Chapter 24: 23•

තේව් (TAEKOOK)Words: 31531

ඊයේ මහ රෑ පටන් ගත්තු වැස්සේ අඩුවක් නම් මේ හිමිදිරියේවත් පේනමානෙක තිබුනේ නෑ..පුදුම වැස්සක්නේ අම්මපා..ඒත් ඉතිම් මං කවදාවත් මගේ වැහි දෙයියොන්ට නම් බැනලා නෑ වගේම බනින්නෙත් නෑ..මොකද මගේ හිත සතුටින් තියන දේවල් අතරේ මෙයා ඉන්නේ උඩින්ම නිසා..මං කිව්වේ සුදු මහත්තයට පස්සේ..ඒක එහෙම වෙද්දී සීතල අවුත් මුලු ඇඟම වෙලා ගනිද්දී මං උන්නේ ගැහි ගැහි..ගැහෙන එක අහන්නත් දෙයක්ද මේ මිනිහාට සුනාමියක් ආවත් මෙන්න මේ සීතල මැසිම නැතුව බෑනේ..මං මේ තවම ඇස් ඇරියා විතරයි..ඇත්තම කිව්වොත් මං තවමත් ඇඳ උඩ.. බ්ලැන්කට් එක අස්සේ ගුලි වෙලා තමයි මං කාමරේ තියෙන ලොකු ජනෙල් වලින් අනෝරා වැස්ස දිහා බලාගෙන ඉන්නේ..විසාල ජනෙල් දොරටු තුන දිගේ පේලියට,සීරුවෙන් තරමක් විසාල වැහි බිඳු එක් රිද්මයකට ගලාගෙන යනවා..මගේ ඇස් දෙකත් ඒ මනරම් දර්ශනය හමුවේ නතර වෙලා තියෙනවා කියලා මට දැනුනා..

"සුදු මහත්තයා..!!"

මං හෙමින් එයාගේ කන ළඟ කෙඳිරුවා..ඒත් එයා ඇස් අරින පාටක් නම් කොහෙත්ම පේන්න තිබුනේ නෑ..

"ආහ්..සුදු මහත්තයා..!!"

මං ටිකක් සද්දේ වැඩි කරලා කිව්වේ දැන්වත් හැරිලා මගේ දිහා බලාවිද බලන්න උනත් මේ මනුස්සයාට නෙමෙයි මං කතා කරපු එක කනකටවත් ඇහුනේ..පුදුම නින්දක්නේ අප්පා..

"සුදු මහත්තයා නැගිටිනවකෝ හලෝ..මෙන්න මේ සීතල මැසිම නවත්තනවකෝ..මට සීතයි.."

මං සුදු මහත්තයගේ අතින් හොලවලා මේ මඟුල නවත්තන්න පොඩි ට්‍රයි එකක් දීලා බැලුවා..

"ම්ම්..සුදූ.."

"අනේ ඉතිම් දෙයියන්ට සිය වාරයක් ස්තූතියි.."

"ඇයි සුදූ එහෙම කියන්නේ.."

සුදු මහත්තයා මගේ දිහාවට ඇරිලා බෙඩ් සීට් තවත් අතින් හරි ගස්සලා මාව එයා ගාවට ඇඳලා අරගෙන තුරුල් කරගත්තා..එයාගේ අත් පුදුම තරම් දරදඬුයි..විශේශයෙන් මෙහෙම මාව ලං කරගෙන දාගන්න තොන්ඩුව තමයි හුඟක්ම දරදඬු..මට දැනෙන්නේ එහෙම..

"ඇයි එහෙම කියන්නේ? අනේ මාව ගැහෙනවා මනුස්සයෝ..දෙයියන්ගේ නාමෙට ඔය මඟුල නවත්තලා දාන්නකෝ.."

"මොන මඟුලක්ද බබා..තේරෙන්න කියන්නකෝ අනේ කියන දෙයක්.."

"අනේ මුකුත් නෑ..ඔයා නිදාගන්න..මං යනවා සාලෙට.."

