Chapter 5: 04•

තේව් (TAEKOOK)Words: 24242

"අ-අර නපුරු ම්-නිස්සු..."කොල්ලගේ වචන ගොත ගැහෙන්න ගත්තා...."බය වෙන්න එපා හරිද? කවුරුත් එන්නේ නෑ..."මෙවාන් බය වෙලා ඉන්න තේව් ව පුළුවන් තරම් සන්සුන් කලා..."ආයෙ කවුරුත් එන්නෙ නෑ,කෝ ඔය ඇඳුම් සේරම තෙතයි..ටිකක් ඉන්න"මෙවාන් ඇඳ උඩින් නැගිටලා සුවිශාල කාමරයේ පොත් මේසෙට එහායින් තිබුන ලී අල්මාරිය ළඟට කිට්ටු උනා.."ලොකුද මන්දා,මොනා කරන්නද මගේ ළඟ වෙන ඇඳුම් නෑ"මෙවාන් තමාටම මුමුණමින් අල්මාරියෙන් ඇඳලා ගත්තේ තමන්ගේ කලු පැහැති කමිසයක් එක්ක කොට කලිසමක්..

පුංචි අසරණයා බෝල ඇස් දෙකත් විශාල කරගෙන මෙවාන් කරන වැඩේ දිහා බලාගෙන හිටියා.."කමලා වතුර එකක් රත් කරලා ඇති,වොශ් එකක් දාගෙන ඔය ඇඳුම් මාරු කරගන්න"මෙවාන් කොල්ලට ඇඳුම් ටික දික් කරලා කාමරයෙන් එලියට යද්දී කොල්ලා ඇඳුම් දිහා බලලා වේගෙන් ඇස් පිල්ලම් ගැහුවා...කිසි දෙයක් තේරුම් ගන්න බැරි උන කොල්ලා ඇඳුම් ටික පැත්තකින් තියලා දොර අඬවල් කරගෙන එලියට යන මෙවාන් දිහා බලාගෙන උන්නා...

විනාඩි විස්සකට විතර පස්සේ කමලා පුංචි මහත්තයාගේ කාමරයට ආවේ නටපු උණු වතුර ටික නාන කාමරයේ තිබුණු සුදු පැහැති බේසමට දාලා වැඩිය උණුත් නැති නිවිලත් නැති තරමට වතුර එක හරි ගස්සලා.."කොල්ලෝ දැන් යන්න,නැත්තම් වතුර එක නිමෙයි"කමලා මඳක් උස් හඬින් කියද්දී පුංචි කොල්ලා ඉහලට පහලට ඔලුව වැනුවා..

"එන්න,මං පෙන්නනම් නාන කාමරය තියෙන තැන..."කමලා කතා කරද්දී තේව් ඇඳුම් ටිකත් අතට අරගෙන කමලාගේ පිටුපසින් ඇවිද යන්නට උනා.."ම්-මේ කොහෙද කියලා මට කියන්න පුළුවන්ද ඔයාට?"තේව් හීනි ස්වරයකින් කමලාගෙන් අහද්දී කමලා පිටුපස හැරිලා තේව් එක්ක ලස්සනට හිනා උනා..

"ඔයා දැන් නම් ඉන්නේ ජයසූරිය උන්නැහේගේ බංගලාවේ තමයි"කමලා හිනා වෙද්දී පුංචි තේව්ගේ හිතේ තව ප්‍රශ්නයක් ඉතුරු උනා.."කොහෙද ඒක තියෙන්නේ?"තේව්ගේ හඬ කමලාට ඇහුනෙත් හරි හිමිහිට.."නුවරඑළියේ දරුවෝ"කමලා උත්තර දෙනවත් එක්කම බෝල ඇස් තවත් බෝල වෙන්න මහ ලොකු වෙලාවක් ගියේ නෑ..

"ම්-මොකක්?"තේව්ට හිතාගන්න බැරි උනා..තේව්ගේ හිතේ යම් තිගැස්මක් උඩු දුවන්නට වූයේ නන්නාඳුනන තැනක,නන්නාඳුනන මිනිස්සු විතරක් ඉන්නා නිසා.."මොකක්ද උනේ ළමයෝ? ඇයි මේ බය වෙලා වගේ?"කමලා තේව් ළඟට ඇවිදන් ආවේ තේව්ගේ සුදුමැලි උනු මූණ දැකලා..

