Chapter 5: Part 05

In The Book Fair (b×b)Words: 32433

"නිශාධ්‍ය.." මං මුකුත්ම නොකියා ගිහින් එයා ඉස්සරහින් හිටගත්තාම එයා කතා කලා.

මං හූම් වත් නොකියා වටපිට බලන්න ගත්තා.. ම්හුක් ලැජ්ජයි අනේ!! මොකද ඔහොම බලන්නෙ තෞසෙලා.. හිනා වෙන්නෙපා මේ අහිංසකයට...

"නිශාධ්‍ය..." විනුජ ආයෙම කතා කලා... අනේව් ඉතින්..

"බලහංකො බන්.." විනුජ බලන්න කිව්වා.. කොහේද??

මං බැලුවෙ ඇස් දෙක දිහා.. හරි ඇස් දිහා තමයි බලන්න කියල තීන්නෙ.. ආච්චියේ.. ඒවා දිලිසෙනවනේ!!!!

එයා මගේ අත අල්ලගත්තා.... මං එහෙම්ම වට පිට බැලුවා.. මෙතන කට්ටිය ගොඩයි.. අනික අපි හිටියෙ BMICH එක ඉස්සරහ තීන වතුර මල ගාව... අචින්තයයි ශෙවිනුයි ජනුකයි හිටියෙ අපිට ටිකක් එහායින්..මං ආයෙම එයා දිහා බැලුවා..

එයා බලං හිටියෙ එයා අල්ලගෙන ඉන්න මගේ අත දිහා..

මං අත ගලව ගන්න හැදුවෙ නෑ ඉතින්...

මෙයා... ඇයි.. නෑ ඉතින්... අපි කතා කලේ අදනේද?? අද පැය එකහමාරකට දෙකකට විතර කලින්?? කෝච්චියේදි එයා මං දිහා බලං හිටියට... අපි අඳුර ගත්තෙ ටිකකට කලින්නෙ.

විනුජ කියන්න යන්නෙ.. මගෙන් අහන්න යන්නෙ මොකක්ද කියලා මට තේරෙනෙවා. ඒකනෙ මගේ යාලුවෝ දෙන්නටත් තේරිලා තියෙන්නෙ.. ඒත් බන්, ඒක... අර දැක්ක ගමං ආදරේ හිතුනා සීන් එකක්ද?? මං ඇත්තටම එහෙම එව්වා විශ්වාස කරන්නෙ නෑනෙ. වට්පෑඩ් එකේ තීන එව්වා කියවන එක වෙනයි.. මේක වෙනයි නෙ ඉතිම්.. මේක මේ ඇත්ත!! මේ දැන් වෙන දෙයක්නෙ.

"ම්ම්..." මං මගේ දිහා බලපු එයාගෙන් ඇයි කියලා කටින් නොකියා ඇයි කියලා ඇහුවා...

"නිශාධ්‍ය... මං කියන්න යන්නෙ මොකක්ද කියලා ඔයාට දැනටම තේරිල තීන්නෙ කියල මං දන්නව... ඉතින්.. ඔයා මොකද කියන්නෙ??"

එයා මගෙන් ඇහුවාම මං ටිකක් වෙලා එහෙමම ඉදලා මගේ අත එයාගෙ අතින් ගලව ගත්තා...

එයා මගෙන් ඇහුවා මං මොකද කියන්නෙ කියලා.. එයා මගෙන් ඇහුවෙ ඒ ප්‍රශ්නෙ විතරක් උනාට මගේ ඔලුවෙ දැන් ප්‍රශ්න ගොඩක් කැරකෙන ගමං තිබ්බේ...

මං හිතන්නෙ එයා මගේ ඇස් කියවනවා...

"ඔයාට ප්‍රශ්න ගොඩයි.. මං දන්නවා. මට පැහැදිලි කරන්න වෙලාවක් දෙන්න පුළුවන්ද ඔයාට?"

