Chapter 37: පුද්ගලික කදුල

ප්‍රේමම්!Words: 1715

2023/08/19

අගෝස්තුව කියන්නෙම

මගෙ ජිවිතෙ අමුතු මාසයක්

පහලවෙන් පස්සෙ බලන් හිටියෙම

දහනවය වෙනකම්. ඒත්....

අඩන්නැති දහනවයක්👀

ඔව් ඒක හීනයක් වෙලා තිබුනු

කාලයක්!

දැන්නම් ඉතින් කල් ගිහින්

අවුරුදු අටක්!

ඔය පොඩි වයසට මොනා තේරුනාටද?

හැබැයි හොදටම තේරුනේ

මට මාව

හුරු වෙච්ච මගුලෙ දුක

හදවතම මරල දාන්න යනකොට

මගෙ හිතම හැංගිලා ඉකි බිදිනකොට

මම උබට තාමත් ආදරෙයි

ඒත් මම උබට විතරමද ආදරේ?

සමාවෙයන් මම එච්චර අහින්සක නෑ..

හැබැයි උබ තාම

මගෙ හුස්ම! ඒක එහෙමම තමා

කොහොම හරි මේ

ලොකු කාලෙ අග

අඩන්නැති දහනවයක්!

අරුමයක් වෙලා මගෙ ලග අද!

හදවතම වචන කලත්

ඉවර වෙන්නෙ නෑ මේ මොකුත්ම

ඒත් අන්තිමට,

අපි හැමෝම මිනිස්සු

තත්පරෙන් තත්පරේ වෙනස් වෙන.

සුභ උපන්දිනක් කියන්නම් මෙහෙම... මගේ නොවුනු මගේම පුර හඳට🌙❤️

Dilushi Hirunya