Chapter 4: iv ♡

LOVE HATE 🖇️ (Sinhala Bl )Words: 23003

" අභිශේක්... ඔහොම නවතින්න.

" ඒ ගමන මොකද ?

" ඇතුලෙන් ඇහුන සද්ද එක්ක තමුසෙට හිතෙන්නෙ නැද්ද මේක ඇතුලෙ තව කවුරුහරි ඉන්නවා කියලා. ඒ සමහර විට භානුකගෙ මිනීමරුවා වෙන්න පුළුවන්.

" එහෙම වෙන්න විදිහක් නෑ මෙහෙ එනවා දැන් යමු මෙතනට මොකෙක් හරි එන්න කලින්.

අභිශේක් ගෙ බල කිරීම නිසා තේමියත් ඉක්මනට ඇවිත් වාහනේට නැග්ගා.

මීදුමෙන් වැහිලා තිබුන පාරෙන් අමාරුවෙන් උනත් අභිශේක් ඉක්මනට එයාලගෙ නවාතැනට ආවා. ඒත් තේමිය හිටියේ බර කල්පනාවක. වාහෙනේ නවාතැන ඉස්සරහින් නැවැත්තුව අභිශේක් ශීට් එකට ඔලුව හේත්තු කරන් තේමිය දිහා බැලුවා.

" මොනවද කල්පනා කරන්නේ.

" අභිශේක් ඇත්තටම හොල්මන් කියලා දෙයක් තියෙන්නෙ පුළුවන් ද ?.

" මොකෝ බබා බය උනාද ?

ආයෙත් ඒ කට කොනින් දෙන හිනාව. මොනදේ උනත් තමන්ගෙ සගයව අවුස්සන එක අභිශේක් ගෙ ප්‍රථම රාජකාරිය උනා.

" මොකද යකෝ බබා බබා ගාන්නේ ????

මම සීරියස් ප්‍රශ්නයක් අහන්නේ. තමුසෙට සිරාවටම බය හිතුනෙ නැද්ද. ඒ විලාප සද්ද... ඇත්තටම කොහෙන්ද ඒවා එන්නේ. අනිත් එක භානුකගෙ විල්ලා එක යට ඇයි ඒ වගේ දෙයක් තියෙන්නේ.

" මෙතන අපි හිතනවට වඩා දෙයක් තියෙනවා තේමිය ඒ මොකක් උනත් අපි ඒක ඉක්මනට හොයාගන්න ඕනා.

" shit ! අමතක උනානේ.

" ඒ ගමන මොකද ?

" අර ගැලෙව්ව ලී කෑලි වලට මොකද කරන්නේ. හෙට පොලිසිය ඔතන චෙක් කරන්න ගියාම උන්ට අහුවෙයි කවුරුහරි මේක අස්සට ඇවිත් කියලා.

" ඒක අවුලක් වෙන එකක් නෑ . ඒවා හෙට උදේට බලාගමු. බලනවා පාන්දර 1.30 යි වෙලාව. නිදාගන්න යමන් නැත්තම් හෙට දවසම නිදි කිර කිර ඉන්න වෙයි.

" මට බෑ උබත් එක්ක නිදිය ගන්න.

" ඇයි මම අතවරයක්වත් කරයි කියලා බයද ?

අභිශේක් ඒ කියලා ඉක්මනට වාහනෙන් බැස්සේ තේමියගෙන් කන් පිරෙන්න අහගන්න කලින්.

" මහ මෝඩයෙක් මූනම් පිස්සා !!!!!. හිටහන්කො...

තේමියත් වාහනෙන් බැහැලා සීතල වෙලා තියන එයාගෙ අත් දෙකත් එකට අතුල්ල අතුල්ල කාමරේ ඇතුලට ආවා. ඒ යද්දිත් අභිශේක් හිටියේ හොදට ඇදේ පෙරලිලා තේමිය දිහා බලාගෙන.

" එහාට යමන් මිනිහො මම නිදියන්නේ ඔහේගෙ ඔලුව උඩද.

" බබා කැමතිනම්.

" අනේ මේ මගෙන් හොදවයින් උක්ත පද ටිකක් මේ මහ පාන්දර අහගන්නෙ නැතුව අහකට යනවද.

" ගියෙ නැත්තම්.

" ගහනවා පයින් කොන්ද කැඩෙන්න.

