Chapter 29: අපූර්ව අපූරුව

ප්‍රේමම්!Words: 949

ප්‍රේමයේ වහල් බව අසල

සිය හුස්ම සොයා වෙහෙසෙන

පෙමින් මත් උනු වහලුන් කැල

මරණය අභියස සිනා සෙන අපූරුව

මද සුලග ලග පවා

බිදී යාමට සැරසි

අහසේ දුර ගිය සරුංගල්

තවමත් සුලගේ ප්‍රහාරයන් ඉවසන අපූරුව

තමා ඉදිරියේ වන වෙනස්කම

දැකීමට ඇස් අහිමි මිනිසුන් හා

ප්‍රේමයෙන් දෑස් බැද

අඳ බවට පත් වූ මිනිසුන් සිටින අපූරුව

ඉතින් සොදුර,

අපූර්වයි කීමට නොහැකි බොහෝදේ ලග

ජීවිතය අපූර්ව වූ අපූරුව