Chapter 15 of 15

14. බෝනස් 02

BLIND ✔2,138 words~11 min read

"ලොකු පුතේ දැන් කලබල වෙන්නේ නැතුව ඉන්න.... පුතා මෙච්චර කාලයක් මහන්සි වුනේ මේකටනේ.... බය වෙන්න එපා හැමදේම හරියයි.... තුල්‍ය පුතාට එයාගේ පෙනීම ලැබෙයි.... ඒ පුතාට එයාගේ ඇස් දෙකෙන් ම පුතාව බලන්න පුළුවන් වෙයි...."

අවුරුද්දක්.. හරියටම අවුරුද්දක් වෙනවා තුල්‍යගේ ඇස්වලට බෙහෙත් කරන්න පටන් අරන්.... මුලින් මුලින් සනීප වෙන්න සීයට විස්සක විතර චාන්ස් එකක් තිබුනත් ටිකෙන් ටික ඒක සීයට හැටක් විතර වෙනකල් මට්ටමකට ගන්න අපිට පුළුවන් වුනා....

මේ අවුරුද්ද ඇතුලත මගේ පැටියාගේ ඇස්වල ඔපරේෂන් හතරකට වඩා කරා.... ඒ වුනත් ඒ එකකින්වත් හරිහමන් විදිහකට හොඳ ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ.... මේක අන්තිම එක.... මේකත් හරි ගියේ නැත්තම් අපිට තුල්‍යගේ ඇස්වල පෙනීම ගන්න බලාපොරොත්තුව අත් හරින්න වෙයි කියලා ඩොක්ට කිව්වා.... ඒ වුනත්.... ඒ වුනත් මට ඕනි එයාගේ පෙනීම ගන්න කොහොම හරි....

දැනට පැය භාගයක් විතර වෙනවා එයාව ඇතුළට අරගෙන.... තුල්‍යටත් වඩා එයාගේ ඇස් සනීප වෙනවා බලන්න ඕනි වුනේ මට ද මන්දා.... එයාට නම් කිසි ගානක් තිබුණේ නැහැ....

වෙන දෙයක් වෙයි.... මට ඇස් පේන්නේ නෑ කියලා මෙච්චර කාලයක් අපි සතුටින් මිසක් දුකින් හිටියේ නෑනේ අයියේ....

එහෙම කියලා තමා එයා ඇතුළට ගියේ.... එයා එහෙම කිව්වට මට එහෙම බෑනේ.... එයා කොච්චර ධනාත්මකව හිතුවත් මට එහෙම බෑ.... හැමදාමත් ධනාත්මකව හිතුවේ එයා මිසක් මම නෙමෙයිනේ.... තාමත් ඒක එහෙම්ම ම තමයි.... මං කිව්වා එයාට මං එයාගේ ඇස් දෙක වෙන්නම් කියලා.... මට කොහොම හරි ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න ඕනි....

හපලා හපල ම දැනටමත් මගේ අතේ ඇගිලිවල නියපොතු දහයම ඉවර වෙලා.... තවත් මට හපන්න නියපොත්තක් වත් ඉතුරු වෙලා තිබුණේ නෑ....

තාත්තයි අම්මයි අද මාත් එක්ක ආවා.... තාත්තා කියනවා මට කලබල වෙන්න එපාලු.... එයාට පෙනීම ලැබෙයිලු.... අම්මා හොස්පිට්ල්ස් එන්න කලිනුත් පන්සලට ගිහින්ලු ආවේ.... ඒ දෙන්නම දැන් වෙනස් වෙලා.... එයාලා දැන් ඉස්සර තරම් දරදඬු නෑ.... මල්ලි වුනත් ඉස්සරට වඩා දැන් ගෙදරට වෙලා ඉන්න කැමතියි.... ඇත්තටම වෙනස් වෙලා කිව්වට තුල්‍ය තමයි අපි හැමෝම ම වෙනස් කලේ....

දැන් මටත් වඩා එයාලා ආදරේ කරන්නේ තුල්‍යට.... ඒකා ඉන්නවා ගෙදර හුරතලා වගේ.... අම්මට තුල්‍ය ඉන්නවා නම් මාවත් ඕනි නෑ.... අම්මා අපි ගෙදර එනකල් බලන් ඉන්නේ තුල්‍යව බලන්න මිසක් මාව බලන්න නෙමෙයි දැන්....

