Chapter 7: Part 07

In The Book Fair (b×b)Words: 24682

අචින්තයාගේ කඳුළු පාරවල් යන්න වතුරෙන් තෙත් කරපු ලේන්සුවෙන් උගේ මූණ පිහිදගන්න කියලා ලේන්සුව ඌට දුන්නා...

"ශෙවිනූ... මොකද බන් උනේ?"

අචින්තයා ශෙවිනුගෙන් ඇහුවෙ මූණ තෙමා ගන්න ගමං...

"ශෙවිනු... කියපන්"

"ශෙවිනු උඹට ඇහෙනවද යකෝ??"

"ඔව් බන් ඔව්... කෑ නොගහා ඉදපන්"

"මොකද උනේ කියපන්..." මං ශෙවිනුගේ අතින් ඇද්දා...

"පොඩ්ඩක් ඉදපන්... කියන්නම්"

ශෙවිනු එහෙම කියලා ආයෙම ඔලුව ගහගත්තා...

මං අචින්තයා දිහා බලද්දි ඌත් මගේ දිහා බලං ඉන්නවා...

මොන මඟුලක් වෙලාද මංදා... සිරාවටම අද දවස නම් මේලෝක වැඩක් නැති දවසක්.. හෝව් හෝව්..එහෙම කියන්නද බෑ.. අද තමා හොඳම දවස... මේ කෙහෙම්මල් එකක් වත් වැඩක් නෑ.. අද තමා මගේ වස්තුව මගේ අත් දෙක උඩට ආවෙ... අද තමා හොඳම දවස... සැප්තැම්බර් 28... හා හා මොනාද ඔහේලා ඔය හිතන්නේ... මගේ වස්තුව තමා මං ගත්ත පොත... වලෙක් වෙන්නෙපා හුහ්...

"අන්න අරුන් දෙන්නා එනවා..." අචින්තයා ඈත සෙනග අතරින් එන විනුජවයි ජනුකවයි පෙන්නුවා...

"අර මාන්දමාගේ මූණෙ බැල්ම නම් අල්ලන්නෙ නෑ බන්.. ආයෙ ගුටි කන්න වෙයිදෝ මන්දා.." මං මගේ ගාවට ලිස්සලා ආපු අචින්තයාගේ අත අස්සෙන් අත දාගෙන උගේ උරහිසෙන් ඔලුව තියා ගත්තා...

"මේහ්.... මං බඩ්ඩක් අහන්නම්??" මං අනිත් අතින් අචින්තයාගේ අත කොනිත්ත කොනිත්ත ඇහුවා..

"කොනිහන්න එපා මිනිහෝ..." අචින්තයා මගේ අත් දෙක ගසලා දාලා ආයෙ ශෙවිනු ගාවට ලිස්සලා යන්න හැදුවෙ.. මං ඌට යන්න නොදී අල්ල ගත්තා...

"අහන්නද කියපන්කෝ...."

"ඇයි උඹ වෙනදට පොල්ලෙන් ගහනවා වගේ අහනවානෙ.. ඔහොම අවසර ගන්නෙ නෑනෙ.."

"හරි හරි ඉතින් ඒ වෙනදාටනෙ. මේ අදනෙ.."

"උබ එන්න හදන්නෙ මොකාටද ආ...මට උඹව සතේකට ශුවර් නෑ.."

"ම්හුක්.. අහන්නද එපාද කියපන්කෝ.."

"අහපන් අහපන්..මං ඕක එපා කිව්වත් මං කුතුහලේටම මැරිලා යයි.."

"මේ 👉👈 ජනුක..."

"ඕ ඉතින්.. ඌ මොකද..."

"මේ ජනුක..."

"ඕ ජනුක තමයි.. ඇයි උඹට විනුජවත් රන් කරගෙන ජනුකවත් ඕනෙද ඈ.. ඩබල් ගේම් ගහන්නෙපා ඕඉ.."

