Chapter 23: 22•

තේව් (TAEKOOK)Words: 38625

"අපි මේ ගමන යන්නම ඕනෙද සුදු මහත්තයා?"

"ඔව් අපි යනවා..ආයේ ඒ ගැන ඇහුවොත් මගේ පැටියා නිකම් බොරුවට හිත රිද්දගන්න එක විතරයි වෙන්නේ..ඒ නිසා මං එක පාර දෙයක් කියනවා නම් ඒ කියන්නේ ඒ දේ කොහොමත් මං කරනවා කියන එක තමයි..තේරුනාද?"

"හුම් ඒත් කොහොමද මං කවදාවත් නැතුව ඉංග්‍රීසි ඉගෙන ගන්න හිත හදාගන්නේ අප්පා..මට නම් තේරෙන්නේ නැහැ..කමක් නෑ සුදු මහත්තයට කිව්වට වැඩක් නෑ කියලා මං දන්නවා.."

"අන්න ඒක නම් තේරුම් ගත්ත එක වටිනවා.."

"යැයි යැයි තමයි රෙද්ද.."

ඔච්චර තමයි මේ උන්දැගෙන් මට බලාපොරොත්තු වෙන්න පුළුවන්,එයාට ඕනේ මාව ඉංග්‍රීසි මහත්තයෙක් කරන්නද..නෑ නෑ එහෙම නෑ..සුදු මහත්තයා කියන්නේ ගෙදරට වෙලා නිකම් ඉන්නවට වඩා මේ වගේ දේවල් ඉගෙන ගන්න එක දවසක තමන්ට වටිනාකමක් දෙනවා කියලනේ..ඉතිම් මං ආයෙම එයාට මේක කරන්න බෑ කියලා අදි මදි කරන්න ගියෙත් නැත්තේ මට ටික වෙලාවක් ගියාම එයා කිව්ව දේවල් යන්තමින් හරි තේරුන නිසා..

"ක්ලාස් එකේ ලෙක්චර්ව මං අඳුනන නිසා සුදූට බය වෙන්න දෙයක් නෑ හරිද.."

"ම්ම් හරි සුදු මහත්තයා.."

"දැන් අපි යන්නේ එයාව හම්බෙලා එයා එක්ක ඔයා ගැන කතා කරන්න විතරයි.."

"ඒක හොඳයි සුදු මහත්තයා.."

"ඒ කියන්නේ මගේ චුට්ටට පුළුවන් අද මගෙත් එක්ක රවුමක් දාන්න යන්න.."

"ඇත්තමද.."

"ම්ම් සතුටුද.."

"නැතුව ඉතිම්..මං සතුටින් ඉන්නේ ඔයා එක්ක ඉන්නකොට කියලා ඔයා දන්නෙම නැතුවද දැන් ඔය අහන්නේ.."

මේ මිනිහා ඒකවත් දන්නේ නැද්ද..කමක් නෑ..ආදරේ අන්ධයි කියලා කියමනක් තියෙන්නේ බොරුවට නෙමෙයිනේ..එයා දැනගන්න ඕනේ නෑ..මං දන්නවානේ මං සතුටින් ඉන්නේ එයා එක්ක ඉන්න වෙලාවට විතරයි කියලා..ඒ ඇති..හුම්..

කොහොමින් කොහොම හරි අපි දෙන්නා ලෑස්ති වෙලා අපාර්ට්මන්ට් එකෙන් එලියට ආවා..දැන් ඉතිම් සුදු මහත්තයාගේ කාර් එක තියා බයිසිකලේවත් නෑනේ අපිට කොහිවත් යන්න..ඒකත් කමක් නෑ එක අතකට..බස් එකේ,කෝච්චියේ යන ගමනත් හෙන සුන්දරයි..මට ඒක හොඳටම දැනුනේ ඊයේ..කාර්‍යබහුල ජීවිත ගෙවන මිනිස්සු රෑ,දවල් නොබලා අර විදිහට බස් වල එල්ලීගෙන යනවා දැක්කම ටික ටික මේ කාර්‍යබහුල ජීවිතේට අපිත් දවසින් දවස අඩිය තියනවා නේද කියලා මට මතක් වෙනවා..මොනවා කරන්නද අපිට ලැබුනු මේ කෙටි ජීවිතේ හැම විදිහටම හුරු වෙන්න ඕනේ..ඒකයි ඇත්ත..