"න්-නෑ..ම්-මෙතනින්ද යන්න ඕනේ නැන්දේ?"තේව් නාන කාමරය දිහාවට ඇඟිල්ලක් දිගු කලා.."ඔව් පරිස්සමට හෝදගෙන එන්න,මං තුවාය ගෙනත් තියන්නම්"කමලා හරිම කරුණාවන්ත ගැහැණු කෙනෙක්..ගම් වල හැදුනු,දුකට හුරු උනු ගැහැණුනේ...ඉතිම් එහෙම නොවුනා නම් තමයි පුදුමේ..

~

"ඔයා ලෑස්ති වෙලා ඉවරද? මට ඇතුළට එන්න පුළුවන්ද?"ගැඹුරු හඬ එක් වරම ඇහෙද්දී කොල්ලා ගැස්සුනා.."හේයි!!ඔයාට ඇහෙනවද?"නැවතත් හඬ ඇසෙද්දී කොල්ලා උගුර පෑදුවා..ඒත් එක්කම දොර ඇරගෙන ඇතුලට ආවේ කාමරයේ අයිතිකාරයා..

අත් දෙකත් බැඳගෙන මොනවදෝ හංගගෙන ඉන්නවා වගේ ඉරියව්වකින් සිටි තේව් දිහා මෙවාන් උවමනාවෙන් බැලුවා.."ඕහ්..මම හිතුවා හරි,ඒවා ගොඩක් ලොකුයි නේද?"මෙවාන් දුන්න කමිසය පොඩි කොල්ලට ගොඩාක් ලොකුයි..තේව් විතරක් නෙමෙයි තේව්ගේ සයිස් තව කොල්ලෙක්ව ඒ කමිසය අස්සට ඔබන්න පුළුවන්...

"දැනට ඕක ඇඳගෙන ඉන්න,මගේ ඇඳුම් ඇරුණහම බංගලාවේ තියෙන්නේ අප්පච්චිගේ ඇඳුම් තමයි..ඔයාට ඒවා කොහොමත් ගැලපෙන්නේ නෑනේ"මෙවාන්ගේ මුවග සිනහවක් ඇඳුනේ කොල්ලා කමිසය අත් දෙකෙන් වහගෙන ඉන්න දරන උත්සාහය දැකලා..

"ඕක අත් අරින්න...ඔය විදිහට ඔයාට දවසම ඉන්න බෑනේ"මෙවාන් පොත් මේසය මතින් දුරකථනය තියන අතරේ කිව්වා..කොල්ලාගෙන් කිසිම හාවක් හූවක් නෑ,කොල්ලා බංගලාවට අඩිය තිබ්බත් හරි,වචනයක් කතා කලේ කමලා එක්ක විතරයි...

"ඔයාගේ නම?"මෙවාන් මේසේ ළඟ හිටගෙන අහද්දී කොල්ලා වේගෙන් ඇස් පිල්ලම් ගැහුවා..."ත්-තේව්..."කොල්ලා හෙමින් කෙඳිරුවා..

"හරි තේව්!! එහෙනම් මං හිතනවා අපිට ටිකක් කතා කරන්න පුළුවන් කියලා.."මෙවාන් තේව්ට එහායින් ඇඳ මත ඈදි උනා.."ම්-මොකක්ද?"කොල්ලා මිමිණුවා.."මුල ඉඳලා ඒ උන දේවල්...මම කැමතියි දැනගන්න.."

තේව් කියන්නේ කවුද? කොහෙද ඉන්නේ?මොකක්ද උනේ කියලවත් මෙවාන්ට කිසිම අදහසක් තිබුනේ නෑ,ඒත් මෙවාන් එකම එක දෙයක් දන්නවා කොල්ලා කරදරයකින් පැනලා ආපු කෙනෙක් කියලා,ඒත් මෙවාන්ට ඕනි උනා ඒ දේවල් ගැන තේව්ගෙන්ම අහලා දැනගන්න..

FLASHBACK~

"එපා..ඕක කරන්න එපා...මට යන්න දෙන්න.."මම බෙරිහන් දුන්නත් ජේඩ්න් මගේ දිහා බලාගෙන හිටියේ රතු උන ඇස් දෙකකින්..මගේ කකුල් ටික ටික පණ නැති වී ගෙන යන්න ගත්තා..මට මාව දුර්වල වෙනවා කියලා දැනුනා..

එක් වරම වෝල් එකට හේත්තු වෙලා හිටිය මාව ඔහුගේ දරදඬු අත් වලින් ඇඳලා අරගෙන රතු පැහැති රෝස මල් පෙති වලින් සරසලා තිබුන ඇඳ මතට තල්ලු කරා..දැල්වෙන සිගරට් එක උරමින් මගේ දිහා ඔහු බැලුවේ මහ වනාන්තරයක් මැඳ ගොඳුරක් ඩැහැගන්න මාන බලන සිංහයෙක් වගේ..