"අනේ බූරුවෝ... එහෙම මගුලක් නෙවේ... ජනුක.. උඹට ටිලිං ටිලිං වගේ නේහ්හ්??"

මං ඇහුවාම අචින්තයා මගේ ඔලුවට ගැහුවා..

"ආව්ව්"

"අනේ හරකො... උඹට දැන්ද ඕක තේරුනේ ගොන් ගහ.."

"හෑ... ඒ කියන්නෙ.."

"ඌ හෙන මල් මල් බැල්මක් මගේ දිහාට දාන එක උඹලගෙ ඔය ගෙම්බො ලෙවකාලා තීන ඇස් වලට පේන්නෙ නෑ තමයි.. ඒකට මේ විචක්ශනශීලී ඇස් දෙකක් තීන මට ඔක්කොම පේනවා හුහ්..."

අචින්තයා කොලර් එකක් නැති ටී එකේ ඌට විතරක් පේන කොලර් එකක් මවාගෙන කොලර් එක ඉස්සුවා...

"ආව් ආව්.. ඒනං ඒකත් ජය සිරි මංගලම් ඈ.."

"අනේ wutto.. මං ඕකාට කැමති නෑ.."

"අනේ පලයන්.. "

"කිව්වානෙ.. කැමති නෑ. එච්චරයි!"

මං අචින්තයාගෙ කොණ්ඩෙන් ඇදලා එහාට ගියා...මං ඔළුව බිමට හරවගෙන හිටියෙ. ආයෙ ඉස්සුවෙ නෑ.. ඒ අරුන් දෙන්නා අපි ඉන්න තැනට ඇවිත් හිටගත්තු වෙලේ ඉදන් අපි පස් දෙනාගෙන් කවුරුවත් කතා කලේ නෑ වගේම විනුජ මගේ දිහා මරන්න වගේ බලාගෙනත් හිටියා..

මේ මාන්දමාටත් පිස්සු.. බොම්බයිමොටයියාටත් පිස්සු.. අනිත් කසින්කාරයාටත් පිස්සු...

ජනුකත් අපේ එකාව කන්න වගේ උගේ දිහා බලන් ඉන්නෙ.. මං ඇහැ කොණින් ඒක දිහා බැලුවෙ හරිද.. ඔලුව ඉස්සුවේ නෑ ම්හුක්... මට ඒ ඩ්‍රාමා එක නම් බලන්නම ඕනෙ පුතේ...

අරූ කැමති නෑ කිව්වට මොකද ඌත් හිබිච්චා වගේ බය වෙලා කකුලේ මාපටඇඳිල්ලෙන් පොළව හාර හාර හිටියෙ...

අමෝ අමෝ ඉතිම්.. කාටද මේ ප්‍රෝඩාව දාන්නෙ මූ..

"තොපි දෙන්නා කොහෙද මකබෑවුනේ?" ජනුක අචින්තයාගෙ ඔලුවට ඇනලා මගේ ඔලුවටත් ඇන්නා..

"ආවූහ්හ්.."

මං මූණත් බෙරි කරං ජනුකයා ඇනපු තැන අතගාගත්තෙ ඔලුව හිල් වෙන්නම ඇනපු නිසා.. අනේ හිකනල්වොට්ටා.. ඒක රිදුනානෙ ම්හුක්..

"නිශාධ්‍ය.."

විනුජ කතා කලාට මං ඔලුව ඉස්සුවේ නෑ..

චූටි කියහංකො කලින් වගේ.. නම කියද්දි බය හිතෙනවා වගේත් එක්ක..

"......ශෙවිනු, උඹ හොඳින්ද?" මං ඔලුව ඉස්සුවේ නැති නිසා විනුජ ගිහින් ශෙවිනු ගාවින් වාඩි වෙලා ඇහුවා..

අනේ ඉතිං..

මං ආයෙම මූණ ඔහොක් කරගත්තා.. මාව ගනන් ගනිම්කෝ මාන්දංකාරයා... මූ මට ලව් කියලා කියලා තීන්නෙ බොරුවක්ද කොහෙද...

