Chapter 2 of 15

01. කොටස

BLIND ✔1,221 words~7 min read

ජීවිතේ හරි බරයි.... නැවතීමක් නැති දිවිල්ලක් වගේ....

එතකොට මරණය ඒක නැවතීම නෙවෙයිද....

නෑ කොහෙත්ම නෑ.... මරණය කියන්නේ නැවතීමක් නෙවෙයි.. මරණය කියන්නේ අලුත් ම ආරම්භයක් විතරයි....

එහෙම නම් මං මෙහෙම කියන්නම්.... ජීවිතය නෙමෙයි සංසාරය නැවතීමක් නැති දිවිල්ලක් වගේ....

මං හිටියේ මුහුදු වෙරල ළඟ තිබුණ බංකුවක ඉඳගෙන.... මුහුදු සුළං දැන් වරුවක් විතර ඉඳන් මගෙත් එක්ක ඔට්ටු අල්ලනවා.... මහ මුහුද දිහා බලන් හිටපු මටත් දැන් ඕනි වුනේ මේ ජීවිතේට තිත තියලා අලුත් ම ආරම්භයක් ගන්න....

මේ ජීවිතේ මට හරි බරයි.... සැනසීමක් නෑ.... සතුටක් නෑ.... මොකද මට කාත් කවුරුවත් නෑ.... මං දන්නවා මං නෙමෙයි මේ ලෝකේ තනි වෙලා ඉන්න එකම මනුස්සයා.... ඒත් මගේ තනිකම වෙනයි.... මං අඳුන ගත්ත මට දැනෙන තනිකම අනික් අය හඳුන්වන සාමාන්‍ය තනිකමකට වඩා වෙනස්.... සමහර තැන්වලදී ඒක ටිකක් විතර වෙනස්....

මට පවුලක් තියෙනවා.... සම්පූර්ණ පවුලක්.... අම්මා..තාත්තා..මල්ලි..නෑදෑයෝ ඔය ඔක්කොම ඉන්න සම්පූර්ණ පවුලක් මට තියෙනවා.... යාළුවෝ ඉන්නවා.... එහෙනම් මොකටද කාත් කවුරුවත් නෑ කිව්වේ කියලා හිතෙනවා ඇති නේද....

ඒ හැමෝම මගේ වටේ හිටියත් මං ඇතුලතින් හිස් වෙලා.... තනිවෙලා.... ජීවිතේ කිසිම බලාපොරොත්තුවක් නෑ.... අරමුණක් නෑ.... කිසිම දේකට ආසාවක් නෑ....

එහෙනම් මහණ වෙන්න....

මට ඒක හිතුණා.... ඒත් මං ඒ තරම් පිංකාර නැතුව ඇති.... මහණ වෙන්න හිතෙන්න තරම් මං පිංකාර නෑ....

මගෙන් නොදැනීම ලොකු සුසුමක් පිට වුනා....

තේම් නිම්සර දහනායක....

අවුරුදු 23යි.... අවුරුදු 23 යි කියන්නේ ජීවිතේ හොඳම කාලේ.... ජීවිතේ දෙවන කාර්තුව පටන් ගන්න හොඳම වයසක්.... ඒත් ජීවිතේ ගැන කිසිම ආසාවක්..බලාපොරොත්තුවක්..අරමුණක් නැතුව ඒක කරන්න පුළුවන් වෙයිද.... මං උත්සහ කරා.... මට පුළුවන් උපරිමයෙන් මං උත්සහ කරා.... හිතට තරවටු කරලා මං අකමැති දේවල් පවා කරවන්න බැලුවා.... ඒත් ඒකෙන් වුනේ තවත් මාව අගාදයට වැටුණ එක විතරයි.... මගේ හිතේ තියෙන්නේ නෙගටිව් ෆීලින්ග්ස් විතරයි.... මට දැන් ඒක ඇති වෙලා තියෙන්නේ....

