Chapter 20: chapter 19

My Little Wolfie | TK || CompletedWords: 30044

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

..............................................................................................

🐹 දැන්වත් උනේ මොකක්ද කියන්න !!

කිම් මෙන්ශන් එකට ආපු ගමන් ජින්ගේ පලවෙනි ප්‍රශ්නේ මතු උනේ ටේකුක් එක්ක එහා පැත්තේ ආපු ගමන් සෙටියට වැටිලා නිදන් ඉන්න යූන්ගි දිහාටයි..

Mrs.kim : මොකක්ද උනේ ජිනි ?? ඇයි අද වේලාසනින්..

කිචන් එකේ ඉදන් මිසිස් කිමුත් ආවම ජින් ලොකු හුස්මක් පහලට දැම්මේ දැන් උන දේ එයාලාගේ ඩ්‍රාමා කින්ග් මමාට කිව්වොත් මෙතන ලොකු විනාසයක් කරන නිසායි..ඒත් ඉතින් මේ උන දේ නොකිය ඉන්නත් බැහැනේ..ටේහ්‍යුන්ගේ ජිවිතේට මේ උන දේ ලොකු තර්ජනයක්..බැරි වෙලාවත් ජන්ග්කුක්ට ටේහ්‍යුනව ආරක්ෂා කරන්න බැරි උනා නම් ටේහ්‍යුන් මේ වෙනකොට ජීවතුන් අතර ඉදීවි කියන එකවත් විශ්වාස නෑ..

🦄 දැන් ඉතුන් මමාටත් කියපන්..

කජු ලෙල්ලක් වගේ තියෙන ජින්ගේ මූන දිහා බලලා හොබි කිව්වාම ජින් හොබි දිහා එයාව බේරගන්න කියන්න වගේ ලුක් එකක් දැම්මා..හොබී නම් ඒක දැක්කේ නෑ වගේ අහක බලාගත්තා..

🐯 මුකුත් උනේ නෑ මමා...මමා අද හොස්පිටල් ගියේ නැද්ද ??

Mrs.kim : අද මගේ හිතට හරි නෑ වගේ දැනුනා..ඒ නිසා ගියේ නෑ...ප්‍රශ්නයක් උනේ නෑ නේද බෙයර් ??

🐯 අපි හොදින් මමා

ටේහ්‍යුන් එයාගේ ඔඩොක්කුවේ නිදාගෙන ඉන්න ජන්ග්කුක්ගේ නලල ඉබින ගමන් ජින්ව බේරගන්න කිව්වාත් ඊට තප්පර ගානකට පස්සේ කඩාගෙන බිදගෙන කදුලුත් පුරෝගෙන ගෙට ඇතුල් උන ජෙනි නිසා කිචන් එකට යන්න හැදුව මිසිස් කිම් ආයි හැරුනා..

🌺 බෙයාර්...ඔයාට මොකක්ද උනේ රත්තරන්..

ඔයා හොදින්ද ??

ජෙනි ආපු ගමන් ටේහ්‍යුන්ගේ ඔඩොක්කුවේ නිදාගෙන ඉන්න ජන්ග්කුක්ව එක්කම ටේහ්‍යුනව බදාගෙන අඩනකොට මිස්ටර් කිම් එක්ක කායිත් ඇතුලට ආවේ මොකක්ද උනේ කියලා හිතාගන්න බැරුවයි..මිස්ටර් කිම් මිසිස් කිම්ගෙන් ඇයි කියලා ඇස්වලින් ඇහුවත් මිසිස් කිම් දන්නේ නෑ කියලා උරහිස් හකුලලා ආයි බලන් හිටියේ ඔහේ බලාගෙන ඉන්න ටේහ්‍යුන් දිහායි එයාව එහෙට මෙහෙට හරව හරව අඩ අඩ ටේහ්‍යුනව චෙක් කරන ජෙනි දිහායි.

