Chapter 32: xxxii ♡

LOVE HATE 🖇️ (Sinhala Bl )Words: 25016

_සති දෙකකට පසු_

" මම signal එක දුන්න ගමන් ඇතුලට එන්න. එතකම් එන්න එපා.

තේමිය කලුවරේ හැංගිලා දුරකතනෙන් රහසින් වගේ තමන්ගෙ කන්නාඩයමට පනිවිඩය දුන්නේ ඒ ලගින්ම ඇහෙන කටහඩවල් වලට ඇහුම් කන් දෙන ගමන්.

" කවුද ඔයගොල්ලෝ. කොහොමද මගෙ ගෙදරට ආවේ...

" කෑගහන්න එපා..

" ඔයා ! ඒත් ඇයි මේ කවුද මේ

" ක්ෂිතිජ !

" කවුද මේ... ඔයාලා මට මොකක්ද කරන්න හදන්නේ.. කවුද මේ අනේ ඇයි මේ !!

" අයියේ ! එපා .ඉන්න.

" ක්ෂිතිජ .

ඔයා මට ආදරෙයිද ?

" ඔයා මේ මොනාද අහන්නේ මම ඔයාට ගොඩක් ආදරෙයි.

" හ්ම්ම් එහෙනම්.. එහෙනම් මං වෙනුවෙන් දෙයක් කරන්න.

" මොකක්ද ? මොකක්ද මං ඔයා වෙනුවෙන් කරන්න ඕනා.

" මැරෙන්න.

" හහ් ! මොකක් ! ඒත් ඇයි ?

" ඔයා දැන් මගෙ හැම ඇත්තක්ම දන්නවා ඉතින් මෙතනින් ඔයාට ජීවත් වෙන අයිතිය නෑ.

" ඒක තීරනේ කරන්නේ තමුන්ද ?

තේමිය අතක තද කරගත්ත තුවක්කුවත් එක්ක ඒ කියන් එලියට එද්දී අදාල පාර්ශවේගෙ ගැස්සෙන අත් වලින් තමන්ගෙ අතේ තිබුන තුවක්කුව බිමට වැටුනා. කලුවර කාමරේ අවටින් දැල් වෙන විදුලි එලි වලට තද නිල් පාටය හුරු අදුරු එලියක් ඒ කලුවර කාමරේ පුරාම පැතිරිලා තිබුනා. ඉතින් කාටවත් කාගෙවත් මූනක් හරියට පේන්නේ නෑ . අඩ අදුරේ පේන හෙවනැලි වගේ රූප හෙලි උනේ තේමිය අතින් දැල් උන කාමරේ විදුලි පහන නිසා. අදුර නැසෙන පමාවට තේමියගෙ ඇස් යාවුනේ රතු උන ඇස්, බයෙන් පෙගුන ඒ රූපය වචනාර්තයෙන් තමන්ගෙ ආදරවන්තයා උන කෙනාගෙ වරද කාරී බැල්ම.

" තේ..මිය.. ඔයා .. ඔයා.. හරිනම් ගෙදර ඉන්නේ..

අභිශේක් තමන්ගෙ දුරකතනෙ දිහා බැලුවත් තේමියා අභිශේක්ට දුන්නේ කට කොනෙන් හිනාවක්.

" මගෙ phone එක ඔයා track කරනවා කියලා මම නොදැන හිටියා කියලද හිතන්නේ. හැබැයි ඔයා දැනන් හිටියේ නෑ මම ඔයාව track කරනවා කියලා.

" මොකක් !

අභිශේක් දිහාවට යොමු කෙරුව ඇස් ඊලගට යොමු උනේ ඒ පිටිපස්සෙන් ආව අත්පුඩි සද්දෙට. ඒ වෙස්මූන හරියටම රවීගේ ඝාතකයා පැලදගෙන හිටිය වෙස්මූන වෙද්දී එදා තමන් ගලවන්න හැදුව ඒ වෙස්මූන ඒ කෙනාම ගලවලා දැම්මා.

