Chapter 18: chapter 17

My Little Wolfie | TK || CompletedWords: 26048

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

..............................................................................................

🐯 බේබි ඔයාට ශුවර්ද මෙතන ඉදන් තනියම යන්න පුළුවන් කියලා ??

ගෙදර උදේ උන කලබගෑනියට පස්සේ අවසානයේ ජෙනිගෙයි කායිගෙයි වෙඩින්ග් එක ඉක්මනට ගන්නවා කියලා කතා වෙලා ප්‍රශ්නේ විසදුනාට පස්සේ හැමෝම හවස තියෙන ලෙක්චර්ස් එන්න පටන් ගත්තා...ටේහ්‍යුන්ගේ බයික් එකේ මගක් වෙනකම් ජන්ග්කුක් ආවත් මගින් බැහැලා ඉයුන්වූ එක්ක පයින් යන්න පටන් ගත්තේ ජන්ග්කුක් කොලේජ් ආපු ගමන් ටේහ්‍යුන් එක්ක ගිහින් හැමෝගෙම අවදානමක් ගන්න ඕන නෑ කිව්ව නිසායි..ටේහ්‍යුන්ට උනත් ඒක හොදයි කියලා හිතුනේ ටේහ්‍යුන්ව ලබා ගන්න දගලන කට්ටිය එයාගේ හා පැටියාට කරදරයක් කරයි කියලා දැනුන නිසායි...ඒත් ඉතින් එයාට එයාගේ බේබිව දාලා යන්න බැහැලුනේ..

🐰 දේ හ්‍යුන්ගී...ඉයුන්වූ තව ටිකකින් මෙතනට එයි..

🐯 එයා එනකම් මන් ඉන්නම්..

බයික් එකෙන් බැහැලා බස් හෝල්ට් එකෙන් ඇවිල්ලා ජන්ග්කුක් ඉන්න තැනින් වාඩි වෙන්න හැදුවත් ජන්ග්කුක් ටේහ්‍යුන්ව ටිකක් ඈතින් වාඩි කරවලා එයාගේ හෙල්මට් එකවත් ගලවන්න දුන්නේ නෑ...වටේ පිටේ මිනිස්සු ටේහ්‍යුන් දිහා බලන්නේ පිස්සෙක් ගානට..ඇයි ඉතින් මොන මිනිහාද ෆුල්ෆේස් හෙල්මට් එකක් දාගෙන බස් හෝල්ට් එකක වාඩි වෙලා ඉන්නේ...

🐯 බබා මන් මේක ගලවන්නම්කෝ...දාඩියයි අනේ..

ටේහ්‍යුන් බස් හෝල්ට් එකෙන් වාඩි වෙලා 10 වෙනි පාරටත් ජන්ග්කුක්ගෙන් අහනකොට 10 වෙනි පාරටත් ජන්ග්කුක් දුන්නේ එකම උත්තරේ...

🐰 එපා එපා...කවුරු හරි දකිවි...

ජන්ග්කුක් අහක බලාගෙන ටේහ්‍යුන්ට නෙමෙයි කියන්නෙ වගෙ කියනකොට ටේහ්‍යුන් අඩි පොලොවේ ගගා පරක්කු වෙන ඉයුන්වූව ඩෙවල් දාන ගමන් හිටියේ...

🐯 හරියට මන් හොරෙක් , මංකොල්ල කාරයෙක්, දූෂකයෙක් වගෙනේ ලෝකෙන් මූන හංගන් ඉන්නේ ?? මොකක්ද බබා ගලවන්නම්කෝ..කවුරුත් දකින්නේ නෑ..

🐰 එපා කිව්වානේ...

