Chapter 15: chapter 14

My Little Wolfie | TK || CompletedWords: 33372

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

..............................................................................................

ටේහ්‍යුන් පරිස්සමින් එයාගේ හා පැටියාව අත් අතරට අරගෙන කාමරේට ගිහින් ඇදේ තිබ්බේ එයගේ උනුහුමෙන් කුකීව ඈත් කරන්න ලෝබකමින්මයි...කුකීත් ටේහ්‍යුන්ගේ උනුහුම නැති උන ගමන් ඇදේ එහෙට මෙහෙට පෙරලිලා කෙදිරි ගාන්න පටන් ගත්තාම ටේහ්‍යුන්ට තේරුනා එයාට වගේම කුකීටත් දෙන්නාගෙන් ඈත් වෙන්න නම් ඕන කමක් නෑ කියලා..ඒත් ඉතින් වොශ් එකක් නොදා උදේ ඇදන් හිටපු ඇදුම ඇදගෙන ඉන්න බැරි නිසා ටේහ්‍යුන් යන්න හැදුවත් එහෙට මෙහෙට දැගලුව කුකීගේ පුලුන් නැට්ට එකපාරටම ඇවිල්ලා ටේහ්‍යුන්ගේ කකුලේ එතුනේ යන්න එපා කියන්න වගේ...ටේහ්‍යුන් ආපස්සට හැරිලා බලනකොට දැක්කේ කටට ඇගිල්ලක් ගහන් සූප්පු කරන ගමන් හුරතල් විදියට ඇදේ ගුලි වෙලා එයාගේ නැට්ටෙන් ටේහ්‍යුන්ගේ කකුල අල්ලන් ඉන්න ජන්ග්කුක්ව...

🐯 අනේ මගේ හුරතලේ...ඔච්චරටම හුරතල් වෙන්න එපා කුකී...මට මාවම පාලනය කරගන්න බැහැ..

ඇගිල්ල කටේ නිසා පිම්ඹිලා තියෙන ඒ රෝස පාට කම්මුලක් හරි පරිස්සමට අතගෑව ටේහ්‍යුන් හිමීට ජන්ග්කුක්ගේ නැට්ට එයාගේ කකුලෙන් ගලවලා ටේහ්‍යුන්ගේ කොට්ටේ ජන්ග්කුක්ගේ අතට දුන්නා.. ටේහ්‍යුන්ගේ කොට්ටෙන් ටේහ්‍යුන්ගේ සුවද එන නිසා ජන්ග්කුක් නින්දෙන්ම කොට්ටේ තුරුල් කරගෙන කෙදිරි ගාලා පස්ස පොඩ්ඩක් එහාට මෙහාට හොලවලා ආයි නිදාගත්තා...තව හිටියොත් ජන්ග්කුක්ගේ ලගින් ටේහ්‍යුන්ට යන්න හිතෙන්නේ නැති නිසා ඉක්මනට බාතෲම් එකට වොශ් එකක් දාන්න ගියා..

ටේහ්‍යුන් විනාඩි විස්සෙන් වගේ වොශ් එකක් දාලා එලියට ආවේ එයාගේ පුංචි හා පැටියා ඇදෙ සැපට නිදි ඇති කියලා හිතාගෙන උනත් ටේහ්‍යුන් එනකොට ජන්ග්කුක් ඇදේ වාඩි වෙලා මුල්ලකට වෙලා හිටියේ හුගක් බය වෙලා එයාගේ බූල් නැට්ටෙන් මුලු ඇගම වහගෙන..

🐯 මැණික..

