Chapter 2 of 2

සුවහස් ( The Dark Eve)

සුවහස් ( The Dark Eve)676 words~4 min read

සුවහස් ( The Dark Eve)

~  දෙවැනි හුස්ම ~

ඔන්න ඉතින් මායි මගේ සුදු අයියා යි ගමන් පටන් ගන්න හැදුවා විතරයි.

“ ඒ මැට්ටෝ, මේ ඔයා ඔෆිස් ගිහින් එන කොට අරගෙන එන්න දෙයක් තියෙනවා හොඳේ. බෑ නොකිය අර ගෙන එනෝ හරිද. මිනු යි බිනු යි පොඩි බඩුවක් දේවි මට දෙන්න කියලා. ඒක ඕපන් කරන්නේ නැතුව මට ම ගෙනැත් දෙන්න හොඳේ. නිකම ට හරි ඒක ඕපන් වෙලා තිබුනොත් මම නරක එකා කියල කියන්න එපා හොඳේ.”

“ අනේ .. පවු..තේරුණා ලොකු මහත්තයෝ. යකෝ,, තොට මාව ඩිලවරි කරන එකෙක් වගේ ද පේන්නේ? ගෙනත් දෙන්නම් හැබැයි ඩිලිවරි කරනවට ගාස්තු අය කරනු ලැබේ. මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි. පොඩි එකා පලයන් ගිහින් පාඩම් කරහන්.. එක්සෑම් එක නෙහ් ..”

“ අහ්හ් .. හරි හරි .. මැට්ටො ගේනො හොඳේ මගේ සුදු අයියානේ ඔයා. (මේ , ඔය අපේ පොඩි අයියට ‘සුදූ’ කියන්නෙ වැඩක් කර ගන්න ඕනි උනාම විතරයි හොඳේ.. ඔයාලා කොන්ෆියුස් උංගා බුංගා වෙන්න එපා සත්තලං හොඳේ...ක්ක්ක්ක්ක්)”

“ අපෝ ජෑම් විතරයි මදි... තිබ්බා නම් පාන් ගෙඩි 20ක් විතර ගාන බටර් ........ගාලා බලු කපුටු දානයක් දෙන්න ත් තිබුනා. හේ.....”

“ චූටි මැනික අපි යනෝ .. ගිහින් පාඩ්ම් කරන්න දැන් හොඳ කොල්ලා වගේ...හ්ම්ම්ම්.(අනේ මන්දා මුන් දෙන්නගේ මේ වලි කවදා ඉවර වෙයිද දන්නෙ නෑ.. මගේ පන ටිකනේ මගෙ මල්ලිලා දෙන්නා..උඹලා දෙන්නව දාලා කසාදයක් කර ගෙන මම කොහොම ඉන්නද අප්පා...හ්ම්ම්ම්”)

*** අපේ පොඩි එකාගේ ලයින් ගොඩයි. ඌට මොනවා හරි ඔනී උනොත් ඌ තමන් ව මරන්න එන හතුරෙක් ට හරි බටර් ලෝඩ් එකක් ගාලා උගේ වැඩ ටික කර ගනියි අනිවාරෙන් ම.. ආයි .. මොනාද ඉතින් කතා දෙකක් නෑ.. හේඒ. ඒ උනත් මගෙයි සුදු අයියාගෙයි පන ටික, අපේ පොඩි එකා. අපේ මහ එකා මට වඩා පොඩි එකාට ආදරේ කියලා එහම අමුතු එකක් දැනෙන්නේ නෑ ඉතින් ඌනෙ පවුලෙ බාලයා.. අපි හැමෝගෙ ම මැනික් කැටේ ඕකා තමා ඉතින්. ඒ උනාට වෙලාවක ට නම් ඌ හිතන් ඉන්නෙ ඌ හැමෝගෙ ම රජු අපි උගෙ සේවකයෝ කියලා. දෙන්න හිතෙනවා ඒ වෙලාවට නම් උඩින් ගිහින් අනෝතප්ත විලට ගිහින් වැටෙන්න.අනේ මන් දා මට පොඩි සැකේකු ත් එනවා මූයි අර සක්කර වට්ටම් දෙකයි එකතු වෙලා මොන මොනවා කරනව ද කියලා අම්මපා. එකට ඉස්කෝලෙ ගියා කියලා පුදුම මගුලක් නෙ යකෝ මේක..විකාර..