🐯 පොඩී මන් හොදින් ඉන්නේ !! කලබල වෙන්න එපා..ඔයාට ඔය කාලෙදි කලබල වෙන්න හොද නෑ කියලා දන්නවානේ..

ජෙනීගේ ඇඩිල්ලට ඇහැරිලා බය වෙලා වගේ බලන් ඉන්න ජන්ග්කුක්ව උස්සලා අරගෙන එහා පැත්තේ ඉන්න යූන්ගිගේ ඔඩොක්කුවෙන් තියලා ටේහ්‍යුන්ගේ ජෙනීව එයාගේ තුරුලට අරන් ජෙනීව සන්සුන් කරන්න පටන් ගත්තා..

🌺 කොහොමද බෙයාර් මන් කලබල නොවී ඉන්නේ ?? ලෙක්චර්ස් ඉවර වෙලා ආපු ගමන් ලමයි දෙන්නෙක් ඔයා ගැන කතා වෙනවා ඇහුනා මට..මොනවාද කිව්වේ දන්නවාද ?? එයාලා කිව්වා මැට්ච් එක මැද්දේ ඔයා කලන්තේ දැම්මා කියලා..මගේ පපුව නතර උනා වගේ මට දැනුනේ..මන් ඔයව හැමතැනක හෙව්වා..අන්තිමට නම්ජුන් තමයි මට කිව්වේ ඔයා ගෙදර ගියා කියලා..මන් කොච්චර බය උනාද ??

🐯 ශ්ශ්...හරි හරි දැන් මන් හොදින්නේ...

ජෙනි එක දිගට කියාගෙන යනකොට ටේහ්‍යුන් ජෙනීව තද කරලා එයාට තුරුල් කරගත්තා..මිසිස් කිම් වගේ මිස්ටර් කිමුත් ජෙනී කියන දේවල් අහගෙන හිටියේ ඇස්වල කදුලු පුරොගෙන..මොකද කොච්චර ශක්තිමත් උනත් ටේහ්‍යුන් කියන්නේ එයාලගේ හුරතලේ...ටේහ්‍යුන්ට හීරිමක්වත් වෙනවට එයාලා කැමති නෑ..

Mr.kim : පුතා මොකක්ද උනේ ?? කට්ටිය එක්ක බොරු කියන්න නම් ලෑස්ති වෙන්න එපා..

මිස්ටර් කිම් ලගට ඇවිල්ලා අහනකොට ටේහ්‍යුන් ලොකු හුස්මක් පහලට දාලා වෙච්චි දේවල් කියන්න පටන් ගත්තා.

🐯 හරි හරි..මන් ප්ලේ කර කර හිටියේ...ඒත් එකපාරටම මගේ ඔලුව ඇතුලෙන් කවුරු හරි කතා කරනවා වගේ දැනුනා..හරියට කවුරු හරි මාව පාලනය කරන්න හදනවා වගේ..ඒක දරාගෙන ඉන්න බැරිම තැන මගේ අතින් බෝලේ ඇතෑරුනා..බනීගේ හැගීම් එකපාරටම මට දැනෙන්න ගත්තා...බනී හිටියේ බය වෙලා..ඒ වගේම ලොකු කේන්තියක් ඒ හැගීම් එක්ක තිබ්බා..මන් ඒ නිසා බනී හිටපු තැන බැලුවත් එයා පේන්න හිටියේ නෑ...ඊට පස්සේ මට එක එක රූප පේන්න පටන් ගත්තා..පුපුරන්න වගේ තිබ්බ ඔලුවේ කැකුමත් එක්ක මන් දැක්කා බනී හිටියේ කාත් එක්ක හරි කතා කර කර..ඒ කවුද කියලා මට පෙනුනේ නෑ..ටිකකින් එයාලා දෙන්නාම ගබඩා කාමරෙන් මතු උනා..බනි එයා එක්ක මොනවා හරි කතා කරනවා මන් දැක්කා..ඊට පස්සේ බනි මොනවා හරි මැතුරුවා..එවෙලෙ නිකන් මගේ ඔලුව දෙපැත්තට අදිනවා වගේ මන් දැනුනේ..ඒත් එක්කම මට සිහිය නැති උනා..