මං අපේ පවුලේ පළවෙනියා..වැඩිමලා.... මට තව බාල මල්ලියෙක් ඉන්නවා.... එයා නම් ගොඩක් වෙනස් මට වඩා.... එයා ජීවිතේ විඳිනවා.... මං විඳවන ජීවිතේ එයා හරි අපූරුවට විඳිනවා.... ජීවිතේ ජීවත් වෙන්න ඕනි විදිහ මට වඩා අවුරුදු හතරක් බාල වුන මගේ මල්ලි හොඳට දන්නවා.... ඒත් අම්මලා ඒකට කියන්නේ රස්තියාදු ගහනවා කියලා.... යාළුවොත් එක්ක ඉඳලා විනාශ වෙන්න හදන්නේ කියලා.... ඒත් අම්මේ එහෙම කිසි ම දෙයක් නොකරපු මට දැන් මොකද මේ වෙලා තියෙන්නේ....

අපේ අම්මලා හරිම ස්ට්‍රික්.... සමහර විට ඒකට එයාලා කරපු ජොබ් එකත් බලපාන්න ඇති....

මගේ අම්මා ගුරුවරියක්.... තාත්තා.... තාත්තා පැන්ශන් ගියපු එයාර් ෆෝස් ඔෆිසර් කෙනෙක්.... හමුදා පාලනයක් තමයි.... දැඩි නීති.... කිව්වොත් කිව්වා ඉන් එහා මුකුත් බෑ.... එයාලා මාව හැදුවේ හිටු කියපු තැන ඉන්න.... මාත් ඒකට කීකරු වුනා.... පවුලේ වැඩිමලා වුන පලියට පොඩි කාලේ ඉඳලා එයාලා හැම තිස්සෙම මගේ ඔළුවට දැම්මේ උඹ හොඳට හැදුනොත් තමයි මල්ලිවත් හදා ගන්න පුළුවන් ඒ නිසා කියන දේ අහලා හැදියන් කියන එක වෙනකොට මාත් ඒ කීමට බය වුනා.... මට බැරි වුනා ඒ කීමට පිටින් යන්න....

කොච්චර ඕනිකම් තිබුනත් දෙමව්පියෝ විඳින දුක ගැන හිතලා මං කවදාවත් ඒ අයට වදයක් වුනේ නෑ.... මං නිහඬ චරිතයක් වුනා.... කවදාවත් ඒ අයත් එක්ක කට ගහන් ගියේ නෑ.... කොච්චර එක එක දේවල් කිව්වත් මං කරේ කට පියාන ඒ දේවල් අහන් හිටපු එක විතරයි....

මගේ මල්ලි.... එයා ඒකේ අනික් පැත්ත.. කොහොමහරි එයාට ඕනි දේවල් කට කියෝලා හරි අර ගත්තා.... යාළුවෝ ගෙදෙට්ට ගෙන්න ගත්තා.... උන් එක්ක යන්න ඕනි හැම තැනම ගියා.... එහෙමයි කියලා අම්මලා හිතනව වගේ එයා නාස්ති වුනෙත් නෑ.... එහෙම වුනානම් කොහොමද ඒකා හැම වාර විභාගෙකම පන්තියේ පළවෙනි පස්දෙනා අතරේ ඉන්නේ.... මට වෙලාවකට මගේ මල්ලිත් එක්කම ඊරිසියා හිතෙනවා....

මෝඩයි නේ.... ඒත් එහෙම දෙයක් විදින්නම ඕනි ඒක දැනෙන්න නම්....

එයාට ගෙදර නීතිවලට පිටින් ගිහින් එයාට ඕනි විදිහට ජීවත් වෙන්න තරම් හිතේ ශක්තියක් තිබුනට මට ඒක තිබුණේ නැහැ.... මං හැමවෙලේම හිතුවේ මං මෙහෙම කරොත් අම්මලා මොනවා හිතාවිද.... එයාලට මොනවා දැනේවිද කියලා වෙද්දි මං ගැනත් නොහිතා මං එයාලා ගැන හිතලා ජීවිතේ මං ආස කරන ගොඩක් දේවල් මගෑර ගෙන තිබුණා....

ඒත්.... ඒත්..... දැන් එයාලම මට කියනවා මං ගෑනියෙක් වගේලු.... ගෙදෙට්ට වෙලා ඉන්නවලු.... කොහෙවත් යන්නෙවත් නෑලු.... යාළුවෙක්වත් නෑලු.... කාත් එක්කවත් හරියට මූණ බලන් කතා කර ගන්න බෑලු....