"මේ බලන්නකෝ අම්මා.... අයියා නිකන් කලබල වෙලා ඉන්නේ තුල්‍ය පැටියා, බේබි ඩිලිවරි එකට ගියා වගේනේ...."

"ඔච්චර කලබල වෙන්න එපා බන් අයියේ.... ඒකත් ඉන්නේ බබෙක් වගේ.... ඒකට තවත් බබෙක් බලා ගන්න බෑ බන් ඔය විදිහට නම්...."

"අනේ මල්ලි මේ.... උඹ කට වහන් හිටපන්කෝ...."

මං ඉන්න තත්වේ මමනේ දන්නේ.... ඒ අස්සෙන් මල්ලි තව මරු කියවනවා....

ආ.....හ් බබෙක් වගේ.... ඒකගේ හැටි මමනේ දන්නේ.... දැන් ඒකා හැදිලා ඉන්නේ හොඳට.... එකට දහයක් බලා ගනියි දැන් නම් ඒකා.... එයාගේ බබා පාට් පිටවුන්ට විතරයි දැන්.... ඇස් පේන්නේ නැති වුනාට මොකද කොස්සෙන් දමලා අරින්නේ වෙලාවකට මට....

"කට වහන් ඉන්න කියන්නේ එහෙම තමා අපිට පේන්නේ.... උඹ කටේ ඇගිල්ලකුත් ගහගෙන එහෙන් මෙහාට්ට මෙහෙන් එහාට්ට ඇවිද ඇවිද ඉන්න තාලෙට බලන ඕන එකෙක්ට පේන්නේ එහෙම තමා...."

තාත්තටත් හිනා ගියා ඒකට නම්.... මං ඇවිදින එක නතර කරලා හොඳම එකෙන් මල්ලිට රැව්වා.... උඹ නටහන්කෝ මල්ලි උඹගේ එකත් මං ගෙදරට අහු කරලා දෙන්නම්කෝ....

මල්ලි ඒ ලෙවල් කරා.... ඒකා ඒ ලෙවල් කරාට උගේ ආසාව තිබුණේ තාත්තා වගේම එයාර් ෆෝස් එකට බැඳෙන්න.... ඊළඟ මාසේ ඒකාගේ ට්‍රේනින් පටන් ගන්නවා.... උටත් ඉන්නවා පොඩි උරචක්කරමාලයක්.... කොහොම වුණත් තවම මල්ලි කියන්නේ අම්මගේ චූටි පුතානේ.... ඕක දැන ගත්තම පරණ පුරුදු අම්ම ම ඇවිස්සෙනවා කියලා මම දන්නවා....

ආවා මෙතන.... පොඩි වයසෙම මඟුල් විසේ ගහලා.... තුල්‍ය ගැන නම් කතා කරන්න හදන්න එපා.... ඒකා බෑ බෑ ගානකොට මමනේ බලෙන් යාළු කර ගත්තේ හැමදේම මොහොතකට අමතක කරන්න කියලා.... නැත්තම් ඒකා වෙස්සන්තර වගේ මගේ පවුල ගැන හිතලා මාව අතාරින්නනේ ගියේ.... ඇත්තමයි එදා ඒකා මං ඇහුව දේට කැමති වුනේ නැත්තම් මං බලෙන් උස්සන් එන්නේ ඒකව ගෙදර....

මෝඩ පැටියා මගේ.... හැමෝම ගැන හිතනවා ඒත් එයා ගැන හිතන්නේ නෑ....

"අම්මෝ අයියේ රවන්න එපා යකෝ ඔහොම... තුල්‍ය පැටියා දැක්කොත් එහෙම ඇස් පේන්නේ නැතුවම හිටිය නම් හොඳයි කියලා හිතෙයි ඒකට.."

