Chapter 18: chapter 18 💖

are u lesbian?Words: 14427

"සෙනූට මොකද උණේ බන්?"

"දන්නෙ නෑ"

"ඒ කියන්නේ, උභ ඒකීට ලවූ කරෙම නැද්ද? "

"කරා,ඒත් මිෂෙල් නැති වුණ එකට මන් මගෙන්ම පලිගද්දී මට... මට සෙනූව මිස් වුණා බන්.."

"ආයෙ හම්බෙද්දී උභ මොනාද ආයෙ එයාට කියන්නේ.."

"දන්නෙ නෑ"

__________

මන් ස්කොලෙට ගියා,තාම මාව මතක ටීචර්ස් ලා හිටියා, ගොඩක් අය මන් ආයා ආව එකට සතුටු වෙද්දී මන් හිටියෙ සෙනූව හොයාගන්න උවමනාවේ,මන් කොච්චර වාසනාවන්තද කිවුවොත් මට එයාව හොයාගන්න බැරි වුණා,

මට පරණ ක්ලාස් එකම හම්බුනා, මන් ක්ලාස් එක ඇතුලට යද්දී ලෝලිපොප් එකක් කටේ ගහත්ත මට වඩා කොට කෙල්ලෙක් මගේ ඉස්සරහට ආවා,

ඒ කෙල්ල පුදුම වෙලා, එකිගේ ඇස් ජිල් බෝල වගේ ලොකු වෙලා, කටේ තිබ්බ ලෝලිපොප් එකත් වැටුණා, ඔවු ඒ කෙල්ල පුදුම වෙලා විතරක් නෙමෙ මාව අදුණත් ගෙන,

"මේ...මේ.. මෙතුල්..ලී"

එතකොටම බෙල් කරා ක්ලාස් ටීචර් ඇවිල්ලා හිටියේත් නැති නිසා මායි සෙක්ෂන් හෙඩ් මැඩම් එක්ක එළියෙම හිටියා,

ගාථා කියලා ඉවර වෙලා පංතිය ඇතුලට මාව ගත්තා,

පළවැනි දවසේ අවුලක් තිබුණෙ නෑ කොහොමත් දන්න උන්නේ හිටියෙ, වැකේෂන් එකට පස්සෙ ස්කූල් ගිහිං වගේ දැනුණේ,

උදෙ පීරියඩ් ටික ඉවර වෙලා ඉන්ටවල් එක පටන් ගද්දී මන් හිටපු ඩෙස්ක් එක ඉස්සරහට පුරුදු රූපයක් ඇවිත් හිට ගත්තා,

රොෂෙල්.! එකි දකිද්දී මගේ ඇස් බොද උණු වේගෙ මට හිතා ගන්න බැරි වුණා,

" ම..මට ස..සමාවෙයන් රොෂෙල්"

එකි මාව බදාගත්තා, ඒකිත් අඩනවා ඒ කඳුලු මගේ උරහිස් වලට වැටෙනවා,

"නෑ සමාව දෙන්නෙ නෑ උභට, උභ මාව දාලා ගියා බන්, උඹ ඕනීම වුනු වෙලාවේ ඉදියේ නෑ"

"රොෂෙල්..!"

"කට වහම් ඉදපම්"

ටික වෙලාවක් අපි එහෙමම හිටියා, ඌ මාත් එක්ක පරන දේවල් කතා කරා ඉස්සර උණු දේවල්, මිෂෙල් ගැන, මන් හිටියෙ නැති කාලෙ වුනු වෙලාවේ,

"සෙනු දැන් ජුනියර් ප්‍රිෆෙක්ට් කෙනෙක් බන්, මන් උභලා නැති නිසා වැඩිය එයා එක්ක කතා කරේ නෑ, එවුණාට තාම ස්විමින්ග් කරන නිසා එකිව නිතර හම්බෙනවා,"

"ම්ම් .. එහෙමද,"

රොෂෙල් මන් දිහා බලන් හිටියා,

"ඇයි"

මන් අහද්දී, ඌ මාව ඇදගෙන දුවන්න ගත්තා,

"කොහේද බල්ලො මේ යන්නෙ"

"යමන්"

දුවලා දුවලා අපි ආවෙ දහයේ පංති ඉස්සරහට.....

