Chapter 1: Part 01

In The Book Fair (b×b)Words: 22986

ටකස් ටකස්- ටකස් ටකස්-

හූඌඌඌඌහ්හ්

ටකස් ටකස්- ටකස් ටකස්-

ටිකට් කවුන්ටර් එකෙන් පිටකොටුවට තර්ඩ් ක්ලාස් එකේ ටිකට් තුනක් අරගෙන මං එනකං එන්ට්‍රන්ස් එක ගාව බලං ඉන්න උන් දෙන්නා ගාවට ගියා...

අපි පළවෙනි වේදිකාවට ගිහින් කෝච්චිය එනකං බලා උන්නා..

"ඒ නිශාධ්‍ය බලහං අර පොල් ගහ දිහා" අචින්තයා මට එහා ප්ලැට්ෆෝම් එකෙන් එලියෙ තිබ්බ පොල්ගහක් පෙන්නුවා.. යකෝ මෙච්චර කල් ආවා ගියා මේක දැකලා නෑනෙ මං..

ඒ ගහේ මුල පැත්තෙ ඉදන් කෙලින් තිබුණා උනාට අග්ගිස්ස පැත්තට යද්දි උඩින් කඳ දෙබලි වෙලා තිබ්බා.. ඒ කිව්වෙ ඔය තාල වර්ගෙ ගස් වගේ නෙවෙයි. ඒකෙ කඳ දෙකට බෙඳිලා තිබුණෙ. ඒ කඳ දෙකට බෙඳිලා අතු දෙකක් වගේ දෙපැත්තට ගිහින් තිබුනා. ඒ දෙකේම හොඳ සාරෙට හැදිච්ච පොලුත් තිබුනා.

"ඕං බලපන් අතු බෙදෙන ගස් හරිද😂" ශෙවිනුවා ගහේ ෆොටෝ එකකුත් ගහ ගන්න ගමං හිනා වෙවී කිව්වා..

•••••••••••

ඈතින් එන යකඩ යකා එක්ක තමංගෙ ගමන යන්න බලං හිටපු ලොකු පොඩි හැමෝම කඩි ගුලක් ඇවිස්සුනා හා සමානව තම තමන්ගෙ බඩුමළු එහෙම උස්සන් නවත්තපු ගමං පෙට්ටියට පනින්න හිතාගෙන එහා මෙහා වුනා..

මං මගේ එහාපැත්තෙ හිටගෙන ඉදන් ඈත කළු පාලම පහුකරං ස්ලෝමෝශන් එකෙන් එන 'රජරට රැජිණ' දිහා බලං ඉන්න ශෙවිනු දිහාට හැරුණා...

"උඹට ශුවර්ද දැන් අව්ලක් නෑ කියලා" මං ශෙවිනුවාගෙන් ඇහුවා

"ඔව් බන් ඔව්.. දැන් උඹලා ඕක කී ගමනක් ඇහුවද ඈ?? තොපිට තේරෙනෙවනෙ කියනෙක ඈ?? ගෙදරින් එළි බහින වෙලේම ඉදන් ඕකනෙ!!!" ශෙවිනු මටයි මගේ පිටිපස්සෙන් හිටපු අචින්තටයි රැව්වා ආයෙ ලෙසටම

"ඇයි දැන් උඹ පුපුරන්නෙ ඉතින්? තෞසෙට පුළුවන්ද කියලනෙ ඇහුවෙ?" අචින්තයත් මගේ පැත්තට කතා කලා..

ඇයි බන් ඇත්තනෙ.. මූ මේ සල්ලි ටික හරි වටිනවා- ඕක බොරුවට නාස්ති නොකර අපි තුනට තර්ඩ් ක්ලාස් එකෙන් ටිකට් ගනිං- හෑයි හූයි ගෑවට මූට මිනිස්සු එක්ක එකට ගැටිලා පුරුද්ද නැති කමට හුස්ම හිරවෙන්න වගේ ඇවිත් කලන්තයක් වත් ඇල්ලුවොත් මොන සක්කරයට කියන්නද!!