මං කිව්වනෙ.. එයා මගේ ඇස් කියවලා තමයි. මං මුකුත්ම කියන්න කලින් එයා මගෙන් වෙලාව ඉල්ලුවා...

"........මං දන්නෙ නෑ.. එකපාරටම.. මං කියන්නේ මේ...මං..මං.." මගේ ඔලුවෙ දැන් තීන්නෙ ප්‍රශ්න විතරයි. උත්තර පේන මානෙකවත් නැති වෙන කොට මං එයාට කොහොම උත්තර දෙන්නද ඉතිං....

එයා හිනා උනා...එයා හිනා වෙලා ආයෙම මගේ අත අල්ලගෙන මාව එක්කගෙන යන්න පටන් ගත්තා..කොහෙද කියල නොදන්නව උනාට මමත් පස්සෙන් යනගමං මගේ යාලුවො දෙන්නා දිහාවට හැරුනා...

උන් දෙන්නා මගේ දිහාව බලං ඉදියෙ.. අචින්තයා මට තම්බ්ස් අප් එකක් දුන්නා... අම්ං උන් දෙන්නට හිනා වෙලා ඉස්සහර හැරිලා විනුජ එක්කං යන්නෙ කොහේද කියලා නොදැන උනත් එයා එක්ක ගියා...

විනුජ මාව එක්කගෙන පඩිපෙළ නැගලා කන්ෆරන්ස් හෝල් එකේ වටේ සෙනඟ නැති තැනකට එක්කං ගිහින් මාව වාඩි කරවලා එයත් වාඩි උනා.. පස්සෙ එයා මගේ දිහාට හැරුනා...

"ඔයාට මොනාද දැනගන්න ඕන.. ම්ම්ම්"

එයා මගෙන් අහනවා... මොනාද?? ඇයි මංම? ඇයි දැන්ම? ඇයි අදම? මාව දන්නෙ දැන් ටිකකට කලින් නේද? ඉතින් හේතුව?... කොයි තරම් තීද අනේ!!!

මං පිටේ එල්ලං හිටිය බෑග් එක ගලවලා අරගෙන උකුළ උඩින් තියාගත්තා...

" හේතුව?" මං ඇහුවා.. ගොඩක් ප්‍රශ්න අහනවට වඩා එක ප්‍රශ්නෙකින් ඒ ඔක්කොම ප්‍රශ්න කවර් කරගන්න පුළුවන් නිසා මං එයාගෙ හේතුව ඇහුවා...

දැන් දීපං උත්තර.. මං බලාපොරොත්තු වෙන දේවල් ඒ උත්තරේ තීන්න කියලා ප්‍රාර්ථනා කරපං විනුජ. මොකද මං ගොඩක් බලාපොරොත්තු ඇති කරගන්න හරි දක්ෂයි. වගේම මට... මට... මං ටිකක් වෙනස් චරිතයක් මෙහෙම විකාර කරලා නටලා දඟලලා කරලා ඉඳියට..

"හේතුව? ඒක නෙවෙයි හරි ප්‍රශ්නෙ..ඒත් කමක් නෑ. මං ඔයාට මුල ඉදන්ම කියන්නම්කො එහෙනම්..."

ම්ම්හ් ඇයි මොකක්ද ඒ ප්‍රශ්නෙ තීන වරද... කමක් නෑ මුල ඉදන් කියන එක හොඳයි..

"හරි." මං එයා දිහාට හැරුනා..

"මං ඔයාගෙ ඇස් කියෙව්වා නිශාධ්‍ය... ඔයා ඇහුවෙ එකයි උනාට අහපු නැති ඔක්කොම ප්‍රශ්න මං දැක්කා.. මං ඔයාට ඒවාට එකින් එක උත්තර දීගෙන යන්නම් හොඳද..."

"ම්ම්.." මං ඔළුව වැනුවා...

