Chapter 7: vii ♡

LOVE HATE 🖇️ (Sinhala Bl )Words: 20263

ඒ දෙන්නා විල්ලා එක ලගට ආවත් එතන වෙනම කාලගෝට්ටියක්. භානුකගෙ වයිෆ් අනිරා මේ වෙද්දිත් විල්ලා එක කනපිට හැරෙන්න බෙරිහන් දිදී එතන හිටිය පොලීසියෙ අයටත්  බනිනවා. Oic ලලිත්ටත් කටක් හොල්ලන්න බැහැ මොකද ඒ වගේ කෙනෙක් ඉස්සරහා තමන්ගෙ කට හොල්ලලා ජීවිත අවධානමක් ගන්න එයාට කොහෙත්ම උවමනාවක් තිබ්බේ නෑ.  මොකද අනිරා කියන්නේ නයි වෛරක්කාරියෙක්.

තේමිය අභිශේක් දෙන්නම oic ලලිත් ගාවට ඇවිදන් යද්දී අනිරා යක්ශා වේශයෙක් තේමියලා දිහාවට හැරුනත් ඊලග තප්පරේදිම ඒ ඇස් අමුතු බයක් එක්ක පොල් ගෙඩි දෙකක් තරම් ලොකු උනා. ඒත් ඒ පෙනුමට මෝහිනී දැක්කා සමානව තේමියත් බය උනා. ඉතින් අභිශේක් තේමියව පහුකරන් අනිරා ඉස්සරහින් හිටගත්තේ අනිරා තමන්ගෙ අඩියක් පස්සට ගන්න ගමන්.

" ත.. තමුන් ?

" අනිරා මැඩම් මාව දන්නවද ? මැඩම්ගෙ ආදරනීය ස්වාමිපුරුශයගෙ  මිනීමරුවව හොයන්න හම්බුනේ මටනෙ.

අභිශේක් ඒ එක්කම අනිරා ට දුන්නේ කින්ඩි හිනාවක්.

" ත.. මුසේ

" මොනා කරන්නද මැඩම්, කෙරුව පව් පල දෙනවා.

අභිශේක් අනිරාට විතරක් ඇහෙන ගානට ඒක කිව්වේ අනිරගෙ ඇස් තවත් බයෙන් ලොකු වෙද්දී.

අභිශේක් ගෙ පිටිපස්සෙන් හිටිය තේමිය අනිරා දිහත් අභිශේක් දිහාත් මාරුවෙන් මාරුවට බැලුවේ කුතුහලසහගත බැල්මක් එක්ක. අනිරා කියන්නේ දැඩි පෙනුමක් තියන පිරිමියෙක් වගේ ගෑනුකෙනෙක්. ඒ නපුරු බැල්ම ට මිනිස්සු අලු වෙලා යන තරම්. ඒක අනිරව දකින හැමෝටම පේන දෙයක්. ඒත් ඒ ඇස් වල දැන් බයක් තිබුනා. තේමිය ඒක හොදාකාරවම දැක්කා වගේම ඒකට හේතුව අභිශේක් කියලත් තේමියට තේරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ . එයාලා අතර උන කතා බහ තේමියට ඇහුනෙ නැති උනත් දැන් තේමියට අනිරා ගැන තිබුන සැකය තව වැඩි උනා.

" අහ් තව දෙයක්. මැඩම්ම මෙහෙට ආව එක හොදයි. අපිට අර dead bodies ගැන කට උත්තර මැඩම්ගෙන්ම ගන්නත් පුළුවන් නෙ. නැත්තම් මම මැඩම්ගෙ husband ව හොයාගෙන අපායට යන්න ඈ.

ඒ කියලා අනිරාව සත පහකට ගනන් නොගෙන අභිශේක් තේමියවත් ඇදන් oic ලලිත් ලගට ගියේ  අනිරා අබ මිටක් දැම්මොත් පුපුරන සයිස් එකේ තරහකින් අභිශේක් දිහා බලාගෙන ඉද්දී.

අභිශේක් oic ලලිත් දුන්න අතුරුදන් උන ගෑනුලමයින්ගෙ ෆයිල් එක study කරන්න ගත්තත් තේමිය හොරෙන් බලන් හිටියෙ අභිශේක් දිහා. අච්චර සද්දෙ දැම්ම අනිරගෙ කට ඒ විදිහට වැස්සුවෙ කොහොමද කියලා එයා අභිශේක් දිහා බලාගෙන කල්පනා කරා.

" බබා ඔයා මන් දිහා බලාගෙන භාවනා කරනවද.

" ඔව් ඔව් පිලිකුල් භාවනව.