මූ මේ බබා වගේ හැදිලා මෙතන බස් එකක ජීවිතේට ගිහින් නැතුව කෝච්චියක යන්න දන්නෙත් නැතුව... මූ දන්නෙ නෑ කොළඹ යන හැම කෝච්චියකම කට කපලා මිනිස්සු කියන්න..ඒක දන්නෙ ඉතිම් කෝච්චියෙන් හැමදාම නැතත් ඉඳලා හිටලා හරි යන මමයි අචින්තයයි නෙ.

"අනේ මල්ලේ.. තෞසෙලා මාව අවතක්සේරු කරනවා නේත" ශෙවිනු අචින්තයාගෙ උරහිසට ඩෑස් එකක් දීලා මගේ ඔළුවට ඇන්නා...

මේක හරි මගුලක් උනා නෙ. මූට හොඳ කරන්න ගිහින් අපි ගුටි කන්නත් ඕනෙ බොම්බයිමොටයියා...

විසිල් සද්දයක් වගේ සද්දයක් දාගෙන හෙමීට ඇවිත් නැවතුන රජරට රැජිණට නගින්න මිනිස්සු පොරකන අතරේ මායි මගේ සයිඩ් කික් දෙකයි කෝච්චි පෙට්ටියකට නැග්ගා..

ඇති යාන්තං අනික් ඒවාට වඩා මේකෙ සෙනඟ අඩුයි... නෑ එහෙම කියන්නත් බෑ.. කෝච්චි පෙට්ටියේ අපි නැග්ග පැත්තේ සෙනඟ අඩුවෙන් හිටියෙ. අපිට හිටගෙන යන්න උනත් පැක් වෙලා හිටියේ නෑ.. ආත් අනිත් කෝච්චි පෙට්ටි නම් ආයෙ කට කපලා.. කියන්නෙ පැක් වෙලා..සුපිරියටම

ශෙවිනුවාට කෝච්චි පෙට්ටියේ බිත්තියට හේත්තු වෙන්න දීලා මායි අචින්තයයි එහාට ආවා... මූ එක්කං යන්නත් බයයි.. ශෙවිනු හේත්තු වෙලා කොණේම ඉදිද්දි මාව උන් දෙන්නාගෙ මැදට දාපු අචින්තයා මගේ එහාපැත්තෙන් හිටගත්තා...

දොර අයිනෙ නැතුව අනිත් කොණේ කෝච්චි පෙට්ටිය අනිත් එකට සම්බන්ධ වෙන කොණේ හිටං හිටපු අපි තුන් දෙනා කෝච්චියේ පැක් වෙලා යන මිනිස්සු දිහා බලන්න වටපිට බැලුවා..

අපි හිටපු පැත්ත අර තුන් දෙනෙක්ට යන්න පුළුවන් ශීට් තිබ්බ පැත්ත.. ඒකෙ අපි හිටපු තැන මුලම තිබුණු ශීට් එකේ හිටියෙ සීයලා තුන් දෙනෙක්..

එයාලා යාලුවෝද කොහේද... කොහේද නෙවෙයි එයාලා යාලුවෝ තමයි.. එතනින් එක සීයා කෙනෙක් නැග්ගෙ අපිත් එක්ක ගාල්ලෙන්.. ඒ හිටපු සීයලා දෙන්නා ඒ සීයාව ජනේලෙන් හරි ඇදලා ගන්න හැදුවෙ. 😂 පස්සෙ බෑග් එක ජනේලෙන් දීලා සීයා හෙන ගේමක් දීලා සෙනඟ අස්සෙන් ඇවිත් යාලුවෝ දෙන්නා ගාව වාඩි උනා.. ශීට් අතර තිබ්බ ඉඩෙත් මිනිස්සු හිටගෙන..

දහයයි විසිපහට යන්න තිබ්බ කෝච්චිය ආවෙ විනාඩි පහළොවක් විතර පරක්කු වෙලා.. ගාල්ලෙන් පිටත් වෙද්දි වෙලාව එකොළහට දහයයි.

උදේ හයයි පනහේ කෝච්චිය අල්ල ගන්න එන්න හිටපු අපිට කරුමක්කාර වැස්සකට අහුවෙන්න උනා මදිවට අපේ ගෙදර තිබ්බෙ ස්කූටි එක විතරක් නිසා අප්පච්චිට අපි තුන් දෙනාව ලබුදූවට දාන්න දෙපාරක් එහාටයි මෙහාටයි යන්නත් උනා.. පරක්කු වෙලා පරක්කු වෙලා කෝම හරි නමයයි පනහට විතර ගෙදරින් එළි බැහැලා ලබූදුවට ඇවිත් බස් එකේ ගාල්ලෙන් බහිද්දි දහයයි විස්සයි.

