Chapter 33: xxxiii ( last chapter ) ♡

LOVE HATE 🖇️ (Sinhala Bl )Words: 32905

ඉර බැහැගෙන යන තැබිලි පාට අහසක් යට තේමිය අනන්තයක් නැති ඒ මුහුද දිහා ඔහේ බලාගෙන හිටියා. එයාට දැනුනේ එයා ගැනම කලකිරීමක් දුකක් වගේම හිස්බවක්. මොකද සති ගානක ඉදන් එයා ඒ රූපෙවත් අඩුම ඒ කටහඩවත් අහලා නැහැ. අහන්න ලැබුන එකම දේත් අභිශේක් CID එකෙන් අයින් වෙන්න අස්වීම් ලිපිය දීලා කියන දේ විතරයි.

" Shit !!

තේමිය කරේ තිබුන අභිශේක්ගෙ මාලෙ ඇදලා ගලවලා මුහුදෙ ඈතට විසිකරලා වෙරලෙන් නැගිටලා එන්න ආවා.

" තේමිය.

යන්න හැදුවත් පිටිපස්සෙන් ඇහුන කටහඩට තේමිය එහෙම්ම හිටගෙන බෙල්ල විතරක් පිටිපස්සට හරවලා බැලුවා. ඒත් ආව කෙනාව දැකලා එයා සම්පූර්නෙන් ඒ කෙනා දිහාවට හැරුනේ මූනේ යන්තම් තිබුන පුදුමයත් එක්ක.

" ක්ෂිතිජ

" අපි පොඩ්ඩක් කතා කරමුද ?

" හ්ම්ම්

ඒ දෙන්නම වෙරල අයිනෙන් වාඩි උනත් විනාඩි ගානක් යනකම් ඒ දෙන්නා අතර කිසිම කතාබහක් තිබුනෙ නෑ එයාලා ඒ හිස් වෙරලෙ හැපෙන රල දිහා බලාගෙන හිටියා .

" ඔයා වාසනාවන්තයි කියන්නද මම අවාසනාවන්තයි කියන්නද ?

" මම දන්නෑ ..

" නෑ ඔයා දන්නවා. නොදන්නවා කියලා පෙන්නුවට ඔයා දන්නවා. අපි දෙන්නා එදා club එකේදි හම්බුන එක අහම්බයක් නෙවේ නේද ?

" හ්ම්ම්..

" ම්ම්ම් දන්නවද අභිශේක්ගෙයි මගෙයි relationship එකට ගිය මාසෙට අවුරුදු දෙකක්. මම ඒ අවුරුදු දෙකට පුදුම තරම් එයාට ආදරේ කරා. මගෙ හුස්ම මගෙ හදවත මගෙ මුලු ජීවිතේම උනේ එයා. අඩුම මට උදේට ඇස් අරින්නත් එකම හේතුව උනේ එයා. ඒත් ඒ කාලය ඇතුලත මට කවදාවත් අභිශේක්ගෙ වචන ඇරෙන්න වෙන කිසිදෙයක් ලැබිලා නැහැ. වැඩිම උනොත් තප්පරගානකට මාව තුරුල් කරන් ඉදලා ඔලුව අතගායි.

මම හිතුවේ ඒ අභිශේක් ආදරේ කරන විදිහ කියලා ඒත් ඒ එයා ඔයා දිහා බලන විදිහ දකිනකම් විතරයි. මම කවදාවත් දැකලා තිබ්බෙ නෑ ඒ ඇස් වල එච්චර ආදරයක්. ඒ ඇස් වල කවදාවත් මං වෙනුවෙන් ඒ වගේ ආදරයක් තිබ්බෙ නැහැ තේමිය. සමහරවිට ඒ වචනත් නිකම්ම වචන වෙන්න ඇති. වචන වලින්නම් මොනාද කරන්න බැරි. ආදරේ කරනවා කියලා දහ අතේ දිවුරන්න පුළුවන්. ඒත් හැගීම් ? හැගීම් එලියට පනින්නේ තමන් ආදරේ කරන කෙනා ඉස්සරහා විතරයි. මට දැන් ඒ දේ තේරෙනවා. මට දුකයි. මගෙ පපුව පැලෙන්න තරම් දුකයි. ඒ මම ආදරේ කෙරුව මනුස්සයා. ඒත් ඒ ආදරේ අයිති ඔයාට කියලා දැනගත්තම වෛර කරන එකෙනුත් පලක් නෑ කියලා හිතුනා. මට ඔයා ගැන හරි ඉරිසියයි තේමිය. මේ අවුරුදු දෙකට මම එක දවසක් දැකලා නෑ අභිශේක්ගෙ ඇස් වල කදුලු තියෙනවා. ඒත් දැන් ඒ ඇස් වලට කදුලු නවත්තගන්න බැහැ. ඒ ඔයා නිසා. ඒ ආදරේ මහ මෙරක් ඒත් ඒ ආදරේ ලබන්න මම පිං කරලා නැහැ. ඒක මගෙ ලැබීම. Please එයාට තව අවස්තාවක් දෙන්න. මම ඔය දෙන්නගෙන්ම ඈත් වෙලා යනවා. මට එයා මේ විදිහට විදවනවා බලන් ඉන්න බැහැ. අම්ම තාත්තවත් නැති කෙනාට මට ඔයාවත් නැති කරන්න බෑ.

