Chapter 8: part 08 (Final)

In The Book Fair (b×b)Words: 16480

2024.09.29

එදා...අවුරුද්දකට කලින් 2023 බුක් ෆෙයා එකට ගියපු දවසේ ඉදන් මේ වෙනකන් කොයි තරම් නම් වෙනස්කම් උනාද...

එදා හදිස්සියෙන්ම ගෙදර ගියේ අම්මා හොස්පිට්ල් නිසා. අම්මාට ලොකු ඩැමේජ් එකක් වෙලා තිබ්බා. මං යද්දිත් අම්මා හිටියෙ ICU එකේ. අම්මාගෙයි අපෙයි පිනකට අම්මාට සනීප උනා. කාලයක් යනකන් ක්ලචර්ස් පාවිච්චි කලාට, දැන් අම්මා කකුල් දෙකෙන් හිටගෙන වැඩ කරන තරම් සනීපයි. ඒත් තාම අම්මාට මහන්සි වෙන්න එපාකියලා තීන්නෙ.

කලින් ඒලෙවල්ස් වලට ආපු ගමන් උනාට දැන් අපි ඒලෙවල්ස්වලට පරණයි. හැබැයි තාම 12 වසරෙ...ඉස්කෝලෙ යන්න ඕනෙ සීයට අසූව බලන නිසා.. අපේ අවුරුදු දෙකටම දවස් තිස් පහක් වගේ තමයි ඇබ්සන්ට් වෙන්න පුලුවන් සීයට අසූව ගන්න නම්. දැනටම මං දවස් දහයකට වඩා ඇබ්සන්ට් වෙලා තියේ.. ම්හුක් මක්කා කොරන්නද ඒඉ

ශෙවිනු අචියගෙ නංගිව දාගත්තා කට්ට කාලා කාලා.. අචින්තයා ජනුක එක්ක ඉන් අ රිලේශන්ශිප් දැන්. විනුජ.. ම්හ්.. මං දන්නෙ නෑ එයා හරියටම ඉන්නෙ කොහේද කියලවත්...

මටයි විනුජටයි වෙන්වෙන්න උනේ අපි දෙන්නාවත් නොදැන..

අන්තිමට අපි දෙන්නා හම්බුනේ ක්ලාස් ඇරිලා ගෙදර යද්දි 2024. 02. 03 වෙනිදා.සිකුරාදා . මට බයෝ ක්ලාස් එයාට ඇප්ලයිඩ් මැත්ස් ක්ලාස්. මට ක්ලාස් ඇරෙනකන් ඉන්ස්ටිටියුට් එක ගාව එයා ඉඳියා. බස් ස්ටෑන්ඩ් එකට වෙනකන් අපි දෙන්නා කතා කර කර ආවෙ. වෙනදා වගේ සාමාන්‍ය විදියටම අපි ගෙදර යන්න වෙන් උනා. ගෙදර ගිහින් මං ගෙදර ආවා කියලා දාපු මැසේජ් එකටත් රිප්ලයි කරලා තිබුනා.. රෑට කෝල් එකක් එනකන් බලන් ඉඳියත් ආවෙ නැති නිසා එයා වැඩ ඇති කියලා හිතලා වද දෙන්න්ව් නැතුව මම නිදා ගන්න ගියා..

පස්සෙ දවසෙ මට උදේම ෆිසික්ස් ක්ලාස් නිසා ගුඩ්මෝනින් මැසේජ් එක දාලා ක්ලාස් එකට ගිහිපු මට අහන්න ලැබුණෙ විනුජයි ෆැමිලි එකයි කැනඩා ගියා කියලා..

මට හිතාගන්න බැරි උනා. ශොක් වෙලා ගිහිපු මට ක්ලාස් එකේ ඉන්න බැරි නිසා එළියට ආවාම අචින්තයා මගෙත් එක්ක එළියට ඇවිත් අඬ අ‍ඬ හිටපු මට උරහිසක් දුන්නා..