" වාහ් ! හොර මස්සිනයි CID මස්සිනයි දෙන්නම එකම තැන. මල්ලි අදනම් උබට ගැලවිල්ලක් හම්බෙන්නෑ CID මස්සිනාගෙ අතටම අහුවුනා.

" ඔයත් මෙයාලට හවුල්ද ඔයාලා හැමෝම මාව රැවැට්ටුවද ?

ක්ෂිතිජ කරකවලා අත ඇරියා සමානව තේමියත් අභිශේක් දිහත් ඒ හිටිය අනිත් කෙනා දිහත් මාරුවෙන් මාරුවට බැලුවේ දැනටමත් නොසන්සුන්ව කදුලුගලන ඇස් වලින්. ඒත් තේමිය තමන් දිහා බලන් ඉන්න අභිශේක්ටත් ඒ හිටිය නාදුනන පුද්ගලයටත් දුන්නේ නක්කල් හිනාවක්.

" ක්.ෂිතිජ ඔයා තේමියව දන්නවද ?

" ඔයාට දැන් ඒකද තියන ප්‍රශ්නෙ නිර්වාන්. ඔයා ඔය හැමදාම කියන්නම් කියලා මග අරින ඇත්ත මට දැනගන්න ඕනා. ඒකත් මේ දැන් !

" ම..මම කියන්නම් ඒත් please මට වෛර කරන්න එපා.

" ඔව් මල්ලි මිනිස්සු මැරෙන්න කලින්වත් ඇත්ත දැනගන්න එපෑ.

" අයියේ !!

" ok ok your time..

" හ..හරි අහන්න තේමිය.. ඔයා දන්නවා මේ හැමදේම පටන් ගත්තේ භානුකගෙ murder එකෙන්. එදා ඇත්තටම ඒ investigation එකට ඔයත් එක්ක නුවරඑලියෙ යන්න හිටියෙ, ඒ මම නෙවෙයි ඒ තේජාන්.

අභිශේක් තේමිය දිහා බලාගෙන වෙව්ලන කටහඩින් හැම ඇත්තක්ම පාපොච්චාරනය කරන්න ගත්තා.ඒත් තේමිය හිටියේ කිසිම හැගීමක් නොපෙන්වා අභිශේක් දිහා බලාගෙන.

" මම තේජාන්ව accident කරවලා තේජාන් වෙනුවට ඔයත් එක්ක භානුකගෙ investigation එකට ආවා. මොකද මට.. එකක් මට ඕන උනේ ඔයා ඇත්ත murderer ව හොයාගන්න එක නවත්තන්න අනිත් එක මම අවුරුදු ගානක් බලන් හිටිය ඔයාට ලං වෙන්න. ඔයා භානුකගෙ murderer විදිහට මාව හොයාගනී කියලා මම දැනන් හිටියා. මම හිතුවා වගේ ඔයා අපේ පරන ගෙදරට ගිහින් ඒ දේවල් හෙව්වා. එතකොට ඒ photo එක ඒක ඒ විදිහට තිබ්බේ මම . ඔයාගෙ හිතේ.. මේකට සම්බන්ද මම විතරයි කියලා දන්නන්න එතකොට.. එතකොට මේ ඉන්නේ මගෙ අයියා.. මගෙම අයියා.... එතකොට මෙච්චර කල් උන හැම Murder එකකටම සම්බන්ධ අපි දෙන්නා. ක්ෂිතිජ... ක්ෂිතිජ කියන්නේ මම ඒ මිනිස්සු ගැන විස්තර හොයාගන්න, ඒ මිනිස්සුන්ට ලං වෙන්න පාවිච්චි කෙරුව කෙනා.

" මො..මොකක් ? අභී ඔයා මොනවද මේ කියන්නේ ?

" i'm sorry ඒත් ඒකයි ඇත්ත.