ඒ මනුස්සයා විදෙව්වා දැන් ඇති.

" හ්ම්ම්

" වටින දේවල් නැති කරගන්න එපා.

ක්ෂිතිජ තමන් අතේ හංගගෙන තිබ්බ තේමිය විසිකෙරුව ඒ මාලේ තේමිය ලගට දික් කරා.

" පරිස්සම් කරගන්න . නැති කරගන්න එපා. නැති කරගන්න ලේසීයි හොයාගන්නයි අමාරු. අභිශේක්ව පරිස්සමට බලාගෙන්න. ඒ හිතුවක්කාරයා අහන්නේ ඔයා කියන දේ විතරයිනෙ.

තේමිය ක්ෂිතිජගෙ අතේ තිබුන මාලේ එයාගෙ අතට අරන් ඒ දිහා බලාගෙන අතේ ගුලි කරගත්තා.

අන්තිම වතාවට තේමියට හිනාවක් දීලා ක්ෂිතිජ තේමිය ලගින් නැගිටලා යන්න ගියා . තේමියත් ඒ දිහා තොල් පියන් බලාගෙන ඉදලා බර හුස්මක් පහත දැම්මා.

ගෙදර යන්න ගියත් තේමිය තමන්ගෙ යතුරුපැදිය තමන්ගෙ ගෙදරට යන පාර වෙනුවට හැරෙව්වේ වෙන දිහාවකට.

අභිශේක්ගෙ ගෙදර ඉස්සරහින් නැවැත්තුව යතුරු පැදියෙන් බැහැලා ඒ ගෙදර ලගට හිමින් අඩි තිබ්බ තේමිය බෙල් එක ගහලා අත් දෙක බැදගෙන ප්‍රතිචාරයක් එනකම් බලන් හිටියා. ඒත් දොර ඇරුන පමාවට අභිශේක්ව දැක්කම තේමියව ගැස්සිලා ගියේ ඒ එක්කම දැනුන සැර ඇල්කොහොල් සුවදට තේමිය ඇස් හීනි කරලා අභිශේක් දිහා බැලුවා. ඒ රතු උන ඇස් ඉදිමුන මූන ඇවිස්සුන කොන්ඩෙ පොඩි උන ඇදුම් දිහා තේමිය උඩ ඉදන් පහලට බැලුවා.

" තේ.තේමිය

" තේමිය තමා මේ මොකද !? පිස්සෙක් වගෙ !!

" ම්.මම..

" මට ඔයත් එක්ක කතා කරන්න ඕනා..

තේමිය ඒ කියලා ගේ ඇතුලට යන්න හැදුවත් අභිශේක් ඒ මැදට හරස් උනේ,

" ඔ.ඔයාට යන්න බෑ

"ඇයි ඒ ගමන මොකාවද ගේ අස්සෙ දාගත්තේ !!

තේමිය සැරකරලා අභිශේක්ව තල්ලු කරන් ගේ ඇතුලට ගියත් වගේ තේමිය බයවෙලා වගේ බැලුවේ අභිශේක් දිහා. තේමියගෙ තරවටු මූන දිහා අභිශේක් බෙල්ලත් අතගගා හොරෙන් බැලුවේ තේමිය ඉනටත් අත් දෙක තියාගෙන ගේ වටේම ඇස් යවද්දී.

" මේ ගෙදර ඌරු කොටුවක් කරේ මොකාද ! හරි ලස්සනයිනෙ..