🐰 හ්‍යුන්ගී 🥺🥺

ටේහ්‍යුන් ඇදෙන් තියලා ගිහින් විනාඩි දහයකට වගේ පස්සේ ජන්ග්කුක්ට ගැස්සිලා ඇහැරුනේ පහලින් ඇහුන සද්දයක් නිසායි...හුගක් සංවේදි කන් තිබ්බ කුකී ඒ සද්දෙට හුගක් බය වෙලා ඇහැරුනේ..ඇස් අරිනකොට තමන් ඉන්නේ තමන්ගේ කාමරේ නෙමෙයි කියලා දැක්කාම ඉන්නේ තනියම කියලා දැනුනාම ඒ බෝල ඇස්වල ඉක්මනට කදුලු පිරෙන්න පටන් ගත්තා...ජන්ග්කුක් බයයි තනියම ඉන්න...ඇස්වල කදුලු පුරෝගෙන වටේ බලන ගමන් ඇදෙ මුල්ලකට වෙලා කකුල් අස්සේ ඔලුව ඔබන් නැට්ට එයාගේ ඇග වටේ කරවගෙන කුකී හිටියේ හුගක් බයෙන්..

ඒත් ටිකකින් ටේහ්‍යුන් බාතෲම් එකේ දොර ඇරගෙන එලියට එනකොටම ටේහ්‍යුන්ගෙන් ආපු සුවදත් එක්ක ටේහ්‍යුන්ගේ කටහඩත් එක්ක ජන්ග්කුක් ඉක්මනට සන්සුන් උනා...දැන් එයා දන්නවා එයා හුගක් සේෆ්ට් කියලා...

🐯 මගේ හුරතලේ බය උනාද...ම්ම්...කෝ හ්‍යුන්ගී ලගට එන්න...

ජන්ග්කුක් බය වෙලා ඉන්නේ කියල දැනුන ගමන් ටේහ්‍යුන් ඉක්මනට ජන්ග්කුක් ලගට ගිහින් එයාගේ හා පැටියාව එයාගේ තුරුලට ගත්තා...ටේහ්‍යුන් සුපුරුදු සුවද උනුහුම දැනුන ගමන් ජන්ග්කුක් ඉක්මනට සන්සුන් වෙලා ටේහ්‍යුන්ගේ පපුව අස්සේ මුන ඔබා ගත්තා..ටේහ්‍යුන් වොශ් දාලා නිසාත් බෙහෙත් පාවිච්චි කරේ නැති නිසාත් ජන්ග්කුක්ට ටේහ්‍යුන්ගේ ලැවැන්ඩ්‍රා සුවද හොදට දැනුනා..

🐰 ම්ම්...සූදයි...

ටේහ්‍යුන්ගේ බෙල්ල ඉව කරන ගමන් ජන්ග්කුක් කියනකොට ටේහ්‍යුන්ට හිනා ගියා...හැබැයි ටේහ්‍යුන් හිටියේ එයාගේ හිතුවක්කාර වල් හදවතත් එක්ක රන්ඩු වෙලා...එයාගේ මොලේ හදවතට කුකී තාම චූටි එයාට අනවශ්‍ය දේවල් කරන්න එපා කියලා බැන බැන කියලා දෙනවා..ඇත්තටම ටේහ්‍යුන් මොලෙයි හදවතයි තව චුට්ටකින් ගහගන්න ඉන්නේ...කොහොම හරි ඉතින් යූන්ගි කියපුවා මතක් උනාට පස්සේ ටේහ්‍යුන් ම මැදිහත් වෙලා ඒ රන්ඩුව සමතයකට පත් කරා...මොකද ටේහ්‍යුන් ඕන උනෙ නෑ එයාගේ පුංචි හා පැටියාව බය කරන්න..ජන්ග්කුක් ලොකුයි තමයි..එයාට අවුරුදු 18ක් වෙනවා..ඒත් එයාගේ මනස හරිම පුංචි...ලොකු අය කරන දේවල් එයා දන්නේ නෑ..එයා තාමත් හිතන් ඉන්නේ කිස් කරාම බබාලා හම්බුවෙනවා කියලා...

🐯 කුකී කැමති ද ඒ සුවදට..ම්ම් ??