" එතකොට මාව පාවිච්චි කරේ ඔයාවම මේවලින් ආරක්ශා කරගන්න ? මාව අල්ලගත්තම ඔයාට මගෙ ඇස් වහලා ඕන බොරුවක් ඕන වැරැද්දක් කරන්න පුලුවන්නේ ?

" දෙවියනේ.. ම.ම ඔයාව පාවිච්චි කරේ නෑ තේමිය.. මට මේ හැමදෙයක්ම ඉවර කරලයි ඔයාට ආදරෙයි කියන්න ඕන උනේ. ඒත්.. ඒත් එදා මට ඔයාව දාලා යන්න වෙයි කියන බයට ඔයාට මගෙ හිතේ තිබුන දේවල් මම ඔයාට කියලා දැම්මා. මම මගෙ මැරිච්ච අම්මා තාත්තා පල්ලා දිවුරනවා මගෙ හිතේ කොනකවත් ඔයාව රවට්ටන අදහසක් තිබුනෙ නැහැ. එහෙම දෙයක් තිබුනෙ නෑ තේමිය.. මම..

" එතකොට ඔයා මට ආදරේ කරනවා කිව්වේ බොරුවටද ? ඒ හැමදේම බොරුද අභී..

ඇස් වල කදුලු පුරවන් ක්ෂිතිජ අභිශේක්ට ගගහා ප්‍රශ්න කරත් අභිශේක් කරේ එයාගෙ රතු උන ඇස් වලින් තේමිය දිහා බලන් හිටිය එක. ඒත් තේමියගෙ විනිවිද යන සීතල බැල්ම එක එල්ලේ අභිශේක් දිහාවට යොමුවෙලා තිබුනේ කිසිම හැගීමක් නැතුව.

" උත්තර දෙන්න අභී.. මට ආදරේ කරනවා කිව්වේ බොරුවටද !? ඇයි මට මෙහෙම කරේ !! ඇයි දෙවියනේ ඇයි ! ඇයි මට මෙහෙම කරේ.. මම මොකක්ද ඔයාට කෙරුව අඩුව මගෙ ආදරේ මදි උනාද මාව දැනුනෙ නැද්ද මගෙ මොකක්ද තියන වරද ! ඔයා කියන කියන හැමදේම මම කරා.. ඔයා මාව පාවිච්චි කෙරුව එක විතරද කරේ අභී..

" හහ් ඔය drama එක ඉවරනම් දහය විස්සවත් ගැනලා දෙන්නගෙන් එක්කෙනෙක්ව ඉස්සෙල්ලා ස්වර්ගස්ථ කරමුද ?

" අයියේ !!

අභිශේක්ගෙ අයියා තුවක්කුවත් අතේ කරකව කරකව කියද්දී දුක කේන්තියකට හරව ගත්ත අභිශේක් ඒ කාමරේ දෙදුරුම් දෙන්න කෑගැහුවේ තේමියගෙ ඉස්සරහින් හිටගන්න ගමන්.

" හහ් ! නිර්වාන් දැන් ඔයා මට කියන්න එපා ඔයා මේ CID කාරයට ඇත්තටම ආදරේ කරා කියලා. ඔයා කොහොමත් දන්නවා අපේ ඇත්ත දන්න කාටවත් ජීවත් වෙන්න බෑ. තමුසෙ හදන්නේ විහින් අමාරුවේ වැටෙන්නද ? .

" එතකොට හේශිකාට මොකක්ද උනේ ?

" අහ් ඒකිද ඒකිනම් මගෙ target එකක්. ඒකිත් ඕන්නැති වෙලාවටමනෙ ඕන්නැති මගුල් අස්සේ රිංගන්නේ. මම නිවීසැනසිල්ලේ අර මිනිහව ඉවරයක් කරකර ඉද්දී ඒ ගෑනි මැද්දෙන් පැනලා මගෙ වැඩේ අවුල්කරා. ඉතින් මාත් ලේසියෙන් අත අරීද... ඒ ඇරත් ඒ office එකේ හිටිය මෝඩයො ඔක්කොම හිතන් හිටියෙ මම භානුකගෙ හොල්මන කියලා..