" ඇත්තට ? මම එච්චර කැතද හොදට බලන්න බබා.

අභිශේක් එයාගෙ සුපුරුදු හිනාවත් එක්ක තේමියගෙ මූනට ලං උනාම දැන් ඉතින් තේමියට වචන සමානයි කලුනික වගේ. හොයාගන්න බෑ හොයාගත්තත් කියාගන්න කට පන නෑ. බේරෙන්න තියන එකම ක්‍රමේ අභිශේක් ව තල්ලු කරලා ෆයිල් එක අස්සට මූන ඔබා ගන්න එක. ඉතින් තේමිය විකල්ප තේරීම් අතුරින්  අභිශේක් ව තල්ලු කරලා ෆයිල් එක අස්සට මූන ඔබාගන්න හොදම විකල්පය එක පයින් තෝරගත්තේ වචන වලින් උත්තර දෙන්න ගියොත් තමන් පත් වෙන අසරන භාවය ගැන හිතලා. ඒත් අභිශේක් නම් අපේ අහිංසක රහස්පරීක්ශක තුමාව මෙහෙම අසරණය කරන  එකෙන්  ලබාගත්තේ මහ කුරිරු සතුටක්.

" මෝඩයා.

" කවුද බබා මමද. අන්න ඔයාගෙ ශුගර් මමීත් ඇවිල්ලා ඔයාව බලන්න.

" අනේ ඒ ගෑනිව දැක්කොත්නම් මේ භූත බංගලාවෙ ඉන්න යක්කුත්  බයවෙයි.

" ඒ උනාට ඔයා බයවෙන්න එපා බබා. මම ඉන්නවනෙ.

" ඒකතමා ලොකුම බය.

විල්ලා එක ගාව ඉදන් පොලීසියට තර්ජනේ කර කර කෑ ගැහුව අනිරාව ඒ පොලිස් ජිප් එකකම දාගෙන නුවරඑළිය පොලීසියට අරන් ගියේ මේ විල්ලා එකේ හම්බුන අනිත් මලසිරුරු ගැන කට උත්තර ගන්න.

ඒ අතර තේමියයි අභිශේකුයි කොස්තාපල් ජයපාල එක්ක ඒ අන්තිමට අතුරුදන් උන ගෑනුලමයගේ ගෙදර හොයාගෙන ගියා. ඒක  ලොකු තේ වත්තක අයිනට වෙන්න තිබුන පොඩි ගෙදරක්.

කොස්තාපල් ජයපාල ඉස්සර වෙලා ගියේ ඒ ගමේ මිනිස්සු තේමියවයි අභිශේක්වයි අදුරන්නෙ නැති නිසා.

" ගෙදර කවුද ?

කොස්තාපල් ජයපාල ගෙදරට තට්ටු කරාම දොර ඇරගෙන ආවේ මැදි වයසේ ගෑනුකෙනෙක්.

" ජයපාල මහත්තයා. අපේ දුව ගැන ආරංචියක් හම්බුනාද මහත්තයා.

" මේ මහත්තුරු ආවෙ ඒ ගැන කට උත්තරයක් ගන්න තමා.

" අනේ මහත්තයො මගෙ දරුවව කොහෙන් හරි හොයලා දෙනවා නේද. ඒකි පගෙ පන ඩිංග මහත්තයෝ.

හරිම අසරන විදිහට ඒ ගෑනු කෙනා අත් දෙකත් වැදගෙන එයාලා දිහා බලලා කියද්දී එයාලා ඒ ගෑනු කෙනා දිහා අනුකම්පාවෙන් බැලුවේ හදිසියේවත් ඒ ගොඩ ගත්ත මිනී අතර මේ ගෑනුලමයින්ගෙ මිනීත් තිබුනොත් එයාලා කොහොමද ඒක කියන්නේ කියලා හිතලා.

ඒ ගෑනු කෙනා ගේ ඇතුලට දුවලා ගිහින් ඒ ගෑනු ලමයගෙ ජායාරූපයක් අරන් ඇවිත් අභිශේක් ගෙ අතට දුන්නේ පුළුවන් තරම් ඉක්මනට එයාගෙ දුවව හොයලා දෙන්න කිය කිය බැගෑපත් වෙන ගමන්. ඒ අම්මා මෙහෙම  ඉන්නවා දැක්කම තේමියගෙ ඇස් වලටත් කදුලු ආවා.

අභිශේක්ටත් මොනා කියන්නද කියලා තේරුනේ  නැහැ මොකද එයාලා දැනටමත් ඒ ගෑනුලමයා ජීවතුන් අතර නැහැ කියලා සැක කරා.

