Chapter 5: v ♡

LOVE HATE 🖇️ (Sinhala Bl )Words: 19388

තමන්ගෙ දුරකථනය නාද වෙනවත් එක්කම මෙච්චර වෙලා තමන්ගෙ කෝපි කෝප්පයේ අන්තිම හරිය තොල ගාමින් හිටිය තේමිය ගෙ ඇස් ලොකු උනේ ඒ ඇමතුම ලබාදුන්න කෙනාගෙ නම දැකලා.

" අප්පටසිරි භාතිය sir නේද.

" වාචික පරීක්ශනයක් අත ලග.

" උබත් වරෙන් නැත්තම් මේවට මම තනියම උත්තර දෙන්න ඈ ???

" මෙතන කතා කරන්න බෑනේ වාහනේට යං.

දෙන්නම වාහනේට ඇවිත් dig භාතියගෙන් ලැබෙන්න තියන දීර්ඝ වාචික පරීක්ශනයට සූදානම් උනා.

" hello භාතිය sir.

" තේමිය ඔයාලා කොහෙද ඉන්නේ.

" අපි මේ විල්ලා එකට යන ගමන් sir.

" අභිශේක් කොහෙද ?

" ඉන්නවා sir මම speaker දාන්නම්.

" sir

" මොනාද කේස් එක ගැන අලුත් තොරතුරු. ඔයාලා තව අලුතින් මොනාහරි හොයාගත්තද.

" sir මිනීමරුවා මනුස්සයෙක්ද සතෙක්ද කියලා හොයාගන්නවත් කිසිම සාක්ශියක් නැහැ. අඩුම තරමෙ එක ඇගිලි සලකුනක්වත් නැහැ. දැන් භානුකගෙ විල්ලා එකේ තිබුලා තව dead bodies වගේකුත් හොයාගත්තා . Sir මෙතන තව තව දේවල් සිද්ධ වෙනවා.

" තව තව දේවල් ?

" ඔව් sir. මෙහෙ පොලීසියෙ අය කියනවා මේ ලගදි ඒ පැත්තේ ගෑනුලමයි තුන් දෙනෙක් අතුරුදහන් වෙලාලු තව එක එක සද්ද.

" මට හිතෙන්නේ මේක භානුකගෙ තරහ කාරයෙක් කෙරුව වැඩක් ඒකත් හොදට ප්ලෑන් කරලා. කෙරුව එකා මොකෙක් උනත් එක කෙස් ගහක දෙයක් අහුවෙන්න ඉඩ තියලා නැහැ.

" sir මේකට mafia එකේ කවුරුහරි සම්බන්ද වෙන්න බැරිද.

" mafia ?

භාතිය ඒ කියලා හිනා වෙද්දී තේමිය අභිශේක්ගෙ මූන බැලුවේ මේකෙ මොකක්ද හිනාවෙන්න තියෙන දේ කියලා.

" sir ඇයි හිනාවෙන්නේ. මම අහන්නෑ ඇත්තටම එහෙම වෙන්න බැරිද.

" mafia එකෙන් මිනිහව මරනවනම් එහෙනම් භානුක සිංහවංශගෙ වයිෆ් අනිරා සිල්වා තමා.

" අනිරා සිල්වා ?

" චමින්ද සිල්වා ගෙ දුව.

" මිනිහා නොම්බර එකේ පාතාල කාරයෙක්නෙ.

" තාත්තා වගේම තමා දුවත්. අද උදේ පොලීසියටම ඇවිත් සද්දයක් දාලා ගියා භානුක සිංහවංශගේ විල්ලා එකෙන් මිනීගොඩ ගත්තා කිව්වම.

" sir මේවා කරන්න ඇත්තේ භානුකද එතකොට.

" එහෙම නෙවේනම් ඒ dead bodies මිනිහගෙ විල්ලා එක යට තියෙන්නෙ නෑනෙ.

" ඔය දෙන්නා ඉක්මනට ඔය කේස් එක ඉවරයක් කරලා කොලඹ එන්න. මිනිහගෙ මිනීමරුවව අල්ලනවට වඩා අල්ලන්න මිනිහගෙ හොර ජාවාරම් අතේ ඇගිලි ගානට තියෙනවා. මේවට අනිරා සිල්වත් සම්බන්ධයි. නැත්තම් ඒ ගෑනි මෙතන මෙච්චර නාඩගමක් නටන්නේ නෑනේ.

" ok sir.

ඇමතුම විසන්ධි උනත් එක්කම තේමියගෙ මූනෙ ඇදුනේ අමුතුම ලෙවල් එකේ හිනාවක්.