මංද ඒකට පලි.... මාව හදව්වේ ඒ විදිහට නම් මන්ද ඒකට පලි....

එයාලා හැමදාම කිව්වේ යාළුවොත් එක්ක රස්තියාදුවේ යන්න එපා කියලා.... ඉස්කෝලේ පන්ති ගියාම පවා වෙන වැඩ නොකර ඉගෙනීමට විතරක් අවදානය දෙන්න කියලා.... කෙල්ලෝ දිහා ඇහැක් ඇරලා බලන්න එපා කියලා.... ඉතින් මං එයාලා කිව්ව දේ කරා.... මගේ වයසේ සමහරුන්ට දැන් එයාලගෙම ළමයි පවා ඉන්නවා.... ඒත් මගේ ෆෝන් එකේ තව වෙනකල් අඩුම එක කෙල්ලෙක්ගෙවත් නම්බරයක් සේව් දාලා නැතුව ඇති....

මං ශිෂ්‍යත්වේ පාස් වුනා.... ඕ ලෙවල් ඉහලින්ම පාස් වුනා.... ඒ ලෙවල් කරා.... මං එයාලා මට කිව්ව ඔක්කෝම කරලා දුන්නා.... ඒත් දැන්වත් එයාලා මට ඕනි විදිහකට ඉන්න දෙන්නේ නෑ....

මට ඕනි තනියම ඉන්න.... තනියම ජීවිතේ විඳින්න.... අනිත් අය මගේ ජීවිත්ට ඇඟිලි ගහන්න එනවට මම කැමති නැහැ.... ඒත් එයාලා හදන්නේ මාව සමාජෙට එලවන්න.... මං ඒකට කැමති නෑ.... මට ඒක කර ගන්න බෑ.... පොඩි කාලේ ඉඳන් සමාජෙන් දුරස් වෙලා හැඳුන මට දැන් ඒක කිව්වයි කියලා කර ගන්න බෑ.... මට පුරුදු නෑ.... මට බයයි.... මාව ගැලපෙන් නෑ කියලා හිතෙනවා.... ඉතින් මං කරේ ම හැංගෙන්න බලපු එක....

ආයෙත් දිග සුසුමක් මාව හොයා ගෙන ආවා වෙද්දි මං ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටා.... මට මැරෙන්න හිතිලා තියෙන්නේ.... මට මේ හැමදේම අතාරින්න ඕනි.... මගේ හිතේ එළියට දා ගන්න බැරි හැඟීම් දාස් ගානක් තියෙනවා.... මට ඒ දේවල් කියා ගන්න තරම්වත් යාළුවෙක් නෑ.... ඉන්න අය එක්ක මට ඒ දේවල් බෙදා ගන්න ඕනි කමක් නෑ....

මං හරි පුදුම මනුස්සයෙක්.... මට හිතෙනවා මං අනිත් මිනිස්සුන්ට වඩා ගොඩක් වෙනස් කියලා.... එයාලට වගේ සාමාන්‍ය ජීවිතයක් මට ගත කරන්න බෑ කියලා.... මට දැන් නම් මහන්සි.... අනික් අය ගැන හිතලම මට මහන්සි.... මට දැන් විවේකයක් ඕනි.... ලොකු විවේකයක්....

මං ආයෙත් ලොකු හුස්මක් අරන් පාත දැම්මා.... ඒ හුස්ම හරි බරයි....

අම්මේ...

අම්මේ මට සමා වෙන්න අම්මේ.. මං තීරණයක් අර ගත්තා.. තව දුරටත් ඔයාලගේ සතුට වෙනුවෙන් කියලා විඳවන්න බෑ.. මට මේ දැනෙන කාලකන්නි හැඟීම්වලින් නිදහස් වෙන්න ඕනි.. ඒ හැඟීම් මාව දඩයම් කරනවා.. මං කැමති නෑ ඒකට.. ඒක නිකන් නපුරු හීනයක් වගේ.. මං දන්නෑ මට කියා ගන්න තේරෙන්නෙත් නෑ..

මාව ඉපැද්දුවට ස්තූතියි.. මෙච්චර කාලයක් කන්න බොන්න දීලා බලා ගත්තට ස්තූතියි..