🦄 පොඩ්ඩක් ඉන්න..කුකීට පුලුවන් ද ටෙලිපෝර්ට් වෙන්න ??

හැමෝගෙම හිතට ආපු ප්‍රශ්නේ හොබි අහනකොට ටේකුක් ඩබල ඔව් කියලා ඔලුව වැනුවා..

🐵 ක..කවදා ඉදන්ද ??

🐯 අද ඉදන්..

🐥 ඒ කිව්වේ ??

හැමෝගෙම තුශ්නිම්භූත උන මූන දිහා බලන් ඉදලා අන්තිමට යූන්ගි හැමදේම පැහැදිලි කරන්න පටන් ගත්තා..

🐱 කුකී අද පලවෙනි වතාවට එයාගේ මායා බලය පාවිච්චි කරා...ඒකයි එයාට ටෙලිපෝර්ට් වෙන්න පුලුවන් උනේ..මෙච්චර කාලෙකට කුකීගේ ඔමෙගා වගේම මායා ශක්තියත් හැංගිලා තිබ්බේ..මන් මෙච්චර කල් කුකීගේ මායා ශක්තිය එලියට ගන්න ක්‍රමයක් හෙව්වා..මොකද ඔමෙගාටත් වඩා කුකීගේ මායාවන් එයාව ආරක්ෂා කරනවා..දැනට තියෙන ශක්තිමත් ම මායව අයිති කුකීට...හරියටන බැලුවොත් කුකී තමයි දැනට ඉන්න දක්ෂතම මායාකාරය..ඒත් ඒ මායාව කුකීගේ ඇග ඇතුලේ හැංගිලා හිටියේ...කොහොම හරි අන්තිමට ඉතින් කුකීගේ මායා ශක්තියත් එලියට ආවේ ටේහ්‍යුන් නිසාමයි..මට විශ්වාසයි කුකීගේ ඔමේගවත් එලියට ගන්න පුලුවන් ටේහ්‍යුන්ට විතරයි..ඒත් මන් දන්නේ නෑ ඒක කොහොමද කරන්නේ කියලා...මොනවා උනත් කුකීගේ ඔමෙගට වඩා මායා බලය භයානකයි..කුකී මායාව අර ආපු මායාකාරයට විරුද්දව පාවිච්චි කරනකොට ඒක මටයි රෝස්ටයි දැනුනා..මට හිතුනා ඒ මායාකාරයා කුකීගේ මායාව නිසා අලු වෙලා යයි කියලා..මොකද මට ඒ තරමට ශක්තියක් වගේම කේන්තියකුත් දැනුනා...

යූන්ගි කුකී ගැන හෙන දරුණුවට කියනකොට හැමෝම බැලුවේ යූන්ගිගේ ඔඩොක්කුවේ ඉදන් ටේහ්‍යුන්ගේ ශර්ට් එකේ කොනක් අල්ලන් ඒක එක්ක සෙල්ලම් කරන අහින්සක කොලු පැටියට මෙච්චර දෙයක් කරන්න පුලුවන්ද කියලායි..ඔහ් ගෝඩ් ඒ හුරතලේ කොහොමද එහෙම දරුණු මායාකාරයෙක් වෙන්නේ ??

Mr.kim : මොකක්ද මායාකාරයන්ගේ කතාව ??

🐰 එයාලා ටේටේ හ්‍යුන්ග් ගැන දැනගෙන..එයාලට ඕනේ හ්..හ්‍යුන්ග් මායා බලය එයාගේ අතට ගන්න කලින් හ්..හ්‍යුන්ග්ව ම..ම..මරන්න...