" මොකද යකෝ පිස්සු තද වෙලාද ?.

ඒ වැදගත් පැනය අභිශේක්ගෙන්

" කේස් එක එන්න එන්න interesting වෙනවා.

" ඔව් ඔව් interesting වෙනවා යක්කු දැකලා කලිසම තෙමා ගත්තම.

" යක්කු මැද්දෙන් ඇවිත් ඇඩ් දැම්මෙ නැත්තම් මම ලස්සනට කේස් එක විසදලා. භාතිය sir කිව්වට පස්සේ මට අනිරා සිල්වා ගැනත් සැකයි.

" එහෙනම් අනිරා සිල්වා උබේ අලුත් ක්‍රශ් එක.

" ඔව් ඔව් මගෙ ශුගර් මමී.

" බබා ආස නැද්ද ශුගර් ඩැඩී කෙනෙක්ට.

" ආසයි ආසයි ඒත් දැන් ඌ මැරිලනෙ.

අපරාදෙ නේහ්.

ඒ කියද්දී අභිශේක් තේමිය දිහා බලන් හිටියේ මොන කුණුහරපයක්ද යකෝ ඔය වගේ.

අභිශේක් විල්ලා එකට එන්න ආයෙමත් වාහනය පන ගන්නනවත් එක්කම ඇද හැලුනේ මහ වැස්සක්. ගස් වල අතු ඇබරිලා යන තරමට හමන හුලං එක්ක අහස පුරා අකුනු එලි වැදුනේ විශාල කුනාටුවකට මුලපුරමින්.

" කුනාටුවක් සෙට් වෙන්නද කොහෙද යන්නේ.

" බබා ශීට් බෙල්ට් තද කරන් ඉදගෙන ඉන්නකො මම ඉතුරු ටික බලාගන්නම්.

" ඔය බබා ගාන එක නවත්තහන් යකෝ... කාටහරි ඇහුනොත් ලැජ්ජාවෙ බෑ.

" දැන් මෙතන කවුරුවත් නෑනේ බබා.

" අනේ යකෝ මට බබා කියන්න එපා

" එහෙනම් පැටියා කියන්නම්

" වාහනේ එලව එලව නොහිටියනම් දනී කරන දේ මට තේමිය කියලා කතා කරහන් වෙන මුකූත් එපා.

" හා බබා.

" උබත් එක්ක මේකට ආවට මට තෑගි දෙන්න ඕනා.

" මං අරන් දෙන්නම් බබා.

" ඇහුන්නෑ.

" බබාගෙ කන් චෙක් කරන්නත් මම එක්කන් යන්නම්.

" මාව කාපං

තේමිය ඔලුවට අතගහගෙන ජනේලෙ පැත්ත හැරුනේ තව කියවන්න ගියොත් එයාගෙ ප්‍රෙශර් නගිනවා නැත්තම් නහරයක් පුපුරන නිසා.

පැය භාගෙකට විතර පස්සේ මහා කුනාටුව අතරින් තේමිය මහත්තයා පන රැකගෙන විල්ලා එකට ආවේ අපේ අභිශේක් රියදුරු මහතගෙ පිහිටෙන්. ඒ ආවත් ඒ දෙන්නටම ඒ හොල්මන් මන්දිරේ ඇතුලට යන්න උනේ හොදටම නාගෙන.

හවස හයට විතර oic ලලිත් උසාවියට කල දැනුම් දීම මත ආව රසපරීක්ශක කණ්ඩායම මලසිරුරු පරීක්ශා කරන්න පටන් ගත්තා. ඒ අතර රහස් පරීශකයො දෙන්න oic ලලිත් එක්ක හිටියේ බර සාකච්ඡාවක. හවස හතට කිට්ටු කරනවත් එක්කම එයාලට ඇහෙන්න ගත්තේ ඊයෙ රෑ ඇහුන අර භයානක විලාප සද්ද. ඒ ගමන්ම විල්ලා එකේ උඩ තට්ටුවෙන් ඇහුන බඩු පෙරලෙන සද්ද එක්ක අභිශේක් , තේමිය  , oic ලලිත් වගේම සෝදිසි කිරීම් වල හිටිය තව නිලධාරීන් පස් දෙනෙක් උඩ තට්ටුවට ගියා.

" sir මෙතන මොකෙක් හරි ඉන්නවා වගේ අර බලන්න.

