Chapter 6: පස්වන දිගහැරුම

කඩදාසි මල් ✔️ [SINHALA NON-FICWords: 9176

"ළමයෙක්, ගෑනියෙක් ඉන්නවා කියලා මතක නැද්ද තමුසෙට? ආ කවිහාර? ළමයා බලන්න මාසෙකට සැරයක් ඇවිත් ගියහම ඇද්ද.. ඔය හද්දා වන්නියෙන් ඉක්මනට එන්න බලනවා. මං ඩැඩීට කියන්නම් කියලා කීසැරයක් කිව්වද.. එහෙනම් මෙලහට ට්‍රාන්සර් එක අරන්.. කොහෙද ලොකුකමනෙ. තමුසෙට මෙහෙට වඩා ඔහෙ අල්ලලද? මං ආයෙ කියන්නෙ නෑ. මේ අවුරුද්ද ඇතුලට ආපහු එනවා!!"

ටෙහානි ෆෝන් එක කට් කරලා දාද්දි මං ඔහේ බලන් හිටියා. මට දුවව මතක් වුනා. ඒත් ඉන් එහා වෙන කිසිම හැඟීමක් නෑ. මට ඇතුලතින් ලොකු හිස්තැනක් දැනෙනවා. හරියට.. මේ අවුරුදු තිස් ගානටම මං මොනවද ළඟාකරගත්තෙ වගේ හැඟීමක්. ඒ හිස් හැඟීම බොහොම භයානකයි. ඒක මගෙ මුළු ආත්මෙම වෙලාගෙන.. ටිකින් ටික හුස්ම හිර කරවනව.. මාව ඒ හැඟීම ට පොළඹවනවා..

මං ආයෙත් දිනපොත ට එබුනා.

"... ඒ කොල්ලො මගෙ ටීෂර්ට් එකෙන් ඇද්දහම ඒක ඉරිලා ගියා. මට හිතාගන්න බැරි වුනා මොකද්ද උනේ කියලා. උන් ඔක්කොම හිනාවෙද්දි මට මහ අසරණ කමක් දැනුනා. ආපහු පන්තියට යන්න විදිහක් නැතුව වෙරලු ගහ පිටිපස්සෙ මුවා වෙලා ඉද්දි අඩි සද්දයක් ඇහුනා. ඇවිත් හිටියෙ අලුත් සර්. එයා කෝල් එකක් ගත්තා. හයියෙන් හයියෙන් කාටද බැන්නා. ඊටපස්සෙ එයා හෙමින් හෙමින් මගෙ පැත්තට එද්දි මට බය හිතුනා එයාගෙ කෝල් එක හොරෙන් අහන් හිටියා කියලා හිතයි කියලා.. ඒත් එයා කළේ මගෙ ෂර්ට් එක ගැන අහපු එක. ඊටපස්සෙ මාව ගුරු විවේකාගාරෙට එක්කන් ගිහින්, ඉස්කෝලෙ ඇරෙනකන් මට ඉන්න දුන්නා. ළමයි ඔක්කොම ගියහමයි මං එළියට ආවෙ. අලුත් සර් හරි හොඳයි. එයා පේන තරම් නපුරු නෑ. එයා ඔරවද්දි හරි හුරතල්..."

මට හයියෙන් හිනාගියා. කවුරුහරි මං හුරතල් කියලා කිව්වමද කොහෙද.. මේවා ලියද්දි කඩදාසි මල කොහොම කොච්චර සතුටින් ඉන්නැද්ද.. හිනාවෙවී ලියන්න ඇති. මට ඒක මැවිලා පේනවා.. දිග හීනි ඇඟිලි පොත පරිස්සමට පෙරලන්නැති.. මං පොත නහයට ළංකරා.. මට පුස් ගඳක් එක්ක මිශ්‍ර වුනු ඕඩිකොලොන්ග් සුවඳක් ආවා.. ඒ සුවඳ මට උබව මතක් කරනවා. සති ගාණක් තිස්සෙ මතකයක ඇලිලා මං මොනවද මේ කරන්නෙ කියලා මගෙ හිත මගෙන්ම අහනවා. ඒත්..  මං නිරුත්තරයි...

නුඹේ සුවඳ

ඇවිත් හිතට

පෙළයි

දවයි

මා

එකදිගට..

🌼🌼🌼

"මෙච්චර ඉක්මනට කවිහාර සර්ට ට්‍රාන්සර් එකක් ආවෙ කොහොමද?"