" මං ඔයාව දන්නෙ අද නේද?? ඒ ප්‍රශ්නෙට උත්තරේ.. ඔයා මාව අද දැනගත්තට මං ඔයාව දන්නෙ දැන් අවුරුදු දෙකහ මාරකට කලින් ඉදන්.. නෑ ඔයා මාව දන්නෙ අද කියලා කියන්නත් බෑ.. ඔයා මාව දන්නවා ඒත් මතක නෑ...

ඒ කොහොමද??... ම්ම්... ඔයාට මතකද අයෝධ්‍ය සර්ගෙ ගණිතය ක්ලාස් එක? අපි දහය වසරෙදි ඔයා ක්ලාස් එකට ආවෙ. මතකද ඔයා ක්ලාස් ආපු පළවෙනි දවස?? එදා ඔයා වාඩි උනේ කාගාවද කියලා මතකද..."

මම කල්පනා කලා.. ම්ම්.. මට එදා ලාවට මතකයි.. ඒත් මට එදා වෙච්ච දේවල් මේකයි කියලා මතක නෑනේ....

අනික මං ඒ මිනිහගෙ ක්ලාස් ගියේ ටික කාලයයි..හැව් හැව් ඒකා තමා මට ලැවරියා කියන්නෙ.. මොක උනත් සර්කාරයා මට ක්ලාස් එකේදි ලැවරියා කියලා කියන්න තරං බලුකිස්තානෙ වැඩ කලේ නෑ... කොහොම හරි කිව්වා උනත් මගේ හැටි පෙන්නන්න තිබ්බා ඒකාට.. හුහ්..  අනික බලපන්.. මගෙයි සර්කාරයාගෙයි නම් එක ලඟින් රයිම් වෙනවනෙ... මල් ඉත්ත!!!

"ම්හු.."

"එදා ඔයාගෙ එහා පැත්තෙ හිටියෙ මම.. නිශාධ්‍ය.. මං ඔයාව දන්නෙ එදා ඉදන්.. අපි කතා කලා.. ඔයාට මතක නැති උනාට , ඔයා මගෙන් පොතත් ඉල්ලං ගියේ එදා නෝට් ටික ලියාගන්න කියලා.. එදා මට... ම්ම්හ්හ්.. ඒක කියන්නෙ කොහොමද...."

එයා කතාව නවත්තලා හරි වචනෙ හොයාගන්න වගේ කල්පනා කලා...

"ඔයාව මුලින්ම දැක්කාම මට... ඒක වෙනස් හැඟීමක් නිශාධ්‍ය.. මට ඒක විස්තර කරන්න තේරෙන්නෙ නෑ. නිකං මං ජීවිත කාලෙටම සතුටින් ඉන්නයි යන්නෙ කියන්න සයින් එකක් ලැබුනා වගේ.... අර ඩ්‍රාමා වල වගේ ඔයා ඇතුළට එනකොට ඔයාව දිස්නෙ ගහනවා වගේ.... ඇත්තටම එහෙම උනා කිව්වොත් පිළිගන්නවද ඔයා?? අනිත් අයට නම් දන්නෙ නෑ... ඒත් මට..."

මං මූණ රතු කරං එයාගෙ ඇස් මඟෑරියා...ඇයි මට මේ හිනා යන්නෙ..නවත්තගනිම් ඔය හිනාව නිශාධ්‍යයෝ... යකෝ මේ මොනාද කියවන්නෙ මේ මාන්දංකාරයා.. මම දිලිසුනා ඒකත් ඌට පේන්න විතරක්.. අනේ පෛත්තියං තමයි...

ඕඉ ඕඉ සිරාවටම එහෙමත ඈ.. අනේ හලෝ!!! මාව දියවෙනව වගේනේ!! ආච්චියේ!! ම්හුක්.. මුණුපුරාට ලැජ්ජ හිතිලා ඉන්නේ 👉👈

මං හොරාට ඇස් කරකවලා අර හොර බැල්ම එයාට දැම්මා.. ම්හුක්.. ලැජ්ජ කරනවනේ ඉතින් මේ පිccu මාන්දංකාරයා...