එතන හිටිය එක නිලධාරියෙක් ඒ පැත්තට ටෝච් එක දික් කරත් ඒත් එක්කම වගේ ඒ කලු ජායාව අතුරු දහන් වෙලා ගියා. අභිශේක් තමන්ගෙ තුවක්කුවත් අරන් ලෑස්ති පිට අනිත් නිලධාරින් එක්ක ඉදිරියට ඇදුනත් ඒත් එක්කම එයාලට අර විලාප සද්දය ගොඩක් ලගින් ඇහෙන්න ගත්තා වගේම කවුරුහරි බර අඩි තිය තිය දුවන සද්දෙත් ඒ අඩි වලට එයාලා ඉන්න පොලව දෙදරනවා කියලා එයාලා හැමෝටම තේරුනා. තේමිය ඉක්මනට එයාගෙ කන් දෙක අතින් තද කරගත්තේ එයාට ඒ සද්දෙ තවත් දරාගන්න බැරි නිසා. ඒ හිටිය නිලධාරින් වටේටම වෙඩි තිබ්බත් ඒ අඩි සද්දෙවත් විලාප සද්දෙවත් නැවතුනේ නෑ. ඒකෙන් උනේ එයාලා වටේ තිබ්බ හැම ජනේලයක්ම කෑලි කෑලි වලට පුපුරලා ගිය එක. හැමෝම ඒ වලින් බේරෙන්න බිමට පාත් වෙලා පහල තට්ටුවට දුවලා ගියත් අභිශේක් තාමත් එහෙම්මම කනුවක් වගේ එතන හිටන් හිටියා.

" අභිශේක් ඔතන හිටන් ඉන්නෙ නැතුව එනවා.

" මේ මොකෙක් උනත් අද මට ඌව හොයාගන්න ඕනා.

" ඊට කලින් තමුසෙට මොනාහරි වෙන්න කලින් මෙහෙ එනවා.

තේමිය අභිශේක් ට බැන බැන පහලට ඇදගෙන ආවා. ඒවෙද්දිත් රස පරීක්ෂක කණ්ඩායම ඒ මලසිරුරු වල සාම්පල් පරීක්ශන කටයුතු වලට අධිකරන වෛද්‍ය වරයා ලගට අරන් ගිහින් තිබුනා. ඒ නිසා පොලීසියට වගේම තේමියටයි අභිශේක්ටයි තිබුනේ ඒවවල reports එනකම් බලන් ඉන්න. රෑ 10.00 විතර ඒ දෙන්නම එයාලගෙ කාමරේට ආවේ ඔලුවෙ බර ප්‍රශ්නයක් එක්ක.

" අභි... අභිශේක් ඔය මූන.

" මොකද.

" ඔහොම ඉන්න.

තේමිය අභිශේක් ගෙ මූන එයාගෙ පැත්තට හරවගෙන අභිශේක් ගෙ මූනෙ තිබුන ලේ පැල්ලම පිහලා දැම්මා. කලින් ජනෙල් බිදුන නිසා ඒ වීදුරු කටුවකට අභිශේක් ගෙ මූන සීරිලා තිබුනා. අභිශේක් ගෙ මූනෙ තිබුන ලේ පිහ දැම්මත් තේමිය හිටියෙ ඒ මූන දිහා බලාගෙන ගල් වෙලා. මොකද ඒ එයා අභිශේක් ගෙ මූන දිහා හරියට බැලුව පලවෙනි වතාව. ඒ මූන පුරා ඇස් යවන ගමන් ඒ මූනේ හැම අගලක්ම තමන්ගේ සදාකාලික මතකයට තැම්පත් කරගත්ත තේමියට ඒ දුඹුරු පාට ඇස් ඇතුලේ අතරමන් වෙන්න ගියේ එක තප්පරයයි.

තමන්ගෙ මූනෙ තිබුන තේමියගෙ අතින් අල්ලලා තමන් ලගට ඇදලා ගත්ත අභිශේක් ඒ කට කොනෙන් දෙන හිනාවත් එක්ක තේමියගෙ ඇස් දිහා බලන් හිටියේ තේමියව තවත් අසරන කරන ගමන්.

