Chapter 8: 07•

තේව් (TAEKOOK)Words: 28204

"මෙවාන්...!!"දහම්ගේ හඬ ඇහෙද්දී මෙවාන් වගේම තේව්ත් ඒ දිහාවට ඔලුව හැරෙව්වා..."උබ වොශ් දාගෙන ඉවරද?"මෙවාන් දහම් දිහාවට ඇවිදන් යද්දී දහම්ගේ මුහුණේ තිබුනේ තුශ්නිම්භූත බැල්මක්...ඒ එක්කම දහම් තම ඇහි බැම උස් කරමින් තමන් ඉදිරියට පියවර තබන මෙවාන් දිහා බැලුවා...

"මෙවාන්!මෙහෙට වරෙන්..."දහම් මෙවාන්ගේ අතින් ඇඳගෙන මෙවාන්ගේ කාමරය දිහාවට ගියේ ඒ දෙදෙනා දිහා තවමත් බලාගෙන ඉන්න තේව් දෙසට වික්ෂිප්ත බැල්මක් හෙලමින්...කාමරයේ දොර මඳ ශබ්දයක් නඟමින් වහලා දාපු දහම් සයන මත ඈඳිගෙන සිටින තම යාලුවා දෙසට කිට්ටු උනා...

"අඩෝ!! කවුද ඒ?"දහම් අතේ තිබුන සුදු පැහැ තුවාය මෙවාන්ගේ ඇඳුම් රැක් එකේ රැඳෙව්වා...මෙවාන් කෙල පිඬක් ගිලින්නට උත්සහ කරන අතරේ ඒ ප්‍රශ්නයට අදාල පිළිතුර කොතනින් පටන් ගෙන කොහොම ගැට ගහන්නද කියලා හිතා ගන්න බැරුව හිටියා...

"මෙවාන් උබේ කන් ඇහෙන්නෙත් නැද්ද දැන්?"දහම් මෙවාන්ගේ අනෙක් පසින් අසුන් ගත්තා..."මේ ගැන තමයි යකෝ මං උබට කිව්වෙ...කොහෙද පුදනකොටම කාපි යකා කිව්වලුනේ..."මෙවාන් කොන්ඩේ අතින් ඇඳගෙන ඉදිරියට බර වුනා..."මොකක්?"දහම් මෙවාන් දිහා බලාගෙන ඉඳලා සයනෙහි කෙලවරක තිබුන තම දුරකථනය අතින් ඇඳලා අරගත්තා....

"ඔව් යකෝ ඒ කොල්ලා බය වෙන්න ඇති,උබට මම මේ ගැන තව ටිකක් රෑ වෙලා කියන්න හිටියේ,උබ මාව ඇඳගෙන කාමරයට ආවානේ,මට විශ්වාසයි කොල්ලා තාමත් බය වෙලා ඇත්තේ..."මෙවාන් එක දිගට කියවන් යද්දී දුරකථන තිරයෙන් ඇස් අහක් කරගත් දහම් නැවතත් මෙවාන් දිහා බැලුවා...

"මොකක් මොකක්...ආයෙ කියපන් බලන්න ඒ කිව්ව එක?මං උබව කාමරයට එක්කන් ආවා කියලා එයා මොකටද බය වෙන්නේ?"දහම් අහද්දී මෙවාන් ඇස් රෝල් කලා..."බය වෙන්නෙද? යකෝ උබ මාව මේක ඇතුලට එක්කන් ආවේ මස් කරන්න ඇඳගෙන යන ගවයෙක්ව ඇඳගෙන යනවා වගේනේ..."මෙවාන් කියද්දී දහම් මහ හයියෙන් හිනා උනා...

"අනේ මේ,මං කියන්නේ නෑ ගවයා ගැන,ඒක නෙමෙයි...ඒ කවුද බන්?"දහම් උගුර පාදමින් කොන්ඩේ අතින් හැදුවා..."ඒ පිරිමි ළමයෙක්"මෙවාන් කට කොනකින් හිනා උනා..."ඔහ් පිරිමි ළමයෙක් කියලා මාත් දන්නවා,මං ඇහුවේ ඒ කවුද? කොහෙන් ආපු කෙනෙක්ද? ඇයි උබලගේ බංගලාවේ ඒ කොල්ලා ඉන්නේ?"දහම් හිතේ තිබුන ප්‍රශ්න කිහිපයක් එකවර අසාගෙන අසාගෙන යද්දී මෙවාන් ගිල්ල කෙල පිඬ ආයෙමත් උගුර දිගේ ඉහලට එනවා වගේ දැනුනා...