ටේහ්‍යුන්ගේ පුංචි හා පැටියා මේ පාර නම් ටිකක් සැරෙන් කිව්වාම ටේහ්‍යුන් අඩි පොලොවේ ගගා බස් හෝල්ට් එකේ නට නට කෑ නහයෙන් අඩන්න පටන් ගත්තා..ඒත් ජන්ග්කුක් ටේහ්‍යුන් එයාගේ කවුරුත් නෙමෙයි වගේ අහක බලාගෙන හිටියා..ජන්ග්කුක් උනත් දැන් හිටියේ ඉයුන්වූ පරක්කු උන එකට හොද හේතුවක් නැති උනොත් එවෙලේම ඇගට බලු මැක්කෝ ටිකක් ගෙනත් දාන්න...ටේහ්‍යුන් වගේ බලු මස්..ආහ් නෑ වෘක මස් ඩෙවල් දානවා වගේ දරුණු දේවල් ජන්ග්කුක් හිතන්නේ නෑ...එයා හුගක් අහින්සක පුළුවන් බෝලයක්නේ...

💛 මන් පරක්කු උනාද කුකී ??

බස් එකෙන් බැහැලා ජන්ග්කුක් ලගින් වාඩි උන ඉයුන්වූ අහනකොට ටේහ්‍යුන් නැගිටලා ඉයුන්වූ ලගට ආවා..

🐯 අපෝ නෑ..

තමුසේ තව ටිකක් වෙලා හිටියොත් මන් තමුසෙව ඩෙවල් දාන්න හිටියේ..

💛 ඔ..ඔයා ක..කවුද ??

හෙල්මට් එකක් දාගෙන තමන් ලගට ආපු කෙනාව අදුරගන්න බැරුව ඉයුන්වූ ජන්ග්කුක් ඉස්සරහින් එයාව කවර් කරගෙන හිටගත්තා..ටේහ්‍යුන්ට ඉයුන්වූ ජන්ග්කුක්ව ආරක්ෂා කරන්න හිතාගෙන ඉස්සරහට ආවට මොකද කොල්ලා ඉන්නේ අම්බානක බය වෙලා කියලා තේරුනා.

🐯 මන් ද ?? මන් තමුන්ගේ මාරයා..

ටේහ්‍යුන් එයාහේ කටහඩ පොඩ්ඩක් වෙනස් කරලා සැරෙන් කියලා හයියෙන් හිනා වෙනකොට ඉයුන්වූ ඇත්තටම හිතුවේ ඒ ඉන්නේ මාරයා කියලා..මොකෝ ඉතින් කොල්ලා මාරයා දැකලා නෑනේ ඇත්තට කොයි වගේද බලන්න..ඉයුන්වූටගේ කකුල් දෙක හිටන් වෙව්ලනකොට ටේහ්‍යුන් හිනාව කාගෙන බලන් හිටියේ..ඒ අස්සේ හෙල්මට් එක අස්සෙන් ටේහ්‍යුන්ගේ දිලිසෙන රතු ඇස්වල ඡායාව පේනකොට ඉයුන්වූට ටොයිලට් යෑමේ අවස්තාවකුත් ඇවිල්ලා තිබ්බේ....මේ අතරේ ජන්ග්කුක් නම් ඉතින් බෙන්ච් එකේ වාඩි වෙලා මේ සිද්දිය බෑග් එකේ තිබ්බ බනනා මිල්ක්ශේක් එකක් බොන ගමන් බලන් හිටියා..එයා කොහොමත් ලයිව් ෆිල්ම් බලන්න ආසයිනේ..

💛 ම..මාරයා හෙ..හෙල්මට් දානවාද ??

බයෙන් හිටියත් ඉයුන්වූ එයාගෙ හිතේ තියෙන ප්‍රශ්නේ අහනකොට ටේහ්‍යුන් ඉයුන්වූ දිහා බැලුවේ මේ මොන මෝඩයෙක්ද කියන ලුක් එකෙන්..වෙලාවට ඒක පෙනුනේ නෑ..හැබැයි ඉතින් ටේහ්‍යුන් එක දෙයක් තේරුම් ගත්තා...ඉයුන්වූ කියන්නේ තනිකරම ජැක්සන්ගෙම මල්ලි කියන එක..