"මේ මල්-"

"අක්කේ.... ගොඩක් වෙලාද චූටියව ඇතුළට අරන්"

"ආ... නංගි... දැන් පැය භාගයක් විතර වෙනවා"

මං මල්ලිට කියා ගන්න හදපු දේ කියන්න වුනේ නෑ.. අල්ලපු ගෙදර මේඝා ඇන්ටි ඇවිල්ලා.... අර වසවර්තියත් මොන මඟුල ද මෙහෙ ඇවිත් කරන්නේ.... ඒකා මේ ලබන සැරේ ඒ ලෙවල් කරන්න ඉන්න පොඩි ඇච්චෙක්....

මේඝා ඇන්ටිගේ චූටි පුතා....

චූටි පුතා තමයි බැලුවත් ඇති තුල්‍ය අයියේ තුල්‍ය අයියේ ගගා හැමතිස්සෙම තුල්‍යගේ පස්සෙන්මයි.... යැයි යැයි තමා.... අරකටත් මොකද ඉතින් ඒකත් යනවා කතා කරපු පමාවට.... ඒකටත් දැන් මං මොනවහරි කිව්වම තමා කොස්ස ගන්න මතක් වෙන්නේ.... ඇස් පේන්නේ නැති වුනාට මොකද ඒවා තියෙන තැන් එහෙම හොඳට මතකයි ඒකට.... එපා කියන කොට තේත් හැදුවේ.... අර උණු වතුර එක හලා ගන්නේ නැතුව ඒකා තේත් හැදුවා.... මොනව වුනත් හදපු තේ එක නම් රසට තිබුණා....

"මේ බලන්නකෝ පුතත් ඇවිත්නේ... පුතාට අද ක්ලාස් නැද්ද..."

"ක්ලාස් තියෙනවා නැන්දේ.... ඒත් ආවා ඉතින්.... අද තුල්‍ය අයියගේ ඇස් සනීප වෙයිනේ.... මට බලන්න ඕනි වුනා...."

ආ ආ ආ ඒ මොකද ඒ.... ඒවා බලන්න මං ඉන්නවනේ.. උඹ මොකද මේ.... ක්ලාස් කට් කරන් එන්න තරම් දෙයක් නෑනේ මෙතන.... පලයන්කෝ ක්ලාස්.. මොන ලබ්බ කරන්න ද මෙතෙන්ට ආවේ....

පැටියා දැන් හිටියට වඩා ලස්සන වෙලා.... එයා මහත් වෙලා.... වෙන කරන්න දෙයක් නැතුවට එයාව දවල් වරුවට තනියම දාලා යනවා මිසක් මං කැමති නෑ ඒකා මේ වසවර්තියත් එක්ක ඉන්නවට....

අනික අපේ වාසනාවකට වගේ මේඝා ඇන්ටිලා අපේ විදිහත් එක්ක අපිව පිළිගත්තට ෆ්ලැට් එකේ හැමෝම එහෙම නෑ.... මූණටම සුබ පතලා යන අය වගේම කෙලින්ම නැතත් ඇහෙන්න හරි හින්ට් ගහන එවුන් ඕන තරම් හම්බුනා අපිට.... මේ අවුරුද්ද ඇතුලත ගොඩක් දේවල් සිද්ධ වුනා.... හොඳ දේවල් වගේ ම හිත රිදෙන දේවල් ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුනා අපිට....

අපි ඉන්න ෆ්ලැට් එකේම සමහරු අපි ගැන පොලිසියට පවා කම්ප්ලේන් කරලා තිබුණා.... තුල්‍යගේ පෙනුමත් එක්ක එයාලා හිතලා මං පොඩි එකෙක්ව ගෙදර තියා ගෙන ඉන්නවා කියලා.... උන් නිසා මට පොලිසි කූඩුවලත් ලඟින්න සිද්ධ වුනා තුල්‍යගේ වයස හරියට ඔප්පු කර ගන්න බැරුව.... පස්සේ මං තුල්‍ය පොඩි කාලේ හිටපු ළමා නිවාසේ හොයා ගෙන ගිහිල්ලා අවුරුදු ගානක් පරණ එයාගේ ඩොක්‍යුමන්ට් එකින් එක හැම එකක් ම හෙව්වා....