CID මලයගෙනම් වෙලාව හොදයි මම වැඩේ දෙන්න යන හැමවෙලාවකම මගෙ මෝඩ මල්ලි ඒ මැදට පැනලා මගෙ Plan සේරම විනාස කරලා දානවා.

" plan ?

" නැතුව නැතුව එදා චමින්දගෙ ගබඩාවට යැව්ව දවසෙම එකෙක් ඉවරයි කියලා හිත හදාගත්තට මොකද එදත් මගෙ මෝඩ මල්ලි මැදට පැනලා ඒ ප්ලෑන විනාස කරා. ඒත් අදනම් එහෙම වෙන්නෑ.

" අයියේ ඔයාට බෑ එයාට කිසි දෙයක් කරන්න.

" මොකද බැරි

අභිශේක්ගෙ අයියා අතේ තිබුන දෙයක් පොලවෙ ගැහුවේ ඒ එක්කම වගෙ ඒ කාමරේ දුමකින් පිරිලා ගියා. තේමිය අභිශේක්ව පැත්තකට තල්ලු කරලා දැම්මත් වගේ හුවමාරු උන වෙඩි පාරවල් අවසානයේ තේමිය හිටියේ අභිශේක්ගෙ අත් වලට හිරවෙලා බිම වැටිලා. දුමෙන් වැහිලා කිසිදෙයක් නොපෙනෙන කාමරේ උනත් අභිශේක් තේමියව තමන්ට තුරුල් කරගත්තේ තේමියට සීරීමක්වත් වෙයිදෝ කියන බයකින්.

" තේමිය ! තේමිය.. ඔයා ඔයා හොදින්නේද

" මට මුකුතුනේ නෑ . ඔයා !

" අයියේ !

බිම වැටිලා හිටිය තේමියගෙ ඇග උඩින් අයින් වෙලා අභිශේක් දුවලා ඊට ටිකක් එහයින් වෙඩිවැදිලා බිම වැටිලා හිටිය තමන්ගෙ සහෝදරයා ලගට. ඒත් ඒ එක්කම ඒ කෙනා අභිශේක්ව තල්ලු කරලා ඒ කාමරේ ජනේලෙන් පැනගත්තම තේමිය ඒ ගෙදර වට කරලා හිටිය තමන්ගෙ කන්ඩායමට ඇමතුමක් දීලා හෙව්වේ ක්ෂිතිජව. ඊලග තප්පරේම තේමියගෙ ඇස් යාවුනේ සුදු පාට ටයිල් එක පුරා ගලන ලේ මැද වැටිලා හිටිය ක්ෂිතිජට

" නිර්වාන් !

" ක්ෂිතිජ ....

අභිශේක් ක්ෂිතිජ ලගට ආවම තේමිය ක්ෂිතිජ ලගින් නැගිටලා අභිශේක් ලේ වලින් නෑවිලා ඉන්න ක්ෂිතිජව එයාට තුරුල් කරන් ඉන්න හැටි ඇස් වල කදුලු පුරවන් බලන් හිටියා.

" අභී... මම මෙච්චරටම අවාසනාවන්තද

ඔයා මගෙ නෙවේද අභී...

ඇ..යි එහෙම කරේ මම ඔයාව විශ්වාස කරා .!! මට ආ.දරේ කර..නවා කිව්වේ බො..රුවටද ?

ඇ..යි ඔයාම මා..ව මරලා දාන්නේ නැත්තේ..

ඒ.. ඒ හැ.ම දේ.ම බො..රුද.

ම..ම ඇත්තටම අද. ම්.මැරෙන්නද ය.න්නේ අභී... ම..ට එක ත.ප්පරේ.කටවත් ආදරේ කරේ...නැද්ද..

අ..නේ තව..එක සැ.රයක්.. මට ඇස්.පියාගන්න ක..ලින් එක සැ.රය.ක් ම.ට ආ.දරෙයි කියන්න..

