Chapter 13 of 82

මල් වත්ත (lgbtq🏳️‍🌈)

ප්‍රේමම්!108 words~1 min read

මල් වත්ත

තවත් මලකට පෙම් බැද

මලක් අද පරව ඇත

පැණි උරන කුරුල්ලන් ලග

කුරුළු ජෝඩුවක් තටු සලන රග

අහෝ මෙහෙමත් නාඩගම්

දෙබරු රංචුවක් මල් වත්ත ලග

මල් වත්තෙ බිම කොනක

කුරුල්ලෙකු මිය ගොස්‍ ය.

කුරුල්ලෙකු හෝ මලක්

කොහේ ඇති වෙනසක් ද

කොහොම හරි තියෙන කොට

ලස්සනයි ඇස් දෙකට

පාට උනු සමනලුන්

පියබනා අපූරුව

කොහොම නම් හිතන්නද

දලඹු වෙස් තිබුන වග

ඒ අතර තව කොනක

පැණි ගන්න බිගුන් රැල

මලක් සෙවු මල්ද දැන්

බිගුන් ලග නැවතීද

අහින්සක කුරුල්ලන්

මල් අසල නැවතීද

සමහරක් මල් තනිව

පිපී පර වෙනු ඇතිද

කුරුල්ලෙකු තනියෙන්ම

පියඹ දුර යන්නේද

දෙබරු දුටු "නාඩගම"

නොවෙද මේ මල් යාය

දේදුන්නෙ පාට ලග

ලස්සනට හැඩ වෙන

Dil❤️

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!