Chapter 3: Part 03

In The Book Fair (b×b)Words: 25581

"අපිත් ඔයාලා එක්කම එන්නං නේද ශෙවිනු. දැන් හම්බෙච්ච එකේ එකටම යමු.."  ශෙවිනුවාගෙ කසින් කාරයා ශෙවිනුගෙන් ඇහුවාට බලං හිටියේ නම් අචින්‍තයා දිහා..

ම්ම් ම්ම් ඉදිරියට යම් කිසි පටලැවිල්ලක් ආරම්භ වෙයි වgay

••••••••••

මං ඉස්සර උනා... මට පොත් දැක්කාම හැදෙන්නෙ එසේ මෙසේ පිස්සුවක් නෙවෙයි.. ඒක ආයෙ කියලා වැඩක් නෑ!!

මගේ පිටිපස්සෙන් ආපු අචින්තයා මගේ බෑග් එකේ පටියකින් අල්ලගෙන මට සමාන්තරවම ඇවිදන් යන්න පටන් ගත්තා වගේම අර මිත්‍ර ද්‍රෝහි ශෙවිනුයි කසින්කාරයයි උගේ මිත්‍රයයි පිටිපස්සෙන් ආවා...

මට යන්නෝනි උනේ මුලින්ම... මට ඕනෙම කරන පොත ගන්න... මං බුක් ෆෙයා ආවෙත් ඒකට වෙද්දි.. මට ඕනි උනේ පොත මුලින්ම ගන්න..

" අපි මුලින් ඇවිදලා.. චෙක් කරලා ඕනෙ පොත් ටික බලාගෙන ඉමුද??"

ඉතින් අර කසින් කාරයා ජනුක මෙහෙම කියද්දි මං ඉවසන්නෙ කෝමද කියහල්ලා!!

මං පිටිපස්ස හැරුනා.. හැරිලා ඌව දවාහළුකරන බැල්මක් දැම්මා...

මූ මෙතන.. අපි එන දවසෙම බුක් ෆෙයා ඇවිල්ලා.. මුංට සිරාවටම වෙන දවසක් තිබ්බෙ නැද්ද.. අනික අදම ආවට කමක් නෑ මූ මොකටද අපේ බොම්බයිමොටයියාගෙ ඇස් මානෙට ආවෙ.. අවලං ගෙම්බා..

සිරාවටම මට දැන් මේ කසින් කාරයයි උගේ මිත්‍රයයි පෙන්නන්න බැරි වේගෙන එන්නෙ...

කොටින්ම මුන්ගෙ ඇටයක් තලන්න තීනං.....

චුප් චුප්... ආව වැඩේ බලහං මෝඩයෝ!! අනුන්ගෙ ඇට තල තල ඉන්නෙ.. පොත ගනින්...

මං ෆෝන් එක අරං සති ගානක් තිස්සේ ස්ක්‍රීන් ශොට් අරං බොහෝම පරිස්සමෙන් ඒ ටික දාලා වෙනමම හදපු ෆෝල්ඩර් එකට ගියා... මියුසස් පබ්ලිශර්ස්ලගේ ශෝ රූම් එක කොහේද දැනගන්න...

J - 310, 311

ජේ හෝල් එකේ 310, 311 ශෝරූම්ස්...

මං කඩාගෙන බිඳගෙන යන්න පටන් ගත්තා..

"ඒ සක්කිලියෝ..හිමීට පලයන්න්න්න්න්න්.... උඹට තදියම ගැහුවද යකෝ??" ශෙවිනුවා කෑගැහුවට මං නෙවේ පැත්තවත් බැලුවෙ..

තෝ මිත්‍ර ද්‍රෝහී බොම්බයිමොටයියා... තෝව ගණන් ගන්නෙ නෑ මං අද දවස ඉවර වෙනකං..

බලං ඉදහංකෝ

"නිශාධ්‍ය... හිමීට යන්න.." බොම්බයිමොටයියාගේ ටකේ හෙලවිල්ල ඉවර වෙනකොටම ඇහුණු කටහඬ එක්ක මට මං නොදැනිම මගේ ගමන ස්ලෝ වෙලා ගියා...