දහයයි විසිපහේ කෝච්චිය අල්ලන්න බස් ස්ටෑන්ඩ් එකේ එහා කොණේ ඉදන් ස්ටේශන් එකට දුවලා ටිකට් ගන්නකොට කෝච්චිය විනාඩි පහළොවක් පරක්කුවෙනවා කියන කොට අපි සැනසීමෙන් හුස්මක් දැම්මා..

පුංචි ගැස්සීමක් එක්ක යන්න පටන් ගත්තු කෝච්චියේ අපිට එහා පැත්තෙ හිටියෙ අනුරාධපුරේ යන කට්ටියක්.. එයාලා නැග්ගේ වැලිගමින් කිව්වා... කොහොම උනත් මෙයාලාට කොළඹට යනකං හිටගෙන තමා ඉන්න වෙන්නෙ. මෙතනින් එහා මිනිස්සු බහින්නෙ නෑ නඟිනවා විතරයි..

අර සීයලා තුන්දෙනා හිනා වෙවී මහ හයියෙන් කතා කර කර ඉදලා ටිකක් දුර යද්දි නිදි. එයාලා බහින්නෙත් පිටකොටුවෙන් කිව්වා..

රිච්මන්ඩ් කන්ද, දොඩංදූව, ගිංතොට,හික්කඩුව, අලුත්ගම ස්ටේශන් පහු කරං කලුතරට එද්දිම මට හොඳ ගනන්... තැලිලා හිටපු මට කකුල එහා මෙහා කරගන්නවත් බැරුව හිටියෙ. එකම විදියට කකුල තියං ඇවිත් කකුල හිරිවැටිලත් එක්ක..

ශෙවිනුවාට නිදිමතේ ගහලා... අචින්තයා ෆෝන් එක කනවා.. මං කෝච්චියෙන් එළිය බලාගෙන ආවෙ..පොඩ්ඩක් එහා මෙහා වෙලා ශීට් එකට හේත්තු වෙලා ඇස් දෙක පියාගත්තු මට එහෙම ඉන්න උනේ ටික වෙලාවයි...

මගේ දිහා කවුරු හරි බලන් ඉන්නවා වගේ දැනුනු මං වටපිට බැලුවා..ම්හුක් කවුරුවත් මගේ දිහා බලාගෙන හිටියෙ නෑ..

මට කෝච්චි පෙට්ටියේ දොර තීන පැත්තට මූණ හරවගෙන අචින්තයාට පොඩි හේත්තුවක් දාගත්තා.. ඌට මෙලෝ සිහියක් නෑ අර තායි බීඑල් මගුලක් බලනවා බලනවා.. මූ මෙහෙම ගිහින් තායි ඩ්‍රාමා එකක් ලංකාවෙත් ගහලා තමා පස්ස බලන්නෙ.. හිකනල් පැටියා..

ඌ බ්ලූටූත් ඉයර්ෆෝන් එක ගහගෙන බලන නිසා මට සද්දෙ ඇහුනෙ නැති උනාට මාත් ඔලුව දාලා බැලුවා මූ බලන්නෙ මොන ඩ්‍රාම එකද බලන්න...

මේ මොකක්ද මේ 👉👈 මං දන්නෙ නැති එකක්.. යකූ උන් දෙන්නා ලස්සනයි... මේ හිකනලාට තනියම බලන්න හොඳයි අවලං ගෙම්බා... ලින්ක් එක හරි ශෙයා කලාම මුගේ ඇටයක් නැති වෙනෝනෙ.. හුහ්

මොනා උනත් ඔය එකකටවත් මගේ හිතේ උඩින්ම තීන අන්ටේම්ඩ් එකට ගහන්න බෑ හුහ්.. එකෙන්ම යීඡන් වන්ශියෑන් හුහ් 😌

මට ආයෙම කලින් දැනුනා වගේ මගේ දිහා කවෘ හරි බලං ඉන්නවා කියන හැඟීම දැනෙනකොට ඔලුව උස්සලා මං හතර වටේම බැලුවා.. මිනිස්සු එයාලා එයාලගෙ කතා.. එක්කො නිදි. නැත්තං සින්දුවක් අහනවා..