ඇයි සුදු මහත්තයා ඔයා ඔහොම? මාව තරහා ගස්සන්නම බලන්නේ..ඇත්තමයි ඔයා එක්ක එන කේන්තිය මෙච්චරයි කියලා මට මේ වෙලාවේ නම් වචනෙන් කියන්න බෑ..ඒ තරම් මට තරහයි..පොඩි ලමයෙක්ට උනත් සාමාන්‍යයෙන් දෙයක් එක පාරින් තේරුම් ගන්න පුළුවන්නේ..ඒත් මේ නාකි මනමාලයාට කූබි ... තරම්වත් මොලේ නැද්ද මං අහන්නේ..මං යනවා සාලෙට..සීතල මැසිම් එක යට ඉඳලා ඕනි තරමක් නිදාගෙන ඇහැරුනාට පස්සේ මට කතා කරයිනේ..බලපන්කෝ ගනන් ගනීද කියලා මං..ආන් එවෙලෙට බලාගතහැකි තේව් කියන්නේ කවුද කියලා මගේ රත්තරන් සුදු මහත්තයෝ..

"චුට්ටා කොහිද යන්නේ අනේ..මෙන්න මේ ඉන්නවා..මඟුලෙද යන්නේ.."

"මඟුලේ තමයි,ඇයි ඔයාටත් එන්න ඕනද.."

"මෙන්න මේ කට පියාගෙන ටිකක් වෙලා මෙහෙම ඉන්නයි කිව්වේ මාව තුරුල් කරගෙන.."

යකාගේ වැඩක්නේ..මට බෑ..මං ඉන්නේ නෑ..මං කියන දෙයක් පොඩ්ඩක් කනකට ගන්නේ නෑ..ඒත් මං එයා කියන දේවල් කරන්න..යකාගේ නීති තමයි මේවා..පිස්සු හැදෙයි කිව්වලු..මං තව මෙතන ඉඳියොත් ගෙදර දොරේ වැඩ පල ටික කරන්න වෙන්නෙත් එයාටම තමයි මං ලෙඩ උනහම..ඒත් ඉතිම් අන්තිමේට දුකින් උනත් කියන්න තියෙන්නේ මේ මනුස්සයා කොහිද ගෙදර දොරේ වැඩ කරන්න දන්නේ කියලා තමයි..අච්චර අර විසාල බංගලාවේ මැණිකේගේ උදව්වට උන්නෙත් කමලා නැන්දයි,මායි විතරයිනේ..මේ මනුස්සයා පැත්ත පලාතක ආවදැයි අපි කුස්සියේ ඉන්නකොට..දන්නේ මෙච්චරයිනේ "අනේ අම්මා තේ එකක්.." "චුට්ටා කන්න මුකුත් නැද්ද?" "මොකක්ද අනේ කරන්නේ මට බඩගිනියි.." ඕන් ඔච්චරයි මෙතුමා දන්නේ..ශෝක් නේද?

"තුරුල් කරගෙන ඉන්නවා මම..සුදු මහත්තයා මට යන්න ඕනේ සාලෙට..මේ මැසිම නවත්තනකල් මං මේ පැත්ත පලාතේ එන්නේ නෑ...එච්චරයි කතාව.."

මං මූණ නොක්කන් කරගෙන අහක බලාගෙනම කියලා දැම්මා..

"ආහ් එහෙමද ඔයා..යන්නකෝ එහෙනම්..ගිහින් ඔයාගේ වැඩක් කරගෙන ඉන්නකෝ..යන්න යන්න.."

අනේ බුදු පුතේ මේ මොකක්ද මේ උනේ..කෝපය ඉස් මුදුනටම ගහලද මන්දා..කමක් නෑ හරි නම් මටයි කෝපය ඉස් මුදුන්ගත වෙන්නෝන..ආහ් නැද්ද? වැරදි වැඩේ කරෙත් එයා,අන්තිමට කට කියවන්නෙත් එයා..එනවා මෙතන..

