Chapter 9: ix ♡

LOVE HATE 🖇️ (Sinhala Bl )Words: 33431

" මම මේ කිසි දෙයක් දන්නෑ.

පැය තුනක් තිස්සේ තුබුන ප්‍රශ්න කිරීමේ මේ දෙන්නටම චමින්දගෙන් ලැබුනේ මම මේ කිසි දෙයක් දන්නෑ කියන උත්තරේ විතරයි. මේ දෙයින් තමන්ගෙ ඉවසීම රතුකට්ටේ තිබුන තේමිය මේසෙට මිටිමොලවලා ගහන ගමන්  පුටුවෙන් නැගිට්ටේ චමින්දව මරන්න තරම් කේන්තියකින්. පොලීසියේ හැමෝගෙම ඇස් තේමිය දිහාවට යොමු වෙද්දී අභිශේක් තේමියව සන්සුන් කරන්න හැදුවත් ඒකෙන් කිසිම ප්‍රතිපලයක් ලැබුනෙ නැහැ.

" හැම එකටම දන්නෑ දන්නෑ ගාන්නේ අඩුම තරමෙ උබට  ගෑනු කීයක් ඉන්නවද කියලවත් මතකද ?

" තේමිය බොරුවට තරහාගන්න එපා.

" මාව අත ඇරහන් අභිශේක් !

ඒ තරහින්ම තේමිය අභිශේක් ගෙ අත ගසලා දාලා පොලීසියෙන් එලියට ආවා.

" shit !! මට දැන් මේක ඇති වෙලා තියෙන්නේ. මම උබලට ලේසියෙන් ගැලවෙන්න දෙන්නෑ මේ කෙරුව අපරාදෙට.

තේමිය බිම තිබුන ගල් වලට පයින් ගගහා තරහෙන් දත් මිටි කෑවේ එයාට චමින්දට අතක් උස්සන්නවත් පොලීසියේදි බැරි නිසා.

" තේමිය.

" මොකද ?

" මේ බලහන් මන් දිහා.

" මට බෑ.

තේමියව ඒත් එක්කම සීතල වෙලා ගියේ එයාගෙ ඉන වටේ එතුන අභිශේක්ගෙ ඒ ශක්තිමත් අත් නිසා.

" අ..අභි..අභිශේක්

" එහෙනම් ඔහොම ඉදගෙනම අහගන්න බබා. චමින්ද ලේසියෙන් කට හොල්ලන මිනිහෙක් නෙවේ. බය වෙන්න එපා උන්ට මේකෙන් ලේසියෙන් ගැලවෙන්න වෙන්නෑ. ඒ නිසා මගෙ බබා බොරුවට කලබල නොවී ඉන්න. තේරුනාද ? ම්ම්ම්.

උත්තර දෙන්න ඉතින්.

සීතල වෙලා හිටිය තේමියට ලං වෙලා එයාගෙ කනට මිමිනුව අභිශේක් තේමියගෙන් උත්තරයක් ලැබෙනකම් බලන් හිටියා.

" ම්ම් හ්ම්ම්.

" අපි දැන් යමු.

" කොහෙද ?

" ඇයි බබා ඔයා අද රෑ පොලීසියේද නිදාගන්නේ ඔයාගෙ ශුගර් මමී එක්ක ?.

එන්න යමු.

" අනේ මේ...

ඒ දෙන්නම වහනේට නැග්ගත් වගේම එයාලට dig භාතියගෙන් දුරකථන ඇමතුමක් ආවා.

" භාතිය sir ?

" මේ වෙලාවෙ ?.

" answer කරලා බලමු.

තේමිය ඒක answer කරලා speaker on කරා.

" hello  sir.

"  hello තේමිය මම ගත්තේ good news එකක් කියන්න.

" sir ඒ මොකක්ද ?

"අපිට භානුකගෙ murder එකට සම්බන්ද සැක කටයුතු ආයුධ වගයක් හම්බුනා.

