Chapter 2: Part 02

In The Book Fair (b×b)Words: 23003

" ඒ බන් බඩගිනීනෙ.. කාලාම පටන් ගමුද??" මං උන් දෙන්නාගෙන් අහනගමං ඇතුළට යනකොටම එහාපැත්තෙ තිබුණු කොත්තුමී විකුණන හට් එක පැත්ත බැලුවා...

"මොන....."

තුහ් තුහ්.. මොන හත්තිලව්වක්ද මේ!! මේ අර කෝච්චියේ හිටපු එකා නේත??

ආච්චි අම්මේ!! ඇයි මූ මගේ දිහාම බලං ඉන්නෙ?? නොදන්න කොළොංතොටේ තනියම ඇවිත්...අප්පච්චි කිව්වාත් එක්ක අද නැතුව අප්පච්චි එක්ක හෙට එමු කියලා!! කොහෙද ඉතිම් මගේයි මුං දෙන්නාගෙයි අලි ඔලුවනේ.. බලං ඉන්න විදියට බයත් හිතෙනවා ජෙයියනේ.. මූ මොකද මේ...

බලං ඉන්න විදිය නම් මට අල්ලන්නෙ නෑ පුතෝ... මූ නිකං මං උගේ වස්තුවක් වගේ බලන් ඉන්නෙ. යකෝ..මට බෑ.. වටේම පොලිසියෙන් ඉන්න නිසා බය නෑ ඩිංගක්.. කිඩ්නැප් කරන්න බෑනෙ..

චූ බරකුත් ලෝඩ් වීගෙන එනවා වගේ අම්මේ!! මට බෑ මට බෑ.. මං වතුර බිව්වෙත් නෑ චූ බර හැදෙන නිසා... විජලනේ ආවත් කමක් නෑ පොත් බලන්න තීන වෙලාව නාස්ති වෙනවා වොශෲම් ගානෙ දුව දුව හිටියොත්.. ඒක නිසා වතුර බිව්වෙත් නෑ.. ඒත් මුගෙ බැල්මට චූ බර හැදෙන්නෙ ඇයි ආත්තම්මේ!!

චිහ් මගේ මේ ඕනවට වඩා හිතන ගොං මොලේ නම් වෙලාවකට මහ Caපයක්

" මගේ දිහා නෙවේ බලන් ඉන්නෙ. ඌ මගේ දිහා නෙවේ බලන් ඉන්නෙ..." මං මටම මුමුණන ගමං අනිත් පැත්ත හැරුනා.. බඩගින්නත් වාස්ප වෙලා ගියා මගේ..

"ඒ බඩගිනි නෑ!! යමං.. අපි යමං.." මං අරුන් දෙන්නාව ඇදගෙන එතනින් යන්න ලෑස්ති උනේ..

"අඩෝ ඔහොම ඉදහං.. ඉදපන් මිනිහො.... ඒ ජනුකයා.. අඩෝ මේ මෙහේ!!! මේ බලපන්" ශෙවිනුවා.. ඌ මගේ අත ගසලා දාලා මහ හයියෙන් කෑ ගහන ගමං කාටදෝ අත වනනවා...

ජනුක?? ඒ මොකාදේ?? මං ජනුක කියන්නෙ කවුද කියලා දැනගන්න ආයෙම අනිත් පැත්‍ත හැරුනා...

"ඒ ඒ ජනුක!! මෙහේ බලපන් යකෝ??" ශෙවිනුවා කෑ ගහලා ඉස්සරහට දිව්වා..

ඒ ඒ සක්කිලියා ඉදපන් ඕඉ.. තෝව මඟෑරුනොත් හොයන්න වෙනම ගේමක් දෙන්න වෙනවා...

අචින්තයා මාවත් තල්ලු කරගෙන අරූගෙ පස්සෙන් දිව්වෙ මූ කොහේ හරි මකබෑවුනොත් සක්වල පීරලත් හොයාගන්න බැරි තරං අමාරු නිසා... පණු ගාය මුට එහෙම්ම..

ඒඉ ඒඉ... මූ පාවලා දෙන්නා!! මූ මොකද අරූ ගාව නැවතිලා ඉන්නෙ?? ශෙවිනු මොකද අරූගාව නැවතුනේ!! ශෙවිනු මොකද උගෙ එහාපැත්තෙ එකාගෙ කරෙන් අත දාගත්තේ!! ඌ මොකටද... ඌ මොකටද අරූගෙ ඔලුවට ගැහුවේ!!