"යනවා තමයි..එලවන්න ඕන නෑ ඔයා..හුම්"

ඇත්තම කිව්වොත් සීතල බව ඇත්ත,ඒත් මට ඊටත් වඩා කරන්න වැඩ ඉතුරු වෙලා තියෙනවා එහෙම්මම..ඊයේ රෑ කාපු බීපු භාජන සේරම හෝදලා දාන්න හැදුවට සුදු මහත්තයා වැස්ස හේතුවක් කරගෙන වතුරේ නටන්න එපා ඕක හෙට කරගන්න කියලා මාව පැත්තකට කරානේ..දැන් ඉතිම් ඒ වැඩෙත් එක්ක තව පුංචි පුංචි වැඩ කිහිපයක් තියෙනවා මට ඉවර කරලා දාන්න..කරන්න වැඩක් නැති උනත් වැඩ හොයාගෙන ඒවා කරන එක මං හිතන්නේ මගේ පුරුද්දක් වෙලා..ඉතිම් මොකද..අන්න ඒවා තමයි හොඳ පුරුදු..මගෙන් උනත් ඔයාලට ගන්න තියෙන ආදර්ශ..එහෙම නෙමෙයිද..හුම්..

මං සින්ක් එක මඳින දුබුරු පාට බ්‍රශ් එකට මොනවද මන්දන්නෑ උස බෝතලයක තිබුන කොල පාට උකු දියරේ පොඩ්ඩක් හලාගෙන වෙනම පුංචි බඳුනකට වතුර එකක් පුරෝගෙන ඒකටත් අර කොල පාට එක දාලා පොඩ්ඩක් වෙනම හදාගත්තා..එතකොට ලේසිනේ..කොහොම හරි ඉඳුල් භාජන එකින් එක මැඳලා හෝදන්න ගත්තට මට කවදාවත් වෙලා නැති විදිහට එක දෙයක් අමතක වෙලා තිබුනා..මොන සිහියෙන්ද තේව් උබ ඉන්නේ..දත් මඳින්නේ නැතුව කිසි වැඩකට අත ගහන්නේ නෑ නේද වෙනදට..අනේ දෙයියනේ හොඳ වෙලාවට දැන් හරි මතක් උනේ..සුදු මහත්තයා ආවොත් මට කොහොමත් විහිලු කරනවා දත් මැඳලා නෑ,එව් ගඳ ගගා..ඊට වඩා හොඳයි මගේ ආත්ම ගෞරවයත් ආරස්සා කරගෙන,එයාගේ ආතම ගෞරවයත් රැකලා මේක ඉවර කරලා දාලා නාන කාමරයට රිංගන එක..

වැහි බර වලාකුළු තවමත් අහසේ රැඳිලා තිබුනට දැන් නම් වෙලාව 9 ට කිට්ටු කරලා බිත්ති ඔරලෝසුවේ කටු නැවතිලා තිබුනා..සුදු මහත්තයා නැගිටිනකොට වෙලාව 8 විතර ඇති..කමක් නෑ අද වහින නිසා පොඩ්ඩක් නිදාගත්තට කමක් නෑ කියලයි මං පොඩි සමාවක් හිත යටින් දීලා තිබුනේ..දැන් එයා ඉන්නේ නාන කාමරේ..උදෙන්ම නාගන්න ඕනයි කිව්වේ..මං වතුර ටිකක් රත් කරලා දෙන්නද ඇහුවමත් එපා මෙහෙම හොඳයි කියාගෙනම මගෙ මූණවත් නොබලනේ ඕක අස්සට රිංගුවේ..කොහොම උනත් එයා සීතලේ ඉන්නවා මට බලාගෙන ඉන්න බෑ..ලෙඩ වෙනවට මං කොහෙත්ම ආස නෑ..මං දැන් මේ කරන්ට් එකෙන් වැඩ කරන කේතලේ තියෙන වතුර ටික නටනකල් බලාගෙන ඉන්නේ එයාට උණුවෙන්ම කෝපි එකක් හදලා තියන්න,ඕක අස්සෙන් එලියට ආපු ගමන් බොන්න පුළුවන්නේ එතකොට..