" මොකක් ?. Sir ඔය ඇත්තටමද  ? ඒත් කොහෙදිද ? කොහොමද ?.

" අර dead bodies වල කේස් එකට අපි මිනිහගෙ ගේ සෝදිසි කරන්න ගියා. ඒ වෙලේ මිනිහගෙ වත්තෙ තිබුන storeroom එකේ තිබිලා අපිට ලේ තැවරුන් ආයුධ වගේකුයි ඇදුම් වගේකුයි හම්බුනා.

" මොකක් ? sir කියන්නේ එතකොට මේක භානුකගෙ පවුලෙම කවුරුහරි කෙරුව දෙයක් කියලද ?

" අපි සැක කරන්නේ එහෙම තමයි. ඔය දෙන්නම හෙටම කොළඹ එන්න .ඒ ආවම කේස්  ගැන කතා කරමු.

" ok sir.

තේමිය ඇමතුම විසන්ධි කරලා අභිශේක් දිහා බැලුවේ එයාට මේ කිව්ව දේ විශ්වාස කරගන්න බැරි උන නිසා. ඒත් අභිශේක් ගෙ මූනෙ ඇදිලා තිබුන අමුතු හිනාව දැක්කම දැන් තේමියගෙ ඔලුවට තවත් ප්‍රශ්නයක්.

" උබ මොකද හිනාවෙන්නෙ ? ඇත්තටම ඒ භානුකගෙ මිනීමරුව භානුකගෙ පවුලෙම කෙනෙක්ද ?

" වෙන්න පුළුවන් .

අභිශේක් කිසිදෙයක් නොවුනා ගානට සැහැල්ලුවෙන් මෙහෙම drive කරන් යද්දී තේමියට හිතාගන්න බැරි උනා අභිශේක් කොහොමද මොනදේ උනත්  මෙහෙම ගානක් නැතුව  සැහැල්ලුවෙන් ඉන්නෙ කියලා. තේමියට ඇත්තටම අභිශේක් ව ප්‍රෙහෙලිකාවක්. එන්න එන්නම එයාට අභිශේක් ගැන තිබුන කුතුහලය වැඩි උනා.

පැයකට පස්සේ එයාලා එයාලගෙ කාමරෙට ආවත් දැන් තේමියට අභිශේක් එක්ක තනියම ඉන්න චකිතයක් දැනුනේ ලගකදි ඉදන් එයාගෙ හිතට එයාගෙ සගයා  ගැන මේ දැනෙන අමුතු හැගීම නිසා. තමන්ගෙ තුවායත් අරන් ඉක්මනට නානකාමරෙට ගිය තේමිය නානගමන් කල්පනා කරේ අද දවස ඇතුලත උන සිදුවීම් ගැන. අභිශේක් තමන්ගෙ ඔලුව අතගෑව හැටි , එයාගෙ හිත හැදුව  හැටි මතක් වෙද්දී එයාටම නොදැනී එයාගෙ මූනේ එයාගෙ ලස්සනම හිනාව ඇදුනා.

" හහ් මම තනියම හිනාවෙනවා !! මට පිස්සු හැදීගෙන එනවද කොහෙද අර පිස්සත් එක්ක ඉදලා. දැන් කේස් එකනම් ඉක්මනට විසදගන්න පුළුවන් . ඒත්  කේස් එක විසදුනා කියන්නේ  ඊටපස්සේ මට එයාව ආයෙ හම්බෙන්නෙ නෑනේ. ඇයි මට මේ දුක හිතෙන්නේ. එයා මගෙ කවුරුවත් නෙවේනේ . අපි නිකම් partners ලා විතරයි නෙ. ඒකනෙ අපි partners ලා විතරයි.

තේමිය මේ දේවල් කියලා එයාගෙ හිත සනසගන්න හැදුවත් ඒ  හිත ආයෙත් අභිශේක් ව දකින්න නොලැබෙයි කියලා වදදෙනවා.

