Chapter 1: සුවහස් ( The Dark Eve)

සුවහස් ( The Dark Eve)Words: 9803

~  පළවෙනි හුස්ම ~

“රාත්‍රි අහසෙ අඳුර පරදවමින් සුසිනිඳු චන්ද්‍ර පාෂාණයන්ට පතිත වන්නා වූ ඒ ආලෝක රශ්මි කදම්භයෝ හිටි හැටියෙම සුදෝ සුදුවන් කඩුපුල් මල් සිප ගන්නේ ප්‍රේම වන්තයෙකු තම ප්‍රේමාන්විත සුන්දරියව ප්‍රථම වතාවට හමුව සිප ගන්නා අයුරිනි. සවස් කාලය පුරාවට මහා වර්ශාවෝ මහීකත වැළඳ ගනිද්දී එය මහත් ආදරයෙන් උසුල හළ ඒ දුහුවිල්ලන්ගෙන් හමන සුවඳේ මනරම් බව කෙතෙක් දැයි කියනවානම්, මේ විඩාපත් වූ දිවියේ සරතැස නිවාලමින්, එක් සැණෙකින් ම නැවුම් සිතැඟි ගොන්නක් කාවද්දනු වැනිය. සියලු මනරම් රාත්‍රීන් අප හට උරුම වී තිබුන ද ඒ මනරම් බව විඳින්නට තරම් වාසනාවන්තවන ලෙවන් දන හා ඒ මනෝරම්‍ය භාවය විඳින්නට උරුම කම් නොකියන දනන් ද සිටින බැවු මා නොදන්නවා ම නොවේ. “

“කලක් පුරාවට ඒ සුන්දර රැයන් හී කඳුලු සමඟ පොරබැදි මා හට, දෙපොකුල් තෙමා පල්ලම් බැසි ඒ නෙත් දිය කැට; උඩුගම් බලා රෑ අහසේ කුඩා තරු කැට වී අපූරුවට මා දෙස බලා මදහස පාමින් සිටිත්; සැමදා මා දිවි තනිකම් රකින්නට හැකි බව කියනු රිසියෙනි.”

අම්මෝ, අම්මෝ , ඔන්න ඔහොම් තමා අපි කතාවක් පටන් ගන්නේ. බර වචන එහම ගොඩාක් දාලා ඉතින් දන්නෙ නැද්ද? හී..... සාහිත්‍යෙන් පෝෂණය වෙච්චි තාරුණ්‍යයට අයිති අහිංසක විදිහට ජීවත් වෙන අහිංසක කොල්ලෙක් නෙ මං. හ්ම්ම්ම්.....වැඩිය වැල් වටාරම් නැතුව කෙලින් ම වැඩේට බහින්නම්කෝ.. ඕං.....

******************************************************************************

මගේ නම සහස්. වයස අවුරුදු 26 ක කොල්ලෙක්. හැබැයි ඉතින් තාම අම්මගෙ සුදු පුතා. අපේ අයියා කියන්නෙ ත් මට ‘සුදූ’ කියල ... හේ.....අපේ මහ නපුරු මල්ලි නම් මට කියන්නේ ඉතින් ‘මැට්ටා’ කියලා. නැත්නම් ඉතින් ‘පොඩී’ කියලා. එයා අපෙ සුදු අයියට කියන්නෙ නම් ‘ලොකූ’ කියලා..අච්චි මට කතා කරන්නෙ ත් තාම ‘සුදූ’ කියලා. ඔයාලට හිතා ගන්න පුලුවන්නේ ඉතින් හැමෝ ම මට කොයි තරම් ආදරෙ යි ද කියලා. හේ........... එහෙම හැමෝට ම ‘සුදූ’ උනාට නම්, ඔෆිස් එකේ හැමෝ ම මට කතා කරන්නේ  ‘සහස්’ කියලා. බොසු ත් ‘සහස්’ කියලා කතා කළාට, ගොඩාක් වෙලාවට නම අමතක උනහම ‘සහස්’ කැලේ...හේ......’පුතා’ තමා දවසේ වචනය.....අම්මෙ.....