එයාගේ තාත්තා නම් කවුද කියන්න දන්නේ නෑ.... අම්මා කියලත් හරිහමන් විස්තරයක් හොයා ගන්න හම්බුනේ නැහැ.... තුල්‍ය ඉපදිලා සතියකින් විතර එයාව ළමා නිවාසේ ඉස්සරහ දාලා ගිහිල්ලා.... ඒ අම්මා නැති කරගෙන තියෙන්නේ මැණික් කැටයක්....

එයාට තුල්‍ය කියලා නම දාලා තියෙන්නේ ළමා නිවාසේ හිටපු පාලිකාවක්.... මට එතනින් හම්බුන තුල්‍යගේ බ්ර්ත් සටෆිකේට් එක පෙන්නලා තමයි මං පොලීසියෙන් බේරුනේ.... ඊට පස්සේ එයාට මගේ වාසගම දීලා අලුත් අයිඩී එකක් හැදෙව්වා.... ඒ බාධාවන් හැම එකක්ම ආවත් තාත්තා හිටියා අපේ හයියට.... තාත්තා කිව්වත් වගේ මං තෝර ගත්තු පාරේ යන එක ලේසි වුනේ නෑ.... ඒ වගේ ම තාත්තා මාව අතෑරියෙත් නෑ.... සමහර විට තාත්තා අපිට හයියක් වුනේ නැත්තම් මේ තරම් දුරක් අපි දෙන්නට එන්න බැරි වෙන්න තිබුණා....

ක්ලැක්..!!

ඩොක්ට තියටර් රූම් එකෙන් එළියට ආවා....

"ඔපරේෂන් එක නම් සාර්ථකව ඉවර කරා.... අපිට දැන් රිසාල්ට් එක බලා ගන්න පුළුවන්.... ඔයාලා ලෑස්ති වෙලා ඇතුළට එන්න...."

"තාත්තේ..."

මට ඉබේටම බැලුනේ තාත්තා දිහා.... තාත්තාගේ මූණේ හිනාවක් ඇදිලා තිබුණා... තාත්තා මගේ ළඟට ඇවිල්ලා මගෙ උරහිසකට අතක් තියලා අනික් අතින් දොර දිහාව පෙන්නුවා....

"යන් ඉතින් ඇතුළට පුතේ...."

එයා ඉන්නවා.... ඇඳ උඩ වාඩි වෙලා කකුල් දෙකත් පද්ද පද්ද එයා ඉන්නවා.... එයාගේ ඇස් වටේට බැන්ඩේජ් එකකින් ඔතලා දාලා.... දොර ඇරෙන සද්දේ ඇහෙනකොට එයා දොර දිහාවට ඔළුව හරවලා හිනා වුනා.... පොඩි රූම් එකක් නිසා හැමෝටම ඇතුළට එන්න හම්බුනේ නැහැ.... අර වසවර්තියාවයි අපේ වසවර්තියාවයි දෙන්නම එළියෙන් තියලා ඉතුරු අය තමා ඇතුළට ආවේ....

"තුල්‍ය ඔයා ලෑස්ති ද ළමයෝ..."

අයි සර්ජන් එහෙම අහද්දි එයා ඔව් කියන්න ඔළුව හෙලෙව්වා.... එයා නම් ලෑස්ති ඇති ඒත් මං නෑ....

"ඩොක්ට ටිකක් ඉන්න...."

"ඇයි පුතේ..."

"නෑ තාත්තේ ම..මට....මට....."

"ඩොක්ට ඕක ගලවන්න ඩොක්ට.... මේකා නිකන් බොරුවට බය වෙලා.... තුල්‍ය ළමයත් හොඳට ඉන්නවා මේකට තමා බය...."

"ඒත් ඉතින්..... තාත්තේ...."

"ඒත් ඉතින් නෙමෙයි.... ඕන එකක් බාර ගන්න සිද්ධ වෙනවා අපිට.... ඔන්න ඕක ගලවන්න ඩොක්ට...."

හ්ම්.... තාත්තා මං කියන කිසි දෙයක් ගනන් ගන්නෙවත් නැතුව ඩොක්ටට බැන්ඩේජ් එක ගලවන්න කියලා කිව්වා.... ඒක ගලවන්න ඕනි කියලා මං දන්නවා.... ඒත් මට දැනෙන දේ හරි අමුතුයි.... හරියට මං නෙගටිව් රිසාල්ට් එකක් ආවොත් ඒක දරා ගන්න බැරි වෙයි වගේ තත්වෙක හිටියේ....