අපි දෙන්නා ලිලියන් ඇවනියු එක දිගේ ඇවිදගෙන ඇවිත් 255 බස් නැවතුම ළඟට කිට්ටු උනා..අපිට එතනට එන්න විනාඩි දහයක්වත් ගියේ නෑ..උදේ වරුව නිසා බස් එකේ නොසෑහෙන්න ඉඩ තිබුන එක මට සැහැල්ලුවක් වගේ දැනුනා..අනේ මන්දා අර ඊයේ වගේ සෙනඟ පිරුණු බස් දැක්කම මගේ ඔලුවත් එක්කම බර වෙනවා..ඒත් මේ වගේ මිනිස්සු එකා දෙන්නා විතරක් ඉන්නකොට ඉබේම මනසට සැහැල්ලුවක් දැනෙනවා..මට විතරක් තියෙන ලෙඩක්ද දන්නෙත් නෑ ඒක නම්..

මං බස් එකට නැගලා බස් එකේ මැදට වෙන්න තියෙන සීට් එකක ජනේලේ අයිනේ ඉඳ ගත්තා..සුදු මහත්තයා මගේ එහා පැත්තෙන් ඉඳ ගෙන මගේ ඔලුව පිටිපස්සෙන් තියෙන සීට් එකේ යකඩ බටේ අල්ලගත්තා..මං ඉතිම් මේක ස්ටාර්ට් කරනකල් ජනේලෙන් එලිය බලාගෙන ඉඳියා..

"සුදු මහත්තයා.."

"ම්ම් චුට්ටා?"

"අපි දැන් කොහාටද යන්නේ මේ.."

"කිව්වට දන්නවද මේ මහත්තයා?"

යකෝ..හරි මගුලක් නේ..දන්නවා හෝ නැතා මට අයිතියක් තියෙනවානේ යන ගමන කොහෙටද යන්නේ කියලා අහලා දැනගන්න..මෙයා විතරයි ඔක්කොම දන්නේ..අපි මුකුත් දන්නේ නෑ..මං බූරුවෙක් කියලද දන්නෑ හිතාගෙන ඉන්නේ..හහ්..මං බූරුවා නම් සුදු මහත්තයෝ ඔයා තමයි ශ්‍රේක්..මොකද අපි දෙන්නා හොඳම යාලුවෝ වගේනේ..ආහ් නෑ එහෙමයි කියලා හිතාගෙන ඉන්නවා..

"දන්නේ නැති උනත් මට කියන්නකෝ කොහෙද යන්නේ කියලා..ඇයි අප්පා ඒක මට තියෙන අයිතිවාසිකමක් ඔයා නොදන්නවා උනාට.."

"අඩේ..මරුනේ..මෙන්න මෙයා පුරවැසි අධ්‍යාපනය ගැන මගෙත් එක්ක කතා කරනවා.."

"මොකක් කිව්වා.."

"අප්පේ මහලොකුවට අයිතිවාසිකම් ගැන කතා කරන්න එනවා,ඒත් ඒ විශය ගැන දන්නේ නෑ..හරිම අගෙයි සුදූ.."

"අනේ මේ..ඔයා ආයෙම මාව විහිලුවකට ගත්තද සුදු මහත්තයා?"

"නෑ නෑ කවුද කියන්නේ.."

"කවුරුත් කියන්න ඕනෙ නෑ,එන්නෙපා ඔයා මගෙත් එක්ක කියවන්න.."

ඇත්තනේ හැම වෙලේම මට වචනයක් වැරදෙනකල් බලන් ඉඳලා විහිලු කරන්නමයි හදන්නේ..මම ජෝකර් කෙනෙක්දැයි මගුල..මගේ ඉතිම් මල පන්නන වැඩ කරන්නේ වෙන කවුරුත් නෙමෙයි මේ මනුස්සයා..මං කොච්චර අහිංසක කොල්ලෙක්ද? ඒ අහිංසක මලක් වගේ ඉන්න මාව තරහ ගස්සන්නෙත් කවුද? මේ මෝඩ සුදු මහත්තයා..එහෙම තරහ ගැස්සුවම මොකද වෙන්නේ? මලක් වගේ ඉන්න මාව ගලක් වගේ වෙනවා..ආහ් නැද්ද කියන්නකෝ..මේ සමාජේ හරිම කෲරයි...

"සුදූ.."

"....."

"සුදූ.."

"....."

"අයියෝ චුට්ටා !! කතා කරන්නකෝ අනේ.."

"....."

"කතා කරන්නෙම නැද්ද?"

"නෑ..."

"අනේ දළඳා හාමුදුරුවනේ !! ඇති යන්තම් එයා කතා කලා..ඔබ වහන්සේට ස්තූතියි.."

