Chapter 20 of 82

සුලග(modaozhushi)

ප්‍රේමම්!98 words~1 min read

සුලග.

පියනා ඇසට නින්දක් නැති හැම රෑට

මැවෙනා මතක දින සති නුබෙ සිනාවට

රැදෙනා කදුලු නොම වේලෙන කලාවට

මම හොයනවා නුබ ආයෙත් අද රෑට

දන්නා නමුත් නුබ නෑ අද මගෙ ලෝකේ

යලි එනු මැනවි හිත පෑරී ඇත සෝකේ

නුබ කොහි ගියෙද මම අසනෙමි හැම කාලේ

හමනා සුලග දුන්නෙද පණිවිඩ මාගේ

ලෝකය එපා කිවු නුබ මගෙ ලොවම වුනි

ලෝකය නොදත් හදවත නුබ සතුව උනි

සුලගින් අසමි නුඹ කොහිදැයි අදත් යලි

සුලගට පවා දැන් වෙහෙසක් දැනී ඇති

සුලගට කියන්නම් පණිවිඩ දෙන ලෙසට

ලැබුනොත් එවනු පිලිතුරු ඒ විගස මට

නුඹ මිය ගියා මම පිලිගන්නැති කලට

මම මග බලන්නම් යලි නුඹ දකින්නට

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!