තමන්ගේ බෙල්ලට නහය තියාගෙන ඉවකරන ජන්ග්කුක්ගෙ ඔලුව අතගාන ගමන් ටේහ්‍යුන් ඇහුවාම ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ බෙල්ල අස්සෙම මූන ඔබාගෙන උත්තර දුන්නා..

🐰 ඕ...හ්‍යුන්ගිව කන්න හිතෙනවා කුකීට...

🐯 චින්චා...එහෙනම් කන්න...හ්‍යුන්ගී කොහොමත් කුකීගේනේ...

🐰 අනී...හ්‍යුන්ගිට සිදෙයි..

ටේහ්‍යුන්ගේ බෙල්ල අස්සෙන් මූන අරන් ටේහ්‍යුන්ගේ මූනට එබෙන ගමන් ඇසුත් බෝල කරන් කියනකොට ටේහ්‍යුන්ට හිනා ගියා...ඇත්තටම ජන්ග්කුක්ව ගිලින්නෙ නැතුව ඉන්න ටේහ්‍යුන් ගොඩක් ට්‍රයි කරනවා..

🐰 ඇයි හිනා වෙන්නේ ??

🐯 ඔච්චරටම හුරතල් වෙන්න එපා මැණික..මට ඔයාව බොග් ගාලා ගිලින්න හිතෙනවා...

🐰 මාව ගිලින්න හිතෙනවා ??

ඇසුත් බෝල කරන් ටේහ්‍යුන්ගේ ඔඩොක්කුවේ ඉදන් ජන්ග්කුක් අහනකොට ටේහ්‍යුන් හිනා වෙලා ඔව් කියලා ඔලුව වැනුවා...අපේ ඉතින් අහින්සක කුකී හිතුවේ ඇත්තටම ටේහ්‍යුන් එයාව ගිලී කියලා..මොකද ටේහ්‍යුන් එයා දිහා බලන්නේම රසම රස ස්ට්‍රෝබෙරි කේක් දිහා බලනවා වගේ පේරේත බැල්මක්...

🐰 කුකීව ගිලින්න එපා...කුකී පව්නේ...

ජන්ග්කුක් තොලුත් උල් කරන් හුරතල් විදියට කියනකොට ටේහ්‍යුන්ට දැන් නම් ඒ තොල් කන්නමයි හිතුනේ...ඒත් ඉතින් ජන්ග්කුක් වගේ හුරතල් බබෙක්ට කිස් එකක් පවා බැරෑරුම් වැඩියි...ඒ නිසා ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ මූනේ රෝස පාට තොල් හැරෙන්න මුලු මූනම ඉබිනවා...

🐯 හ්‍යුන්ගි කුකීව ගිලින්නේ නැතුව ඉන්නම්..හැබැයි කුකී දැන් ගිහින් වොශ් එකක් දාගෙන එන්න ඕනේ....වොශ් දාලා මේ චූටි බන්ඩිය ෆුල් කරන් ආයි දොයියමු...

🐰 අලේ මට බෑ...

ටේහ්‍යුන්ගේ උනුසුමෙන් ඈත් වෙන්න අකමැති උන ජන්ග්කුක් බෑ කියාගෙනම ටේහ්‍යුන්ගේ උනුසුම් පපුවේ මූන ඔබා ගත්තා...

🐯 බෑ කියලා බැහැනේ මැණික..උදේ ඉදන් නේ ඕක ඇදන් ඉන්නේ..

🐰 ඉතින් කුකීට අදින්න ඇදුමක් නෑනේ..

🐯 හ්‍යුන්ගිගේ එකක් දෙන්නම්...කෝ යන්න...වොශ් එකක් දාගෙන එන්න...

ගන්දස්සාරේ බෑ...

ජන්ග්කුක්ව ඉබලා ටේහ්‍යුන් බොරුවට නහය හකුලන් කියනකොට ජන්ග්කුක් හිතුවෙම එයා ඇත්තටම ගද ඇති කියලා..ඉතින් එයත් එයාව ඉබලා බැලුවා..