"...අව්ලක් නෑ බන්.. මං අව්ලෙන් කියලා වෙන්න තීන දේ නවතිනවා කියලද.."

ශෙවිනු හුස්මක් අරං ඔලුව උස්සලා අත් දෙකෙන්ම මූණ පිහ ගත්තා..ඌ අඬලා නම් නෑ. අපේ එකා මායි අචින්‍තයයි වගේ පොඩ්ඩ ඇත්නං ටැප් එක ඇරගන්න ජාතියෙ එකෙක් නෙවෙයි.

ඒත් ශෙවිනුගෙ මූණ ඇස් රතු වෙලා ගිහින් තිබුනා...

අපි නැති උනු ඩිංගට මොනා වෙලාද මංදා... ඕන්නං විනාඩි දහයක් වගේ වෙන්න ඇති..

මං උන් දෙන්නා දිහා බලන් ඉදලා අචියා දිහාව බැලුවා. ජනුක දැන් අචින්තයා ගාව වාඩි වෙලා...අචින්තට මොනා හරි කියනවා... ඒ කියන දේ මොකක් උනත් බරපතලයි වගේ..අචින්තගේ මූණ එන්න එන්න වෙනස් වෙනව...

මොකද මේ? මොකද වෙලා තීන්නෙ?

මං විනුජ දිහා බලනකොට විනුජ මගේ දිහා බලාගෙන හිටියෙ... එයා මට එයාගෙ ළඟට ඔලුවෙන් එන්න කිව්වා..

මං ගිහින් විනුජ ගාවින් වාඩි උනාම විනුජ ශෙවිනුව අතෑරලා මගේ අත් දෙක ගුලි කරලා අල්ල ගත්තා..

"මැණික.."

විනුජ මැණික කියද්දි කන් දෙක දුන් දානවා වගේ උනත් එයාගෙ මූණ දැක්කාම මට අහේතුකව බය හිතෙන්න ගත්තා.. එයාගෙ මූණ ගොඩක් ලොකු අව්ලකින් තිබ්බෙ.

"විනූ?.."

"අහන්නකො... නිශූ.. කලබල වෙන්නෙපා හරිද..ආයිශ්.."

"මොකද... මොකක්ද!! විනූ කියන්න.. විනුජ!! කියන්න මට. මොකද?"

"ආන්ටි.. අම්මා.. ඔයාගෙ.."

මගේ ඇඟම පණ නැති උනා... අම්මා!! අම්මට මොකද.. අනේ කියන්නකෝ.. විනුජ!! මගේ ඇස් වල කඳුළු පිරෙන්න ගියේ තප්පරෙනුත් අරික්කාලක්..

"අම්..අම්මා..?"

"අම්මා ඇක්සිඩන්ට් වෙලාලු මැණික.. කරාපිටි හොස්පිට්ල් එකේ ඇඩ්මිට් කලාලු.."

මට පණ නැති වෙලා ගියා..මං එහෙම්ම පරඬැල වගේ අනිප්පැත්තට යනකොට විනුජ මාව ඒ පපුවට තද කරගත්තා...

අම්මා!! අම්මාහ්හ්....  මොකද උනේ අම්මා.. හොඳින් නේද අම්මා.. මට පරිස්සමින් කියපු ඔයා පරිස්සම් උනේ නැතිද අම්මා!!

මං විකාර වෙලා ගියා... මට අඬාගන්නවත් සිහියක් නෑ. මං ශොක් වෙලා වගේ ඉඳියෙ ටික වෙලාවක් යනකං. අම්මා!!

"අහන්නකෝ නිශූ...චුටියෝ.. කතා කරන්නකෝ.." විනුජ බය වෙලා මාව හොලවනව.. මං අඬන්නෙත් නැතිව ඉන්න නිසා..

"අනේ.. " මං ආයෙම විනුජගෙ පපුවට ඔලුව ගහගෙන අඬන්න ගත්තා...