ඒ ඒ මගේ කකුළුත් දැන් මට විරුද්ධ වෙන්න අරංනේ!! මේක වෙන්න දෙන්න බෑ ජෙයියෝ!! අනේ ආච්චියේ මුණුපුරාව බේරගනිංකෝ

අර මිනිහා...විනුජද මොකාද එකා... ඌ කිව්ව ගමං මට පිටුපාපු මගේම කකුල් දෙක ස්ලෝ වෙලා ගියා...

ඇයි ඒ?? ඇයි ඇයි!!?

අනේ බන් ඕනෙ එකක් වෙන්න කියලා මං ආයෙම දුවන්න ගත්තා.... දිව්වාමත් නෙවෙයි ඉතින්.. අර දුවනවයි ඇවිදිනවයි දෙක අතරමැද එකක් තීන්නෙ.. අන්න ඒම..

යාහ්හ්හ්... 210, 211 කෝ යකෝ!!! මේක නෑනේ.. 307, 308...

ආං 😭 අනේ අම්මේ!! තීනවා තීනවා... අම්නේ මගේ සූකිරියෝ ටික....

මියුසස් එක හොයාගත්තු ගමං ආයෙම මට ආච්චි වැහුනා...

මං මිනිස්සුවත් එහාට මෙහාට කරං දුවලා ගිහින් මගේ පණ වගේ පොත හොයන්න ගත්ත...

කෝ යකෝ මේක!! කෝ??? මඟුල ඔක්කොම තීනව ඇයි මට මේක විතරක් පේන්නෙ නැත්තෙ...

සිරාවටම මගේ ඇස් පෙනීමත් දුර්වල වෙලා ගියා..මට අනිත් හැම පොතක්ම පෙනෙද්දි ඒ පොත විතරක්ම නොපෙනී ගියා... මියුසස් එක කිව්වානේ ඒක බුක් ෆෙයා එකෙන් ගන්න පුළුවන් කියලා...

අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු..

ආං 😭 අම්මේ තීනවා තීනවා... අනේ...

හුවැහ්හ්හ්...

පොත තිබුනෙ ශෝරූම් එකට ඇතුළු වෙන තැනම... මං හිටියෙ ශෝරූම් එකෙ ඇවිදින්න තීන චූටි ඉඩේ ශෝරූම් එකේ මැදට වෙන්න...

අනේ මට දුවාගන්නත් බෑ.. මිනිස්සු පොත් පෙරළං දුවන්නත් බෑ...

අනේ ශෙවිනු..

"ඒ මචං ශෙවිනුවා.... ඔය පොතක් ගනිංකෝ..බන්.. ඔය ඔය ඔතන.. රැක් එකේ.. උඩම තීන්නෙ.. නැ බන් ඕක නෙවේ..."

මං ශෙවිනුට පොතක් ගන්න කිව්වා.. අනේ මේ ගවයා.. මූ මොකක්ද ඒ ගන්න පොත...

"ආ ආ..."

"ම්ම්ම්.. මං ගත්තා..කෑ ගහන්න එපා"

ශෙවිනු වෙනපොතක් අතේ තියාගෙන මේකද කියලා මට උස්සලා පෙන්නුවා... වගේම අර විනුජයා මට ඕනෙ පොත ගත්තා... අරං ඇවිදින් මට කෑගහන්න එපා කිව්වා..

"ආහ් තැන්ක්‍යූ.."

මං පොත දෝතින්ම අරගෙන බදාගත්තා..ලෝකෙටම තීන එකම පොත ඒක වගේ...

පස්සෙයි දැක්කෙ..පොත් ගොඩක් ශෝරූම් එකේ මැද බිම තිබුනා වගේම එතන එකපොතක ඉටිකොළේ ගලවලා පැකින් කඩලා අපිට නිකං ඒ වෙලාවට කියවලා බලන්න තියලා තිබුනා...

මං පොතත් තුරුළු කරං හිමීට එතනට ලිස්සලා ගිහිම් ඒ පොත අරං පෙරලලා බැලුවා... ආච්චියේ!!! මට දැන් මෙතනම පණ යයි වගේ...

ඒක ලස්සනයි ජෙයියනේ... ඒක ගොඩක් ලස්සනයි..