නානකාමරෙන් එලියට ආව තේමියගෙ ඇස ගැටුනේ ඇමතුමේ හිටිය කෙනත් එක්ක හිනාවෙවී කතා කර කර හිටිය අභිශේක් ව. ඒකෙන් තේමියගෙ හිත ඉරිසියාවෙන් පිරිලා ගියා. අභිශේක් දිහා ඉරිසියාකාර ඇස් වලින් බලන් හිටිය තේමිය , තමන්ගෙ ඇස් ඒ ඇස් වලට අහුවෙන්න කලින් කිසිදෙයක් නොදැක්ක ගානට ඇදට ඇවිත් ඇද ඇතිරිල්ලෙන් තමන්ව සම්පූර්නෙන් වහගත්තේ තිබුන තරහටමයි.

නානකාමරේ දොර ආයෙමත් වැහෙන සද්දෙ ඇහෙද්දී තේමිය ඇද ඇතිරිල්ලෙන් ඔලුව දාලා බැලුවේ අභිශේක් ට ඒ ඇමතුම දුන්න කෙනාව දැනගන්න එයාට තිබුන ලොකු කුතුහලයත් එක්ක.

"  මේ මෝඩයා කාත් එක්කද මේ මල් කැඩුවෙ. ගෙදර අය එක්කද ? ඒත් ගෙදර මිනිස්සුන්ට කෝල් කරලා කවුද ඔහොම හුරතල් වෙන්නේ. මූට මෙච්චර ඉක්මනට මිනියක් මැරුවත් කියන්න පුළුවන් එකියෙක් හම්බුනාද. වෙන්න ඇති . අපරාදෙ මම බොරුවට දුක් උනේ මූව ආයෙ හම්බෙන්නෑ කියලා. දැන් කොළබ ගිහින් ඉදී ඒකි එක්ක හුරතල් වෙවී බූරුවා. ඒත් මූට කෑල්ලක් හිටියා කියලා මොන මගුලකටද මම ටිපර් වෙන්නේ. උබටත් ඕන්නැති මගුලක් නෑ තේමිය. කට වහන් බුදියගනින් අරූ එන්න කලින්.

නානකාමරේ දොර ඇරෙනවත් එක්කම ආයෙත් තමන්ගෙ ඇද ඇතිරිල්ල ඔලුවෙ ඉදන් පොරවගෙන ඇස් පියාගෙන හිටියේ තමන්ගෙ හොර නින්ද අභිශේක් ට අහුනොවෙන්න. හොරෙක් පොලීසියට බයේ හැංගිලා ඉන්නවා වගේ තේමිය සද්ද නොකර ඇස් පියන් අභිශේක් ඇදට එනකම් බලන් හිටියා. කලින් වගේම  මුලු ඇගම හිරි වට්ටගෙන තමන්ගෙ ඉන වටේ  එතුන අත් නිසා දැන් එතන සීතල කියලා වචනෙකුත් නැති තරම්. ඒ අත් තමන්ගෙ ඉන වටේ එන්න එන්නම තද වෙද්දී තේමියට ඉබේම අභිශේක් ගෙ නම කියවුනා.

" අභි..

" ම්ම්ම්.

තමන්ගෙ ඇස් ඒ කෙනාගෙන් හංගගෙන ඒ  දිහාවට හැරුනත් අභිශේක් ඒ ඇස් තමන්ගාවට හරව ගත්තේ තේමියගෙ  හදහැස්මේ වේගය දෙගුණ තෙගුණ කරලා. ඒත් එයාට ඒ ඇස් වලින් තමන්ගෙ ඇස් අහකට ගන්න බෑ.

ආයෙත් ඒ ඇස් දිලිසෙනවා. ඒ හිනාව ඒ දිලිසෙන ඇස් , ඉතින් තේමියට  ඒ ඇස් අතර අතරමං නොවී ඉන්න බැරි උනා

මොකද ඒ බැල්ම , ඒ දුඹුරු පාට ඇස්, තේමිය පිලිගත්තා  ඒ ඇස් තමා මෙච්චර කාලෙකට එයා දැක්ක ලස්සනම ඇස් බව.