"චූටි.. චූටියෝ.. කෝ ඉතින්.." නිශාධ්‍ය මාව එයාගෙ පපුවෙන් අයින් කරන්න හැදුවට මං එයාගෙ වටේ අත් දෙක දාලා එයාව තදේට බදාගෙන ඇඬුවා..

අනේ මගේ අම්මා.. මොනා වෙලාද.. මොකක් නිසාද ඇක්සිඩන්ට් උනේ.. අනේ එයාට අමාරුද.. අම්මා ඇයි අනේ මට කියන්නකෝ..

"අන්නේ... අප්පී යමුකෝ.. ගෙදර යම්මුකෝ...මට අම්මාව්..ව ගාවට යන්නන්.. ඕන්නේ... මාව එක්..ක්කං යන්නකෝ.."

මං ඉකි ගහන ගමං කිව්ව..

"නිශූ..නිශූ.. අපි යමු ම්ම්...ඉක්මනට යමුකො.. අම්මට පොඩ්ඩක් තුවාලයි..එච්චරයි.. අපි යමු ම්ම්?" ශෙවිනුවා ඇවිත් මාව බදාගන්න ගමං කිව්වා..

මං එහෙම්ම ශෙවිනුගෙ උරහිසට බර උනේ තාමත් ඉකිගහන ගමං..

"දැන් අපි මොකද කරන්නෙ බන්?.. යන්නත් එන්න ගියා වගේම පැය ගාණක් යයිනෙ." අචින්ත ශෙවිනුගෙන් ඇහුවා..

"ඒක තමයි අව්ල.. එහෙන් ඩ්‍රයිවර්ව ගෙන්න ගත්තත් ඊට වඩා වෙලා යයි. ඒ මනුස්සයා එහේ ඉදන් එන්නත් එපැයි.." ශෙවිනු කිව්වෙ එයාලගෙ ඩ්‍රයිවර් ගෙන්න ගන්න හිතපු එක වැඩක් නෑ වගේ..

මොන ක්‍රමේකින් හරි කමක් නෑ.. මට දැන් ඕනෙ ඉක්මනට අම්මා ගාවට යන්න.. උදේ අම්මට වැඳලා එළියට බහිද්දි මේම වෙනවා කියල දන්න්නව නම් කීයටවත් මං එන්නෙ නෑ අද... අම්මාට මුකුත්ම වෙන්නෙපා බුදු හාමුදුරුවනේ.. මගේ අම්මව බලා ගන්න..

මං ඇස් දෙක පියාගත්තට කඳුළු ඉවරයක් නැතුව ගලං ගියා...

"ම්ම් බන්. අපි මෙහෙම කරමු.. අපේ ඩැඩා මේ සතියෙම කලම්බු වල කම්පැනි එකේ.. අපි ඩැඩාව කන්ටෑක් කරගන්න බලමු." ජනුක කිව්වා

"අනේ බන්.. මේ වෙලාවෙ හැටියට ඒක නම් ලොකු දෙයක්.." ශෙවිනු කියද්දි මං ඇස් දෙක ඇරලා ජනුක දිහා බැලුවා..

අනේ ප්ලීස් ගෝඩ් මට අම්මා ගාවට යන්න ඕනෙ ඉක්මනට.. ජනුකගෙ තාත්තා ෆ්‍රී වෙන්න.. ප්ලීස්...

ජනුක ෆෝන් එකත් කනේ තියන් ටිකක් එහාට ගියා.. මගේ ඇසුත් ජනුක දිහාටම වැටිලා තිබුනා..

"නිශූ.. මේ බලන්නකෝ.. අඬන්නෙපා.. අම්මාට ප්‍රශ්නයක් නැතුව ඇති.." අචින්ත ඇවිත් මගේ කඳුලු පිහදාලා මාව කෙලින් කරවන ගමං කිව්වා..