අන්තිමට එහෙනම් මාත් කාගෙ හරි කස් එකක් කියලා ඔප්පු උනා ඒ?? ආච්චි අම්මේහ්හ්!! මං හිතාගෙන හිටියෙ මං පිස්සෙක් වගේ හැසිරෙන නිසා මගේ දිහා කෙල්ලෙක්වත් බලන්නෙ නෑ කියලනෙ.....

විනුජයා මගේ දිහා බලලා හිනා උනා..

"අනේ බං ඉතින්.. උඹ රතු වෙලානෙ. ගිලින්න හිතෙනවා.." විනුජයා මගේ කම්මුලක් රිදෙන්නම ඇදලා අතෑරියා...

ඒක රිදුනා wotto.. බලු වැඩ කරන්නෙපා බන්.. උඹ මට ලව් නං.. තෝ මොකටද මගේ කම්මුලට රිද්දන්නෙ!! බූරුවා..

මගේ හිනාව වාස්ප වෙලා ගිහින් මං රවාගත්තා...මං මගේ උකුළ උඩ තීන බෑග් එකට රවන්න ගත්තා...

"රිදුනද ම්ම්..."

විනුජ රිදුනද අහලා මගේ කම්මුල අතගාන්න හැදුවෙ.. මං ඒකාගෙ අතට ගහලා වාඩි වෙලා ඉන්න තැනින් ටිකක් එහාට රූටලා ගියා..

රිදුනා තමයි යකෝ!!

"හරි හරි බං ඉතිම්.. මගේ වැරැද්දක් නෙවේනෙ. උඹ මොකටද ඔච්චර හුරතල් උනේ!"

මං හුරතල්ද යකෝ? මං හුරතල් උනාද බන්?? ඒ කියපල්ලාකො.. නෑනෙ...හරි මං හුරතල් උනා කියමුකො.. මූට වැඩක් නෑනෙ ඒක..හුහ්..

මං විනුජට එරෙව්වා..

ඌට හිනා.. අනේ උඹට නගින්නෙපා මට මේ බොරු චෝදනා කරනවට මාන්දමා..

"මොකද හිනාවෙන්නෙ තමුසෙ!!" මං කෑගහලා ඇහුවා.. හැබැයි ඒ හිතින් විතරයි.. 😑💔 පිටට ඇහුනෙ ඒක මුණුමුණු ගෑමක් විදියට...

"ම්ම්ම් මොනාද කුටු කුටු ගාන්නෙ..."  විනුජ මගේ මූණට පහත් වෙලා ඇහුවා...

එහාට යන්නකෝ අනේ.. ම්හුක්.. පලයන් යන්න පිස්සෝත්තා!!! ලැජ්ජ හිතිලා ඉන්නෙ ආච්චිගෙ මුණුබුරාට...

විනුජ හිනා වෙවීම කෙලින් උනා...

"හරි හරි... අහගන්නකෝ ඉතිම් චූටි.."

චූටි කිව්වෙ මෙ මටද.. මං ඇහැකොණින් විනුජ දිහා බලලා උගුර පාදලා ඔලුව උස්සගෙන පපුව ඉස්සරහට දාලා ගැම්මෙන් හරිබරි ගැහිලා වාඩි උනා..

ඒ උනාට ආයෙම මගේ හුළං බැහැලා ගිහින් කලින් හිටියා වගේම වකුටු වෙලා ගියා...

"කියන්න ඉතිං.."