එයාගේ කෝපි එක වෙනම වහලා තියලා මං මගේ වැඩ සේරම ඉවර කරගෙන ඉඳිය නිසා මගේ කෝපි එකත් අතට අරගෙන මං ඉස්තෝප්පුව දිහාවට ඇවිදගෙන ගියා..ඒ ගියේ සුදු මහත්තයා මට දවසක් ලුමිනෙක්ස් පොත් සාප්පුවෙන් අරගෙන දීපු "ලොවීනා" කියලා ගහලා තිබුන පොතත් අරගෙන..සුදු මහත්තයා ඒ පොත අතට අරගෙන කිව්වේ අපි දැන් ඉන්න මවුන්ට් ලැවීනියා වලම ජීවත් උනු රොඩී කුලේ කෙල්ලෙක් උනු ලොවීනාගේ කතාව මේ පොත ඇතුලේ තියෙන්නේ කියලා..සුදු මහත්තයා කිව්ව විදිහට මෙහෙට මේ නම වැටිලත් තියෙන්නේ එයාගේ නමෙන්ම කොටසකින් කියන එක මටත් දැන් දැනෙනවා..මං පලවෙනි කෝපි උගුර තොල ගාගෙන ඒ සිත් ඇඳගන්නා සුලු ලොවීනා පොතේ කවරය දිහා බලාගෙන උන්නා..හෙමිහිට පොතේ පලවෙනි පිටුව දෙසට දෑස් යොමු කරපු මං කතාව කියවන්න පටන් ගත්තා..

පොත අස්සේ දැනටමත් කාවැදිලා හිටිය මං ගැස්සිලා ගියේ සුදු මහත්තයා ඇවිත් මගේ පිටිපස්සෙන් හිටගෙන ඔලුවත් නමාගෙන කොන්ඩේ තියෙන වතුර බිංදු මගේ ඇඟට ගැසුව නිසා..ඕකනේ කියන්නේ මට මගේ පාඩුවේ ඉන්න දෙන්නෙම නෑ කියලා..කමක් නෑ ඕන මඟුලක් නටපු දැන් කියලා මං ආයෙමත් පොත කියවන්න පටන් ගත්තා..ගනන් ගත්තම තමයි තව වැඩි..කේන්ති යනවනේ අප්පා..අයිස් වතුර වගේ වතුර නාගෙන ඇවිල්ලා ඒවගෙන්ම ඇඟට ගසනකොට..

"මොකද ඔයා කතා කරන්නේ නැත්තේ චුට්ටා..පොඩ්ඩක් හැරෙනවකෝ පිටිපස්ස..ඔය හුරතල් බෝල මූණ ටිකක් බලන්න,රතු වෙලා පුපුරු ගහනවත් ඇති සමහරවිට මයේ හිතේ..."

....කියන්නේ නෑ ඉතිම්..... මං හිතින්ම කියලා දැම්මා..

"ආහ් කෝපි එක බොන්න..කවුන්ටරේ උඩ වහලා ඇති..."

"මට ඕන නෑ කෝපි..මං යනවා ඇඳුමක් දාගන්න.."

"හරි ඕන එකක්.."

"ඔයාව මං පස්සේ වෙලාවක අල්ලගන්නම්.."

සුදු මහත්තයා අන්තිමට කිව්ව එක කිව්වේ මට ඇහෙන නොඈහෙන ගානට උනත් මට ඒක හොඳටම ඇහුනා..බලමුකෝ මාව පස්සේ වෙලාවක අල්ලගන්නේ කොහොමද කියලා..

කොහොම හරි වෙලාවත් ටිකින් ටික ගෙවිලා යනවා කියලා තේරුනේ මං පොතේ පිටු සෑහෙන්න ප්‍රමාණයකට කිට්ටු කරලා කියවලා ඉවර කරලා තිබුන නිසා..මං ඉස්තෝප්පුවෙන් නැගිටලා කෙලින්ම ගියේ කවුන්ටරේ දිහාවට..හරිනේ,හිතුවා වගේම..කෝපි එක ඔය උඩින් ගිහින් තියෙන්නේ..හොරෙන්ම ඇවිත් බීලා ගිහින් නේද..කාටද සුදු මහත්තයා ඔයා බොරු කරන්නේ..කෝපි කියන්නේ එයාගේ ආසම දේ..ඉතිම් මං කොහොමත් දන්නවා කොයි වෙලේ හරි ඇවිත් බොනවා කියලා..ඒකනේ මං කෝපි ඕන්නෑ කිව්වම වැඩිය කනට නොගත්තේ..අනේ අනේ සුදු මහත්තයෝ..

"ආහ් ආවද..මොකද දන්නෑ මාව මතක් වෙලා,පොත කියවලා ඉවරද..දැන් මෙතනට ආවේ.."