ඩොක්ට එයාගේ බැන්ඩේජ් එක ගලවන්න පටන් ගත්තා.... තියෙන නොසන්සුන්කමට මට ආපහු නියපොතු හැපෙන්න ගත්තා.... නිකන් මාව වෙව්ලනවා වගේ.... බඩත් එක්ක මොකක්දෝ වෙලා.... දාඩියත් දානවා ඒ අස්සේ....

බැන්ඩේජ් එක ගැලවෙනවා.... වටයෙන් වටේ ඒක ගැලවිලා යනවා.... ටික ටික බැන්ඩේජ් එකේ ගනකම අඩු වෙලා ගියා....

තව වට තුනයි...........

දෙකයි...........

එකයි.........

ඉවරයි.........

බැන්ඩේජ් එක ගැලවිලා ගියා.... එයා තාම ඇස් ඇරියේ නෑ.... එයා ඉන්නවා කෙලින්ම මගේ ඉස්සරහ ඇස් දෙක පියාගෙන.... ඉස්සරහ බලා ගෙන....

"දැන් ඇස් අරින්න පුතේ...."

ලබ්.... ඩබ්....

ලබ්.... ඩබ්.........

ලබ්.... ඩබ්.............

පපුවේ ගැහෙන්නේ මගෙනේ මහ සද්දෙන්....

ඒ ඇස් ඇරුනා.... ඒත් ඇස් ඇරුන පමාවට ආපහු වැහිලා ගියා....

ආයෙත් ඇරුනා..... ආයෙත් වැහුනා.... එයා එක ළඟ ඇස් පිල්ලම් ගොඩාරියක් ගහලා ඇස් දෙක ඇරගෙන මන් දිහා බලාගෙන හිටියා.... ඒ ඇස් බෝල මගේ මූණ පුරා එහෙ මෙහෙ දුවනවා....

අනේ.... ඒ ඇස් වලින් කඳුළු කැට පේලියක් කඩා ගෙන වැටුණා....

තුල්‍යගේ මානයෙන්...........

මගේ ඇස් වටේට ඔතලා තිබුණ රෙදි කෑල්ල ගැලවිලා ගියා.... මට ඇහුනා දොස්තර මහත්තයා මට ඇස් අරින්න කියලා කියනවා....

"දැන් ඇස් අරින්න පුතේ...."

මට ඇස් අරින්න ඕනි.... ඒත් මෙච්චර වෙලා නොතිබිච්ච බයක් මගේ හිතට ඇවිල්ලා.... බැරි වෙලාවත් ඒක හරි ගිහිල්ලා නැත්තම්.... අනේ මගේ අයියා පව්නේ.... මට නෙමෙයි මගේ ඇස් සනීප වෙනවා බලන්න ඕනි වුනේ.... ඒ එයාට අයියටයි ඕනි වුනේ මටත් වඩා මගේ ඇස් සනීප කර ගන්න.... මෙච්චර කාලයක් එයා ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වුනා.... දොස්තර මහත්තයා කිව්වා මේ සැරේ හරි ගියේ නැත්තම් ආය මට පෙනීම ගන්න බෑ කියලා.... ඒක ඇහුණ වෙලාවේ අයියා ගැස්සෙනවා මට දැනුනා.... අනේ එයාට දුක හිතෙන්න ඇති....

අනේ දෙයියනේ හරි ගිහිල්ලා තියෙන්න.... මගේ අයියාගේ මහන්සිය අපතේ යවන්න එපා.... එයා පව්....

මං හිමිහිට හිමිහිට මගේ බර වෙලා තිබුණ ඇස් පිහාටු උඩට ඉස්සුවා.... ඒවා බර වෙලා.... හිමී හිමීට ඇස් ඇර ගද්දි එකපාරටම ආව එළිය මට දරා ගන්න බැරි වුනා.... මං ඉක්මනට ඇස් දෙක පියා ගත්තා.... ඒත් මං ඇස් දෙක අරින්න ඕනිනේ කොහොමහරි....