ආච්චියේ!! මුණුබුරාගෙ මූණ තැලිච්ච දෙහි ලෙල්ලක් වෙලා ගියානෙ...

"මේ බන් මේ අර ශෙවිනුවාගේ ඈතින් කසින් නේද?? අර ජනුක නෙ??" ශෙවිනුවාගේ ගරුනම්බු කල්ක්‍රියාව දැකලා එවෙලෙම බ්‍රේක් පෑගුණු මගෙන් ඒ විදියටම බ්‍රේක් ගහගත්‍තු අචින්තයා ඇහුවෙ මගේ උරපත්තට උගේ අර ඇනුනාම දෙහිකටු වගේ caනීපයක් දැනෙන වැලමිටෙන් ඇනලා....

"ඌහ් ගොනෝ!! ඔය ඇටකටුවෙන් අනින්නෙපා මීගවයෝ!! වේදනයි" මං උට උත්තර දෙනවා වෙනුවට උට ආපිට ඩෑස් එකක් දුන්නා.. පිට මැද්දෑවට..

" විකාර නොකර බලපන්කො බන්.. අර අර බොම්බයිමොටයියාගේ කසින් ජනුකනෙ???" අචින්තයා මට ආයෙම අනින්න හදනකොට උගෙන් අඩියක් විතර එහාට ගිහින් හිට ගත්තා...

"මං දන්නෙ නෑ බන්.. මං දන්නෙ නෑ.. මං ඇත්‍තටම දන්නෙ නෑ!!"

මං ජනුකයෙක් ගැන දන්නෙ නෑ යකූ.. ඇහුවෙත් අද ඒ නම...

මිනිස්සු සෑහෙන්න.... බුක් ෆෙයා එකට ඇවිත් ඉන්න මිනිස්සු ගංගාව... පොඩි ලොකු කියලා නෑ හැමෝගෙම මූණු වල හරි ලස්සනට හිනාවක් ඇඳිලා තිබුනා..

එහෙම තමයි!! පොත් කියන්නෙම වෙනමම දෙයක්!! පොත් කියන්නෙ වෙනමම ලෝකයක්!! පොතක් කියවන්න කැමැත්තක් හිතෙන්නත් වාසනාව තියෙන්න ඕනෙ.. පොත් කියන්නෙ මේ ලෝකෙ කිසිම බෑඩ් සයිඩ් ඉෆෙක්ට්ස් නැතුව ඇබ්බැහි වෙන්න හොඳම දෙයක්..

ලංකාවෙ මිනිස්සු තාම පොත් වලට ආදරෙයි කියලා දැනගන්නෙකම කොයි තරම් දෙයක්ද!!

දැක්කනේ ආයෙම අදාලම නැති දෙයක් මගේ ඔලුව කල්පනා කරන්නෙ.. මේ උද්ගත වෙලා තීන තත්වය ගැන මේලෝක දෙයක් හිතන්නෙ නැතුව වටේ යන ඔලුවක් මට තියෙන්නෙ....

බැක් ටු ප්‍රොබ්ලම්

අචින්තයත් උන්ව දන්නවදෝ මන්දා..

"ඒ ජනුක තමයි බන්.. බලහංකො උගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් විනුජත් ඉන්නවා" අචින්තයා කියවනවා...

විනුජ?? ජනුක??

"හෝව් හෝව්.. පොඩ්ඩක් ඉදපං.. උඹත් උන්ව දන්නවද දැන්??" මං අචින්තයා දිහාවට හැරුනා..