" s.o.sorry

" ගිහින් wash එකක් දාන් එනවා බේබද්දෙක් වගේ බීලා බීලා ඒ මදිවට මුලු ගෙදරම අපායක් කරලා පිස්සා. බලනවා මුලු ගෙදරම වීදුරු කටු !!

තෙමිය අභිශේක්ට බැනලා බැනලා බාතෘම් එකට එලවලා එකින් එක ගේ අස් කරන්න පටන් ගත්තා.

" අම්මෝ ඇති යන්තම්

තේමිය ගේ පුරාම තිබුන හිස් වීදුරු බෝතලුයි බෝතල් කටුයි ගේ පුරාම විසිරිලා තිබුන බඩුයි අස් කරලා සෝෆා එකෙ ඉදන් හති ඇරියා. අභිශේකුත් ඒ අතරේ කොන්ඩෙත් පිහදදා හොරෙක් වගේ තේමිය ලගට ඇවිදන් ඇවිත් තෙමිය ලගින් වාඩි උනා.

" මං නිසා ඔයා බොරුව..

" කට වහනවා ! .

" sorry

" ඇයි මට call කරේවත් නැත්තේ !?

" ඔයානේ කිව්වේ අපි දෙන්නා..

" ආ දැන් මං ඈත් වෙලා ඉමු කිව්වම ඔහේට බැයිද වද දිදී හරි පස්සෙන් එන්න. නිකම්ම අත ඇරලා දානවද !?

" මං වගේ මිනිහෙක්ට ඔයාගෙ ආදරේ ලබන්න සුදුසු නෑ කියලා හිතුනා.

" ආ ඇත්තද ! මාව එපාද දැන්

" මට ඕනා ..මට මගෙ තේමියව ඕනා..මගෙ හැම හුස්මකටම ඔයාව ඕනා ඒත් මම මහා පව්කාරයෙක්. මගෙ අපායෙ මම තනියම..

" ඇති ඇති දැන් ගෑනි මැරිච්ච මිනිහා වගේ කියෙව්වා ! මේ අන්තිම chance එක. ආයෙ මේ දේවල් උනොත් ඔයාට ආදරේ උනත් මම ඔයාව අත ඇරලා දානවා නිර්වාන්.

වචන වලින් උත්තර දෙනවා වෙනුවට අභිශේක් පුලුවත් තරම් වැරෙන් තේමියව තමන්ගෙ තුරුලේ හිරකරගෙන මග ඇරුන ඒ උනුසුම සුවද ඇති තරම් විදගත්තා.

" ආයෙ කිසිම වැරැද්දක් වෙන්න දෙන්නෑ මම දිවුරනවා. ආයෙ කිසිම වැරැද්දක් කරන්නෙනෑ. මම අයෙ ඔයා ඇරෙන්න වෙන කෙනෙක් දිහා බොරුවටවත් බලන්නෙ නෑ. මම ඔයාට ආදරෙයි තේමිය මම ඔයාට ගොඩක් ආදරෙයි.

මෙච්චර වෙලා බොරු තරහක් මවාගෙන හිටිය තේමිය අභිශේක්ගෙ ඔලුව අතගාලා ඔලුවට හාද්දක් තිබ්බා.

.

.

.

.

.

" Mission impossible !!!!

" මට බයයි.

" නෑ නෑ හිතන්න එපා අවුලක් වෙන්නෑ.

ඒත් දැන්නම් චූ බර කුත් සෙට් වෙන්න වගේ.

" 1 2 3 කියලා යමු.

" බය වෙන්න එපා මල්ලිලා ඕන දේකට මේ අක්කා ඉන්නවා . Call එකේ අයියයි ආධිත්‍යා අක්කයිත් ඉන්නවා. පරාක්‍රමබාහු ගැම්ම අරන් යමව්....

නතාශා තේමියගෙයි අභිශේක්ගෙයි පිටට තට්ටුවක් දාලා නාට්‍යානුසාරව කියවද්දී තේමිය අභිශේක් දෙන්නත් මෙහෙයුමකට යන්න වගේ ෆිස්ට් බම්ප් එකක් දීලා ඔලුව වනලා සාලෙට ගෑටුවා. ඇබරි ඇබරි එන මේ ජෝඩුව දිහා අසේලත් කන්නාඩිය ඇගිල්ලකින් උස්සන ගමන් බැලුවේ නර්මදාගේ අවධානෙත් ඒ දෙන්නට වැටෙද්දී. ඒ පිටිපස්සෙන් නතාශත් බිත්තියේ එතිලා හොරාට බෙල්ල දාගෙන බලන් ඉන්නවා.