පරිසරය කොච්චර සීතල උනත් තේමියට අභිශේක් ලගදි දැනුනේ එයා ගිනිකන්දක් ලග ඉන්නවා තරම් උනුසුමක්.

'' කොහෙද අතුරුදන් උනේ. ම්ම්ම්

" මම ?.

" මම ?

" මු.. මු කුත් නැහැ ම.

අභිශේක් තමන්ගෙ පිට අල්ලෙන් තේමියගෙ කම්මුල් අතගාන ගමන් තවත් එයාට ලං උනේ එයාලගෙ අතර තියන පීඩනය උපරිමේටම ගේන ගමන්.

" තේමිය..

" ම්ම්ම්

" මම ඔයාට දෙයක් කියන්නද ?

" මො..මොකක්ද ?

" ඔයා ගොඩක් ලස්සනයි.

" ම...මම. ? ඔයාට පිස්සුද ?

" මට කොහොමත් පිස්සු තේමිය ඒත්  ඔය ඇස් මං නිසා ගැස්සෙද්දි , ඔය කම්මුල් මං නිසා රතු වෙද්දි  මගෙ පිස්සුව තව වැඩිවෙනවා.

" හහ් ? ඔයාට පිස්සු. ම..මට...

" තේමිය..

" මො..කද...

" හෙට ඉදන් ඔයා නිදහස්. ආයෙ ඔයාට මගෙන් කරදරයක් වෙන්නෑ.

" කවුද කිව්වේ මට ඔයාව කරදරයක් කියලා.

" ඇයි මම එහෙම නෙවේද ? ම්ම්ම්.

" නැහැ ඔයාව මට කරදරයක්  නෙවේ. දැන් විකාර කියවන්නෙ නැතුව නිදාගන්න. මට නිදිමතයි.

" හරි එහෙනම් නිදාගමු.

අභිශේක් ලයිට් එක නිවන්න ඇදෙන් නැගිටලා ගියාම තේමිය එයාගෙ පපුව තද කරගත්තේ එයාගෙ මේ වාන් දාන හදගැස්ම සාමාන්‍ය කරගන්න. අභිශේක් ලයිට් එක නිවලා ඇදට ආවත්   තේමිය බලන් හිටියේ  අභිශේක් එයාව ආයෙ එයාට තුරුල් කරගන්නකම් . තේමියට අභිශේක් ව නෙවේ එයාට එයාවම දැන් තේරුම් ගන්න බැරි උනා. එයාටම හිතාගන්න බැරි උනා ඇයි එයාගෙ හිත අභිශේක්ව , අභිශේක් ගෙ උනුසුම මෙච්චර හොයන්නේ කියලා. එතකොට එයාගෙ හදවත ? කෙල්ලෙක් වෙනුවෙන්වත් පිස්සු නැටුව නැති එයාගෙ හදවත අද අභිශේක් ඉස්සරහා තොයිලයක්ම නැටුවා. ඉතින් අද ඒ වැලද ගැනීමට අමතරව  නලලට ලැබුන  හාදුවෙන් එයාගෙ හිත තව ටිකක් අභිශේක් ගෙන් පිරිලා ගියා. එයා ඒ හැගීමට දෙන නම නොතේරුනත් එයාට ඒ හැගීමෙන් එයාගෙ හදවත සම්පූර්ණයි කියලා දැනෙන්න ගත්තා.

උදේ නැගිටිද්දී එදා වගේම තේමිය  හිටියේ අභිශේක් ට තුරුල් වෙලා උනත් තේමියට අද ඒක දැක්කම සතුටු හිතුනා.