"ම්ම්.... ඔයා එදා විතරයි මගේ ගාවින් වාඩි උනේ.. ඒ පළවෙනි දවස නිසා.. මං හිටියෙ ඉස්සරහ පේළියෙනෙ..ඔයා ඊළඟ දවසෙ ඉදන් පිටිපස්සෙ පේළි වල වාඩි උනේ.. උඹ එක එක විකාර කරලා සර්ගෙන් බැනුම් අහපු නැති දවසක් තිබ්බෙ නෑ... උඹ නොදැන හිටියට මං උඹේ දිහා බලාගෙන ඉඳියෙ. උඹ දකින කොට හිතුනෙම මට තමුසෙව ඕන කියලා... උඹේ ඇස් දෙක අහිංසක හාවෙක්ගෙ වගේ කියල දන්නවද... මේ ඇස් දෙක තමයි මගේ හිත මුලින්ම අව්ස්සලා දැම්මේ..."

විනුජ එහෙම කිව්වෙ මගේ ඇස් දෙක දිහා බලාගෙන..

එයාගෙ ඇස් දිලිසුනා.. බොරු කියන්න ඕනි නෑනෙ. ඒවා ඇත්තටම දිලිසුනා..

"ටික කාලයක් ඇවිල්ලා උඹ පන්‍ති එන එක නැවැත්තුවානෙ.. මං හිතුවෙ දවසකට දෙකකට ඇබ්සන්ට් කියලා.. මං උඹයි උඹේ පිස්සු වැඩයි එනකං බලාගෙන හිටියෙ.. ඒත් උඹ මාසයක් විතර නෑවිත් ඉන්නකොට මං දැනගත්තා උඹ ආයෙ ක්ලාස් එන්නෙ නෑ කියලා... මාව අව්ස්සලා දාලා යන්න ගියාම මං නිකං ඉන්නෙ කොහොමද කියපන් චූටි ම්ම්ම්??"

මං..මං... මගේ මූණ රත් වෙලා තිබුනෙ..

විනුජ මගේ නළලට වැටිලා තිබුණු කොණ්ඩ කෑල්ල උස්සලා පස්සට දැම්මාට ආයෙම ඒක නළලට වැටුනා..

"ම්ම්.." මං එයාට කියාගෙන යන්න කියලා ඇඟෙව්වාට.. මගේ කන් දෙකත් රතු වෙන්න ඇවිත් තිබුනෙ...

"රත්මලක් වගේ..." විනුජ එහෙම කියලා මගේ කන ඇල්ලුවා...

"මං ඔයා යන ක්ලාස් ගැන හෙව්වා... උඹ ගියේ අමල් සර්ගෙ සයන්ස් ක්ලාස් එකටනෙ.. මං මගේ ක්ලාස් මාරු කලා මැත්ස් ක්ලාස් එක ඇරෙන්න.... උඹ ගිය අනිත් ක්ලාස් වල ළමයි ගොඩක් ඉඳිය නිසා ඔයාට මාව දකින්න බැරි වෙන්න ඇති.. උඹ ඒ හැම ක්ලාස් එකකම ඉඳියෙ උඹේ අර යාලුවො දෙන්නා එක්ක.. උඹ යන නිසා මං වසන්ත සර්ගෙ ටැමිල් ක්ලාස් එකටයි කමල් සර්ගෙ ඉන්ග්ලිශ් ක්ලාස් එකටයිත් එන්න පටන් ගත්තා... ධනංජය සර්ගෙ සිංහල ක්ලාස් එක.. නෙරංජන් සර්ගෙ හිස්ට්‍රි ක්ලාස් එක.... මං ඔය ඔක්කොටම ආවා.. මං උඹට නොදැනෙන්න මේ අවුරුදු දෙක පුරාම උඹ දිහා බලං හිටියෙ. මගේ කසින් කවීශ මහින්දෙ.. මං ඌටත් කිව්වා උඹ ගැන බලපන් කියලා... ඌ උඹලගෙ ක්ලාස් එකේ නොව්නත්.."

කවීශයා...විනුජගෙ කසින්ද... අනේ බන්. මට බෑ ඕඉ.. ඔය මිනිහා ඒක නිසා තමයි එහෙනං මට දකින දකින වෙලේට කින්ඩිය දැම්මේ!! පතෝලයා..