" මොකෝ දෙන්නා හොරගල් අහුලන්නේ. අර අක්කා මොකෝ අර බිත්තිය පිටිපස්සේ හැංගිලා කරන්නේ ? තුන් දෙනා මොකක් හරි මගෝඩි වැඩක්වත් කරාද ?

" අම්මා තාත්තා අපි දෙන්නට ඔයාලට කියන්න දෙයක් තියෙනව.

" කියන්න ඉතින්.

" හැබැයි ඊට කලින් පොරොන්දු වෙන්න.

" මොකක්ද ?

" අපිත් එක්ක තරහා වෙන්න බෑ ඒත් ඔයාලා අකමැති උනත් මම මේක නවත්තන්නෙත් නෑ හොදේ..

තේමිය පොඩි ලමයෙක් වගේ කටත් හදාගෙන කිව්වම අසේලයි නර්මදයි මූනට මූන බලාගත්තා.

" මොකක්ද චූටි පුතා.

" මම අභිශේක්ට ආදරෙයි.

" මොකක් !?

නර්මදා අතේ තිබුන පත්තරෙත් නවලා ඔඩොක්කුවෙන් තියන් කලබලෙන් අසේල දිලා බැලුවේ ඇහුන දේ විශ්වාස කරගන්න බැරුව වගේ.

" චූටි පුතා ඔයා මේ ඇත්තටමද නැත්තන් විහිලුවක්ද කරන්නේ ?

" මේක විහිලුවක් නෙවේ අම්මා.. මම ඇත්ත කියන්නේ..

" අසේල.. චූටි පුතා..?

" පොඩ්ඩක් ඉන්නකො නර්මදා. දෙන්නම පොඩ්ඩක් ඇවිත් මෙතනින් වාඩි වෙන්නකො.

අතින් ඉස්සරහා තිබුන සෝෆා එක පෙන්නලා අසේලත් සෝෆා එකේ ඉස්සරහට බර වෙලා තේමියදිහයි අභිශේක් දිහයි ටික වෙලාවක් බලන් හිටියා . නර්මදත් ටික වෙලාවක් යනකම් ගොලුවෙලා ඒ දෙන්නා දිහා බලන් හිටියා. ඒ අස්සෙන් නතාශත් දැන් මේ වෙන සිද්දිය සජීවීව ඕස්ට්‍රේලියාවට පෙන්නනවා.

" අභිශේක්

" ඔව් අංකල්

" තේමිය මේ කියන්නේ ඇත්තද

" ඔව් අංකල්

" එතකොට අභිශේක් පුතත් තේමියට..

" මමත් තේමියට ආදරෙයි.

අභිශේක් ඒ කියන ගමන් තේමිය එක්ක එයාගෙ අතක් පටලව ගද්දි අසේල ඒ දිහා පරික්ශාකාරිව බලන් හිටියා.

" මේ සම්බන්දෙට කොච්චර කල්ද ?

" මාස තුනයි.

අසේල කතාකරත් නර්මදාකරේ තමන් ඉස්සරහා ඉන්න අභිශේක් දිහයි තේමිය දිහයි මාරුවෙන් මාරුවට බැලුව එක.

" එතකොට දැන් අර ගෙදරට ගෑනු ලමයෙක් ආවේ ? ඒ කවුද ?

" එයාගෙයි මගෙයි අතර serious relationship එකක් තිබ්බේ නැහැ තාත්තා. අපි Breakup උනා.

" එතකොට මේක serious relationship එකක්ද ?

අසේලගෙ ඒ ප්‍රශ්නෙට තේමිය අභිශේක් දෙන්නම ඔව් කියලා ඔලුව හෙලෙව්වා.

" දෙන්නම මේ දේවල් ගැන හොදට කල්පනා කරලද මේ තීරනේ ගත්තේ.

" ඔව් අංකල්.

" ඔව් තාත්තේ..

" හොදටම විශ්වාසද ගත්ත තීරනය ගැන කවදාවත් පසුතැවිලි වෙන්නෙ නැහැ කියලා.

" ඔව් අංකල්

" එතකොට තේමිය ඔයා ?

" මට ඒ ගැන විශ්වාසයි තාත්තේ.

