Chapter 65 of 82

මං!

ප්‍රේමම්!128 words~1 min read

මං!

හරි ආසයි උබ දිහා බලන් ඉන්න

ආදරේ පිරිච්ච ඒ ලස්සන ඇස්,

අහින්සක උනාට දගකාර ඒ හිනාව,

කැරලි ගැහිච්ච ඔයා ආස නැති

ඒ ලස්සන කොන්ඩෙ,

මගෙ අතින් සම්පූර්ණම වැහිල යන ඒ

ලස්සන ඇගිලි,

උබේ ඒ හීනි රෝස තොල් පෙති,

ඔව්!

මන් හරි ආසයි උබට! මං ආසයි උබ දිහා බලන් ඉන්න!

මේ හීන ලෝකෙ ඇතුලෙ මම තාමත් උබව මවන්නෙ ඇයි?

මං මගෙන්ම අහනව තාම!

මං උබට ආපහු නොකියන්නම් කියල පොරොන්දු උන වචනෙ මගෙ හිත පුරා ඇහෙන්න ගත්තම!

සත්තයි තාම මට උබ ලගට දුවන් එන්න හිතෙනව!

ඒත්.... පටන් නොගෙනම ඉවර උන කතාවක... තවත් නම් මොනවා බලාපොරොත්තු වෙන්නද මම!

මං උබ දිහා නොබලම ඉන්න හිතන්,

මේ නටන නාඩගම් උබ දන්නවනම්....

උබ ඒවා නොදන්න එකම හොදයි!

ඉතින් මේ හැම වචනයකම අන්තිමට...

මට තාම උබ මතක් වෙනව!

Dilushi Hirunya✍️❤️

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!