මගේ වචන තව දුරටත් එලියට එන්න උත්සාහ කලත් ඒවා එලියට එන්නේ නෑ කියලා මට දැනුනා..අනේ මාව මෙතනින් බේරගෙන එක්කන් යන්න කවුරුත් නැද්ද කියලා මට කෑගහලා අහන්න ඕනි උනා..ඒත් මගේ වචන ඒ මොහොතේ අගුලු වැටිලා...අතේ තිබුන සිගරට් එක විසික් කරලා දාලා කට කොනකින් ඔහු හිනා උනා...

"මම ඔයාව මරන්නේ නෑ,ඇයි මේ විදිහට දඟලන්නේ?"ජේඩ්න් මගේ ඇඟ උඩට ඇවිත් මගේ පපුව මතින් ඔලුව තියාගෙන මගේ දිහා ඇස් උස්සලා බැලුවා..ඔහු ගොඩක් බරයි..මට හුස්ම අල්ලගන්න බෑ..ඔහු මගේ ඇඟට තවත් බර උනා..

ඒත් එක්කම මං ඇඳගෙන හිටිය ඇඳුම දිහා කට කොනකින් හිනා වෙන අතරේ ටික වෙලාවක් බලාගෙන හිටියා..එහෙම බලන් ඉඳලා ඒ විගසම මගේ ටී ශර්ට් එක එක් අතකින් ගලවලා ඇඳේ කොනක රැඳෙන විදිහට ඈතට විසි කලා...මං ගොඩක් බය උනා..මගේ පපුව හොඳටෝම ගැහෙන්න ගත්තා..

ඔහු මගේ තොල් වලට බර වෙලා රලු විදිහට ඒවා හැපුවා..මං ඇඳේ බෙඩ් ශීට් එක මිරිකලා අල්ල ගත්තේ මට ඒ වේදනාව දරාගන්න බැරි උනු නිසා..ඔහු දිගටම මගේ තොල් රලු විදිහට හපා කන්න ගත්තා.."දඟලන්න හදන්න එපා,මං කිව්වනේ"ඔහු ඔලුව උස්සලා මගේ දිහා බලාගෙන කියලා මගේ බෙල්ලෙන් පටන් අරගෙන කකුල් වලට යනකල් හැම තැනක්ම රලු විදිහට සිප ගත්තා...සිප ගත්තටත් වඩා ඒ දේවල් ඔහු හැපුවා..ඔහු මගේ ඇඟ තුවාල කලා...

මම දෙවියන්ගෙන් තාමත් උදව් ඉල්ලනවා..මට තවත් කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ,මං මගේ ඇස් තද කරලා පියාගත්තා..පැයක් පමණ ගත වෙලා යන්න ඇති..ඔහු ඔහුගේ ආශාව මගේ ඇඟෙන් උරා ගත්තා..දැනෙන වේදනාවට මගේ කකුල් දෙක පවා සම්පූර්ණයෙන්ම පණ නැති කරලා දාන්න පුළුවන් උනා..

එදා රෑ ඒ විදිහට ගෙවිලා යද්දී ඊළඟ දවස උදා උනත් ඔහු මට ආයෙත් නිමේශ් ළඟට යන්න ඉඩ දුන්නේ නෑ,දවස් තුනක් එක දිගට ඔහු මාව හෝටල් කාමරයේ තියාගෙන ඔහුගේ පිපාසය සිඳ ගත්තා..දවස් තුනක් එක දිගට ඒ දේට මං මුහුණ දුන්නා..මං මැරුණේ නෑ...මං හිතුවේ ඒ පීඩනය දරාගන්න බැරුව මගේ හුස්ම යයි කියලා...ඒත් ඒක එහෙම උනේ නෑ..ඇයි එහෙම උනේ? මැරිලා ගියා නම් මට ආයේ ඔහු එක්ක නිදාගන්න ඕනේ නෑ,මං දෙවියන්ට කිව්වා..

දවස් තුනක් එක දිගට එහෙම ඉඳපු මාව බල්ලෙක් වගේ ආයෙමත් ඔහුගේ මඩමට ගිහින් දැම්මා..මගේ ගැන ලත උනු එක්කෙනයි හිටියේ..ඒ නැන්දා මං ගැන ගොඩක් බය උනා...මොකද එයාටත් මං වගේම ළමයෙක් ඉන්න නිසා..ඒ ගැහැණු කෙනාට ඕනි උනා මාව මොනම හරි දෙයක් කරලා මෙහෙන් යවන්න..