" ඌප්ස් එතකොට බබා ඔයාට මේ කේස් එක handle කරන්න වෙන්නේ තනියමනෙ. අනිත් එක හොල්මන් වලට බය උනාම කවුද බබාව නලවන්න එන්නෙ.

උබේ මහඑකා කියලා කියන්න තේමිය කට හදාගත්තත් අභිශේක් නිසා එයාගෙ අහිංසක තාත්තා බොරුවට බැනුම් අහන්න ඕන නැති නිසා එයා මුකුත් නොකිය ඇදේ අනිත් පැත්තෙන් ඇල උනා.

" මේ රෑට අතපය එහෙම මගෙ ඇගට දාන්න ආවොත් හොද වැඩ කරනවා. දැන් නිදාගන්නවා.

ඒ කියලා අනිත් පැත්ත හැරිලා  විනාඩියක් යන්න කලින්ම තේමියට නින්ද ගිය නිසා අභිශේකුත් ලයිට් ඕෆ් කරලා නිදාගත්තේ වෙහෙසකාරී දිග දවසක නිමාවත් එක්ක.

තේමිය උදේ ඇස් අරිනවත් එක්කම එයාට දැනුනේ උස්සලා පොලවෙ ගැහුවා වගේ ගැහීමක්. මොකද අපේ තරුන රහස්පරීක්ශක වරයගේ කුබි මොලේට දැනුයි වැටහුනේ එයා මුලු රෑම නිදාගෙන තියෙන්නේ තමන්ගෙ ආදරනීය නයි වෛරක්කාරයගෙ තුරුලෙ කියලා.

සිරාවට මට පනු ගායද යකෝ එකතැනක ඉන්න බැරි. මොන එහෙකටද මුගෙ ඇගේ නිදාගත්තේ.

ඇතියන්තම් මූ තාම නිදි නැත්තම් වලක් කපන් වැලලෙන්න වෙන්නේ.

ඊයෙ රෑ මම මූට පාට් එක දැම්මා මගෙ ඇගට කකුල් දැම්මොත් හොද වැඩක් කරනවා කියලා.... දැන් මම ම ......

අඩන්න බැරි කමට ශේප් එකේ අභිශේක් ගෙ ඇග උඩින් අයින් උන තේමිය මුකුත් නොවුනා වගේ ඇදෙන් නැගිටලා තමන්ගෙ ඔලුවටම ගහගෙන බාතෲම් එකට ගියා. මේ සම්පූර්ණ සිදුවීමම හොර නින්දේ ඉදන් බලාගෙන හිටිය අභිශේක්ට තවත් එයාගෙ හිනාව තද කරන් ඉන්න බැරි උනා.

තේමිය බාතෲම් එකේ කණ්ණාඩිය ඉස්සරහට ගිහින් දත් මදින ගමන් කල්පනා කරේ තමන්මේ හොද සිහියෙන්ද ඉන්නේ කියලා. උදේ උන සිදුවීමත් එක්ක තේමියට දැන් නිදිමතත් නෑ සීතලත් නෑ.

දත් මැද මැද හිටිය තේමියගෙ සිහිය ගැස්සිලා දෙපිටින් ගියේ අභිශේක් බාතෲම් එකේ දොර ඇරගෙන ඇතුලට ආවත් එක්කමයි.

" තට්ටු කරලා එන්න බැයිද යකූ ඇදුම් නැතුව හිටියනම්.

" ඉතින් උබ මොකටද දොර ලොක් කරගත්තෙ නැත්තේ. අනිත් එක හෙලුවෙන් හිටියා කියලා බලන්නත් හරි ලබ්බක් තියෙනවා.

" උබට මගෙ ලබ්බවල් අදාළ නෑනේ.

තේමිය ඒ කියලා ටැප් එකෙන් වතුර ටිකක් අරන් අභිශේක්ට ගැහුවේ

උදේ පාන්දර අයිස් වතුර ඇගට වැටුනම දැනෙන රහ දනවන්න. ඒත් තේමිය දැනන් හිටියෙ නැහැ ඊලගට එයාට වෙන විපත්තිය. අභිශේක් අත පුරවලා ගත්ත වතුර එකෙන් තේමියව නෑවිලා යන්න වතුර පාරක් ගැහුවා. තේමියත් වැඩේ අත නො ඇර දත් බුරුසුවත් පැත්තකින් තියලා අභිශේක්ට වතුර ගහන්න ගත්තා. අන්තිමට දෙන්නම සීතල වතුරෙන් නාගෙන වෙව්ල වෙව්ල එලියට ආවේ සෝදිසි කිරීම් වලට යන්න පරක්කු වෙන නිසා.