" ක්ෂිතිජ !!

" මොන මගුලක්ද කරන්නේ එයාව ඉක්මනට hospital එකට අරන් යමු.

" ඔ.ඔයා ඇත්තටම ආ.දරේ.කරේ මෙයාටද... ඔ..ඔයත් මා..ව රැවැට්ටුවද ?

" නිර්වාන් මේ කොල්ලා මැරෙයි තමුසෙට පිස්සුද !!

" තේමිය. මම..

" Sir මෙතන කෙනෙක්ට වෙඩි වැදිලා.!!

" ක්ෂිතිජ !

.

.

.

" ඔයා මේ දෙවල් වලට මම සම්බන්ධයි කියලා දැනගෙන කොච්චර කල්ද ? එතකොට ක්ෂිතිජගෙයි මගෙයි affair එක ?

" මාසයක් විතර

" මාසයක් ? ඒක දැනගෙනත් ඇයි ඔයා මාත් එක්ක..

" මොකද තමුසෙගෙ ඇරෙන්න වෙන මනුස්සයෙක්ගෙ හුලගකටවත් මම අකමැති නිසා.

" මට සමාවෙන්න.. ඔ.ඔයා මට වෛර කරනවද තේමිය.

" නැහැ ..

" නැහැ ? ඔ.ඔය ඇත්තටමද

" මට මං ගැනම දැනෙන්නේ පුදුම කලකිරීමක් . මේක දැන් ඇති.. ඔයා මේ කොල්ලා ගැන බලාගන්න..

" තේමිය ඔයා මොනාද මේ කියන්නේ

ඉස්පිරිතාලෙන් එලියට යන්න ගිය තේමිය ලග දනින් වැටිලා අභිශේක් තේමියගෙ කකුල් අල්ලගත්තා.

" නිර්වාන් ඔය විදිහට හැසිරිලා මාව තව අසරන කරන්න එපා. අපි දෙන්නටම තව කාලය ඕනා.

" නැහැ ඕන නැහැ.. මට ඔයාගෙන් ඈත් වෙලා ඉන්න බැහැ ... ඔයාට මාව දාලා යන්න බෑ තේමිය.. මම මැරෙයි... ඇයි ඔයාට මාව ඕනෙ නැද්ද ඔයාට මගෙ ආදරේ ඕන නැද්ද ? මම කෙරුව හැම වැරැද්දකටම මම දඩුවම් විදින්නම් ඒත් මට වෛර කරන්න එපා..

" ඕනෙ නෑ !

මං ගැන ඇත්තටම ආදරයක් තියෙනවනම් මට යන්න දෙන්න.

" මම අත ඇරියොත් ඔයා යයි තේමිය.. මට බැහැ ඔයාට යන්න දෙන්න.

" එකම දේ දෙසැරයක් කියන්න තියන්න එපා නිර්වාන්...

තේමිය තමනගෙ සීතල බැල්ම අභිශේක්ට දීලා අභිශේක්ගෙන් ඈත් උනා. ඒත් අභිශේක් බිම ඉදගෙනම එයාගෙ ඔහේ වැටෙන කදුලුවලට වැටෙන්න දීල තමන්ගෙන් ඈතට යන තේමිය දිහා බලාගෙන හිටියා .

මලමිනියක් ගානට පාන්දර තමන්ගෙ ගෙදරට ආව තේමියව දැක්ක ගමන් නතාශාව රත් වෙලා ගියා. නතාශා කොච්චර කතාකරත් ඒවට උත්තර නොදී කාමරේට වෙනකම් ආව තේමිය කකුල් දෙකට පනක් නැතුව ඇද ලග ඇදගෙන වැටිලා බලාගත්ත අත බලාගෙන හිටියා.

" මල්ලි

" ම්ම්ම්

" කෝ අභිශේක්

" දන්නෑ

" දන්නෑ ? ඔයත් එක්ක නෙවේද හිටියේ ?

" හ්ම්ම්.