"ඔව්නේ කියවලා ඉවරයි.."

"ඒක තමයි..මට පේනවා.."

"ඒක තමයි,මටත් පේනවා..කොහොම උනත් කෝපි එකත් හොරෙක් ඇවිත් එක උගුරට හලාගෙන ගිහින්..මරු වැඩේ..බොනිකර තරුනේ කරන්නේ ඉඳගෙන.."

මං අන්තිම වචන දෙක තුන හීන් සීරුවේ හෙමිහිට කියලා දැම්මා..ඇහෙනවා නම් ඇහුනදැන්...මට මොකෝ..ඇහෙන්න තමයි කිව්වේ..

"චුට්ටා!!! කට නම් බොහොම වැඩියි..ඉන්නවකෝ මං අම්මටත් කියන්න.."

"මටත් තියෙනවා කියන්න මැණිකෙට ඕනි තරම් දේවල්.."

"ආහ් එහෙමද..කියන්නකෝ සුදූ ඔයා..මොනාද වෙන්නේ බලන්න එතකොට..ම්ම්.."

"කියනෝ තමයි..හුම්.."

"මෙන්න මෙහෙට එනවා..මගේ පණ ටික..අහන්නකෝ චුට්ටා..ටිකකට කලින් මං පවන් එක්ක බිස්නස් ගැන කතා කර කර හිටියා.."

සුදු මහත්තයා මාව එයාගේ උකුල උඩින් ඉන්දවගත්තා..

"ඉතිම් එයා මොකද කියන්නේ.."

"ම්ම්..තව පුංචි දවස් ටිකයි ඔයා එක්ක මේ විදිහට මට දවසම ඉන්න පුළුවන් රත්තරන්.."

සුදු මහත්තයා ඒක කිව්වේ හුස්ම අපහසුවෙන් පිට කරන අතරේ..

"සුදු මහත්තයා මෙහෙට ආවේ ඒ දේවල් කරගන්න..ඉතිම් ඒ දේවල් ගැන සුභ විදිහට හිතන්න.."

"ඔව් ඒත් මං කියන්නේ එහෙම නෙමෙයි.."

"එහෙනම් මොකක්ද සුදු මහත්තයා.."

"මට ඔයා ළඟ නැති තප්පරෙත් සෑහෙන දැනේවි..කොළඹ යන එක සෑහෙන වෙලාව නාස්ති වෙන දෙයක් චුට්ටා..ඒත් ඉතිම් අනිවාර්යයෙන් යන්න ඕන නේ.."

"හ්ම්ම් දැන් ඒ ගැන නොහිතා ඉන්න..තව දවස් තියෙනවානේ.."

"හරි.."

සුදු මහත්තයා මගේ උරහිසින් ඔලුව බර කරගෙන ටිකක් වෙලා ඒ විදිහටම හිටියා..

~

හවස හය වෙන්න තව විනාඩි පහක් තිබුනා..මං අපේ වත්තෙන් පිච්ච මල් ටිකක් වට්ටියකට කඩාගෙන ඇවිත් බුදු පිළිමය තැන්පත් කරලා තිබුන සුදුපැහැ කණුව මත පැත්තකින් තියලා අතින් හරි ගැස්සුවා..පැන් වීදුරුවක් පිළිගන්වලා,අන්තිමේදී පහන පත්තු කරලා හඳුන්කූරු දෙකක් වැලි පිරුණු බඳුන උඩින් ගහලා බුදුන් වැන්දා..මං හරිම ආසාවෙන් කරන එක දෙයක් තමයි මේ..කවදාවත් මඟ නොහැර කරන එකම දේ වගේම මඟ හරින්න දෙන්නෙත් නැති එකම දේ මේක කියලා මං හිතනවා..

මං බුදුන් වැඳලා කාමරේට එනකොට සුදු මහත්තයා ලැප් එකේ මොකක් හරි වැඩක් කරනවා..ඉතිම් මං එයාට කරදර නොකර රෑට කන්න දෙයක් හදන්න ඕනේ නිසා කුස්සිය පැත්තට ආවා..

....මොනවද අද හදන්නේ...