" ආහ් ජෝඩුව ආවද ?

Good morning

" Good morning ජයපාල.

මොන ජෝඩුවද මම තනියම ආවෙ.

" Good morning ජයපාල.

" මොකද sir තේමිය sir ට උදේ පාන්දර තද වෙලා.

" අහ් අද උදේ තේමිය sir භාරයක් ඔප්පු කරානේ.

" ඒ මොකක්ද sir ඒ.

" තේමිය sir කේස් එකේ වැඩ ඉක්මනට හරියන්න කියලා සුභ මොහොතින් සීතල වතුරෙන් නෑවා.

" කේස් එකනම් ඉක්මනට ගොඩදාගන්න පුළුවන් වෙයි.

" ජයපාලලට මොනාහරි හම්බුනාද.

" ඔව් sir ඊයෙ sir ලා අර හොයාගත්ත පහල තට්ටුවට ඊයේ රෑ කවුරුහරි රිංගලා. අද උදේ අපි සෝදිසි කිරීම් වලට එද්දී කවුරුහරි ඒ පොලව ලෑලිදෙක තුනක් ගලවලා. ඉතින් අපිත් සැකේට ඒක ඇතුලෙ සෝදිසි කරලා බැලුවා.

" සෝදිසි කරා ?

" ඔව් sir.

" ඔයාලට මොනාහරි හම්බුනාද ?

" ඒක අස්සේ වෙනම කේස් එකක්වගේ sir. Sir ට කියන්න අපි කීයටවත් හිතුවෙ නෑ භනුක sir ගෙ විල්ලා එකේ මෙහෙම දෙයක් තියෙයි කියලා. අපේ ලොකු sir පරීක්ශන කණ්ඩායමකට මේ ගැන දැනුවත් කරලා තිබ්බා. තව ටිකකින් ඒ මහත්තුරු එයි.

" හොදයි හොදයි

පහල තට්ටුව පොලීසියෙන් සෝදිසි කරන නිසා තේමිය ගියේ ඒ විල්ලා එකේ උඩ කාමරයක් පරික්ශා කරන ගමන්.

" shit ! මේකෙ අස්සේ දූවිලි.. අවුරුදු ගානකින් අස් කරලා නෑ වගේ.

විල්ලා එක ඇතුලේ දවල්ට උනත් එයාට යන්න උනේ ටෝච් එකේ පිහිටෙන් මොකද දැන් සෑහෙන දවසක ඉදන් විල්ලා එකට කරන්ට් නැති නිසා.

තේමිය ටෝච් එලියෙන් ඒ පාලු කාමරය ඇතුලට ගියත් එයාට දැනුනා කවුරුහරි එයාගෙ පිටිපස්සෙන් එනවා වගේ.

" අභිශේක් ??

තේමිය ඒ අභිශේක් කියලා පිටිපස්ස හැරුනත් එතන කවුරුවත්ම හිටියෙ නැහැ.

පිස්සුද යකෝ බොරුවට බය වෙන්න එපා හොල්මන් කියලා දෙයක් නැ. හොල්මන් කියන්නේ හෙලවෙන මනස.

තේමිය ආයෙමත් හිමීට ඒ චිරි චිරි ගාන ලෑලි පොලව උඩින් හිමීට අඩිය තියාගෙන ගියේ කාමරේ අයිනෙ තිබුන ලොකු ජනේලේ ගාවට. තේමිය ජනේලෙන් පේන ඒ කලුවර කැලෑව දිහා බලාගෙන හිටියා.

ඒත් එක්කම එයාගෙ ඇස ගැටුනේ කොස්තාපල් ජයපාල එක්ක කතා කරකර ඉන්න අභිශේක් ව. විනාඩියක් යන්නත් කලින් ඒ ඇස් තේමිය එක්ක යාවෙද්දී අභිශේක් ගෙ ඇස් බයෙන් ලොකු වෙන්න ගත්තා. අභිශේක් තව තප්පරයක්වත් නොහින විල්ලා එක පැත්තට දුවන් ආවේ තේමියව හොයාගන්න.