🐯 මොර්ඩ්න් මාරයා එහෙම තමා...මගෙ ඇස් දැක්කොත් තමුන්ට මැරෙන්න වෙන නිසායි මන් හෙල්මට් එකක් දාගෙන ආවේ..ඒක වැඩක් නෑ..ආයි පරක්කු වෙලා ආවොත් එහෙම මන් තමුන්ව අපායට අරන් යනවා..තේරුනාද ??

ටේහ්‍යුන් සැරෙන් කියනකොට ඉයුන්වූ හෙන හයියෙන් ඔලුව වනාගෙන වනාගෙන ගියා..කටින් පනින්න යන හිනාවත් නවත්තගෙන තව ටිකක් ඉයුන්වූව බය කරන්න හිතාගෙන ඉයුන්වූගේ මූනට එබුනා..

🐯 මන් කියන විදියට සද්දෙන් කියනවා..හරිද ??

ටේහ්‍යුන් එහෙම කිව්වාම ඉයුන්වූ හා කියලා එක දිගට ඔලුව වැනුවා..

🐯" ගැත්තාට සමාවෙන්න උතුමාණනි..මන් ආයි ජීවිතේට පරක්කු වෙලා එන්නේ නෑ...එහෙම පරක්කු වෙලා ආවොත් ඔබ තුමා දෙන ඕනම දඩුවමක් පැකිලීමකින් තොරව සිදු කරන බවට දිවුරා පොරොන්දු වෙමි..."

කෝ කියනවා..

💛 උ..උ...උතු...ම..ම..මන්..අ..ආ...ආයි...

🐯 වෙව්ලන්නේ නැතුව සද්දෙන් කියනවා..

💛 උතුමාණන්ට සමාවෙන්න ගැත්තානනි..මන් ආයි ජීවිතේට පරක්කු වෙලා එන්නේ නෑ...එහෙම පරක්කු වෙලා ආවොත්...මාර තුමා දෙන ඕනම දඩුවමක්...පැකි...පැකි...පැකියකින් තොරව සිදු නොකරන බවට දිවුරා පොරොන්දු වෙමි...

හයියෙන් කෑ ගහලා ටේහ්‍යුන් කියපු ඒවත් වචන පටලව පටලව එහෙම කියපු ගමන් ඉයුන්වූ එකපාරටම ටේහ්‍යුන්ගේ කකුල් දෙක ලග දනගහගෙන අත් දෙකත් ලන් කරගත්තා..

💛 මේ ඇත්තමයි මාරයා උතුමාණනි...මන් ආයි පරක්කු වෙන්නේ නෑ..සත්තමයි...මාව අපායට අරන් යන්න එපා...තාම මේට්ව සෙට් උනෙත් නෑ...ඊට පස්සේ ඕන එකක්..ඇත්තමයි මගේ මෝඩ හ්‍යුන්ග් එයාගේ මෝඩ මේට් එක්ක කොහෙද ගිහින් රෑ ආවේ නෑ...එයා නැති නිසායි මට නැගිටින්න පරක්කු උනේ..ඕනම නම් හ්‍යුන්ග්ව අපායට අරන් යන්න..එයා ගොඩක් වැරදි කරන කෙනෙක්..මන් වගේ හොද ලමයෙක් නෙමෙයි...

ඉයුන්වූ අත් දෙක එකට අතුල්ල අතුල්ල එහෙම කියනකොට ටේහ්‍යුන් මෙච්චර වෙලා හිරකරන් හිටපු හිනාව පැන්නා...ටේහ්‍යුන්ගේ හිනාව්ව්ව් සද්දෙට මෙච්චර වෙලා මේ නාට්‍ය බලාගෙන හිටිය ජන්ග්කුක්ට බනනා මිල්ක්ශේක් එක පොඩ්ඩක් හිරත් උනා..හැබැයි ඉයුන්වූ නම් තාමත් එහෙම්ම ඉදගෙන මාරයා හිනා වෙනකොට ඇත්තටම භායනකයි කියලා හිත හිත හිටියා...

🐰 අපි යමු..පරක්කු වෙනවා...