රොෂෙල්ව දකිද්දී කෙල්ලො ටික ගල් වෙලා,මේක කුකුළට බය උණුත් ඉන්නවද යකෝ, මාර කෙළියක් උණානෙ මෙක,

"සෙනූට කතා කරන්න"

ටික වෙලාවක් යද්දී දොර ගාවින් ඒ රූපේ දුවගෙන එනවා, ඇත් දළ පාට රූපෙට, ඉන ගාවට දිග කොණ්ඩේ එක්ක, ලා දුබුරු පාට ඇම්බර් ඇස් දෙක ලා රෝස පාට තොල් එක්ක ඒ රූපේ අඩුවක් කියලා දෙයක් කියන්න ඇත්තෙම නෑ, එයා ගොඩක් ලස්සනයි......

එයා මාව දැක්කේ නෑ තාම,

"ඔවු රොෂෙ..."

"හායි නංගි මේ අදුරනවාද මෙයාව"

එයා ගොළු වෙලා, මන් බලන් ඉද්දී ඒ ඇම්බර් පාට ඇස් කදුලු වලින් පිරුණා, ඒ ඇස්, බොරු නෙමෙ එවා මැණික් වලටත් වඩා දිලිසෙනවා,

"ඔයා.......ඇයි, ඇයි දැන් ආවෙ"

"ඒ කිව්වේ"

මන් එයාගෙන් ඇහුවා, මන් දන්නවා ඔයත් හිතුවෙ එයා මන් නැතුව පාළුවෙන් හිටියෙ කියලා බදාගෙන,  මන් ඔයාට තාම ආදරෙයි කියලා කියාවි කියලා....

ඒත් එච්චර ලස්සන උණේ නෑ මගේ ජීවිතේ, සෙනු ම්න් දිහා බලන් හිටියා,

"ඔයාව දකින්න මට ඕනි උණේ නෑ, ඔයා වගේ ආත්මාර්ථකාමි මනුස්සයෙක්ව ආයෙ පාරක් දකින්න මට ඕනි උණේ නෑ, සත්තකින්ම ඔයා එන්නෙ නැති වුණා නම් මම සතුටු වෙනවා"

එයා එහෙම කියලා ගියා,එතකොට එච්චරද?

මන් රොෂෙල් දිහා බලද්දී ඌ හිටියෙ මටත් වඩා පුදුම වෙලා,

"සොරි බන්"

ඌ කිව්වා, මට එහෙම එකක් ඇහුණා,ඒත් එයාට මාව දකින්න ඕනි නෑ කිව්ව වචන ටික ඊට වඩා සද්දෙන් මගේ ඔලුව ඇතුලේ ඇහෙනවා.

එතකොට එයාට මාව දකින්න ඕනි වෙලා නැද්ද? මට විතරද ඕනි වෙලා තිබිලා තියෙන්නේ,

මට කොහෙද වැරදුණේ?

"අපි ක්ලාස් එකට යමන්"

ඔය වගේ දවස් ගණන් ගෙවිලා ගියත් මට සෙනු ව හම්බුණේ හරි අඩුවෙන්,කොහොමත් දැන් එයා මන් දැනන් හිටපු සෙනු නෙමෙ, එයා ඉස්සර තරම් අහිංසකත් නෑ ඉස්සර වගේ මට ආදරෙත් නෑ,

කොහොමහරි මට එයාව අමතක කරවන්න රොෂෙල් නොකරපු දේකට තියෙන්නේ තව කෙල්ලෙක්ව මගේ ඔළුවේ ගහපු නැති එක විතරයි,අපිට ඔලවල්ස් තියෙන නිසත් ඌ හිතුවේම මන් මෙවා කල්පනා කර කර ඉදලා විභාහගේ ඇන ගනියි කියලා,

මට එහෙම ලොකු අවුලක් උණේ නෑ මන් පුරුදු විදියට පාඩම් කරා මන් හිතුවේම සෙනු මට තාම ආදරේ ඇති කියලා,

ඒ කාලෙම වගේ තමා ස්පෝට් මීට් සෙට් උණේ ඒ දවස් කොහොමත් එකට වැඩ කරන්න සෙට් වෙන කාලෙනෙ,

සෙනු හිටියේත් අපෙ හවුස් එකේමයි වැඩි කතාවක් නැති වුණාට අපි එකට වැඩ කරා, ඇත්තටම කිවුවොත් මට ඕනි ස්පෝර්ට් එකක් ඉක්මනට අල්ල ගන්න පුළුවන් ඒ නිසාමද කොහේද මන් හැම ස්පෝට් එකක්ම වගේ කරා ම්න් කරේ නැත්තේ වූෂුයි, චෙසුයි විතරයි අනිත් ඔක්කම වගේ කරා

"මෙතුළි අක්කෙ, රොෂෙල් අක්කා එන්න කිව්වා,"

සෙනු එක්ක මෙච්චර හිටියට එයා මට පළවැනි දවසින් පස්සෙ කතා කැරපු එකම දවස මේක

"කොහෙටද?"