"පිස්සුද නැත්තන් හැටිද?"

"ඒ දෙකෙන් මොකක්ද දන්නවද?"

"මොකක් උනත් මට මොකද?"

"මගේ හුරතල් සීනි මුරුක්කුව!! කෝ මේ බලනවකෝ ඕයි මගේ දිහා පොඩ්ඩක්..ඔච්චර ලොකු සීන් දාන්නේ නැතුව.."

ඕකනේ කරන්න බැරි..මෙහෙම කතා කරද්දී මට පොඩ්ඩ ඇත්නම් දුක හිතෙනවානේ..මොනවා උනත් මට ආදරේ කරන එකම කෙනා එයානේ..ඒක වෙන්නැති මට එහෙම දැනෙන්නේ..දැන් නම් ලොකු සීන් දාන එක ටිකක් අඩු කලා නම් හරි කියලා හිතෙනවා..නැත්තන් බස් එක දෙවනත් කලොත් එහෙම මටනේ දුවන්න පාර මදි වෙන්නේ..අනේ තේව් උබ,උබේ සුදු මහත්තයා ගැන එහෙමද හිතාගෙන ඉන්නේ..නෑ ඉතිම් ඕවා කියන්න බෑනේ මේ මනුස්සයට තරහ ගියාම හැසිරෙන විදිය දන්නේ එයාම නිසා..

"ඒ කියන්නේ ඔය කට ඇරලා වචනයක් මගෙත් එක්ක කතා කරන්න බෑ?"

හරිනේ පුතේ අමාරුව හොඳ වීගෙන එනවා නේද දැන්..සුදු මහත්තයට තරහ යන්න ඔන්න මෙන්න වගේ මගේ දිහා බලාගෙන ඉන්නේ..දැන්ම ඔය කට ඇරලා එයා එක්ක කතා කරපන් තේව්..පව් අප්පා ඒ පාර ඇස් හීනි කරගෙන දුකින් වගේ මගේ දිහා බලාගෙන ඉන්නවා..මං හොර ඇහෙන් එයා දිහා බලාගෙන ඉන්නවා කියන එක එයාට පේනවද දන්නෙත් නෑ..ඒත් ඉතිම් මගේ කලු ඉංගිරියාව යන්නෙම එයාගේ පැත්තට උනුකොට මං මොනවා කරන්නද..

"හොඳයි !! ඔය විදිහටම ඉන්නවා.."

"අනේ හරි හරි..මේ අහන්නකෝ.."

පොඩි එකාව හුරතල් කරන්න තිබ්බා ගෙදර හිටියනම්,කොහෙද මේ බස් එකේ ඕවා කරන්න බෑනේ..දන්නවානේ මිනිස්සු බලන වපර ඇහැ..අනික මේ කොළඹ දිහා නිසා මෙහේ ඉන්න මිනිස්සුන්ගේ ගතිගුණ මොන වගේද කියලවත් මං හරියට දන්නේ නෑ..ඒකත් දැනගන්න පුළුවන් වෙයි සමහරවිට ඉස්සරහට..ඔව් අපි හුඟ කාලයක් මෙහේ ඉන්න නිසා මට මිනිස්සු අඳුරගන්න පුළුවන් වෙයි එක එක වර්ගේ..මං ඉබේම කල්පනාවකට වැටුනේ අපි දෙන්නා බොරු රණ්ඩුවක එල්ලිලා හිටියද කියන එකත් අමතක කරලා දාලා..

"මොනවද කල්පනා කරන්නේ සුදූ..මං බලාගෙන හිටියේ මෙච්චර වෙලා ඔයාගේ මූඩ් එක වෙනස් වෙන විදිය..මොකක් හරි ප්‍රශ්නයක්ද ම්ම්?"

"ආහ් නෑ සුදු මහත්තයා..එහෙම එකක් නෑ.."