මෙච්චර වෙලා නිශ්ශබ්දව හිටිය නර්මදා තමන්ගෙ හඩ විවර කරා.

" මමයි තාත්තයි මේ ගැන කතා කරන්න ඕනා.

නර්මදා ඔඩොක්කුවේ තිබුන පත්තරේ පැත්තකින් තියලා නැගිටලා යන්න ගියාම අසේලත් අභිශේක්ගෙ පිටට තට්ටුවක් දාගෙන එතනින් යන්න ගියා.

ඒ ගියත් වගේ හොරගල් අහුල අහුල බිත්තිය පිටිපස්සේ හැංගිලා හිටිය නතාශාත් හොර අඩි තිය තිය සාලෙට දුවගෙන ආවා.

" තාත්තනම් 60 % ක් විතර අපේ පැත්තට කපනවා වගේ...

" අම්මයි තාත්තයි කාමරේ මරාගනීද ?

මෙච්චර වෙලා උනුසුම් වෙලා තිබුන වාතාවරනය සුනු විසුනු වෙලා ගියේ අභිශේක්ගෙ ප්‍රශ්නෙත් එක්ක. තේමිය අභිශේක්ගෙ අතට ගහලා හිනාවෙවී එයාගෙ උරහිසෙන් මූන තියාගත්තා.

" අපෝ අපේ පස්න වලට ඔය නාකි ජෝඩුව මරාගන්නෑ.

අකමැති උනොත් අපි උපවාසයක් තියමු..

ඒ මේ අයියේ ඔයාට බැරිද ඒ දෙන්නව ශේපක් දාන්න. මල්ලි ඕක කිව්ව වෙලේ අම්මා පපුවට අත තියාගත්තම මම හිතුවෙම ලව් පලහිලව්ව දිගාරින එක පැත්තකින් දාලා අම්මට පපුවෙ අමාරුවට බෙහෙත් ගන්න hospital උස්සන් දුවන්න වෙයි කියලා.

" බලමුකො. චූටිට ටිකක් අඩන්න කියහන් එතකොට අම්මයි තාත්තයි ගානට ඇන්දෙනවා.

" අඩන්න මම පොඩි එකෙක් නෑ...

" ඇයි අඩහන් අනේ අම්මේ තාත්තේ... මට අභිශේක්ව ඕනා... හුවෑ හුවෑ....

" අපෝ මගෙ පොඩි එකා පරාදයි ඔය ඇඩියාවට ..

" මම මෙහෙ රත් වෙලා ඉන්නවා උබලා දෙන්නා මාර සහෝදරයො තමා..

" දැන් උබ රත්වෙලා කියලා මොකෝ ෆ්‍රිජ් එක අස්සෙන් ඔබන්නද..

" නෑ බං හරිනම් අභිශේක් මල්ලි අඩන්න ඕනා.

" ආ ඒ ඇයි !?

" ඇයි අහන්නේ මොකෝ අම්මයි තාත්තයි උබව එලෙව්වට පස්සේ මේ අසරනයා එපෑ කටුකන්න.

ආව කාරනෙත් අමතක කරවලා තේමිය හිටියේ අක්කගෙනුයි අයියගෙනුයි එල්ල වෙන නෝක්කාඩුවලට මැදි වෙලා. අභිශේක් උනත් වචනයක් නොකිය ඒවට හිනාවෙද්දී තේමිය මූනත් බෙරි කරන්.

" අනේ පල ! පැත්තක් යයි මාව බැදගත්තා කියලා.

" මේ පේන්නැතෑ මේ අහිංසකයා දැන්මම ඇදිලා ගිහින්.

" ඇදිලා යන ඒවා මම කියන්නෑ....

" අභිශේක් මල්ලිටත් ඉදලා ඉදලා හිත ගිහින් තියෙනෙම යක්ස පැටියෙක්ටනෙ.

තප්පර විනාඩි ගත වෙලා අවසන් තීන්දුව එනකම් රටේ නැති දේවල් කියව කියව හිටිය උදවියට අසේලයි නර්මදයි එනවා දැක්කගමන් ඉදගෙන හිටිය තැන් වලින් නැගිටුනා.

" ඉදගන්න ඉදගන්න.

අසේලයි නර්මදයි ඇවිත් වාඩි උනාම  තේමිය අභිශේක් දෙන්නත් වාඩි උනා. ඊට ටිකක් මෙහයින් නතාශත් නියපොතු කකා අවසන් ප්‍රතිපලය එකනම් බලන් ඉන්නවා.