කවුරු හරි මං දිහා බලං ඉන්නකොට මට හෙන අපහසුකාරි හැඟීමක් දැනෙන්න. මං ඒකට කැමති නෑ... මේ දැනුත් එහෙම දැනෙන නිසා වටපිර බලපු මගෙ ඇස් දෙකට ඇස් දෙකක් හම්බුනා..

කෝච්චි පෙට්ටියේ දොර ගාව තිබුණු ඒ ඇස් දෙකේ තිබ්බෙ හරි අමුතු දෙයක්... නිකං එයාගෙ දේකට වෙන කවුරු හරි වගකියනකොට එන ඉරිසියාව වගේ..... එකක්..

මං එහෙම්ම අනිත් පැත්ත බලාගෙන අචින්තයාව තව ටිකක් ඉස්සරහට දාලා ඌට කවර් උනා.. බයේ බෑ.. මොන මඟුලට මගේ දිහා බලං ඉන්නවද මංදා..

එයා දිහා ආයෙ බලන්න බය හිතුනු නිසා මං අචින්තයාට කවර් වෙලාම හිටියා. ඇස් දෙක විතරක් දැක්ක නිසා අඳුරනවද කියලවත් දැනගන්න බැරි උනා. ඒත් මට තිබ්බ කුතුහලේට මං අචින්තයාගෙ ඔලුව පිටිපස්සෙන් හෙමීට ඇස් දෙක විතරක් දාලා බැලුවා..

තාම මේ දිහා බලාගෙන හිටපු එයා දිහා මං හොරාට බැලුවා...

මේ කොල්ලාව මං දැකලා තියෙද?!! දැකලා පුරුදුයි වගේ දැනුනු මූණ දිහා බලාගෙන මං මගේ ශෝට් ටර්ම් මෙමරි එකක් තිබ්බ මොළේ හොල්ලලා බැලුවා... එයාගෙ එහා පැත්තෙ තව කොල්ලෙක්.. ඒකා යාලුවෙක්ද කොහේද. ඌ අනිත් පැත්ත හැරිලා හිටියේ. ඒත් ඌ කියවනවා කියලා මට තේරුනා වගේම ඌ කියන ඒවාට මූත් මොනා හරි කිව්වා..

මං මොන තරම් මතක් කලත් මගේ ඔලුවට මූව මීටර් නෑ....

මං ආයෙම අචින්තයාට කවර් උනා වගේම ආයෙ වැරදිලාවත් ඒ පැත්ත බැලුවෙ නෑ...

•••••••••••••

"ඒ බැහැපන් දැන්"

මං කරමතේ ගහලා විකාරෙන් වගේ හිටපු ශෙවිනුවාව හොලවලා ඇහැරවලා අචින්තයාගෙ පස්සෙන් ගිහින් කෝච්චියෙන් බැහැගත්තා.. කොළඹ තනියම ආපු පළවෙනි පාර.. කලින් කොළඹ ඇවිත් තිබුනාට ඒ අම්මා අප්පච්චි එක්ක විතරයි.

පිට කොටුවෙන් බැස්ස අපි ස්ටේශන් එකෙන් එළියට ඇවිත් බස් තීන පැත්තට ගියා...

" තාත්තා කිව්වෙ මොන බස් එකේ නගින්න කියලද??" ශෙවිනු උගේ බෑග් එක හරහට එල්ලං පටිය තද කරන ගමං ඇහුවා..

මගේ අප්පච්චිව අම්මව එයාලට තාත්තා අම්මා වෙද්දි උන්ගෙ අම්මලා තාත්තලාවත් මට අම්මා තාත්තා උනා..

අපේ අප්පච්චිට මං විතරක් අප්පච්චි කියද්දි උන් දෙන්නා තාත්තා කියලා කතා කලා..

"අප්පච්චි කිව්වෙ 103 බස් එකක නගින්න කියලා.. නාරාහේන්පිට"

"ආ අර තීන්නෙ වරෙං යන්න" අචින්තයා ඉස්සර වෙලා ගිහින් දැනටම සෙනග පිරිලා හිටපු බස් එකට නැගලා හිට ගත්තා..