" තේමිය ඔයා හොදින් නේද ? ඔයාට කරදරයක් උනේ නෑනේ.

" නැහැ ඇයි මේ... ඔ.

හහ් මොකක්ද ඒ.

" පස්සට වෙන්න.

තේමියගෙ කතාව නැවතුනේ එයාලා ඉස්සරහා තිබුන ඒ ලොකු අල්මාරියෙන් මොකෙක් හරිදගලන සද්දයක් ඇහුන නිසා.

" මේක අස්සෙ මොකෙක් හරි ඉන්නවා.

අභිශේක් එයාගෙ තුවක්කුව අල්මාරිය දිහාවට දික් කරන් ඉන්නවත් එක්කම අල්මාරිය හෙලවෙන එක නතර වෙලා ක්‍රීස් ගාන සද්දයක් එක්කෙ ඒකෙ  දොර ටිකෙන් ටික ඇරෙන්න ගත්තා. දොර සම්පුර්ණයෙන් ඇරුනත්  ඒක හිස් අල්මාරියක් විතරයි. ඒත්  එක්කම එයාලා දැක්කේ ඉරිතලලා පුපුරලා  යන ඒ කාමරේ  ජනේලේ වීදුරුව.පුපුරපු ජනේලේ කෑලි කැඩිලා විසිවෙද්දී අභිශේක් ඉක්මනට තේමියව තමන්ගෙන් කවර් කරගෙන ඒ කාමරෙන් එලියට දුවලා ආවා.

කැමැත්තෙන් උනත් අකමැත්තෙන් උනත් ඒ දෙන්නට එයාලා දැකපු දේ විශ්වාස කරන්න උනා මොකද ඒ දෙන්නම ඒක සිදුවීමට මූන දුන්න නිසා.

" sir මොකක්ද ඒ සද්දේ ?

" අපිට තවත් මේ කේස් එකට ඕන වෙන්නේ පොලීසිය නෙවේ ඉන්ස්පෙක්ට හොද කට්ටඩියෙක්.

අභිශේක් ඒ කියාගෙන තේමියවත් එක්කන් එලියට ආවා. එලියට ඇවිත් අභිශේක් ප්‍රශ්න දාහක් ඇහුවත් දැන් තේමිය ගොලුයි. මොකද මේ වගේ දෙයක් එයා අත්දැකපු පලවෙනි වතාව නිසා. මීටකලින් කිසි ගේමක් නැතුව තමන්ට ආව කේසස් දවස් දෙකෙන් විසදපු තේමිය දැන් හිටියේ කිසිදෙයක් කරගන්න බැරි අත දරුවෙක් ගානට. මේ වෙද්දිත් oic ලලිත්ගෙ දැනුම්දීමට ඇවිත් හිටිය පරික්ශන කණ්ණායම යට  තට්ටුව පරික්ශා කරන ගමන් හිටියේ.

" තේමිය මොනාහරි කියපන්කො කටවහන් ඉන්නැතුව.

" අභිශේක් මෙතන මොකක්ද මේ වෙන්නේ මට..

" sir අර පහල තට්ටුවෙන්

" මොකද  dead body එකක්වත් හම්බුනාද.

" එකක් නෙවේ sir දැනට පහක් හම්බුනා.

" මොකක් !! කොහෙ තිබුලද හම්බුනේ.

" ඒ තට්ටුවේ ගහලා තියන මැටි බිත්ති අස්සේ තිබිලා.

" ජයපාල ඉක්මනට ජීප් එක ගන්න උසාවියට යන්න ඕනා.

කඩිමුඩියේ විල්ලා එක ඇතුලෙන් එලිය ආව oic ලලිත් ඒ කියාගෙන ජිප් එකට නගිද්දි ජයපාලත් ඉක්මනට ජිප් එකට නැගලා ලෑල්ල පාගලා ගියේ නුවරඑළිය උසාවියට.

" තේමිය වාහනෙට නගින්න.

" ඒ ඇයි. මෙතන තව මිනී හම්බෙලා තියෙද්දී.

" දැන් කවුරුවත් ඔතන මුකුත් කරන්න යන්නෑ උසාවියෙන් එනකම්. අපිට මෙතන ඉදලා කරන්න දේකුත් නෑ මෙහෙ එනවා.