මං ආයෙමත් ඇස් පිහාටු උඩට ඉස්සුවා.... ටික ටික ඇස් ඇරෙද්දි මං මෙච්චර කාලයක් පුරාවට දැක්ක අඳුර නැති වෙලා තිබුණා.... මං කවදාවත් දැකලා නොතිබිච්ච පාට පාට ලෝකයක් මගේ ඇස් ඉස්සරහ මැවිලා තිබුණා..... අනේ මට ඇස් පේන්න අරන්නේ.... මට හිතා ගන්න බැරි වුනා.... මගේ ඇස් ඉස්සරහ එයා ඉන්නවා.... අනේ මට එයාව දකින්න පුළුවන් වෙලා....

"පැ..පැටියෝ..."

අයියා එයාගේ අත් දෙක දිහෑරලා මට කතා කරා.... අනේ මං ඒක දැක්කා දෙයියනේ.... මං ඒක දැක්කා.... මං දුවගෙන ගිහින් අයියව බදා ගත්තා....

"මගේ පැටියෝ...."

අයියත් මාව තද කරලා බදා ගත්තා.... මට දැනුනා එයා මගේ පිට පුරා අත යවනවා....

"අ..අයියේ.....අනේ....අයියේ.......මට ඔයාව පේනවනේ......... අනේ....මට.........ඔයාව.....පේනවනේ.... අඳුරු.....නෑනේ.... පාට පාටයිනේ..... අයියේ....අයියේ.......තුල්‍යට........ඇස් පේන්න අරන්නේ අයියේ......."

මගේ ඇස්වලින් වැටිච්ච කඳුළු බිංදු ඒ පපුව තෙමා ගෙන ගියා....

"උඹට පේනවද රත්තරනේ ආ.... පැටියෝ.... පැටියගේ අයියව පැටියට පේනවද...."

අයියා මගේ මූණ දෝතට අරන් එයාගේ මූණ පැත්තට හරව ගත්තා.... මගේ ඇස්වලින් වැටෙන කඳුළු බිංදු එයාගේ ඇගිලිවලින් පිහලා දැම්මා.... අයියා ඇසුත් තෙත් වෙලා තිබුණා.... අයියා අහනවා මට එයාව පේනවද කියලා.... ඔව්නේ අනේ මට එයාව පේනවා....

"ඔව් අනේ....අයියේ........ මට පේනවා........තුල්‍යට පේනවනේ.... එයාට එයාගේ අයියව පේනවනේ...."

අනේ එයා ගොඩක් ලස්සනයි.... මං හිතන් හිටියටත් වඩා මගේ අයියා ගොඩක් ලස්සනයි.... එයා ගොඩක් ලොකුයිනේ.... මට ඇඬුනා.... මං ඒ පපුවට තුරුළු වෙලා ගොඩක් වෙලා යනකල් ඇඩුවා.... මට ගොඩක් සතුටුයි.... අයියා මෙච්චර කාලයක් වෙච්ච මහන්සිය අපතේ නොගිය එක ගැන මට ගොඩක් සතුටුයි....

සුරුස්...

"අනේ පැංචෝ..... හොටුත් එනවනේ මේකගේ නහයෙන්..."

"ම්හ්ක්"

මේ ලෝකේ මං හිතන් හිටියටත් වඩා ගොඩක් ලස්සනයි.... පාට පාට ලෝකයක්.... මෙච්චර කාලයක් මම හිටියේ අඳුරින් පිරිච්ච ලෝකයක් ඇතුලේ.... ඒ අඳුරු ලෝකෙට ආලෝකයක් වුනේ මගේ සුදු අයියා.... දැන් එයාම මගේ ලෝකේ පාටවලින් පුරවව්වා.... ඔව් එයා එයාගේ පොරොන්දුව ඉෂ්ට කරා.... මට දැන් ඇස් පේනවා අනේ.... මට තවම ඒක හිතා ගන්න බෑ වගේ.... හීනයක්.... ඒක හීනයක්.... හැබෑ වෙච්ච හීනයක්....