ඒත් සත්‍ය යථාර්තය තමන් හිත යටින් අභිශේක්ව අගය කරනවා කියලා පිලිගන්න අකමැති තේමිය අභිශේක්ව තල්ලු කරලා දාලා බාතෲම් එකට ගියේ තමන් දැන් පත් වෙලා ඉන්න අසරනතාවය අභිශේක් කොහෙත්ම දැනගන්න ඕන නැති නිසා. ඒත් අභිශේක් හිටියේ තමන්ගෙ සගයව අසරනතාවයට පත් කිරීම පිලිබද උපරිම තෘප්තියෙන්. මොකද ඒ වෙද්දිත් තමන් නිසා රතු උන තේමියගෙ කම්මුල් අභිශේක් දැකලා ඉවරයි. ඉතින් දැන් දෙන්නගෙන් කාටවත් හොල්මන් මතකත් නෑ භානුක සිංහවංශව මතකත් නෑ ඒ විල්ලා එක මතකත් නෑ. තේමිය ආව ගමන් අභිශේක් වොශ් දාන්න ගිය නිසා තේමිය ඇදට ඇවිත් ලොලිපොප් එකකුත් කටේ ගහගෙන අභිශේක් දුන්න මාලය ඇගිලි අල්ල අල්ල හිටියා. ඒ ඉන්න ගමන් තමන්ගෙන් ඇමතුමක් එනකම් ගෙදර මිනිස්සු බලන් ඉන්නවා නේද කියන පනිවිඩය කනාවට මොලේ ලගින් ගියාම කොල්ලා දඩි බිඩි ගාලා තමන්ගෙ දුරකථන අතට ගත්තේ තමන්ගෙ ආදරනීය මාතාව අමතන්න.

" hello අම්මේ.

" hello පුතේ මම මේ ඔයා call එකක් දෙනකම් බලන් හිටියේ. වැඩ ඇති කියලා මම ගත්තෙත් නැත්තේ.

" ඔව් අම්මා මේ කේස් එක අස්සේ හිරවෙලා ඉන්නේ.

" පුතා කාලා බීලද ඉන්නේ. සීතලට අසනීපයක්වත් හැදුනෙ නෑනේද ?

" නෑ නෑ අම්මා මගෙ ප්‍රතිශක්තිකරණ හොදයි.

" අනේ ප්‍රතිශක්තිකරණ . පොද වැස්සකට තෙමිනත් ඇති චූස් චූස් ගාන්න.

" එහෙම නෑ අම්මා මේ ඉන්නේ කොම්ලා ෆිට් එකේ.

" අම්මයි තාත්තයි අක්කයි සනීපෙන් නේද.

" ඔව් ඔව් අපි හොදින්. පුතා කවද්ද ගෙදර එන්නේ.

" හරියට කියන්න බෑ අම්මා.

" ඔහෙ ගොඩක් සීතලයිද පුතා.

" ඔව් ඉතින් ටිකක් විතර. බය වෙන්න එපා මම අසනීප වෙන්නෑ.

" පුතා තනියනමද ඔහෙ ඉන්නේ.

'' නෑ අර ලොකු ඔ.. යාලුවෙක් එක්ක අම්මේ.

ඒ කියද්දිම තේමිය කතාව වෙනස් කරේ අභිශේක් බාතෲම් එකෙන් එලියට ආව නිසා.

" හරි හරි පුතා වැඩ ටික කරගෙන පරිස්සමට ගෙදර එන්නකො. පුතා දැන් වැඩද.

" නෑ අම්මා නිදාගන්න යන්නේ.

" හරි හරි පුතා නිදාගන්න මම තියන්නම්.

බුදු සරණයි.

" හරි අම්මා . බුදු සරණයි .

ටවල් එක වනලා ඇදට එන අභිශේක් දිහා බලන් හිටිය තේමිය එයාගෙ බෑග් එකේ තිබ්බ බෙහෙත් tube එක අභිශේක් ගෙ අතට දුන්නා.

" මේක මොකටද.

" තමුසෙගෙ මූන තුවාල වෙලා.

" ආහ් , මොකෝ බබාට මං ගැන හිතක්වත් පහල උනාද.

" පහල උන එක මම කියන්නෑ. ඕක ගාගෙන ලයිට් එක ඕෆ් කරලා නිදාගන්නවා.

" ඒත් මේක ගාගන්න මට පේන්නැනේ.

" අනේ උබත් බබෙක් වගේ බං.

තේමිය ඇදෙන් දන ගහගෙන අභිශේක් ගෙ මූනෙ රතුවෙලා තියන සීරුම දිගේ එයාගෙ ඇගිලි තුඩු වලට ගත්ත බෙහෙත් තැවරුවා. තමන් දිහා හිනා වෙවී බලන් ඉන්න අභිශේක් ගෙ ඇස් දිහානම් බලන්න තේමියට කොහෙත්ම හයියක් තිබුනෙ නැහැ. ඒ නිසා ඉක්මනට බෙහෙත් ටික ගාලා තේමිය එයාගෙ පැත්තෙන් ඇවිත් නිදාගත්තා.