අද උදේ...වෙලාව 11 ට විතර ඇති...නිමේශ්ට කෝල් එකක් ආවා..ඒ කොල් එකෙන් පස්සේ ඔහු තව දුරටත් අපි එක්ක හිටියේ නෑ,ඔහු එතනින් යන්න ගියා..මම නැන්දා එක්ක කතා කරමින් හිටියා...ඇයගේ ඇස් වල පිරිලා තිබුණු කඳුලු මං දැක්කා..මං කියන දේවල් ඇය අමාරුවෙන් අහගෙන හිටියා..ඇය ජේඩ්න්ට සාප කලා..

"පොඩ්ඩක් මෙහෙට ළං වෙන්න"ඇය මාව ඇය ළඟටම කිට්ටු කරගත්තා.."උබ මේක දැන් කලේ නැත්තම් උබට සඳහටම විඳවන්න වෙනවා මගේ රත්තරන් කොල්ලෝ.."ඇය කියන දේ මට පැහැදිලි උනේ නෑ.."ම්-මොනාද නැන්දේ?"මම ඇයගෙන් ඇහුවා.."මෙතනින් පැනලා පලයන්..මම මෙතන තත්වේ බලාගන්නම් ම්ම්.."ඇය මගේ කම්මුල මත හාදුවක් තිබ්බේ අවසාන වතාවට..

FLASHBACK END~

මෙවාන්ගේ මූණ මේ වෙද්දිත් බැරෑරුම් ස්වරූපයක් අරගෙන තිබුනා..පුංචි කොල්ලාගේ ඇස් වලින් නොනවත්වා කඳුලු ගලාගෙන යනවා..අසරණ කොල්ලා හොඳටම ඉකි ගහනවා...මෙච්චර දෙයක් වෙලා තියෙනවා කියලා දැනෙද්දී මෙවාන්ට ආවේ තරහක්..ඒ ඇයි කියලා මෙවාන්ට තේරුනේ නෑ...මේ වගේ දෙයක් කොහොමද මේ පොඩි කොල්ලා දරාගත්තේ කියලා මෙවාන් හිතුවා..

"මං දන්නේ නෑ...මේක කරපු උන් හෙට තවත් කොල්ලෙක්ට ඕක කරන්න ඉඩ තියෙනවා..ඔය සෙල්ලම මෙතනින්ම නතර වෙන්න ඕනේ..."කම්මුල් රතු කරගෙන ඉන්න තේව් දිහා බලාගෙන ඉන්න මෙවාන්ට කියවුනේ එපමණයි...

"පවුලේ කිසිම කෙනෙක් නැතුව ඔයා කොහොමද තේව් ජීවත් උනේ?"මෙවාන් මේ වගේ දුක් විඳපු කිසිම කෙනෙක් දැකලා නැතුව ඇති...ඇත්තටම නැතුව ඇති...

"ඒක ලොකු කතාවක්..."කොල්ලා අමාරුවෙන් හිනා වෙලා සුසුමක් පිට කලා..තවත් දේවල් අහලා කොල්ලගේ හිත රිද්දන්න මෙවාන්‍ට ඕනි උනේ නෑ...මෙවාන් හිතුවා මෙතනින් කොල්ලගෙන් ප්‍රශ්න අහන එක නතර කරලා දාන්න...

"සුදු මහත්තයා!! ඔය දරුවාවත් එක්කන් එන්න මෙහෙට...කෑම හදලා තියෙන්නේ"කුස්සිය පැත්තෙන් ඇහුන සුදු මැණිකාගේ හඬට තේව් ගැස්සිලා ගියා..."ඔය කඳුලු පිහදගෙන මේසෙට එන්න"මෙවාන් ඇඳ උඩින් නැගිට්ටත්,

"මේ දේවල් කාටත් කියන්න එපා!! "තේව්ගේ බෝල ඇස් අඬලම පොඩි වෙලා.."මං කාට කියන්නද? පුළුවන් නම් ඔය දේවල් අමතක කරලා හැම දෙයක්ම අලුතින් පටන් ගන්න බලන්න"මෙවාන් කොන්ඩේ පිටුපසට කරමින් බර හුස්මක් පිට කරලා කාමරයෙන් එලියට ගියා...