මං සුදු මහත්තයගේ කනට ලං කරලා හෙමීට කෙඳිරුවා..ඒ එක්කම බස් එක නතර කරපු හෝල්ට් එකෙන් පොඩි හාමුදුරු නමක් බස් එකට ගොඩ උනා..මගේ දෑස් ඉබේම ඒ දිහාවට ගියේ ඒ පින් පාට රූපේ දැක්කම නොසන්සුන් වෙලා තිබ්බ හිතත් එක පාරම නිවෙන්න ගත්තු නිසා..ඉස්සරහම තිබ්බ සීට් එකේ ඉඳගෙන හිටිය පිරිමි මනුස්සයා පුංචි හාමුදුරුවෝ දැකලා නැගිටලා සීට් එක දුන්නත් හාමුදුරුවෝ ඒක අදි මදි කරනවා මං දැක්කා..ඒත් අර පිරිමි කෙනා අතින් සීට් එක පෙන්නලා හාමුදුරුවෝ එපා කිව්වා උනත් බලෙන්ම ඈදි ගන්න කියලා කියද්දී හාමුදුරුවෝ එයාට ප්‍රියමනාප හිනාවකින් සංග්‍රහ කරලා තෙරුවන් සරණයි කියලා මුමුණලා එතනින් අසුන් ගත්තා..

"හරිම පුංචියි නේද එයා?"

සුදු මහත්තයා මගෙන් ඇහුවම මං ඔව් කියන්න ඔලුව වැනුවා..ඇත්තටම හරිම හුරු බුහුටියි..වචනයේ පරිසමාප්තයෙන්ම හිත නිවන රූප කියන්නේ ඒවට..අපි පන්සල්,පල්ලි,කෝවිල් යන්නේ ඇයි? තමන් අදහන ආගම අනුව කොහේ ගියත් ප්‍රශ්නයක් නෑ..ඒත් අපි බෞද්ධ ආගමිකයන් විදිහට පන්සල් යනවා..ගිහින් තුනුරුවන් වඳිනවා..පෝය දවසක් ගත්තොත් කොච්චර කාර්‍යබහුල උනත් සමහරු මඟ නොහැර සිල් රකිනවා..බණ අහනවා..තව කොච්චර දේවල් තියනවද පන්සලකට ගිහින් කරන චාරිත්‍ර,වාරිත්‍ර..ඒක මෙහෙමයි අරමයි කියලා බෙදන්න බෑ ඇත්තටම..ඉතිම් මට කියන්න තියෙන්නේ ඒ හැමදේකින්ම වෙන්නේ අපේ නොහික්මුණ හිත හික්මවන එක නෙමෙයිද? එහෙ මෙහෙ දුවන අපේ හිත එක තැනක මොහොතකට හරි නතර කරන එක නෙමෙයිද? ආස කරන දේවල් වලට ඇලිලා ගැලිලා යන අපේ හිත ඒ දේවල් වලින් මුදවන එක නෙමෙයිද? ඉතිම් මේ පුංචි හාමුදුරුවන්ව දැක්කහම මට වගේම බස් එකට ගොඩ වෙලා ඉන්න අනිත් මිනිස්සුන්ගෙත් හිත මොහොතකට හරි නිවෙන්න ඇති..ඒකත් හරිම පුදුමාකාර දෙයක් නේද..

"ඔව් අනේ..බලන්නකෝ හරිම හුරුබුහුටියි එයා.."

"ම්ම් ඒක තමයි..සුදූ අපි දැන් බහින්න ඕනේ.."

"අර මගේ ඉංග්‍රීසි පන්තිය තියෙනවා කිව්වේ මෙහෙද සුදු මහත්තයා?"

"ඔව්..ඔයා ඇහුවානේ ඔයාගේ ක්ලාස් එක කොහෙද තියෙන්නේ කියලා..තියෙන්නේ මෙන්න මේ කැම්පස් එකේ.."

අපි දෙන්නා කලර් ලයිට් එකට කිට්ටුවෙන් තියෙන බස් හෝල්ට් එකෙන් බැහැලා ඒ බිම් කණ්ඩිය දිගේ ඉස්සරහට ආවා..ඒ එනකොට සුදු මහත්තයා කිව්ව කැම්පස් එකේ නම ලොකුවට ඉංග්‍රීසියෙන්ම අලු පාටට හුරු බිත්තියේ ගහලා තිබුනා..

"යු..යුනි..වර්.."

"UNIVERSITY OF MORATUWA චුට්ටා..අපි මේ ඉන්නේ මොරටුව කැම්පස් එකේ මේන් ගේට් එක ඉස්සරහ.."

"ආහ්..ආහ් ඒක තමයි මොරටුව..කොහෙද ඔයා මට ඒක කියවන්න දුන්නේ නෑ,හරි නරකයි.."

"හරි කොහොම හරි දෙන්නගෙන් එක් කෙනෙක් නම කියෙව්වනේ..ඒ ඇති.."

"චුට්ටා අපිට ඔතනින් යන්න බෑ..මං මෙතනට එක්ක ආවේ කැම්පස් එකේ නම ඔයාට පෙන්නන්න.."