මෙච්චර වෙලා නිහඩව හිටපු ජන්ග්කුක් කතා කරන්න ගත්තාත් ටේහ්‍යුන්ව මරන්න හදනවා කියන එක කියන්න තරම් ජන්ග්කුක්ට ශක්තියක් තිබ්බේ නෑ...මොකද ටේහ්‍යුන් නැති තප්පරයක් ගැනවත් ජන්ග්කුක්ට හිතාගන්නවත් බෑ..ආයි පාරක් කදුලු පුරවන් ජන්ග්කුක් අඩන්න ගන්නකොට ටේහ්‍යුන් යූන්ගිගේ ඔඩොක්කුවෙන් ජන්ග්කුක්ව ආයි එයාගේ ඔඩොක්කුවට ගත්තා..

🐯 බේබි ඔයා ආයි අඩනවානේ...ඔයා ඉන්නකම් මට මුකුත් වෙන්නෙ නෑ බනි..මේ බලන්න මන් හොදින් නේ !!

ටේහ්‍යුන් අඩන ජන්ග්කුක්ගේ මූන උඩට උස්සලා කදුලු පිහිදන ගමන් කියනකොට ජන්ග්කුක් ටේහ්‍යුනව තවත් තද කරලා බදාගත්තා..

🐰 ම..මට එ..එයාව අල්ලගන්න බැරි උනා..එ..එයා කිව්වා ආයි එනවා කියලා..හ්‍යුන්ගිව කො..කොහොම හරි මරනවා කිව්වා...ර..රජ වෙන්න දෙන්නේ නෑ කිව්වා...ම..මාව දාලා යන්න එපා හ්‍යුන්ගී...කුකීට ටේටේ නැතුව ඉන්න බැහැ...

🐯 මේ අහන්න බේබි...මට මුකුත්ම වෙන්නේ නෑ...මන් ඔයාව දාලා යන්නේ නෑ...දැන් අඩන්න එපා මැණික..ඔයා එවෙලේ කොච්චර ස්ට්‍රෝන්ග්ව ඉදගෙන මගේ මනසේ පාලනය ඔයාගේ අතට ගත්තාද ?? එහෙම එකේ ආයි එයාලා ආවත් ඔයා ඉන්නකම් මට මුකුත් කරන්න බැහැ බනි...ඔයා මුලින්ම ඔයාව විශ්වාස කරන්න බේබි...

ටේහ්‍යුන් ජන්ග්කුක්ව තුරුල් කරන් කියනකොට ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ පපුව අස්සේ මූන ඔබන් ටේහ්‍යුන්ට තව තුරුල් උනේ හරියට ටේහ්‍යුන් එයාව දාලා යයි කියන්න වගේ..

Mr.kim : මේක සුලුවට තකන්න අපිට බෑ බෙයාර්..කුකී කියන විදියට එයාලට ඕන බෙයාර්ට කරදරයක් කරන්න නම් ඔයාගේ ආරක්ෂව අපි බලන්න ඕන..

🐯 ඔහ් ඩෑඩ් බය වෙන්න එපා...මට මුකුත් උනේ නෑනේ...

Mrs.kim : බය නොවී කොහොමද බෙයාර්..අද කුකී ඔයා ලග හිටිය නිසායි ඔයා බේරුනේ..කුකී ඔයා ලග නොහිටින වෙලේක ඒ දේ උනා නම් එහෙම..ඔයාට මොනවා හරි උනොත් අපි කාටවත් දරාගන්න බැරි වෙයි බෙයාර්...මමාගේ පපුව පැලෙයි මැණික...

මිසිස් කිම් අඩන්න ගන්නකොට ටේහ්‍යුන් එක අතකින් ජන්ග්කුක්වත් අනිත් අතින් එයාගේ මමාවත් තුරුල් කරගත්තා..දැන් ටේහ්‍යුන්ගේ වැඩේ අඩන බබාලා නලවන එක..ඒක තමා ටේහ්‍යුන් මේ ලෝකේ කරන්න අකමැතිම දේ...