" නැන්දා අඩන්නැතුව ඉන්නකො අපි නැන්දගෙ දුව ගැන ඉක්මනට හොයාගන්නම්.

" අනේ මහත්තයො මගෙ කෙල්ල හොදින් ඇති නේද ?

ඒ අම්මා දිගින් දිගටම අඩ අඩ මෙහෙම අහද්දී තේමිය ඉක්මනට එයාලගෙන් ටිකකට ඈත් වෙලා ආවේ එයාගෙ කදුලු නවත්තගන්න. එයා ඒ ගෙදර පිටිපස්සට ගියේ එයාගෙ අම්මට දුරකථන ඇමතුමක් දෙන්න.

" හෙලෝ අම්මා.

" පුතේ ඇයි මේ කටහඩ වෙනස් වෙලා. පුතාට හෙම්බිරිස්සාවක්වත් හැදුනද ?

" නෑ අම්මා මගේ.. මගෙ නහය පොඩ්ඩක් බර වෙලා.

" අනේ දරුවො හොදට ඇග වැහෙන්න ඇදුම් ඇදන් නේද ඉන්නේ. සීතල අල්ලන්න දෙන්න එපා. බලන්න ඔයාගෙ කටහඩ හොදටම වෙනස් වෙලා.

" මම හොදින් අම්මා. අම්මා අහන්නකො.

" කියන්න පුතේ.

" මම එනකම් ඔයාලා පරිස්සමෙන් ඉන්න. මං ගැන බයවෙන්න එපා. මම හොදින් ඉන්නේ.

" චූටි පුතා එකපාරටම ඇයි මේ.

" මුකුත් නැහැ අම්මා. ඔයාලා පරිස්සමෙන් ඉන්නකො. මම ඉක්මනට එන්නම්. තාත්තටයි අර මෝඩිටයි කියන්න මම හොදින් ඉන්නෙ කියලා. නැත්තම් එයාලා බොරුවට  බයවෙයි.

" චූටි පුතා ඔයා කතා කරන විදිහ හරි අමුතුයි දරුවො. ඇයි පුතේ මේ.

" නැහැ අම්මා මගෙ හිතට ටිකක් හරි නැහැ. දැන් හරි. ඔයාගෙ කටහඩ ඇහුවනෙ. මම දැන් තියන්නම් අම්මා මම කේස් එකේ වැඩකට ඇවිත් ඉන්නේ. ඔයාලා පරිස්සමෙන් ඉන්න.

" හරි දරුවො පරිස්සමෙන් . ඕනවට වඩා දේවල් ගැන හිතන්න එපා.

" හරි අම්මා. බුදු සරණයි

" බුදු සරණයි .

තේමිය දුරකථන ඇමතුම විසන්ධි කරලා ලොකු හුස්මක් අරන් ආයෙමත් ඉස්සරහට යන්න හැදුවත් අභිශේක් ඒ වෙද්දිත් හිටියේ තේමියගෙ පිටිපස්සේ ඉදන් එයා දිහා බලාගෙන. මේ දවස් දෙක තුනට එයාට තේරුනා තේමිය පිටින් කොච්චර දැඩි කෙනෙක් වෙන්න උත්සහ කරත් ඇතුලින් එයා ගොඩක් සංවේදී කියලා. තේමිය සාමාන්‍ය විදිහට අභිශේක් ලගට ගියත් අභිශේක් තේමියගෙ ඔලුව අතගාලා එයාට සැනසුම්  සහගත හිනාවක් දුන්නා.

තේමිය කියන්නේ පවුලේ හැමෝගෙන්ම

ආදරේ නො අඩුව ලැබෙන පවුලේ බාලයා. ඉතින් එයාට අනිත් අයගෙන් ආදරේ ලැබෙන එක මහ අමුතු දෙයක් නෙවේ. ඒත් එයා ජීවිතේ පලවෙනි වතාවට කවුරුහරි එයාගෙ ඔලුව අතගෑවා වගේ අභිශේක් දිහා බලන් හිටියේ එයාට ඒ ස්පර්ශයත් එක්ක දැනුන අමුතුම හැගීම නිසා.

" අභිශේක්

" කියන්න තේමිය.

" බැරි වෙලාවත් ඒ Dead bodies අතර මේ අම්මගෙ දුවගෙ dead body එකත් තිබුනොත් මොකද කරන්නේ අභිශේක්.

" වෙන්න තියන දේ දැන් වෙලා ඉවරයිනෙ තේමිය. අපිට දැන් ඒක වෙනස් කරන්න බැහැ. අපිට යථාර්ථයට මුහුන දෙන්න වෙනවා. තාම reports ආවෙ නෑනේ. ඒවා ආවම බලමු. දැන් ඒ ගැන හිතන්න එපා. එන්නකො.