"මූ යකෝ,අහනවා කියලා ඔහොමත් ප්‍රශ්න අහනවද? පොඩ්ඩක් ඉඳපන් අපි නිදහසේ ඒ ගැන කතා කරමු..."මෙවාන් හිනා උනාම දහම් මෙවාන්ව සයන මත පෙරලලා කිති කවන්න ගත්තා..."ආහ් ආහ් යකෝ...ඉන්න දීපන්...."මෙවාන් කෑ ගැහුවත් දහම් එක දිගට අතින් ඒ සෙල්ලමේ නිරත වෙලා හිටියා...

"උ-උබව මම තියන්නේ නෑ"මෙවාන් කොහොම හරි සයන මත දැඟලලා දඟලලා දහම්ව සයන මත පෙරලගෙන දහම්ගේ ඇඟ උඩට ආවා..."ඉඳපන් උබට මම...."මෙවාන් මඳක් හඬ උස් කරලා කියලා අනෙක් අතටම දහම්ව කිති කවන්න ගත්තා..."ම්-මෙවාන්...මම ආදරේටනේ යකෝ එහෙම කලේ...අනේ මට දීපන්...හැබැයි මම කෑ ගහනවා හරිද?! උබ මට අතවර කරනවා කියලා..."දහම් කෑ ගැහුවා...

"ආවා මෙතන මාව කිති කවන්න,ආස ඇති නේද ඔය මහත්තයා ඕවට..."මෙවාන් කට ඇඳ කරමින් කියලා දහම්ව තම ග්‍රහණයෙන් ඉවත් කලා..."ඔව් ඔව් ආසයි,උබ තමයි ඕවට ආස...මේ අහිංසක මට ඔය වගේ කට කැඩිච්ච කතා අහගන්නත් උනානේ..."දහම් හිර වෙලා තිබුන හුස්ම අපහසුවෙන් පිට කරලා සයන මත අසුන් ගත්තා...මේ වෙද්දිත් කාමරය තුල ඇහෙන සද්ද සේරම පුංචි හොර ගල් අහුලන්නෙක්ගේ සවනට වැටිලා තිබුනා...

"ඕයි පොඩ්ඩක් ඉඳපන්...සද්ද කරන්න එපා"දහම් කියද්දී ඇස් හීනි කරගත් මෙවාන් හැරිලා දහම් දිහා බැලුවා..."ම්-මොකද බන්?"මෙවාන් ඇහුවත්,"ශ් ශ්"කටට දබර ඇඟිල්ල තබා ගත් දහම් කෑ ගහන්න එපා කියලා මෙවාන්ට සන් කලා...

ආයෙමත් දහම්ගේ කකුලට තට්ටුවක් දාපු මෙවාන් ඔලුව එහෙ මෙහෙ කරලා මොකද උනේ කියලා සංඥාවකින් ඇහුවා..."උබට ඇහෙනවද ඒ සද්දේ,කවුරු හරි කාමරය ළඟ ඉන්නවා...අඩි සද්දේ මේ දැන් මගේ කනට හොඳටම ඇහුනා..."දහම් විශ්වාසෙන් එහෙම කියද්දී,මෙවාන්ට ප්‍රශ්නයක් ඉතුරු උනා...

මේ වෙලාවේ අම්මා වගේම කමලත් ඉන්නේ කුස්සියේ,ඒ වගේම අප්පච්චි ඉන්නෙත් කාමරයට වෙලා නැත්තන් ඉස්තෝප්පුවේ..."මොනාද බන් කියන්නේ...උබට එහෙම සද්දයක් ඇහුනද? ඒත් මට ඇහුනේ නෑනේ..."මෙවාන් රහසින් වගේ කිව්වා....

"ඔව් ඔව් යකෝ,බංගලාවේ මනුස්සයෙක් මේ වෙලාවේ අහවල් දේකටවත් උබේ කාමරය ළඟ සක්මන් කරන්නේ නෑනේ...ඕයි මට හිතෙන්නේ අර ඊයේ පෙරේදා පහල වත්තේ ගේකට මහ රෑ ජාමේ පැනලා බඩු උස්සන් ගිය මිනිහද දන්නේ නෑ...එකත් එකටම ඌ වෙන්න ඕනේ..."දහම් කිව්ව කතාවට හිනාවක් පිට කල මෙවාන් කට අතින් වහගෙන හිනා උනේ සද්දය පිටට ඇහෙන්නේ නැති විදිහට....