"කනත්ත හන්දියට තුනයි" ශෙවිනුවා අපේ අප්පච්චි කියපු විදියට ටිකට් අරගත්තා..

අප්පච්චි කිව්වෙ කනත්ත හන්දියෙන් බහින්න කියලා.. ඔය කියන කනත්ත හන්දියක් ගැන මං තියා මුං දෙන්නාවත් දැනං හිටියේ නෑ.. අපිත් එක්ක අප්පච්චිත් එන්න හිටියට එන්න උනේ නැත්තෙ අප්පච්චිගේ යාලුවෙක්ගෙ ගෙදර මලගෙයක් නිසා.. අප්පච්චි මේ තකහනියේ පාස් දාලා ගෙදර ආවෙත් ඒකට යන්නනෙ.. අප්පච්චි වැඩ කරන්නෙ ආමි එකේ. නාරාහේන්පිට තීන ආමි කෑම්ප් එකේ. අප්පච්චිට නම් කොළඹ හුරුයි ඒක නිසා..

"කනත්ත හන්දිය කනත්ත හන්දිය බැහැගන්න..." කොන්දා බෙරිහන් දෙනකොට මායි අචින්තයයි ශෙවිනුවයි බැහැගත්තා...

දැන් තමා තේරෙන්නෙ ඇයි කනත්ත හන්දිය කියන්නෙ කියල. බෙරැල්ල කනත්ත තිබ්බෙ එතන. ඉස්සරහ පාරෙන් එහා පැත්තෙ ජයරත්න එක....

අපි පාර පැනලා අප්පච්චි කිව්ව විදියට ඇවිදගෙන ඉසාරහට ගියා...

BMICH

අපි මේ යන්නෙ BMICH එකට. බුක් ෆෙයා එකට...

"ඒ බන් නිශාධ්‍යයා බලහං මේක පොඩ්ඩක්..." අපිට හම්බුනු ලීෆ්ලට් එක යනමඟදිම දිගෑරගත්තු ශෙවිනුවා මට ඒක පෙන්න පෙන්න මේක බලහං කිව්වා..

මියුසස් පබ්ලිශස්ලගේ ලීෆ්ලට් එකක්.. මේක හෙන වටිනවා හැබැයි. මං ආවෙම මියුසස් එක්ව්න් භාගයක් උස්සන් යන්න. ඇයි යකො හුහ්..

අනිත් දෙන්නත් එහෙම තමා..

"අනේ බලහංකො බන්. මට දැනටම පිස්සු වගේ" අචින්තයාත් උගේ ලීෆ්ලට් එක නවලා රෝල් කරලා බෑග් එකේ සයිඩ් පොකට් එක අස්සෙ ගහන ගමං කිව්වා..

BMICH කියලා ඉස්සරහ ලොකුවට ගහලා තිබ්බ තැන නැවතුනු අපිතුනගෙ සෙල්ෆි එකක් ගත්තු අචින්තයා ඒක වට්සැප් ස්ටේටස් දැම්මා ' ආදරණීයම මතකයකට අවසර.." කියලා කැප්ශන් එකකුත් එක්කම...

අපි තුන් දෙනාට ටිකට් ගත්තෙ අචින්තයා.. ඌ ටිකට් තුන අරගත්තු ගමං හෙන පරිස්සමට බෑග් එකේ පොකට් එකක දාගත්‍තා....

" ඒ බන් බඩගිනීනෙ.. කාලාම පටන් ගමුද??" මං උන් දෙන්නාගෙන් අහනගමං ඇතුළට යනකොටම එහාපැත්තෙ තිබුණු කොත්තුමී විකුණන හට් එක පැත්ත බැලුවා...

"මොන....."

•••••••••>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

ආච්චි අම්මේහ්හ්හ්...

මේං අලුත් එක

බායි ඈ

මේක වන්ශොට් එකක් අනී.. ශෝට් නන්ෆික් එකක්..

බීඑල් තමා හුහ්

බායි බායි

කියවන්න වෝට් ක්‍රාන්න කමෙන්ට් ක්‍රාන්න ශෙයා ක්‍රාන්න...

ඒනං මල්ලෙ.. අපි ගියා..

Eesha~

First Chapter
ContentsNext
Previous
ContentsNext