වෙලාව බලලා එහෙම කිව්ව ජන්ග්කුක් පුටුවෙන් නැගිටලා ඉයුන්වූට නැගිටින්න අත දික් කරා..ටේහ්‍යුන් නම් තාමත් හිනා වෙනවා..

💛 ම..මාර තුමා..

🐰 අයිගෝ මේ ඉන්නේ මගේ ටේටේ හ්‍යුන්ග් අනේ..

ඉයුන්වූ තාම බයෙන් නිසා ඉක්මනට හිත උනු වෙන ජන්ග්කුක් ඉයුන්වූට මාරයා කවුද කියලා කිව්වාම කොල්ලා මාරයට වඩා බය උනා ටේහ්‍යුන්ට..මොකද ඉතින් මාරයාව ශේප් කරත් වැරදි කරලා අහුවෙන ටේහ්‍යුන්ගෙන් ශේප් වෙන්න බැහැ කියලා ඉයුන්වූ හොදාකාරවම දන්නවානේ...

💛 කුකී දුවමු..

ජන්ග්කුක්ගේ අතින් අල්ලගත්ත ඉයුන්වූ පස්සවත් නොබලා ජන්ග්කුක්වත් ඇදගෙන දිව්වේ ටේහ්‍යුන් තාම හිනාව නවත්තගන්න බැරුව දගලනකොටයි..කොහොම හරි ඉතින් හිනාව නවත්තගෙන බයික් එකට නැගලා ටේහ්‍යුන් එයාගේ හා පැටියාගේ පස්සෙන් හිමීට ගියේ ජන්ග්කුකව කොච්චර උනත් තනියම දාලා යන්න බැරි නිසායි..

මේ අතරේ යූන්මින්, හෝප්ජැක් එක කාර් එකක ගියත් ජින් ආවේ ටිකක් පරක්කු වෙලා..කොලේජ් එන්න ඕන නිසා ජින් ආවත් එයාට නම්ජුන් ඉස්සරහට යන්න තරම් හිතක් දුන්නේ නෑ...කාර් පාර්ක් එකේ කාර් එක නවත්තපු ජින් හිමීට අඩිය තියන ගමන් කොලේජ් එක ඇතුලට ආවා..එහෙම්ම ලෙක්චර් හෝල් එකට යන්න හදලත් නිකමට වගේ එයාලා කට්ටිය යන සමර්හට් එකට ගියේ නම්ජුන්ගේ ඡායාව හරි දකින්න ආසාවෙන්..ලබා ගන්න බැරි උනත් බලලා හරි සතුටු වෙන්න හිතන් ජින් නම්ජුන්ව හොයන් ගියාම එයා දැක්කේ සමර්හට් එකේ බෙන්ච් එහෙක හාන්සි වෙලා ඉන්න නම්ජුන්ව..

හොරෙන් හොරෙන් ලගට ගියාම තමයි ජින් දැක්කේ නම්ජුන් නිදාගෙන ඉන්නෙ කියලා..හිමීට නම්ජුන් ලගට ලන් වුන ජින් නම්ජුන්ගේ මූන ඉස්සරහින් දන ගහලා වාඩි වුනා..

🐹 ඔයා නිදාගෙන ඉන්නකොට හුගක් හුරතල් ජුනී..කන්න හිතෙනවා..

නම්ජුන්ගේ මූන දිහා බලාගෙන ජින් මුමුනනකොට නම්ජුන්ට ඇහැරුනා..ඒත් එයා ඇස් ඇරලා බලන්න උත්සාහ කරේ නෑ..මොකද එයා දන්නවා දැන් එයා ඇස් ඇරියොත් ජින් මෙතනින් යනවා කියලා..ඒ නිසා ජින් මොනවාද කියන්නේ කියලා නම්ජුන් අහගෙන හිටියා..