"උබ හිනා වෙයන්"දහම් මූණ ඇඳ කරගත්තම මෙවාන් හිනාව පාලනය කරගත්තා..."පිස්සුද යකෝ,ඔය එක්කො අපේ අප්පච්චි වෙන්න ඇති...එයාට නිතරම බුලත් ඕනානේ...ඔය එහෙට මෙහෙට ඇවිද ඇවිද බුලත් හොයනවා ඇති...."මෙවාන් බර හුස්මක් පිට කලා...

"උබ නම් කියයි,උබට තේරෙයි මුලු බංගලාවම හොරු උස්සන් ගිය දාට...මං කියන්නේ බොරුද කියලා..."දහම් ආයෙමත් මෙවාන්ට ඇඳ කලා..."හරි එහෙනම් වරෙන් බලන්න...උබට බය නම් උබ ඔතන ඉඳපන්..."මෙවාන් දහම්ගේ කනට ළං වෙලා මිමිණුවා...

"තොට මම කියන්නේ නෑ,කවුද යකෝ බය...ඉඳපන් මං ගිහින් පෙන්නන්න..."දහම් සයන මතින් නැගිටලා දොර දෙසට හෙමින් අඩි තියද්දී දහම්ට කලින් ඉක්මන් උන මෙවාන් ටික වෙලාවක් දොරේ අගුල අතින් අල්ලගෙන ඉඳලා දහම් දිහා බැලුවා...

"ඇරපන් යකෝ ඕක ඇරපන්..."දහම් මෙවාන්ගේ කකුල තද වෙන්න පෑගුවම මෙවාන් හෙන හයියෙන් තොල දත් වලට අහු කරගෙන පීඩනය දරාගත්තා..."උබ ගැන මම බලාගන්නම්"රහසින්ම කියද්දී ආයෙමත් ඒ දේම සිද්ධ උනා...දෙවැනි වතාව කකුල පෑගුවම මෙවාන්ට දෙවියෝ සිහි උනා...මෙවාන් ඇස් රෝල් කරලා දහම් දිහා කන්න වගේ බලාගෙන හිටියේ සද්ද කරන්න බැරි නිසා...

බර හුස්මක් පහත හෙලපු මෙවාන් හෙමින් සැරේ දොරට කන තිබ්බා...ඇත්තමයි,දහම් කිව්වා වගේ කවුරුන් හෝ දොර ළඟ හිටගෙන ඉන්නවා...එයා හුස්ම ගන්න හුස්ම පිට කරන සද්දේ හොඳාකාරව මෙවාන්ගේ සවනට වැටුනා...ඒත් එක්කම අගුල කරකවපු මෙවාන් පිටත සිටින හොර ගල් අහුලන්නාට හිතන්නවත් වෙලාවක් නොදුන්නා...ඔහුට මෙතනින් පැනලා දුවන්න තිබ්බ වෙලාව මෙවාන් විසින් නැති කරලා දැම්මා...

"ආහ්..."මෙවාන් ගැඹුරු හඬ අවදි කරද්දී දහම් මෙවාන් දිහා බැලුවා..."මේ ඉන්නෙ බන්,අර උබ කිව්ව ගෙවල් වලට පැනලා බඩු හොරකම් කරන කෙනා...උබ දැක්කේ නැ කිව්වා නේද? මෙන්න බලාගනින්..."මෙවාන්ගේ ඝන ඇහි බැම එකිනෙකට යාවෙලා තිබුනා..."ම් -මෙවාන්..."දහම් හිනාව පාලනය කරගෙන කෙඳිරුවා...

"ඔව් මේ ඉන්නේ,පරිස්සමෙන් ඉඳපන් උබගේ වත්තටත් එන්න ඉඩ තියෙනවා..."මේ වෙද්දී කොල්ලා ඔලුව බිමට බර කරගෙන මෙවාන් කියන දේවල් අහගෙන හිටියා..."කවුද බන් මේ?බංගලාවේ වැඩට ඉන්න කෙනෙක්ද?"දහම් අහද්දී කොල්ලා තමන්ගේ චූටි ඇඟිලි සීතල පොළොවට තියලා තද කලා...කොල්ලට යම් දුකක් දැනුනත් කොල්ලා ඒ කතාවට පොඩ්ඩක්වත් අකමැති උනේ නෑ,කොල්ලා බංගලාවේ වැඩ පල කරන්නේ හරිම ආසාවෙන්...