" කොහෙද යන්නේ කියහන්කො.

" ඉස්සෙල්ලා වරෙන්කො මම තමුසෙව පැහැරගෙන යන්නෑ.

අභිශේක් තේමියව ඒ ලග තිබුන ලස්සන view point එකක් තියන coffee shop එකකට එක්කන් ආවා. මොකද එයා දන්නවා කලින් උන දේ එක්ක දැන් තේමියගෙ හිත කලබලයි කියලා.

" ඔයා ගිහින් වාඩි වෙන්න. මම coffee අරන් එන්නම්.

" ම්ම් හ්ම්ම්.

අභිශේක් මෙහෙම හැසිරෙද්දී තේමියට පුදුමත් හිතුනා මොකද දැන් මේ ඉන්න අභිශේක්  අවුරුදු හතරකට කලින් හිටිය අභිශේක් ට වඩා සෑහෙන වෙනස් නිසා.

මේ යකාට ඇත්තටම මොනා වෙලාද. මම කලින් දැනන් හිටිය අභිශේක්නම් අඩිදහයක් උඩින් යන මහ අලි ඔලුවක්නෙ. ඒත් ඇයි දැන් මේ යකාගෙ රැස් බැහැලා. ඔක්කොම නිකම් කන පිට ගැහිලා වගෙ. පන පිටින් ගෙදර යන්න තිබ්බොත් ඇති දැන්නම්.

ආයෙමත් ඒ විල්ලා එකෙයි ඒකෙ ඇතුලෙ තිබුන භයානක දේවලුයි එක්ක අතරමන් වෙලා හිටිය තේමිය මේ සිහියට ආවේ අභිශේක් දැම්ම තට්ටුව නිසා.

" මොනා ගැනද හිතන්නේ.

" අභිශේක් මම හොල්මන් විශ්වාස කරන්නේ නැහැ ඒත් මේවෙන දේවල් එක්ක.. අනිත් එක මොනාද මේ අනිත් dead bodies.

" දැන් ඇති.

ටිකක් relax වෙන්න.

ආ මේක බීලා ඉන්න.

" thankyou..

" ඔහ් බබා ඒ වගේ වචනත් දන්නවා නේ.

" අනේ මේ මට ඔහේට වගේ අලි ඔලුවක් නෑනේ.

" මගෙ ? මගෙ අලි ඔලුව ?

" ඔව් නැතුව. ඇයි තමුසෙට මතක නැද්ද.....

නෑ මුකුත් නෑ.

" මොකක්ද ? මතක නැද්ද ? ඉතුරු ටික ?

" මුකුත් නෑ. කොහොමත් මේ කේස් එක ඉවර උනාට පස්සේ අපි එකට වැඩ කරන්නේ නෑනේ. එතකොට උබත් නිදහස් මාත් නිදහස්.

" හ්ම්ම්.

" ඒක නෙවෙයි උබ ඇයි මම අර කාමරේ ඉද්දි එකපාරටම බය වෙලා දුවන් ආවෙ ?.

" මුකුත් නැහැ මේ ජයපාල කිව්ව එයාලා යට තට්ටුව සෝදිසිකරා කියලා. මම ඒක කියන්න ආවේ.

" එහෙමද

" හ්ම්ම්.

තේමිය මේක දාගනින්.

අභිශේක් එයාගෙ කරෙන් ගලවලා ගත්ත මාලෙ තේමියට දික් කරා.

" මේ මොකක්ද.

" protecting necklace එකක්

" ඉතින් ඒක මට දෙන්නෙ.

" පන්ඩිතකම් නොකිය මේක දාගන්නවා.

අභිශේක් එයාගෙ පුටුවෙන් නැගිටලා ඇවිත් ඒක තේමියගෙ කරට දැම්මා.

" ඕක ගලවන්න එපා.

" දැන් මේක මට දුන්නම තමුසෙට එකක් නෑනේ.

" තමුසෙ ඕක දාගෙන මන් ලගට වෙලා ඉන්නවකො එතකොට මගෙ පනත් බේරෙනවනෙ

" ආ ඇත්තද මහත්තයා ... කියන්කම් හිටියේ.

" කියනකම් හිටියෙ කියලා  දන්න නිසා තමා දැන්ම කිව්වේ.