මට ඇඬෙනවනෙ. මං මොනා කරන්නද? මෙයාලා මේ ප්‍රශ්නයක් නෑ කිව්වට ශෙවිනු බය වෙලා ඉඳිය විදියට කියන්න පුලුවන් අම්මට අමාරු ඇති කියලා.. ඉතින් ඇඬෙනවනෙ.. මට බයයි.. දෙවියනේ මගේ රත්තරං අම්මාව පරිස්සම් කරන්න.. එච්චරයි මට දැන් ඕනෙ..

එහාට ගිහිපු ජනුක ආයෙම ආවා.

"ඩැඩා බිසීලු බන්.. ඒත් Vehicle එකක් එවන්නම් කිව්වා.."

"අනේ පින්.. ජනුක ගොඩක් පින්.. " මං ජනුකගෙ අත් අල්ලගෙන කිව්වා..

"ඒක ප්‍රශ්නයක් නෙවේ නිශූ.. ම්ම් අපි ඉක්මනට අම්මව බලමු ආ??" ජනුක මගේ ඔලුව අතගාන ගමං කිව්වා..

අනේ දෙවියනේ ගොඩක් ස්තූතියි අද මේ දෙන්නව අපිට හම්බුනාට.. මෙයාලා නැති උනා නම් මොනා කරන්නද..

මං දැන් අඬන්නෙ නෑ.. මගේ බය නම් තාම ගියේ නෑ. මට අම්මාව මගේ ඇස් දෙකෙන්ම බලා ගන්නකන් මේ බය යන්නෙත් නෑ...

" අහන්නකො දැන්.." විනුජ මාව එයාට හේත්තු කරගන්න ගමං කිව්වා.

"කොහාටද vehicle එක එනවා කිව්වෙ බන්?" එයා ජනුකගෙන් ඇහුවා..

"මේන් ගේට් එක ගාවට. අපි එතනින් ඉමු.."

"හරි.. ඒක එන්න තව වෙලාව යයිනෙ.. මං චූටිත් එක්ක එතනට හිමීට යන්නම්.. ඔයාලාට ගන්න බැරි උනු දේවල් තීනං අරං ඉක්මනට එන්න.. නැත්තං අද ආපු එකත් අපරාදෙ වෙනවනෙ.."

විනුජ එහෙම කියලා ඉදගෙන හිටපු තැනින් නැගිටලා මාවත් නැගිට්ටව ගත්තා..

"ඒක හොඳයි බන්.. මං තාම මුකුත්ම ගත්තෙ නෑ.. මං ටක් ගාලා එන්නම්.." ශෙවිනු ඒම කියලා දුවන්න හැදුවෙ..

"ඒ ඉදපන්.. මාත් එනව " අචින්තයාත් ශෙවිනු එක්කම යන්න හැරුනා..

"විනූ මං අරුන් දෙන්නා එක්ක එන්නම්.. උඹලා හිමීට යමං එහෙනම්.. අපි ටක් ගාලා එන්නම්" ජනුක විනුජට එහෙම කියලා අරුන් දෙන්නාගෙ පස්සෙන් දිව්වා

"චූටි අපිට ඉක්මනට අම්මා ගාවට යන්න පුළුවන් ම්ම්... බය වෙන්නෙපා හොඳද..." විනුජ මගේ අත තද කරලා අල්ලගෙන ගේට් එක පැත්තට යන්න පටන් ගත්තා....

"විනුජ.. අම්මාට අමාරු ඇති නේ? අනේ මගෙ අම්මා.."

" කෝ ශ්ශ්ශ්.. ආයෙ අඬන්න එපා චූටි.. බලන්නකො වටේ මිනිස්සුත් ඉන්නව.. ම්ම්? මං කිව්වනෙ දැන් අපිට ඉක්මනට යන්න පුලුවන්.."

"ඔයාලා නැති උනා නම්.. මොනා කරගනීද දන්නෙ නෑ මං..ගොඩක් පින්.. "

එයා අඬන්න එපා කිව්වට ආයෙම කඳුලු ගලන්න ගත්තා..

විනුජ මගේ කඳුලු පිහදාලා ආයෙම යන්න පටන් ගත්තා...