🐹 මමා කලබල වෙන්න එපා...අපි බලමු මේකට කරන්න දෙයක්...අපි හොයන ගමන්නෙහ් ඉන්නේ කුකීගේ බලය ටේහ්‍යුන්ට ගන්න ක්‍රමයක්...එතකම් බෙයායි කුකීයි එකටම ඉන්න..ඔයාල දෙන්නාව ආරක්ෂා කරන්න පුලුවන් ඔය දෙන්නාටම විතරයි..

ජින් කලබල වෙලා ඉන්න හැමෝමව සන්සුන් කරන ගමන් කියනකොට හැමොම ජින් කියපු දේට එකග උනේ වෙන කරන්න දෙයක් නැති නිසායි..මොකද ටේහ්‍යුන් ශක්තිමත් වෙන්න නම් ජන්ග්කුක්ගේ බලය ටේහ්‍යුන් ලගට යන්න ඕන..එතකොටයි ඒ දෙන්නාටම ශක්තිමත් වෙලා ඉන්න පුලුවන්..ජන්ග්කුක් ලග තියෙන බලය ඔමෙගා කෙනෙක්ට සම්පූර්ණයෙන් ම දරාගන්න අමාරුයි..ඒ නිසායි ඒ බලය නිසා ජන්ග්කුක්ට හදවතේ ප්‍රශ්න වගේ අතුරු ආබාධ එන්නේ..ඒත් ඒ බලය ටේකුක් අතර බෙදිලා ගියොත් මේ ලෝකේ තියෙන ශක්තිමත් ම මේටින්ග් බොන්ඩ් එක තියෙන්නේ එයාලා දෙන්නා ලග..ඒ වගේම මේ ලෝකේ ඉන්න ශක්තිමත් ම වැම්පයර් වගේම ඔමෙගාත් එයාලා දෙන්නායි..ඉතින් එයාලා දෙන්නාව පරද්දන්න කාටවත් බෑ..

🐯 හරි දැන් මේක නවත්තමු..මිනි දැන්වත් කියන්න මැට්ච් එකට මොකක්ද උනේ ??

🐥 ඒක ඩ්‍රෝ උනා..ඊලග සතියේ ආයි මැට්ච් එක තියන කතාවක් කිව්වා..

මෙච්චර ප්‍රශ්න අස්සේ ටේහ්‍යුන් මැට්ච් එක ගැන අහන නිසා ඇස් කරකවපු ජිමින් මැට්ච් එක ඩ්‍රෝ උන එක කියලා දැම්මා..

🐯 වාහ් චින්චා...එහෙනම් මේ පාර යූන්ගි හ්‍යුන්ග් මන් ඔයාව පරද්දනවා..

🐰 එපා...

ටේහ්‍යුන් යූන්ගි දිහා කටකොනේ හිනාවක් දාගෙන කිව්වාත් එකපාරටම මෙච්චර වෙලා අඩ අඩ හිටපු ජන්ග්කුක් හයියෙන් කෑ ගහලා එපා කිව්වාම හැමෝම උඩ ගියා..

🐰 ටේටේ හ්‍යුන්ගී මැට්ච් එක දිනන්න එපා...හ්‍යුන්ගිට දිනන්න දෙන්න..මට කියන්න ඔයා මැට්ච් එක දිනින්නේ නෑ කියලා..

🐯 බබා..මගේ ඔයා මටද වැඩිපුරම ආදරේ ඔයාගේ පූස් හ්‍යුන්ග්ට ද ??

🐰 ටේටේ හ්‍යුන්ගිට..

ජන්ග්කුක් ගත් කටටම ටේහ්‍යුන් කිව්වාම ජන්ග්කුක් එයාගේ උත්තරේ විදියට යූන්ගි කියයි කියලා බලාපොරොත්තුවෙන් හිටපු යූන්ගිගේ මූන කජු ලෙල්ලක් වගේ උනා..ඕක දැකපු අනිත් අය හිනාව තද කරන් හිටියේ හිනා උනොත් කේන්ති ගියපු පූසෙක්ව බලාගන්න පුලුවන් නිසායි..