“ සුදු අයියේ, අපේ පොඩි එකා මොකක් හරි ජල්තර වැඩකට සෙට් වෙලා වගේ තමා හැඟී යන්නේ...මිනු යි බිනු යි බඩු දෙක එක්ක හෙන බඩුව. මගුල, ඇයි බං අපේ වයසේ කියලා මම වත් ඔය සක්කර වට්ටම් දෙක එක්ක වැඩිය නෑ. අම්මො හෙන බෝම්බ දෙක. ටිපර් උනහම නිකන් හිරොශිමා වලට ගහමු බෝම වගේ අයියේ.... ගෑනු තම හෙනම බඩු”

“ අනේ .. එයාලා ඉතින් එකම ඉස්කෝලෙටනෙ ගිහින් තියෙන්නේ. ඔයා එයාලව දැන ගන්න කලින් චූටි එයාල ව දන්නවා නේ. ඔයා ත අනේ මන්දා සුදූ. මිනිස්සුන්ට කතා හදන්න දන්නේ මනෑ..”

“ අනේ වැඩේම යි කතා හදන්න .හේඑ... කොහොම ත් අයියාගේ මල්ලිනේ.....පුහ්......”

“ අහ්හ.. හාකො ඉතින්...”

“ හ්ම්.. ඔයා ඉතින් යනවනේ ඉක්මනට නේද.. මාවයි චූටි වයි දාලා...(එහම කියද්දි සිරාවට මගේ පපුව හෝස් ගාලා ගියා.. අයිය ත් ලොකු හුස්මක් ඇද්දා...) එයා එක්ක එක ගේකට ගිහින් ඔයා ලස්සන ජීවිතයක් ගත කරන්න ඕනි සුදු අයියේ...අපි දෙන්නව නම් අමතක වෙයි ඔයාට එතකොට හේඑ... අක්ක ගැන බලන්න.. ඔයාගෙ වැද පලේ දේවල් බලන්න එහෙමත් එපැයි..දරු මල්ලෝ හම්බ උනහම ඒවා බලන්නත් එපැයි.. හේ මට මතක් වෙද්දී ත් හිනා යනවා. මට මැවිලා පේනව ඔයා ගෙදර වැඩ එහම කරගෙන ලමයි බලා ගෙන ලමයි ගේ පැම්පස් මාරු කර් ගෙන .. අම්ම්ම්මෝඔ ආතල් එක .. දෙයියන්ගේ පිහිටයි....හේඒ..අහහ්හහහ්හහ්..හහහ්..හහහ .හාආආආ......”

“ අහ්හ හාඅ.. අම්මෝ ඇති .. ඇති .. මට ඔයාල දෙන්නා නැතුව ඉන්න පුලුවන් ද සුදූ, අහ්හ්,,, බොලා දෙන්නා තමා මගේ පන.. එක්කෝ දැන් ම බඳින්නේ නැතුව ඉන්න ත් හිතෙනවා අප්පා..ඔයා දන්නවානේ මම තමුසෙටයි චූටිට යි කොච්චර ආදරේ ද කියලා.”

හ්ම්..ඒ දේ ගැන මතක් වෙද්ද් දී ත් ඇත්තට ම වාවන්නේ නෑ. මොනා කරන්නද ඉතින්. හ්ම්ම්.. හැමදා ම ඉතින් අපි ගාව ඉන්න බෑනේ. හ්ම්..හ්ම්ම්..එයා ඉතින් කසාදයක් කර ගෙන සතුටින් ඉන්න ඕනි හැමදා ම. මගේ අයියා පන. චූටි ත් ආදරෙයි පැලෙන්න. ඔහොම ඉතින් අපේ ජීවිත ඉස්සරහට ගලා ගෙන යනවා.කාලය ගත වෙනවා නිකං ජෙට් එකක් යනවා වගේ. හැමිනෙනවා..ලේන්සුව අරන් අවේ නෑනෙ යකෝ. මල ගිනි විජ්ජුම්බර විනාසයයි..ලේන්සුවක් නෙතුව ගත කරන ජීවිතෙන් වැඩක් තියේද ඇත්තට ම. කමක් නෑ ඔන්න ඔහේ. අදට විතරනේ.හ්ම්..මුන් දෙන්න නිසා තමා මගේ අදික මානසිකත්වයට හානි වෙලා අමතක වීමට ලක් වුනේ... හේ හේ හේ..

“ ඒයී...ලොකූ.....බලාගෙන.. ඒඑඊඉ... ,, අයියේ........................................................................”

Contents
Contents
Next

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!