"ඔව් බන්.. මේ මුං දෙන්නා අර ගිලෙන නෞකාවෙ මැත්ස් සෙක්ශන් එකේ පොරවල් දෙකක් බන්.. උන් දෙන්නාව අඳුර ගත්තෙ ඇප්ලයිඩ් ක්ලාස් එකේදි.. ජනුක අපේ බොම්බයිමොටයියාගේ ඈතින් කසින් කෙනෙක්නෙ බං.. උගේ අම්මාගෙ නැන්දාගෙ හස්බන්ඩ්ගෙ නංගිගෙ පුතාගෙ පුතානෙ ඔය ජනුකයා.. විනුජ උගේ භොක්කෙ ෆ්‍රෙඩා. උන් දෙන්නා නර්සරි ඉදන් හොඳම යාලුවොලුනෙ..උඹ දැනගන්න විදියක් නෑ තමා.. මුං දෙන්නා එන්නෙ ඇප්ලයිඩ් එකටයි පියෝ ක්ලාස් එකටයි..උඹ ඉතින් කරන්නෙ බයෝ නෙ. උන් අපි යන කෙමිස්ට්‍රි පිසික්ස් ක්ලාස් වලට නෙවේ එන්නෙ.. ජනුක ඇවිල්ලා බන් හෙන සල්ලි කාරයොලු.. විනුජත් එමම තමා.. උන් දෙන්නා හෙන ඩීසන්ට් පොරවල් දෙකක් හරිද.. අර ගිලෙන නැවේ ප්‍රිෆෙක්ට්ලා දෙන්නෙක්ලුනෙ.. මුං දෙන්නා ඇවිත් බන් හෙන මීටර් දෙකක් හරිද.. ක්ලාස් වල ටෙස්ට් වලටත් හෙනට ලකුණු තීනවා හරිද.. ආයෙ කියලා වැඩක් නෑ සුපිරිම ඕල් රව්න්ඩර්ස්ලා හරිද.. මුං දෙන්නා ස්පෝර්ට්ස් පවා කරගෙන තමා ඔය ක්ලාස් එකෙත් පළවෙනි දහදෙනා අතරට එන්නෙ.. විනුජ ක්‍රිකට් ටීම් එකේ ඉන්නවා.. ජනුක රගර් ටීම් එකේ... මුං හෙන ප්‍රසිද්දයි හරිද... මුංට පැනි හලන කෙල්ලො-...."

"නවත්තහං බල්ලො.. හුස්ම ගනිං මුලින්.. මං උන්ව දන්නවද කියල විතරයි ඇහුවෙ"

මෙලෝ සිහියක් නැතුව කියවන අචින්තයාට ඇනපු මං ඌව නැවැත්තුවා.. මූ හුස්මක් කටක් වත් නොගෙන අරුං දෙන්නා ගැන කියනකොට මූ හුස්ම අල්ලන්න බැරුව මැරිලා වැටෙයිද කියලා බය හිතුනු නිසා ඌව නවත්තපු මං... මගේ දිහා බලන්නැතුව දැන් ශෙවිනුවා එක්ක කියවන මං නොදන්න මුං දෙන්නා දන්න හොඳම යාලුවෝ දෙන්නා දිහා බැලුවා...

ශෙවිනුවා කරට අත දාං ඉන්නෙ උගේ කසින් වෙන්න ඕනෙ. එතකොට අනිකා විනුජ... වෙන්න ඕනෙ..

අනේ!! මට විකාරද කොහේද?? මේ මෙතන කාලෙ කනවා මං!! දෙයියනේ.. දැනටම තුනයි කාලයි!! හතයි විසිපහේ කෝච්චිය අල්ල ගන්නත් ඕනෙ!! තාම බුක් ෆෙයා එකට පය ගැහුවා විතරයිනෙ....

"වරෙන් යන්න..." අනිත් පැත්ත හැරුනු මං ශෙවිනුවාට බම්බු ගහගන්න කියලා අචින්තයාවත් ඇදගෙන යන්න හැදුවෙ...

ඇයි යකෝ!! අරූට දැන් කොහෙවත් යන කසින් කෙනෙක් හම්බෙලා බර සාරෙට කයිය... අපි කියලා දෙන්නෙක් මෙතන ඉන්නවා කියලවත් ඌට සිහියක් නෑ පරෙයියා... කරන්න දෙයක් නෑ.. දැන් ඌ අඳුරන ඈවුන් ඉන්න නිසා ඌ ගැන බයක් නැති එකේ මගේ වෙලාව නාස්ති කරගන්නත් බැරි එකේ මං අචින්‍තයාවත් ඇඳගෙන යන්න හැදුවා..

" ඒ ඒ කොහෙද යන්නෙ?? අරූව දාලා??"

අචින්තයා මං ඇදපු පාරට පැටලිලා හොම්බෙන් යන්න ගිහින් යාන්තං බැලන්ස් වෙලා කෙලින් හිටගන්න ගමං ඇහුවා...

" ඌව ඕනෙ නෑ.. ඌට දැන් අර කසිනා ඉන්නෙ..වරෙන් යන්න.. මගේ වෙලාව මේ ගෙවෙන්නෙ." මං ශෙවිනුවා දිහා ආයෙ හැරිලා බලලා අචින්තට යන්න එන්න කිව්වා....