"එහෙනම් කොහෙන්ද සුදු මහත්තයා ඇතුලට යන්නේ.."

"අර අතන ගේට්ටුවෙන්..එන්නකෝ යන්.."

සුදු මහත්තයා මාවත් එක් කරගෙන අර කිව්ව ගේට්ටුව ගාවට ගියා..සෙකියුරිටි එකෙන් දෙන්නෙක් එතන හිටගෙන හිටියා මං ඈත තියා දැක්කා..එතනින් මට වඩා වැඩිමල් කියන්න පුළුවන් ළමයි සැරෙන් සැරේ කැම්පස් එක ඇතුලට ඇවිදගෙන යනවා..එයාලා එක්ක බලද්දී මං හුඟක් පොඩියි වගේ මට දැනුනා..

"අයි ඩී එක ඔය ළමයගේ?"

සුදු මහත්තයගෙන් එක පාරම එතන හිටපු සෙකියුරිටි පිරිමි කෙනා ඇහුවා..

"ස්ටුඩන්ට් නෙමෙයි..මං ආවේ ඉන්ග්ලිශ් කෝස් එකේ පේමන්ට් එක කරලා යන්න.."

"ආහ් මහත්තයා අර පැත්තෙන් දකුණට හැරිලා දිගටම යන්න..එතන තියෙන බිල්ඩින්ග් එකේ තමයි කෝස් එකේ ලමයින්ව බඳවගන්න එක කරන්නේ.."

"ආහ් ඕකේ..තැන්ක්‍යූ.."

"චුට්ටා යමු.."

එයා කිව්ව විදිහට අපි ඒ විශාල බිල්ඩිම ඇතුලට ඇවිදගෙන ගියා..මට මේ වෙලේ දැනුනේ කුතුහලයක් වගේම අමුතුම බයක් එක්ක මුසු උන ලැජ්ජාවක්..මොකද සුදු මහත්තයා අඳුරන කෙනෙක්ලුනේ මට මේ ඉංග්‍රීසි උගන්නන්නේ..ඒක තමයි මට මෙහෙම දැනෙන්නේ..

බ්ල්ඩිම ඇතුලට ආපු අපි දෙන්නා මූණට මූණ බලාගත්තේ එයා මොන තට්ටුවේ ඉන්නවද කියලා දන්නේ නැති නිසා..ඒ එක්කම සුදු මහත්තයා මාවත් අයිනට කරලා කැම්පස් ළමයි කියලා කියන්න පුළුවන් පිරිමි ළමයි දෙන්නෙක් කවුලුව ගාව ඉන්නවා දැකලා එතනට ඇවිදගෙන ගියා..

"එක්ස්කියුස් මී.."

"ඔහ් කියන්න.."

"මට දැනගන්න පුළුවන්ද මිස්ටර් ශෙනාල් ඉන්න ෆ්ලෝර් එක මොකක්ද කියලා.."

"ආහ් ශෙනාල් සර්!! එයා ඉන්නේ තර්ඩ් ෆ්ලෝර් එකේ කෙලවරේම.."

ඒ පිරිමි ළමයගෙන් ඔය කිව්ව මනුස්සයා ඉන්න තැන අහගෙන සුදු මහත්තයා මගෙත් එක්ක ලිෆ්ට් එක ගාවට කිට්ටු උනා..

~

"සුදු මහත්තයා ඒ සර් නම් හරිම හොඳ පාටයි නේද.."

"ඔව් එයා හරිම කරුණාවන්ත මිනිහෙක්..මං එයාව දන්නේ ඒ කාලේ ඉඳලමයි..එයත් අපි වගේ තමයි සුදූ,ගම් වල හැදුන වැඩුන අයනේ.."

"එහෙමද..එහෙනම් කොච්චර හොඳද..ගමේ මිනිහා හිත හොඳ එකා කියන්නේ නිකම් නෙමෙයිනේ සුදු මහත්තයා.."

අපි කැම්පස් එකේ රෙජිස්ට්‍රේශන් වැඩ ටික කරලා එලියට ඇවිත් පැය කාලක් විතර වෙනවා..දැන් මේ අපි දෙන්නා බස් එකට ආයෙම නගින්නෙත් නැතුව මහ පාර දිගේ හෙමින් හෙමින් ඇවිදිනවා..සුදු මහත්තයා කිව්වනේ දෙන්නටම අද රවුමක් දාන්න පුළුවන් කියලා..

"සුදු මහත්තයා !! එතකොට හැම ඉරිදම එන්න ඕනෙද?"