".... මං හිතාගෙන ඉඳියෙ ඒ ලෙවල් වලින් පස්සෙ උඹට කන්ෆෙස් කරන්න...ඒත් මට තව නම් බෑ බන්.. "

ඒ ලෙවල් වලින් පස්සෙ?? අපි කොහේ ඉඳීද කියලා අපි දන්නෙත් නැති වෙන්න තිබුනා හැබැයි එතකොට...

එයා තාම මගේ කන අතගානවා.. අනේ අතගනිංකෝ බන්!!! කිතියිනේ!!

"...ඔයාලා අද බුක්ෆෙයා එනවා කියලා දැනගත්තු නිසාම තමයි මායි ජනුකයි අද ආවෙ..."

අපි අද එන බව දැනගත්තෙ කොහොමද මෙයා..

"කොහොමද??" මං ඇහුවා..

"ම්ම්??"

"කො..කොහොමද දන්නෙ අපි අදයි එන්නෙ කියලා.."

"ඇයි බන් උඹේ අර යාලුවා ජනුකගෙ කසින් නෙ.."

ආ ඔව්නෙ!!

එයා ආයෙ කතා කලේ නෑ.. එව්ත් දිහටම මගේ කන අතගාන එක කලා...

මං දැන් මොකක්ද කියන්න ඕනෙ??

එයා මට කිව්වා නම් තමයි... ඒත්...

මගේ අම්මා?? අප්පච්චි?? එයාලා කැමති වෙයිද.. කොහෙත්ම නෑනෙ.. එයාලා කොහොම කැමති වෙන්නද?? මං මොකක්ද දැන් කියන්න ඕනෙ.. අනික.. මං ඕලෙවල් ඉවර කලා විතරනෙ... ඇයි විනුජ ඔයාට ඒලෙවල් වෙනකං ඉවසන්න බැරි උනේ?? මං දැන් හිර වෙනවනේ....

"විනුජ..මං..මට හිතාගන්න බෑනෙ.." මං එයාගෙ දිහා බලලා කිව්වා...

එයා මගේ කන අතගාන එක නවත්තලා අත ගත්තා...

"මං.. මං.."

" චූටිට බයද ම්ම්??"

බයද?? මං බයද?? මං කල්පනා කලා..

ඔව් මං බයයි.. මට බයයි අම්මලා මේකට කොහොම රියැක්ට් කරයිද කියලා.. මං බයයි අයියා මොනා කියයිද? මං බයයි මගේ වටේ ඉන්න මිනිස්සු ගොඩක් එක්ක මං බැඳිලයි ඉන්නෙ.. එහෙව් එකේ එයාලා මං ගැන මොනා හිතයිද කියලා මං බයයි..

අනික.. මං සම්පූර්ණෙන්ම ඉගෙන ගන්න එක ඉවර කලා නෙවෙයිනෙ.. දැන් තමා හරියට පටන් ගන්නෙ...

අනික...මට මේක කොහෙත්ම ප්‍රශ්නයක් නොව්නත්.. අපි දෙන්නම කොල්ලො නෙ.. මං කියන්නෙ.. මට ඒක කිසිම ප්‍රශ්නයක් නෙවෙයි.. ඒත් මේ රට මේ මානසිකත්වෙත් එක්ක මට.. අපිට එක එක කතා හැදෙන එක හැදෙනවාමනෙ.. මට බයයි.. මට බයයි මට ඒවාට මූණ දීගන්න බැරි වෙයි කියලා...

" චූටි??"

"අනේ විනුජ... මගෙ අ..අම්මා? අප්පච්චි? අයියා..."

"මේ බලන්න... කෝ බලපන් බන් ඉතිං.."

මගේ උරහිසෙන් අල්ලගෙන මාව එයාගෙ දිහාට හරව ගත්තා...