මොකද ඒ අත් තේමිය වටේ එතිලා තිබුනේ කාවහරි එයාව අභිශේක්ගෙන් වෙන්කරයි කියන බයට වගේ. ඉතින් තේමීය ඇදෙන් නැගිටලා යන්න හැදුවත් ඒකෙන් උනේ ඒ අත්වල ග්‍රහනය තවත් වැඩි උන එක.

" අභිශේක්

" ම්ම්ම්

" මාව අතාරිනවකො..

" බැහැ මට සීතලයි.

" නැගිටින්න අනේ අපි කොළඹ යන්න ඕනා.

අභිශේක් ඇස් දෙකත් පොඩි කර කර තේමිය දිහා බලද්දී තේමිය අභිශේක් ගෙ කොන්ඩේ අවුස්සලා නානකාමරේ ට දුවලා ගියා.

උදේ ඒ දෙන්නම ලෑස්ති වෙලා ගියේ නුවරඑළිය පොලීසියට. අනිරාවයි චමින්දවයි අත්අඩංගුවට ගත්තේ නුවර එලිය පොලීසියේ නිසා ඒ දෙන්නවම එයාලගෙ අදාල පොලිස්ථානයට භාර දෙන්න ( කොළඹ පොලිස්ථානයට) අරගෙන යන්න උනා. පොලිස් ජිප් එක ඉස්සරහින් යද්දී තේමිය ,  අභිශේක් දෙන්නා එයාලගෙ වාහනෙන් පිටිපස්සෙන් ආවා.

තේමිය ජනේලේ ඇරලා එයාගෙ ඔලුව හේත්තු කරන් ඒ නිස්කලංක පරිසරය වින්දේ කොළඹ ගියාම එයාට මේ පරිසරය මග ඇරෙන නිසා.

" තේමිය

" ම්ම්

" ඔයා මෙහෙට කැමතිද ?

" ඔව් ගොඩක් ....  හේතුවක් නිසා මගෙ හදවත පිරිලා ඉතින් නැවතුමක් දන්නෑ ඒත් හැමදාම මෙහෙම යන්න තියෙනවනම් කියලා හිතෙනවා.

තේමිය අභිශේක් දිහා බලාගෙනම ඒ දේ කිව්වේ එයාගෙ හදවත පිරිලා තියන හේතුව අභිශේක් නිසා.

" එහෙනම් මම කැමැත්තෙන්ම ඔයාගෙ driver වෙන්නම්

" ඔයා කැමතිනම්.

" මට අකමැති වෙන්න හේතුවක් නැහැනෙ.

ඒ දෙයින් තේමියගෙ මූනේ ඇදුන,  වෙන අයට නොදෙන ඒ ලස්සන  හිනාව එයා කිසි ලෝබකමක් නැතුව අද අභිශේක් ට දුන්නා.

" උබ ඔහොම හිනාවෙද්දී මට උබව උස්සන්  ගිහින් මට විතරක් පේන තැනක තියාගන්න හිතෙනවා බන්.

" ඇත්තට... එහෙනම් ඔයාට අපෙ අම්මගෙනුයි තාත්තගෙනුයි මාව ලියාගන්න වෙයි.

" එහෙනම්... ලියාගන්නද මගෙ නමට.

" අනේ.. මේ... ඔයාටනම් පිස්සු....

තේමිය අභිශේක් ගෙ අතට ගහලා කම්මුල් රතු කරන් ලැජ්ජාවෙන් ජනේලේ පැත්තට හැරුනා.

අනිරවයි චමින්දවයි කොළඹ පොලීසියට භාරදුන්නයින් පස්සේ headquarters ආව තේමිය අභිශේක් දෙන්නා කෙලින්ම ගියේ dig භාතිය ව හම්බෙන්න.

" sir.

" දෙන්නම ඇවිත් වාඩිවෙන්න.

" sir මේ murder

" ඉස්සෙල්ලා දෙන්නම මේ ෆයිල් එක බලලා හිටියනම්.

Dig භාතිය මේසෙ උඩින් තිබ්බ ෆයිල් එක ඉක්මනට පෙරලලා බැලුව තේමියගෙ ඇස් ලොකු උනේ ඒකෙ තිබුන දේ දැක්කම.