මං ඇහුවම එයා කලේ හයියෙන් හිනා උන එක..

"මොකද අනේ.."

"එන්න ඕනෙද අහන්නේ..අනිවාර්යයෙන් එන්න එපැයි.."

"හුම් එහෙමද?"

"මොකූ මේ මූණ නොක්කන් කරන්..මෙහේ එනවකෝ අපි කීල්ස් එකක් ළඟ ඉන්නේ..මොකද කියන්නේ ගිහින් බලමුද.."

"හා යමුකෝ එහෙනම්.."

මහ පාර මේක උනාට මේ පාර තියෙන්නේ පල්ලම් බහින ස්වරූපෙට..අන්න ඒ කිව්ව පල්ලම බැහැගෙන ආපු අපි දෙන්නට ඈත තියාම කොළ පාටට දිස් උනත් මං ඒ කඩේ නමවත් දැනගෙන ඉදියේ නෑ..නම දැනගත්තෙත් සුදු මහත්තයා දැන් කිව්වට පස්සේ..බලන් ගියාම තේව් උබ මොනවද බන් දන්නේ..ඔව් උබ මුකුත්ම දන්නේ නෑ..මං මටම දොස් පවර පවර කීල්ස් එක ඇතුලට ආවා..

"අම්මෝ සීතල.."

මට ඉබේ කියවුනාම සුදු මහත්තයා ආයෙමත් නෝන්ඩියට වගේ හිනා උනා..බලන්නකෝ අප්පා කින්ඩියට වගේ හිනා වෙන ලස්සන..හරියට මං නිකම් යාපනේ ඉඳලා ඉබේම ඒ/සී එකක් යටට ඇවිල්ලද කියලා අහනවා වගේ තමයි එයා ඒ හිනාව දැම්මේ..සැක්..

මං එයාටත් ගස්සගෙන මේකේ ඇතුලේ තියෙන දේවල් වලට ඇස් යොමාගෙන ඉස්සරහට ආවා..මේ නපුරා මගේ පස්සෙන්ම අඩිය තිය තිය එනවා වගෙත් මට දැනෙනවා..දැනෙනවා නෙමෙයි යකෝ ඇත්තටම එනවා...කමක් නෑ ආපු දැන්..මට මොකෝ..

"මොනවද ඕනේ සුදූ..?"

"මුකුත් එපා සුදු මහත්තයා.."

"අයිස් ක්‍රීම්?"

"හා.."

"ඒ වගේ දේවල් නම් හා නේද..හ්ම් හ්ම් කියන්නකෝ ෆ්ලේවර් එක මොකක්ද සුදූගේ.."

"චොකොලෙට්.."

"අනේව් හුරතලේ මගේ.."

"සුදු මහත්තයා එපා අනේ..මේ මිනිස්සු ඉන්නවා.."

"මිනිස්සු හිටියට අපිට මොකෝ..මං අල්ලන්නේ මගේ වස්තුවනේ.."

සුදු මහත්තයා මගේ කම්මුල ලාවට මිරිකලා හිනා උනාම මගේ කම්මුල් වලට ලේ පිරෙන්න ගත්තද මන්දා..

අන්තිමට සුදු මහත්තයා ගෙදරට ඕනි කරන බඩු ටිකක් තෝරලා අර කරත්තයක් වගේ මොකක්ද මන්දා එකක් තියෙන්නේ බඩු දාන,අන්න ඒකට ඔක්කොම ටික දාලා ඉවර වෙලා කැශියර් ඉන්න ගැහැණු ළමයා ගාවට තල්ලු කරගෙන අරන් ආවා..බඩු ටික බෑග්ස් වලට දාලා දුන්නම ඒ සේරම සුදු මහත්තයා අතට අරගෙන මගෙත් එක්කම කීල්ස් එකෙන් එලියට ආවා..

"අයිස් ක්‍රීම් දෙක ගන්න එලියට..තව පොඩ්ඩෙන් අමතක වෙනවා"

සුදු මහත්තයා මතක් කලාම මං මගේ චොකලට් අයිස් ක්‍රීම් එක අරගෙන සුදු මහත්තයගේ ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එක අතට දුන්නා..එයා ආසම ඒ රසට කියන්නේ..මල විකාර! අන්න අර පුංචි බබාලා නම් ස්ට්‍රෝබෙරි ගෙඩි පිටින් කනවා..මෙයත් හරියට ඒ පුංචි බබෙක් ගානයි වෙලාවකට..ඒකනේ මං ආදරේ..නපුරු උනත් ආදරෙයි,තව ඕනිවට වඩා මගේ ඉස්සරහ විතරක් පුංචි එකෙක් වෙද්දී මං ඊටත් වඩා ආදරෙයි..