🐹 හ්ම්...මට ඔයාව බදාගන්න ඕන ජුනි...ඔයාගේ තොල්වල රස බලන්න ඕන...ඔයාගේ උනුහුමේ ගුලි වෙලා ඉන්න ඕන...ඒත් මන් කොහොමද ඒක කරන්නේ...ඔයා මාව මෙහෙම මගාරිනකොට මගේ පපුව පැලෙන්න වගේ රිදෙනවා ජුනි...මට නිකන් දැනෙන්නේ මන් හුස්ම ගත්තාත් මන් මැරිලා වගේ..මට තේරෙන්නේ නෑ ජුනි මන් මොනවා කරන්නද කියලා...ඒත් මන් එක දෙයක් දන්නවා..මන් ඔයාට ආදරෙයි..හුගක් ආදරෙයි...ඔයා මගේ පස්සෙන් ආදරෙයි කිය කිය ආවම මන් ඔයාව බැනලා එලෙව්වේ බොරුවට...මට ඕනේ හැමදාම ඔයා මගේ පස්සෙන් එනවා බලන්න..මට ආදරෙයි කියනවා බලන්න...ඒත් දැන් ඔයා වෙනස් වෙලා..මන් දිහා බලන්නෙවත් නෑ...ඔයා හරි නරකයි ජුනි...අඩුම මට සැර කරන්නවත් මන් දිහා බලන්න බැරිද ?? අඩුම බනින්න හරි මට කතා කරන්න බැරිද ?? මට මෙහෙම ඔයාගෙන් ඈත්වෙලා ඉන්න බෑ ජුනි...මගෙ යාලුවෙක් විදියට හරි ඉන්න..මන් දන්නවා අපිට එකතු වෙන්න බැහැ කියලා...ඒත් අපිට යාලුවෝ වගේ හරී ඉන්න පුළුවන් නේද ?? මන් හොරෙන් ඔයාට ආදරේ කරන්නම්..මේ ආදරේ මගෙ හිත අස්සෙම තියාගෙන ඉන්නම්...මට සමාවෙන්න ජුනි ඔයාට රිද්දනවාට...ඔයාට ආදරේ කරත් මට ඔයාව අයිති කරගන්න බැහැ...ඒත් මන් ඔයාට හුගාක් ආදරෙයි ජුනි..

ජින් එයාගේ හිතේ තියෙන හැමදෙම කියලා නම්ජුන් නිදිද කියලා බලලා ඉක්මනට නම්ජුන්ගේ තොල් වලට පෙක් එකක් දීලා දිව්වා...ජින් දුවපු ගමන් නම්ජුන් ඇස් ඇරියේ ජින්ගේ හුරතල් වැඩවලට තොල් අතරේ හිනාවක් තියාගෙන වගෙම මෙච්චර වෙලා ඇස්වල ජින් මෙතනින් යනකම් පරිස්සමට තිබ්බ කදුලු ටික වැටෙන්න දීලායි...නම්ජුන්ට සතුටුයි..එයාගේ ආදරේ එයාට ආදරෙයි කිව්වා..ලන් වෙන්න බැරි හේතුව මොකක්ද කියලා නොකිව්වාත් ජින් එයාට ආදරෙයි කියලා දැන ගත්ත එකට ජූන්ට සතුටුයි...ඒත් ඊට වඩා දුකයි...එයාගේ ජින් එයාට ආදරේ කරලත් එයාට එයාව ලන් කරගන්න විදියක් නෑ..ඊයේ එයාගේ හ්‍යුන්ග් කෝල් කරලා කිව්වේ නැත්තම් එයාගේ අප්පා ජින්ව මරන්න හදන්නේ කියලා නම්ජුන්ට එයාගේ ආදරේ ඊයේ නැති වෙන්න තිබ්බා..ඉතින් නම්ජුන් බයයි එයගේ ජින්ට ලන් වෙලා එයාගේ ආදරේ අනතුරේ දාන්න...

ආහ්ම්...මන් මේ කියන්නේ නම්ජුන් දන්නේ නෑනේ ඉතින් එයාගේ හුරතල් ජින් රාජකීය ඇල්ෆා කෙනෙක් කියලා...එක්කෝ ඕක කිව්වා නම් මොකද වෙන්නේ දෙයියනේ...මුන් දෙන්නාම නිකන් දුක් විදිනවානේ...