"ඒකට කමක් නෑ.. ම්ම්..ඔයා ඇති තරම් කල් ගන්න චූටි.. මටයි තව ඉවසන්න බැරි උනේ.. ඒක ඔයාගෙ වරදක් නෙවෙයි ම්ම්ම්?? මට දැන් හරි සැනසීමයි බං.. මගේ පපුව පුපුරයි කියලා මං බය උනේ.. උඹට මේක කියාගන්න බැරුව හිතේ ගොඩගහන් ඉදලා... දැං ඒක හරි. මං උඹට දැන් කිව්වානෙ.. ඔයා දැන් දන්න නිසා මට අව්ලක් නෑ ම්ම්... ඒක ගැන හිතන්න එපා.."

ඒත් දෙයියනේ!!! උඹ දැන් හරියි කියලා හිතනවද විනුජ.. දැන් කොහෙත්ම හරි නෑ මං දැන් දන්න නිසා... මං හැමදාටම කල්පනා කරගෙනම ඉන්න කැමති නෑ විනුජ.... මට පාඩමට යොදවන්න වෙලාව ඕනි..

"විනුජ... මොකක්ද දැන් අපි..."

"මං කිව්වනෙ චූටි.. උඹට ඕනි තරම් කල් ගන්න පුළුවන් ම්ම්.."

"බෑ..."

"මොකක්ද" විනුජගෙ ඇස් වල දිලිසෙන ගතිය නැති වෙලා ගියා..

"බෑ.. ඕනි තරම් කල් ගන්න බෑ... විනුජ.. මං දන්නවා.. මට තේරුනා.. ඔයා කිව්වෙ ඇත්තම තමයි කියලා.. මට අහන්න ප්‍රශ්න තුනක් තියෙනවා... මට උත්තර ඕනි මේ දැන්ම.."

මං එයාගෙ අත් දෙකින් මගේ උරහිස් අතෑරව ගත්තා...

එයාගෙ මූණ දෙගිඩියාවෙන් පිරිලා තිබුනේ.. නොසන්සුන් කමකින් වැහිලා බලාපොරොත්තු කඩ වෙයිදෝ කියලා බයෙන් මූණ කලු වෙලා ගිහින් තිබුනෙ...

" ඔයා දැන් කිව්වෙ ඇත්තම නේද?..."

මං ඇහුවා..

"ඔව් බං ඔව්... මං ඇත්තම තමයි කිව්වෙ..මං පල්ලා.."

"හරි... ඔයාට ඕනෙම දෙයක් දරාගන්න පුළුවන් නේද? මං අහන්නෙ.. හිත් රිදවීම්... එක එක අයගෙ බලු කතා.. නොසලකා හැරීම් වගේ??"

"...චූටි උඹ කියන්න හදන්නෙ මොකක්ද"

"උත්තර දෙන්න විනුජ.."

"ඔව්"

"හරි.. දැන් අහන ප්‍රශ්නෙට මට අවංකවම උත්තර ඕනෙ විනුජ...

ඔයා.. ඔයා මට ආදරේ ඇත්තටමද??"

මං විනුජගේ ඇස් දිහා බලං හිටියේ..

"චූටි.. මං ආදරෙයි උඹට.. ඒක කොහෙතම බොරුවක් නෙවෙයි"

එයාගෙ ඇස් අවංකයි.. නිශාධ්‍ය..

"අනේ.. මගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන්න නම් එපා ප්ලීස්... ඔයාට එහෙම ඕනෙ නම් මාව නැතුව වෙන කෙනෙක්ව තෝර ගන්න පුළුවන්..."

"උඹ මොනාද කියවන්නෙ නිශාධ්‍ය... "

මම ඇස් වහගත්තා.... අනේ දෙවියනේ.. මට රැවටෙන්න බෑ.. විනුජ මාව රවට්ටන එකක් නෑ නේද??