" මම කලිනුත් කියලා තියෙනවනෙ මේක ඔයාලගෙ ජීවිතේ ඔයාලගෙ ජීවිතේ ජීවත් වෙන්නේ ඔයාලා මිසක් අපිවත් අනිත් මිනිස්සුවත් නෙවේනේ. ඔයාලා දැන් පොඩි ලමයි නෙවේ . ඒ ඇරත් අම්මා කෙනෙක් විදිහට මට ඕනා මගෙ ලමයි හැමදාම සතුටින් ඉන්න එක. මේ තීරනේ නිසා ඔයාලා සතුටින් ඉන්නවනම් මගෙන් මේකට විරුද්ධත්වයක් නෑ. හැබැයි ඉස්සරහට වෙන හැමදේකම වගකීම තියෙන්නෙ ඔය දෙන්නගෙ අතේ. මම දන්නවා අපි මේකට අකමැති උනොත් මේ පවුලෙ සතුට හැමදාටම නැතිවෙලා යයි. මම හිතනවා චූටි පුතා පසුතැවිලි වෙන තීරන ගන්න කෙනෙක් නෙවේ කියලා.

" මටත් කියන්න තියෙන්නේ ඒ දේම තමා. මෙතන ඔයාලගෙ සතුට රැදිලා තියෙනවනම් මේ දෙයින් කාටවත් වැරැද්දක් වෙන්නෙත් නැත්තම් අපි විරුද්ද වෙන්නෑ.

" ඔය ඇත්තටමද ? එතකොට මාව එලවන්නැද්ද ?

තේමිය සෝෆා එකෙන් නැගිටලා ඇස් දෙකත් ලොකු කරන් ඇහුවම වටේ හිටිය හැමෝටම හිනා ගියා.

" එලවන්නෙ අභිශේක් ලගට තමා.

තේමිය දුවලා ගිහින් නර්මදාටයි අසේලටයි තුරුල් උනාම නර්මදා අභිශේක් දිහා බැලුවා.

" ඔය නෝනටයි මහත්තයට එන්න පාවඩ එලන්න ඕනද ?

" යං යං family hug family hug

නතාශා අභිශේක්වත් ඇදගෙන වැලද ගැනීමට එකතු උනේ දැන් ඒ තුන් දෙනාම හිටියේ අසේලගෙයි නර්මදාගෙයි තුරුලේ.

" ආ ඔක්කොම හොදයි හැබැයි කොල්ලෝ නර්මදාට අම්මා කියලා මට අංකල් කිව්වොත් එල්ලනවා බාල්කෙ හොදේ

අභිශේක් අසේල දිහා බලලා හොර හිනාවක් දැම්මේ තේමිය නර්මදාට තුරුල් වෙලා ඉදගෙනම අභිශේක්ගෙ මූන පිට අල්ලෙන් අතගාද්දී.

" අනේ තාත්තේ පව් මගෙ කොල්ලා.

" හරි.. තාත්තේ..

.

.

.

.

.

.

.

_ මාස හයකට පසු _

" කොහෙද ඇත්තටම මේ යන්නේ.

" පැහැරගෙන යනවා.

" ඒකත් කරන්න බැරි නෑ ඒත් ගෙදරිනුත් කැමති උනාට පස්සේ මොන මගුලකටද පැහැරගෙන යන්නේ..

" බබා මම මේ අර සිංහබාහු එකේ සිංහයා සුප්පා දේවියව එක්කන් ගිහින් ගල් ලෙනක හිරකරා වගේ ඔයාවත්

" බංකරේකට ගිහින් දාන්නද බැලුවේ.

" ඒකනෙ.

" ඔව් ඊට පස්සේ සිංහබාහු නෙවේ සිංහවංශ කියලා ඔහේගෙයි මගෙයි අපේ ලමයගෙයි ඉතිහාස කතාව රන් අකුරෙන් ලියවෙයි.

මුහුද පේන මානයේ වාහනේ නැවැත්තුව අභිශේක් වාහනෙන් බැහැලා දුවලා ඇවිත් තේමියගෙ පැත්තේ සීට් එකේ දොර ඇරියා.

" මේ ඔහේ ඇත්තට මොකක් හරි කුප්ප වැඩක් කරන්න නේද යන්නේ... අද උදේ ඉදන් දාගෙන හිටිය බැල්ම මට ඇල්ලුවෙ නෑ..