🐵 ජූන් උබට හොදින්ද ??

හොබි , යූන්ගි කැෆටේරියා එකට ගියාම ජැක්සන් සමර්හට් එකට ආවේ ජුන් එකේ ඉන්නවා කියලා දැනගෙන උනත් ඒකේ බෙන්ච් එකේ වාඩි වෙලා හිනා වෙවී තොල් අල්ලන් ඇස්වල කදුලු පුරවන් අඩන නම්ජුන්ව දැකලා ජැක්සන් බය උනා ජින් එයාට අකමැති නිසා ජූන්ට පිස්සු හැදිලා කියලා..නම්ජුන් ජින්ට ලව් කියලා දන්නෙ ජැක්සන් විතරයි..දැන් මෙහෙම නම්ජුන් පිස්සෙක් වගේ ඉන්නකොට ජැක්සන්ට තමන්ගේ හොදම යාලුවා ගැන දුක හිතුනා..

🐨 වේ ??

මෙච්චර වෙලා මනෝලෝකේ හිටිය ජූන් එවෙලේ තමා හරි සිහියට ආවේ..ඉක්මනට ඇස්වල කදුලු පිහිදගත්ත ජූන් මුකුත් උනේ නෑ වගේ හිටියා..

🐵 මට කියපන් ජූන්...උබට පිස්සු හැදීගෙන එන්නේ එහෙම නෑ නේද ?? අපි ඩොක්ටර් කෙනෙක් හම්බුවෙමුද ?? ඕවට දැන් ඉදන් ම බෙහෙත් කරේ නැත්තම් පස්සේ හොද කරන්න අමාරුවෙයි..

🐨 මට ඇති පිස්සුවක් නෑ බම්ලෝ...

🐵 එහෙනම් මොන රෙද්දකට තොල් අල්ලන් හිනා වෙවී අඩන්නේ ??එක්කෝ අඩපන්..නැත්තම් හිනා වෙයම්..මට හිතෙන්නේ උබට පියිත්තියන්ද ??

🐨 ආයිශ් උබටත් ඕන නැති එකක් නෑ..

නම්ජුන්ගේ සුව දුක් බලන්න ලගින් වාඩි උන ජැක්සන්වත් තල්ලු කරන් නම්ජුන් එතනින් නැගිටලා ගියේ ආයි දෙවෙනි දවසෙත් ජැක්සන්ගේ පස්ස පොලෝමාතාවට සිප ගන්න සලස්වලයි..කලින් දවසේ රෑ හොබිත් එක්ක අල්ලන සෙල්ලම් කරලා අමාරුවෙන් හිටිය ජැක්සන්ට ඉතින් මේ පාර නම් තරු විසික් උනා..

🐵 මොන මගුලක්ද යකෝ...උබලා ඔක්කොගෙම කේන්ති මගේ රත්තරන් පස්සෙන් යවන්නේ..ඒ අහින්සකයා මේවාට පලි නෑනේ...

.

.

.

අද චැප්ටර් එක කොටයි කියලා දන්නවා 🥺

මට ඊලග මාසේ exam ලමයි...ඒ නිසා ආයි මාසෙකට අප්ඩේට් දෙන්න වෙන්නේ නෑ...ඒකයි මේ අද පාඩම් කරන අස්සේ පොඩි චැප්ටර් එකක් ලිව්වේ...

මන් ඔයාලගේ කමෙන්ට් ඔක්කොම කියවනවා හරිද 🥺ඒත් රිප්ලයි කරන්න වෙලාවක් නෑ..සොරි හොදේ...එක්සෑම් ඉවර උන ගමන් ඔක්කොටම රිප්ලයි කරලා අප්ඩේට් එක දිගට දෙන්නම් 😁

.

.

පරිස්සමින් ඉන්න

සරන්හේ ❤️❤️❤️