Chapter 15 of 82

ප්‍රාර්ථනා

ප්‍රේමම්!81 words~1 min read

ප්‍රාර්ථනා.

ආදරණීය වසත් කල

ප්‍රාර්තනාවේ ගිනි දැල් අසල

නුඹත් සුසුම් හෙලූ වග

ඇස් කොනෙන් මා දැක්කෙමි

නමුත් කෙසේ නුඹ සනසම්ද මා

මාද මියැදී ඇත ප්‍රේමය ලග

කියන්නට වෙර දුන් වදන් හැම

සුසුමක් සමග මුදා හලෙමි

ප්‍රාර්තනාවේ ගිනිදළු තුලින්

දැවී මියැදී යනු පිණිස

මියැදුනා දැයි නොදන්නා මුත්

ඈත දුර මම ගියෙමි

නුබේ සුසුම් හඩ ඇසී

ආයෙමත් මම හැරී බැලුවෙමි

දැවී අලුවුනු වචන අතරින්

අකුරු කිහිපයක් සිනා සෙනු දැක

එදෙස දුව ගොස් හොදින් බැලුවෙමි

"ප්‍රාර්ථනා" සුන්දරව ආදරෙන්

ගිනි අලු අතර දිලිසෙනු පෙනුනි

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!