මට එයා එක්ක තව කතා කරන්න ඕනි උණත්, මොනා කියලා මන් එයාට කියන්නද ඒ කිව්වත් එයා මන් කියන දේවල් අහයිද? මගේ හිත මටම කින්ඩි දානවා..

"පැමිලියන් එකට"

"හරි, තැන්ක් යූ"

"යුර් වෙල්කම්"

එයා ගියා මට හිනා වෙලා, කොච්චර මෝඩ උනාද කිවුවොත් මම එදා, හිතුවේම එයා මට කැමතියි කියා

කොහොම හරි මන් රොෂෙල් ට කිව්වා මට එයාගෙන් අහන්න ඕනි කියලා,

"උබට පිස්සු"

"අයියො රොෂෙල් අහමු බන්"

"උභ අහලා දුක කියා ගෙන එද්දී මන් නෑ පුතෝ"

"හරි හරි මැණිකේ යන්කෝ දැන්"

එදා නෙට් බොල් මැට්ච් ඉවර වෙලා කට්ටිය ඔක්කම යන්න ලෑස්ති වෙන ගමනුයි හිටියෙ,

"සෙනු නංගෙ පොඩ්ඩක් එනවකෝ"

රොෂෙල් කොහොමහරි සෙනුව කෝට් එකෙන් ටිකක් එහාට එක්කගෙන ආවා,

"සෙනු"

"ම්ම්"

මට එයාගෙන් අහන්න බෑ, මන් අත්තටම බයයි ඕක අහලා එයා කතා කරන එකත් නවත්තවුවොත්, මට බෑ ඒත් දැන් මෙක අහන්නෙ නැතුව ඉන්නත් බෑ,ඒකෙන් වෙන්නේ මට එයාව නැති වෙන එක,

මගේ හිතට කියන්න ඕනි ඔක්කම වචන ටික කියලා මම සෙනු දිහා බැලුවා,

"සෙනු ඔයා දන්නවා මගේ හොදම යාලුවා මැරුණේ ඉතිං මන් ටිකක් අවුල් වුණා මන් දන්නවා එහෙමයි කියලා ඔයාව මග ඇරපු එක අසාධාරණයි කියලා , ඒත් සෙනු ඔයාට තේරෙනවනෙ අපි එතකොට පොඩියිනෙ, ඇත්තටම මට සමාවෙන්න සෙනු, ඔයාව මග ඇර ගත්තට"

සෙනු මුකුත්ම නොකියා මගේ දිහා බලාගෙන හිටියා,

"සෙනු, මට ආය ඔයාව දාලා යන්න ඕනි නෑ, කොහොම මොනා වුණත් මම යන්නෙ නෑ සෙනු මාව විශ්වාස කරන්න ,

" ඔයා මොකක්ද කියන්නේ"

"සෙනු එදා මගේ අතින් වැරද්දක් වුණා අපි එතකොට පොඩියි,මන් කියන දේ ඔයාට තේරෙනවනෙ,"

"නෑ මට තේරෙන්නේ නෑ, මොකක්ද  ඔයා කියන්නේ,කියන දෙයක් තේරෙන්න කියන්න මෙතුළි අක්කෙ"

"මම කියන්නේ මගේ අතින් වරදක් වුණා..,"

"ඔවු අනිවාරෙන් වුණා, ඔයා..ඔයා ගෙන හිතලා මාව මේ හැම දෙම අතෑරලා ගියා, ඔයා පොඩ්ඩක්වත් මන් ගැන හිතිවේ නෑ, මට මොනා වෙයිද කියලා හිතුවෙ නෑ, ඔයා හරි ලස්සනට හැම දෙකින්ම ගැලවිලා ගියා, වැරද්දක් වුණාට පස්සෙ ඒක හදන්න දඟලනවාට වැඩිය වැරැද්දක් නොකර ඉන්න එක හොද නැද්ද?

"මට සමාවෙන්න සෙනු, අපි මේ හැමදේම අමතක කරමු සෙනු... හැමදේම"

"කරලා...?

" කරලා වැරදුනු තැන් වලුන් පටන් ගමු..."

"ඒ කිව්වේ, ඔයා මොකක්ද කියන්නේ"

"සෙනු මන් මේක ඔයාගෙන් ඇහුවට තරහ ගන්නා එපා"

"කියන්න මෙතු අක්කෙ ප්ලීස්"

"අපි ආපහු පටන් ගමුද"

______________________________________

තව එකයි, ඊට පස්සෙ ඉවරයි......