මට ඇස් පේන්න ගත්ත දා ඉඳලා අයියා අපේ කතාව අලුතෙන් ලියන්න පටන් ගත්තා.... එයා මාව එක්ක ගෙන ගියා අපි ගියපු හැම තැනකටම ආපහු පාරක්.... අපි දෙන්න මුලින්ම හම්බුන තැන.... මුහුදු වෙරළ.... මං මෙච්චර කාලයක් හිටපු නිවාසෙටයි.... පොඩි කාලේ හිටපු ළමා නිවාසෙටයි දෙකට ම එයා මාව එක්ක ගෙන ගියා.... ඒ විතරක් නෙවෙයි අයියා මාව එක්කන් ගියා එයා මට මුලින්ම කොත්තුවක් අරන් දුන්නු කොත්තු කඩේටත්.... එදත් අපි එකෙන් කොත්තුවක් අරන් ඇවිත් එදා වගේම බංකුව උඩ ඉඳලා ඒක කෑවා.... කෑවා කිව්වට එයා මට කැව්වා එදා කැව්ව විදිහට ම.... මං එපා කියද්දි මට ඉස්මුරුත්තාවට එනකල් ම අර යකා මට කැව්වා....

අපේ ගෙදර දැන් පොඩි එකෙක් ඉන්න ගෙදරක් වගේ.... අයියා දකින දකින පාට පෙට්ටි මට අරන් එනවද කොහෙද.... එපා කියනවා එයා අහන්නේ නෑ.... චිත්‍ර පොත්.... පාට කූරු.... අනේ අර පොඩි එවුන්ට පාට ගැන කියලා දෙන පොත් පවා කඩයක් දාන්න තරම් අපේ ගෙදර ඇති....

ඒ මදිවට ද අයියා අපේ ගෙදර පවා වෙනස් කරා.... ඒ කිව්වේ එයා අපේ ගෙදර තිබුණු බඩු මුට්ටු පාට පාටින් පාට කරා.... අඳුරු පාට කළු පාට දේවල් අඩුයි දැන් අපේ ගෙදර.... අඩු ම තරමේ එයා මට කිව්වට මං කළු පාට ඇන්දම ලස්සනයි කියලා මට කළු පාට ඇඳුමක්වත් අරන් දුන්නේ නෑ අයියා එදයින් පස්සේ.... ම්හුක් පිස්සු අෆ්ෆා අයියට....

හැබැයි ඒ මුල් දවස් ටිකේ විතරයි.... දැන් නම් එයා කියන්නේ මට පෙනීම ගත්තේ අපරාදෙලු.... ඇයි ඉතින් මට දැන් කොස්ස විතරක් නෙවෙයි වෙන වෙන දේවලුත් තියෙන තැන් හොඳට පෙනවනේ.... නෑ ඉතින් අනේ.... අයියත් එක්ක බෑ වෙලාවකට.... තරහ වෙන්න එපා ඒත් මං ඔයාලගේ ගෙඹි කුමාරයට කොස්සෙන් ගහනවා....

********************

ආපහු එන් නෑ කිව්වට ආපහු එන්න වුනානේ 🙈....

ඒ දෙන්නා චුට්ටක් වෙනස් වෙලා.... ඒක ඔයාලට දැනුන ද..?

මම දන්නෑ මේක ඔයාලා හිතපු විදිහට ලියවිලාද කියලා.... කොහොමහරි ඉතින් ඔහොමලු සෝස පැටික්කගේ පෙනීම ලැබුණේ....

මං මේ කතාව ලිව්වේ මට කම්පීල්ට් කතාවක් ලියන්න තිබුණ ආසාව නිසා.... ඒ නිසයි මේක ෂෝට් ස්ටෝරියක් වුනේ....

ඉතින් මට කතාවක් ලියන්න තිබුණ ආසාව නිසා අහම්බෙන් ලියවුන මේ පුංචි කතාවට වටිනාකමක් දුන්නු මගේ ගෙබි පැටව් ඔක්කෝටම ස්තූතියි ගොඩාරියක් ❤️🎀 ගෙබි පැටව් කිව්වේ ආදලේට හොඳේ 👉👈

Fb එකේ රිවීව් එකක් දාලා උදව් කරපු පැංචටත්.... එනවුස්මන්ට් එකක් දාලා දුන්නු Vk_panther අක්කිටත් ගොඩාක් ස්තූතියි.... 🤍

SIAN..🖤

Contents
Last Chapter
Contents
Next