එක පාරටම උනු දේ ගැන ජනුක වත් හාංකවිසියක් දැනන් ඉඳලා නැහැ. මම වැටෙන්න පුළුවන් අන්තෙටම වැටුනා.. විනුජ මට පොරොන්දු උනා. මම මොනාද එයාට කිව්වෙ... මට මං ගැනම දුක හිතුනා..

විනුජට එකපාරක් හරි කියන්න තිබුනා කැනඩා යනවා කියලා. ඒකත් එයා කලින් දවසෙ මාව හම්බෙලත් එක්ක!!!!

මට තේරෙන්නෙ නෑ මගේ හැඟීම්... මම මේක අතාරින්න ඕනෙද? නැත්තන් කවදා හරි එනකන් බලාගෙන ඉන්නද?? විනුජ මාව හොඳටම අසරණ කරලා තමා එදා ගියේ..

කියලා ගියා නම් මට හිත නිදහසේ ඉන්න තිබ්බා එයාඑනකන්.. එයා රට ගියා ගියාමයි මාව තියා ජනුකව වත් කන්ටෑක් කරගත්තෙ නැහැ.මට හේතුවක් හිතාගන්න බැරුව අසරණ වෙලා මම විනුජව සාධාරණීකරණය කරන්න එක එක හේතු මැව්වා..

මම දන්න තරමින් එයාට ෆැමිලි එකේ ප්‍රශ්න තිබුණෙත් නැහැ. තිබුණෙ නැද්ද නැත්තන් එයා මට කිව්වෙ නැද්ද!!? එතනදිත් ම්ම හිර උනා.

විනුජ තමුසෙ මට මොනවද කරේ!! මම කලින්ම තමුසෙට කිව්වා.. මම කිව්වා කලින්ම!!!

මටම මාව විහිළුවක් වගෙ දැනෙනවා..

හරිම පරාජිතයෙක්.. පළවෙනි ආදරෙන් වේලාසනම පැරදුන.

"හ්ම්ම්හ්හ්හ්"

මම ලොකු හුස්මක් පිට කරලා ශටර් එකෙන් එළිය බලාගත්තා...

අපි මේ කලම්බු බුක්ෆෙයා එකට යන මඟ. දැන් පහුවෙන්නෙ හරියටම කළුතර බෝධිය..

මමයි ශෙවිනුයි අචින්තයි ආයෙම.. වෙනසකට තිබුනෙ මේ සැරේ අපි බොම්බයිමොටයියාගේ ඩැඩාගෙ කා එකෙන් බුක් ෆෙයා යන්නෙ... සල්ලි කාර යාලුවො ඉන්න එකත් ගැම්මක් ඒයිම්..

ශෙවිනු ඩ්‍රයිව් කරන්නෙ. ඒකා ඉතින් දාසය පැන්න ගමං ලයිශන් අරගෙන දැන් දුක් විඳිනවා. නංගිව පන්ති දාන්නයි අම්මට කඩේ යන්නයි.. පව් අනේ.. සංසාර ණය ගණුදෙනු නෙ. අපි වගේ සැහැල්ලුවෙන් ඉන්නෝන හූම්...බලන්න දැන් මායි අචින්තයි කොයි තරම් රිලැක්ස් එකේ ඉන්නවාද කියලා..

මං මටම බොරු කරගන්න හිතන මාතෘකාව වෙනස් කරගන්න හැදුවට මොකද මට ඒක හරියට කරගන්න තාම බැරි උනා..

වැඩක් නැහ්... දැන් ඇති!!