" ඔව් මුහුදට තල්ලු කරන්න එක්කන් ආවේ..

" ආ බය වෙන්න එපා ඔහේවත් ඇදගෙනම තමා යන්නේ..

තේමිය අභිශේක්ට ඇද කර කර වාහෙනෙන් බැස්සම තේමියගෙ ඇස් ඒ තප්පරෙන්ම වැහිලා ගියා.

" පිස්සුද මොකක්ද කරන්නෙ.... මගෙ ඇස් බැදලා කනා මුට්ටි ගහන්නද යන්නේ...

" නෑ කොට්ට පොර.. දගලන්නැතුව ඔය කට පොඩ්ඩක් වහෙගෙන එන්න බබා.. පරිස්සමට..

" කොට්ට පොර ගහන්නේ කවුද මනුස්සයෝ ඇස් දෙක බැදලා මගුල එක්කො අන්දයට කිරි කවන්නද ..

" අවුරුදු උත්සවේකට නෙවේ බං එක්කන් යන්නේ..

ආව තැනක් වත් තේමියට නොපෙනෙද්දී දිගටම වදින හුලං පාර එක්ක ,

" මේ කොහෙ හරි මුල්ලකට එක්කන් ඇවිත් ජැක් අයිම් ෆ්ලයින් ගාන්න කිව්වොත්නම් බබා ඇත්තමයි උබ මගෙන් ගුටි කනවා..

" උබ එක්කනම් බෑ බබා උස්සලා දාන්න හිතෙනවා මුහුදට...

" කොරයි කියලමයි බය..

" ම්ම් හරි දැන් ඕක ගලවන්න..

තේමිය කටත් ඇදකරගෙන එයාගෙ ඇස් බැදලා තිබ්බ රෙදිකෑල්ල අයින් කරත් වගේ එයාගෙ ඇස් පුදුමෙන් ඒ හැමතැනම දිව්වා.

" හහ් ! wow !

පැත්තෙන් පේන නිල් පාට මුහුද ,සුදු පාට මල් වලින් සැරසුව කහ පාට ලයිට් වැල් වලින් හැඩවෙලා තිබුන ඒ උඩු මහල දිහා තේමිය පුදුමෙන් බලන් ඉද්දී අභිශේක් තේමිය ඉස්සරහා දණගහගෙන අතේ හංගන් හිටිය රතුපාට පෙට්ටිය විවෘත කරා.

" නිර්වාන්..

තේමිය නිර්වාන් කියන නම තොල් වලින් මුමුනන ගමන් තමන් දිහා උනුසුම් ආදරනීය හිනාවකින් බලන් ඉන්න අභිශේක් දිහා බලන් මොහොතකට ගල් උනා.

" දැක්ක පලවෙනි දවසෙම ඇති උන මේ හැගීම.. විශ්වාස කරා අවුරුද සීයක් ගියත් ඒ විදිහටම දැනෙයි කියලා. අයාලෙ ගිය මගෙ හිතට ලස්සන නැවතුමක් දුන්න මගෙ එකම සහ අන්තිම ආදරේ. මේ ජීවිතය කතාවක්නම් , මගෙ ජීවිතේ ඉස්සරහට එන හැම පරිච්ඡේදයක්ම මට ලියන්න ඕනා ඔයත් එක්ක. දැන් මට, මගෙ හදවතට ඔයාගෙන් තොර ලෝකයක් නැහැ තේමිය. මගෙ ජීවිතේ එලිය කරා වගේ හැමදාටම මගෙ ජීවිතේට එලියක් වෙනවද . තේමිය ආශිශ් ජයවීර.... will you marry me ?

" yes !!

සතුටු කදුලු දිලිසෙන තේමියගෙ ඇස් දිහා බලාගෙනම අභිශේක් තමන්ගෙ අතින් තේමියගෙ දකුනු අතේ වෙදැගිල්ලට රත්තරන් පාට මුද්දක් එකතු කරලා තමන්ගෙ ආදරවන්තයව තමන්ගෙ තුරුලට ගත්තා.

♡

_

කතාවත් එක්ක මෙච්චර දවස් එකතු උන හැමෝටම thankyou ... හැමෝටම ආදරෙයි 🥺❤️....

මේකේ ක්ෂිතිජගෙ short story එකක් මම දැම්මා. ( The guard of my heart )

කැමතිනම් ඒකත් කියවලා බලන්න... ♡