මං මගේ හිතත් එක්ක සටනක නිරත වෙලා හිටියේ..ඇත්තටම මෙන්න මේ ප්‍රශ්නෙදී නම් මං සෑහෙන්න අසරණ වෙනවා..කන්න මොනවද හදන්නේ කියලා හිතාගන්න බැරුව..එක එක දේවල් ඔලුවට එනවනේ,ඒකනේ ප්‍රශ්නේ..අරක හැදුවොත් හොඳයි..මේක හැඳුවොත් හොඳයි කියලා හිත කිව්වට මං අද හදන්නේ පිට්ටු..පිට්ටු බම්බුවක් හදලා ඒකම සුදු මහත්තයගේ කටේ එබුවොත් සමහරවිට මගෙත් එක්ක කට ගහගෙන එක නතර වෙයි..

මේ වෙද්දී අපි දෙන්නම රෑට කාලා ඉවර වෙලා එයා සුපුරුදු විදිහට මගෙත් එක්ක අදත් ෆිල්ම් එකක් බැලුවා..ඇත්තම කිව්වොත් මේ වෙලාවට අපි දෙන්නගේ වටේ පැතිරිලා තිබුනේ අඳුරත් එක්ක මුසු උනු ෆෙයරි ලයිට් වැල් කිහිපයේ කහ පැහැති එලිය විතරයි..මේ නිහඬ බව මගේ හද ගැස්මේ රිද්මය වරින් වර උස් පහත් කරන්න සමත් වෙලා තිබුනා..මම ටීවී තිරය දිහාවට දෑස් යොමාගෙන හිටියත් සුදු මහත්තයගේ දෑස් තිබුනේ මගේ දිහාවට හැරිලා කියලා මට දැනුනා..කලින් වතාවලදී වගේම මට දැනුනේ එයා ඉදිරියේදී පුදුමාකාර ලැජ්ජාවක්, ඒ වගේම යටපත් උනු බයක්..එහෙම දැනෙන්නේ එයා මට වඩා හිතින් වගේම ගතින් හුඟාක් දරදඬු මනුස්සයෙක් නිසා කියලා මං දන්නවා..මට දැනෙනවා..මේ මොහොතෙත් මට දැනුන එකම දේ එයා වෙනුවෙන් තිබුන ඒ යටහත් ලැජ්ජාව විතරයි..මට එයා දිහා හැරිලා බලන්න උවමනා උනත් මට එහෙම බලන්න මේ වෙලාවේ කිසිම ශක්තියක් තිබුනේ නෑ..

සුදු මහත්තයා පිටුපසින් මගේ කරට අත දාගෙන ඉද්දී හෙමින් මගේ ඇඟට බර වෙනවා වගේ දැනුනා..

"චුට්ටා..."

"ම්ම් සුදු මහත්තයා.."

"ඇයි සද්දයක්වත් නැත්තේ.."

"....."

"හරි ඉන්නකෝ ෆිල්ම් එක බැලුවා ඇති.."

එයා සෝෆා එකෙන් බැහැලා කාමරය පැත්තට ඇවිද්දා..මගේ පපුව තවමත් අර විදිහට ගැහෙන එකේ නම් අඩුවක් වෙලා තිබුනේ නෑ කියලා මට දැනුනා..ඒ එක්කම සුදු මහත්තයා එයාගේ ගිටාර් එක අතේ තියාගෙන එනවා මං ඇහැ කෙලවරින් දැක්කේ චායාවක් වගේ උනත් එයා ඇත්තටම ගිටාර් එක අරගෙන ඇවිත් මගේ එහා පැත්තෙන් ඈඳි ගත්තා..

"සුදු මහත්තයා..."

"ම්ම්..ඉන්නකෝ මං ඉන්නවනේ..ඔයාට තනියක් දැනෙන්න කොයිම වෙලාවකවත් මං ඉඩ දෙන්නෑ..එච්චරයි.."

ඒහෙම කියපු එයා ගිටාර් එක දිහාවට ඇඟිලි ගෙනිච්චා..

මල්‌ වියන්‌ අතුරා..

ආදරෙන්‌ ඔබ එන මග මා සරසන්නම්‌

කීවෙමි  එදා..

සෙනෙහේ  සිතින්‌..