"මොකද සුදු මහත්තයා ඔහොම බලන්නේ.."

"ආහ් අද නම් චුට්ටා ඔයාව හපලා ඉවරයක් කරනවා ගෙදර ගියාම.."

මොකක්ද යකෝ ඒ හතර බීරි කතාව..මං මොනා කලාටද මේ දොඩන්නේ..

"ඇයි අනේ.."

"ඔය බලනවකෝ,කට වටේම ගාගෙන.."

හයියෝ..තේව් ගම කාගෙන වගේ ඒ පාර..

"අයිස්ක්‍රීම් කද්දි ඉතිම් එහෙම තමයි.."

"අයිස්ක්‍රීම් කනකොට කට වගේ ගාගන්න සිරිතක් තියේද සුදූ.."

"අනේ මේ.."

"කෝ එනවා මෙහෙට ඕක පිහලා දාන්න..නැත්තන් මිනිස්සු බලයි වැදගත් මනුස්සයෙක් එක්ක ඉන්න මේ ළදරුවා කවුද කියලා.."

"සුදු මහත්තයා !!! "

"අම්මෝ සමාවෙන්න..අනේ ආයේ කියන්නේ නෑ..මට ඉබේ කියවුනේ චූටි..කෝ අපි ඉක්මන් කරලා යන්..පරක්කු වෙනවා ගෙදර යන්න.."

සුදු මහත්තයා ආයෙම මගේ රතු කට්ට පන්නලා මගේ අතින් ඇදගෙන කීල්ස් එකත් පහු කරගෙන එන්න ආවේ බස් හෝල්ට් එකට..ආයෙම අපි බස් එකක් එනකල් ඉඳලා අපාර්ට්මන්ට් එකට එද්දී හවස දෙකට විතර කිට්ටු වෙලා තිබුනා..ඒ ඇවිත් සුදු මහත්තයට එයාගේ වැඩක් කරගන්න දීලා හවස හතර විතරට ලං උනාම මං වත්තේ මල් ගස් ටික නඩත්තු කරන වැඩේ හරි ආසාවෙන් කරන්න පටන් ගත්තා..මේකත් එක්තරා විදියක අපේ මනස සැහැල්ලු කරන දෙයක්..මං හරි ආසාවෙන් මේක කරන්නේ..දැන් ඉතිම් හැමදාම මගේ ආදරණීය මල් ගස් ටික බලාගන්න වැඩේ මං මොන වැඩක් තිබුනත් කරනවා කියලා හිතින් හිතාගෙන පයිප්පෙට හෝස් බටේ ගහලා බටේ කෙලවර අල්ලගෙන මල් ගස් ටිකට ඇල්ලුවා..ඒ වැඩෙත් හෙමින් හෙමින් ඉවර කරලා දාලා මං ආයෙම කුස්සියට ආවේ එමින් ගමන් කීල්ස් එකෙන් අරගෙන ආපු බඩු ටික භාජන වලට අසුරලා ෆ්‍රිජ් එකට දාන්න ඕනෙ ටික වෙනම දාලා ඒ ටික අඩුක් කරන්න..

"කෝපි එකක්.."

සුදු මහත්තයා ඇවිත් මගේ උරහිසින් මූණ තියාගෙන කෙඳිරි ගාන්න ගත්තා..

"ඔයා ඉල්ලන්න කලින් මං කොහොමත් හදලා දෙන්න හිතාගෙන හිටියේ.."

"කෝ එහෙනම් හදන්නකෝ.."

"ම්ම් හදන්නම්.."

සුදු මහත්තයා සද්දයක් බද්දයක් නොකරම මං වතුර එක ගෑස් එකේ තියන දිහා බලාගෙන ඉඳලා ආයෙම කෙඳිරි ගාන්න පටන් ගත්තා..

"මොකෝ සුදු මහත්තයා.."

"උම්මා එකක් !"

"මං මේ කෝපි හදනවා අනේ.."

"තාම වතුර රත් වෙන්න හිතලවත් නෑ බබා.."

"...."

සුදු මහත්තයා මගේ උරහිසේ නිකට තියාගෙනම මගේ බෙල්ල පිටිපස්ස තොල් වලින් තද කරන්න පටන් ගත්තා..එයාගේ රැවුල මගේ බෙල්ලේ ගෑවෙද්දී මාව කිති කැවෙන්න ගත්තා..එයා දිගින් දිගටම මගේ බෙල්ල දිගේ තොල් අරගෙන එද්දී මගේ ඇස් ඉබේම පියවුනා..