🐯 එහෙනම් ඇයි මට මැට්ච් එක දිනින්න එපා කියන්නේ ??

🐰 හ්‍යුන්ගිට ආදරේ නිසායි එපා කියන්නේ...හ්‍යුන්ගී මගේ...ටේටේ කුකීගේ විතරයි...

🐯 අයිගෝ බබා..මැට්ච් එක මන් දින්නා කියලා ටේටේව බබාට නැති වෙන්නෙ නෑනේ..

🐰 නෑ නෑ එහෙම වෙනවා..ඒ නිසා දිනින්න එපා...

🐯 බබා කියන දේ අහන්නකො...මට බැහැ මැට්ච් එක පරාද වෙන්න...මේ මැට්ච් එක කොහොම හරි මන් දිනිනවා..එච්චරයි...ඔයාගේ හ්‍යුන්ග්ව පරාද කරනවා මන් කොහොම හරි...

ටේහ්‍යුන් ටිකක් සැරෙන් ජන්ග්කුක්ට කියනකොට ඒ බෝල ඇස්වල කදුලු පිරුනත් හැමෝම හිතුවා වගේ ජන්ග්කුක් හයියෙන් අඩන්න පටන් ගත්තේ නෑ..ඒ වෙනුවට උනේ ජන්ග්කුක්ට කේන්ති ගිය එක..ඔමෙගා කොහෙත්ම ආස නෑ එයාගේ මේට්ව කිසි කෙනෙක් අල්ලනවට...ජන්ග්කුක් ඔමෙගව පාලනය කරගෙන හිටියත් අද උන දේ නිසා මෙච්චර කල් යට ගැහිලා තිබ්බ අදුරු මායාව ජන්ග්කුක්ව පාලනය කරනවා..මායාව නිසාම ජන්ග්කුක්ගේ කේන්තිය ඕනවටත් වැඩි උනා..ටේහ්‍යුන්ගේ ඔඩොක්කුවේ හිටපු ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ ඔඩොක්කුවේ දනගහලා අත් දෙක ටේහ්‍යුන්ගේ උරහිසෙන් තියලා මූනට එබුනා...වෙනදට තියෙන නිල් ඇස් මේ පාර දකින්න බය හිතෙන තරමට වෙනස් වෙලා...තද නිල් ඇස්වල කලු ඉන්ගිරියාව ඉරක් වගේ පිහිටලා තියෙනකොට ඒ කේන්තියෙන් පිරුනු ඇස් දැකලා ටේහ්‍යුන්ට කෙල ගුලියකුත් ගිලුනා..

🐯 බ...බබා...

🐰 මන් ඔයාට කිව්වේ මැට්ච් එක දිනින්න එපා කියලා...තේරුනාද ??

ජන්ග්කුක්ගේ වෙනදා හුරතල් කටහඩ වෙනුවට කේන්තියෙන් පිරුන ගැඹුරු කට හඩකින් කියනකොට ටේහ්‍යුන් බයටම ඔව් කියලා ඔලුව වැනුවා...අනිත් අයත් මේ වෙලා තියෙන්නේ මොකක්ද කියලා බය වෙලා බලන් හිටියේ..මොකද එයාලගේ හුරතල් හා පැටියා නෙමෙයි දැන් ඉන්නේ..

🐰 මන් ඇන්ඩ්‍රියාව මරනවා...

🐥 මෝ ඇන්ඩ්‍රියා ?? ඒ ඇයි ??

🐰 එයා මගේ ටේටේව මගෙන් උදුරගන්න හදන්නේ ..ඊට කලින් මන් එයාව මරනවා...ටේටේ මන් එයාව දෙකට කඩලා දාන්නද ??

මදුරුවෙක්වත් මරන්නේ නැති ජන්ග්කුක් කේන්තියත් වෛරයත් පිරුනු කටහඩකින් එහෙම කියනකොට එහෙම කියන්න හේතුවක් දන්නේ නැතත් ජන්ග්කුක් ඒක කිව්වේ ඇත්තටමයි කියලා එයාලට තේරුනා..මොකද දැන් ඉන්නේ වෙනදා ඉන්න හුරතල් ජන්ග්කුක් නෙමෙයි...