"ළමයි ටිකට අවසාන වාරෙත් උගන්නලයි මං යන්නෙ අමල් සර්."

"සර් ගියාම ළමයිට වෙන පාඩුව වචනෙන් කියන්න බැරිවෙයි."

වෙනදා වගේම හිමදූවෙ අහස අඳුරුයි. කළු වළාකුලු හෙවණැලි ගුරු විවේකාගාරෙට වැටිලා. කහ පාට ඔරේන්ජ් බල්බ් එකෙන් ඒ අඳුර කැපුනෙ නෑ. සීතල හුළඟක් ඇවිත් මං බලබල හිටිය පොතේ පිටු පෙරලිලා ගියා.

"වහින්න වගේ."

මේ මාසෙ, එකහමාරෙ මට අව්වෙ වැස්සෙ වෙනසක් තිබ්බෙ නෑ. ඒ හැම මොහොතක්ම අසීමිත පාලුවකින්, දුකකින්, මූසලකමකින් වැහිලා තිබ්බා. හරියට මට කවදාවත් හිමි නොවුනු දෙයක් අහිමි උනා වගේ. ඒ හැඟීම ට හේතුව දැන දැනත් මං මාවම රවට්ටන්න උත්සාහ කළා. ඒත් බොහෝමයක් වෙස්මුහුණු පැළැන්ද මිනිස්සු රෑ කාලෙ තමන්ගෙ වෙස්මුහුණු ගලවලා තමන්ගෙ හිතුමනාපෙ ආසාවල් පස්සෙ දුවනවා වගේ, ඇබ්බැහි වුනු මධුවිතක් වගේ, නිමාවක් නැති කාමයක් වගේ.. එක සුවඳ දිනපොතක් මගෙ නින්ද හොරාගෙන තිබ්බා.

"කවිහාර සර් යන්නෙ නැද්ද?"

"මේ යන්න හදන්නෙ."

වෙනදටත් වඩා හවස්වෙලා පුංචි බෝඩිම් කාමරේට එද්දි මගෙ ඇස් මේසෙ මැද්දෙ තිබ්බ දිනපොතට යොමුවුනා. මං ඇතුලට ඇවිත් ඇඳුම් මාරුකරන්නත් කලින් එකපාරටම මොරසූරන වැස්සක් වැටෙන්න ගත්තා.

"... එදා වැස්ස හොඳටෝම. මං කඩ මණ්ඩිය ළඟ හිටන් ඉද්දි එකපාරටම එහාපැත්තෙන් ලොකු කුඩයක් දික්වුනා. අලුත් සර් මට එහාපැත්තෙන් හිටන් හිටියා. එයා ඇස්වලින් කිව්වා යමු කියලා. මාත් නොදැනුවත්වම එයා ගාවට ඇදුනා. අපි හිටියෙ ගොඩාක් ළඟින්. මට අලුත් සර් ගාවින් එන සුවඳ දැනුනා. ඒක හරිම ලස්සන සුවඳක්. එහෙම කියන්න පුලුවන්ද.. ඒත් මට දැනුනෙ එහෙම. සර් මාව නොතෙමෙන්න පරිස්සමට කුඩේ ඇල්ලුවා. සර්ගෙ උරහිස් හොඳටම තෙමිලා. සර් පව්. ඇයි මේ තරම් වදවෙන්නෙ.. ඇයි මෙච්චර මං ගැන හොයා බලන්නෙ.. මං දුප්පත් අනාථ කොල්ලෙක් නිසා විතරමද. මං දන්නෙ නෑ.. ඒත් මට අලුත් සර් ගුරුවරයෙක් විතරක් නෙවේ. එයා මාව ඇරලවලා යද්දිත් මං හිතුවෙ එක දෙයයි.. අනේ වැස්ස මීට පස්සෙ වැහැපන් එයා බෝඩිමට යනකන් ඉඳලා. තෙමන්න එපා බං මගේ සර්ව."

මං තෙමුනෙ නෑ. වැස්සත් උබ කියපු දේ අහලද කොහෙද කඩදාසි මල..

ආදරය උබ වැස්සක් වැනිය

තෙමා රිද්දන

නොතෙමා රිද්දන

රිද්ද රිද්දම කඳුලු වස්සන

උබේ ආදරෙත්

වැස්සක් වැනිය..