අර මූසිලයාගෙ බැල්මත් ආයෙ මේ පැත්තට වැටිලා..

"ඒත් බං.. අරූ ආවෙ අපිත් එක්කනෙ.."

"උඹට දැන් එන්න පුළුවන්ද බැරිද?? තොටත් එන්න බැරි නම් නිකං ඉදහං මං යනව යන්න.."

මට දැන් යකා වැහීගෙන එන්නෙ.. මොකටවත් නෙවේ අරූගෙ අර පඩත්තර බැල්මටයි.. අර ශෙවිනුවාගේ ගරුනම්බු කල්ක්‍රියාවටයි.. මං නොදන්න මුං දෙන්නා දන්න කසිනෙක් නිසයි.. මගේ වෙලාව යන නිසයි.. කොහේවත් නැති චූ බරක් නිසයි.. බඩේ පනුවො මගෙන් පලිගන්න පටං අරං නිසයි...

අරූවත් එතනම දාලා මං යන්න ආවා...

"ඒ ඒ ඔහොම නැවතියන් බල්ලෝ.. නිශාධ්‍යයා.. ඉදහං මිනිහො. උඹ මොකද පුපුරන්නෙ!!!"

අචින්තයා යන්න ගිහිපු මා ගාවට දුවං ආවා...

"නෑ බන් ඉතින්-..." මං අචින්තයාට උත්තර බඳින්න හදනකොටම කොහෙන්දෝ ආපු එකෙක් මගේ ඇගේ වැදිලා මායි ඒ ඇගේ වැදුනු එකාවයි දෙපැත්තට විසික් වෙලා ගියා...

"නිශාධ්‍යයා..." අචින්තයා කෑගහගෙන ඇවිත් බිම වැටිලා පුප බිම ඇනුනු මාව නැගිට්ටෙව්වා... කව්ද මගේ ඇගේ වැදුනු එකා!!

මොන නැකතක අද ගෙදරින් එළි බැහැලද මංදා මම...වුනොත් වෙන්නෙම මහ කුජීත වැඩක්මයි..

"අනේ සොරි මල්ලි.. සොරි.. මේ මං වෙන සිහියක ආවෙ.." මගේ ඇඟේ වැදිලා විසික් වුනත් බිම නොවැටුනු කෙනා...

හත්වලාමේ!!!! මේ මොන-

"නදීමාල් අයියේ!!!!" මාව කෙලින් කරන්න ආපු අචින්තයා මාව භාගෙට නැගිට්ටවලා අතෑරලා මගේ ඇඟේ වැදුනු කෙනා දිහා බලලා කෑගැහුවා..

ආච්චිටහික්කඩුයන්නමූ@:&$*/!!! ආයෙ

වැට්ටෙව්වා නේද මාව මේ හිකනල් පැටියා...

ඉදින් ඉදින් උඹ.. මේවාට වාඩු ගන්නම් මම.. පෙරේතwotta

තනියෙම්ම නැගිටපු මම අර මිත්‍ර ද්‍රෝහියා නදීමාල් එක්ක සෙල්ෆි ගන්න හැටියි ඔටෝග්‍රාෆ් ගන්න හැටියි කලකිරීමෙන් බලං හිටියා.. ඉදකින් පරෙයියා.. මූට නදීමාල් දැක්කාම මාව අමතක උනා.. අරූට කසින් දැක්කාම මාව අමතක උනා...

"සොරි මල්ලි.. මං ඇත්තටම දැක්කෙ නෑ..මං වෙන කල්පනාවක ආවෙ.." නදීමාල් අයියා මට ආයෙම සොරි කිව්වා...

මොන තරම් ප්‍රසිද්ධ උනත් හිත හොඳ චරිතයක්...

"ඒකට කමක් නෑ නදීමාල් අයියෙ.." මං හිනා වෙලා කිව්වා...

නදීමාල් අයියා ආයෙම හිනා වෙලා අචින්තයාටත් අත වනාගෙන ගියා...

"මාව කොනිහපන්කෝ නිශාධ්‍යයා... මට තාම විශ්වාස නෑ බං.. ඒ ඇත්තටම නදීමාල් අයියාම නේද මචං??" අචින්තයා මාව හොලව හොලව අහනවා...

"ඔව් බං ඔව්.."

මටත් විශ්වාස නැති උනා... කව්ද බන් හිතන්නෙ!! කව්ද හීනෙකින්වත් හිතන්නෙ?? ප්‍රසිද්ධම ගායකයෙක් වෙන සිහියක ඇවිත් තමංගෙ ඇගේ වදීවි කියලා!!