🐯 බේබි මේ අහන්න...කෝ මුලින්ම සන්සුන් වෙන්න..මන් මැට්ච් එක දිනන්නේ නෑ..හරිනේ..ආයි මන් බාස්කට්බෝල් ප්ලේ කරන්නෙවත් නෑ...ඔයා කාවවත් මරන්න ඕනෙත් නෑ...කෝ දැන් සන්සුන් වෙන්න..මගේ ඇස් දිහා බලන්න බේබි...දැන් හිමීට හුස්ම ගන්න..කෝ මගේ අහින්සක බනීව මට ගෙනත් දෙන්න දැන්...

ටේහ්‍යුන් හුගක් සොෆ්ට් විදියට ජන්ග්කුක්ගේ කම්මුල අතගාන ගමන් කියනකොට ජන්ග්කුක් ටික ටික ආයි යතා තත්ත්වෙට පත් උනා..අද දවසෙම ලොකු ශක්තියක් වැය උන නිසා ජන්ග්කුක් එහෙම්ම ටේහ්‍යුන්ගේ පපුව අස්සේ මූන ඔබන් හයියෙන් හුස්ම ගන්න පටන් ගත්තා..එයා දන්නවා ටේහ්‍යුන්ගේ සුවද එයාගේ හිත සන්සුන් කරනවා කියලා..

🐵 මො..මොකක්ද එ..ඒ උනේ ??

🐺 බෙයාර්ගේ පස්සෙන් එන කෙනෙක්ට ඩෙත් කාර්ඩ් එකක් දුන්න මන් හිතන්නේ ?? කෝකටත් බෙයාර් ඔයා අපෙන් ඈත් වෙලා ඉන්න..මට ඕන නෑ බබා එන්නත් කලින් දෙකට කැඩෙන්න...

🐱 බෙයාර් කුකීව කේන්ති නොගස්සන තරමට ඔයාගේ ඇගට ගුණ වෙයි..මැට්ච් එක තරගයක් නැතුවම එහෙනම් මන් දිනුම්...

යූන්ගි හිනා වෙලා ටේහ්‍යුන්ගේ පිටට තට්ටුවක් දාන ගමන් කියලා බය වෙලා ජන්ග්කුක් දිහා බලන් ඉන්න ජිමින්වත් ඇදන් කාමරේට ගියාම අනිත් අයත් තම තමන්ගේ වැඩ වලට ගියේ ටේකුක් දෙන්නාව විතරක් ලිවින්ග් රූම් එකේ තනිකරලායි...ජන්ග්කුක් සන්සුන් වෙලා කියලා දැනුනාම ටේහ්‍යුන් එයාව එහෙම්ම උස්සගෙන කාමරේට එක්කන් ගියේ ජන්ග්කුක්ට මෙච්චරටම කේන්ති යන්න මොකක්ද උනේ කියලා හොයාගන්නයි...මොකද ඉතින් එයා දන්නේ නෑනේ ඉයුන්වූ ජන්ග්කුක්ට ලොකු පචයක් අඹරලා තියෙන්නේ කියලා..

අසරණ ටේහ්‍යුන්...!!

.

.

.

ආයි සතියකට අප්ඩේට් නෑ බබාලා...

මට 23 වෙනකම් කැම්පස් එකෙන් හෙල්ලෙන්න වෙන්නෙ නෑ...එක දිගට ප්‍රැක්ටිකල්ස්...අද බෝඩිමට ගියාම ඉතින් ආයි එන්නේ ඊලග සතියේ තමයි 🙂

ඊලග සතියේ ඉදන් එක දිගට අප්ඩේට් දෙන්න බලන්නම් 😁😁

පරිස්සමින් ඉන්න

සරන්හේ❤️❤️