මං මට විනුජ අරං දීපු පොත මූණට ළං කරගෙන ඒකෙ ඩැමේජ් එහෙම තීද කියලා බැලුවා...

ම්හු.. මේක හොඳයි.. මං ඒ පොත් ගොඩෙන් වෙන පොතක් අරං දෙක සංසන්දනය කරා..

"මේක හොඳයි.." මං පොත් ගොඩෙන් ගත්තු එක පරිස්සමට ආයෙම පොත් ගොඩෙන් තියන ගමං විනුජ මගේ අතට මුලින්ම දුන්නු මගේ වස්තුව දිහා බැලුවා...

දැන් ඒක හරි....

මං ආවෙ මියුසස් එකෙන් පොත් හතරක් ගන්න බලාගෙන...

MDZS, HOB, SVSSS, Red white and royal blue..

ඔය හතර තමා..

මං හතරම ගන්නද?? එපාද?? සල්ලිත් ඉතුරු කරගන්නෝනි මේකෙ ඊළඟ පොත ගන්න..නිතරම අම්මලාගෙන් සල්ලි ඉල්ලන්නත් බෑනෙ..

"මොනාද හිතන්නෙ ම්ම්?"

මං ආයෙම ගැස්සුනා... ආච්චියේ!! මං ගැස්සිලා ගියානෙ.. මේ මිනිහා මොකද කන අයිනෙ ඉදන් ම්ම්ම් ම්ම් ගාන්නෙ!!

" නෑ බන්.. මං මේ මගෙ සුදූට ඕනෙ කිව්ව පොත මොකක්ද කියලා මතක් කලා.."

මං ඇඟට පතට නොදැනී බේගල් මැව්වා.. ඇයි යකෝ මූ එන්නෙ මොනාටද කියලා මට යංතං සංතං තේරීගෙන ආවෙ..

අනේ මේ wotto.. ඕවට නම් ලෑස්ති වෙන්නෙපා හරිය!!

"බන්?? ම්ම් බලමුකෝ"

"....."

බලමු තමයි.. ඇයි මොනාද දන්නෙ නෑ බලන්නෙ.. පිccu මාන්දංකාරයා

"අචින්ත..."

මූ මොකටද ඒ පිසාචයාට කතා කරන්නේ!! මට ආපු කුතුහලේට මං මගේ දකුණු කන දාලා අහගෙන හිටියා...

" ඕ ඕ ඇයි මචං??" අචින්තයා ඇවිත් අරූගෙන් ඇහුවා... යසයි ඉස්කෝලෙ මල්ලිලාගෙ පිපෙට් අයියා වටේ යන හැටි නම්..

" මේ නිශාධ්‍යගෙ සුදූ ගේන්න කිව්වෙ මොන පොතද කියලා අමතක වෙලා. මං ඉතින් එයාගෙ සුදූව දන්නෙ නෑනෙ. නැත්තං උදව්වක් කරන්න තිබ්බා... ඔයා දන්නවා ඇති නිසා කතා කලේ.."

හරිනෙ හරිනෙ මගේ පුපේ අමාරුව.. දැන් මට ගෙදර යනකං විසුමක් නැති වෙයි මේ පිසාචයාගෙනුයි අනිත් හරක් භාගෙනුයි..

"සුදූ?? මේ අපේ එකාගෙ සුදූ?? ඒ බං නිශුවෝ කව්ද බං මූ මේ කියන සුදූ??"

ආත්තම්මේ මුගේ කටට ගහපල්ලාකෝ ඉන්න තැනකින්.. ප්වීස්

මං උන් දෙන්නා දිහාවට හැරිලා උන්මන්තකයෙක් වගේ හිනා උනා..

"හෙහෙ"

"හෙහෙ නෙවෙය්.. කියපන් බලන්න කව්ද උඹේ සුදූ කියලා?? අපි නොදන්න සුදුවෙක් කොහෙන්ද කියලා??"

" අයියා බං.. අයියා ගැන කිව්වෙ"

අයියේ!! තෞසෙ විතරයි බං මතක් උනේ.. සොරි ඈ.. උඹට සුදූ කියන්න මගේ ඔලුව හොඳ නැති උනා නෙවෙයි.. මට මෙතන බේරෙන්න වෙන ක්‍රමයක් තිබ්බෙ නෑ සගෝ ඒකයි.. සොරි ඈ...