🐰 කුකී ලග ගොඩක් ගදයි ද ??

ශර්ට් එකයි ඔක්කොම ඉබලා ඉවර උන ජන්ග්කුක් මූනත් බෙරි කරන් අහනකොට ටේහ්‍යුන් ඒ රෝස පාට කම්මුල් වලට පුංචි හාදුවක් දුන්නා..

🐯 හ්‍යුන්ගී බොරුවට මැණික කිව්වේ...මගේ හා පැටියා සුවදයි...පුංචි බබෙක් වගේ...

🐰 එහෙනම් වොශ් දාන්න ඕන නෑනේ..කුකී ගද නෑනේ..

🐯 හම්ප්..කපටි කොල්ලා...ගිහින් ඉක්මනට වොශ් එකක් දාලා එන්න මැණික...මේ චූටි බන්ඩියට බඩගිනිත් ඇතිනේ...

ජන්ග්කුක්ගේ චූටි බන්ඩිය ශර්ට් එක උඩින්ම මිරිකන ගමන් ටේහ්‍යුන් කියනකොට වොශ් නොදා බේරෙන්න බැහැ කියලා තේරුන නිසා ජන්ග්කුක් හා කියලා ඔලුව වැනුවා..හිමීට උස්සලා ජන්ග්කුකව ඇදෙන් තියලා ටේහ්‍යුන් එයා ලග තියෙන පොඩිම ඇදුම ටවල් එකක් එක්ක ජන්ග්කුක්ට දිලා එයාව උස්සගෙන ගිහින් බාතෲම් එකෙන් තියලා දොර වහලා ආවා..

🐯 කුකී මන් ජින් හ්‍යුන්ගගේ කාමරේට පොඩ්ඩක් යනවා..බය වෙන්න එපා මැණික..

🐰 හලි හ්‍යුන්ගී..

ජන්ග්කුක් වොශ්රූම් එකේ ඉදන්ම කෑ ගහලා කියනකොට එයා වොශ් දාල එනකම් ටේහ්‍යුන් ගියේ ජින්ගේ කාමරේ ලගට...යනවද නැද්ද කියලා දහස්වාරයක් හිතලා ටේහ්‍යුන් අන්තිමට ජින් එක්ක කතා කරනවා කියලා හිතාගෙන දොරට තට්ටු කරා..

🐯 හ්‍යුන්ග්..මන් ඇතුලට එනවා..

ටේහ්‍යුන් එහෙම කියාගෙන දොරත් ඇරන් ඇතුලට යනකොට දැක්කේ අඩලා අඩලා හෙම්බත් වෙලා ඉන්න මූනත් එක්ක ෆෝන් එකත් අතේ තියන් එහෙම්ම ඇද උඩ නිදන් ඉන්න ජින්ව...ජින් තාමත් ඇදන් හිටපු ඇදුමමයි ඇදන් ඉන්නේ...ටේහ්‍යුන් හිමීට ජින් ලගට ගිහින් ජින්ගේ ෆෝන් එක ගන්න හැදුවාම තමයි එයා දැක්කේ ෆෝන් එකේ මෙච්චර වෙලා ජින් බලාගෙන ඉදලා තියෙන්නේ මොකක් දිහාද කියලා..

🐯 ඔයා ජූන් හ්‍යුන්ග්ට මෙච්චරටම ආදරෙයිද හ්‍යුන්ග්...මට පුළුවන් නම් ඔයාගේ ආදරේ ඔයාට දෙන්න මන් ඕනම දෙයක් කරනවා හ්‍යුන්ග්...ඒත් බෙයාර්ට මොන දේ පුළුවන් උනත් ඒක කරන්න බැහැනේ...මියානේ මගෙ හ්‍යුන්ග්...