කා එකේ නිසා කලින් ආවා. ශෙවිනු පාකින් එකේ කා එක පාක් කරලා එනකන් මායි අචින්‍තයි බැහැලා ගේට් එක ගාවට ඇවිදගෙන ආවා.. එදාට වඩා කොයි තරම් වෙනස්ද?? එදා තිබුණු තැන්වල තිබුණු ස්ටෝල්ස් නෙවේ අද තීන්නෙ.. එදා හිටපු මිනිස්සු නෙවෙයි අද ඉන්නෙ.. එදා මගේ පස්සෙන් වැටුණු ඇස් දෙකක් තිබුණට අද ඒ ඇස් දෙක නැහැ.. ආයෙ ඒ ඇස් දෙක දකින්න පුළුවන් වෙයිද කියලවත් මම දන්නෙ නෑ..

ආර්ග්ග්ග්...මම ආයෙම වැඩක් නැති දේවල් හිතනවා..

"නිශූ... ටිකට්ස්??"

ශෙවිනු අහද්දි මම අරගත්තු ටිකට්ස් තින ශෙවිනුවාට දික් කරා..

අපි ඇතුළට ගිහින් එක එක පබ්ලිශස්ල ඉඳ්පු හෝල්ස් වල ඇවිද්දා.... මියුසස්ලගෙ ස්ටෝල් එකට ආවාම මට මතක් උනේ ගිය සැරේ..

මම අවුරුද්දක් පහු වෙලා රෙඩ්වයිට් රෝයල් බ්ලූ ගන්නවා අද. තව ග්‍රෑන්ඩ්මාස්ටර් ඔෆ් ඩිමොනික් කල්ටිවේශන් එකේ පාර්ට් ටූ.. මියුසස් එකෙන් එච්චරයි. මේ සැරේ මම ආශිර්වාද එකෙන් හව්ස් ඔෆ් හෙඩීස් ගන්නවා. මට කියවන්න හම්බුනේ නැත්තේ ඒක විතරයි ඒ සිරීස් එකෙන්.

අචින්තයි ශෙවිනුයි ත් පොත් ගත්තා.. ශෙවිනු වික්ටෝරියා හෝල්ට්ගෙ පොත් දෙක තුනක්ම ගන්නවා මං බලාගෙන.. සෙනෝදි නංගිටත් වාසී මේ සල්ලිකාරයෙක් දාගෙන.. අනේ මට ඉරිසියයි ආච්චියේ!!

අපි පොත් අරගෙන ඉවර වෙලා ආවෙ අයිස්ක්‍රීම් කන්න... ඉමොරිච් එකෙන් අයිස්කෝන් තුනක් අරගෙන අපි තුන්දෙනා වල්පල් දොඩව දොඩව ආවෙ BMICH එක ඉස්සරහ වතුරමල ළඟට... මේ තැන්වල අපි කලින් ඉඳියෙ හරිම චූටි කාලයක් උනාට තියෙන මතක මහ විසාලයි. හිතට බරයි..

මට ආයෙම මම පව් කියලා හිතුනා..

අපි තුන්දෙනා බැම්මෙන් ඉඳගෙන අයිස්ක්‍රීම් කකා ඉඳිද්දි අචින්තයයි ශෙවිනුයි එයාලගෙ කතාවකට වැටුනා..

මම අයිස්කෝන් එක කකා අරගත්තු පොතක් දිගෑරගත්තා.. කකුල් දෙකත් වන වන ඒක කියවද්දි මගේ ඉස්සරහින් මගේ ළඟටම ඇවිල්ලා නැවතුන අඩිඩාස් ශූස් දෙක නිසා මගේ අවදානෙ බිඳුනා..

මම ඔලුව හරවලා බලද්දි මගෙ ඇස් වලට මුලින්ම අහු උන ඇස් දෙක දැකලා මාව වෙව්ලන්න ගත්තා!!

විනුජ..!! විනුජ..!! මේ- මේ විනුජ!!

මගේ ඔලුව ඇතුළෙ ගාණ්ඨාර ගහනවා වගේ සද්දෙන් විනුජගෙ නම ප්ලේ වෙද්දි මට වාවගන්න බැරි උනා..

මගේ පපුව රිදෙනවා විනුජ..

