

" ඇයි ?

" පහලට එද්දි ඔය බෙල්ලට concealer ටිකක්වත් ගාගෙන එනවා. අම්මා දැක්කොත් එහෙම ඒ මනුස්සයට පපුවෙ අමාරුව හැදෙයි.

උදේ ඉදන් දිගින් දිගටම චනුලිගෙන් එන ඇමතුම් නිසා තේමිය අන්තිමට ඒ ඇමතුමට පිලිතුරු දුන්නා. ඒකෙන් තේමියට උනේ හෙට චනුලි හම්බවෙන්න එන්න කිව්ව තැනට ගිහින් චනුලිට උත්තර බදින්න.

.

.

.

" තේමිය මොකක්ද මේකෙ තේරුම

" මොකක්ද ?

" මොකක්ද අහන්නේ එදා රෑ අභිශේක් ඔයාව car එක ඇතුලෙදි kiss කරා !! එයා ඔයාව kiss කරා තේමිය ! මම මගෙ ඇස් දෙකෙන්ම දැක්කා !!. ඔයා හොද සිහියෙන් නෙවේද ඉන්නේ !?

චනුලිගෙ මූනේ කලබලකාරී ගතිය උපරිමෙන් තිබ්බත් තේමියගෙ මූනේ ඒ වගේ හැගීමක්ගෑවිලාවත් නොතිබුන එකෙන් චනුලි තවත් පුදුම උනා.

" චනුලි බොරුවටකෑ ගහන්න එපා මෙතන තව මිනිස්සු ඉන්නවා

" බොරුවට කෑ ගහන්න එපා !? මොකක්ද් මෙකෙ තේරුම ? මම මේ බොරුවට කෑ ගහනවද ආ ? මට උත්තර දෙන්න තේමිය ! කටවහන් ඉන්නැතුව මට උත්තර දෙන්න !? අභිශේක් gay ද ? එයා ඔයාට කැමතිද ? ඒ නිසාද එයා හැමතිස්සෙම අපි අතරට එන්නේ ?

" චනුලි......

let's breakup

" මොකක් ?

" let's breakup

මම වෙන කෙනෙක්ට ආදරෙයි

" ඔයා.. ඔයා මොනවද මේ කියවන්නෙ ඔයා කාටද ආදරේ ?

" අභිශේක්ට

" මොකක් ? මොන විකාරයක්ද ඔයා මේ නටන්න හදන්නේ ඔයා මේ අභිශේක් එක්ක එකතු වෙලා. shit ! තේමිය අභිශේක් කියන්නේ කොල්ලෙක් ? ඔයාට අප්පිරියා හිතෙන්නැද්ද ? ඔයාට ඉක්මනට psychiatrist කෙනෙක් හම්බවෙන්න වෙයි. මම දන්නෑ අභිශේක් ඔයාගෙ ඔලුවට මොනවගේ කුනුගොඩවල් දාලද කියලා.

" අප්පිරියනම් ඉතින් යනවා.... මටත් ඕනා ඒක තමා.

" තේමිය මේක නිකම් attraction එකක් විතරක් වෙන්න ඇති ඔයාගෙ ඔලුව හොද නැති වේගෙන එනවද ?

" ඔව් attraction එකක් .

" ඒකනෙ . අභිශේක් නිසා ඇයි අපි breakup වෙන්නේ. අනිත් එක..

" මට ඔයා ගැන තිබුනේ නිකම් attraction එකක්.

" මොකක් !?

" මම ආදරේ කරන්නේ අභිශේක්ට.

" තමුසෙ මේ කොහෙවත් යන මිනිහෙක් නිසා මාව අත අරිනවද ?!

" කැමති දෙයක් හිතාගන්න.

" හහ් කැමති දෙයක් හිතාගන්න !? අර මිනිහත් එක්ක නටන්න තියන විගඩම් ඔක්කොම නටලා දැන් කැමති දෙයක් හිතාගන්න ගාන්න එනවද !? මම මේක ලේසියෙන් අත අරින්නෑ තේමිය !