තාම විශ්වාස නෑ මටත්!!

" ඒ නිශාධ්‍යයා...අචින්තයා!! උඹලා දෙන්නා මාව දාලා ආවද wottane??" ශෙවිනු ආවා... තනියම නෙවෙයි උගේ අර කසින්කාරයා ජනුකයි උගේ මිත්‍රයා විනුජයි එක්කම

අනේ මුං විතරයි අඩුවට හිටියේ...

"අනේ ශෙවිනුවා!!" අචින්තයා ශෙවිනුගෙ අතේ එල්ලුනා...

ඒව් ඒව් මේ මොන නාඩගමක්ද....මිනිස්සුත් බල බල යනවා..

"අහකට පලයන්... අහකට අචින්තයා.. මාව අතෑරපන්කෝ භව්වෝ" අචින්‍තයා අතේ එල්ලුන තප්පරෙන් උගේ ඉරියව්ව වෙනස් කරලා ශෙවිනුවාව පොඩි කරලා බදාගත්තා..

" අනේ ශෙවිනුවා... නදීමාල් අයියා!!"

හනේ හනේ යසයි මේ ගාල්ලෙ කහකුරුළු කන්දෙ තියෙන නම ගිය ඉස්කෝලෙක ප්‍රිෆෙක්ට් කෙනෙක්ගෙ හැසිරීම නං..

"මූ මේ මොනාද බන් කියවන්නෙ??" සංසාරේ කලකිරිච්ච මූණක් හදාගෙන හිටපු ශෙවිනුවා මගෙන් ඇහුවා..

"නදීමාල් බන්.. එයාව හම්බුනා අපිට"

"නදීමාල්!!! යකෝ අර නදීමාල්??"

"ඔව් බන් ඔව්.. ඒ නදීමාල් තමයි"

"අනේ මිනිහෝ.. මට කතා නොකලෙ ඇයි??"

හරි.. හරිනෙ.. හරියටම හරි.. මේ අනිත් පෙරේතයා...

මං සිරාවටම කලකිරිලා ඉන්නෙ දැන්නං..

"නිශාධ්‍ය..."

මං ගැස්සුනා.. බොරු කියන්න ඕනෙ නෑ. මං ඇත්තටම ගැස්සුනා..

මගේ පිටිපස්සෙන් කන ගාවින්ම වගේ මගේ නම ඇහෙද්දි... ඒකත් අහලා පුරුදු නැති ගැඹුරු කටහඬකින්... අනේ මං ගැස්සිලා ගියා ආත්තම්මේ!!!

මං එසැණින් පිටිපස්ස හැරුනා..

කෞද කෞද... කෞද ඉතින්.. අර බයහිතෙන බැල්මෙ අයිතිකාරයා විනුජ...

"......"

"නිශාධ්‍ය??"

"ඇ..ඇයි? මොකද?"

"ම්ම්..නිකං"

ඒව් ඒව් ගොත ගැහුනා නේද මේ වාචාල කටකට සාඩම්බරයෙන් හිමිකම් කියන මට!!

ඇයි බන් ඒ?? ඇයි.. ඇයි!!

නිකං?? අනේ මූට මාන්දමද කොහේද.. මාන්දං කාරයා

"ශෙවිනු.. මං මේ බොහෝම ඉවසීමෙන් ඉන්නෙ හරිද... වෙලාව කීයද බලපන්.. බලපන් ඉතින්.. වෙලාව කොයි තරං කාලද කියලා බලපන්"

නදීමාල් අයියා නිසා යටගිය තරහව ආයෙම නැගගෙන ආවා මගේ...

"සොරි මචං.. අපි යමු දැං ඉතින්.."

"අපිත් ඔයාලා එක්කම එන්නං නේද ශෙවිනු. දැන් හම්බෙච්ච එකේ එකටම යමු.."  ශෙවිනුවාගෙ කසින් කාරයා ශෙවිනුගෙන් ඇහුවාට බලං හිටියේ නම් අචින්‍තයා දිහා..

ම්ම් ම්ම් ඉදිරියට යම් කිසි පටලැවිල්ලක් ආරම්භ වෙයි වgay

•••••••>>>>>>>>>>>>>>>>>>>>>>

හලෝ!! මේක ලccana ද අනෙව්??

බායි ආ

Eesha~