මට සමා වෙන්න මට මේක කරන්න වුනා.. මං මේ දේවල් ගැන කලින් නොකියා කිව්වා.. මං නොකියා කිව්වා අඩුම මාව ඩොක්ට කෙනෙක් ගාවටවත් එක්ක යන්න කියලා.. ඒත්.. ඒත් ඔයාලා මොනවද කිව්වේ ඔය ගේ ගෙම්බෙක් වගේ ගෙදෙට්ට වෙලා ඉන්න නිසාලු.. පැය විසි හතරෙම ෆෝන් එකක් බදා ගෙන ඉනින නිසාලු.. මට එලියට යන්න කිව්වා.. යාළුවොන්ව මීටි වෙන්න කිව්වා.. එතකොට ඔය දේවල් හරියයි කිව්වා.. එහෙම කියලත් ඔයාලා මාව හිර කරා.. යන එන තැන් හොයන්න ගත්තා හරියට පොඩි එකෙක්ගේ වගේ.. මං ඒ දේවල්වලට කැමති නෑ.. මං දැන් පොඩි එකෙක් නෙමෙයි නේ.. මං කැමති නිදහසේ ඉන්න..

මේ දේවල් මෙහෙම වෙන්න කලින් මට ඕනි වුනා වගේ නිදහසක් මට දුන්න නම් සමහර විට මෙහෙම නොවී තියෙන්න තිබ්බා අම්මේ.. ඒත් දැන් වෙන්න ඕනි සේරම දේවල් සිද්ධ වෙලා තියෙද්දි ඔයාලා මට නිදහසක් දුන්නා කියලා මං මොනවා කරන්නද, මට ඒ දේවල්වලටවත් ආසාවක් නැත්තම්.. හිත හැමදේටම පස්ස ගහනව නම්, මං කොහොමද මට නොදැනෙන දේවල් කරන්නේ.. දැන් ඇති.. මට ඇති.. මට යන්න ඕනි.. මට දැනෙන මේ බෑ කියන හැඟීමෙන් මිදෙන්න ඕනි.. සමා වෙන්න මාව ආපහු දකින්න හම්බෙන් නැති වෙයි අම්මේ.. ආපහු ඔයාට ලොකු පුතේ කියලා කතා කරන්න කෙනෙක් නැති වේවි.. සමාව ඉල්ලනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ.. මං හැමදේම අතෑරලා ඉවරයි..

ලොකු පුතා තේම්..

කඳුළු දෙක තුනක් මගේ ඇස් කොන් තෙමා ගෙන බිමට වැටෙද්දි මහ මුහුද දිහා බලන් හිටපු මං ඒ දිහාවට අඩි තිබ්බා..

ටක්.... ටක්.... ටක්....

*************************

පළවෙනි කොටස ඉවරායි.. ඔයාලට මොකද හිතෙන්නේ කියලා කියන්නකෝ..

මෙහෙමයි.. මං හිතනවා ඔයාලට තේම් ගැන තේරෙනවා ඇති කියලා..

තේම් කියන්නේ ජීවිතේ ගැන කලකිරිලා ඉන්න කෙනෙක්.. එයා නිහඬ..ඕවර්තින්ක්..තනියම ඉන්න කැමති කෙනෙක්.. ඉතින් පවුලෙන් ලැබෙන පෙශර් එක එයාට දරා ගන්න බෑ.. ස්ට්‍රික් පේරන්ස්ලනේ ඉන්නේ.. දැනටමත් එයාට ඒකෙන් බලපෑමක් ඇති වෙලා තියෙන්නේ.. ඒකයි එයාට හැමදේම ගැන නෙගනිව් පැත්ත විතරක් පේන්නේ..

ඊළඟ එකෙන් බලමු එයා මුහුදට පැන්නද නැද්ද කියලා..

පළවෙනි එකෙන් ම හැරිලා යන්න එපා හොඳේ.. ඊළඟ කොටසෙන් තේම්ගේ පැටියා එනවනේ.. එයාවත් බලලම යන්න..

කතාව කියවපු හැමෝටම ගොඩක් ස්තූතියි 😘

SIAN.. 🖤

Contents
Contents