ෆෝන් එකේ තියෙන ජින්ගෙයි ජූන්ගෙයි ෆොටෝ එක දිහා බලාගෙන ටේහ්‍යුන් කොදුරලා ෆෝන් එක පැත්තකින් තියලා කොට්ටේ ගානට හදලා ජින්ගේ ඔලුව කොට්ටේ උඩින් තියලා බෙඩ්ශීට් එකත් ඇගට පොරවලා AC එක හදලා ඔක්කොම කරලායි ටේහ්‍යුන් ආයි ජින්ගේ කාමරෙන් එලියට ආවේ..මගට ගිහින් ආයි හැරිලා ජින්ගේ නලලට හාදුවකුත් දීලායි ටේහ්‍යුන් එලියට ආවේ..එයාගේ හ්‍යුන්ග් මෙහෙම දුක් විදිනවා බලන්න ටේහ්‍යුන්ට බැහැ...ජින් කියන්නේ හැම වෙලේම හිනා වෙලා ඉන්න කෙනෙක්...ටේහ්‍යුන්ට පුළුවන් නම් ඒ හිනාව ආයි ගෙනත් දෙන්න ටේහ්‍යුන් මේ ලෝකේ පෙරලලා හරි එයාගේ හ්‍යුන්ග් වෙනුවෙන් ඒක කරනවා..

🌹 ජිනි හොදින්ද බෙයාර් !!

ජින්ගේ කාමරේ දොර ලගම ඉදන් අයියා මල්ලි දිහා ඇස්වල කදුලු පුරෝගෙන බලන් හිටපු ජිසූ ඇහුවේ ජින් ඇහැරෙයි කියන බයට හුගක් හිමින්..

🐯 එයා හොදින් නෙමෙයි ලොකූ..ඒත් එයා එහෙමයි කියලා පෙන්නන්න හදනවා..හරියට ඔයා වගේම...

ජිසූගේ මූන දිහා බලාගෙන ටේහ්‍යුන් කියනකොට ජිසූ එයාගේ මූන ටේහ්‍යුන්ගෙන් හැංගුවා..මොකද ජිසූ ඉන්නෙත් ජින්ගේ බෝට්ටුවෙම තමා..ජිසූත් ජින් වගේම එයාගේ හැගීම් හංගන් ඉන්නේ කියලා පවුලේ හැමෝගෙම හුරතලා උන ටේහ්‍යුන් හොදට දන්නවා..

🌹 අපිට සාමාන්‍ය මිනිස්සු වෙන්න බැරි උනේ ඇයි බෙයාර් ??

🐯 මේක දෛවය වෙන්න ඇති ලොකූ..මට ඕනෙත් නෑ අනාවැකිය තියෙන විදියට රජෙක් වෙන්න..මට ඕනේ මගේ පවුලත් එක්ක මගේ කුකී එක්ක මේ ඉන්න විදියටම නිදහසේ සතුටින් ඉන්න...ඒත් අපිට ඕන දේ අපිට ලැබෙන්නේ නෑනේ...වෙන ඕනම දේකට මුහුන දෙන්න බලාගෙන ඉන්න එක තමා කරන්න තියෙන්නේ..

🌹 හ්ම්...

ජිසූගේ උත්තර නැති ප්‍රශ්නෙට ටේහ්‍යුන් නිරුත්තර වෙනකොට එයාට දෙන්න තිබ්බ එකම හේතුව උනේ මේක දෛවය කියන එක විතරයි...වෙන මොනවා කියන්නද...ටේහ්‍යුන්ට එයාගේ මේට් හම්බුන එකට සතුටු උනත් එයාගේ හ්‍යුන්ග්නුයි නූනායි ඉන්න තත්ත්වේ එක්ක එයා සතුටු වෙනකොට ටේහ්‍යුන්ට හිතුනෙම එයා හුගක් ආත්මාර්තකාමීයි කියලාමයි..

🐯 මන් යන්නම් ලොකූ

🌹 හරි බෙයාර්...