" එතකොට අපේ සැකේ හරි. මේකකරලා තියෙන්නේ අනිරද ?

" ඒ ආයුධ වල අනිරගෙ fingerprint එක තියෙනවා.

" ඒත් ඇයි අනිරා ඒ වගේ දෙයක් කරන්නේ.

" මේක මොකක් හරි පවුල් ආරවුලක් දුර දිග යාමක්. භානුක නිතර නිතර club එකේ මිනිහට අවුරුදු 28 ක ගෑනුලමයෙක් එක්ක සම්බන්දයක් තිබිලා තියෙනවා. භාතියගෙ murder එකෙන් පස්සේ ඒ ගෑනුලමයා ගැනත් ආගිය තොරතුරක් නැහැ.

" එතකොට අනිරා ඒ ගෑනුලමයටත් මොනාහරි කරලා ඇතිද ?

" අපිට තාම ඒ ගැන හරියට මුකුත් කියන්න බැහැ. ඔයාලා ඉස්සෙල්ලා  මේ ගෑනුලමයව  හොයාගන්න බලන්න.

" ok sir.

ඒ දෙන්නම dig භාතියගෙ කාර්‍යාලෙන් එලියට ආවේ club එකට යන්න. Fingerprint වලින් අනිරාව මිනීමරුවා කියලා ඔප්පු උනත් තේමියගෙ හිත ඒක පිලිගත්තේ නැහැ. එයාට තේරුනා මෙතන පිටට පේනවට වඩා දෙයක් තියෙනවා කියලා.

මේ වෙද්දිත් භානුක  murder එක ගැන news වල පවා යන්න පටන් අරන් තිබුනෙ. අනියම් සම්බන්දයක් නිසා තම ස්වාමියව ඝාතනය කෙරූ බිරිද කිය කිය අනිරගෙ ජායාරූප වීඩියෝ දර්ශන හැම තැනම පලවෙන්න ගත්තා.

රෑ ඒ දෙන්නම ආවේ භානුකට අයිති වෙලා තිබ්බ කොළඹ ප්‍රසිද්ධම ගනයේ සමාජ ශාලාවකට. ඒ දෙන්නා මුලින්ම ගියේ ඒ සමාජශාලාවේ තිබුන cctv දර්ශන පරික්ශා කරන්න. ඒ cctv දර්ශන වලින් එයාලට භානුකත් එක්ක ඒ සම්බන්දෙ තිබුන ගෑනුලමයව හොයාගන්න පුළුවන් උනා. මොකද ඒ දර්ශන වල ඒ දෙන්නා එකට ඉන්න දර්ශන පැහැදිලිව එයාලට බලාගන්න පුළුවන් උනා නිසා .

'' මම හිතන්නෙ මෙයා තමා ඒ අතුරුදන් උන කෙල්ල. අපි දැන් මේ කෙල්ල ඉන්න තැන හොයාගන්න ඕනා. Club එක ඇතුලේ ඒ කෙල්ලව දන්න අය ඇති. අපි එයාලගෙන් අහලා බලමු.

තේමියගෙ ඒ යෝජනාව්ට එකග උන අභිශේක් තේමිය එක්ක ඒ සමාජ ශාලාවේ ඇතුලට ආවා.

කන් පුපුරන තරම් සද්දෙන් දාලා තිබ්බ සිංදුවල සද්දෙයි මිනිස්සු පිරිලා හිටිය ඒ ශාලාව ඇතුලට ගිහින් එතන bar එක ලගට ගියා. අභිශේක් එතනින් බියර් දෙකක් order කරලා එකක් තේමියට දුන්නා.

" අපි ආවෙ බොන්නද ?

" කේස් එක අස්සේ බිව්වා කියලා මැරෙන්නෙ නෑනේ.