මට ඉන්නවා ඔෆිස් එකේ හෙන සෙට් එකක්. අපි නම් හෙන බඩජාරි ඇන්ඩ් හෙන ම බේබදු සෙට් එකක්. අපේ සෙට් එකේ වැඩියෙන් ම ඉන්නෙ අක්කලා. මගේ වයසේ කෙල්ලො ඩබලක් ම ඉන්නවා. උන් දෙන්න ම අපේ පොඩි එකාගෙ යාලුවෝ. මට නම් කිසිම අයිඩියා එකක් නෑ උන් තුන් දෙනා ඔච්චර ෆිට් උනේ කොහොමද කියලා.  කොහොම හරි උන් තුන් දෙනා ම ස්කූල් ගිහින් තියෙන්නෙ එකට. ඒ අතර මේ කතාව මගේ උනාට මම මං ගැන වැඩිය පම්පෝරි ගහන්න කැමති නෑ. අකමැති ත් නෑ. හූක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්කෙයීඊඊඊඊඉ..................................................................................හී......

“ අම්මා, මම යනෝ...අද නම් හොඳට ම පරක්කු උනා... හී...ලොකු,....යන්”

“ සුදු පුතා, පරෙස්සමින් අයියා එක්ක ගිහින් එන්න හොඳද?..හෙට අනිවාරෙන් ම නිවාඩුවක් ගන්න හොඳද?.....පුතේ කුශ් අක්කලාගෙ ගෙදර යන දවස. අයියා හෙට තමා ඔෆීශියලි එයාගෙ කෙල්ලගේ ගෙදර යන්නේ..හ්ම්ම්.. “

“ හරි...හරි..දයාවතියෝ. හෙට මං කොහොම ත් නිවාඩුවක් දාල නෙ තියෙන්නේ............ඒයි..ලොකු, එන්නෙ නැද්ද?...මට පරක්කු වෙනවා ඕයි...සිකනලෝ...මෙහෙ වර...”

“ අනෙ අනේ...ශෝයි....අම්මට යි, අයියට යි අමතන ආකාරෙ...හරිම සංවරයි..කියලා වැඩක් නෑ ඒ ගැන නම්.”

“ කවුද යකෝ සිකනලා...මම සිකනලා නම් තෝ මගෙ මල්ලි, තලගොයා...හූ...හූ..හු...හූ..හූ...හූ....මේ.. යන් යන් අපි. අද නම් මට ත් පරක්කු වෙලා තියෙන්නෙ හොඳට ම. ,,,,...........අම්මා...... යනෝඕඕඕඕඔ.....අපපච්චි ව ගන්න මං කෙලින්ම ඕෆ් වෙලා එයා පොර්ට් යනවා අම්මා...හොඳද?..........”

“ හා ... යං..යං..ගොනෝ...බලනවා දැන් වෙලාව කීයද කියලා. යමං, යමං, මිනිහෝ.”

“ තෙරුවන් සරණයි මයේ පුතාලා දෙන්නට ම. පරෙස්සමට ගිහින් එන්න එහනම්. ලොකූ අපප්චි ව අර එක්කරන් එන්න යන නිසා පොඩී ටැක්සියක එන්න අදට. පරෙස්සමට හොඳේ....”

******************************************************************************

ඇත්ත්ට ම අපි ඉස්කෝලේ ගිය ත්, ඔෆිස් ගිය ත්, උදේට අපේ ගෙදර එක ම යුද්ධේ ඉතිං ඒ කාලේ ඉඳන් ම. හේ... හී....ඉස්සරහට ත් ඒකෙ කිසි ම වෙනසක් වෙන එකක් නම් නෑ ඉතිං......හේ...ඒක නැති උනොත් නම් කිසි ම ගතියකු ත් නැතුව යයි. හපොයි..හැමිනෙනවා.....ඒ ගතිය නැති වුව හොත්....මා හට මෙලොව කිසි අති කිසි ම සැපතක් සතුටකින් ඇති පලේ කුමක් ද...කියපන් දෙයියනේ......උඩ ඉන්න දෙයියන්ට ජරාව කියක් හරි දීලා තමා දැන් මට ඉස්සරහට ජීවත් වෙන්න වෙල්ල තියෙන්නෙ.. හැබෙයි ... ඒ උනාට දෙයොයොන්ට ත් ඩාං වෙන, ඩූං වෙන අවස්ථා ත් නැතුව ම නෙවේ ඉතිං...දෙයියෝ උනත් පවුනෙ..චා

ටර් කරන්න හොඳ නෑ..(ඒ මේ...බඩ්ඩක් කියන්නද?....ඇත්තට ම අපිට නම් දෙයියෙක් ව  හරි කමක් නෑ, චාටර් කරන්න තියෙනව නම් බං.නරක ළමයා. හේඒඒඒ...ගමේනෙ...කොල්ලොනෙ...) මම හිතන්නෙ මේ දවස් වල දිව්‍ය ලෝකෙ ත් පිකටිං ඇති පඩි වැඩි කරන්න කියලා

First Chapter
ContentsNext
Previous
ContentsNext