"තේව්!"මෙවාන් කොල්ලාගේ තරමට පහත් උනා.."මොනවද මෙතන කලේ?ම්ම්"කොල්ලා සුසුමක් පිට කලා...මෙවාන් දන්නවා කොල්ලා බය වෙලා ඉන්නේ කියලා...ඒත් එක්කම දහම් දිහාවට හැරුනු මෙවාන් අත ඉදිරියට කරලා කාමරයට යන ලෙස සන් කලා...මෙවාන් සන් කරනවත් එක්කම දහම් ආයෙමත් කාමරයට ගියා...

"හරි දැන් කියන්න...එයා ගියා..."මෙවාන් ආයෙමත් කොල්ලා දෙසට නැඹුරු උනා..."ම්-මං..."කොල්ලා ඉකි ගසමින් වචන එක්කහු කරගන්න උත්සහ කලා..."ආහ්,ඇයි දැන් අඩන්නේ?අඩන්න තරම් මෙතන මොකක්ද උනේ?"මෙවාන් ඇස් හීනි කලා...

"තේව් කතා කරන්න,මම විතරයි මෙතන ඉන්නේ...ඔයා ඇයි මෙතනට වෙලා අපි කතා කරන දේවල් අහගෙන හිටියේ..."තේව් බිම බලාගෙන හිටියා..."දැන් කතා කරන්නේ නැද්ද ම්ම්?"මෙවාන් කලිසමේ සාක්කු දෙකට අත් ඔබා ගත්තා...

"ම්-ම්මං න්-නිකම්...මෙතන හ්-හිටියේ..."කොල්ලා හෙමිහිට කෙඳිරුවා...මෙවාන් තේව් දිහා විනාඩියක් දෙකක් ගෙවෙනකල් බලාගෙන හිටියා..."ඔහ් නිකම්?"මෙවාන් තේව්ගේ අතින් අල්ලගෙනන අඳුරේම තරප්පු පෙල බැස්සා...ඒත් එක්කම දෙදෙනාම බංගලාව පිටුපසින් මතු උනා...

හැම තැනම ඝන අන්ධකාරයෙ පැතිරිලා තිබුනා,රැහැයියන් මේ මොහොත ඔවුන්ගේ ආධිපත්‍යය පතුරවමින් ශබ්ද නගන්න පටන් අරන් තිබුනා...කොල්ලගේ හදවත එක තැන නතර වෙලා වගේ දැනෙන්න ගත්තා...කොල්ලා අඳුරට බයයි....

කොල්ලගේ ජීවිතේ විනාශ උනෙත් අඳුර පැතිරිලා තිබුන තැනක කියන එක කොල්ලගෙ මතකෙන් කවදාවත් මැකෙන්නෙ නෑ...පුංචි තේව්ට හුස්ම ගන්න එකත් ක්‍රම ක්‍රමයෙන් අපහසු වෙන්න ගත්තා...මෙවාන් තවමත් කොල්ලගේ අත අල්ලගෙන හිටියා...

"බයද ම්ම්?"මෙවාන්ගේ හඬ හුඟක් ගැඹුරුයි...කොල්ලා ඒ හඬට එක් වරම ගැස්සුනා..."ම්-මාව ඇතුලට එක්කන් යන්න....ම්-මමං ග්-ගොඩක් බයයි..."කොල්ලාගේ අත සීතල වෙලා තිබුනා....ඒක මෙවාන්ගේ අතට හොඳටම දැනුනා..."හරි එහෙනම්,අපි තව ටිකක් ඈතට යමු...එතකොට ඔයාගේ බය නැති වෙයි..."මෙවාන් කියද්දී තවම බංගලාවේ හරියට ඇවිදලවත් නැති තේව්ගේ හිතේ කුතුහලය මිශ්‍ර බියක් ගැබ් වෙලා තිබුනා...