"මං..මං.. කැමතී.."

"මොකක්ද..?" විනුජට කතා කරගන්න වචන නැති උනා...

"ම..මං කැමති..මං.. ම්හ්.. ඔයාට අවස්ථාවක් දෙන්න පුළුවන් මට. මං තාම විඳලා තියෙන්නෙ අම්මා අප්පච්චිගෙ අයියාගෙ ආදරේ විතරයි විනුජ.. මං තාම ලයිෆ් පාට්නර් කෙනෙක් කියලා කෙනෙක්ගෙ ආදරයක් ආරක්ශාවක් විදපු කෙනෙක් නෙවෙයි.. මං ආසයි.. මං ඇත්තටම ආසයි. මට ඕනෙ උනේ අර ෆැනටසි වල වගේ ආදරයක් විනුජ.. මං තාම ආදුනිකයි.. ඔයාට තේරෙනවනෙ. මං ඔයාට චාන්ස් එකක් දෙන්නම් කිව්වට... මං ඔයාට තාම ආදරේ නෑනෙ විනුජ. ඔයා මට ආදරේ කරන විදිය උගන්නයි. එහෙම නේද??"

මං කියවන දිහා එයා බලං හිටියා.. අනේ අර කලු ගැහිලා ගිහිපු මූණ නැති උනා.. එයාගෙ ඇස් කලින්ටත් වඩා දිස්නෙ ගහනවා...

"අනිවාරෙන්ම ඔයාට ඕනෙ දේ වෙයි චූටි... මට ආදරේ නැති උනාට කමක් නෑ.. මං ආදරෙයි. අපි දෙන්නාටම දැනට ඒ ඇති ම්ම්??.."

විනුජ එහෙම කිව්වෙ මගේ ඔලුව අතගාන ගමං..

මං එයාගෙ අත අත් දෙකෙන්ම අල්ල ගත්තා..

"මට.. අඬන්න වෙන එකක් නෑනේද? මට..මට රැවටෙන්න බෑ.."

"මාව විශ්වාස කරන්න..ම්ම්??"

"හා." මං එයා දිහා බලලා හිනා උනා...

"උඹ ලස්සනයි බන්..හරිම අහිංසක පාටයි. උඹ කොයි තරම් දඟ උනත්.."

මං ආයෙම රතු උනා...

ආයෙම පටන් ගත්තානේ ම්හුක්..

මේ.. 👉👈 දැන් අපි බෝයිප්‍රෙන්ස්ලාද අනේව්.. මං ඇස් කොණින් එයා දිහා බැලුවා..

එයා හිනා වෙනව...

"ඇයි දැන් ඔහොම බලන්නෙ ම්ම්??"

මං එයාට ඇ‍ඟිල්ලෙන් අනින්න පටන් ගත්තා..

"ම්හුක්... දැන් අපි දෙන්නා යාලුයිත හලෝ?" මං හොර බැල්ම දාගෙනම ඇහුව..

"අපෝ නෑ.."

ආච්චියේ මේ මිනිහා මාව රවට්ටනවාද?? මගේ මූණ ඔහොක් උනා..

".... තමුසෙ නම් මහ දුශ්ඨයි හුහ්.." මං විනුජට රැව්වා..

" චූටී.. උඹ හරි ලස්සනයි බන්.. මට ලෝබයිනෙ"

එයා මගේ කම්මුලක් එයාගෙ ලොකු අල්ලෙන් වහගත්තා...

"ආදරෙයි.." විනුජ කිව්වාම මාව දියවෙන්න ආවා අනේව්ව්....

•••••••>>>>>>>

දිග වැඩි උනා මේක ම්හුක්...

ආතරෙයි හලෝව්..

මේ 👉👈 ආතරෙයි කිව්ව විදිය අව්ල්ත මන්තා..

ම්හුක්.. මට මොකද හුහ්

මං යනෝ යන්න..

බායි සී'යා

Eesha~