Chapter 68 of 82

හිතවතී (lgbtq)

ප්‍රේමම්!201 words~2 min read

ඉතින් මගෙ හිතවතී මේ අහන්!

බැරි නිසා මට දෙන්න

පිරිමියගෙ ආදරේ

යන්න දෙන්නම් නුඹට

හොයන් නුඹෙ ජීවිතේ

පාවෙලා ගිය හීන

නිසා මං පාලු වේ

බලන්නට හිතයි මට

උබෙ විවා වස්තරේ

සත්තමයි ලස්සනට

ඉදියි උබ සිනා වී

එන්න යැයි කියනවද

යාලුකම මුලා වී

නොදැක්කත් යාලුවෙක්

කියා මං නුඹ කිසී

කියනවද මගුල මට

බලන්නට උබෙ සිරී

...........

දකින්නත් ආස මං

හත් මාල දා මලී

කොහොම නම් බලන්නද

උබ මගේ කෝමලී

උබ ගනන් නොගත් මගෙ

පෙමට දැන් වස් වැදෙන

උබ නොදැක ඉන්න මම

දරන වෙර කොච්චර ද

ඒත් දවසක හවස් වරුවක

උබේ ජායාරුව දිහාවට

බලා හිත මගෙ සුව කරන්නට

වේවිදෝ බං සැකයි මට තව

'එයා හරි ලස්සනයි තාම'

'හත් මාල සුදු ගවුම! ලස්සනයි ඈ තාම

මම නොවූවත් එතන

ඔහු රකියි මගෙ මැණික!

......

මම කියා අයෙක් උබෙ

ජීවිතේ නොහිටියම

දන්නවා උබට මා

අමතකව ඇති කියා

හදවතම ලියා දී

නැවත මම ගත් නිසා

අමතකම කරන්නට

මටත් දැන් හැකි නිසා

දිනක් ආවොත් උබේ

විවා දිනගැන කියා

නොකීවත් කමක් නැත

හිත මගේ ගල් නිසා!

සැනහෙන්න හැකියි මට

ෆොටෝවක උබ බලා

නොදැක්කත් කමක් නැත

මම හොදින් ඇති නිසා

පිරිමියෙක් ගෑනියෙක්

නොවෙනසක් දුටු නිසා

වෙන කෙනෙක් හිත හදයි

මගෙ දුක නිව නිවා

මතකයන් වලලගෙන

නිවුනු මගෙ හිත හදා

තව කෙනෙක් මගේ වී

ඉදී ඒ කල් වෙනා

Dilushi❤️

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!