පාලමක් ඉදිරියෙන් දිස් වෙද්දී මෙවාන් තවත් තද කරලා කොල්ලගේ අත අල්ල ගත්තා...ක්‍රමයෙන් පාලම මතට අඩිය තැබූ මෙවාන් තේව් අඩිය තියනකල් බලාගෙන හිටියා...දෙදෙනාම පාලම හරි මැද සිටගෙන ඒ පාලම් බැම්මට කිට්ටු උනා..."ද්-දෙයියනේ...ග්-ගඟක්..."කොල්ලට කියවුනා..."ඔව් ගඟක්...ඔයා දැක්කෙ නෑ නේද?"කොල්ලා නෑ කියන්න ඔලුව වැනුවා...ඒත් එක්කම මෙවාන් හිනා වෙලා පාලමෙන් පහලට ඇස් ගෙනිච්චා....

"ආසද මෙතනට?"මෙවාන් අහද්දී කොල්ලා ආයෙමත් වේගෙන් ඔලුව උඩට පහලට කලා..."ඔලුව වනන්න එපා හැම එකටම..."මෙවාන් ඇස් වහගෙන ගඟ අසලින් දැනෙන සිහිල් සුලං විඳ ගත්තා..."ඒක නෙවෙයි,මම ඔයාව මෙතනට එක් කරන් ආවේ ඇයි කියලා දන්නවද?"මෙවාන් තේව් දිහාවට හැරිලා බැම්මට හේත්තු උනා..."නෑ...ඇ-ඇයි මාව එක්කන් ආවේ?"කොල්ලා ඇහෙන නොඇහෙන විදිහට කතා කලා...

"මට ඔයා එක්ක කතා කරන්න ඕනි උනා..."මෙවාන් ආයෙමත් කලින් විදිහට කලිසම් සාක්කු දෙකට අත් ඔබාගෙන හිටියා..."මොනාද?"තේව් ඇහුවම තවමත් අල්ලගෙන සිටි තේව්ගේ අත මෙවාන් විසින් අත් හැරියා..."ඔයා ගැන..."කොල්ලා ඔලුව උස් කරලා මෙවාන් දිහා බැලුවා...

"තේව්!! මං හිතනවා,අපි දැන් මෙතන ඉන්න නිසා ඔයාට බයක් දැනෙන්නේ නැහැයි කියලා..."මෙවාන් අත් දෙක සාක්කුවෙන් ඉවත් කරගෙන එකිනෙක අතුල්ලන්න ගත්තා..."ඔයා අතනට බය උනේ ඇයි කියලා මං දන්නවා,මේ අහන්න තේව්...ඔයාට ඔය විදිහට කවදාවත් ජීවත් වෙන්න බැරි වෙයි...ඔයාට බය ගුල්ලෙක් වෙලා මේ නපුරු සමාජේ ජීවත් වෙන එක කොහොමත් කරන්න බැරි වෙයි,ඔයා අඳුරට බයයි...එහෙමනේ?"

කොල්ලා ඔව් කියලා ඔලුව වැනුවාම මෙවාන් කට කොනකින් හිනා උනා..."ඔයා දන්නවද? මම අරූ ඉද්දී අර විදිහට හැසිරුනේ ඇයි කියලා?"මෙවාන් කිව්වම කොල්ලගේ හොඳින් තිබුන හෘද ස්පන්දනය ආයෙමත් නතර වෙලා කියලා කොල්ලට දැනුනා...

"ඌ මේ දේවල් දැනගන්නවට මම ආස නෑ,මගේ හොඳම යාලුවා ඌ වෙන්න පුළුවන්....ඒත් දැනගන්න ඕනේ සීමාවක් තියෙනවා..."මෙවාන් කට කොනකට හිනා වෙලා කලිසම් සාක්කුවට අත යවලා සිගරට් පැකට් එකක් අතට ගත්තා...පුංචි කොල්ලගේ ඇස් මේ වෙද්දී ටීක් බෝල දෙකක් වෙලා තිබුනා...

"වැඩිය හිතන්න එපා...මම මේව බොන්නේ මට මහන්සියි කියලා දැනෙන දවස් වලට..."මෙවාන් සිගරට් එක තොල් අතර රඳවන් ලයිටර් එකෙන් එය දල්ව ගත්තේ නිදහස් අතින් හුළං පහරවල් වලින් එය ආරක්ශා කරගෙන..."හ්ම්..."කොල්ලා මිමිණිල්ලක් පිට කලා...