තාමත් වැහුන ජින්ගේ කාමරේ දිහා ඇස්වල කදුලු පුරෝගෙන බලාගෙන ඉන්න ජිසූ කිව්වාම යන්න හදපු ටේහ්‍යුන් ආයි ජිසූගේ පැත්තට හැරිලා ලොකු හිනාවක් මූනට අරගෙන අත් දෙක දෙපැත්තට දාලා..

🐯 ලොකූ ඔයාට බෙයාර්ගේ ලව් හග් එකක් ඕනද ??

කියලා ඇහුවා..ලේසියෙන් ලව් හග් නොදෙන ටේහ්‍යුන් එහෙම කියනකොට ජිසූ හිනා වෙලා ටේහ්‍යුන්ව තද කරලා බදාගත්තා...ඒක එයාලා පුංචි කාලේ ඉදන්ම කරන දෙයක්..දුක හිතුනාම එයාල පස් දෙනාගෙන් තමන් කැමති කෙනෙක් ලගට ගිහින් ලව් හග් එකක් ඉල්ලගන්න පුළුවන්...දුක අඩු වෙනකම් අනිත් කෙනාව බදාගෙන ඉදලා හිතට සැහැල්ලුවක් දැනුනාම එයාගෙන් ඈත් වෙනවා...හැබැයි ඉතින් ටේහ්‍යුන්ගෙන් ලේසියෙන් ලව් හග් හම්බුවෙන්නේ නෑ...ටේහ්‍යුන් එයාගේ නූනලා හ්‍යුන්ග්ලාට ආදරෙයි...ඒත් එයා ඒක පෙන්නන්න කැමති නෑ...ඒ නිසා හග් දෙන ඒව කිස් දෙන ඒවා ටේහ්‍යුන්ට අරහන්...ඒත් දැන් ජින් වගේම ජිසූ ඉන්නෙත් දුකෙන් කියලා දන්න නිසායි ටේහ්‍යුන් එයාගේ බොක්සි ස්මයිල් එක දාල ලෝකූ හග් එකක් එයාගේ ලොකූට දුන්නේ..

🌹 කුමාවෝ බෙයාර්..

🐯 කුමාවෝ කියලා බැහැ..මට මොනවා හරි ඕනේ..ඔයා දන්නවානේ මේ කිම් ටේහ්‍යුන්ගේ ලව් හග් හුගක් ගනන් කියලා..

ටේහ්‍යුන් හෙන ආඩම්බරෙන් කියනකොට ජිසූ හිනා වෙලා හග් එකෙන් අයින් වෙලා ටේහ්‍යුන්ගේ කොන්ඩේ අවුල් කරා..

🌹 මොනවා ද ඕන ??

🐯 මන් එදා පෙන්නුවේ ග්‍රීන් කලර් ලැම්බොගිනිය ඕනේ..අනේ අනේ...බෑ කියන්න නම් එපා හොදේ...

🌹 යාහ්..තමුසේ හිතුවාද මන් සල්ලි ගස්වලින් කඩනවා කියලා..

මෙච්චර වෙල දුකෙන් හිටපු ජිසූ සුපුරුදු ට්‍රැක් එකට වැටෙනකොට ජිසූව කේන්ති ගස්සලා හරි එයාගේ හිත හැදුන එකට ටේහ්‍යුන්ට සතුටු හිතුනා..

🐯 ඇයි ඔයාගේ මහ ලොකුවට වැඩ කරන තැන ඕන තරම් කාර් තියෙන්නේ...අනේ ලොකූ අරන් දෙනවාකෝ...ඒක පට්ට ලස්සනයි බන්...ප්වීස්..ඔයාගේ වොන් මිලියන පඩියෙන් චුට්ටක් ඔයාගේ ආදරණීය බෙයා‍ර්ට වි‍යදම් කරා කියලා මුකුත් වෙන්නේ නෑනේ ලෝකු..මොකක්ද අනේ..

🌹ආහ් ඔම්මා...ඉන්න එනවා...