එයාලා මෙහෙම ඉන්නවත්  එක්කම එතන හිටිය රතු පාට ගවුමක් ඇදගත්ත ගෑනුලමයෙක් දුවගෙන ඇවිත් අභිශේක්ගෙ ඇගේ එල්ලුනා.

" darling ඔයාව ගොඩ දවසකින් දැක්කේ. කොහෙද අනේ ගිහින් හිටියේ. මට ඔයාව ගොඩක් මතක් උනා.

" නැහැ ටානියා මම මේ දවස් ටිකේ ටිකක් විතර බිසී වෙලා හිටියේ.

" කමක් නැහැ darling  ඔයාට දැන් හරි මාව මතක් උනානේ. මේ කවුද මේ ඔයාගෙ යාලුවෙක්ද ?

" අහ් ඔව් එයා මගෙ යාලුවෙක් .

ටානියගෙයි අභිශේක් ගෙයි ඇස් තේමිය දිහාට යොමු වෙද්දී තේමිය පුපුරන දෑසින් අභිශේක් දිහා බලන්  හිටියේ එයාගෙ ඉරිසියාව දැන්  උපරිම මට්ටමට ඇවිල්ලා නිසා.

" Hi i'm Taniya

" Themiya.

" Nice to meet you

" who cares

තේමිය ඒ කියලා එයාගේ දුරකථනය අතට ගත්තේ ඒ දෙන්නවම සත පහකට ගනන් නොගෙන.

" Never mind, he's a bit stubborn. Let's go there.

අභිශේක් ටානියා එක්ක එතනින් එහාට ගියාම තේමිය එයාට තිබුන තරහට අභිශේක් ගෙ බියර් එකට ශොට්ස් වගයක් කලවම් කරලා අභිශේක් ඒක බොනකම් හොරගල් අහුල අහුල හිටියා.

" මේකි එක්ක වෙන්න ඇති බූරුවා ඊයෙ රෑ මල් කඩ කඩ ඉන්න ඇත්තේ. වරෙන්කො උබ ආයෙ මට පපුවෙ අමාරුව හදවන්න.

දැක්කනෙ මූව සතපහකට විශ්වාස කරන්න බෑ මූට හැමතැනම ගෑනු. උබත් කවදා හරි භානුකගෙ ගෑනි ඌව මැරුවා වගේ මගෙ අතින් මැරුම් කනවා බූරුවා. පෙනේද මුගෙ පැනි හිනාව ගෑනු දැක්කම. වරෙන්කො ආයෙ බබා ගාගෙන උබෙ බබාව ලෙෆ්ට් වෙන්න දෙන්නේ.

අභිශේක් ආයෙත් එයා ලගට එනවා දැක්කත් එයා අභිශේක් ව ගනන් නොගෙන හිටියා.

" බබා ඔහොම තරහා ගන්න එපා ඉක්මනට වයසට යනවා.

අභිශේක් තේමියගෙ කම්මුලක් මිරිකලා ඒ කියද්දී තේමිය එයාගෙ අතට ගහලා අහක බලාගත්තා.

" තේමිය

" මොකද ?

" එයා මගෙ යාලුවෙක්

" ඉතින් මට මොකද ?.

" තේමිය ඉක්මනට ඔයාගෙ පිටිපස්ස හැරිලා බලන්න.

" ඇයි ඒ .

" මට හිතෙන්නේ ඒ අර කෙල්ලද කොහෙද .

තේමිය පිටිපස්ස හැරුන ටිකට අභිශේක් කෙරුව දේට එතන හිටිය barista ත් හිනාව තද කරගෙන හිටියේ අභිශේක් ගෙ වැඩේ අවුල් කරන්න ඕනෙ නැති නිසා.

" කොහෙද ඕයි තමුසෙට පිස්සුද ?

" අහ් මම දැක්කේ ඒ වගේ.

" ඉක්මනට ඇස් දෙක චෙක් කරගන්න වෙයි.

" බබාට බැරිද චෙක් කරලා දෙන්න.