"ආ අයියා අපේ.. ඈ බං කවද ඉදන්ද උඹ අයියට සුදූ ගාන්න ගත්තෙ ඈ.."

"මේ දැන් ටිකකට කලින් ඉදං හලෝ.. පලයන් පලයන් ගිහින් උඹට ඕනි පොත් ටික ගනිං.. යමං ඉතින් මෙතන තපින්නේ!! පලයන්කෝ"

මං අචින්‍තයාව එලෙව්වා..

"හරි හරි බන්.. ඉදහං ටිකක්" අචින්තයා මටත් බැන බැන ගිහින් ඌට ඕනෙ පොත් ටික තේරුවා..

පලයන්කෝ තෝත්!! මෙතන ඇණයක් වෙන්නෙ මඟුල.. ඇයි බන් මට නිදහසේ පොතක් තෝරන්නත් නෑ....

මං විනුජ දිහාවට ඇහැ කොණින් බලන ගමං හිතින් ඌව එලෙව්වා..

"....... නිශාධ්‍ය"

"ඇයි බං ඇයි.. මල වාතෙ"

"... මොකද උඹට නගින්නෙ? උඹ පොත් ටික අරං වරෙන්. මට උඹට කතා කරන්න ඕනෙ ටිකක්"

නගිනවා?? මේ මට?? අනේ පිස්සෝත්තා!! නගිනවා තමයි යකෝ.. මට ලාදුරු නෑ.. මොනාද තමුසෙට කතාකරගන්න තීනං දැම්ම කරගත්තට කාරි නෑ.. මොන මඟුලක්ද මේ!!

"මොනාද"

"මොනාද කියලා බලා ගන්න ඇහැකි. ඕනෙ පොත් ටික ගනිං. අරං වරෙන් මා එක්ක යන්න."

"අනේ මෙ ඕඉ.. මොකද්ද වෙන්න ඕනෙ උබට දැන් ඈ?? ඉස්කෝලෙ ගැම්ම දාං එන්නෙපා. මට මල පනිනව හරිද!! අනික උඹර්ලට වඩා අපේ ඉස්කෝලෙ උඩින් ඉන්නෙ යකෝ"

තූ විතරක්.. මං මොනාත මේ කියවන්නෙ.. කොහෙන්ද මේ ඉස්කෝලයක් ආවෙ..

"....."

විනුජ මගේ දිහා බලාගෙන හිටියෙ නිකං අර පාරෙ අයිනෙ තීන බලු ජරාගොඩක් දිහා බලං ඉන්නව වගේ ''''' ඒව්''''' බැල්මකින්..

"මොකද ඔහොම බලන්නෙ"

විනුජ මොකුත්ම නොකියා හැරිලා ගියා...

ඌ ගියා!! ඔව් ඌ ඇත්තටම ගියා...

ඇයි ඒ?? ඇයි ඌ එහෙම ගියේ.. නෑ ඉතින් මේ... එහෙම එක පාරටම යන්න ඕනෙ නෑනෙ මං කියන්නෙ..

ආ ඌ හිතන්න ඇති මට රිදෙයි කියලා ඌ එහෙම ගියාම..අනේ මට පාන්ද.. මගේ ඇඟේ වදිනවා කියලද... නෑනෙ.. මටත් විකාර දැන්.. ශිහ්

"අනේ ආත්තම්මේ!!! මං දැන් මොකද කරන්නේ කියන්නකෝ... මට මේ පොත් ටිකත් ඕනෙනෙ.. අනික.. අනික... මට සල්ලි ටිකක් ඉතුරු කරගන්නත් ඔනෙනෙ!!... මං දැන් මොකෑ කරන්නේ??"

මං MDZS පොත් ගොඩට එහා පැත්තෙං තිබුනු Red white and Royal blue පොතකුයි SVSSS පොතකුයි HOB පොතකුයි අතට අරගත්තා....

"අනේ... මට මේ ඔක්කොම ඕනෙනෙ... ඇයි තව The witcher Season 1, 2 දෙකම තියේනෙ..!!!"