ටේහ්‍යුන් එයාගේ උපරිම කියුට් මූන දාගෙන ජිසූගේ අතේ එල්ලීගෙන කෑ ගහනකොට එතනින් යන ගමන් හිටිය මිසිස් කිම්ගේ ඇගේ එල්ලිලා බොරුවක් කියලා හිමීට මාරු වෙලා ගියා..ජිසූ යන දිහා හිනා වෙවී බලන් හිටිය ටේහ්‍යුන් එහෙම්ම ගියේ එයාගේ පුංචි හා පැටියාව හොයාගෙන..

ටේහ්‍යුන් කාමරේට යනකොට ම ටේහ්‍යුන්ගේ ඇදුමක් ඇදගෙන නෑ මන් කිව්වේ ටේහ්‍යුන්ගේ ඇදුම් අස්සේ ගිලිලා ඉන්න ජන්ග්කුක් බාතෲම් එකෙන් එලියට ආවේ ටේහ්‍යුන්ගේ හා පැටියාගේ හුරතලේ දැකලා ටේහ්‍යුන්ට හාර්ට් ඇටෑක් හදවලයි..

🐯 අනේ මගේ හා පැංචෝ...ඔයා මගේ ඇදුම් ඇතුලේ ගිලිලානේ ඉන්නේ..දැන් නම් මට ඔයාව චප්ප කරන්න හිතනවා...

ටේහ්‍යුන් හිනා වීගෙනම ඇවිල්ලා ටේහ්‍යුන්ගේ ලොකු ඇදුමක් ඇදගෙන ඉන්න ජන්ග්කුක්ව තද කරලා බදගත්තේ ටේහ්‍යුන් කියන ඒවාට ජන්ග්කුක්ගේ මූන ජම්බු ගෙඩියක් වගේ රතු කරලයි...ටේහ්‍යුන්ගේ කලු කොට ශෝර්ට ජන්ග්කුක්ගේ දනහිස ලගට...සුදු අත් දිග හූඩියට ජන්ග්කුක්ගේ අත් පෙන්නෙත් නෑ...

🐯 යමු අපි කාලා එමු..

ජන්ග්කුක්ගේ මුලු මූනම ඉබලා මිරිකලා චප්ප කරලා ඔක්කොම කරලා ඉවර උනාට පස්සේ ටේහ්‍යුන් ජන්ග්කුක්ව වඩාගෙන එහෙම කිව්වා..ජන්ග්කුක් නම් ටේහ්‍යුන්ගේ වැඩ නිසා රතු වෙලා ඉන්නේ...ඒත් ඉතින් ඇවිදගෙන යනවට වඩා ටේහ්‍යුන්ගේ ඇගේ එල්ලිලා යන්න ආස උන නිසා ටේගේ ඉන වටේ කකුල් දාලා බෙල්ල බදාගෙන මූන බෙල්ල අස්සේ ගහගෙන පහලට යන්න ලෑස්ති උනා..

🐥 වැම්පි මාව බේරගන්න...

ටේහ්‍යුන්ගේ කාමරෙන් එලියට එනකොටම එකපාරටම ටේගෙ කාමරේට ඉස්සරහ තියෙන ජිමින්ගේ කාමරේ ඉදන් ජිමින් කෑ ගහගෙන ඇවිල්ලා ජන්ග්කුකවත් වඩා ගෙන ඉන්න ටේගේ පිටිපස්සේ හැංගුනා..

🐰 මිනි ඇයි ??

ටේහ්‍යුන්ගේ උරහිස අස්සෙන් ඔලුව දාලා ටේහ්‍යුන්ගේ පිටිපස්සේ ටේහ්‍යුන්ගේ ශර්ට් එකේ කොනක් අල්ලන් හොරෙන් ඉස්සරහ බලන ජිමින්ගෙන් ජන්ග්කුක් ඇහුවා..

🐥 අනෙ මාව බේරගන්නකෝ....එයා මාව කන්න හදනවා..

🐯🐰 කවුද ??