"හොඳට කන්න ඕනි ම්ම්,කමලා ඔය පොළොස් හට්ටියෙන් ටිකක් මේ දරුවගේ පිඟානට දාන්න"සුදු මැණිකා ලස්සන හිනාවක් මූණේ සරසගෙන තේව් දිහා බැලුවා.."අනේ මේ ඇඳුම් මෙයාට ලොකුයි,සුදු මහත්තයා?"මෙවාන් බත් එක දිහා බලාගෙන කල්පනා කරනවා,සුදු මැණිකා කතා කරනවා කියලත් මෙවාන්ට ඇහුනේ නෑ..."සුදු මහත්තයා! මොනවද කල්පනා කරන්නේ?"

"ආහ් අම්මා ම්-මොකුත් නෑ"මෙවාන් බත් කටක් කන අතරේ උත්තර දුන්නා.."රසයි..."මෙවාන් හිනා වෙලා සුදු මැණිකා දිහා බැලුවා.."මගේ අත් ගුණේ නිසා තමයි ඉතින්"සුදු මැණිකා තමා ගැනම ආඩම්බරයෙන් කතා කරද්දී මෙවාන් ඔලුව දෙපැත්තට වනලා හිනා වෙන්න ගත්තා..

"පුතේ ඕක අත ගාන්නේ ඇයි?බඩ පිරෙන්න කන්නකෝ"තේව් දිහා බලාගෙන සුදු මැණිකා කියද්දී එක් වරම ඔලුව උස්සලා බලපු මෙවාන් කෑම එක එහෙම්මම ඉතුරු කරගෙන ඉන්න තේව් දිහා බැලුවා.."අම්මා එයාට වෙන මොනවා හරි හදලා දෙමු"මෙවාන් පිඟාන මේසෙ උඩින් තියලා කුස්සියට ගියේ අත හෝදන්න...

"අප්පච්චි කීයටද එන්නේ?"

"තාම කෝල් කලේ නෑ සුදු මහත්තයා"සුදු මැණිකා උත්තර දෙන අතරේ කෑම මේසයේ තිබුන පිඟන් සේරම තට්ටු ගහගත්ත කමලා ඒ ටික කුස්සියට අරන් ගියා.."මම ටිකක් ටවුන් එකට යනවා අම්මා,පොඩි බඩු වගයක් ගන්න තියෙනවා.."දැන් හුඟක් හවස් වෙලා,බංගලා වත්තේ තවමත් වැසි අඳුර තියෙනවා..

"රෑ වෙන්න කලින් ගිහින් එන්න,මාත් දැන් කමලාට උදව් වෙන්න යනවා,ඊයේ පියල් කොලුවට කියලා පොල් ටික කඩාගත්තට මොකද ඒකා ඒවා ලෙලි ගහන්නෙත් නැතුවනේ ගියේ,අන්න කමලා ගියා පොල් ටික ලෙලි ගහන්න...මාත් දැන් ඒ පැත්තට ටිකක් යනවා සුදු මහත්තයා.."

"හරි අම්මා"සුදු මැණිකා කුස්සිය දිහාවට යද්දී කෑම මේසේ ඉඳගෙන ඉන්න තේව් දිහාවට ඇස් ගෙනිච්ච මෙවාන් තේව් ගාවට කිට්ටු උනා.."ඔයා දැන් කාමරයට යන්න,මං පොඩි ගමනක් යනවා..මං එන්න රෑ උනොත් අපේ අම්මා ඔයාට හරිගස්සලා දෙයි කාමරයක්...ඒකට යන්න..තේරුනාද?"මෙවාන් ගැඹුරු හඬින් කියද්දී කොල්ලා ඔලුව වැනුවා...

"ඔලුව වනන්න නෙමෙයි කිව්වේ...මං ඇහුවේ තේරුනාද කියලා?"මෙවාන් ඇහි බැමක් උස් කරද්දී කොල්ලා ඔලුව බිමට බර කරගත්තා.."ඔ-ඔව් තේරුනා...ම්-මං යන්නම්..."කොල්ලා බිම බලාගෙන හෙමින් කියද්දී මෙවාන්ට හිනා ගියා.."ගොඩක් අහිංසකයි!ඒකයි ඔයා ඔච්චර කරදර ගොඩක පැටලුනේ"මෙවාන් හිතින් හිතන අතරේ වාහනයේ යතුර අතට අරගෙන තරප්පු පෙළ බැස්සා..

මෙවාන්😏✨

_________________________________________

laura-bun🍃

අනේ හදිස්සියට ලිව්වේ මේක😹

අදහස් කියන්න!