ම්ම්හ්හ්... මට දුකයි අනේ.. ඒත් මං MDZS එකයි, SVSS එකයි විතරක් අරං අනිත් පොත් දෙක දිහා ලෝබ කමේ බලං ඉදලා පොත් ගොඩෙන් තිව්වා..

එහෙම්ම එහා පැත්ත හැරිලා එතන තිබ්බ The witcher පොත් දෙක අතට අරං පිටු ටික විතරක් පෙරලලා බැලුවා...අනේ!!!!

ම්හුක්...

කමක් නෑ...

කමක් නෑ...

අනාගතයට ආයෝජනයක් කරන්නනෙ අනේ!

"සර් මේ පොත් දෙක විතරද ගන්නෙ?" එතන හිටපු මියුසස් එකේ අයියා කෙනෙක් ඇහුවා..

"ඔව් මේ දෙක විතරයි.."

අනේ අයියේ... පුළුවන් කමක් තිබ්බ නම් මියුසස් එකම සල්ලි වලට ගන්නවා හලෝ!!

මං පොත් දෙකත් අරං බිල් කරගත්තා... එතන MDZS ඕතර් හිටියා.. නිලේකා ධනංජනී ගුණවර්ධන.. එයාගෙන් සයින් කරව ගත්තා පොත... පස්සෙ ශෝරූම් එකෙන් එළියට ආවා..

"කෝ බලන්න උඹේ වස්තුව.." ශෙවිනු මගෙන් පොත් දෙක ඉල්ලුවා..

"බලන්න විතරයි හරිතේ!!"

මං බොම්බයිමොටයියාට පොත් දෙක දුන්නෙත් ලෝබ කමේ...

"අපෝ ඕන්නෑ වහංගතේ.... මං අචින්තයාගෙන් ඉල්ල ගන්නම්"

"අනේ මේ ඕවට එන්නෙපා බොම්බයිමොටයියා හරිතේ... මගෙන් ඕනෙම දෙයක් ඉල්ලපන් දෙන්නම් මේ පොත නැතුව.."

අනේ මගේ කාලකන්නියා....අචී..

" නිශාධ්‍ය... අපේ එකාට පොඩ්ඩක් කතා කරන්න ඕනෙ කිව්වා.." ජනුක කිව්වා..

"ඌ තාම පොත් ගන්නවා.. අරගෙන ඉවර උනාම.."

මටත් දැන් මීටර් උනේ.. ඌ තාම මියුසස් ශෝ රූම් එකේ..

ම්හු..මට මොකද!! මට වැඩක් නෑ!!

" කිව්වා මටත්.. පස්සෙ බලමු බං."

"ඌ එක්ක පස්සෙ බැලිලි නෑ හැබැයි.. පොඩ්ඩක් කතා කරපන් ඌ එක්ක.."

ආ ආ මේ මොකද මූ... මිත්‍රයාගේ බලාපොරොත්තුව මුදුන්පත් කරන්න නැහෙනා අයුරු..

"හරි බං.. කතා කරන්නම්"

මං බෑ කිව්වෙ නෑන්ව් ම්හුක්...

"ම්ම් හරිද??" පොත් මල්ලක් පිරෙන්න පොත් අරං ආපු විනුජගෙන් ජනුක ඇහුවා..

"ඔව්  බං.. යමු" විනුජ මගේ දිහා එක තත්පරේකට විතරක් බලලා අහක බලාගත්තා...

ආ හරි වැඩේ... මූට කෝච්චියේ එද්දි බලාගෙනම එන්නයි.. දැන් අහක බලන්නයි මං මොකා කියල හිතං ඉන්නවද!!

නෑ නෑ මං කිව්වෙ.. මගේ දිහා බලන් ඉන්න ඕනෙ නෑ.. මං අදහස් කලේ.. මූට ඇයි කෝච්චියේදිත් දැන් අහක බලං ඉන්නව වගේ ඉන්න බැරි උනේ....

අපි ඊළඟට ගියේ මියුසස් එක එහාපැත්තෙ තිබුණු ආශිර්වාද ප්‍රකාශකයොන්ගෙ ශෝ රූම් එකට...

අනේ මං ආසම පොත් ගොඩක් පබ්ලිශ් කරන්නෙ මෙයාලා..

මං පොත් තෝර තෝර ඉදිද්දි මට හම්බුනේ මොකක්ද?? මොකක් කියලද හිතන්නෙ??

Game of thrones!!! ජෙයියනේ....

අනේව් ඉතින්.. මීට එහා මුකුත්ම ගන්න වත්කමක් නෑ අනේ...

මං පොත් උඩින් අතගගා ඇවිද්දා විතරයි ඒකෙ... හැරි පොටර් පොත් සෙට් එකම... පර්සි ජැක්සන්.. හීරෝස් ඔෆ් ද ඔලිම්පස්... එකී මෙකී නොකී ගොඩාක් පොත්....

සෙනෝදි නංගි පිස්සුවෙන් වගේ කියවන වික්ටෝරියා හොල්ට් ඕතර්ගේ පොත් ගොඩාක් තිබ්බා එතන..

සෙනෝදි කියන්නෙ අපේ අචීගෙ නංගි... අපේ ශහෝදර අඹකොළ ඉස්කෝලෙ... ඒකි පට්ට ආසයි වික්ටෝරියා හෝල්ට්ගෙ පොත් වලට...

මං ඒ ඕතර්ගේ හැම පොතකම ෆොටෝ එක ගානෙ යැව්වා සෙනෝදි නංගිට.. මේකි ඔන්ලයින් නෑ.. මං ෆොටෝස් ටික දාලා ඩේටා ඕෆ් කරගත්තා... දැන් ඉතින් මගේ ඉන්බොක්ස් විනාස කරලා තියේවි ඒකි 😂

ඉන්න.. මං ඒ දැක්කෙ මොකක්ද!!

ලොවීනා...

ලොවීනා නේද ඒ??

මං දුවලා ගිහින් ලොවීනා අතට ගත්තා...

"අනේ ලොවීනා.. ම්හුක්.. මට මේක ඕනෙනෙ!!"

මට කියවුනා..

මගේ එහාපැත්තෙ හිටියෙ අචින්තයා..

"ඒ කෑගනහ්හෙපා පgo"

ම්ම් මරු.. මං දැං දැක්කෙ.. එතන හිටපු ආශිර්වාද එකේ අයියත් හිනා වෙනව මට.. අනේ සීදේවි අයියෙක් හැබැයි.. යෝ එයා ලස්සනයි...

"මල්ලි... මේක බලන්න. මේක ස්පෙශල්.. ඔතර් සයින් එකත් තියෙනවා.."

ඒ අයියා මගේ අතේ තිබ්බ ලොවීනා අරං එහා පැත්ත හරවලා පෙන්නුවා..

ඔව් නේන්නං...

"මේ ඕතර්ගෙ තව පොත් තියෙනවා මෙතන.."

ඒ අයියා මට පොත් ගොඩකුත් පෙන්නුවා..

අනේ අයියේ.. ශල්ලි නෑ බං...

"....නිශාධ්‍ය"

අනේ මේ පොල්කාවයියා... මුට වෙන වැඩ නැද්ද දෙයියනේ.. මගේ මූණත් ඔහොක් වෙලා ගියා..

"අපි-"

"මතකයි බං මතකයි.. මැරිලා ඉපදුනේ නෑ මඟුල.. දැන් යනවනේ.."

මං කිව්වා..

ඌ ආයෙම මගේ දිහා බලං ඉන්නෙ නිකං ලෝකෙම ඉන්න ලොකුම පිස්සා මං ගානට දාලා..

" අපි දැන් මොනා හරි කන්න යං කියලා කියන්න හැදුවෙ"

ඔය ඉතින්.. කිච කරනවනේ... අනේ මගේ කටත් ඉතින්..

"ආ... මේ... හා යං.."

මං වෙච්ච ලැජ්ජාව වහගන්න මූණ දෙන්නෙවත් නැතුව එන්න ආවා..

•••••••>>>>>>>>>

බුක් ෆෙයා එකට යනකං ඉවසිල්ලක් නැතුව හිටපු මෝඩ මම

Eesha~