"ආයෙත් කියන්නම්....තේව්!! ඔය හැමදේම අමතක කරලා දාන්න,මම එදත් කිව්වා,ඔයාට හොඳම යාලුවෙක් නැත්තන්,අඩුම යාලුවෙක් විදිහට හරි හිතලා මගෙත් එක්ක කතා කරන්න,මම ආසයි ඔයා සාමාන්‍ය මනුස්සයෙක් වගේ හැසිරෙනවට..."මෙවාන් වාතලයට සිගරට් දුම මුදා හැරියා...

"ම්.."

"කතා කරනවා තේව්!! තමුන් මගේ සීමාව පන්නලා යන්න හදන්නේ ඇයි හැම වෙලේම...ඔයා කවදද හරියට කතා කරන්න පුරුදු වෙන්නේ? මං ආස නෑ...ඔයාගේ වගකීම...ඔයාගේ වගකීම මට වගේම මගේ පවුලේ මිනිස්සුන්ට අයිති වෙලා ඉවරයි...එහෙම වෙලා තියෙද්දී හැමදාම ඔය විදිහට ඉඳලා ඔයාට අහල පහල ඉන්න මිනිස්සුන්ගේ කුණු කතා අහගන්න ඕනිද? තේව් කතා කරනවා...."කොල්ලා වේගෙන් ඇස් පිල්ලම් ගැහුවා...

"කමලා එක්ක කඩේට ගිය වෙලේ ඒ මිනිහා ඕනෙ නැති දේවල් කමලාගෙන් අහලා තිබ්බලු නේද?"මෙවාන් කට පුරවලා දුම ඇඳලා අරගත්තා..."ඔයාට කවුද කිව්වේ?"තේව් බිම බලාගෙන කතා කලා..."කවුරු කිව්වත් කතාව ඇත්ත නේද?"

"නෑ,මට නෙමෙයි ඒවා කිව්වේ කමලා නැන්දට..."මෙවාන් කට කොනකින් හිනා උනා..."එයාට විතරමද? එතකොට ඔයා කවුද කියලා අහලා තිබ්බෙ නැද්ද?"තේව්ගේ පපුව මෙවාන් කතා කරන විලාසයට රත් වෙලා තිබුනා...

"හරි ඒවා පැත්තකින් දාමු...මං කිව්ව දේට හිතලා උත්තරයක් දෙනවද?හදිස්සියක් නෑ...මට දැනගන්න ඕනේ ඔයාගේ හොඳම යාලුවා වෙනවට ඔයා කැමතිද නැද්ද කියලා විතරයි...ම්ම්ම්.."මෙවාන් සිගරට් එක විසි කරලා ඒ තියුණු දෑස් කොල්ලාගේ දිහාවට හැරෙව්වා...

"ම්-මං කැමතියි...ම්-මට සමා වෙන්න...මම කලින් ඉඳලා ඔයා කියන දේවල් ඇහුවේ නැති එකට..."කොල්ලා ආයෙම හැරිලා යන්න හදද්දී මෙවාන් කොල්ලගෙ අත අල්ලගත්තා..."මොකක්ද?ආයෙත් කියන්න..."මෙවාන් අහද්දී කොල්ලා මෙවාන් දිහාවට හැරුනා..."මොනවද?"

"මොකටද ඔයා කැමතියි කිව්වේ?"මෙවාන්ගේ හිතේ මෙවාන්ටත් නොදැනිම කුතුහලයක් ඇති වෙලා තිබුනා...කොල්ලා මඳ වෙලාවක් මෙවාන් දිහා බලාගෙන හිටියා...ඒත් එක්කම කොල්ලා මෙවාන් දිහා බලාගෙන හිනා උනා...මොනවා...මෙයා හිනා වෙන්නත් දන්නවද?මෙවාන් කිව්වා නොව එය සිතුවා පමණි...

"අපි...අපි දෙන්නා යාලුවෝ...ම්-මං කැමතියි මගේ යාලුවා ඔයා වෙනවට..."තේව් එහෙම කියලා මෙවාන්ගේ අත ගසලා දාලා ආයෙම ඈතට දිව්වා...මෙවාන් කට කොනක සිනහවක් රඳවගෙන ගං ඉවුර දිහා බලාගෙන ඉඳලා,බර හුස්මක් පිට කරන අතරේ බංගලාව ඇතුලට ආවා...

boba🎀🤍

_________________________________________

laura-bun🍃

මේක හොඳද අනේ?

මේක අයින් කරන්නත් හිතෙනවා වෙලාවකට😒

වෝට් නැතත් කමෙන්ට් එකක් දාන්න🤓