" පුළුවන් උගුල්ලලා අතට දෙන්න.

" බබා 12.00යි වෙලාව අපි දැන් යන්න ඕනා.

අභිශේක් ඒ කියලා  එයාගෙ වීදුරුව සම්පූර්නෙන් බීලා ඉවර කරාම තේමියත් එයාගෙ වීදුරුව සම්පූර්නෙන් බීලා කට ඇබුල් කරගත්තා. ඉතින් අභිශේක් කටට අත තියාගෙන හොදටම හිනාවෙනවා.

" මොකද මෝඩයො හිනාවෙන්නේ. Shit ! මගෙ ඔලුව.

තේමිය නගිටලා washroom එකට යන්න හැදුවත් තේමියට අඩියක්වත් තියාගන්න බැහැ එයාව කැරකෙනවා ඒ නිසා අභිශේක් ඉක්මනට ඇවිත් එයාව අල්ලගත්තා.

" තේමිය.

" තමුසෙ මොකද මාව අල්ලන් ඉන්නේ මට ඇවිදින්න පුළුවන්. උබ හිතුවද මට බියර් වලට වෙරි වෙනවා කියලා. උබට තමා දැන් මගෙ කරෙන් යන්න වෙන්නේ.

තේමිය වැනි වැනිම එහෙම කියද්දී අභිශේක් හොදටම හිනාවෙනවා.

" ඔව් ඔව් පේනවා.

" මෝඩයා කෝ උබේ අර පුප ලොකු ගෑනි යමන් ගිහින් ඒකිව අල්ලගනින් නැත්තම් වෙන කවුරුහරි ඒකිව අරන් යයි.

" ඉතින් මට මොකද මගෙ එකා මං ලගනෙ.

" කවුද උබේ එකා ආහ්. පොඩ්ඩක් හිටහන් පොඩ්ඩ්ක් හිටහන්. උබට සිරාවට වදින්නැද්ද ?. මොකද යකෝ හිනාවෙන්නේ උබට පිස්සුද ?.

තේමිය අභිශේක් ව තල්ලු කරලා dance floor එක ගාවට ඇවිදගෙන ගියා.

'' තේමිය කොහෙද ඔය යන්නේ.

" උබේ අර පුප තඩි ගෑනිව හොයන්න යන්නේ ඒකිගෙ පුප ලෙෆ්ට්  වෙන්න පයින් පාරක් දෙන්න.ආවා මෙතන මගෙ මිනිහගෙ ඇගේ එල්ලෙන්න.

මාව අත ඇරහන් අද ඕකිට හොද වැඩක් කරනවා.

" මෙහෙ වරෙන් යන්න උබේ මිනිහව කාටවත් ගන්න බෑ.

දුටු තැන ටානියට පහර දෙන සීන් එකේ හිටිය තේමියව අභිශේක් කරට අරගෙන එලියට එක්කන් ඇවිත් වාහනේට දැම්මේ මරන්න ගෙනියන හරකෙක්ව ඇදන් යනවා වගේ.

" අත ඇරපන් බූරුවා මාව. උබෙත් බොරුව !. උබට හරියට නගිනවා ඇති පුප ලොකු ගෑනුන්ව දැක්කම.

තේමිය ඒ කිය කිය රවද්දී අභිශේක් එයාට ලං උනේ හැමදාම දෙන කටකොනින් හිනාව එයාට දෙන ගමන්.

" මට නගින්නේ උබව දැක්කම මිසක් කොහෙවත් යන ගෑනුන්ව දැක්කම නම් නෙවේ මැනිකේ.

" මැනිකෙ මැනිකෙ ගාන්නේ උබ මගෙ නිලමෙද.

" මැනිකෙ ආසනම් මට නිලමෙ වෙන්න බැරි කමකුත් නෑ.

අභිශේක් තේමියගෙ කම්මුලට හාදුවක් දීලා රියදුරු අසුනට ආවේ තේමියව ආයෙත් ගොලු කරලා.