Chapter 70 of 82

මිනිස්සු

ප්‍රේමම්!126 words~1 min read

සංස්කෘතිකමය සමාජයක් තුල විදවනා හීන,

අහෝ ප්‍රේමයක් නොලබාම මියැදෙන ආත්ම,

තව තවත් ගැට ගැසී දුර යන පාරම්පරික හිර මැදිරි,

ප්‍රශ්න නැතුවට අනුන්ගෙ කුනු හොයන තේජවත් මිනිස්සු,

සමහර විට මේක වෙන්නැති ජීවිතය! රටක් ඉස්සරහට යන්න ඕනෙලු

ඒත් අලුත් ගෙයක් ගත්ත එකා කුඩු කාරයෙක්ලු

මේ රටට වැරදුනේ ටැටූවෙන්ලු

ඒත් සිල් ඇත්තො ‍රෑට පාරෙ වැටිලලු

කෙනෙක්ගෙ ලිංගිකත්වයම අද ප්‍රශ්නයක්ලු

හැබැයි ආදරෙන් හදපු දරුවොත් කුනුබක්කියෙලු

සරලම කතාවක් මම දැක්කා

"මිනිස්සුන්ව විනිශ්චය කරන්න තව කෙනෙක්ට අයිතියක් නෑ."

පැටියො කියල එන කෙටි පණිවිඩේට උත්තර නැත්තම් කුනුහර්ප වැස්සක්!

ඒ තමයි මේ සමාජෙ මිනිස්සු!

ඉතින් මේ කතාව සරලයි...

මිනිස්සු දන්නේ නෑ සීමාව!!

දෙයක් නැති එකා කලේම

ඇති එකාට හූල්ලපු එක

අහන අහන පදවල

තිබ්බෙම ඊරිසියාව

ඒත් මේක ගාම්භීර රටක්

ඉතිහාස පොත පුරාම

තිබ්බෙ එහෙම!

ඉතින් තව වචන ටිකකින් ආයෙත් හමු වෙමු!

Dilushi❤️

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!