තමුසෙ..

මම පපුව අල්ලගෙන ගුලි වෙනකොට වැටෙන්න ගිය නිසා මගේ වටේ ක්ෂනිකව ගිහිපු ලොකු අත්දෙකක් මාව අල්ලගත්තා...

අනේ!! ඒ උණුහුම.. මට කොයි තරම් මඟ ඇරුනාද දෙයියනේ...

මගේ පාලනයක් නැතුව වැටෙන කඳුළු වලින් ගත්තු අලුත්ම පොත තෙමෙනකොට විනුජ මම ගුලි වෙලා ඉඳපු විදියටම තද කරලා බදාගත්තා...

මට වාවන්න බෑ දෙවියනේ... මේ ඇත්තටම විනුජ නේද.. මේ හීනයක්ද.. මම මෙච්චර කල් දැක්කා වගේ එකපාරටම නැති වෙලා යන මිරිඟුවක්ද..?

අනේ මගේ පපුව රිදෙනවා. මාව තව අසරණ කරන්න එපා දෙවියනේ!!

ම්ම ඉකිගහද්දි මගේ උරහිසට දිගේ සීතල කඳුළු බේරෙනවා දැනුනා.. මගේ නෙවෙයි. එයාගෙ!!

"චූටි.." එයා මුමුණද්දි මට තව හයියෙන් ඉකි ගැහෙන්න ගත්ත නිසා මම අත හපාගත්තා..

"චූටි..." විනුජ ඔලුව උස්සලා මාව ඉඹගෙන ඉඹගෙන ගියා..

"ම්හුම්.." මම අඬන එක නවත්තගෙන ඔලුව ඉස්සුවා..

අනේ ඒ එයා!! මේ සැරේ නම් ඇත්තටම...

විනුජ... මගේ විනුජ..

"අයි මිස්ඩ් යූ..ෆකින් බෑඩ්ලි.. අයි ජස්ට්-.. අයි මිස්ඩ් යූ චූටි.." වචනයක් ගානෙ මගේ මූණ ඉඹින ගමන් කියන විනුජ දිහා මම බලාගෙන ඉඳියා..

එයා මගේ ඇස් දෙක දිහා බලද්දිම මෙච්චර වෙලා ගුලි වෙලා ඉඳපු මම විනුජව බදාගත්තා... තදින්.. ගොඩක් තදින්..

"ආයෙ යන්නෙපා..!"

"නෑනෑ.. ආයෙ කොහේවත් යන්නෙ නෑ... ආදරෙයි මං" විනුජ මගේ කම්මුලකට හාදුවක් තියන ගමන් කිව්වාම මම කඳුළු පුරවගෙන හිනා උනා..

මෙච්චර කල් කිව්වෙ නැති වචන තුනක් නිසා හිතෙන් විඳව විඳව ඉඳලා මට ඇති වෙලා තිබුනෙ...

"මාත් ආදරෙයි ඔයාට.."

End

_______________________________________________

හායීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ බුබීස්ස්..

මම කලින් කිව්ව එක හරිගියේ නෑ නේත..( මේ සැරේ බුක් ෆෙයා එක වෙනකන්ම මේක අඳිනවා කියපු එක 🤭🤭)

හෙහෙ.. සෝ.. ඉවරයි ඔන්න. සොරි හොඳේ පරක්කු උනාට.. මං කිව්වනෙ ආයෙ එන්නෙ කල්පෙකින් කියලා..

බායි!! ලව් යූ.. ම්වාහ්හ්..

ඇන්ඩ් ස්පෙශලි තෑන්ක්ස් මේක කියවනවට. වෝට් කරනවට. ( කමෙන්ට් කරන්න්නෑනෙ තෞසෙලා.. )

බායි අගේන්න්.. ලව් යූහ්හ්❤️‍🩹❤️‍🩹

Eesha~

PreviousContents
Last Chapter
PreviousContents
Next