"සුදූ.."

"ම්ම්?"

"මං ආදරෙයි.."

එයා එහෙම කියලා මාව එයාගේ පැත්ත හරවගත්තා..

පැහැදිලිවම නහර කැපී පේන ඒ අත් මගේ බඳ දෙපසට යද්දී එයා මගේ තොල් වලට බර උනා..ආයෙමත් කලින් විදිහට මගේ ඇස් පියවිලා යද්දී එයා හාදුවේ ගැඹුරටම යන ගමන් මාවත් ඒ අනන්තයක් නොපෙනන ගැඹුරට එක් කරගෙන ගියා..මොහොතකට මට හැමදේම අමතක වෙලා යද්දී මට මේ මොහොතේ දැනුන එකම කෙනා සුදු මහත්තයා විතරක්ම උනා..එයා කලාතුරකින් "මං ආදරෙයි" කියලා කියද්දී මගේ හිත සතුටටම විතරක් බර වෙන්න පටන් ගත්තා..එයා එහෙම ඉඳලා ඉඳලා ඒ වචනේ කියලා ආදරයෙන් මාව වැළඳ ගන්න මොහොත තමයි මං මගේ ජීවිතේ ආසම දේ..මාව සතුටින් තියන එකම කෙනා එයා වෙද්දී එයාගෙත් එකම සතුට මං කියලා එයා කලාතුරකින් මට හඟවද්දී මට තවත් මොනවද ඕනේ? මට මුකුත්ම ඕනි නෑ..ඒක තමයි ඇත්ත..

"ඔයා කෝපි එක හදනකල් මං මෙහෙම ඉන්නද?"

"ඕක අහන්නත් දෙයක්ද සුදු මහත්තයා.."

එයා ආයෙම මගේ උරහිසින් මූණ හොවාගෙන කෝපි එක හදනකල් බලාගෙන ඉදියා..අන්තිමේදී මං උණුවෙන්ම කෝපි එක හදලා එයාගෙ අතට දුන්නම ඒ මූණේ හරි ලස්සන,ආඩම්බර හිනාවක් ඇදුනා..

"බොහොම ස්තූතියි.."

සුදු මහත්තයා මගේ කම්මුලකින් හාදුවක් තවරලා මගේ කර වටේ අතක් යවලා මාවත් එක් කරගෙන කවිච්චිය උඩට ආවා..

"ටීවී?"

"ම්ම්.."

"මොනවද බලන්න ආස චුට්ටා.."

"මං ටීවි බලලා නෑනේ සුදු මහත්තයා.."

"ඒක තමයි..වෙනසකටත් එක්ක අපි අද බලමු එහෙනම්..මොකද කියන්නේ..හොඳයි නේ.."

"හා..මොකක්ද දැන් බලන්නේ එතකොට.."

"ෆිල්ම් එකක් බලමුද?"

"ම්ම් හා.."

මං හා කිව්වම එයා හිනා වෙලා බලන්න ෆිල්ම් එකක් තෝරගෙන ඒක ප්ලේ වෙන්න දැම්මා..බිත්ති ඔරලෝසුවේ කටු හෙමින් හෙමින් කැරකෙන සද්දේ ඇහෙද්දී,මං ඒ දිහා බලනකොට පැය දෙකක්ම ගෙවිලා ගිහින් තිබුනා..ඇත්තටම අද මං හුඟක් සතුටින් හිටිය දවසක්..මං ආදරේම කෙනා එක්ක එලියේ ඇවිදලා,එයා එක්ක අයිස්ක්‍රීම් එකක් කාලා,හවස් වරුව මල් ගස් එක්ක කාලේ ගත කරලා,බඩු අස් කරලා, සුදු මහත්තය එක්ක උනුම උනු කෝපි බිබී ලස්සන ෆිල්ම් එකක් බලලා මේ විදිහට දවස ඉවර වෙලා යද්දී මගේ හිතට පුදුම තරම් සැනසීමයි,පුදුම තරම් සතුටුයි..මට හිතුනේ එච්චරයි!

Aney Thiss!🥺💋

අහන්නකෝ පැටව්,තේව් 10K වෙලානේ..❤️ඉතිම් කතාව එක්ක මුල ඉඳලම ඉන්න ඔයාලා හැමෝටම මං හෙන ආදරෙයි!

යෝ හැපී හැපී මේ කෙල්ලට අද💃:)