" මල්ලි අනේ ඇයි මේ..

නතාශා ඇද උඩින් වාඩි වෙලා තේමියගෙ ඔලුව අතගාන්න ගද්දී තේමිය නතාශගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තා.

" මට මහ වරදකාරී හැගීමක් දැනෙනවා අක්කේ . මම හැමදේකින්ම අසාර්ථකයි.

" ඔයා මොනාද මේ කියන්නේ ? ඔයා මොනවයිද අසාර්ථක.

" නි..අභිශේක් නිසා මගෙ job එකට අසාධාරනයක් කරන්නත් job එක නිසා එයාට අසාධරනයක් කරන්නත් බැහැ . මම CID officer කෙනෙක් විදිහටත් අසාර්ථකයි boyfriend කෙනෙක් විදිහටත් මම අසාර්ථකයි .මනුස්සයෙක් විදිහටත් මම අසාර්ථකයි. මම හැමදේකින්ම අසාර්ථකයි.

" එහෙම නෑ. දෙයක් තියෙනවනම් කරන්න වෙලාව අනුව සුදුසුම, ඒ දේ කරා කියලා ඔයා අසාර්ථක වෙන්නෑ. මම දන්නෑ ඇති උන ප්‍රශ්නෙ ගැනනම් ඒත් ඔයාගෙ මොලේ කියන දේම නෙවේ ඔයාගෙ හදවත කියන දේත් අහන්න. එයා කියයි ඔයා සාර්ථකද අසාර්ථකද කියලා. දන්නවද මේ ලෝකේ හැම සාර්ථක ආදරවන්තයෙක්ම වීරයෙක් නෙවේ එයාලා මුලු ලෝකෙම දෙවනියට දාලා තමන් ආදරේ කරන කෙනාව ආරක්ශා කරා . වීරයොනම් ඇති වෙනවා නැති වෙනවා. ඒත් ඔයාගෙ ආදරේට නැති වෙන්න දෙන්න එපා.

.

.

.

.

.

.

.

ඝාතනවලට සැකකරු විදිහට අත් අඩංගුවට ගත්ත අභිශේක්ගෙ අයියා උන ගිම්හාන් සිංහවංශ ප්‍රශ්න කිරීම් වලදී අභිශේක්ගෙ හෙවනැල්ලක්වත් මේ දේවල් වලට සම්බන්ධ නොවෙන විදිහට හැම වරදක්ම තමන් පිටට දාගත්තා.

තේමිය ඒ දේවල් බොරු කියලා දැන දැනත් ඒ සාක්ශි ඇත්ත විදිහට සලකලා පංච පුද්ගල ඝාතන නඩුවේ ඝාතකයා, ගිම්හාන් සිංහවංශ විදිහට නම් කරලා පංච පුද්ගල ඝාතන නඩුව අවසන් කරා. ඒකෙන් භානුකගෙ ඝාතකයා අනිරා සිල්වා නෙවෙ කියලා ඔප්පු උනත් බිලි පූජා වලට ඝාතනය උන ගෑනුලමයි නිසා අනිරාට නිදහස ලැබුනෙ නැහැ.

අවසානයේ යට ගිය මිනෝලි විජේරත්නගෙයි දේශාන් සිංහවංශගෙයි ඝාතනයේ සුල මුලත් හෙලිකරලා උසාවිය ඉදිරියේ ගිම්හාන් සිංහවංශ ,( භානුක සිංහවංශ , රවී ජයතුංග , චමින්ද සිල්වා , රංජිත් කඩුපිටිය ) යන අමානුශික සිව් පුද්ගල ඝාතන නඩුවේ වරදකරු ලෙසත් සියදිවි නසාගැනීමක් මුවාවෙන් සිද්ද උන හේශිකා වනිගසූරියගේ ඝාතනයේ වදරකරු ලෙසත් පංච පුද්ගල ඝාතන නඩුවේ වරදකරු ලෙස ජීවිතාන්තය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුනි.