Chapter 4: Part 04

In The Book Fair (b×b)Words: 26720

ඔය ඉතින්.. කිච කරනවනේ... අනේ මගේ කටත් ඉතින්..

"ආ... මේ... හා යං.."

මං වෙච්ච ලැජ්ජාව වහගන්න මූණ දෙන්නෙවත් නැතුව එන්න ආවා..අනේ අර ලස්සන අයියත් බලං හිටියේ... ඒ අයියාගෙ හෙන බොටම් වයිබ්ස් හැබැයි..🌚👉👈 අයියට සුදාත්තියෙක් එහෙම නැද්ද දන්නෙ නෑ...

ශික් ශික්.. මඟුල.. මේ බීඑල් බලලාම මගේ මොලෙත් කුරුවල් වීගෙන එන්නෙ දැං.. ලෝකෙ ඉන්න ඔක්කොම කොල්ලො ගේ කියලා හිතන්න තරම් පිස්සුව වැඩි වෙලා තීන්නෙ හලෝ.. මං දැන් එම්කේ??

ම්හුක්... බඩගිනී තමයි අප්පාවෙ...

මං කලින් කිව්වා නේද පොත් දැක්කාම මට ඔක්කොම අමතක වෙනව කියල..

මට බඩගින්නත් අමතක උනා බන්.. ඇයි ඇයි... අර ලෝඩ් වීගෙන ආපු චූ බරත් හෝල් එකෙන් එළියට එද්දි ඉවසන්න බැරි තරං වැඩි උනා යකූ...

ඉවසන්නම බැරි දේවල් තීනව නම් මේ ලෝකෙ.. එකක් බඩගින්න, අනික චූ බර...

"ම්හ්හ්... දැන් නම් බෑ..." මං අතේ තිබ්බ පොත් ටික පරිස්සමට බෑග් එකට දාගත්ත ගමං වොශෲම් එක හොයං දුවන්න හැදුවෙ..

"ඒ ඒ කොහෙද යන්න හදන්නෙ??" අචින්තයා මැද්දට පැනලා මගෙන් අහනව... අනේ wotto.. යන්න දීපන්.. නැත්තං මෙතනම යයි මිනිහො..

"මේ මේක පරිස්සමට බලාගනින් අචී.. මං දුවලා එන්නම්" අතේ සු‍ලැඟිල්ල උස්සලා පෙන්නපු මං බෑග් එකත් අචියාට දමලා ගහලා දිව්වා...

වොශෲම් එක අතේදුරින් තිබුණු නිසා හොඳට ගියා ආච්චියේ!!

වොශෲම් ගිහින් චූ බර හෑල්ලු කලාම දැනෙන සනීපෙ වගේ එකක් නම් මට ජිවිතේට දැනිලා නෑ බන්. සිරාවටම කියන්නෙ...

අම්මෝ ඒ වගේ සනීපයක් නම්.....

මං බර නිදහස් කරලා, අත් දෙකත් හෝදං එළියට එද්දි ශෙවිනුවා එක්ක අචින්තයා හිටියා... අචින්තයා මගේ බෑග් එකත් අත් දෙකෙම්ම බදාගෙන හිටියෙ...

අනේ මගේ කාලකන්නියා...

"කෝ බන් අරුන් දෙන්නා.." මං ශෙවිනුවාට හොරෙන් අචින්‍තයාට කෙඳිරුවා...

"ඕං කොහාටද මකබෑවුනා... කෑම අරං එන්නංය කීවෙ. අනේ බං මං ඇත්තම කියන්නද උඹට.. මට අර කසිනා ජනුකව පේන්න බෑ බන්.. බලපන්කො උගේ ලොකු කම... අනික අර විනුජයා මොකද උඹර්ට කුටු කුටු ගාන ගමං වටේ කැරකුනේ ඈ??"

" අනේ නෙදකින් අවලමා ඌ.. සිරාවටම බන්.. මටත් ඕකුන් දෙන්නව පෙන්නන්න බෑ බෑ සීන් එකක් තියේනෙ... ජනුක නම් ඖලක් නෑ කියමු. ඒත් අර මාන්දංකාරයා විනුජ නම්.... ඌයි උගේ පඩත්තර බැල්මයි.."

"ඒක තමයි.. බලපන් දැන් හරිද- උන් දෙන්නා දැක්කත් හරි මේ wuttaට අපිව අමතක උනු හැටි බලහං.. බලහං බලහං දැනුත් මූ අරුන් එනවාද කියල හොයන හැටි.. බොම්බයිමොටයියා.."

"උඹ දැක්කද බන්? උන් ආවෙත් අපි ආපු ට්‍රේන් එකේමයි.. අපි ආපු කෝච්චි පෙට්ටියේමයි... උන් හිටියෙ දොර ගාව.."

"අඩෝ!! සිරාද?? මං දැක්කෙ නෑනෙ..."

"ඔව් ඔව් තෝ කොහේ දකින්නද.. එනකං අර මඟුලක් බැලුවනෙ.."

"ආ ආ තෝ මොකද පුප්පන්නෙ... තොට බලනකොට හොඳයි.. මං බලනකොට මඟුල්.. අනේ මංදා තෝත් ලැවරියා..."

"බල්ලෝ... ඔය ලැවරියා කියන වචන විතරක් මට ඇහෙන්න කියපන් බලන්න... දෙන්නෙ"

මං අචින්තයාට ගහන්න වගේ අත ඉස්සුවා..

ඌ හිනා වෙනව ගල් මූසලයා...

ඔය ලැවරියා කියන්නෙ මට ඉස්කෝලෙදි පටබැඳුනු කාඩ් එකක් බන්.. මඟුල... මං එක දවසක් කැන්ටිමට ගියා තනියම.. හොරාට.. ඉන්ටවල් එකෙන් පස්සෙ පීරියඩ් එකක් මතක විදියට.. නමය වසරෙ සීන් එකක් බන් මතකත් නෑ... කෝම හරි එදා මං බිංකුණ්ඩා වගේ හැංගි හොරා ගියා කැන්ටිමට. එදා කැන්ටිමේ ලැවරියා සෑහෙන්න තිබ්බා හරිද.. මං ඒවාට පට්ට ආසයි ම්හුක්... ඇතුළෙ පැණිපොල් වලට තමා ආසම... ලැවරියා කන්න තමා ගියේ... ( ලැවරියා කියන්නෙ අර මැදට පැණි පොල් දාලා රෝල් කරලා තියෙන පෑන් කේක් වලට හොඳේ.. ගොඩක් අර කියන්නෙ පෑන් කේක් කියලනෙ එව්වට...) එදා ලැවරියා අරගෙන අනිත්පැත්ත හැරෙද්දි අපේ ගණන් සර් කාරයා ඉදියා කියහංකො.. ගොන් මිනිහා.. ඒකා අයියා කෙනෙක් හරිද.. අවුරුදු විසි පහක් විතර ඇති ඕන්නං.. ඒ මිනිහාගෙ පීරියඩ් එක තිබිලා තියෙන්නෙ. මට ඇඬෙන්න වගේ ආවා බන්.. ඊට පස්සෙ ඉඳන් හැමදාම මං ඌට ලැවරියා උනා. ක්ලාස් එකේ ඈවුනුත් මට ලැවරියා කියන්න පටං අරං ඕක මුළු සෙක්ශන් එකේමයි අපේ ටීචර්ස්ලා අතරයිත් පැතිරිලා ගියා.... මුල් කාලෙ නං මහ හිසරදයක් උනා ඒක.. පස්සෙ ඕක ඉබේම නැවතිලා ගියා හැබැයි අර මිනිහයි මුං දෙන්නයි මගේ ළඟම යාලුවො ටිකයි අතර ඇරෙන්න... මුං සමහර වෙලාවට ලැවරියා කියනවා මට.. ඒත් අර මිනිහාට මගේ ඇත්ත නමත් මතක නැතුව ඇති. අදටත් මං ඒකාට ලැවරියා.

"ශිහ්.. මුං දෙන්නා කොහේ ගිහින්ද මංදා.." ශෙවිනුවා ඇවිත් මගේ කරෙන් අත දාගත්තා...

"ඇයි උඹට සාංකාවද... තෝ වගේ මිත්‍ර ද්‍රෝහියෙක්ව නම් බං මං කවදාවත් දැකලා නෑ.. උඹට අපිව මතක් උනේ උන් ගියාම තමයි නෙ.. ඉදපන්කො උඹ." අචින්තයා හිනා වෙන එක නවත්තලා ශෙවිනුවාට දෙස් තියන්න පටන් ගත්තා..

"හරි හරි මැණිකේ.. තරහ ගන්නෙපා ඉතින්.. මගේ කාලකන්නියානෙ උබ.. කෝ හිනා වෙයන්.. කෝ බන් ඉතින්" ශෙවිනුවා දෙස් තියන අචින්තයාගෙ කර වටෙත් අත දාගෙන උගේ කම්මුල් වලින් අදින්න ගත්තා...

අචීට තීන්නෙ චබී කම්මුල්..ෆ්ලෆීස් වගේ අදින්න හැකි.. ඒ කම්මුල් දෙක නිසාම ඌ කියුට් වෙලා පේනවා..

"ඒ බන් මට කලින් කියන්න බැරි උනා. උඹ නංගිට ගත්තද මොනා හරි??" මං අචින්තයාගෙන් ඇහුවෙ මං සෙනෝදි නංගිව අව්ස්සන්න කියලා ඒකිට පොත් වල ෆොටෝස් යැව්වා කියලා මතක් උනු නිසා..

"අම්මට.. අනේ බන් උඹට නම් ඇස් වහක් කට වහක් වදින්නෙපා.. උඹ මේ දැන් මට ඒක මතක් කරලා අසරණ ජීවිතයක් බේර ගත්ත..ඕකි ඇවිස්සුනොත් මල යස්සනියක් බන්... උඹට පණ ඇරලානෙ ඒකි.." අචින්තයා කිව්වෙ ඌට මරණ බය දැනීනොදැනී ගියා වගේ මූණත් හදාගෙන.. ඒත් අර මට නංගි පණ ඇරලා කෑල්ල ඇහෙද්දි ශෙවිනුවාගේ මූණ නම් හතරැස් වෙලා ශඩාශ්‍රයක් වෙලා ගියා.. මං අචින්තයාගෙ උරපත්තට ඇන්නෙ ඒක නිසා..

"ආව් මිනිහෝ..." අචින්තයා බෙරිහන් දෙන්න කලින් මං ඌට කලු ගැහිලා ගිය ශෙවූගෙ මූණ පෙන්නුවා..

ශෙවිනුවා ඔහොම හිටියට සෙනෝදි නංගිට කැමතී.. ඒක මූ අපි දෙන්නාගෙනුත් හැංගුවාට මේකාගෙ ළඟින් නිතරම ඉන්න යාලුවෝ දෙන්නා අපි දෙන්නා නිසා මූ ඒකිට කැමතී කියලා අපි දෙන්නාට තේරිලා තියෙන්නෙ.

පව් අපේ බොම්බයිමොටයියා... ඌට උගේ ප්‍රේමය ප්‍රකාශ කරගන්න බැරුව ඉන්නෙ. එකක් සෙනෝදි නංගි මේ අවුරුද්දෙ ඕ ලෙවල්.. අනික මූට අචින්තයාව තරහ කරගන්න බැරි එක. ඌට බයයි සෙනෝදි නංගිට ඌ කැමතී කියන එක නිසා උගෙයි අචියාගෙයි අතර ප්‍රශ්නයක් ඇති වෙයි කියලා...

"ක්හ්ම්...." මං උඟුර පෑදුවෙ මෙතන ඇති උනු අර වායු අවපාතනය වගේ දොම්නස් සහගත කලු වලාව නැති වෙලා යන්න...

"ඒකිගෙ බර්ත්ඩේ එකත් එනවනෙ බන්.." ශෙවිනුවා ඇහුවා..

"අඩෝ...සිරාවටම...මට අමතක උනා යකො.. උඹටත් ඇස්වහක් වදින්නෙපා බොම්බයිමොටයියා.. උඹටත් නිශුවාට වගේම පින් මේ අසරණයගේ ජීවිතේ බේර ගත්තට..." අචින්තයා ආයෙම උගේ අති සාර්ථක රංගන හැකියාව එලි දාන්න පටන් ගත්තා..

ඒක නම් හැබැයි මටත් අමතක උනා..ඒකිගෙ බර්ත්ඩේ එක ඔක්තෝම්බර් 13. ඒකිට නම් බර්ත්ඩේ එක තීන දවස නිසා පට්ටම හැපි. මොකද ඒකිගෙ බයස් අර බටසෙ ජිමිනාගෙ බර්ත්ඩේ එකත් එදාට...

"අනේ බන්.. ඒකිත් කිව්වා ඒකිට මෙයින් පොතක් ඕනෙ කියලා.. ඒත් මං ගන්න නිසා අම්මා කිව්වා දෙන්නටම එකක් ගන්න කියල.. ඒත් බන්.. මට මේක කා එක්ක වත් බෙදාගන්න බැනෙ..ම්හුක් මං මොකක්ද දැන් කරන්නෙ කියපල්ලාකෝ...."

අචින්තයා ආයෙම උගේ තැටිය දිගාරින්න ගත්තා.. අම්මපා මූ වාක්‍ය නෙවෙයි එහෙම් පිටිම්ම ඡේද කියවන්නෙ ඡේද...

"බලමුකො.." ශෙවිනුවා කෙටියෙන් කියලා කට පියාගෙන කල්පනා කරන්න ගත්තා...

"ඕං ඕං එනවා අර හැලපයො දෙන්නා.." මං අපේ දෙන්නාට ඇහෙන්න කිව්වා..

"ශෙවිනු.. උඹ මොකෝ මූණ අව්ල් කරං?? මොකෝ කේස් එක..." ජනුකයා ඇහුවෙ උගේ අතේ තිබ්බ කොත්තුමී කප් එකක් අචින්තයාට දීලා තව එකක් ශෙවිනුවාට දෙන ගමං..

හැව් හැව්.. මගේ එක ගෙනාවෙ අර පඩත්තර මාන්දංකාරයා තමයි.. මූ මේ කෑම බීම ඇද්දට මොකද මූ මොනාට ඇඳගෙන ආවත් මට නම් බෑ..

හරි හරි ඉතින්.. මූ හැන්සම් තමයි ම්හුක්... ඒ උනාට ඕනෙ නෑනෙ.. මං කියන්නෙ.. එහෙම ඕනෙ නෑනෙ. ඕනෙ නෑ කියපල්ලා ඉතිං..

"නෑ බං.. මුකුත් නෑ.."

ශෙවිනුවා කිව්වාට ජනුක විශ්වාස කරපු බවක් පේන්න නං තිබ්බෙ නෑ..

"මොකද උනේ අචින්ත.. මොකක්ද ප්‍රශ්නෙ??"

විනුජයා අචින්තයාගෙන් ඇහුවා... ඇයි උඹට මගෙන් අහන්න බැරි කටේ පණුවො ගහලද ගස් පතෝලයා... මගේ දිහා කන්න වගේ බලං ඉන්නයි එකටෙක කියන්නයි ඇහැකි මාන්දංකාරයාට...

"ඕං අපේ නංගිව මතක් වෙලානෙ බං.." අචින්තයා ඇඟට පතට නොදැනී කියද්දි මගේ ඇස් දෙක ලොකු වෙලා ගියා.. ශෙවිනුත් බය වෙලා වගේ අචින්තයා දිහා බැලුවා...

යකෝ මූ.... මූ මේ හිබිච්චා වගේ ඉදන් ඇඟට පතට නොදැනෙන්න ඒක කියපු හැටි විතරක් බලහංකො බන්..

හැපේ නැංගිව මැතැක් වෙලෑනේ බැං

"ඇයි දැන් උඹ ඔහොම බලන්නෙ බොම්බයිමොටයියා.. ඇයි බොරුද ඈ.. බොරුද??!!"

"මේ... මේ...න්..නෑ..නැ.."

ශෙවිනුවාට කෙලත් හිර වෙන්න ආවා... පව් යකෝ බය වෙලා මගේ කාලකන්නියා... අචින්තයාට වටින්නෑ හැබැයි එහෙම බය කරන්න අපේ එකාව...

මොනා නැතත් මට හිනාව තද කරගන්න වෙලා තිබුනෙ..

පව් යකෝ!! 😂😂

"අ...අචින්තයා.. මේ.."

"තෙපර බාන්නෙපා බන් ගොනා හැරෙන කොටම දන්නවා ඌ පොල් පැළේ දිහාවටයි හැරෙන්නෙ කියලා..."

යcay යcay අචින්තයා ආයෙම ඇඟට පතට නොදැනී අරූට ගොනා කිව්වා අරකිට පොල් පැලේ කිව්වා....

ශෙවිනුවා කට උත්තර නැතුව අචින්තයා මල පෙරේතයා ගැහුවා වගේ කොත්තුමී කැරලි සුරූස් ගාලා අඳින දිහා පිස්සෙක් ගානට බලාගෙන හිටියා...

මට දැන් නම් බෑ හලෝ.. මගේ හුස්ම හිර වෙන්න වගේ...බලහංකො ශෙවිනුගෙ මූණ...

මගේ හිනාව පිපිරිලා ගියා... 😂🤣

"හහ් හහ් හහ්..."  අනේ මට බෑ බන්...

ඒපාර ඔක්කොම කට්ටිය මගේ දිහා බලං ඉන්නව... අපිව පාස් කරං ගිය මිනිස්සුත් එක්කම...

අනේ බන් නිදහසේ හිනා වෙන්නවත් නෑ මඟුල... මං හෙන ගේමක් දීලා හිනාව නවත්ත ගත්තාට මගේ හකු දෙකත් රිදෙනවා හිනාව කාගෙන ඉදලා..

"මොකද බන්...හහ්.. උඹ ඔය බය වෙලා ඉන්නේ?? හහ් හහ..." මං කොත්තුමී කප් එක එක අතකට අරං ශෙවිනුගෙ පිටට ඩෑස් එකක් දීලා ඇහුව.. හිනා යනව මඟුල..

"බය වෙන්නෙපා යකෝ... මගේ නම් අකමැත්තක් නෑ.. හැබැයි උඹේ කොත්තු මී එකත් මට දීපන්.." අචින්තයා ගානට තිතට ශෙවිනුවාගෙ කොත්තුමී එකටත් විද්දා...

අනේ ම්හුක්..මගේ හිනාවා වාස්ප වෙලා ගියා..

අසාධාරණයි ආත්තම්මේ!!! ඌට විතරක් තව එකක් මොකටද...

"මටත් දීපන් මිනිහො.." මං මගේ එකත් සුටුස්ගාලා කාලා අචින්තයාට අනින්න ගත්තා...

"ඌට කන්න දීපන්.. මෙන්න මේක කන්න..."

විනුජයා මගේ කොලර් එකෙන් මාව ඇඳලා උගේ ලඟට අරං මට එයාගේ කොත්තුමී එක දුන්නා...

"ටෑම්ක්ස්.."

මං කිව්වාම:..

"හරියට කතා කරපන් බිබික්කමක් වෙන්නෙ නැතුව.."

ආ හරි වැඩේ මාන්දමාට.. මංනෙ කතාකරන්නෙ. මගේ කට. මගේ වචන.. උඹට ඇති රුදාව මොකක්ද.. පිස්සෝත්තා..

මං ඌට රවලා අනිත් පැත්ත හැරිලා කන්න ගත්තා.. මූ ආයෙම ඉල්ලුවොත් එහෙම.. ඒක කරන්න බෑනෙ ඉතිම්.. මේම හැමදාම කොත්තුමී අරං දෙනවනං ඉතින්.. ඉදිරියේදී නුඹ ඉදිරිපත් කිරීමට සිටිනා යෝජනාව ගැන සලකා බලන්න පුලුවන් වෙයි විනුජයෝ....

"ශෙවිනු.. අහපන්කෝ.. උඹ ඔහොම බය වෙලා ඉන්නෙපා යකො මටත් බය හිතෙනවා... අහපන්කෝ ඉතින්.. උඹ අපේ චූටිට කැමති බව උඹ් හැංගුවට වැඩක් නෑ බන් චූටි දේ ඉදන් බෙදාගන්න චූටි දෙයක් උනත් උඹ ගාව ඉන්න අපි දෙන්නගෙන් උඹට ඕක හංගන්න බෑ... බය වෙන්නෙපා මං අකමැති නෑ.. උඹ මගේ මස්සිනා වෙනවට.. මං උඩින්ම කැමතී... හැබැයි නංගිව දාගන්නෙක උඹම කරහං හරිද.. මගෙන් එක වචනෙක සහයෝගයක් නම් නෑ ඒකට. උඹට තේරුනානෙ. නංගිව හොඳටම බලාගන්න උඹට තරම් වෙන කෙනෙක්ට බැරි බව මං හොඳටම දන්නව.. ඒක නිසා ඔය මූණ හදාගනින් පිස්සෝත්තා මාවත් බය නොකර..."

අචින්තයා කාලා ඉවර වෙලා සීරියස් පිට ශෙවිනුවාට කිව්වා..

ඔව් බන්.. බොම්බයිමොටයියාගෙ මූණ දැක්කාම ම බයහිතෙනව මඟුල.. අනික අරූ කියවන්නෙම ඡේද නේ... ම්හුක්.. මං අහිම්ශකයා මෙතන ඉන්න...

"නිශාධ්‍ය... අපි පොඩ්ඩක් එහාට යමුද..?"  විනුජ මං කන දිහා බලාගෙන ඇහුවා...

මේක ඉල්ලනෙපා දෙන්නෙ නෑ...

මං සුරුස් සුරුස් ගාලා ඉක්මනට ඉක්මනට නූඩ්ල්ස් කැරලි අදින්න ගත්තා..

"හිමීට කන්න ළමයො.. මං ඉල්ලන්නෙ නෑ ආයෙ." විනුජ මට කිව්වාම මං ඇස් දෙක විතරක් කරකවලා උගේ දිහා බැලුවා..

ම්හුක්.. එයා හැන්සම් තමා අනේව්ව්.. මං කන් දෙකත් රතු කරං ආයෙම කෑම එකට අවදානේ දුන්නා.. මට ලැජ්ජ හිතෙන්නෙ නෑ අනේ!! මගේ කන් රතු උනේ මේ රස්නෙට...

මං කාලා ඉවර වෙලා වතුරත් බීලාම විනුජ දිහා බැලුවා..

එයා මට ඇස් දෙකෙන් එන්න කියාගෙන එහාට ගියා...

"ඒ බන්.." මං අරුන් දෙන්නාට කතා කලා..

" පලයන්.. නිශූ.. යමං.. උඹ කතා කරලා වරෙන්... ඌට කියන්න දෙයක් ඇතිනේ.. මැදින් ඇඩ් දාලා උඹේ ගොන් කම පෙන්නන්නෙ නැතුව හොඳට හිතලා අහන දේකට උත්තර දියං තේරුනාද මගේ එකා.."

මං අහන්න හදන්නෙ මොකක්ද කියලා මං කියන්නත් කලින්ම දන්න මගේ යාලුවෝ දෙන්නා.. අනේ ශෙවිනුවා එහෙම කිව්වාම අචින්තයා ඔලුව හෙලෙව්වා..

"පලයන් බන්.. උඹට හොඳයි කියල හිතෙන්නෙ මොකක්ද.. ඒක කරපන්.. ම්ම්" අචින්තයාත් එහෙම කියලා මගේ උරහිසට තට්ටුවක් දැම්මා..

මං උන් දෙන්නාට හිනාවක් දීලා විනුජ ඉන්න දිහාට ගියා... මේක නිකං අර ඩ්‍රාමා එකක කෑල්ලක් වගේ දැනෙන්න අෆ්ෆා... ලැජ්ජාවෙ බෑ.. මගේ කන් රතු වෙන්නෙ රස්නෙට හරිද..

"නිශාධ්‍ය.." මං මුකුත්ම නොකියා ගිහින් එයා ඉස්සරහින් හිටගත්තාමා එයා කතා කලා..

••••••••••••>>>>>>>>

අනේව්ව්... ලියවෙන්නෙ නෑ නෙ හරියට...

විශාධ්‍ය ශිප් එක කෝමතේ....

අචිනුක සෙට් කරන්නත...

ආච්චිඅම්මාටම ඔප්පු වෙන්න.. මං මේකට හෙන ආදරෙයි බන්...

බායි.. සී'යා

Eesha~