" පුලුවන් දෙයක් කරන්න. ඔයත් එක්ක හිටියා කියලා මට ඔයා ගැන කිසිම feeling එකක් ඇති වෙන්නෑ. I'm really sorry for wasting your time.

" තමුන් මගෙ feelings එක්ක සෙල්ලම් කරලා දැන් sorry කියලා හරියනවද තේමිය !!??

" නැත්තම් මම මොකක්ද කරන්න ඕනා

ඔයා මොන දේවල් කිව්වත් මගෙ තීරනේ වෙනස් වෙන්නෙවත් අභිශේක් වෙනුවෙන් මට ඇති වෙන හැගීම ඔයා වෙනුවෙන් ඇති වෙන්නෙවත් නෑ. ඒ නිසා හොදම දේ අපි breakup වෙන එක. ඔයා ඔයාට ආදරේ කරන කෙනෙක් හොයාගන්න.

චනුලි කේන්තියෙන් තේමිය දිහා බලාගෙන රවද්දී තේමිය තව මුකුත් නොකිය cafe එකෙන් එලියට ආවා.

.

.

" නිර්වාන්

" ම්ම්ම්

" එදා ඔයා car එක ඇතුලෙදි මාව kiss කරනවා චනුලි දැකලා .

තේමියව පිටිපස්සෙන් බදාගෙන හිටිය අභිශේක් තේමියව තමන්ගෙ පැත්තට හරවගෙන නලල රැලි කරගත්තා.

" මොකද උනේ ?

" අපි breakup උනා.

තේමිය මුකුත් නොවුන ගානට උරහිස් අකුලන ගමන් ඒ කියලා ආයෙත් අභිශේක්ට තුරුල් උනා.

" ඔයා මේ දවස් ටිකට හරියට වෙනස් වෙල තේමිය

තේමිය එයාගෙ ඇස් වලට උනන්න හදන කදුලු නවත්තගෙන වෙනදා වගෙම මූනෙ ඇදගත්ත හිනාවක් එක්ක අභිශේක් දිහා බලලා එයාගෙ කම්මුල් අතගෑවා.

" ඔයාට එහෙම දැනුනද ?

අභිශේක්ගෙ අනන්තයක් නැති ඇස් වල බැල්ම මාරුවෙන් මාරුවට තේමියගෙ ඇස් වලට වැටෙන්න ගත්තම තේමිය කරෙ ආයෙමත් අභිශේක්ගෙ පපුවේ මූන හංගගන්න හැදුව එක ඒත් අභිශේක් ඒකට ඉඩ නොදී තේමියගෙ කම්මුල් වලින් අල්ලගත්තා.

" මොනවහරි හංගනවද ?

" මොනා හංගන්නද

මෝඩයා ....

තේමිය අභිශේක්ව තල්ලු කරලා දුවන්න හැදුවත් අභිශේක් තේමියව ඇදේ පෙරලන් ඉඹින්න ගත්තේ පැනලා යන්න හැදුවත් තේමියට ඒ අත් වලින් ගැලවුමක නාමයක්වත් ලැබුනෙ නෑ.

" එපාහ් අනේ.... නිර්වාන් ....

" ඇයි එපා

" call එකක් !

" පස්සේ answer කරන්න.

" බෑ මිහිරාන්ගෙන්

" යකෝ මමවත් දවසට ඔච්චර call කරන්නෑ කොයිවෙලේ බැලුවත් මිහිරාන් මිහිරාන්.

" පිස්සු නොකිය ඉන්න අනේ.

තේමිය අභිශේක්ව ඇදේ එහා පැත්තට තල්ලුකරලා එලියෙ බැල්කනියට ගිහින් ඒ ඇමතුමට ප්‍රතිචාර දුන්නා.

" නිර්වාන් !

" මොකක්ද වෙලා තියෙන්නේ..

" රංජිත්ව ඊයෙ රෑ කවුරුහරි මරලා දාලා.