අපි ගිහින් ටික වෙලාවට පස්සෙ අනිත් තුන් දෙනාත් හති දදා දුවගෙන ආවා...

" vehicle එක ඇවිල්ලාලු බන්.. යමු.." ජනුක ඉස්සර වෙන ගමං ගිහින් ගේට් එකට චුට්ටක් එහා ලොකු ගහ ගාව නවත්තලා තිබුනු කළු පාට වෑන් එකට නැග්ගා..

අපිත් එයාගෙ පස්සෙන් ගිහින් වෑන් එකට නැග්ගා.. විනුජ මාව පිටිපස්සෙ දෙවනි ශීට් එකෙන් ඉන්දවලා එයාත් මගේ එහාපැත්තෙන් වාඩි උනා.. අපිට ඉස්සරහ ශීට් එකෙන් ශෙවිනුයි අචින්තයි වාඩෙ උනා.. ජනුක පැසෙන්ජර් ශීට් එකේ..ඉස්සරහ..

අපි නැගපු ගමංම වගේ ඩ්‍රයිවර් වෑන් එක පාරට දාලා යන්න පටන් ගත්තා..

"අන්කල්.. අපි පුළුවන් ඉක්මනට කරාපිටිය හොස්පිට්ල් එකට යමු.." මට ජනුක කියනවා ඇහුනා..

"චූටි..කෝ ඔය බෑග් එක ගලවන්න.." විනුජ මගේ කරේ තිබ්බ බෑග් එකයි එයාගෙ අතේ තිබ්බ එයා ගත්තු පොත් තිබුනු බෑග් එකයි එයාගෙ කරේ තිබුන බෑග් එකයි ගලවලා පිටි පස්සෙ ශීට් එකෙන් තිබ්බා.

මං ශීට් එකට ඔලුව ගහගෙන ඇස් පියාගත්තා..

ටික වෙලාවකට පස්සෙ මාව විනුජගෙ අත් දෙක අස්සට ඇදිල ගිහින් එයාගෙ පපුවට තද උනා..

"ටිකක් ඇස් පියාගන්න චූටි..මං කතා කරන්නම්.. " එයා මගේ ඔලුවට දැනෙන නොදැනෙන ගාණට තොල් තදකරං කිව්වා..

මම හරිබරි ගැහිලා කකුලෙ සපත්තු දෙක කකුල් වලින්ම ගලවලා දාලා කකුල් උඩට අරං විනුජගෙ අත් අස්සෙ ගුලි උනා.. මගේ අත් දෙක එයාගෙ වටේ දාලා බදාගෙන මගේ මූණ ඒ පපුවට තියලා ඇස් දෙක් පියාගත්තා...

"ගොඩක් පින්.." මං හිමීට කෙඳිරුවා..

"ඒක පිනට නෙවේ චූටි.." විනුජ එහෙම කියලා ආයෙම මගේ ඔලුවට තොල් තද කලා..

"ආදරෙයි.." විනුජගෙ ගැඹුරු කටහඬ මුමුණනවා ඇහෙන කොට මට එයාගෙ අස්සෙම නින්ද යනගමං තිබුනෙ..

•••••>>>

ආෆ්ටර් අ ලෝන්ග් ටයිම් නෙහ්?

සොරී ඈහ්.. ම්හුක්..මට කම්මැලී පැටව්නේ..

ටයිප් කරන්න අයිඩියාසුත් නෑ..

ආයෙ කල්පෙකින් එන්නම්...

( මං දන්නව ඊළඟ බුක් ෆෙයා එක පටන් ගන්න කම්ම මේක ඇදෙනවා.. ඔන්න බලන්නකො..)

📌️⚠️️සියලුම සිද්ධීන් හා චරිත මාගේ ඉමැජිනේශන් එකට පින් සිදු වන්නට මා විසින් ගොඩනගා ගත් ඒවා බව තරයේ පැහැදිලි කරමි!!!!!! ⚠️️

~Eesha