අභිශේක් ඒ නිවුන ස්වරයෙන් තේමියට කතා කරද්දී තේමියත් පොඩි ලමයෙක් වගේ අභිශේක් ගෙ පස්සෙන් ගියා.

හවස එයාලා හැමෝම විල්ලා එක ලග ඉද්දි අර අතුරුදන් උන ගෑනුලමයින්ගෙ පවුල්වල අය වගේම ගමේ හැමෝම වගේ ඒ විල්ලා එකට වට උනේ විල්ලා එක ඇතුලෙ තිබිලා මලමිනී ගොඩ ගත්තා කියන ආරංචිය දැන් ගම පුරාම පැතිරිල ගිහින් තිබුන නිසා.

හවස ලැබුන මරණ පරීක්ශන වාර්තා වලින් ඔප්පු උනා එතන ඒ ගෑනුලමයි තුන් දෙනාගෙන් මලසිරුරු තිබුන බව. ඒ ආරංචියෙන් දැන් එතන මලගෙයක් වගේ. ඒ ගෑනුලමයින්ගෙ පවුල් වල අය එතන පස්කෑවෙ නැති ටික විතරයි.

ඒ මිනිස්සු තිබුන තරහට භානුක සිංහවංශගේ මුලු පරම්පරාවම සාප කරා.

තේමියත් මේ දිහා එයාගෙ කදුලු පිරුනු ඇස් වලින් බලන් ඉද්දී අභිශේක් තේමියව එයාට ලං කරගෙන හිමීට එයාගෙ ඔලුව අතගෑවා.

අනිරා පොලීසියේ ඉන්නවා කියලා දැනගත්ත ගමේ මිනිස්සු නුවරඑළිය පොලීසිය ගාව වට වෙලා එතන කලබල කරන්න ගත්තා. ඒ වෙද්දිත් අනිරා හිටියේ අත්තඩංගුවේ. ඒත් අනිරගෙන් පොලීසිය  කොච්චර ප්‍රශ්න කරත් අනිරා ඒ ගැන කටක් හොල්ලලා තිබුනෙ නැහැ.

ඒ නිසා තේමිය අභිශේක් දෙන්නම පොලීසියට ගියා ඒ යද්දී  අනිර ගෙ තාත්තා චමින්ද එයාගෙ හෙන්චයියොත් එක්ක පොලීසියට ඇවිත් ඒ අයට තර්ජනය කරනවා.

" පොලීසියටම ඇවිත් පොලීසියට තර්ජනය කරනවා. දුව වගේම තමා තාත්තත්.

අභිශේක් මුලු පොලීසියටම ඇහෙන්න ඒ කියද්දී චමින්දත් අභිශේක් දිහාවට හැරුනා. කලින් වගේම තමා අනිරා අභිශේක් ව දැකලා බය උනා වගේ චමින්දත් අභිශේක් ව දැකලා බය උනා.

" උඹ..

" හොදට වට පිට බලලා හැසිරෙන්න මහත්තයො. තමුන් මේ ඉන්නේ පොලීසියේ මිසක් තමුන්ගෙ අපායෙ නෙවේ. කුලප්පු උන මී හරකෙන් වගේ නටන්නැතුව ඇවිත් වාඩි උනානම් අපිට කට උත්තර ගන්න ලේසි වෙයි.

අභිශේක් චමින්දට සමච්චල් හිනාවක් දාලා  එතන තිබ්බ  පුටුව පෙන්නලා කියද්දී චමින්ද කට වහගෙන ගිහින් වාඩි උනා. දැන් මුලු පොලීසියම වැස්සක් වැහැලා පෑව්වා වගේ. ඉතින් තේමිය හිතාගන්න බැරි උනේ අබිරයි චමින්දයි දෙන්නම අභිශේක් ට බය වෙන්න තරම් මොකක්ද අභිශේක් ලග තියන අමුතු පවර් එක කියලා. මොකද ඒ සද්දෙන් එයා චමින්දට කතා කරානම් චමින්ද මෙලහකට එයාව උස්සලා පොලේ ගහලා කියලා එයාට සීයට සීයක්  විශ්වාසයි.

" බබා

අභිශේක් තේමියගෙ දිහා බලන් හිමීට කිව්වම තේමිය බය වෙලා වට පිට බැලුවේ මෙතන ඉන්න කවුරුහරි ඒක දැක්කද බලන්න.

" ඈහ් ? පිස්සුද ?

" අද ඔයා ඔහොම හිටන් හිටියොත් අපිට කට උත්තර ගන්න වෙන්නෑ. එන්න ඉක්මනට .

" අහ් හරි..