ජිමින් කියන්නේ කවුරු ගැනද කියලා තේරුම් ගන්න බැරුව හිටිය ටේකුක් දෙන්න එකපාරටම අහනකොට ජිමින් හිමීට ටේහ්‍යුන් පිටිපස්සේ ඉදන් එයාගේ කාමරේ පැත්තට අත දික් කරලා පෙන්නුවා..ජිමින්ගේ කාමරෙන් නුපුරුදු සුවදක් ටේහ්‍යුන්ට දැනෙනකොට ටේහ්‍යුන් ටිකක් කලබල උනත් ජන්ග්කුක් නම් හිනා වීගෙන බලාගෙන හිටියේ ඒ සුවද එයා අදුරන නිසායි...

🐯 කුකී ඔහොම ඉන්න මන් බලලා එන්නම්...

ටේහ්‍යුන් ජන්ග්කුක්ව බිමින් තියලා බලලා එන්න හදනකොට ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ අතින් අල්ලන් එපා කියලා ඔලුව වැනුවා..මොකද ජිමින් තාමත් ටේහ්‍යුන්ගේ ශර්ට් එක අල්ලන් එයාගේ පිටිපස්සේ හැංගිලා ඉන්නේ...ජිමින් ඉන්නේ හොදටම බය වෙලා..

🐰 මන් යන්නම්..

🐯 අනි එපා...ඇතුලේ වෘකයෙක් ඉන්නවා..එයාගේ සුවද මට හුරු නෑ..

🐰 එයාව මන් දන්නවා අනේ...ඔහොම ඉන්න...

ටේහ්‍යුන්ගේ අතට හුරතලේට පාරක් ගහලා ජන්ග්කුක් ඇතුලට ගියා..ටිකක් වෙලා ගිහින් ජන්ග්කුක් එලියට ආවේ ලොකු සිල්වර් පාට ඇගේ කලු ඉරි තුනක් තියෙන ඇල්ෆා කෙනෙක්ගේ පිටේ නැගලා හෙන ආඩම්බරෙන්...

🐯 කුකී !!

🐰 මේ බලන්න එයා හුරතල් නේද ??

🐱 ගර්...ර්...ර්...

ජන්ග්කුක් ඇල්ෆා යූන්ගිගේ පිටේ ඉදන් බූල් පිරිමදින ගමන් එයා හුරතල් කියනකොට ඇල්ෆා ජන්ග්කුක්ට පොඩ්ඩක් ගෙරෙව්වා..දෙයියනේ ඇල්ෆා කෙනෙක් කවද්ද හුරතල් උනේ...හැබැයි ඉතින් ජෙලි ටේට නම් ඉරිසියාව පහල වෙලා හිටියේ...

🐯 මගේ ඇග අස්සෙන් එන්න මිනි...බය වෙන්න එපා..ඒ යූන්ගි හ්‍යුන්ග්නේ..

එයාගේ පිටිපස්සේ හැංගිලා හිටිය ජිමින්ව ඉස්සරහට ගන්නකොට තමා ටේහ්‍යුන් දැක්කේ ජිමින්ගේ කහ පාට ඇස් ඇල්ෆාගේ පැත්තට හැරවිලා තියෙනවා...ඇල්ෆාගේ රතු ඇසුත් තිබ්බේ ජිමින්ගේ ලග..එයා ටික ටික ජන්ග්කුක්වත් කරේ තියාගෙන ජිමින් ලගට ඇවිල්ලා ඉව කරනකොට ජිමින් තදින් ඇස් දෙක වහගත්තා....වෙන්නේ මොකක්ද කියලා ජන්ග්කුක්ට වගේම ටේහ්‍යුන්ටත් තේරුම් ගන්න අමාරු උනේ නෑ...

🐰 ඔමෝ...මගේ හ්‍යුන්ගිගේ මේට් හම්බුවෙලා....

පරිස්සමින් ඉන්න

සරන්හේ ❤️❤️❤️❤️