නෑ හදේ තරහා..

සිතන්නෙමි ඔබෙ සිනහව අමතක ලන්නේ නම්

කෙසේ කියා.. සැමදා මෙසේ..

සැලුනා ඉඳුරන්‌ මගේ..

තවමත්‌ මතකයි ඒ සිහිනේ..

අඩමානේ යෞවනයේ ‍රැවටීලා

අදරින්‌ අඳ වීලා උන්නෙමි..

මල්‌ වියන්‌ අතුරා..

ආඩම්බරෙන්‌ ඔබ එන වග මා පවසන්නම්‌

කී වදන්‌ මෙදා..

බොඳ වී ගිහින්‌..

වචාවන්‌ නෑ සොමින්‌ ඔබ හා..

ගෙවු දවස්‌ මතකෙට නැගෙනා හැම මොහොතකදී.

හදේ සඟවා.. ගෙන ඉන්නෙම්‌

සැලුනා ඉඳුරන්‌ මගේ..

තවමත්‌ මතකයි ඒ සිහිනේ..

අඩමානේ යෞවනයේ රැවටීලා

අදරින්‌ අඳ වීලා උන්නෙමී..

හැර යන්නෑ මා කිසිදා

අප මැවු දිවි ගෙවු කනා..

සුන්දර මතකයන්‌ පවා

සැමදා රැඳී තියෙයි මා හා..

සැලුනා ඉඳුරන්‌ මගේ..

තවමත්‌ මතකයි ඒ සිහිනේ..

අඩමානේ යෞවනයේ රැවටීලා

අදරින්‌ අඳ වීලා උන්නෙමි..

සැලුනා ඉඳුරන්‌ මගේ..

තවමත්‌ මතකයි ඒ සිහිනේ..

අඩමානේ යෞවනයේ රැවටීලා

අදරින්‌ අඳ විලා..

අදරින්‌ අඳ වීලා උන්නෙමී.....

ඒ ඇස් වල තරු කැට වගේ කඳුලු බොඳ වෙලා දිලිසෙනවා මං දැක්කා..ගිටාර් එක සෝෆා එකට බර කරපු සුදු මහත්තයා මගේ අතින් ඇඳලා අරගෙන එයාගේ පපුවට තුරුල් කරගෙන මගේ හිස මතින් එයාගේ නිකට තියාගෙන වේගෙන් හුස්ම ගන්න පටන් ගත්තා..මං සුදු මහත්තයගේ පිට හෙමින් හෙමින් එක දිගට උඩට පහලට අත ගාලා එයාව සන්සුන් කරන්න උත්සාහ කලා..

"මොකද මගේ මහත්තයෝ.."

"මුකුත් නෑ චුට්ටා.."

එයා මගේ කොන්ඩේ අතරින් ඇඟිලි යවලා හෙමින් අත ගෑවා..

"එහෙනම් මට හාද්දක් ඕනේ.."

"එකක් ඇතිද.."

"නෑ ගොඩක් ඕනේ.."

සුදු මහත්තයා මාව කිති කවලා මාව හාදු වලින් නාවලා මගේ උකුල උඩින් ඔලුව තියාගෙන සෝෆා එකේ දිගා උනා..මං සුදු මහත්තයට නින්ද යනකල් හෙමින් සැරේ කොන්ඩේ අත ගාන්න ගත්තා..අපිට නොදැනිම වෙලාව ගත වෙලා යද්දී මාත් එතනම ඇස් පියාගත්තත් මට නම් අද නින්ද යන එකක් නෑ කියලා දැනුනා..සුදු මහත්තයගේ ඒ ගැඹුරු හඬ තවමත් මගේ කන් වල වගේම මගේ හිතෙත් දෝංකාර දෙනවා..ඒ සිංදුව එයාගේ හඬින් අහපු පලවෙනි වතාව මේක..ඒකයි හුඟාක්ම විශේෂ වගේම ලස්සනම දේ..

🤎🍂

අදහස් කියාගෙන යන්න කාලෙකින් නිසා..

කතාව ලියාගෙන යන්න ඔයාලගේ එක කමෙන්ට් එකක් උනත් මට සෑහෙන්න වටිනවා කෙල්ලනේ..❤